Sunday, May 1, 2022

කුටාබ් මිනාර්





කුටාබ් මිනාර්

මේ වතාවේ දිල්ලි ගිහාම තිබුනා අපිට වැඩිපුර දවසක්. මොකද එයා ඉන්දියා ගුවන් ගමන් සතියට 7ක් තිබුන එක සතියට 3ක් දක්වා අඩු වුනා. ඉතින් අපේ දවස් එහෙ මෙහෙ වෙද්දි දිල්ලියට දවසක් ඇඩ් වුනා. එයින් දිල්ලි සිටි ටුවර් එකකට අපි වෙලාවක් වෙන් කරගත්තා. දිල්ලියේ බලන්න ගිය සිටි ටුවර් එකෙන් කුටාබ් මිනාර් බලන්න වටින තැනක්.


ටවර් එක.

කුටාබ් මිනාර් වල තඩි ටවර් එකක් තියෙනවා. ඒ ටවර් එක වටා තවත් පුරාවස්තු ගොඩක් තියෙනවා. පරණ සුල්තාන් කෙනෙක්ගේ මුස්ලිම් නායකයෙක්ගේ මාලිගාවක නටඹුන් වගේ තමයි පේන්නේ. ගෙඩක් ඒවා පසුකාලීන ප්‍රහාර වලින් විනාශ වෙලා. ඒත් ඉතුරු වෙච්චි කොටස් හරිම ලස්සනට කැටයමින් අලංකාර වෙලා තියෙනවා.


සොහෙන් ගෙය.

සොහොන් ගෙයකුත් තියෙනවා ඒ යාබද. ඒකත් බලාගන්න පුලුවන්. ඒකේ කැටයම් ටිකත් මැක්සා. කුටාබ් මිනාර් වලට ටිකැට් එක ඉන්දියානු රුපියල් තියි. අපිටත් ඒ ගානට යන්නට පුලුවන්. කුටාබ් මිනාර් බලන්න දිල්ලියේ මෙට්‍රා එකට ගිහින් මෙට්‍රො හරහා ය්නනත් හැකි. ඒ වගේම කාර් එකක් හෑර් එකට අරං යන්නත් හැකි.


අපි උදේම ඉන්දියා ගේට් එක බැලුවා. ඉන් පස්සේ ඉන්දියාවේ මහ බැංකුව එම්බසි ඒරියාල් එක බැලුවා. ඊට පස්සේ තව වෙලාව මනින්න ඒ කාලේ හදපු මොකද්ද අටමගලක් බලන්න ගියා ඒකෙනම් එච්චර ගැම්මක් නැහැ. කොහොම හරි අවසානේට අපි කුටාබ් මිනාර් ගියා. හවස අපේ ප්ලයිට් එක තිබුනා ශ්‍රී නගර් වලට. ඒ නිසා අපිට දවසම බලන්න වෙලාව නැති වුනා. නැත්නම් ඕල්ඩ් දිල්ලි සහ රතු බලකොටුව වගේ තැනුත් බලාගන්න තිබුනා.


















11 comments:

  1. ඉවසීමේ සීමාවත් පැන්නා වළහා නරියගෙ හොම්බට ඇන්නා

    ReplyDelete
  2. මංගල කියන්නෙ කවුද?

    මංගල කියන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණු අසාම්ප්‍රදායිකම දේශපාලකයා. වැඩිපුර ව්‍යවහාර වෙන වචනෙන් කිව්වොත් රැඩිකල්ම දේශපාලකයා. මොකද අපි ලංකාවෙ රැඩිකල් කියන තරමක් කියන්නෙ සාම්ප්‍රදායික ග්‍රාම්‍ය දේශපාලනයට. මංගල පක්ෂ අතර දේශපාලනය විතරක් නෙමෙයි ඊට වඩා ලොකු සංස්කෘතික දේශපාලනයක් කළා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මං දකින්නෙ මංගලගේ සමලිංගික නැඹුරුව. සමලිංගික ප්‍රජාව අතරත් මංගල රැඩිකල් චරිතයක්. එයා විශ්වාස කළේ නෑ සමලිංගිකයන්ට විවාහ වීමේ අයිතිය අවශ්‍යයි කියල. එයා හිතුවෙ ඒක විෂම ලිංගිකයන්ව කොපි කිරීමක් කියල. සමලිංගිකයන් විසින් ඔවුන්ගේ සංස්කෘතියක් නිර්මාණය කරගත යුතුයි කියල.

    ‘ලේ උරාබොන කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වීම මට ආඩම්බරයක්’

    මේ වෙනස් ලිංගික නැඹුරුව හින්දම මංගල ලංකාවට ගැලපුනේ නෑ. එයා ප්‍රධානවම ගැටුනෙ ලංකාවෙ ලොකුම අවුල එක්ක. ඒ තමයි සිංහල බුද්ධාගම. සිංහල බෞද්ධ කියල කියන්නෙ. දේශපාලනය ඇතුලට ආගම ඇතුල් වීම නිසා දේශපාලනයත් ආගමත් දෙකම අර්බුදයට යනවා කියල මංගල දැක්කා. එයාට බුද්ධාගම ගැන තිබුණා ආධ්‍යාත්මික දර්ශනයක් හැටියට ලොකු ගෞරවයක්. ඒත් දේශපාලන කොන්ත්‍රාත් කරන චීවරධාරීන් එක්ක තිබුණ ලොකු තරහක්. මේ ගැන මංගල ලියපු බෞද්ධයාගේ විලාපය මං හිතන්නෙ මෑතක එලිදැක්වෙනවා.

    එයා සියලු අන්තගාමීත්වයන්ට විරුද්ධ තැනක දේශපාලනිකව පිහිටන්න උත්සාහ කළා. ඒකට කිව්වෙ රැඩිකල් මැද කියල.

    ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ’

    ලංකාවෙ දේශපාලනයෙදි මංගල වැදගත්ම වුනේ එයා සෑම විටකම පාලමක් වුනු නිසා. මංගල දේශපාලන තාප්පයක් නෙමෙයි. මේ වෙලාවෙ මංගල හිටියා නම් කියලා ගොඩක් අය කියන්නෙ ඒ හින්ද. එයාට පක්ෂ අතර, පුද්ගලයො අතර එකඟතා ගොඩනගන්න පුළුවන්. ඒ එකඟතාවය ගොඩනැගෙන්නෙ විශ්වාස කළ හැකි කෙනෙකුගේ මැදිහත්වීම උඩ විතරයි. මංගල එවැනි විශ්වාසයක්, විවෘතභාවයක් දිනාගෙන තිබුණ. අරගලයෙදි මංගලගෙ අඩුව දැඩිව දැනෙන බව ඇත්ත.

    මංගලට තිබුණ ඉතාම දියුණු සංස්කෘතික ජීවිතයක්. මං වඩාත්ම ආශක්ත එතනට. කියවන පොතපත, ඇසුරු කරන කලාවන් ව‍ගේම කන බොන ජීවත් වෙන විදිහ ගැන ඉතාම සියුම් සෞන්දර්යයන් තැවරුණු ආර්ට් එකක් එයාට තිබුණ. එයාට වටිනා දේ වුනේ විඳීම, අත්දැකීම, නැත්තං එක්ස්පීරියන්ස් එක. භෞතික මිළ මුදල නෙමෙයි.

    දේශපාලකයෙකු තුල තිබිය යුතු අසහායම ගුණය විදිහට මං දකින අසා සිටී‍මේ ගුණය මං ගැඹුරින්ම දැක්කෙ මංගලගෙන්. මේසයක් වටේ ඉන්න බුද්ධිමතාගේ ඉඳන් අන්තිම මුග්ධයා දක්වාම එකම ගෞරවයකින්, ඉවසීමකින් අහන් ඉන්න පුළුවන් විශිෂ්ට ගුණයක් එයාට තිබුණ. හැම කෙනෙකුගේම අදහස මේසෙට එන්න ඕන කියල විශ්වාසයක් තිබුණ. කිසි කෙනෙක් සර්ලා හෝ මැඩම්ලා නෙමෙයි අපි වගේම සමාන පුරවැසියො කියන එක එයාගෙ දේශපාලනයේ තිබුන.
    මං හිතන්නෙ මංගලගේ දේශපාලනයෙන් අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ මේ අසා සිටීමේ ගුණය කියල. විශේෂයෙන්ම මේ වැඩිපුරම ගැඹුරෙන් අසා සිටිය යුතු වෙලාවක් නිසා.

    ReplyDelete
  3. ෆොරියෙර් සංකීර්ණය

    ලුඩ්විග් වොන් මීසෙස් කියන ආර්ථික විද්‍යාඥයා කතා කරනවා ෆොරියෙර් කම්ප්ලෙක්ස් කියල ලෙඩක් ගැන. ඒක මානසික රෝගයක්. මේකෙ ප්‍රධාන ලක්ෂණයක් ‍ වෙන්නෙ දරුණු ඉරිසියාවකින් පෙලීම. ඒ වගේම නිදහස් වෙළඳපොල තත්වයන් ගැන බියපත් වීම. රජය මැදිහත් වෙලා ධනවතුන්ගේ දේවල් දුප්පතුන් අතර බෙදා දිය යුතු යැයි සිතීම. ධනවතුන්ට හානි කළ හැකි නීති පැනවීමට ඇති උනන්දුව වගේ දේවල් හරහා මේ රෝග ලක්ෂණ ප්‍රකට වෙනවා.

    මීසෙස් මේ රෝගය නම් කරන්නෙ 1927දි. චාර්ල්ස් ෆෝරියෙර් කියන ප්‍රංශ යුතෝපියානු සමාජවාදියාගේ සිතීම පදනම් කරගෙන. මේ රෝගය බෙදාගන්න අය සමානාත්මතාවය මගින් සියල්ලන් බඩගින්නෙ සිටීම හොඳයි කියල හිතනවා විෂමතා සහිත වුනත් බොහෝ දෙනෙකුට ප්‍රතිලාභ හිමිවන සමාජයකට වඩා. මේ ෆොරියෙර් සංකීර්ණයෙන් පෙලෙන කෙනෙකුට හොඳ උදාහරණයක් තමයි සුනිල් හඳුන්නෙත්ති.

    කිසිම ගැඹුරු ආර්තික දැනීමකින් තොරව සියල්ල බෙදාහැරිය යුතු යැයි යෝජනා කරන අය මේ රෝග ලක්ෂණ පළකරන අයයි. කවුරු හෝ විසින් යම් ධනයක්, දේපොලක් අත්පත් කරගෙන ඇත්නම් එය සොරාකෑමක් වශයෙන් හඳුන්වමින් එය ජනතාකරණයට යෝජනා කරන්නේ මේ මානසිකත්වය ඇති අයයි.

    මේ අය සමග ආර්තිකය ගැන කතා කිරීමෙන් පලක් නැති බවයි මීසෙස් කියන්නෙ. මේක මානසික වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසු වන තත්වයක්. කෙනෙක් තමන්ගේ තරුණ වයසෙ සිහින අත්පත් කරගැනීමට අසමත් වීමෙන් එම දුර්වලතාවය තමන්ගේ එකකට වඩා සමාජ‍ය විසින් පනවන ලද සීමාවක් හැටියට දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ සිහිනය අත්පත් කරගත් අය ගැන අතාර්කික ඉරිසියාවකින් පෙලෙන්න පටන් ගන්නවා. මේක නියුරෝසික තත්වයක්. තමන්ගේ අසමත්කම තමන්ට බාරගැනීමට ඇති නොහැකියාව නිසා එය සමාජය මතට ප්‍රක්ෂේපනය කිරීමක් හැටියටයි මීසෙස් විස්තර කරන්නෙ.

    පැවරුම- ඔබ දන්නා ෆොරියෙර් සංකීර්ණයෙන් පෙළෙන ලකුණු ඇති අය නම් කරන්න 😃

    ReplyDelete
    Replies
    1. මචං මම මාතලේ. මම මේ ලගදී බැන්දා. මගේ වයිෆුත් මාතලේ. වයිෆුයි නංගියි දෙමව්පියෝයි තමා ඒ ගෙදර ඉන්නේ. ඒ නිසා බැදලා අපිට ඒ ගෙදර නතර වෙන්න උනා. වයිෆ්ට නංගි කෙනෙක් ඉන්නවා . තාම බැදලා නැහැ. ජොබ් එකකුත් නැහැ දෙමව්පියන්ගේ සල්ලියි මගේ වයිෆ්ගේ සල්ලියි නාස්ති කර කර ඉන්නවා.

      ඉතින් වයිෆ්ව බදින්න කලින් ඉදන් මේ නංගි මාත් එක්ක හරි එකතුයි. හරි හොද ගෑනු ළමයා.

      හැබැයි බැදලා ඒ ගෙදරට ගියපු දවසේ ඉදං පොඩ්ඩක් ඕනෙවට වඩා එනවා කියලා මට තේරුනා.

      වයිෆුයි/ වයිෆ්ගේ නංගියි දෙන්නම එක වගේ ලස්සනයි. ඒත් මම එහෙම වල් වැඩ කරන්න හිතලවත් නැහැ. ඒත් ටික ටික වයිෆ්ගේ නංගි මගේ හැගීම් අවුස්සන්න පටන් ගත්තා.

      මේක පටන් ගත්තේ ටික ටික. මුලින්ම වයිෆ්ගේ මට නංගි තේ එක එහෙම හදලා දෙන්න පටන් ගත්තා. ඒක සාමාන්‍ය දෙයක් නිසා මාත් වැඩිය ගණන් ගත්තේ නැහැ. පස්සේ පස්සේ වයිෆ් ඉද්දිත් මට තේ එක හදලා දෙන්න ගත්තා. නංගි තේ හදන්නේ එක්කෝ මට විතරයි, නැත්නම් එයාටයි මටයි විතරයි. වයිෆ්ටවත් ගෙදර අයටවත් හදලා දෙන්නේ නැහැ. මේ නිසා මට පට්ට අවුල්.

      දවසක් වයිෆුත් ඇහුවා ඔයා අයියට විතරද හදන්නේ මම ඔටුවෙක්ද කියලා.

      තේ එක වගේම බත් එක උනත් මට බෙදලා දෙනවා. එක දවසක් වයිෆ් නැති වෙලේ මට බත් කවන්න හැදුවා. මම විකාර කරන්න ලෑස්ති වෙන්න එපා කියලා බැනලා එලෙවුවා.

      වෙලාවකට මගේ ගෑවෙන නොගැවෙන තරමට ඇවිත් අත් දෙක උඩට කරලා කොන්ඩේ ගැට ගහගන්නවා. මේක ගොඩක් ගෑනු කරන මායමක් කියලා මම දන්නවා. ඒ වෙලාවට මටත් මොකදෝ වෙලා යනවා.

      මම ගෙදර ඉන්න වෙලාවට වයිෆ් නැත්නම් නංගි මගේ කාමරේට රිංගනවා . මම ඇදේ දිගා වෙලා ඉද්දි මගේ එහා පැත්තෙන් දිගා වෙලා වල් පල් කියවනවා. අම්මා තාත්තා උනත් කියන්නේ නැහැ මගේ කාමරේට රිංගන්න එපා කියලා. වයිෆ් එද්දී ආයෙත් කාමරෙන් මාරු වෙනවා.

      Delete
    2. ඔය අතරේ නංගි මාත් එක්ක ටෙක්ස්ට් කරන්නත් පටන් ගත්තා. මාත් හා හුම් කියලා රිප්ලයි කරලා නිකන් හිටියා.

      එක දවසක් නංගිට ඇදුම් ගන්න යන්න මට එන්න කිව්වා.මම ගත් කටටම බැහැ කිව්වා. ඒත් නංගිගේ අම්මා මට කිව්වා තනියම යවන්න එපා කියලා. මටත් කරන්න දෙයක් නැති නිසා බයික් එකේ රෙදි ගන්න එක්ක ගියා. යන අතර තුර නංගි මාව බදාගෙන ගියේ. මගේ වයිෆ් වත් එහෙම මාත් එක්ක බයික් එකේ ගිහින් නැහැ. මට බයත් හිතුනා කවුරුත් දැක්කොත් කියලා.

      ඇදුම් හොදද බලන්න මට ෆිටෝන් රුම් එන්න කිව්වා . මම බැහැ කියලා පාරට ඇවිත් බයික් එකට වෙලා හිටියා. කොහොම හරි ෆිටෝන් රුම් එකේ අලුත් ඇදුම් ගහලා හොදයිද කියලා මට එවලා තිබ්බා. මාත් හොදයි කියලා නිකන් හිටියා. කොහොම හරි නංගි කඩෙන් එලියට ආවේ එක ෂර්ට් එකක් විතරක් අරන්. මට හිතුනා මෙයාට ඇදුම් ගන්න උවමනාවක් තිබ්බේ නැති බව.

      ඊට පස්සේ මහන්සි කියලා මොනවා හරි කන්න ලග තියන කඩේකට ගොඩ උනා. එයා අපි දෙන්නට රෝල්ස් දෙකකුයි එක ජුස් එකකුයි අරන් ආවා. මම එකක් ගෙනාවේ ඇයි ඇහුවම සල්ලි නැහැ කිව්වා. එහෙනම් මම තව එකක් ගේන්නම් කියලා නැගිටලා යන්න හදද්දී එයාට එකක්ම බොන්න බැහැ කියලා මට කිව්වා.

      කොහොම හරි මම රෝල්ස් එක කෑවා.නංගිත් කාලා මට ජුස් එකෙන් බාගයක් දුන්නා. මාත් උගුරක් දෙකක් බිලා ආයෙත් එයාට දුන්නා. ඊට පස්සේ නංගි කිව්වා තව වෙලා තියෙන නිසා කොහේ හරි යන් මට ගෙදර ඉදලම එපා වෙලා කියලා.මම මට වැඩ තියෙනවා කියලා ඉක්මනට ගෙදර ආවා.

      ඔය අතරේ එයා මට නිතරම ෆොටෝ එවන්න ගත්තා. කකුල් හරි ඇග පසග හරි පේන විදිහට හරි තමා නිතර ෆොටෝ එවන්නේ. මොන පාට නේල් පොලිෂ් ගාන්නද වගේ ප්‍රශ්නත් මගෙන් අහනවා. මම එක දවසක් බැරිම තැන කිව්වා ඕවා මගෙන් අහන්න එපා මට ඔයාට අයිතියක් නැහැනේ කියලා. එදා ඉදන් මට මැසේජ් කරන එක නැවැත්තුවා.

      ඊට පස්සේ දවසක අපි කෑම මෙසේ කකා ඉද්දි මේසේ යටින් එයාගේ කකුල මගේ කකුලේ අතුලන්න ගත්තා.මටත් කරන්න දෙයක් නැති නිසා ඔරවාගෙන හිටියා.

      Delete
    3. මෙතනින් ඉස්සරහට කියන්නේ මේ සතියේ වෙච්ච දේවල්.

      මේ සතියේ මුල වයිෆුයි දෙමව්පියෝයි නැති වෙලාවක මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ටවල් එක බාත්රුම් එකට ගෙනත් දෙන්න කියලා. මම දැන ගත්තා නංගි මේක උවමනාවෙන් කරන්න හදන දෙයක් කියලා. මම ටවල් එකත් අරන් බාත්රුම් එක ලගට යනකොටම දොර අරුනා. නංගි හිටියේ අමු හෙළුවෙන්.

      මම එයාගේ මුනවත් බලන්නේ නැතුව ටවල් එක දොර උඩට දාලා ආපහු හැරුනේ තරහින්.

      නංගි මම තරහින් යද්දී අයියා කියලා මට කතා කරා. මම ගණන් නොගෙන බයික් එකේ නැගලා යාලුවෙක්ගෙ ගෙදර ආවා. මම ආයේ ගෙදර ගියේ රෑ වෙලා එතකොට වයිෆුයි අම්මලයිත් ඇවිත් හිටියේ.

      හැබැයි නංගි කාමරෙන් එලියට වත් ආවේ නැහැ එදා. ගෙදර අය කන්න එන්න කිව්වත් බැනලා එලව ගත්තා. පස්සේ එදා රෑ අඩන්න පටන් ගත්තා. ගෙදර අය හිතුවේ කොල්ලෝ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා.ඒත් මමනේ දන්නේ ඇත්ත සිද්දිය.

      ඊට පස්සේ දවස් ටිකේම නංගි මගේ මුණ බැලුවෙත් නැහැ කතා කලෙත් නැහැ. ඒ ටිකේ තේ බත් එක උනත් ලගට ගෙනත් දුන්නේ නැහැ.

      දවස් 3කට විතර පස්සේ මට තේ එකක් ගෙනත් දුන්නා. මාත් ටීවී එක බලන ගමන් තේ එක බිවුවා. අම්මෝ ලුණු දාලා ගෙනත් තියන්නේ. මම ඒක විසි කරලා නිකන් හිටියා. මේ ටිකේ මම මටම තේ එක හදා ගන්නවා.

      දැන් ඊයේ නංගි උදේම කොහේදෝ ගියා. ටිකක් හවස් වෙද්දී ආයෙත් ආවේ. ඒ වෙනකොට මම එළවලු පැල ටිකක් හිටව හිටව හිටියේ. නංගි තේ එකකුයි පිරිසියක කැවුම් කොකිස් කෙසෙල් වගේකුත් තියලා මට ගෙනත් දුන්නා.

      මම තේ එක අරන් බොන්නේ නැතුව බලාගෙන හිටියා. එතකොට නංගි කිව්වා බොන්න ලුණු දාලා නැහැ කියලා. මාත් හෙමිට බිව්වා. අවුලක් තිබ්බේ නැහැ.ඊට පස්සේ මට කැවුමක් කන්න කිව්වා. මම ඒවාට ආස නැති නිසා මම එපා කිව්වා. ඒත් නංගි මට බල කරන්න පටන් ගත්තා පොඩි කෑල්ලක් හරි කන්න කියලා. මට මේ නිසා සැක හිතුනා. උදේම සුදුත් ඇදන් ගිහින් හවස කැවුම් අරන් ආවේ කොහොමඳ? දේවාලෙක වත් ගිහින් වෙන්නැති. මට බය හිතුනා මොනවා හරි දාලා මට කන්න දෙන්න හදනවා කියලා.

      මම එපා ඕක අරන් යන්න කියලා කිව්වා. නංගිට එක සැරේට මල පැනලා මගේ කමුලට ගැහුවා. වැදුන පාරේ සැරට තේ කෝප්පේ මගේ අතින් වැටිලා බිදුනා. ඒ වෙලාවේ ගෙදර හිටියේ තාත්තා විතරයි. මම අත ලිස්සුවා කියලා ශේප් උනා.

      ගෙදර අය ඔක්කොම ආවත් ඒ අයට කන්න අර කැවුම් තිබ්බේ නැහැ. මේ නිසා මට හොදටම සුවර් දෙවලෙකින් උස්සන් ආපුවා කියලා.

      මම ඊයේ රෑ නිකමට වයිෆ්ට කිව්වා නංගිට හරියට තරහා යනවා නේද කියලා. මම වෙච්ච ඇත්ත සිද්දිය කිව්වේ නැහැ. එහෙම කතා කරද්දී තමා දැන ගත්තේ නංගි පොඩි කාලේ ඉදන්ම ඔය වගේ කියලා. පොඩි කාලේ රට ඉදන් ආපු බාප්පා කෙනෙක් මෙයාලට බෝනික්කෙක් ගෙනත් දීලා . ගොඩ කාලෙකින් ආපු නැති නිසා තව දුවක් ඉන්නවා කියලා එයා දැනගෙන ඉදලා නැහැ මේ නිසා එක බෝනික්කයි ගෙනත් තියෙන්නේ.

      කොහොම හරි නංගි බෙදාගෙන සෙල්ලන් කරන්න කැමති වෙලා නැහැ. දවස් ගණන් නොකා ඉදලා. වයිෆුත් බෝනික්කා නංගිට දෙන්න කැමති වෙලා නැහැ. බැරිම තැන තාත්තා බෝනික්කව දෙකට කපලා දෙන්න දීලා. ඊට පස්සේ තමා නංගි ආයෙත් ගෙදර අයත් එක්ක කතා කරන්න උනත් පටන් ගෙන තියෙන්නේ.

      ඒක අහලා මට බයත් හිතුනා. තව නංගි කියුටෙක්ස් /ඇදුමක් උනත් වයිෆ් එක්ක බෙදා ගන්න කැමති නැල්ලු. මම මේවා දැන ගත්තේ ඊයේ,

      මට හිතෙන විදිහට නංගිට ඕනේ අපේ මගුල කඩන්න. මට යන එනමක් නැතුව ඉන්නේ. වයිෆ්ට මේවා කිව්වොත් මාත් වැරදි කියලා අනිවරෙන් හිතනවා. මම බැලුවේ අපේ ගෙදර ගිහින් නවතින්න . ඒත් වයිෆ්ගේ අම්මට ටිකක් ලෙඩ නිසා දාලා යන්න කැමති වෙන්නේ නැති වෙයි. ජෝක් එකකට නොගෙන උපදෙසක් දෙන්න.ලගින් අලුතින් ගෙදරක් හදන්නත් බැහැ මේ ඉකමනට.මට කෑම වලට මොනා හරි දාලා දෙයි කියලත් බයයි.

      දැන් මම වැඩිය ගෙදර ඉන්නෙත් නැහැ. නිවාඩු වෙලාවට ගෙදරින් යනවා. ගෙදර ඉන්නේ වයිෆ් ඉද්දි විතරයි. ඉස්සරහට මොකද වෙන්නේ කියලා මම අප්ඩේට් කරන්නම්.

      Delete
    4. මම කලින් මගේ සිද්දිය කිව්වනේ.

      අද මාර සිද්දියක් උනේ බං. මම මේ බයික් එක උඩ ඉදගෙන මේක ටයිප් කරන්නේ. අතත් වෙවුලනවා. එහෙනම් ඔන්න අද වෙච්ච සිද්දිය අහගන්නකෝ.

      ඊයේ මම නංගි දුන්න කැවුම් කෑවේ නැති නිසා තාමත් මාත් එක්ක අද උදෙත් තරහින් හිටියේ. මාව දකින කොට ගස්සාගෙන යනවා.

      පොසොන් නිවාඩුවට මගේ වයිෆුත් ගෙදර නිසා අද එයාට වැඩිය මුකුත් කරන්න බැහැ.

      එහෙට මෙහෙට බුම්මාගෙන යද්දී මටත් හිනා. අද උදේ මම දැක්කා ඩස්බින් එකේ ඊයේ මට දෙන්න ගෙනාපු කැවුම් ගෙඩි 3-4ක් තියෙනවා. මට හොදටම සුවර් දේවාලෙකින් මොනවා හරි කරන ඇවිත් මට කවලා මාව එයාගේ අක්කාගෙන් ඈත් කරන්න හදන්න ඇත්තේ. සමහර විට මාව එයාට ලං කරගන්න වශියක් /ඉනාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

      උදේ නංගිගේ අම්මා කුස්සියේ ඉදං මාවත් එක්කගෙන වෙසක් එකට හදපු කුඩු ටික එලන්න කිව්වා. මම ඒ වෙලේ කාමරේ හිටියේ. මගේ වයිෆුත් බාත් රුම් එකේ රෙදි හෝදනවා. නංගි දැන් මගෙන් ඕක අහනකන් මට ඉවසිල්ලක් නැතුව හිටියේ. නංගි වෙසක් කුඩු ටිකත් අරන් සාලේ එහෙට මෙහෙට යන රැලි සද්දේ මට කාමරේට ඇහුනා. ඔහොම දෙතුන් සැරයක් කෙල්ල එහෙට මෙහෙට ගියා.

      සමහර විට අම්මා කියපු එක මටත් ඇහෙන්න ඇති කියලා හිතලා මං එලියට එනකන් බලන් ඉන්න ඇති. විනාඩි දෙකත් විතර ගියාම නංගි මගේ කාමරේට එබිලා "වෙසක් කුඩු එල්ලන්න එන්න" කියල කිව්වා. මම නංගිව සත පහකට ගණන් ගත්තේ නැහැ. මට ඕනේ උනේ නංගිගෙන් පලි ගන්න. මේ වගේ මුරණ්ඩු කෙනෙක්ට හොදම දඩුවමක් ඒක.

      ඔය අතරේ පුටු අදින සද්දේ ඇහුනා. මම හිතන්නේ වෙසක් කුඩු එල්ලන්න නගින්න. පුටු එහෙට මෙහෙට අදින සද්දෙට තේරුනා නංගිට මල පැනලා ඉන්නේ කියලා.

      මම එලියට නොයා ඉන්න හැදුවත් ටිකක් වෙලාවකින් මම එලියට ගියා. ගියා කිව්වට යැවුනා වගේ.

      මම එලියට යනකොට නංගි පුටුවක නැගලා වෙසක් කුඩු එල්ලනවා. උස නැති නිසා ඇගිලි වලිනුත් ඉස්සිලා. මට දුක හිතුනා.

      මම නංගිට බහින්න කියලා වෙසක් කුඩු ටික ගේ වටේ එල්ලුවා. ඒ අතරේ නංගි බල්බ් වැල් දෙක තුනකුත් ගෙනාව. මම ඒවත් ගස් වලට දැම්මා. නංගිගේ මුනේ කලින් තිබ්බ තරහා පෙනුම නැති වෙලා ගිහින් මුනේ හිනාවක් ඇදිලා තිබ්බා.

      මම ඇයි කියලා ඇහුවත් එයා නිකන් කිව්වා. අද උදේ ඉදං හවස් වෙනකන්ම නංගි මාත් එක්ක වචනයක් වත් කතා කරේ නැහැ. හැබැයි ඇස් දෙක නිතරම මගේ දිහාවට කරකවන එකනම් නැවතුනේ නෑ.ඒ බැල්මට මම ගොඩක් ආස කරා.

      මාස ගානක් නංගිව එපා වෙලා ඉද්දි අද එක සැරේටම මට මෙහෙම උනේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි උනා.

      ඔහොම ඉද්දි අද හවස ඔක්කොම පන්සල් යන්න තීරණය කළා.අපි හවස 4 විතර වෙද්දී සුදු ඇදගෙන ලැස්ති උනා.

      ඔය අතරේ නංගි මට පන්සලට ගෙනියන්න මල් කඩන්න එන්න කිව්වා. මමත් කිසි දෙයක් නොකියම නංගි පස්සේ ගියා. වයිෆ්ටත් එන්න කියන්න හිතුනත් කිව්වේ නැත්තේ ඇයි කියලා මගේ හිත තමා දන්නේ.

      මල් කඩන්න තියෙන්නේ තියෙන්නේ ලොකු කැළණි තිස්ස ගහකින්. මේක තියෙන්නේ අපේ ගෙට උඩින් අපි දෙන්නම ගේ වටෙන් එතනට ගියා. නංගි පන්සල් යන්න ඇදලා හිටියේ දිග සුදු සායකුයි ටි ෂර්ට් එකකුයි. නංගි මෙහෙම වළලු කර ගාවට දිග සායක් ඇදලා ඉන්නවා දැක්ක පලවෙනි වතාව. දිගට ඇන්දම අමුතුම අහිංසක ලස්සනක් තිබ්බේ.

      මම කැළණි තිස්ස ගහේ රදවලා තිබ්බ කෙක්ක අරං මල් අතු එකක් දෙකක් කඩන්න ගත්තා.

      "ඔයා දිගට ඇන්දම ලස්සනයි." මට කොහේ තිබ්බ එකක් කියවුනාද මංදා.

      "ඇයි වෙනදට මම කැතද?"

      "නැහැ මම හිතුන දේ කිව්වේ."

      "මතකනේ ඔයාට මම ගැන අයිතියක් නැහැ කිව්වා. ඒ නිසා ඔයා ඒවා ගැන වද වෙන්න එපා අයියේ." නංගි සංසුන්ව ඒ ටික කිව්වත් මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනේ.

      Delete
    5. දැන් මාස ගානක ඉදලා මගේ ඇගේ එල්ලෙන්න හදලා මම පොඩ්ඩක් අනුකම්පා කරාම මට මෙහෙම කරනවා. ගෑනු නම් හරි පුදුමා කාරයි.

      එතනින් පස්සේ අපි කතාවක් නැතුවම මල් ටික කඩාගෙන ගෙදරට ගියා.

      පන්සලට යන්න උනේ මාමන්ඩිගේ වැන් එකේ.ඉස්සරහා මාමන්ඩි නැන්දමයි. පස්සේ ඉස්සරහම සිට් එකේ මායි නංගියි වයිෆුයි. තව අපිත් එක්ක යන්න ගෙවල් ලග 4 දෙනෙකුත් ආවා.

      සිට එකේ ජනේලේ පැත්තේ නංගි මැද මම මට එහා පැත්තේ වයිෆ්.

      අද මේක ලියාගන්න බැහැ ඉතිරි ටික හෙට ලියල දාන්නම්.මම දැන් ගෙදර යනවා.

      මෙතනින් පස්සේ ටික මම ලියන්නේ 15 වෙනිදා උදේ.

      වැන් එකට නැග්ග වෙලේ ඉදං නංගි මගේ ඇගට බර වෙලා හිටියේ. ටිකක් දුර යනකොට නංගි මගේ අත අතගාන්න ගත්තා. එයා හිටියේ අත් දෙක බැදගෙන. එහෙන් හිමට මගේ අත අල්ල අල්ල ආවේ.

      මම එහාට උනෙත් නැහැ නවත්තන්න හැදුවෙත් නැහැ එහෙමම පන්සලට යනකන්ම ආවා.පන්සලේදී අපි මල් පහන් එහෙම පුජා කරා. ටික වෙලාවකින් මගේ ෆෝන් එකට ටෙක්ස්ට් එකක් ආවා. නංගි මට කාර් පාරක් එක ලගට එන්න කියලා. මේ වෙලේ වයිෆුයි දෙමව්පියෝයි මළුවේ ඉදගෙන වන්දනා කරනවා.

      මම පඩිපෙල් ටික බැහැගෙන වෑන් එක ලගට ගියා. නංගි වෑන් එක පිටිපස්සේ. මමත් ඒ පැත්තට ගියා.

      " ඇයි එන්න කිව්වේ?" මම ඇහුවා.

      නංගිගේ ඇස් ගිනි ගන්න බව මට පෙනුනා. මට හිතන්න වත් වෙලාවල් ඉතිරි නොකර නංගි මගේ පැත්තට ඇවිත් බෙල්ල වටේ අත් දෙක යවලා මගේ තොල් වලට කිස් කරන්න ගත්තා.

      බෙල්ලේ එල්ලුන පාර මාව පිටි පස්සට තල්ලු වෙලා වෑන් එකට තද උනා. එයගේ තොල් පිස්සුවෙන් වගේ මගේ මූණ පුරා දිව්ව.මම නංගිව කිටිකිටියේ බදා ගත්තා.අපේ තොල් එකට ඇලුනා.නංගිගේ දිව මගේ දිවේ පැටලිලා වෙලෙන්න ගත්තා.කොච්චර වෙලාවකටද පස්සේ දන්නේ නෑ මම නංගිගේ තොල් වලින් ගලවිලා හුස්මක් ගත්තා.

      මම නංගිගේ ඇස් දෙකට එබුන.ඒ ඇස් වල ආදරෙත් ආසවත් උතුරල ගැලුවා.මම නංගිගේගේ කම්මුයි තොලුලුයි ඇඟිලිතුඩු වලින් පිරිමැද්දා.

      නංගි මාව ආයේ කිස් කරන්න යද්දී දැන් යමු නේද කියලා මම නැවැත්තුවා.

      නංගි දැම්ම බැහැ කියලා මගේ පපුවට හේත්තු උනා. අපි දෙන්නගේම පපුව ඩිග් ඩිග් ගානවා. වටේම රහයියෝන්ගේ සද්දේ. අපේ තනියට හිටියේ හද එලිය විතරයි.

      "දැන් යමු.අක්කාවත් අපිව හොයන් එයි." මම විනාඩි 5කට විතර පස්සේ කිව්වා.

      "ඉතින් ආපු දෙන්"

      "ඔයත් එක්ක ඉදලා මටත් පිස්සු හැදෙනවා." මම කිව්වා.

      “අයියා.ඇත්තටම මම ඔයාව පිස්සු කරලද ?.මම කරන්නේ වැරැද්දක් ද ?” නංගි ෆුල් සීරියස් උනා.

      "වැරදි වෙන්න ඇති. ඒත් මේ පිස්සුවට මම ආසයි.ඒක නිසා ඒකේ හරි වැරද්ද මම හිතන්නේ නෑ.” මම කිව්වා

      ඔහොමම තුරුළු වෙලා අපි වචනයක් වත් කතා නොකර තව ටික වෙලාවක් හිටිය.

      "අපි කොහේ හරි ඇතකට ගිහින් ජිවත් වෙමු" නංගි කිව්වා.

      "මම දන්නේ නැහැ නංගි. මට ඕවා කියන්න එපා."

      එතකොටම වගේ මගේ ෆෝන් එකට වයිෆ්ගෙන් කෝල් එකක් ආවා. පහලට ඇවිත් දැන් පැය බාගයක් වගේ වෙලා. අකමැත්තෙන් උනත් අපි දෙන්නා තුරුලෙන් අයින් වෙලා පන්සල උඩට ගියා.

      "කොහෙද හිටියේ." වයිෆ් අපි දෙන්නව දැක්ක ගමන් ඇහුව.වයිෆ් හිටියේ ටිකක් මුණ ඇඹුල් කරගන.

      "බුදු ගේ චිත්‍ර බල බල හිටියා," පන්සල ඇතුලේ බොරු කියන්නත් උනා මට.

      නංගිගේ මුණ රතු වෙලා දිගටම බිම බලාගෙන හිටියේ, වයිෆ්ටත් තේරුනාද මන්දා වෙනස.

      අපි රැ 8ට විතර පන්සලෙන් ආවා. එද්දී මම වෑන් එකේ පස්සේ සිට් එකට ගියේ නංගිගේවත් වයිෆ්ගේවත් ඇස් දිහා බලන්න මට හයියක් තිබ්බේ නැති නිසා. පොසොන් පෝය දවසක මම මෙහෙම දෙයක් කරපු එක ගැන ලැජ්ජාවක් එන්න පටන් ගත්තා.

      ගෙදර ආපු ගමන් මම ඇග හෝදගෙන බයික් එකේ යාලුක්ගේ ගෙදර යනවා කියලා බොරුවක් කියලා ආව. මුල් කොටස ලිව්වේ පාර අයිනේ බයික් එක නවත්තන්.

      රැ 11ට විතර නංගිගෙන් ටෙක්ස්ට් එකක් ආවා. i love you අයියා කියලා. මම reply කරන්න ගියේ නැහැ. මම ආයෙත් ගෙදර යද්දී 12යි.

      මට ඊයේ රැ පුරාම නින්දක් නැහැ. මට හිතෙන්නේ මම කැවුම කෑවේ නැති උනාට එදා තේ එකට නංගි මොනා හරි දාලා දීලා. මොකද මේ දවස් දෙකේ මම වයිෆ්ගෙන් පුදුම විදිහට ඈත් වෙලා නංගිට ලං උනේ. මම හෙට මැණික්හින්නේ යන්න ඉන්නේ යාලුවෙක් එක්ක මේක ගැන බලන්න. මොකද මට වයිෆ්ට අසාදාරනයක් කරන්න බැහැ.

      මට උදෙත් ඔලුව අවුල් වගේ.

      Delete
  4. 2005ට කලින් ආතල් එකේ හිටපු ලංකාවෙ මිනිස්සුන්ට සංස්කෘතික කරෙක්ෂන් එකක් නිසා වෙච්චි දෙයක්!

    මට වඩා වයසින් බාල නංගිලා මල්ලිලාට ලියන වග නම්... (වැඩිහිටියන් මටත් වඩා අගේට මේ අත්දැකීම් විඳ ඇති බැවින්)

    2007 උසස් පෙළ කරපු මට හොඳටම මතක තියෙන දෙයක් තමයි ඒ දවස්වල හවසට රොටරියේ ක්ලාස් ඉවරවුනහම නුගේගොඩ හන්දියේ තිබුණු පැලස් හෝටලයට එකතුවෙන පාසල් යුනිෆෝම් ඇඳපු සිගරට් බලකාය.

    ක්ලාස් ඉවරවෙලා පාසල් යුනිෆෝම් එක පිටින්ම හෝටලේට ගිහින් මේසයක් වටේ ඉඳගෙන,

    "ගෝල්ඩ් ලීෆ් පහයි ප්ලේන්ටී පහයි" කියලා වේටර් මහත්තයට කිව්වහම එසැණින් සිගරට් පහයි ප්ලේන්ටී පහයි මේසෙට එන කාලයක්.

    එහෙව් කාලයක් 2008/09න් පස්සෙ ලංකාවේ තිබුනෙ නෑ. පාසල් යුනිෆෝම් ඇඳපු කොල්ලෙකුට කඩේ ඇතුළෙම ප්ලේන්ටී එකයි සිගරට් එකයි බීලා ගෙදර යන්න පුළුවන් කාලයක් ඊට කලින් තිබුනා.

    2007/08න් පස්සෙ මොකද වුනේ? හිංගලකමට ගරු කරන වෙස්මූණු රජාණන් කෙනෙක්ව බලයට ගෙනාවහම උන්නැහේ ඒක සිරා අරන් රජාට ඇන්දා. 21ට අඩු අයට දුම්පානය තහනම් කරලා සහ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කරලා ගෙනාපු නීති රීති මාරයි කියලා ඒ දවස්වල වැඩිහිටියන්ටත් හිතෙන්න ඇති.

    "Edit : කමෙන්ට් කියවලා ලියන කෑල්ලක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කළ එක හොඳයි. බස් වලත් ඉස්සර මිනිස්සු බොනවා, මළ කරදරේ. ගැබිණි මව්වරුන්ට එහෙම ඉතා අහිතකරයි. සිගරට් එක මෙතෙන්ට ගත්තෙ රජය විසින් විකුණන්න ඉඩ දීලා තියෙද්දි මිනිස්සු මිනිස්සු කාකොටාගන්න ප්‍රධාන භාණ්ඩයක් නිසා. ලිබරල් ආර්ථිකයේ මරු පිළිබිඹුවක් තමයි සිගරට් එක. ළමයි, සිගරට් බොන්න එපා. ඒක ඇඟට හොඳ නෑ. බොන අයට වද දෙන්නත් එපා ඉතින්. විකුණන්න තියෙනවා, වැඩිම බදු ආදායම දෙනවා. ඒවායින් අපිට නිදහස් අධ්‍යාපන දෙනවා, බෙහෙත් දෙනවා. (දෙනව නෙමෙයි "දුන්නා") හරි එඩිට් එක ඉවරයි."

    බැලු බැල්මට ඒවා පට්ට නීති. ඒත් ලිබරල් ආර්ථිකයක් තියෙන රටක එවැනි අවශ්‍යතා වලට වුවමනා රිප්ලේස් වෙන බව මේ රටේ පාලකයො දැනගෙන හිටියෙ නෑ. අනික තමයි ඇඩ්වර්ටයිසිං වල බලය. "21ට අඩු අයට" කියලා ලොකුවට දාපු ගමන් ඉස්කෝලෙ ළමයින්ට හිතෙන්නෙම ඒක කරලා බලන්න. මොකද උන් ආස නෑ තමන්ව පොඩියට පේනවට.

    ඒ නිසා මේ වෙනකොට ලංකාවෙ පාසල් දරුවො නැවතිලා තියෙන්නේ අයිස්, කුඩු, මාවා, ස්ටෑම්ප්, පිල්ස් ආදී මෙකී නොකී මත්ද්‍රව්‍ය ලෝකයක් මැද. ඒව පාවිච්චි කරන්නෙත් හොරට තැන් තැන්වල සෙට් වෙලා ඉතාම නරක විදිහට.

    නමුත් ඊට කලින් මිනිස්සු මානසිකව හරි ලිබරල්. එහා මේසෙ සර්ලා සිගරට් බොනකොට මෙහා මේසෙ ශිෂ්‍යයො සිගරට් බිව්වා. කවුරුත් උපදෙස් දෙන්න ගියේ නෑ. උපදෙස් දුන්නෙ ඉස්කෝලෙ ඇතුළෙදි විතරයි.

    ඔය රෝයල්, තර්ස්ටන්, මහානාම එකට ගියපු මගෙ පරපුරේ එවුන්ට මතක ඇති ඒ කාලෙ ඉස්කෝලෙ වෙලාවෙදි පවා රහීමා හෝටලේ තිබුණු දුම් ජාලාව. කවුරුත් හොර වැඩ කරන්න කියලා වෙනම කලර්ඩ් ඇඳුමක් අරගෙන ආවෙ නෑ. ඔක්කොම කරේ යුනිෆෝම් එකෙන්. පාසල් කාලෙ කියන්නෙ කුතුහලය තියෙන කාලයක්. එතකොට හැමදේම ට්‍රයි කරලා බලන්න ආසයි. හොඳ ද නරකද කියලා වැඩක් නෑ. පාසල් ළමයි එහෙම තමයි.

    සිගරට් නීතිය නිසා පාසල් දරුවන් දුම්වැටි වලින් ඈත් වුනා කියලද ඔබ හිතන්නේ? එහෙනම් දැන් දුම්වැටි වලින් රජයට පාඩු වෙලා තියෙන්න එපැයි.

    ඉතින් රටේ ජනතාව දුම්වැටි වලට ඇබ්බැහි නොවුනොත් ඉන් ලැබෙන බදු ආදායම රජයට ලැබෙනවද? ඒ නිසා අර වගේ නීති ගෙනාවට කවුරු කවුරුත් හැංගිලා බලාගෙන හිටියෙ පාසල් දරුවො ඒවට ඇබ්බැහි වෙනකම් තමයි. නැත්නම් ඕක එක සැරේ තහනම් කරලම දාන්න බැරියැ? මිනිස්සු හැමෝටම අහිතකරයි නෙ සිගරට්. මිනිස්සු හැමෝවම ඒක සැරේ බේරගන්න තිබුනනෙ.

    අපි බලමු ෆේස්බුක් එක දිහා...

    යොවුන් සහ තරුණ පරපුර හිතන්නෙ ලංකාවේ සංස්කෘතිය කියන්නෙ මහ හිරගෙයක් කියලා. ඒ නිසාම සංස්කෘතිය කියන නම ගෑවුණු ඕනෑම තැනකට පහරදෙන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. වටිනා දහමක් වෙච්ච බුදු දහමටත් ගැරහුම් එන්නෙ ඒ නිසා.

    බුදු දහමෙ නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ "ඊනියා සංස්කෘතිය" තුළයි. හොර දේශපාලුවො, හොර හාමුදුරුවරු, ඇබිත්තයො, බොරු උත්සව ගැන තියෙන පිළිකුලයි මේ එළියට එන්නෙ.

    නූතන ඊනියා සංස්කෘතික විප්ලවය ලංකාවට එන්නෙ 2005න් පස්සෙ. ඒ නිශ්චිත මොහොතේ බලය අල්ලන්න ගේම් ගහපු වාමාංශික පක්ෂ පවා ඒ ඊනියා සංස්කෘතිය නිර්මාණය කිරීම පිළිබඳ වගකීම ගන්න ඕන. (දැන් දන්නෑ වගේ හිටියට)

    ඒ වෙලාවේ බලය අල්ලන්න තිබුණු ලේසිම ක්‍රමය තමයි ටයිකෝට් ඇඳපු ලංකාවේ ලිබරල් පක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව සරම බැනියම අඳින, පෝයට බණ අහන දේශීය පින් ගොනෙක් බලයට ගේන එක. මැද මාවතේ සහ වාමාංශික හැමෝම එකතුවෙලා ඒක කරා ඉතින්. (වාමාංශිකයන්ට දැන් සැපද?)

    ඒකට මුල පිරෙන්නෙත් පියාණන් කෙනෙකුගෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. '77න් පස්සෙ ලිබරල් ආර්ථිකයක් එක්කම "ධර්මිෂ්ඨ සමාජයක්" ලබාගන්න ගිහින් ලංකාවෙ මිනිස්සු අනාථ වුණු අනාථවීම ජාත්‍යන්තර අනාථවීමක්. ලිබරල් ආර්ථිකයක් ඇතුළේ කොහෙද තියෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක්?

      ලිබරල් ආර්ථිකයකදී ලාබ මතනෙ ඔක්කොම පදනම් වෙන්නෙ. ඒ නිසයි සුබසාධන ව්‍යාපාර ටික රජය විසින් පවත්වාගෙන යා යුත්තෙ. මුන් ඒක කළේ අනිත් පැත්තට. සුබසාධන ව්‍යාපාර ඔක්කොගෙන්ම කොමිස් ගහන දුර්දාන්ත පාලනයක් ඇතිවුනා පුතාණෝගෙ පියාණන්ගෙ පාලනයෙන් පස්සේ.

      ඒ පියාණන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කරපු සංස්කෘතික බොරු නිසා ලංකාවෙම මිනිස්සු අනාථවුනා. 2005 මහ රජාණන්ගෙ ආණ්ඩුව කියන්නෙ පියාණෝගෙ ආණ්ඩුවෙම දිගුවක්. නරක දිගුවක්. ස්පීඩ් එක ඩබල්.

      '88/'89 කාලෙ කැලැන්ඩර් එහෙම තියෙනවනම් වැඩිහිටියන්ගෙන් ඉල්ලගෙන බලන්න. කාමුක ගෑණු ළමයි ඉන්න ලස්සන කැලැන්ඩර් ගෙවල් වල මහ සාලෙ මැදත් එල්ලලා තිබුනා. කවුරුත් ගෙහිමියාට උපදෙස් දෙන්න ගියෙ නෑ. ෆිල්ම් හැදුනා. වල් පත්තර තිබුනා... ලිබරල්.

      කැබරේ තිබුනා, ක්ලබ් තිබුනා, බොන්න තිබුනා. කවුරුත් උද්ඝෝෂණ එල්ලගෙන ආවෙ නෑ. ලිබරල් ඉකොනොමි කියන්නෙ එහෙම තමයි. එහෙම වුනහම තමයි රටේ සල්ලි සංසරණය වෙන්නේ. 2005න් පස්සෙ ඉතින් සංස්කෘතිකව මාරයි, ඒත් කන්නත් නෑ. සැපද? නැත්නම් ලැජ්ජ නැද්ද?

      '90 දශකයේ මැදදි පවා ලංකාවේ මිනිස්සු ලිබරල් මානසිකත්වයක හිටියා. වැව් වල, ගංගා වල නාන්න යන තරුණයො කලිසම ගලවලා යට ඇඳුම පිටින් නෑවා. බොක්සරුත් නෙමෙයි, ත්‍රිකෝණ හැඩැති නියම යට ඇඳුම් පිටින්. බොන එවුන් බීලා සින්දුත් කිව්වා.

      ඒත් ගමේ සෙට් එක එකතුවෙලා "අන්න පිටගමකින් ඇවිත් අපේ ගමේ අසැබි ලෙස හැසිරෙනවා යකෝ!" කියාගෙන උන්ට ගහන්න ආවෙ නෑ. එහෙම ආගන්තුකයින් සහ ගම අතර බෙදීම් ඇතිවුනෙත් රජාණන්ගෙ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා. ගමයි නගරෙයි මුන් බෙදුවා.

      ඉස්සර තාත්තලා ගෙවල් වල පාටි දානකොට "අමො අමො පොඩි ළමයින්ට එල්ල දෙල්ල එපා" ගාගෙන සංස්කෘතික රංගන දැක්වුවෙ නෑ. පොඩි එවුන් ළඟට ආවහම ඌටත් මූඩියට ටිකක් වක්කරලා දුන්නා. බඩේ අමාරු වලට හොඳයි කියලා. ඉතින් කොච්චර ලිබරල් ද? එහෙම වෙන්න එපැයි. ලොකු වුනහම පොඩි එකාට හොඳ නරක දෙකෙන් කැමති එකක් තෝරගන්න ඉඩදෙනවා මිස ඌට බැරියර් දැම්මෙ නෑ.

      ඔය ඔක්කොම අස්සෙ අපේ ඇඟට නොදැනී මරු වැඩ ටිකක් වුනා. ලංකාවෙ තරුණයො පැද පැද හිටපු ජපන් බයික්, ජපන් වාහන ටිකෙන් ටික වාෂ්ප වෙලා ඉන්දියන් බයික්, ඉන්දියන් වාහන, ඉන්දියන් නාට්‍ය, ඉන්දියන් සින්දු, ඉන්දියන් ෆැෂන්, ඉන්දියන් ඉන්දියන් ඉන්දියන් වෙලා ඔක්කොම ඉන්දියන්ම වුනා.

      අර "ඔයා ඉල්ලෙ ලෙතු කැල් පියල්" කියලා ගායකයන් දෙමලානුකරණය එන්නෙත් ඒවායේ දිගු හැටියට තමයි. ඒව දිග කතා.

      කොහොම හරි ලියන්න කම්මැලි වේගන එන හින්දා,

      '70, '80 දශකවල කොට ගවුම් ඇඳගෙන, මඟින් හම්බවෙන රත්නෙ අයියගෙ බයිසිකලේ මැදපොල්ලට බරවෙලා රවුම් ගහපු, ඒත් තමන්ගෙ සීමා දැනගෙන ආදරේ කරපු, පවුල් හැදුවට පස්සෙ අම්මලාගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ලංකාවෙ කාන්තාවන්ට සිදුවුනෙත්,

      මේ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා අනාථ වෙන්නම තමයි.

      නැවැත්තුවා. ලියන්න කම්මැලියි. ලිව්වා කියලා ඉතින් මේක ආයෙ හැදෙයි කියලය!

      කට උල් කරලා,

      "මුනුවද අප්ප මේ? හ: රටවල්ද? ඒ...ව්!"

      Delete
  5. මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

    මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.

    ReplyDelete