Friday, September 28, 2018

කාශ්මීර හිමාචල් ගමන 3 ගුල්මාග් ගොන්ඩෝලා

පෙර අමතක වූ මතක

කලින් දවස්වල විස්තරවල අමතක වුනු තැන් ටිකක් මතක් කරලම ඉන්න එක හොදය කියලා හිතුනා. කාලයක් ගිහින් නිසා පෙලක් කොටස් අමතක වෙනවා. ගිය යාලුනඩේ ඒ කෑලි."  හිතවත් අමිලය මෙ කෑල්ල ඔබමිස් කලා නොවෙද? මිතුර මේ කෑල්ල ඔබට අමතක වුනාවත්ද? " කියා බොහෝම කරුනාවෙන් ඒවා පෙන්වා දෙනවා.

අපි වාහන හොයන්න ජම්මු වල ඇවිදිනකොට ඇත්තටම අපිව බල්ලට ගනන් ගත්තේ නැහැ ජම්මු වල මිනිස්සු. උතුරු ඉන්දියානුවන්ට මොක නැතිවුනත් මාන්නය නම් ලොකුවටම තියෙනවා. උන් දකුණු ඉන්දියානුවන්ව සලකන්නේ නැහැ. අපි සෙට් එකේ පෙනුම ගත්තාම බහුතරයක් දකුණු ඉන්දීය පෙනුම තමයි තිබුනේ. ඉතිං ඒ නිසා ඇත්තටම සල්ලි දීලා කරන සේවාවක් වුනත් උන් අපිව ගනන් ගත්තේ නැහැ. මුලදි වැඩිය උන් හෑර් එකක් වත් යන්න කැමත්තක් දැක්කුවේම නැහැ.

පස්සේ අපි ශ්‍රි ලංකන් කිව්වාම එයාල අහ්. කියලා පටන් අරන් අපේ ක්‍රිකට් ටිම් එකේ බුවාලා සහ අපේ ක්‍රිකට් ගැන කතාකරන්න ගත්තා. ඇත්තටම ඕ වැඩේ අපිට කිහිප අවස්ථාවකදිම වුනා. ලංකාව කියන්නේ ක්‍රිකට් නැත්තන් බොහෝවිට අදුරගන්න බැරි වෙන මට්ටමට ම ඉන්දියානුවන් අතර ලංකාවේ ක්‍රිකට් ජනප්‍රියයි.

* මා පෙර සටහනේ අවසානයේ දක්වා ඇති ෆෙවා විල යන්න වැරදි යෙදුමකි. ෆෙවා විල ඇතතේ නේපාලයේ පොකරා වලය. ශ්‍රී නගර් වල ඇත්තේ ඩල් විලයි.

 උදෑසන
උදෑසන අවදි වී එලියට ඇවිත් බලන විට අපි සිටින්නේ හතර අතින්ම වතුරෙන් වටවූ බිමක විය. එයින් එලියට යෑමට නම් ඔරුවක් පැමිණිය යුතුය. ඔරුකාරයෙක් තරමක් පැරණි ඔරුවක් තියාගෙන අපි සිග්නල් එකක් දමන විට විත් අපි රැගෙන යන්නේය. ඔරුකරු අහල පහලක සිටියොත් අපේ කුඩා සංඥාවක් ඔරුකරුට සෑෙහ්. එහෙත් මදක් දුර සිටියොත් අපේ නවාතැනේ සිටි බ්‍රො ගේ විසිල් හඩ අවශ්‍ය වේ.  විවිධ ආකාරයේ වෙලෙන්දෝ අපි මේ හවුස් බෝට්ටුවේ සිටින විට එති යති. ඇතැමෙක් විසිතුරු දෑ විකුනති. ඇතැමෙක් කන බොන දෑ විකුනති.



උදෑසනම අපිව හමුවන්නට ඔරුවකින් සල්ලි මාරුකරන්නා පැමිණියේය. ඔහුද ඔරුවෙන් ගොස් සේවා සපයන්නෙකි. මේ ඩල් විලේ ඇති හවුස් බෝට්ටු රැසකි. ඒවා මේ කාලයේ   (අගෝස්තුවේ )  නම් වැඩිය සංචාරකයින්ගෙන් සමන්විත නැත. මේ හවුස් බෝට්ටු වලින් එලියට යන මල අපද්‍රව්‍ය කෙසේ බැහර වන්නේදැයි අපිට ගැටළුවක් විය. එහෙත් පසුව ඒවා එක් රැස් වී ඒ සදහා එන ඔරුවෙකින වෙනත් ස්ථානවලට බැහැර කරන බව දැනගන්නට ලැබුනි. හවුස් බෝට්ටුව අයිති කාරයාගේ පවුල සහ දරුවෝද පැමිණ වරක් හවුස් බෝට්ටුව අසලින්ම විලට බැස පිහිනමින් නාන්නට විය. ඒ අය මුස්ලිම්ය. ඇත්තටම ගෑනි නම් නෑවේ නැත. කුඩා ලමෝ නම් නෑවෝය.

. අපි ටිකක් දවල් වී ගුල්මාග් ගොන්ඩෝලා බලන්නට යන්නට  සැරසුනෙමු.

මොනාද මේ ගොන්ඩූලා කියන්නේ?

ගුල්මාර්ග් ගොන්ඩෝලා යනු කේබල් කාර් පද්ධතියකි. කිලෝමීටර 4-5ක දුරකට පේස් දෙකකට කේබල්කාර් පද්ධතිය තිබේ. එම අවස්ථා දෙකකට එකකට ඉන්දියානු රුපියල් 600 බැගින් ටිකට් දෙකක් ගත යුතුය. එනම් එක් අයෙකු කේබල් කාර් මතින් ඉහලටම යෑමට ඉන්දියානු රුපියල් එක්දාස් දෙසීයක් ගෙවිය යුතුය. 



           ගුල්මාග් ගොන්ඩෝලා තියෙන කලාපයට යෑමට තදබල බෑවුමැති කන්දක වාහනයකින් ඉහලටම ගමන් කල යුතුය. ශ්‍රී නගර් නගර සීමාව පසුකර මද දුරක් ගොස් අපේ ගමක ඇති හෝටලයක් වැනි තැනක කන්නට නැවැත්වුයෙමු. ඒ තියන කරි අනම් මනම් ගැන වැඩි පැහැදිමක් අපිට නැත්තේ ඇතැම් කරි ජාතිවලින් අපිට අප්‍රසන්න වූ සුවද විහිදුවන බැවිනි. කෙසේ හෝ උනුවට පරාට හෝ රෝටි වැනි යමක් අපිට කන්නට ලැබුනි. ඒවා උණුමෙන්ම රසටද තිබුනි. සාමාන්‍යයෙන් කන බොන තැනකදී එතැනට සාධාරනයක් ඉටු වන ලෙස හොදට කෑම අපේ කවදාත් සිරිත නිසා අපි එතැනදීද කර මුලට එනකම්ම කෑවෙමු.

ගුල්මාර්ග් වලට යන ගමන අපි ගියේ ලංකාවෙ ඇති 1919 ඇම්බියුලන්ස් වැනි වෑන් රථයකය. ඒ වෑන් රථය ගුල්මාර්ග්කරා ඇදෙන්නට වූයේ ලස්සන පයිනස් වනයක් මැදිනි. ඒ දර්ශනය සැබැවින්ම චමත්කාරජනයක එකකි. 



ගුල්මාග් හි වදකාරයෝ

ඉන්දියාව නම් වූ රට ලස්සන වුවත් මිනිස්සු නිසා වෙලාවකට අප්පිරිය ම වෙන තැනකි. අපේ වාහනය නැවැත්වූ තැන් සිට එය වටේ කාක්කෝය. ඇත්තටම ගොන්ඩෝලා හැදෙන්නට පෙර ගුල්මාග් යනු නිකම්ම නිකන් ලස්සන භූමියක් වන්නට ඇත. එකල අශ්වයින් පිටේ මිනිස්සු ගෙනයමින් ඒ රාජකාරිය කරන්නට පිරිසක් සිටින්නට ඇත. ඔවුන් ගොන්ඩෝලා හැදුනු පසුද සංචාරකයින්ට වදයක් වීම නම් නවතා නැත.

අප පසුපසම ඔවුන් නොකඩවා එන්නට වූයේ අශ්වයින් පිට බාගයක් දුර ගොස් ඉතිරිය ගොන්ඩෝලාවෙන් යන ලෙස ඉල්ලීමටයි. එහෙත් අපි කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් විශ්වාස නොකලෙමු. කෙසේ හෝ ඉදිරියට ගොස් අපි ටිකට් පෝලිමේ සිට ටිකට් මිලදී ගතිමු. ටිකට් මිල අපි හිතුවාට වඩා පෝඩ්ඩක් වැඩි විය. එහෙත් මෙතරම් දුර විත් නොබලා යන්නට බැරි නිසා අපි බලන්නට යන්නට සිතුවෙමු. මම සිතාගෙන උන්නාට වඩා නම් සැරම ආතල් එකක් ඒ ගොන්ඩෝලාවේ තිබුනි. ඇත්තටම ඉහල කෙළවරේ හිමද තිබුනි.

ගොන්ඩෝලාවේ ගමන 



ගොන්ඩෝලාවට නැගුනු පසු එය කුඩා කුටීරයක් මෙනි. එහ කේබල් එකේ ඇමිනි කේබලය දිගින් දිගටම ගමන් කරනු ලැබේ. මේ කේබල් කාර් එකට නැගීම බැසීම පරෙස්සමින් කල යුතු වැඩකි. විශාල පදාසයක බූමි දර්ශනයක් මේ ගොන්ඩෝලාවේ යන ගමන් අපිට දැකගන්නට හැකිය. වෙලාවකට මෙය කේබලය සමගම බිම පතබෑවේදැයි බයක්ද ඇති වේ. ගමන අතරමගදී මීදුමක්ද ඇති වූ අතර අපිට පෙර හෝ පසුව යන ගොන්ඩෝලාවන් නොපෙනී යන තරමටම මිදුම සැර විය. ඒ මීදුමේ හීතලේ ජෝඩු වලට නම්, පෙම් කරමින් ගොන්ඩෝලාවේ යෑම කදිම අත්දැකීමකි.

ගුල්මාර්ග් උඩ

ගුල්මාර්ග් හි උඩම තැන ග්ලැසියරයකි. එනම් ටිකක් අව් රස්නය තිබුනද ඒ කදු මුදුනේ අයිස් කුට්ටියක් තිබේ. ඒ අයිස් පදාසයකට අපි ගියේ අගොස්ත්තුවේ නිසා මදක් දුරක් පයින් යන්නට විය. යම් ලෙසකින් වින්ටරයේ ගියෙ නම් බොහෝ තැන්හි හිම රැදී තිබෙන්නට ඉඩ තිබුනි. කෙසේ හෝ අයිස් තිබූ වර්ග කිලෝමීටරයක විතර ඉඩේ මහ පිිරිසකි. ඒ සෙල්ලම් කරන්නට ඉඩ දී අත්තේ කොටසකි. ඒ ගුල්මාර්ග් වලින් කන්දෙන් එහා පැතේත පකිස්ථානය යැයි අයෙක් කියු මුත් උගේ පචයක් වෙන්න ඇති යැයි අපි සිතමු. කෙසේ හෝ එතනින් එහා ආරක්ශිත කලාපයක් වන බැවින් දෝ ජනයාට යන්නට එපා යැයි පුවරු සවිකර තිබුනි.

අයිස් සෙල්ලම් 

ලංකාවේ නත්තල් කාලයට එක්සෙල් වර්ල්ඩ් එකේ මිනිස්සු තුන් හාරසියක් මැද මැසින් දෙක තුනකින් ඉසින අයිස් වලට වඩා ඇත්ත අයිස් කටුකය. මා දාගෙන ගිය පරන බුට් කෑලි දෙකද එතරම්ම අයිස් වලට පෑහෙන්නක් නොවීය. අයිස් මතුපිට ලිස්සා යයි. ඒ මත අඩිය තැබීම බයානයකය. මේ විස්තර කිරීම බණ්ඩා කොළඹ යෑම වැනි දෙයක් විය හැකි වුවත් මේ අයිස් අත්දැකීම ලබාගන්නට පලමු අවස්ථාව නිසා එය ඇත්තටම බණ්ඩා කොළඹ යෑමක් වගේමය.

තැනකදි අඩිය හිතලා මතලා කොහොම තිව්වත් ලිස්සා යන්නේය. මෙය ස්ථාවර සමතල බිමක් නොවන බෑවුමක් නිසා කොයි වෙලේ ලිස්සා යාවිදැයි කියන්නට බැරිය. ඒ අව් අස්සේ ඉන්දියන් හැඩ ගෑනුද පැමිණ ලෙගින්ස් පිටින් අයිස් සෙල්ලම් කලෝය. ඉන්දියානුවෝ තරමක් අහංකාරය. එහෙත් උන්ගේ ගෑනු නම් හැම තැනදීම වගේ ගැනු දහයකින් 8ක් වත් කුමක් හෝ ආකාරයකට ලස්සනය. අපිට මෙන්ම මහා ඉන්දියාවේ පහල කොටස් බොහොමයකට අයිස් යනු මැජික්ය. විශේෂයෙන් අගෝස්තුවේ අයිස් ඇති තැන් බොහෝ අඩුය. එබැවින් එතැන සිටි ඈයෝ අයිස් නිසා බොහෝ සන්තෝශවෙමින් සිටියෝය.

බූමි දර්ශනය 




මේ ගුල්මාර්ග් ග්ලැසියරයේ පිවිසුම ගල් ගොඩකි. ඒ ගල් උඩින් පැනගෙන රූටාගෙන ගිය තැන අයිස් හමු වේ. ඒ අයිස් ඇති බැවුම මත කරත්ත තබාගත් කිහිප දෙනෙකු අයිස් වල කරත්ත පැදීමේ ක්‍රිඩාවන්ද කලෝය. කදු කර භූමි දර්ශන රැසක් මා ලංකාවේ කදුවලද විද ඇති මුත් ඒ හිමාලයේ ගොස් ගත් කදුකර අත්දැකීම් වලට ඒ කිසිවක් සම නොවේ. මේ හිමාලයේ තියෙන ඇතැම් කදු එක් බැල්මකින් හසුකර ගත හැක්කේ නොවේ. කන්ද ලගින් පිහිටියේ නම් අපි දෙතුන් වතාවක් හිස හරවමින් උඩ බැලීමෙනි කන්ද මුදුන දැකිය හැකි වන්නේ.

ගොන්ඩෝල ඉවරයි ඉන්පස්සේ ලෙසර්

ගොන්ඩෝලා පේස් වන් එක ඉවර වූ පසු පේස් ටූ දක්වා වූ තැන එතැන ලස්සන උද්‍යානයකි. ඒ උද්‍යානයේ වාඩි වී ගෑනු පිරිමි කති බොති ප්‍රීති වෙති. ඒ අසල තිබූ කටු ගාලක් පොටෝගන්නා නියායෙන් මම ගෑනු ලමයෙකු පොටෝ ගන්නට ගිය මුත් වැඩේ චොස් විය. ඇගේ පියා හෝ කවුද පැමිණ ඇය ඇදගෙන ගියාය. ඒ විවේක තැන කෑම වර්ගද තිබේ. ඉන්දියාවේද හැම හන්දියක් ගානේම තේ වතුර නම් ඇත. තේ වතුර කිහිපයක්ද අපි රැගෙන බිව්වෙමු.



ටිකට් මිසින්

අපිට ටිකට් අර්බුදයක්ද ඒ සමගම ආවේය. අපි යනකොට ටිකට් අරගෙන ගියමුත් කෙලසකින් හෝ ටිකැට්ටුවක් හැලී හෝ කුමක් හෝ විය. අවසානයේ ටෝක් කර එය විසදාගන්නට අපිට හැකි විය. දීර්ග ගමන් මහන්සියත් හිම උඩ කල වැඩ ආදියත ්නිසා අපිට ගමන් මහන්සිය වැඩි විය. අපි ඇවිත් හවස් කාලය විවේකයෙන් ගත කලෙමු.

මට මතක ලෙස අපි පානය කරන්නට යොදාගත්තේ එදා රෑය. එදා රෑ අප කන්ඩායමේ මිතුරකු කදිම තැනකින් බයිට් ගෙනැවිත් තිබුනි. කොච්චර උවමනා වුවත් මා සිතන්නේ අපි 7 දෙනාටම බෝතලයක් වත් එදා ගසන්නට නොහැකි විය.

6 comments:

  1. Replies
    1. උබ මොකුත් නොලිය අනුන්ගේ පෝස්ට් වලට වෙයිටින් දාගෙන හිටපං..

      Delete
    2. සුරං අයිය අලුත් මෙට්ටෙ ගත්තත් හරි බ්ලොග් එකේ කථා නෑ....

      Delete
  2. අපරාදේ "ගලඋඩ පුක" පොටෝ එකක්වත් ගත්තේ නැද්ද ගලඋඩ පුක ෆොටෝ කොච්චර වටිනවද අද

    ReplyDelete