Tuesday, August 24, 2010

රම්බා විහාරය

රම්බා විහාරය

තියෙන්නෙ:හම්බන්තොට දිස්ත්‍රික්කයෙ..අම්බලන්තොට ඉඳල ඇඹිලිපිටි යන්න තියෙන නෝන ගම පාරෙ කිලෝමීටර 5-6ක් ගියාම..

බලන්න තියෙන්නෙ:නටඹුන්....වර්ෂ දහස් ගනනකට එපිට ඉතිහාසයකට අයිති පරම්පරා ගනනක නෂ්ටාවශේෂ..දැනට දකින්න තියෙන්නෙ නම්..වර්ශ 1500කට එපිට ඉතිහාසයකට අයිති හඳුනා නොගත් ගොඩ නැගිලි කීපයක් විතරයි..කැනීම් කරල තියෙන්නෙ බෝම ටිකයි....

මේ නටඹුන් අයිති කාටද??:මෙතනදි කියන්න තියෙන්නෙ ඒ කාරනාව නම් තාම හරියට කවුරුත් දන්නෙ නෑ...ඒත් මේ කියන්නෙ අනුරාධපුරයටම සමාන්තරව රුහුනෙ තිබුනු වෙනත් ශිෂ්ඨාචාරයක් කියල තමා ගොඩක් විද්වත් අයගෙ අදහස වෙන්නෙ...දුටුගැමුනු පරම්පරාවෙ ඉඳල පොලොන්නරුව රාජධානිය අවසාන වෙනකල් කාලයට අයිති නටඹුන් ගොඩක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙ දකින්න තියෙනවා...

ඇයි මේව හැන්ගිලා තියෙන්නෙ:මොකද ජනප්‍රිය නැත්තෙ...අනුරාධපුරයෙ ඉඳල කෝට්ටේ දක්වා වන අපේ ජනප්‍රිය ඉතිහාසෙ අපිට ඉගනගන්න ලේසි වෙලා තියෙන්නෙ ස්ථාවර ලිඛිත සාධක ගණනාව තියෙන නිසා..සින්හලෙන්ම කිව්වොත් වන්ශකතා,,වෙනත් සාහිත්‍ය කෘති හරහා අපිට ඉතිහාසෙ ගැන දැනගන්න පුලුවනි..ඒත් මේ රම්බා විහාර භූමිය සතුව තියෙන නටඹුන් ගැන තියෙන ලිඛිත සාක්ෂි බොහොම අඩුයි..එක්කො එව්ව අපේ යටත් විජිත සමයෙ නැති වෙලා යන්න ඇති නැත්නම් එහෙම වන්ශකතා ලිවීම් මේ ආශ්‍රිතව සිදු නොවෙන්න ඇති...ඉතින් කිසිදු ලිඛිත මූලශ්‍රවලින් තොරව කැනීම් කලාට ඒ හමුවෙන දේවල් නිගමනය කිරීම බොහොම අමරුයි....

සංරක්ශනය හෙම කෝමද දන්නෙ නෑ; මම ගියේ මීට අවුරුද්දකටත් කලින් එතකොටනම් විහාර භූමිය නම් හොඳ ට තිබුනා...ගොඩාක් තැන් කැලෙන් වැහිලා..දැනට මුලු ප්‍රමාණයෙන් 5%ක් වාගෙ ප්‍රමාණයක් තමා කැනීම් වෙලා තියෙන්නෙ..ඉතිරිය පොලොව යට තමා....ටික දුරක් කැලේට ඇවිදන් යද්දි අපිට එලවලු වගා කරන ගොවි මහත්වරු හමු උනා..ඔවුන් වගා කරන්නෙ පුරා විද්‍යා සාධක උඩම වෙන්න ඕනි..

ඉතින් අපිට මොකටද ඔව්ව:කතරගම සහ හම්බන්තොට යනකොට හුම්මානය,උස්සන්ගොඩ,තිස්සමහාරාම වාගෙම ඓතිහාසික වැදගත්කමක් තියෙන රම්බා විහාරය ඔයලගෙ ඩවුන් සවුත් ට්‍රිප් එකට අලුත් දෙයක් එකතු කරයි මගෙ හිතේ...

මොනවද ගෙනියන්න ඕනි..;ඉස්සෙල්ල කියන්න ඕනි මේක ඇවිල්ල අඩියක් ගහල ෆන් එකක් ගන්න සුදුසු තැනක් නම් නෙමෙයි..ඓතිහාසික විහාරයක්..ඒ වාගෙම ඔයාල අරන් යන කෑම වල, අනෙක් දේ වල් වල, ඇසුරුම් අයින් කරන එක ඒ ස්තානයෙ දැනට වැඩවාසය කරන ස්වාමින්වහන්සෙලාට බාර දීල එන්න තරම් කුහක වෙන්නත් එපා....

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...