Monday, September 24, 2018

කාශ්මීර හිමාචල් ගමන 2 ජම්මු සිට ශ්‍රී නගර්

ඇයි ඔයාල දිල්ලි ඉදන ශ්‍රී නගර් ෆ්ලයි කලේ නැත්තේ?

දිල්ලි සිට ශ්‍රී නගර් වෙත ගුවනින්ද යා හැකි නමුත් අපි තෝරාගත්තේ දුම්රියෙන් සහ වාහනයකින් යන පැය 24ක් විතර ගෙවා ශ්‍රීනගර් වෙත ළගාවෙන දීර්ඝ ක්‍රමයය. එකක් ෆ්ලයිට් ගාස්තු ගනන් වැඩිය. ශ්‍රී නගර් යනු ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන බැවින් එහි සෑම කාලයකදීම දිල්ලි සිට පැයක ගුවන් ගමනකට ඉන්දියන් රුපියල් හාරදහක් වත එක් පසකට වියදම ්කල යුතු වේ. අනෙක නම් අපි යන්නේ කාශ්මිරයේ ශ්‍රී නගර් හි ඇති යම් දෙවොලක් හෝ විශේෂිත ස්ථානයක් තෝරාගෙන එය නැරඹීමට වත් කාශ්මිරයේ උත්සවයක් කවර් කිරීමටවත් නොවේ. අපේ ගමනේ අරමුනු රට තොට දැකබලාගැනීමයි. ඒ නිසා අපි මග දිගේම ශ්‍රී නගර් කරා යෑමට සිතුවෙමු.

කෝච්චි පාරක් නැද්ද ශ්‍රී නගර් වලට

දුම්රිය ගැන ගූඝල් කිරීමේදී ශ්‍රී නගර් යනු පට්ට තැනකි. ඇත්තටම ශ්‍රි නගර් වෙත දුම්රිය මගක් දැන් වසර කිහිපයක සිට විවෘතව පවතී. එහෙත් ඉන්දියාවේ වෙන කිසිම නගරයකට සම්බන්ධ නැති හුදකලා දුම්රිය මගක් ලෙස මෙම බනිහාල් ටු බරමුල්ලා දුම්රිය මග පවතී. මෙහි නිධාන කතාව රසවත් එකකි. ජම්මු දක්වා දුම්රිය මග පෙර සිටම සැදී තිබුන අතර මෑතකදී එය උදම්පූර් සහ කට්‍රා වල විශ්නු දේවාලය දක්වා ඉන්දයිාව විසින් හදන ලදී. එන්ම දිල්ලියෙ ්සිට කට්‍රා දක්වා දුම්රිය මග දැන් හදා අවසාන අතර කට්‍රා දක්වා දුම්රියෙන් පිවිසිය හැකිය. එසේම ශ්‍රී නගර් පැත්තේද කිලෝමීටර 100 පමණ කොටසක් තැනිතලා බිම හරහා දුම්රිය මග තනා එහි දුම්රියද ධාවනය වේ. ඉතිරි කිලෝමීටර 150ක් කාලයක් තිස්සේ වැඩ ඇදෙමින් යයි. කදුකර බිමක් හරහා වැටී ඇති එම කොටස උමං,උසැති පාලම් ආදියනේ සමන්විත දුෂ්කර මගකි. හදාගෙන යනවිට , එතෙක් සැදූ ඇතැම් කොටස් කඩාවැටී තිබුනි. දැන් වසර ගනනාවක් ගොසිනුත් දෙපස දුම්රිය ගමන් විවෘත කලත් මැද කොටස අතරමග නැවතී තිබේ.

ශ්‍රී නගර් හි ධාවනය වන්නේ ලංකාවේ රුහුණු කුමාරි ධාවනය වන එස් 11වර්ගයේ ඩීසල් ඉලෙක්ට්‍රික් මල්ටිපල් යුනිට් ආකාරයේ දුමිරියකි. ඒ දුම්රිය මැදිරි සහ එන්ජින් විශාල කන්ටේනර් ප්‍රවාහනය කරන වාහන වලින් ඒ දුම්රිය මගට ගෙනැවිත් තිබේ.
ශීත කල එ දුම්රරිය 


ජම්මු වලදී

අපි ජම්මු වලට ලගා වනවිට උදෑසන 6 පමණ වී තිබුනි. ජම්මු වලට ලගා වන විට දිල්ලියෙන් රාත්‍රී පිටත්වු සනීපදායක සම්පූර්ණ වායුසමනය කරන ලද දුම්ියක් ජම්මු දුම්රිය නැවතුමේ නවත්වන ලදී. එවැනි වූ සැප සනීප දුම්රිය තිබියදී කසි කබලක් බුක් කිරීම පිළිබදව මා මිතුරන්ගෙන් නැවත්ත ප්‍රශංසා ලබාගතිමි. ඉන්දීය දුම්රිය සේවයේ චාටර් මෙලෝ රහක් නැති දුම්රිය සේම වේගයෙන් නම් සුපිරිම නැතත් පහසුකම් වලින් ආඩ්‍ය වූ රාජධානි, ඩුරන්ටෝ, ඒසී සුපර්ෆාස්ට් ආදී දුම්රිය ජාති තිබේ. ඒවායේ ගමන සනීපදායක බව අන්තර්ජාලයේ වාර්ථා වල තිබුනි. 

සැප රාජ්ධානි දුම්රියක්

ජම්මු වලදී වාහන හෙව්ව හැටි

අපි කන්ඩායමෙන් මින් පෙර වරක් හෝ ඉන්දියාවට පැමිණි කිසිවෙකුත් නොවිය. රුචක යාලුවාට හින්දි බස පුළුවන් වූයේ ඔහු මැදපෙරදිග රටක සේවය කල නිසාය. එහිදී ඔහුගේ සේවකයින් රැසක් ඉන්දියානු ජාතිකයින් වීම නිසා රුචක යහළුවට හින්දි ටිකක් පුලුවන් විය. අපි ජම්මු වලින් බැස්ස තැන සිට අපට අවශ්‍යතා ගොඩකි. අපි දැන් ලංකාවෙන් ඇවිත් පැය 24කි. තවම හොටල කාමරයකට නිසි වැසිකිලියකට නොගිහින් සිටි අපි වචනේ පරිසමාප්ත අරුතින්ම හඩ්ඩෝ විමු. අපිට ටිකක් ඇගපත හෝදාගන්නට හෝ මූන සෝදාගන්නට අලුත් ඇදුමක් දාගන්නට තැනක් උවමනා විය. ඇතැම්විට දුම්රිය ස්ථානයේම ඒ පහසුව තිබෙන්නට ඇතිමුත් අපිට එය සොයාගන්නට බැරි විය. කෙසේ හෝ දුම්රිය ස්ථානයෙන් එලියට ආමු.

ජම්මු දුම්රිය ස්ථානයෙන් එලියට බැස්ස තැන මදක් ඉදිරියෙන් ඇත්තෙේ ටැක්සි ගාලයි. පොඩ්ඩක් ඉදිරියට ගොස් අපිට බස් රියකට නැගගන්නට ද හැකියාව තිබූ මුත් අපිට ටිකක් පිරිසිදු වී කාබී නිවිහැනහිල්ලේ යෑමට උවමනා වූ සෙයින් අපි වාහනයක් වෙන් කරගන්නට සිතුවෙමු. පිරිස බෙදී වාහන සොයන්නට වූ අතර කන්ඩායම් දෙකකටම හොද වාහන සෙට් වී කුමක යන්නේදැයි කුඩා මත ගැටුමක්ද ඇති විය. අවසන අපිට ටොයෝටා වර්ගයේ ආසන හතේ කැබ් එකක යෑමට තීරණය කලෙමු. අපි ටුවරිස්ට් හෝ අපේ කන්ඩායම ලොකු වීම නිසා ඔවුන් වැඩිපුරමුදලක් අපෙන් කැපූ බව අපිට පෙනී ගියේය.

උදෑසන කෑම

අපිට සිටි රියදුරු මහතා පන්ජාබ් ජාතිකයකේ විය. ඔහු ගේ සෙටප්පුවේ සිංදු අපිටද දිරවන ඒවා විය. ඒ පන්ජාබ් කාරයා හෝ සික් කාරයා කන්නට නැවැත්වුයේද පන්ජාබ් තැනකය. හොදට ඉඩ පහසුව තිබූ එතන එතරම් පිරිසක්ද නොසිටියේය. මෙනු එක ආ පසු තිබුන කෑම වර්ග වැඩි හෙයින් කුමක් ඕඩර් කරන්නේද ? ඒවා මොන වගේදැයි පස්නයක් අපිට ආමු. එවර අපි එක් එක් වර්ගයෙන් කෑම ජාති ඇනවුම් කල අතර ඉන්දියානු කෑම ගැන පෙර සංසාර පුරුද්ද සහිත රුචා අපිට කැම ඇනවුම් කරන්නට විශේෂ දායකත්වයක් අපට ලබා දුනි. ඔහු කිව්වෙ ්නැතිනම් අපි මෙනු එකේ තිබූ චාටර්ම කෑම පවා ඇනවුම් කරන්නට ඉ ඩ තිබුනි.

සැබැවින්ම එය නොවුනාම නොවේ. මා කිරි ඇතුලත් ආහාරයක් ඇනවුම් කල අතර එයතනා තිබුනේ මුදවපු කිරි සහ වෙනත් දේ එකතු කරලාය. එය කුමක්දැයි දැන් මතක නැතිමුත් එය ගත්ත මෝඩ කමට අනික් එවුන්ට පේන්නට රස කරමින් කෑව බවනම් මතකය. කෙසේ හෝ අපිට බඩ කට පුරා එතනින් කන්නට ලැබුනි. නැවත ඇගපත හෝදාගැනීමට මොකද්දෝ කිතියක් ආපු බැවින් අපි හිමීට මූන ටිකක් හෝදාගෙන වාහනය තුලට නැංගෙමු.

අමාරුවෙන් ඒත් විනෝදෙන්

අපිට යන්නට සෙට් වූ වාහනය තුල 6 දෙනකුට සණීපෙන් යා හැකිය. එහෙත් 8ක් යනු ඇත්තටම වැඩි ගානකි. එහෙත් අපි ඉතාම සතුටින් යැයි කිය නොහැකි නමුත් එය විදගෙන ගමන ගියෙමු. මෙය කිලෝමීටර 50-60ක ගමනක් නොවේ. කිලෝමීටර 300ක් විතර ඇති කදුකර මාර්ගයේද යන්නට වන දීර්ඝ ගමනකි. එම නිසා අපිට අපහසුව පසුව තදව දැනෙන්නට විය. බස්රියද තිබුන මුත් බස් රිය වල ගියේ නම් අපිට කෑමට සහ අවට බලාගැනීමට ලොකු ඉඩක් නොලැබෙන නිසා මේ ආකාරයෙන් කැබ් එකක් ගැනිම හොදයි යැයි පසුව සිතුනි.

අතරමග නැවතුම

ඒ පාර අලුතින් හදලා ඉවරවුනු වකවානුවයි. පාරේ බොහෝ තැන් හොදින් තිබුනි. තද ආනතිය සහිත පාරේ ම්ම්ම්ම්.. නද නගමින් විශාල ලොරි රථ යන්නේය. ඒවා පසුකරමින් අපේ පංජාබි මුත්තා කෙසේ හෝ අපේ රථය ඉක්මනින් ගෙන ගියේය. මේ පලාතේද රිලවුන් ඇතිපදන් උන්න අතර අපි චූ කරන්නට සහ විවේක ගන්නට නැවැත්වූ තැනද රිලවු කිහිප දෙනෙක් වූහ. අපි ගිය මගේහිම තිබූ නමුත් ලංකාවේදී කදුකරයේ විදගන්නට ලැබෙන කුඩා සීතලක් අපේ ගත වෙලාගන්නට විය.

බූමි දර්ශන

මෙහි ඉහලට යන විට සීතල සමගම බූමි දර්ශනද වෙනස් වන්නට විය. පයිනස් වර්ගයේ දාර සහිත ගස් වැල් මග දෙපස විය. මේ මග අලුතින් තැනූ නිසාදෝ හෝ මග දෙපස කඩ ආදිය අඩු විය. අපි උදම්පූර් වල නැවතී උදම්පූර් බැංකුවකට ගියේ එතෙක් විසදී නොතිබුන අපේ මුදල් මාරු කිරීමෙ ගැටළුව විසදාගැනීමටයි. එහෙත් එයද ව්‍යර්ථ විය. අප මොන මොනවා හෝ කෑම ජාති ආදිය බෑග් වල දාගෙන ඇවිත් තිබුනි. උදේ කෑම සැරටම ගත්ත නිසා දවල් වෙන විට කෑම වැඩි උවමනාවක් නොවීය. එහෙන් මෙහෙන් බිස්කට්ද අපේ බඩවල් තුලට ගියේය. වතුර නම් අපි කොහෙන් හෝ ගත්ෙතමු. ඉන්දියාවේ ඇල්වතුර ලංකාවට වඩා තරමක් ලාබය. එවකටද වතුර ලීටරයම රුපියල් විස්සකට විතර ගන්නට හැකියාව ගොඩක් තැන්වල තිබුනි. 


අතරමග පොලිස්

මෙවර අප නැවැත්වූයේ මා සිතන විදියට බෝඩර් පොලිස් සේවාවක් විසිනි. එනම් අපි ශ්‍රී නගර් වෙත පිවිසෙන විට වාහන සොයාබලන පොලිස් ඛන්ඩ තියේ. ශ්‍රී නගර් යනු කලබල තියෙන පලාතකි. ජම්බු කාශ්මිර් වල කලබල තියනෙවාය කියනු අපිට නිවුස් වල දකින්නට ලැබේ. ඒ කලබල නම් ජම්මු කාශ්මිර ප්‍රශ්ණය ලෙස හදුන්වන පාකිස්ථානය ඉන්දියාව වෙන්වී කාලසීමාවක් ගියත්තවමත් නොසිදුනු ගැටළුවකි. කෙසේ හෝ අපි නැවැත්වූ පොලිසිය අපේ වාහනයේ රියදුරු තැනගේ ඩොකියුමන්ට් බැලුවේය. 


රියදුරු ගාව කුමක් හෝ සහතිකයක් නැත ිවිය. හැරත් වාහනය ඕවර්ලෝඩ්ය. වාහනය ඕවලෝඩ් යෑම වරදකි. ඉතිං එයට මා සිතන්නේ රියදුරුට යම් කිසි දඩයක් හෝ පගාවක් දෙන්නට සිදුවන්නට ඇත. ඒ තැන පලාත්බාර ඉහල තැන වැනි ගරු පොලිස් නිළධාරියෙක් විය. විය යුතු විදියටම හේ තෙමේ අපි සමග කතා කලේය. අපි ලංකාවේ බව දැනගත් විට අපෙන් ක්‍රිකට් ගැන අසන්නට විය. ඔහු අප සමග සෙල්ෆියකටද මුහුන දුන්නේය. ඒ වන විට හවස 4-5 පමණ වේලාව විය. රෑ බෝ වන්නට පෙර ශ්‍රී නගර් වෙත ලගාවීම අපේ අරමුණවුවත් අපිට ඒ අරමුණ සම්පූර්ණ කරගන්නට නොහැකි විය.

ශ්‍රී නගර වල කාමර සෙවීම

ශ්‍රී නගර් වෙත අලුත් වාහනයක් ගිය තැන කාක්කෝ වාහනය වට කර ගනී. කාමර සොයා දෙන්නෝ ටුවර් සංවිධානය කරන්නෝ බොහෝය. ඔවුහු අපිට නිවිහැනහිල්ලේ මොකුත්ම කරගන්නට නොදෙති. අපිට මගදී හමු වූ පොලිස් කාරයා තැනක් කිව්ව නිසා අපි එතැන බලා ගියෙමු. අහෝ ඛේදයකි. එය ඉන්දියානු රුපියල් තුන්හාරදහක් කාමරයකට ගෙවන්නට වෙන ටිකක් පොස් තැනකි. ඇත්තටම අපේ ලයින් එක ඊට වඩා බොහෝ සෙයින් අඩු විය. ඒ නිස අපි වෙනත් තැනක් බල්නනට සිතුවෙමු.

සිරි නගර් පෝන් අවුල

වෙනත් නගරයක නම් ගිය තැන ෆෝන් සිග්නල් තිබේ. ඩේටා තිබේ. කෙලින්ම බුකින් බලා රූම් ගැසිය හැකිය. එහෙත් ශ්‍රී නගර් වලට රෝමින් වත් මෙලෝම අලදානයක් වැඩ නැත. අනෙක් පසින් අපිට ඉන්දියානු සිම් එකක්ද නොවිය. එබැවින් අන්තර්ජාලය නැත. අපිට දැන් සොයාගැනීමට ඇත්තේ සාමාන්‍ය ක්‍රමයටය. ඉතින් අපි පුරුදු පරිදි සොයන්නට විය.

විලේ ගෙදර

ශ්‍රී නගර් හි ෆෙවා විල කමනිය තැනකි. එහි හවුස් බෝට් නොහොත් විල මත තිබෙන ඔරු වැනි තැන්වල ඉදි වූ ලස්සන බෝට්ටුය. මෙම හවුස් බෝට්ටුවක නවාතැන් ගන්නට අපි තීරණය කලෙමු. හවුස් බෝට්ටුවේ කාමරයකට රුපියල් 1500ක් විතර ගිය බවක් මට මතකයේ යාන්තමින ්තිබේ. අපි කිහිප දෙනෙක් හවුස් බෝට් එකට ගිය අතර යාලුවෝ දෙතුන් දෙනෙක් කෑම සොයන්නට ගියෝය. ඔවුන් කෑම සොයාගෙන ආවේය. ඒ කෑම ගැන නම් ලොකු මතකයක් නැතිමුත් දිනක් නිදිවරා දවස පුරාම ට්‍රැවල් කර සිටි අපට හොදට නිදාගන්නට උවමනා විය. ලැලි මත තැනූ මෙම නිවහන අලුත්ම අත්දැකීමකි. එහි එලියට බැස්ස විට සිගරට් එකක් ගන්නටවත් පයින් යන්නට තැනක් නැත. සියලු අවශ්‍යතා වලට බෝට්ටුවෙන්ම යා යුතුය.

ශ්‍රී නගර්

ශ්‍රී නගර් අපි මේ යන්නේ 2015 දීය. ඉන් පසු බුර්හාන් වානි නැමැති කැරළිකරුවා ඝාතනය වීමත් සමගම ශ්‍රි නගර් තත්වය තවත් දරුණු විය. අනෙක් අතින් නරේන්ද්‍ර මෝඩ්ි යනු තරමක් හින්දු අන්තවාදි අයෙකු නිසා ශ්‍රී නගර් හි අහිංසක මුස්ලිම් ප්‍රජාවට ලොකු ලැබීමක් ලැබේයැයි සිතන්නට අමාරුය.

ඇයි ශ්‍රී නගර්ම?

අපි මුලින්ම රට යෑමට ප්ලැන්කර තිබුූන නමුත් අපේ අදහස වූයේ නේපාලයේ පොකරා කරා යැමටය. එහෙත් පොකරා සහ නේපාලය සොලවමින් 2014 දී මහා භූමිකම්පාවක් ඇති විය. මා සිතාගෙන සිටියාට වඩා බූමිකම්පාව දරුණු බව මට වැටහුනේ 2015 දී ගමන ගිහින් ආවටත් පසුය. එහිදී මාගේ නම් අදහස වූයේ අපි කලින් දමාගත් පොකරා ගමනම යා යුතු බවය. එහෙත් එහි ඇති තත්වය සලකා බලා මිතුරන් අපි කාශ්මීරයේ යමුදැයි ඇසූහ. මා එතරම් දැඩි කැමැත්තක් නැති වුනත් කාශ්මිර ගමන යෑමට කැමති විය. එහෙත් පසුව 2017 දී පමණ මම ෙෙනේපාල  පොකරා වෙත ගියේය. කාශ්මීරය ලස්සනය. පොකරා ද ලස්සනය. කාශ්මීරය පිහිටියේ ඉන්දියාවේය. පොකරා නේපාලයේය. ඉන්දියාවට වඩා නේපාලය නිස්කලංකය. එහෙත් සොබා සෞන්දර්යය අතින් ශ්‍රී නගර් එයට ම ආවේණික වූ ලස්සනකින් යුක්තය.



අපි ජම්මු ඉදන් සිරිනගර් වෙත ගිය හැටි ගැන පොඩි රූප වීඩියෝ ටිකක් උඩ වීඩියෝ එකේ තියෙනවා.













1 comment:

  1. Jammu to srinagar by road

    https://www.youtube.com/watch?v=25xOQ8Vi8_4&t=11s

    https://www.youtube.com/watch?v=0V7h4DvGAPY

    ReplyDelete