Wednesday, April 15, 2015

$ 50 න් ගෙදර ටීවි එක ඉස්මාට් කරගන්න

අපේ ගෙදර තියෙන පරණ ටීවි එකේ පුලුවන් ඇන්ටනා ජැක් එක ගැහුවම ටීවි බලන්නයි...වීඩියෝ ප්ලේයර් ජැක් දෙක ගැහුවම වීඩියෝ තැටි බලන්නයි විතරයි. ඒත් ඉස්මාට් ටීවි එකකදි තව අමතර වැඩ ජාති දෙකක් කරගන්න පුලුවනි. 

1. වීඩියෝ ප්ලේ කිරීම..
ඉස්මාට් ටිවි වල කෙලින්ම යූ ඇස් බී සහඑස් ඩී කාඩ් හාඩ් ඩිස්ක් ආදිය ප්ලග් කරලා ඒවයේ තියෙන වීඩියෝ පිංතුර ආදිය බලන්න හැකියාව තියෙනවා. ඉස්සර වගේ .තැටි දැන් වැඩිය ඕනි වෙන්නෙ නැහැ..යූ ඇස් බී සහ එස් ඩී කාඩ් වල තියෙන ඒවා ඒ ඒ පෝට් වලට සම්බන්ධකලාම ඒ වායේ තියෙන වඩියෝ සහ ඕ්ඩියෝ ෆයිල් ලස්සනට පෙන්නුම ්කරනවා.

2. අන්තර්ජාල වීඩියෝ බැලීම.
ඒ වගේම අන්තර්ජාලයේ යූ ටියුබ් සහ නොයෙක් තැන්වල තියෙන වීඩියෝ සහ පිංතුර බලන්නත් හැකියාව මේ ඉස්මාට් ටීවි වල තියෙනවා. 

E bay වෙබ් අඩවියට ගිහින් TV Box කියලා සෙවුමක් කලාම ගොඩක් බොක්ස් එනවා ඒ විදියෙ ටීවි එක ස්මාට් කරගන්න පුලුවන් ටීවි බොක්ස්. මේ ටීවි බොක්ස්වල ඩොංගල් එකෙන් කෙලින්ම ඉන්ටනෙට් යන්න පුලුවන් අවස්ථාව තියෙන ඒවත් තියෙනවා. මේ ටීවි බොක්ස් වල බොහොමයක් ඒවාට වයිෆයි වලින් සහ සාමාන්‍ය ඊදර්නෙට් පෝට් වලින් අන්තර්ජාල සම්බන්ධතාවය කෙලින්ම ලබාදෙන්න පුලුවනි.

මේවායේ අන්තර්ගතය බොහෝවිට රාස්බෙරි පයි වැනි තනි පුවරුවේ බලගතු පරිගණකයකින් සමන්විත වෙනවා. ලිනක්ස් හෝ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ආධාරයෙන් දුවන බලගතු බහුමාද්‍ය හැකියාවෙන් යුතු පොඩි මැසින් තමයි මේවා. මම මීට කලකට පෙර රාස්බෙරි පයිගැන ලියපු ආටිකල් එකක් තියෙනවා ඒකෙන් ඒක මොකද්ද කියලා දැනකියා ගන්න පුලුවනි.  

ඒ වගේම ඕ ඩ්‍රොයිඩ් කියලා අලුත් එකකුත් තියෙනවා..ඕ ඩ්‍රොයිඩ් එකට කෙලින්ම උබුන්ටු 14.04 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරලා හොද විඩියෝ අවුට් එකක් ලබාගන්න හැකියාව තියෙනවා. ඕ ඩ්‍රොයිඩ් කියන්නෙ රාස්බෙරි වලටත් වඩා බලය තියෙන මෙවෙලමක්.. කාලිංග අයියාගේ ටෙක් කතා ගෲපියෙ මේවා ගැන කතා වෙද්දි ඕ ඩ්‍රොයිඩ් ගැන යාලුවෙක් සදහන් කරලා තිබුනා.

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මේකට දාන්න පුලුවන් කියන්නෙ මට හිතෙන විදියට නම් ඉන්ටනෙට් බ්‍රවුසින් සහ ඔෆිස් වැඩත් කරගන්න පුලුවනි. අර මම මුලින්ම කියපු TV බොක්ස් වලින් අන්තර්ජාලයට එකතු වෙන්න හැකියාව තිබුනත් ඒවායෙදි කී බෝඩ් මවුස් ආදිය සම්බන්ධ කරගන්න අමාරු නිසා අපි දන්න කියන යූ ටියුබ් වීඩියෝවක් වුනත් සොයාගන්න ටිකක් අමාරු වෙනවා. 

මේ රාස්බෙරි සහ ඕ ඩ්‍රොයිඩ් වැනි කෑලි පාවිච්චි කරලා පොඩියට ඔය වගේ කෑල්ලක් අටවගත්තම අර වීඩියෝ බොක්ස් එකකින් එහාට ගිහිපු ගොඩ්ක දේවල්...කරගන්න හැකියාව ලැබෙනවා. 
*සුපිරි කොලිටි කාර් සෙට් එකක් හදාගන්න හැකිවීම.
*ගේම් සෙල්ලම් කරන කෑල්ල්ක විදියට පාවිච්චි කරන්න හැකිවීම..
*හදිස්සියකට පරිඝනකයක් විදියට අන්ර්ජාලයේ සැරිසරන්න හැකිවීම,
* මේකට ස්කයිප් සහ වයිබර් වැනි ඇප්ලිකේෂන් ධාවනය කරලා පවුලේ සැමට චැට් කරත හැකි ලොකු වීඩියෝ චැටින් මේසයක් හදාගත හැකිවිම..
 වගේ පොඩි පොඩි වැඩ ටිකක් මට කල්පනා වෙනවා. ඊට වඩා බොහෝ බොහෝ දේවල් මේ  $ 50 පරිගණක වලින් කරගන්න හැකියාව තියෙනවා.අන්තර්ජාලයේ පෝඩ්ඩක් සොයා බැලුවොත් මේ සුට්ටි කම්පියුටර් වලින්..අරුම පුදුම දේවල් කරලා තියෙනවා කියලා ඔයාලට සොයාගන්න හැකියාව තියේවි.

සාමාන්‍යයෙන් ලංකාවෙදි වුනත් පරිගණකයක් එකලස් කිරීමේදි මොනිටරය හැර අනෙක් කොටස් වලට ඇමරිකානු ඩොලර් 500ක් විතර වියදම් වෙනවා. නමුත් මේ ජාතියෙ කුඩා බෝඩ් එකෙන් පරිඝනකයක් ඩොලර් 100කට හදාගන්න පුලුවනි. පාසැල් වලට, කාර්මික විද්‍යාල වලට කෙලින්ම ඩොලර් 500ක පරිගණකයක් පුදනකොට මේ ජාතියෙ කුඩා එහෙත් සැලකිය යුතු වැඩක් කරගත හැකි පරිගණක යන්ත්‍ර 5ක් දෙත හැකි..සරලව කිව්වොත් හරියට හිතුවොත් පාසැල් යන දරුවෙක්ට ඕනි වැඩ ටික පුරුදුවෙන්න පාසල් පරිගණක විද්‍යාගාර ඇතිකරද්දි මේ වගේ දේවල් ගැන හිතුවොත් වියදම පස් ගුණයකින් අඩුකරගත හැකි. එක පාසැලකට පරිගණක දෙන සල්ලි වලින් පාැසැල් පහක් පරිගණක වලින් සන්නද්ධ කරගන්න හැකියාව තියෙනවා.

 ආච්චිල සීයල සහ වැඩිය පරිගනක දැනුමක් නැති අයට බණ පිරිත් හින්දි චිත්‍රපටි බස් අජිත්ගේ සිංදු අහන්න හොද කෑල්ලක් විදියට උඩම සදහන් කරපු ටීවි බොක්ස් එක පාවිච්චි කරන්න පුලුවනි.. හෙන ලෝ කොලිටියට හරියට ප්ලේ නොවෙන චීන කෑලි වෙනුවට බස් සහ කාර් වල තියෙන වීඩියෝ ප්ලේයර් වලටත් මේ කෑල්ල ලෙසටම යොදාගත හැකි..

සාමාන්‍ය ටීවි එකකුත් ඉස්මාට් ටිවි එකකුත් අතර මිල වෙනස ඩොලර් 500ක් විතර වෙනවා . නමුත් කුඩා ඩොලර් 50ක් පාවිච්චි කරලා, හොද පොඩි සවුන්ඩ් ටිකකුත් අටෝගත්ත නම් සුපිරියට ම අපිට ෆිල්්ම බලන්න සහ අනෙක් විඩියෝ නරඹන්න අවස්ථාවක් මේ හරහා ඕනි කෙනෙක්ට ලබාගන්න හැකිවෙනවා. 

මම මේව ඉන්ටනෙට් එකේ දැක්කා ඉන් පස්සෙ කොටලා සෙයා කලා. ඔයාලටත් මේකට යමක් එකතු කරන්න ඔර්නි නම් කමෙන්ට ්එකක් දාල ඒක කරන්න පුලුවනි. ඒ වගේම අපිට ඉස්මාට් ටිවි එකකට සල්ලි නෑ...අනේ අපිට හොද සවුන්ඩ් විඩියෝ තියෙන ටිවි එකක් , ප්ලේයරයක් ගන්න ලක්ෂ ගනන් සල්ලි නෑ කියල තැවෙන අය වෙනුවෙන් මේ පෝස්ටුව ෆේස්බුක් සෙයාකරගත්තෝතින් ඒකත් කදිම අවුරුදු තෑග්ගක් වේවි.

3 comments:

  1. මාත් ක්රෝම්කාස්ට් එකක් අරං ටීවී එක චුට්ටක් ස්මාට් කර ගත්තා.
    raspberry pi වලින් ගොඩක් වැඩ ගත්ත හැකි. ඉස්කෝල වලට පාවිච්චි කරන එක හොඳ අදහසක්.

    ReplyDelete
    Replies
    1. මේක කොහොමත් හදලා තියෙන්නෙ එක්සත් රාජධානි රටේ ඉස්කෝල ලමයිට පාවිච්චි කරන්න නේ.. අපෙත් ඉතිං ඔය ආගම ඉතිහාසෙ ව්‍යවස්තා ගැන උගන්වන වේලෙ ඕකක් ගැන උගන්වලා පොඩි පහේ පයිතන් ප්‍රෝගැම් එකක් ලියාගන්න හැටි කියලා දුන්න නං කෝචචර වැදගත්ද

      Delete
    2. ඔව්වා අපේ උන්ට තාම මැජික් බං , මං ගැඩිමි බොක්ස් එකක් මොනිටරේකට ගහල ටීවි බලන එක දිහාත් කට ඇරගන බලන උන් ඉන්නව

      Delete