වැඩිය කතාබහක් නැති ගැමියෙක් එක දවසක් නගරයට එනවා. ඒ ගැමියාට ගමේ කඩ පිලේදි කතා කරන්න දෙයක් නැහැ. මොකද ඒ මනුස්සයාට වෙන දේවල් මුහුන දෙන දේවල් කිසි දෙයක් අලුත් නැහැ. හැමදාම එකම විදියයි. නගරෙට ආපු එක දවසක මේ මනුස්සයා නගරාධිපතිගේ අශ්ව කරත්තයට යට වෙලා පොඩ්ඩක් විසි වෙලා කානුවට ැවටෙනවා. ඒ මනුස්සයාව එක්කරං ගිහිපු නගරාධිපති තුමා අර ගැමියාට බේත් කරනවා. කකුලක් නොන්ඩි ගගහා ගමේ යන අර ගැමියාට දැන් ලොකු කතාවක් තියෙනවා කියන්න. අනික දැන් ඔහු නගරේ නගරාධිපතිතුමාගේ හිතවතෙක්. ගමේ ඔහුට ලොකු තැනක් ලැබෙනවා. කෝපි කඩේ දි කතාකරන්න දෙයක් දැන් ඔහුට ිතයෙනවා. නෑයො හමු වුනාම නෑයොත් දැන් වැඩියෙන් ඒ ගැමියාට ගරු කරනවා.
අවසානෙදි පොඩ්ඩක් වෙනස් වුනත් මුලදි අර ගොලුවෙක් වගේ හිටපු ගැමියා එහෙම වෙන්න හේතුව තමයි ඔහු අවට ඔහුට සම්බන්ධ කිසිවක් වෙනස් නොවිච්චි එක.ඒක මානසිකව ඔහු නිශ්ක්‍රිය චරිතයක් බවට පත් කලා. මේ කතාව ලෝ පතල කෙටි කතාවක්.
සෙබලෙක් එකපාර ලොකු ගොඩනැගිල්ලක ආගාරයට වැටෙනවා. ඔහු හීනෙන් වත් නොහිතු විදියට මේ ආගාරයට ඇතුලු වුන කෙල්ලක් මොහුව සිප වැලඳ ගන්නවා. ඒ සිප වැලඳ ගන්න කලිං ඔහු නිකම්ම සෙබලෙක්. ඇත්තටම ඒක වැරදීමක් නමුත් ඒක සෙබලාගෙ පැත්තෙන් මහා විශාල දෙයක්. හැමදාම නිල ඇඳුම දාගෙන තුවක්කු බටේ තියාගෙන එහෙ මෙහෙ ඇවිදින ලොක්කා කියනදේ කරන සෙබලාට මේ අත්දැකීම ලොකුයි. අනික යුවතිය ලස්සනයි. ඒ වගේම වංශාධිපති යුවතියක් වගේ පෙනුම. මේකත් කෙටි කතාවක් මට නම මතක නැහැ නෙව.
මේ පාර සාහිත්‍යට හිමි නොබෙල් තෑග්ග හිමිවෙල තියෙන්නෙ කෙටිකතාපොතකට. ඒක හරි දුර්ලබ දෙයක්ලු.ඒ සම්මානනීය කෙටිකතා කාරිය කැනඩා ජාතික කාන්තාවක් කියලයි අන්තර්ජාලයේ තිබුනෙ.
අපි කොයිතරම් වැදගත්, ධනය බලය, යස ඉසුරු ඇතිව හිටියත් අපිට සමාජිය වශයෙන් ගැටෙන්න අවස්ථාවන් නැතිවෙනකොට අපි රොබෝවරු වගේ ඒකාකාරී වෙනවා. මේ ඒකාකාරි බව විඳගන්න අමාරුයි. එතකොට එපි ඒ වෙනුවෙන් වෙන වෙනදේවල් ආදේශ කරගන්නවා. කලාව, දේශපාලනය, ආගම පොත් පත්, විනෝදාංශ ආදිය අපේ ජිවිත වල තිබෙන ඒකාකාරිත්වය නැති කරගන්න අපි පාවිච්චි කරනවා. ලංකාවෙදි නම් රූපවාහිනිය, අන්තර්ජාලය පුවත්පත් ආදිය තමයි මිනිස්සුන්ගේ ඒකාකාරි මානසික මට්ටම් වෙනස් කරන්නෙ.
ලාංකික අපි කිසි කලාත්මක ගතියක් තිබෙන මිනිස්සු නෙමෙයි. අපේ ඇඟවල් වල කලාව ඇත්තටම නැහැ. අපිට කලාවක් කියන්නෙ ඇඟ ඇතුලෙ තියෙන දෙයක් නෙමෙයි. බාහිරින් අනුන්ට පේන්න කරන සෝබනයක්.
මට පොඩි අතීතකාම කෑල්ලක් මතක් වෙනවා මේ වෙලාවෙ. අද කොළඹ වැඩකරන ඕනිම ආයතනික සේවකයෙක්ගේ දරුවෙක් ගෙන් තාත්තා ගැන ඇහුවොත් කියන්න තියෙන්නෙ මොනවද?
උදේ තාත්ත වැඩට ගියා. රෑට තාත්ත ආවා, තාත්තා බොනවා. තාත්තා ටීවි බලනවා. තාත්තා ඉරිදට නිවාඩු. එදාට කාර් එක හෝදනවා. හෝ ගෙදර අස් පරස් කරනවා. සමහර ඉරිදට අපි චිත්‍රපටි බලන්න යනවා. ආ හිටපු ගමන් තාත්ත නිවාඩු දාල අපි කොහේ හරි එක්කරං යනවා. ඒ වගේ වාක්‍ය ගොඩක් තමයි තාත්ත ගැන කියන්න තියෙන්නෙ.
මගේ අතීත කාම ස්ලයිඩ් එක ඒ අතින් නම් මාර බලවත්. අපේ තාත්තට ස්ථිර රස්සාවක් තිබුනෙ නැහැ. ඒත් වැඩියෙන්ම කලේ පහතරට එලවලු ගොවිතැන. ඔන්න එක කාලෙකදි තාත්ත පොල් ලෙලි ගහනවා මොකද පොල් කොප්පරා කරල විකුනන්න. සීයගෙන් ලැබිල තිබුන ලොකු වත්තෙ පොල් කඩල වේලල විකුනල සල්ලි ගත්තෙ අපේ තාත්ත. අපේ ගෙදර ඔක්කොමල්ල වෙනකක් තියා ගෙදර බල්ල පවා ඒ දවස්වලට පොල් එක්ක තමයි රාජකාරිය. තාත්ත විඩක් පොල් බිඳිනවා. තව වෙලාවක පොල් ගොඩ එකතු කරනවා.තව විඩක් ඔලුවට තැපැල් තොප්පියක් දාගෙන ගිනිගහන අවුවෙ පොල් වනනවා. ඒ අපේ තාත්තගේ පොල් ඉන්ටෆේස් එක.
ඔන්න එකපාරක් තද පෑවුම. මොන ගොයිතැනක් වත් හරියන් නැහැ. අපේ කිවුල් ළිදේ විතරක් වතුර තියෙනවා. ඒ දවස් වෙනකොට අපිට වතුර තිබුනෙ නැති නිසාද නැත්තං වෙන හේතුවක්ද මන්දා අපේ පවුලෙ අය ගඩොල් රස්සාවට මාරු වෙලා. වත්තෙ උඩහට වෙන්න මහ වලවල් හාරල පස් ගන්නවා. ඒ පස්වල කල ගෙඩි වලින් වතුර ඇදල දාල මැටි හදනවා. ඔය හදන මැටි වලිං කුට්ටි අරං ගිහිං මං බෝල හදනවා. අපේ අයියල නම් ඔය පදම් වුන මැටි වලින් ටැට්ටර්, බෝනික්කො, තුවක්කු අනං මනං හදනවා. ඒත් මට ඒ හසුරු කුසුලතාවෙ ඇවිත් නැහැ. ඉඳපු ගමන් තාත්ත ඇවිත මොකක් හරි කුරුල්ලෙක් වගේ එකෙක් හදලා දෙනවා. ඒක ඉතිං අපේ අය්යලට පේනනලා මං උඩදානවා උන්ට පේන්න. පස්සෙන් පහු ඔය ගැඩොල් කැපිල්ල මාසයක් දෙකක ගියාම ගැඩොල් පිච්චිල්ල පටන් ගන්නවා.
ගඩොල් පුච්චන්න ගත්තම ඒවට කොට , පොල්ලෙලි, පොල් පිති එකතු කරනවා හැම තැනම ඇවිද ඇවිද. හොයල ඒවා ගඩොල් පෝරම ගාවට ගේනවා. ඉතිං ඒ දවසට අපේ අම්මල අක්කල කස්ටිය කොරන්නෙ පොල්ලෙලි පොල්පිති එකතු කරන එක. පිරිමි කස්ටිය කරන්නෙ මහ ගස් කජ්ජු ගස් අඹ ගස් වගේ ඒවයි පල නොදරන ගස් කපලා අහක් වෙලා ඒවා පෝරම ගාවට අදින එක.
ඕකත් ටික දවසක් ගියාම ගඩොල්විකුනලා හෝ ගඩොල් අට්ටි ගහලා වැඩ නවතිනවා. ඉන් පස්සෙ පටං ගන්නවා ඔන්න මැහි වැඩ. මැහි වැඩ වලට සූරිය ගස් කපනවා ඇල්බීෂිය දඩු කපනවා. ගොක් කොල එක්ක වැඩ කරනවා. අපේ මැහි තිබුනෙ පුංචි කාලෙ අපි නොදන්න දිහාක. ඉතිං සතියෙ දවස් තුනහතරක්ම තාත්ත යි අයියලයි මැස්සෙ. මාව අරං යන්නෙ එහෙමත් දවසක. ඔය සූරිය දඩු කපන තැනකට වෙලා බිමට වෙලා වාඩි වෙලා ඉන්න කොට තාත්ත සූරිය කොලෙන් නලාවක් හදල දෙනවා. එක ස්වරයයි ඒකෙ වදින්නෙ. ඒක පී ස්වරය. ඕක ඉතිං පී....ක් ගගා පිඹ පිඹ ඉන්නවා. ඔන්න ඇල්බීසිය දඩු කපනකොට ඇල්බීසිය කොල අත උඩ තියලා ගැහුවම ටෝං ගාල මහ සද්දයක් එනවා.
අයියල ඕක කරනවා මට පේන්න. මං තියලා ගැහුවම සද්දෙ එන් නැහැ. ඉතිං වෙලාවකට ඒකට අඩනවත් එක්ක.
ගොක් කොල කපලා ගෙනියන්නෙ මැස්සෙ වැල් දඩු වලට තියලා බඳින්න. ගොක් කොළ තියෙන කාලෙට අපේ අය්යල හදනවා පට්ට කැටයම්. අපේ තාත්ත හදන්න දන්නවා ගොක් කොල වලිං හංසයෝ රූං පෙති හෙම. අයියලත් ඒවා දන්නවා. හැබැයි මට ඔය මොකක් වත් බැහැ හරියට. අල්ලගත්තත් වරුවක් යනවා එක ට්‍රික් එකක් අල්ලගන්න. හැබැයි මට ගොක් කොල නයා නම ්හදන්න පුලුවනි. ඒ දවස්වලට අපේ සෙල්ලම ගොක් කොළ එක්ක.
තව කාලයක් එනවා අම්මලා තාත්තල බර වැඩ කොරටුවෙ. මම ඉතිං තනියම වාඩියෙ එක්කො කාරුහරි ගෙදර ඉන්නවා උයන පිහන වැඩවලට. කුස්සියට ගිහිනුත් බෑනෙ. අම්ම පටන් ගන්නවා එයැයිගෙ වැඩ කොරෝගන්න මට කියල. මේ නිකං පන්ඩිත සී්‍ය වගේ ඇවිද ඇවිද ඉන්නෙ මෙන්න මේ හාල් ටිකේ වී යැට ටික ඇහිදල දෙනවා. නැත්තං. මේ පලා ටික තොරන්න ටිකක් උදව් වෙන්න .. ඔන්න ඔය වගේ එක එක කොන්තරක් වැඩ ගොඩයි කුස්සිය පැත්තට ගියොත්. ඒ නිසා වාඩියෙ ඉන්න කාලෙ නම් වාඩිය ඉස්සරහ පැත්තෙ තමයි මගේ සෙල්ලං ඔක්කොම.
අපේ අය්යලත් මැහි වල වැඩ. උන්ට වෙලාවක් නැහැ මාව නලවන්න. එක එක කාලෙට මගේ වයසෙ උන් හෝ බාල උන් හරි දෙක තුනක් සෙට් වෙනවා. ඔය අතරෙ එක දවසක් මට අදහසක් ආව ලේන්නු අල්ලන්න. මේක කියල දුන්නෙත් තාත්තමද මන්ද. ලොකු මැකනිසම් එකක් නැහැ. අපේ ගෙදර තියෙන කුල්ල හරි මහ වට්ටිය හරි ගත්තා. කුල්ලට හෝ වට්ටියට ගැහුවා ජැක් එකක්. ජැක් එකක් ගහලා ඒක තියනවා මිදුලෙ ලේන්නු එන හරියට. තියලා ඒක යට දානවා කුරක්කන් මල් හෝ තල වගේ දෙයක්. දැම්මහම ඔන්න ලේන්නු දෙමලිච්චො එනවා. මං කරන්නෙ අර ජැක් එකට ගැට ගහපු නූලක් හරි ලනුවක් හරි කෙළවරට වෙලා උන් හරියට සෙන්ටිමන්ටල් වෙනකල් කුරුමානම් අල්ලන එක. ලේන පොඩ්ඩක් අතුලට ආවම මං අදිනවා ජැක් එකට ගැටගහපු නූල . දැන් වට්ටිය හෝ කුල්ල පහත් වෙනවා බුග් ගාල. ලේනගේ කරුමයක් තිබුනොත් ලේන ඇතුලෙ. නැත්තං බොහෝ විට උෟ එලියෙ.
මෙතනදි ලේන්නු හරි කපටි. උන් හැමවෙලේම සෙට් වෙන් නැහැ මගේ කුල්ල යටට. ඌ යනවා සුටුස් ගාල. ලේන් පැටවෙක් එකම එක පාරක් අල්ලගත්ත වගේ මතකයි. ඌත් අල්ලද්දි අර වල්ග කෑල්ලෙන් ලෝම අතේ ගෑවෙනවා.
මේ හැමදේම දැන් ගොඩක් ඈතට ගිහින්. සල්ලි කියන දේ අපිට දැන් දෙයිවරු වගේ වෙලා. අපි දැන් ජීවිතේ රස විඳින්නෙ පොත් හරහා. නැත්තං ෆීලුම් හරහා. එහෙමත් නැත්තං අන්තර්ජාලයෙන්. අපේ ජිවිත වල ඇක්ටිව් ගතිය නැත්තටම වගේ නැතිවෙලා යන්න කිස්ටුයි. අනුන්ගේ දේවල් බලලා ආතල් ගන්න හුරුවෙලා. අපි ජීවත්වුන ඒ කාලෙ පරිසරයත් මහ ලොකු ගමක් නෙමෙයි. නමුත් අපිට ඒ කාලෙ ජීවත් වුනා කියලා හිතුනා. මොකද නිතර අපේ ජීවිත වෙනස් වුන නිසා. නමුත් අද.. මං මේ එක්සෑම් ඔක්කොම පාස්වෙල අපේ කොම්පැනියෙ මගේ මහම ලොකුම බොසාගේ තත්වෙට මම පත්වුනත් අර එදා තිබුන ස්පීඩ් එකෙන් දැන් තියෙන අපේ ජීවිත වෙනස් වෙන්නෙ නැහැ.
හැමදාම එකම රටාව. කන්තෝරු යනවා එනවා නිදාගන්නවා. ආතල් කියල මාක් කරලා තියෙන දේවල් ටිකක් හැමෝම කරන නිසා අපිත් කරනවා එච්චරයි. හැමෝම බනින දේව්ල වලට අපිත් බනිනවා. හැමෝම කන දේවල් අපිත් කනවා. ලෝකෙ විශ්ව ගම්මානයක් වෙනකොට අපේ ජීවිත බොහොම කෙටි රාමු කෑල්ලක හිරවෙලා.ගැලවෙන්න අමාරු විදියටම. අර මුලින් කතාවලදි කියන්න කතාවක් නැති ගැමියා. අලුත් ජිවිතයක් නැති සෙබලා වගේ තත්වයට අපි නොදැනුවත්වම පත්වෙලා.

"අපේ ජීවිත බොහොම කෙටි රාමු කෑල්ලක හිරවෙලා."
ReplyDeleteithin mokada diliniyo meken galawenna api karanna ona???
ඔය රාමු කෑල්ලෙන් පිට ජීවත් වෙන්න නම් අපිට කැමති විදියට ජීවත් වෙන්න පුලුවන් ශක්තියක් තියෙන්න ඕන.ඒ ශක්තිය ගන්න නම් ඔය රාමු කෑල්ලෙ ඉන්නම වෙනව.
ReplyDeleteඔය පුරුදු රවුමෙන් පිටයන්නම ඔන ඉද හිට.නැත්නම්.ජිවිතෙ රස නැති වෙනව.අර කෙටි කතා වලින් නම් මට හිතෙන්නෙ.පෙන්නන්නෙ වටිනාකමක් නැති කෙනෙකුට වටිනාකමක් ලැබුනම වෙනස් වෙනහැටි ගැන
ReplyDeleteහය හතර
හ්ම්ම්ම්ම් ,මන් ෆෝන් එකෙන් ඇවිත් කියෙවුවා කලින් ගොඩක් වටින් ලිපියක් ,,,
ReplyDeleteThere is so much things to think in this. Good post.
ReplyDeleteසහතික ඇත්ත කතාව....
ReplyDeleteඅපි හැමදාම ලිද ඇතුලෙ....
ට්‍රිප් එකක් යන්න වෙලාවක් නෑ.... ගෑණි බලන්න යන්න වෙලාවක් නෑ... යාලුවො එක්ක ෆන් එකක් ගන්න වෙලාවක් නෑ...
ගෙදර ආවත් ඔෆිස් එකේ වැඩ....
එපා වෙලා ඉන්නෙ බන්.... ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ....
මටත් මේ ටිකේ නං එපා වෙලා තියෙන්නේ...
ReplyDeleteකැළණි කැම්පස් එකේ නාට්ටි ගොඩක් පෙන්වනවා ඊලඟ සතියේ.... ඒ දෙක තුනක්කත් බලන්ඩ කියලා හිතුවේ. යමු ද ???
මම මේ ලිපිය බොහොම ආසාවෙන් කියෙව්වා...රස වින්දා.
ReplyDelete/* මේ පාර සාහිත්‍යට හිමි නොබෙල් තෑග්ග හිමිවෙල තියෙන්නෙ කෙටිකතාපොතකට. */
ReplyDeleteඑය එක් කෙටිකතා පොතකට දුන් එකක් නොව ඒ කෙටිකතාකාරියට දුන් ත්‍යාගයකි.
ජීවිතේ සරල වෙන්න සරල වෙන්න සුන්දරයි. ඒත් බොරුවට අපි ජීවිතේ සංකීර්ණ කරගෙන රාමුවක් ඇතුලෙ හිර වෙනවා.
ReplyDeleteඉවසං ඉදිං ආගාරෙකට වැටුනු වෙලාවක කෙල්ලෙක් කිස් කළාම සේරම හරියනවා!
ReplyDelete