Sunday, April 12, 2015

මහගන්න ඕනි ඇයි? මහන්න මැසින් කෝ?

මේදවස්වල හැමතැනම අවුරුදු සේල්. රෙදි පෙරදි සේල් තමයි ගොඩක් තියෙන්නෙ. මහරගම වගේම පිටකොටුවෙත් සෙනග. වෙනද තරම්ම පිටකොටුවෙ සෙනග නෑ කියලයි මට හිතුනෙ. පෙටා වල තමයි මම දැකපු තැන්වලින් සරම් මිල අඩුම තැන. මම කඩවල් රාසියකට යනවා අවුරුදු කාලෙට. නමුත් හෝල් සේල් ප්‍රයිස් එකට සරමක් දෙකක් ගන්න පුලුවන් දෙවනි හරස් වීදියෙ කඩවලින් විතරයි. දෙවනි හරස් වීදියෙ කඩවල රුපියල් හාරසිය හැටට විතර තියෙන සරමක් අපේ ගම දිහා රුපියල් අටසීයක් නවසීයක් විතර වෙනවා..


බෙඩ්ෂීට් තුවා, ලේන්සු, ජොක්කු, බැනියන්, යට ඇදුන්, ජනෙල් රෙදි, කොට්ට උර, නැප්කින් වගේ ඒවා දෙවනි හරස්වීදිෙය තියෙන කඩ වලින් මුලු පවුලටම ගන්න පුලුවනි සැලකිය යුතු අඩු මිලකට.. උදාහරණයට ජොක්කු ගනිමු..අවුරුද්දට එකෙක් ජොක්කු හතරක් අදිනවා නම්...ගෙදර ඉන්න පිරිමි වහේලයි සයිස් ටික අරං ආවම එකාට හතර බැගින් මෙහෙන් අරං යන්න පුලුවනි ජොක්කු අවුරුද්දටම..බොහෝවිට අපේ ගම්වල හා නගරේ සුප්පා කඩවල තියෙන මිලට වැඩිය බාගෙකට වඩා අඩුයි මිල...මේ දෙවනි හරස් වීදිය කියන්නෙ අර පිටකොටුවෙ බෝගහ පැත්තෙන් හරස් වීදියට ඇතුල් වෙනකොට තියෙන පෙට්ටිඋඩ බඩු තියන් ඉන්න සෙට් එක නෙමෙයි හෝල් සෙල් මිලට බඩු ගන්න නම් වීදිය ඇතුලට යන් ඕනි.. 

මේ අතර මෙ දවස්වල මහපු රෙදි හෙම පාර පුරා තැන් තැන්වල තියෙනවා දකිනවා. අපේ අයියට ෂෙෘ්ට් කලිසමක් ගන්න මම හොයනකොට සෝට් වගේ තියෙන ලාබායි ලාබායි හැමදාම නෑ පොට් එකකට ඔලුව දාලා ටිකක් ඝන රෙද්දෙන් තෝරන්න ගත්තා. හොද සෝට් කලිසන් වගේ කියලයි පෙනුමට තිබුනෙ...උගේ සයිස් එකට ශෝට් නැහැ. ටිකක් අතපත ගාන ගමන් මම පොඩ්ඩක් ඉන ගාවින් ඇරල බැලුවා..යකෝ එක හිඩසයි තියෙන්නෙ. පස්සෙ බලනකොට ඒ ෂෝට් නෙමෙයි අර කොට්ට උරය වගේ කොට සායවල් සේල් එකක්..අපේ බුවාට ගෙනාව නම් තමයි වැඩේ...

ලංකාවෙ රෙදි කඩවලට ගියාම සයිස් එක එක විදියට තියෙනවා. උදාහරණ විදියට 15.5 කොලර් සයිස් ෂර්ට් ගත්තොත් එක එක කඩවල එක එක ෂර්ට් වල උස වෙනස්..පපුව හරිය වෙනස්...සාක්කු මොඩල් වෙනස් ආදි කතන්දර ගොඩයි. අපේ රට පිටරටවලට ඇදුම් මහන රටක් නිසා අපිට ඒ මහල ඉතිරි වෙන අැදුන් කොලටි අඩු ඇදුනුත් මාකට් එකෙන් ගන්න ලැබෙනවා. නමුත් ඒ රෙදි අපේ මිමි වලට ගැලපෙන්නෙ නැහැ. මිමි වලට ලංකාවෙම මහන නිමි ඇදුම් අති බහුතරයක මිල අඩු ඒවායේ කොලිටි එක සැහෙන්න අඩුයි. 

හමීඩියාවාගේ තැනක හොද බඩු තිබුනත් ඒවගේ තැන්වල මිල ගනන් ටිකක් වැඩියි. පේමන්ට් වල තියෙන රෙදි අවුරුදු නැකතට ඇදන් ඉන්නවා අැර අවුරුද්දක් පට්ට ගහන්න හැකියාවනම් ඒ රෙදි වල නහැ..නිමාව චාටර්...මැහුන් තැන් තැන්වල...සමහර මැහුන් ලංකා සිතියමේ ගංගා වගේ.. සමහර තැන්වල ඇදුම් වලට යොදාගෙන තියෙන්නෙ බාලම රෙදි. ඔය වගේ කාරණා නිසා ලංකාවෙ ලාබෙට තියෙන නිමි ඇදුම් බොහොමයක් නිමාව සහ කල්පැවැත්ම අතින් ඉහල තැනක නැහැ. 

එහෙමය කියලා අපි කලිසමක් කමිසයක් මහන්න ටේලර් සාප්පුවකට ගිහින් කඹුරලා ඌට රෙද්දටත් වැඩියෙන් ගානක් දීල මැස්සුවම ඌට කලිසම මහන්න මෙසමන්ට් දෙන්න ගියාදත් කියල හිතෙන තරමට කලිසම් සර්ට් අන්ෆිට්. නිමාව බොහෝ ටේලර් සාප්පු වලදි සලකන්නෙ නැහැ..තත්වයක් තියෙන්නෙ එහෙමත් තැනක. බොහෝ ටේලර් උන්නැහේලා එකම විදියට තමයි මැහීම. ඔවුන් ලග තියෙන මහන ක්‍රමවේද  සහ මෝස්තර ගාන සීමිතයි. ඒ නිසා දැන් වයසට යන පරපුර හැර අලුත් පරපුර ටේලර් සාප්පු වලින් මහනව අඩුයි. 

ගෙදර දොරේ රෙදිපිලි අවශ්‍යතා වලට මීට දශකයට වඩාඋඩින් කාලෙ ලංකාවෙ බොහෝ ගෙවල් වල මහන මැෂිම කියලා උපකරණයක් තිබුනා. ඒක ගෙදර අම්මගෙන් පුංචි අම්මට පුංචි අම්මගෙන් නැන්දට ඉන් පස්සෙ අපේ අක්කට අක්කගෙන් හිටපුගමන් අල්ලපු ගෙදර නැන්දට ඉන් පස්සෙ අපේ නංගිට වශයෙන් දායාද වුනා. නංගි ටික කාලයක් මැහුවම එයාට අලුත් මැසිමක් ගෙනත් දෙනවා දෑවැද්දට ගෙනියන්න. 

දැන් කාලෙ ගොඩක් ගෙවල් වල තියෙනවා එකක් මැසිම කියලා. ඒ පරිගණක මැෂිම. පරිගණක මැෂිම වැදගත් දෙයක්. නමුත් ඉතිං ඒක පොරෝජනවත් වැඩකට යොදාගන්නෙ කීයෙන් කී දෙනාද? මහන මැෂිමක් ඉස්සරහ ඉදගෙන ෆේස්බුක් යන්න බැහැ. ඒ නිසා ගෑනුලමයෙක්ට වගේම ඉගෙනගන්න කැමති මැහුන් වලට ආස කොල්ලෙක්ට වුනත් මහන මැසිමක් අරන් දෙන එක කොම්පුටරයක් අරන් දෙනවා වගේ ලොකු අවධානමක් තියෙන වැඩක් නෙමෙයි. හදිස්සියට ඉතිං වැඩිම වුනොත් ඉදිකට්ටක් අතේ ඇනෙන්න පුලුවන් පොඩි අනතුරක් විතරයි මහන මැසිමෙ තියෙන්නෙ. 

ඉස්සර අපේ අම්මල පුංචි අම්මල කඩවල් ගානෙ ගිහින් ඇවිදලා රෙදි කෑලි ගෙගනත් බොත්තං නූල්, වැඩකෑලි,ආදිය ගේනවා. අරං ඇවිත් ඇදුන් මහලා දෙනවා. ඒ වගේම මම දන්න පවුලක ගෑනු කෙනෙක් ඒ ගමන්ම හොද පොෂ් කඩේකට ගිහින් කඩේ තියෙන මිල අධික ලක්ෂණ ෆැෂන් වලින් ටිකක් කෝලේක කටුවට ඇදන් එනවා..ඇවිත් බොහොම යසට අර ගෙනාපු කට් පීසස් බොත්තං වලින් අර සුපිරි ඇදුම් පැලදුම් ඒු වගේ හතරෙන් එකක වගේ අඩු මිලකට මහගන්නවා.. දැන් ඉතිං ඒ වගේ කටුසටහන් ඇදන් මොලේ හොල්ලන්නැතුව ඒ ෆැෂන් එක මොලේට දාගෙන එන්න මහන්සි වෙන්න ඕනිම නැහැ..පොඩ්ඩක් පෝ්න එක ඇද්දා පොටෝ දෙකක් තලාගෙන සේව් කරගත්තා ආවා බල බල ඇහැක් විදියට ඩ්‍රෝවින් එක ගහගෙන මැහුවා.. 

මං ඒ විදියට ගෙදර මහගන්න පුලුවන් මැසිමක් බල බල හිටියා අපේ නංගිට අරන් දෙන්න. ඉතිං ඒම බල බල ඉන්නකොට පෝටබල් මැසින් වගයක් තියෙනව දැක්කා බොහොම අඩුවට.ඒ ගමන් මං පෝටබල් මැසිමක් ගැනීම ගැන විදවත් මතයක් විමසුවාම පෝටබල්මැසින් වල අඩුපාඩු සහ වාසි මේ ආකාරයට ගන්න පුලුවන් වුනා.

පෝටබල් මහන මැසින් වල වාසි

අඩු විදුලි බලයක් වියදම් වීම.
නිතර එහා මෙහා ගෙනයා හැකි තරම් සැහැල්ලු වීම.
අඩු මිල.
අඩු ඉඩක් ගැනීම. (මේස කෙලවරක තියාගෙන ප්ලග් එකට ගැහුවත් වැඩ..) 

පෝටබල් මහන මැසින් වල අවාසි..
කැඩුනම බොහෝ මැෂින් නැවත හදන්න අමාරු වීම.
තද රෙදි ඩෙනිම් වැනි ඝන රෙදි මහන්න බැරිවීම.
විශාල ප්‍රමාණයේ යෙදීම් වලදී මහන මැසිමේ ශක්තිය අඩු බැවින් කල්පැවැත්ම අඩුවීම.
ලක්මාල් අයියා රෙකමන්ඩ් කරන පෝටබල් මැසින් තුනක් තියෙනවා. 
ෆෝටටබල් බේස් එකකට හයිකරල තියෙන්නේ , මෝටරයෙන් වැඩ කරන්නේ
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC974N-CC&PC=sewing_machines


මේ ෆෝටබල් එක හොදටම හොදයි , මෝස්තර අඩුයි , ලෙඩ දෙනව අඩුයි , හැබැයි ගණකම දේවල් මහන්න අමාරුයි
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC8280&PC=sewing_machines


මෙන්න මේකත් හොද ෆෝටබල් එකක් .
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC8215&PC=sewing_machines


ඉතිං මැෂින් චක්‍රවර්ති අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදානඋන්නැහේ ගෙන් තව විස්තර ඇහුවම උන්දැ මට රෙකමන්ඩ් කරා. මල්ලියෙ උඹට මං ඕනි *ත්තක් මහත හැකි මැෂිමක් ගැන විස්තර දෙන්නං. ගානත් ටිකක් අඩුවෙන් ඕනිම දෙයක් මහගන්න ගෙදර පොඩි ටේලර් සාප්පුවක් දාගන්න. දොර රෙදි නෙට් රෙදි මහන පොට් එකක් දාගන්න, වුනත් පුලුවන් මැසිමක්. මේක හදන්නත් ලේසියි. හදන්න දන්න උන් හොයාගන්නත් ලේසියි. මහන්නත් ලේසියි. 

 මෙන්න මේකෙන් ඕන හත්තක් මහත හැකි
http://www.singersl.com/products/index.asp?pcode=ZOJ_MCZJ8500C&PC=industrial_machines 


 සාමාන්‍යයෙන් මේ සොජේ මැෂිමෙ පොඩි අවුලක් තියෙන්නෙ මේක තනිකර මෝටරෙන් දුවන එකක්. දෑවැද්ද මොඩල් එකට මේක ටිකක් හරි මදි. දෑවැද්දට ගන්න මැෂිමෙ සිග්සැග් මහන්න වගේම පාගන්නත් පුලුවන් වෙන්න ඕනි. හදිස්සියට මෝටරයක් හයි කරගෙන මහන්නත් හැකි වෙන්න ඕනි. තව දුරටත් කිව්වොත් තඩියට හැම ඔප්සන් එකම තියෙන මැසිමක් වෙන්න ඕනි බරත් ටිකක් සැපට තිබිලම.

  ඉතිං ඒ වගේ ඔප්සන් වැඩි බර වැඩි, පෙනුමත් විසාල, පාගන්නත් හැකි, මෝටරුත් හයි කල හැකි, සිග්සැගුත් තියෙන මේ මැසිමත් ලක්මල් අයියා රෙකමදෝරු කලා.. 

මේකත් හොදයි සිග්සැග් මහන්ඩත් පුලුවන්. ස්ටැන්ඩ් එකකුත් තියනව , මෝටර් හයි කරන්නත් පුලුවන් ( දෑවැද්දට දෙන්ඩ මරු )
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC974-N-1W&PC=sewing_machines


මේ මහන මැසින් කියන්නෙත් ටිකක් පලල් විෂයක්.. ලංකාවෙ අපිට සිංගර් ආයතනයෙන් තමයි බොහෝවිට මහන මැසින් ගන්න වෙන්නෙ. මොකද මැෂිමක් වගේ දෙයක වගකීම වැදගත්. ඒ වගේමයි ටික කලක් හරි අමතර කොටසක් දෙකක් ගන්න පලුවන් තැනකුත් තියෙන්න එපැයි. නමුත් ලංකාවෙන් එලියෙ අය ඉන්නවා නම් අපේ ලක්මාල් උන්නැහේ රෙකමදෝරු කරන්නෙ බෙරින්නා කියල මැෂිමක්.. 

පරණ මෙෂින් තරම් හයිය නැ ඔය එකක්වත් , හොද ඒවා තියනව https://www.bernina.com/en-US/Products-US/BERNINA-products/Sewing-Quilting-and-Embroidery   වගේ ඒවා හැබැයි අපිට කිට්ටු කරන්නත් බැ , 

ලක්මාල් කන්දෙවිදාන ලොක්කාගේ ෆේස්බුක් ගිණුම. 
https://www.facebook.com/ATAMPAHURA
මැෂින් චක්‍රවර්ති ලක්මාල් කන්දවිදානයන් ලියන මහා බ්ලොග් රාජයා. 
http://atampahura.blogspot.com/

10 comments:

  1. අඩෝ අලුත් අව්රුද්දෙ අටමගෙන් මොකක් හරි වැඩක් කරගන්න තියෙනවද උබට

    ReplyDelete
    Replies
    1. නෑ බං මං මේ කල්පනා කලේ...අවුරුද්ද කියන්නෙ රෙදි කඩේටම සින්න වෙච්චි එකක් වෙච්චි කොට ගෙදර ලමයි බලං ඉන්න ගෑනු අයට විනෝදෙත් එක්ක පොඩි පොරෝජනවත් පරණ වැඩක් ආයිත් දූලි පිහිදාල ගන්න..

      Delete
    2. මේ ....... සෝඩා ඉවරයි

      Delete
  2. //සාමාන්‍යයෙන් මේ සොජේ මැෂිමෙ පොඩි අවුලක් තියෙන්නෙ මේක තනිකර මෝටරෙන් දුවන එකක්. දෑවැද්ද මොඩල් එකට මේක ටිකක් හරි මදි. දෑවැද්දට ගන්න මැෂිමෙ සිග්සැග් මහන්න වගේම පාගන්නත් පුලුවන් වෙන්න ඕනි. හදිස්සියට මෝටරයක් හයි කරගෙන මහන්නත් හැකි වෙන්න ඕනි. තව දුරටත් කිව්වොත් තඩියට හැම ඔප්සන් එකම තියෙන මැසිමක් වෙන්න ඕනි බරත් ටිකක් සැපට තිබිලම.//

    දැන් දැන් ඔව්වත් දෑවැද්දට පටවනව බං , අගය දන්න උන් ගෙනියනව

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට දෑවැදි රෙකමන්ඩ් මැෂින් එකේ වැඩ ගොඩක් තියේ නේ...හුදී ජනයා ගොඩක් සතුටු කරන්න පුලුවන් ඒ දෑවැදි ඉස්පෙෂල් සිංගර් මැසිමට තමයි..

      Delete
    2. මේ ....... සෝඩා ඉවරයි

      Delete
  3. මං නං අවුරුදු විසි පහක් තිස්සේ කලිසම් මහන්නේ එකම තැනකින්. ඒ පිලියන්දල පුවක්ගස් හන්දියේ නිව් රත්න ටේලර්ස්.
    කමිස නම් කඩෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. රොසාන් අයියගෙන් තමයි මම මහන්නෙ..ගියාවුරුද්දෙ කලිසං තුනක් මහල දෙකටයි සල්ලි දුන්නෙ...තා එකකට සල්ලි දෙන්නත් තියෙනවා..මේ අවුරුද්දෙ ලගපාත හොද බුවෙක්ගෙන් මැහුවා..ගෑනු දැන් අදින ඩෙනිම වගේ කකුල් කදන් දෙක බේරිලා පේන්න මහල තියනවා...යසට...ඌට මෙසමන්ට් ගන්න කොටම කිව්වා ටිකක් හිරට නැතුව මහන්න කියලා..

      Delete
  4. //මල්ලියෙ උඹට මං ඕනි *ත්තක් මහත හැකි මැෂිමක් ගැන විස්තර දෙන්නං.//
    ඔය අටම කියන දේ අහල ඒ වගේ දේවල් මහන්න යනව නෙමේ ඕං. :D

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ එතනදි අටං අදහස් කරන්න ඇත්තෙ බෑග් වගේ ඝනකම් දේවල් වුනත් හොදට මහගන්න පුලුවන් කියන අදහස... අරකත් අවසාන පියන් දෙකෙන් අල්ලලා මැහුවොත් හෙම ටිකක් තද බෑග් එකක් වගේ නෙවෙ....

      Delete