Monday, October 7, 2013

රාස්බෙරි පයි

නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන රොකට් එකේ තිබුන පරිඝනකයේ ධාරිතාවයට වඩා අද භාවිත වෙන ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක පවතින වේගය වැඩියි කියලා කොහෙදෝ තැනක තිබුනා. නීල් ආම්ස්ට්‍රොන් හඳට යන්නෙ 1969දි. ඊට කලිං ලෝක යුද්ධ දෙකක් සිද්ද වුනා. මෙයින් දෙවනි ලෝක යුද්ධයෙදි විවිධාකාර අවි ආයුධ සහ උපකරණ සහිත තාක්ෂණ රාශියක් ලෝකෙට එකතු වුනා. නමුත්දෙවනි ලෝක යුද්ධය තිබුනෙත් 1950 දි. ඒ වෙනකොට සන්නිවේදනය සහ තාක්ෂණය අද එක්ක සංසන්දනය කරනකොට තිබුනෙ බොහොම පහල අඩියක. එතකොට දෙවන ලෝක යුද්දෙදි තිබුන උපකරණ කොයි තරම් ප්‍රබල සහ විනාශකාරි වුවත් ඒවායේ බොහෝවිට තිබෙන්නට ඇත්තේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට වඩා යාන්ත්‍රික කොටස්.

800 මෙගාහර්ට්ස්(800Mhz) පරිඝනකයක් කියන්නෙ මීට වසර දහයකට එපිට තරමක් විශාල වේගයක් සහිත පරිඝනකයක්. නමුත් අද ලොකු ප්‍රොෙසසර ආවට පස්සෙ සහ නව වීඩියෝ මෙමරි සහ දෘඩාංග (Hardware) දියුණුවත් එක්ක දැන් දැන් අපි සංඛ්‍යාත්මකව ගිගා හට්ස්, ගිගා බයිට් වලින් පරිඝනක දෘඩාංග ගැන කතාකරන තැනට ඇවිත්. ඒ නිසාම අපි අවිඥාණිකවම අර අඩු වේග තියෙන ප්‍රොෙසසර සහ මතකයන් පිළිබඳ තැකීමක් කරන්නෙ නැහැ. නමුත් 800 මෙගාහර්ට්ස් පමණ වේගයක් කියන්නෙ සාමාන්‍යෙයන් විශාල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න ලොකු වැඩක් කරන්න පුලුවන් මට්ටමේ හැකියාවක් තියෙන ප්‍රොෙසසරයක්. 

රාස්බෙරි පයි කියන්නෙ මොකද්ද?

රාස්බෙරි පයි කියන්නෙ පොඩි සයිස් එකේ පොඩි වැඩවලට ගන්න පුලුවන් පරිඝනක යන්ත්‍රයක්. පොඩි සයිස් සේකිට් කෑල්ලක් විදියට පෙනුනට මේකෙන් ගන්න පුලුවන් වැඩ කිඩ බෝමයි. මේ ජාතියේ පරිඝනක වලට දැන් කියන නම තමයි තනි පුවරුවේ පරිඝනක(Single Board Computer). තනි පුවරුවේ පරිඝනක වලින් ලාභම කාර්යක්ෂමතාවයෙන් වැඩිම වැඩි දෙනෙක් පාවිච්චි කරන එකක් තමයි රාස්බෙරි පයි(Raspberry Pi) කියලා හඳුන්වන්නෙ. මේ ජාතියේ තනි පුවරුවේ පරිඝනක දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. පරිඝනකයක් කිව්වාම ඉස්සර වගේ ලොකු ලොකු සයිස් එකේ හාඩ්වෙයාර් වලට යන්නෙ නැතුව පොඩි පොඩි වැඩට පොඩි පොඩි සේකිට් කෑලි අටෝගන්න පුලුවන් සරල තාක්ෂනයක් තමයි මේ තනි පුවරු පරිඝනක වල තියෙන්නෙ. 

 මේ තියෙන්නෙ රාස්බෙරි පයි කියන කෑල්ලෙ රූපරාමුවක්. මේ තියෙන විදියට මේ පරිඝනක ටිකක්දන්න කියන අයට නම් මේ කියන කෑලි බෑලි ටික හොඳටම වැටහෙනවා ඇති. මීට අමතර විස්තර ඕනි අය ඉන්නෝ නම් මෙතනින් විස්තර ටික ගත හැකි බබා වගේ.. 

මෙතනදි භාවිත කරන ප්‍රොෙසසර් එක ඇවිල්ලා ජංගම දුරකථන නිපදවන්න යොදාගන්න ජාතියෙ ප්‍රොෙසසර එකක්. ඒවායෙදි ප්‍රධාන වැඩකටයුතු වගේම වීඩියෝ හැසිරවිමත් එකම පුවරුවකින් කරන්න හැකියාව තිබෙනවා. 

 මේ සූටි පරිඝනක කොටසට පුලුවන් HD multimedia applications හයි ඩිෆිනිෂන් වීඩියෝ උනත් බලන්න. මම දැකපු ගෙදර තිබුනා අඟල් 42 ටීවි එකක් ඒකට මේ කෑල්ල ගහලා  අන්තර්ජාලයට සම්බන්ධ කරලා යූ ටියුබ් එකේ තියන  බෙන් ටෙන් කාටුන් එක පොඩි එකෙක්ට පෙන්වන්න ඒ ගෙදර හිටපු මාගේ යාලුවා සමර්ථ වුනා.

මේකෙ මිල හෙම.

මේක චීන කෑල්ලක් නම් නෙමෙයි. මේක ඇවිල්ල ඔරිමජිනල් එංගලන්ත බඩුවක්. එක්සත් රාජධානියෙ (United Kingdom) තමයි මේ කෑල්ල හදන්නෙ. මේ එක කෑල්ලක මිල අමරිකානු ඩොලර් 35ක් වෙන්නෙ. ($35). ඩොලර් තිස්පහ මෙහෙට එන නැව් ගාස්තු අනම් මනම් එක්ක බැලුවොත් රුපියල් 7000ක් විතර වෙයි. ඒ ගානට අපිට අද ස්මාට් පෝන්(Smart Phone) එකක් වත් ගන්න බැහැ. ඒ නිසා මගේ අදහස නම් ඒ ගානට මේ කුඩා පරිඝනකය බොහොම වටිනවා. 

මේකෙ ඇතුල යන ඕ ඇස් මොනවද? 

සිංහලයින් අතර පරණ කියමනක් තියෙනවා යකාගෙ  හැටියට තමයි විමානෙ කියලා. ඒ වාගේ අපිට මේ කෑල්ලෙන් ගන්න පුලුවන් වැඩ වල යම් කිසි සීමාවක් තිබෙනවා. මේකෙදි අපිට භාවිත කරන්න නම් එස් ඩී කාඩ් එකක් පාවිච්චි කරන්න වෙනවා මෙහෙයුම් පද්ධතිය දමා ගන්න.මේ එස් ඩී(SD Card)  කාඩ් එක 10 වෙනි පංතියේ(Class 10 memory Card)  හොඳ වර්ගයක එස් ඩී කාඩ් එකක් වෙනවා නම් වඩාත් හොඳයි. ගිගාබයිට් 4ක(4Gb or Over)  හෝ ඊට වැඩි එස් ඩී කාඩ් එකක් භාවිත කරන එක හොඳයි කියලයි අදාල වෙබ් අඩවියේ නම් තිබුනේ.  පරිඝනකයේ අවශ්‍ය සියලු දේ ඉක්මනින් ලෝඩ් වෙන්න හේතු වෙනවා මෙමරි කාඩ් එක හොඳ වේගයක් තියෙන එකක් වුනොත්. මේක ඇතුලෙ දුවන්නෙ ලිනක්ස් මූලික වෙච්චි මෘදුකාංගයක්. ඇන්ඩ්‍රොයිඩ් හදල තියෙන්නෙත් ලිනක්ස් මූලික කරලා. කුඩා ධාරිතාවක් තිබෙන තැන්වලදි ලිනක්ස් භාවිතා කිරීමෙන් වැඩි වාසි ලබාගන්න හැකියාවක් තිබෙනවා. 

කෙනෙක්ට එන්න පුලුවන් ඇයි මේකට ඇන්ඩ්‍රොයිඩ් දැ්ම්මෙ නැත්තෙ කියලා. ඇත්තටම මේ කෑල්ලෙ අරමුණ අපිට ගෙදර දොර වැඩ කරන්න පරිඝනක කෑල්ලක් හදාගන්න එක නෙමෙයි. මේ සූටි කෑල්ල පාවිච්චි කරලා නව නිපැයුම් නව උපාංග ආදිය තැනීම සහ අතරමැද කොටසක් ලෙස භාවිත කිරීම තමයි මේ කෑල්ල භාවිත කරන එකේ අරමුණ. ඒ වාගේ රාජකාරි වලදි අනාදිමත් කාලෙක ඉදලා ඔය වගේ වැඩ කිඩ රාශියක් එක්ක හොඳ සහයෝගෙන් වැඩ කරපු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය යොදාගන්න එක වඩාත් වාසිදායක් වෙනවා. උදාහරණ විදියට යම් අයෙක්ට පයිතන්,ජාවා(Python, java) වගේ ක්‍රමලේඛන බසකින් යම් විධානයක් දෙන්න වුනොත් ලිනක්ස් තිබීම වඩාත් වාසිදායක වෙනවා. 

මේකෙන් ගන්න පුලුවන් වැඩ රාජකාරි මොනවද? 

මේ කෑල්ල භාවිතා කරලා අපිට පුලුවන් ලේසියෙන්ම නෙට්වර්ක් කේබලය( Ethernet Connector) හෝ වයිෆයි (Wi Fi) හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අන්තර්ජාලයෙ තියෙන යූ ටියුබ් සහ වෙනත් වීඩියෝ සහිත තැන්වල වීඩියෝ කිසිම ආයාසයකින් තොරවම ටීවී එකෙන් බලන්න අපිට මෙම උපකරණය හරහා පුලුවන් වෙනවා. HDMI කියන අවුට් එක වගේම අපේ ටීවි වල තියෙන කහපාට ජැක් එකකුත් මේ උපකරණයේ තියෙනවා. ඒ හරහා අපිට පුලුවන් පෙන් එකක තියෙන වීඩියෝ මයික්‍රො එස් ඩී එකක තියෙන වීඩියෝ ආදිය කෙලින්ම ටීවි එකෙන් බලන්න. 

මේ උපකරණයට වයි ෆයි ඩොංගලයක් සම්බන්ධ කරලා වයිෆයි සම්බන්ධතාවය ලබාගන්නත් හැකියාව තිබෙනවා. ඒ වගේම කී බෝඩ් මවුන් ආදිය සම්බන්ධ කරගන්න අවශ්‍ය යූ ඇස් බී  දෙකකුත් තිබෙනවා. 

මේ පොඩි උපාංගය පාවිච්චි කරලා ප්‍රෝග්‍රැම් ලියන්න ඒ වැඩසටහන් ආශ්‍රෙන් වැඩකරන එල් ඊඩී බල්බ් වැල්, විවිධ උපකරන පරිපථ කුඩා පරිඝනක ක්‍රීඩා ආදිය නිර්මාණය කරගන්න පුලුවන්. මේ කාලෙ ජනප්‍රිය වෙච්චි ඇන්ග්‍රි බර්ඩ් වගේ පොඩි ගේම්ස් වුනත් මේක ඇතුලෙදි අපිට සෙල්ලම් කරන් හැකියාව තිබෙනවා. 

සයිස් එක 

මේ උපකරණය අපිට තනි සබන් කැටේ දාන්න ගන්න සබන් පෙට්ටියක දාල වහන්න පුලුවන් තරමට පොඩි එකක්. 

මොන කජ්ජක්ද මේ..මේව මොකටද දැන් පෙන්ටියම් පෝ එකක් පන්දාහට ගත හැකි. 

මේ පොඩි සර්කිට් කෑල්ලෙ අරමුණ ඇවිල්ලා කුඩා ළමයින්ට සහ කුඩා වැඩවලට අවශ්‍ය ගණනමය හැකියාව සහිත උපකරණ හදන එක. ඒකටම හරියන මෙහෙයුම් පද්ධතියකින් තමයි මේක සවිමත් වෙලා තියෙන්නෙ. සාමාන්‍යෙයන් හිතන්න ඔබට අවශ්‍යයි පොඩි කාර් සෙට් එකක් හදාගන්න පෙන් එකෙන් සිංදු ප්ලේ වෙන එකක්. ඉතිං අර කිව්ව රාස්බෙරි කෑල්ලට බලය දීලා පෙන්ඩ්‍රයිව් එක සෙට් කරලා පොඩි ඈම්ප් එකක් හරහා ගිහින් හරි ලස්සනට අතේ ගෙනියන සයිස් එකේ ප්ලේයර් එකක් හදාගන්න පුලුවනි. අවශ්‍යනම් වයිෆයි රිමෝට් එකක් පොඩි ඩිස්ප්ලේ එකකුත් සෙට් කරගන්න හැකියාව තිබෙනවා. කොටින්ම වයිෆයි සෙට් කලා කියන්නෙ ඔබට රථයේ යනකොට ට්‍රැෆික් එකකදි ස්මාට් ෆෝන් එකෙන් වුනත් සිංදු මාරු කරගන්න හැකියාව ලැබෙනවා. 

හැබැයි මේ වැඩේ කියන තරම් ලේසි සහ සරල සුන්දර නැහැ. ටිකක් හිතන්න කොඩ් කෑලි හොයන්න ඒවා ගහන්න..හාඩ්වෙයාර් අමුනන්න ආදි දැනුම ටිකක් තියෙන්න ඕනි. ඒ වගේ වැඩ කෑලිගොඩකට මේ පොඩි කෑල්ල පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා. 

මේ උපාංගයේ තවත් ඕනිනම් යන්ත්‍ර සූත්තර හදන්නත් ගන්න පුලුවනි. පොඩි සෙංසරයක් හදලා ඒක පහුකරන මීයන් ගාන ගනින්න වගේ දේකට වුනත් මේක ගැලපෙනවා. ඉතිං මේ තරමට කිව්වම මේක සබන් පෙට්ටිය සයිස් නම් ඉතිං තව වාසි කස්ටියට මතක් වෙන්න ඕනි. 


මේක පොඩි බෝතලේකට නැත්තං වෙන හැංගෙන තැනකට පැක් කරලා පේන් නැතිවෙන්න පවර් ආදිය දීලා රෙකෝඩ් වෙන්න කැමරාවක් අටවලා පොඩි සයිස් හොරු අල්ලන ගැජට්ටුවක් වුන්ත හදාගත හැකි. 
කෑල්ල බොහොම පොඩි නිසාත් ගන්න බලය අඩු නිසාත් වැඩ ගොඩක් කරන්න හැකියාවක් තිබෙනවා. 

රාස්බෙරි පයි හදපු සමාගමේ ලොකු තැන් බී බීසි නාලිකාවට කියලා තිබුනෙ එයාලගේ අරමුණ පොඩි ළමයින්ට පරිඝනක සම්බන්ධ දැනුම දෙන එක කියලා. ඒක ඇත්තටම මහ ලොකු ඉදිරි දැක්මක්. මම නම් පොඩිකාලෙ වැඩිය ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු එක්කෙනක් නෙමෙයි. නමුත් අපේ අයියා පුංචි කාලෙ මාලු ඇතිකලා. මහ ටැංකි පතයක් හදාගෙන ඒකෙ මාලු ඇතිකරලා ඒ මාලු විසාල වුනාම කඩවල් වලට විකුනලා ඒ සල්ලි වලින් පොර එල් ඊ ඩී බලුබ් වැල්, නයිට් රයිඩර් සර්කිට් ආදිය හැදුවා. 

ඔය සර්කිට් උණ තියෙන පුංචි එවුන් ජාතියක් ඉන්නවා. අපේ කාලෙ වගේම අදත් ඇති අපේ රටෙත්. ඒ වගේ එකෙක්ට පොඩියට  පැහැදිලි කරලා මේ ගැන කිව්වොත් එයා ඉන්ටනෙට් සර්ච් කරලා හරි වැඩ කිඩ ටිකක් හොයා ගනීවි. කොහොමත් අවුරුදු 12-18 වයසෙ පොඩි එකෙක්ට සම්පූර්ණයෙන් නිමවෙච්චි  කෑලි දෙනවාට වඩා දෙයක් හදාගන්න හැකියාව තියෙන කෑල්ල්ක දෙන එක වැදගත් කමක් තියෙනවා. 

රාස්බෙරි පයි කියන කෑල්ල කියන්නෙ බහුකාර්ය උපකරණයක්. මේකෙන් කරන් පුලුව්න වැඩ කිඩ ආදිය ගැන සහ ඒවා කරන කොට එන දොස් ආදිය ගැන අපිට මේ වගේ තැනක ලියලා කියන්න හැකියාවක් නැහැ. අලුත් අලුත් දෑ තනන්න කැමති අලුත් විදියට හිතන්න කැමති අයට රාස්බෙරි පයි වටින කෑල්ලක් වේවි.

24 comments:

  1. මමත් ගන්නව එකක්

    ReplyDelete
  2. අල්ලලා ගිහිං වගේ ගැජට් එක...
    මට මැවිලා පේනවා,
    තව සති දෙකකින් විතර,
    උඹේ අතෙත් මේකක් තියෙනවා...

    වටින සටහනක් අමිල...
    නියමයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හොරුත් එක්ක හෙලුවෙන් බස් රේඩියෝ දුවන ලැජ්ජා නැති රනා

      Delete
    2. මෙතනට අඩු හොරු සමග අරක්කු කාලට නැවෙන ඕනයා විතරයි....

      Delete
  3. වැඩකාරයෙක්ට , වැඩකාරයෙක් වෙන්ඩ දගලන කෙනෙකුට පට්ට භාංඩයක්

    ReplyDelete
  4. දැන් ඕකක් ගත්තම කියන්න ඕන "රාස්බෙරි පය්යක්" ගත්ත කියලද?

    ReplyDelete
  5. ගොඩක් වැදගත් තොරතුරක් ලබාදුන්නේ ස්තුතියි අමිල ...

    ReplyDelete
  6. මේ තියෙන්නේ Raspberry Pie ගැන ලියපු පොඩි ලිපියක්!
    හරිම ආස හිතෙන ගැජට් කෑල්ලක්! රොබෝ කෙනෙක් උනත් ගොඩ දා ගන්න හොඳ භාණ්ඩේ!

    ReplyDelete
    Replies
    1. මට ඔයි වාගේ සිංහල ලිපියකුත් හමු වුනා..නුමුත් වැඩේ තියෙන්නෙ ඔය කියල තියෙන්නෙ විදෙස් සයිට් එකක ඕක ගැන කියපු කතාවෙම කොපියක්...සරලම උදාහරණය තමයි ඕ උපකරණය සයිස් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් සයිස් කියලා කියල තියෙන එක... ඇත්තටම යූ ඇස් බී පෝට් එකක්ම ක්‍රෙඩිට් කාඩ් එකට වඩා ඝනකමයි.. එතකොට කොහෙත්ම ඔය කෑල්ල ක්‍රෙඩිට් කාඩ් සයිස් නෙමෙයි..ඒක අතිශයෝක්තියක්..

      Delete
  7. මේ ආකාරයටම ඩිවලොප් කරපු එකක් තමයි ටෙක්ඩුයිනෝ කියන්නේ. ලංකාවේ ටෙක්කතා කරන උදවිය කරන එකක්. ඒක නම් ආඩ්යුනෝ එකක ලාංකීය හැඩයක්. විස්තර නම් ගොඩක් අගෙයි. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ආර්ඩුයිනෝ තමයි මට මතක විදියට ඕකෙ කන්සෙප්ට් එක.. එතනදි වෙන්නෙ අයි සී ප්‍රෝග්‍රැමින් වැඩක්. නමුත් මෙතනදි සෙල්ලම් කරන්නෙ පොඩි පරිඝනකයක් එක්ක.. මේ උපකරණය ඊට වඩා සංකීර්ණයි වගේම ප්‍රබලයි..
      මිල අනුව බැලුවාම මේ වගේ එකක් ගන්න එක ලාබයි..

      Delete
  8. එළනේ අමිලයෝ... වැඩේට ආස හිතෙනවා....

    ReplyDelete
  9. මමත් රාස්බෙරි බුවාලගේ සයිට් එක පැත්තේ ගියා මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ. අඩේ බං මමත් එකක් ගන්නවා. පොඩි අයිඩියා එකක් තියෙනවා ටෙස් කරලා බලන්න.

    ReplyDelete
  10. raspberry pi ගැන ඉතා හොද හදුන්වාදීමක්. පුංචි නිවැරදි කිරීමක් (දෙකක්) කරන්නත් තියනවා.

    ඕක කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයෙ නිමැයුමක් උනාට හදලා තියෙන්නෙ චීනෙ. (අර ඇපල් දුරකථන "Designed in apple California" කිව්වට හදන්නෙ චීනෙ වගේ කතාවක්)

    "හැබැයි මේ වැඩේ කියන තරම් ලේසි සහ සරල සුන්දර නැහැ" වැරදියි! ඕනම පොඩි ලමයෙකුට පරිහණක ගැන මූලික දැනුමක් නැතිව උනත් ඕක පාවිච්චි කරන්න පුලුවන්. එයාලගෙ වෙබ් අඩවියෙන්ම පෙරනිමියෙන් එන images ලබාදීලා තියනවා. ඔය එකක් අරගෙන මෙමරි කාඩ් එකකට කොපි කරලා usb වලට mouse/keybord ගහලා බලසැපයුමකට සම්බන්ධ කරන්න විතරයි තියෙන්නෙ. ඔය TV එකට ගහලා media centre එකක් විදිහට භාවිතා කරන්න උනත් xbmc එහෙම pi සදහා වෙනමම නිකුතුවක් ලබාදීලාත් තියනවා.

    උවමනා නම් raspberry pi මත android ස්ථාපනය කරන්නත් පුලුවන්.

    ReplyDelete
  11. අමිල මහත්තුරු, එතකොට මේ පයියට පවර් එක එන්නෙ කොහෙන්න? ආන්ඩුව ගානෙයි? මටක් කැත අදහසක් ආවා මේක පැපරාසි කැමරාවක් විදියට හදන්න ඇහැක් නේද කියලා. හැබැයි ඌඑස්බී එකෙන් එලියට එන වයර් කෑලි දැක්කොත් කෙල්ලට අහුවෙනවා නෙව! මගේ හාර්ඩ්ඩෙයාර්, සොට්ටෙයාර් දැනුම නං බිංදුවයි. සමාවෙන්නෝන...

    අම්මපා ඒක නෙවෙයි අමිල මහත්තුරු...ඔහේ ලියපු අර සෙනේහා මෙහෙනින්නාන්සෙ ගැන තව මොනව හරි කතාවක් ලියනෝකො...ඒක කියවල මගේ මවිලුත් තාම කෙලිං..

    රයිපාල

    ReplyDelete
    Replies
    1. පලවෙනි පිංතූරයේම තියෙනවා ඇම්පියර් එකක වෝල්ට් පහක මයික්‍රො යූ ඇස් බී පවර් සප්ලයි එකක් ඕනි කියලා..

      යූ ඇස් බී එකෙන් වයර් එලියට ගන්න ඕනි නැහැ. මේකට කෙලින්ම සම්බන්ධ කරන් පුලුවන් කැමරාවක් මම දැක්කා සයිට් එකේ තියෙනවා..

      Delete
  12. මමනම් දන්නේ ඇපල් පයි, ස්ට්‍රෝබෙරි පයි ,බනානා පයි සහ කෙලින් වෙන පයි පමණි. නොදා දන්නා පයියක් ගැන කමෙන්ට්ස් නොදමා දන්නා පයි ගැන දැම්මේ කයියකට නොවේ. කියා දුන් පයිය ගැනද ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අමිල....නොදන්නා පයියක් ලෙස නිවැරදි විය යුතුය.

      Delete
  13. http://www.youtube.com/watch?v=RuYLTudcOaM
    මෙන්න වැඩි විස්තර යාලුවනේ.......කරන්න පුළුවන් ඔක්කොම බලගන්නලකෝ.තැන්ක්ස් මචන් සුපිරි පොස්ට් ඒක.

    ReplyDelete
  14. apita mwa ganna pluwan tanak tyenwada ayye?

    ReplyDelete
    Replies
    1. ඊ බේ එකේ බලාන්ට..

      Delete
  15. මේක ඩවුන්ලෝඩ් වලට බාවිතා කරන්න ඇහැකි නේද පොඩි කම්පීතරයක් විදියට ? විදුලිබිල නිසා ගෙදරින් යන්න වෙන සීන් 1ක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. දැන් මොබයිල් ප්‍රොෙසසර සහ ඇටම් වගේ බලය අඩුවෙන් භාවිත කරන පොසෙසර දාල හදන පොඩි ටැබ්ස් සුට්ටි ලැප්ටප් හෙමත් ගන්න තියෙනවා ලාබෙට..

      Delete