Tuesday, April 26, 2011

හෙලෝ මම මේ නව එකක් (Hello I am a new one)

කෝල් කරන්න යි තොඳොල් වෙන්නය්
බැනුම් අහන්නයි තරහ වෙන්නයි...
හීන දකින්නයි සැබෑ නොවෙන්නයි
තවත් නොම්බරයක් මට යලි හමුවෙන්නයි
මා පතන්නේ..

අපායෙ කැලැන්ඩරේ කෙල්ල වෙයිද මන්දා..
කටින් මුලු ලෝකය සක් කරයිද මන්දා...
නිකම්ම නිකන් තවත් ඉන්නට බැරි හන්දා...
මම ආයෙ ම අර පෙර ගොනාව බැන්දා
ෆෝන් එකෙන් ෆෙමකට සැට් වූවා....

අනාගතේ ගැන නම් නෑ තවත් හිතන්නේ...
හිතුනත් කිසිදා නෑ මේව කර ගහන්නේ...

කියල වීරය වගෙ සෙට් වෙලා,,කාලෙකින් හි‍තෙන්නේ..
අනේ මේකත් කිසි අවුලක් නෑ කියලා...

මේ වගෙ අවුල් තියෙන උනුත් බැඳල ඉන්නේ..
කියාලා...



Friday, April 8, 2011

චුල්ල පදුම Jathakaya


අපි ගොඩක් අය අහල තියෙන සි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ංදුව කෑල්ලක් තමයි ....
එදා චුල්ල පදුම රජතුමාගෙ....කියල තියෙන්නෙ...
කතාව සරලව මෙහෙමයි...
රජතුමාට කුමාරවරු 7 දෙනයි....දවසක් මහ රජ සී මැදුරු කවුලුවෙන් එලිය බලනකොට ‍කොට පේනව මේ හත් දෙනා සේනාව පිරිවරන් රාජ සේවයට එන ආකාරය..දැකල රජතුමා බයවෙනව තමන්ගෙ රාජ්‍යය මේ කුමාරවරු පැහැරගනීද කියල..කුමාරවරු වහාම රැස්කරවන රජතුමා වහා නොපෙනෙන ඈතකට පලා යන්න කියල රජතුමා රාජ අණ නිකුත් කරනව..මෙතෙක් බොහොම යසට හිටපු කුමාරවරු තමන්ගෙ තිබුන සියලුම සේසත හැරදමල තමුන්ගෙ කුමාරියොත් එක්ක බොහොම අකමැත්තෙන් පියරජගෙ රාජධානියෙන් නික්මෙනව..ඒත් ඒ කුමාරවරු යලි පැමිණිදාක යහතින් ජීවත් වෙන්න ඕනා කරන වස්තුව නිදන් කරල ඒ වස්තු සම්භාර තිබෙන් තැන් මේ හැම කුමාරයෙකුටම පෙන්නන්න මහ රජතුමා පසුබට උනේ නෑ.ගියාට මොකද මේ අයට හමු වෙන්නෙ මහ නිරුදක කාන්තාරයක් කාන්තාරයේ පේනමානෙක බේතකටවත් ඔටුවෙක්වත් හොයාගන්න බැරි උනා..
ආහාර ප්‍රශ්ණය බොහොම තදින් දැනුන...
පස්සෙ බෙ‍ාහොම අකමැත්තෙන් වුනත් කට්ටිය එකතුවෙල බාලම කුමාරිව මරල බෙදාගෙන කෑව...ඇයි බාලම කුමාරයට තමන්ගෙ කෑල්ල මුලින්ම අහිමි උනේ කියල නම් හිතාගන්න බෑ...
එතකොට වැඩිමහලු කුමාරය තමයි පදුම...පදුම කුමාරය තමුන්ට ලැබුන මිනීමස් කෑල්ලෙන් කොටහක් ලුනු දමල අරන් තියා ගත්ත. ඉතින් ඊළඟ දවසෙත් කෑමට යමක් හෙ‍ායාගන්න මේ අයට බැරි උනා..එදා දෙවැනි කුමාරයගෙ බිරින්දෑ ගෙ මා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ංස අනික් කුමාරවරුන් ගෙ බඩගින්න නිව්වා...එදත් පදුම කුමාරය කොටහක් තියාන අනිත් කොටහ කෑව.. ඔහොම යනකොට වැඩිමහල් පදුම කුමාරයගෙ කුමාරිය මැරෙන්න ඕනා දවස උදා උනා...
එදා අර පදුම කුමාරය ලුනු දමල අරන් තියාගතපු මස් ටික තමුන්ගෙ සහෝදරයින්ට දීල කුමාරිකාව බේර ගත්ත..ඒත් ඒකාන්තයෙන්ම ඊළඟ දිනයෙ තමුන්ගෙ සහකාරිව බිල්ලට දෙන්න වෙන බව සහසුද්දෙන්ම දැනගතපු අපේ පදුම කුමාරය කාටවත් නොදනෙන්න බෝම හොර රහසින් තමුන්ගෙ බාරියාව උන කුමාරිත් එක්ක රෑ පානෙ කලුවරේම පිටත් වෙනව..එහෙම යනකොට මේ කුමාරිට පයින් යන්න බෑ කීවම ‍අනේ මේ පදුම කුමාරය මේ කුමාරි බෝම අමාරුවෙන් කර තියාගෙන යනව..මේ කාලෙ වෙනකොට දැන් වාගෙ යාන වාහන කොල්ලටයි බල්ලටයි තියා උන් නාන්සෙලටවත් තියෙන්න නැතුව ඇති..නැත්නම් රාජ්‍යයට හිමිකම් කියන කුමාරයෙකුට කුමාරියෙකුත් කර තියාගෙන යන්න වෙන එකක් නෑ නෙ..
ඉතිං ඔහොම යනකොට මේ කුමාරිට තද පිපාසාවක් ඇතිවෙනව..කුමාරය පුලුවන් හැම වෙර වීරියක්ම යෙදුව තමුන්ගෙ කුමාරිගෙ පිපාසාව සංසිඳවන්න ඒත් ඒ වැඩේ හරිගියේ නෑ...කුමාරිත් මේ කුමාරයට බොහොම කරදර කරනව මේ පිපාසාව ගැන කියල..
තවත් හිත හිත ඉන්න එකේ කිසිම තේරුමක් නෑ කියල අවබෝධ කරගත්ත පදුම කුමාරය තමුන්ගෙ උරය (‍අතේ බාහුව ) පලල ,,එන රක්ත‍වර්ණ රුධිරය මේ කුමාරිගෙ පිපාසාව වෙනුයෙන් දෙනව..බොහොම වේදනාවෙන් යන කුමාරයට ඔහුගෙ පින් මහිමෙට වාගෙ ගඟක් හමු වෙනව..ඉතින් මේ ගඟ ළඟින් පැලකුත් අටෝගෙන මේ ‍‍ජෝඩු‍ව පලවැල බුදිමින් ඉන්නව..ඒ අතරෙ මම හිතන්නෙ අර උරේ තිබුන තුවාලෙත් හොඳ වෙන්න ඇති මයෙ හිතේ...
මේ ග‍ෙඟේ උඩ හරියෙ තියෙනව රාජධානියක්..ඉතින් බොහොම බරපතල විදිහෙ හොරකමකට වැරදිකරු උන සොරෙක්ව දඬුවමට ලක්වෙනව මේ රාජධානියෙදි..දඬුවම තමා අතපය හතර කපා දමා ගඟට දැමීම..මේ අතපය සිඳලූ සොරා වතුරෙ ගහගෙන යනව දකිනව මේ පදුම කුමාරය..වහා ක්‍රියාත්මක උන මේ පදුම කුමාරය මේ අතපය හතර නැති කොටාව බේරගන්නව...මහ විසාල තුවාල හතරකින් ලේ පෙරෙන මරු විකලෙන් කෑ ගාන මේ සොරා බේරගන් මැදිහත් වීම ගැන ඒ වෙලාවෙනම් කුමාරිකාව පොඩ්ඩක්වත් කැමති උනේ නෑ...කුමාරය කොරා ගැන අනුකම්පාවෙන් බෙහෙත් කරල අර තුවාල සනීප කරනව..ඒ කුමාරයගෙ මහා කරුනාව නිසා කොරා නොහොත් සොරා ජීවිත දානය ලැබුව..කොරාගෙ අතපය හතර නැති නිසා පදුම කුමාරය තමා මේ කොරාට ඕනා කියන කෑම බීම සපයන්නෙ..ඇඟට වෙන මාන්සියකුත් නැති දුක්වෙන්න ‍වදවෙන් මහ කාරනාවකුත් නැති කොරා බෝම සනීපෙට ලස්සනට හැදෙනව..ඒත් ‍අපේ පදුම කුමාරයට නොවිඳි දුක් විඳල ඵලවැල හොයන්න උන නිසා එයාගෙ රූපෙ සිරිය ටිකින් ටික අඩුවෙන්න ගත්ත..
ඔය අතරෙ මේ කුමාරිකාවට ,.අතපය නැති උනත් බෝම ලක්ශනට ශරීරෙ සොබාව හැදීගෙන එන මේ කොරා සමඟ ලෝකරතිආශ්වාදයේ සිතක් පහල වෙනව..කොරත් ඉතින් පලපුරුදු සොරෙක් නිසා දෝ හෝ දැනටම බෝමයක් නැමිල තිබුන කුමාරිගෙ සිත වසඟ කර ගන්නව..
මේ දෙදෙනගෙ නව කතාවට පදුම කුමාරයා බාධාවක් වන බව වටහගතපු කුමාරි පදුම කුමාරයව කතාවෙන් අයින් කරන්න මායමක් යෙදුව..
කුමාරයනි ඔබට මතකද අපි මෙහි පලා එනවිට අපි අමාරුවෙන් තරණය කල පව්ව...එහි වූ භූමි දර්ශන ඉතාම චමත්කාරජනකය් නේද??
ආදී බස් කියා රවටා ලූ කුමාරයා එකී උස් පව්ව වෙත රැගෙන ගොස් එයින් පහලට තල්ලු කර දැම්මා..
කුමාරයා සැනින් ඉවර යයි සිතූ කුමාරි යන්නට යන්න ඇති ඒත් කුමාරය ඉවරම උනේ නෑ..
පර්වතයෙන් වැටුන මේ කුමාරය කෙලින්ම වැටෙන්නෙ විසාල කටු රහිත දිඹුල් ගසක අතුපතර උඩට..
ගහ මහ විසාල එකක් වූ නිසා කෙතෙක් හෙව්වත් ඔහුට බහින්න තැනක් හොයාගන්න බැරි උනා..දිඹුල් ගෙඩි කමින් දිවි සරි කරගන්නත් පුලුවන් උනා..ඔය දිඹුල් ගහේ දිඹුල් කන්න එනව තලගොයෙක් කුමාරය දැකපු තලගොයා බොහොම බයවෙලා පස්සට පනිනව..පස්සෙ පැන්න ඒ තලගොයා බොහොම ටික වෙලාවකින් මේ කුමාරය එක්ක යාලු වෙනව...ඉතිං මේ තලගොයි හාමිගෙ පිහිටෙන් කොහොමහරි අපේ කුමාරයට බිමට බැහැගන්න පුලුවන් වෙනව..
බැහැල ඔහොම ඇවිදගෙන යනකොට හමුවෙනව ඔහුගෙ පියරජතුමාගෙ රාජ්‍යය..මේ රාජ්‍යය එතකොට අරාජික ඒ කීවෙ රජෙකු නොමැති තත්වයට පත්වෙලයි තිබ්බෙ..මොකද එතකොට මේ කුමාරයගෙ තාත්ත රජ නොහොත් පිය රජතුමා මිය පරලොව ගිහින්.. ඇමතියො එකතුවෙල සුදුසු රජෙකු තෝරා පත්කරගැනීමේ ගැටලුව පිලිබඳ සාකච්චා කරමින් තමා හිටියෙ මේ වෙලාවෙ..
ඔය අතරෙ ‍අපේ ‍කුමාරය ගිහිං වස්තුව තියෙන තැන් හෙම බෝම ලක්ශනට පැහැදිලි කරල තමුන්නැහෙගෙ උරුමෙ පෙන්නල රජකම ලබාගෙන බොහොම දැහැමින් රාජ්‍ය කරගෙන යනව...

පිංවතුනි මේ මනුස්සය පුලුවන් කාලෙ බොහොම හොඳින් මට සැලකුව දැන් මුන්දැට උන නස්පැත්තිය නොවෙන්න අපි බොහොම හොඳට කාල ඇඳල ඉන්නව..මුන්දැට ඒ අනතුරින් පස්සෙ එක අතපයක්වත් ඉතිරි උනානම් මහත්තයො දැන් මේ කරන කුජීත රස්සාව උනත් බොහොම යසට කරගෙන යන්න තිබුන..මුන්දැ කරතියාගෙන ඇවිදලම මගේ හතර හන්දිත් රිදුං දෙනව මහත්තයො ..රෑට ටිකක් කකුලක් අතගාගන්න කියලවත් අතපයක් කෝ !!!එහෙමට තියා ඇම්මක් ඇතිවෙල හිටං කකුලක් අතපයක්වත් අතගාගන්න උනොත් මුන්දැට ඒකටවත් අතක් පයක් නැහෙනෙ මහත්තයො.මහත්තයො දැං මේ වගේ ටිකක් ජීරනේ වෙල තිඋනාට මේ ස්ත්‍තිරී මාංසෙ කුලියට දුන්නොත් නං මට බොහොම යසට කාල ඇඳල හිටිය හැකි..ඒත් ඉතිං මේ තමුන්ට ඇහැක් කාලෙ තමුන්ගෙ ඇහැක් වාගෙ මාව බලාකියාගත්ත මුන්දැ ට අතපය නොතිබුනාට තියෙන පපු කැවුත්තට මම කෝමද නෝන මහත්තයො ඒ තරං ගින්දරක් දෙන්නෙ...
කියල මහ අදෝනාවක් කියාගෙන කොරෙකුයි කොරා කරපිටින් තිබාගෙන  මනා රූපෙන් හෙබි ගෑනු පරානෙකුයි එහෙ මෙහෙ සැරිසරනව...නොහොත් හිඟාකමින් යනව..බොහෙ‍ාම යසට කතාව කියන නිසාත් ඇස් ගෙඩි දෙකට පේන්නම කොරා ඉන්න නිසාත් මේ දෙන්නට හිඟමන් වලින් නම් ‍එහෙමට මදි පාඩුවක් උනේ නෑ..
ඔය අතරෙ යම් කාරුණික මනුශ්‍යයො පිරිසක් මේ අයට පදුම රජතුමාගෙ දන්සැල් ගැන දැනුම් දෙනව...පදුම රජත් මහා කරුණාවෙන් දුගි,මගී,යාචක,දුප්පත් වා‍ගෙ අය මහ පිරිසට දන්සැල් මහ ඉහලින් පවත්වනව...දැන් වාගෙ සැප වාහන වලිං බැහැල,,හෙලු වස්තර ටික මහා කරුනාවෙන් මහා පෝලිං වල ඉන්න අසරන ජනයට පෙන්නල, අනුහස් බලෙං වාගෙ වාහනෙටම කෑම ටික ගෙන්නං ගෙදර ගෙහුං බල්ලට දෙන්නත් දන්සලෙං පාර්සල ගෙනියන  මේ කාලෙ  මොඩර්න් හිඟන්නො ගැන නම් ජාතක පොතේ නෑ...
ඒ උනත් මේ පෝලිමේ ඒ කීවෙ පදුම රජගෙ දන් පෝලිමෙ නම් මුලිං තැනෙක මේ ජෝඩුව උන්න...
ඉතිං මුලිංම තමන්ගෙ අතින් දන් බෙදා දීල ඉතිරිය අනෙත් අයට පවරල ආයෙම මාලිගාවට යන අතරමඟ යනකොට රජතුමා මේ ‍ජෝඩුව දකිනව..ඉතිං රජතුම නම් දැකපු ගමන්ම අදුන ගත්ත මේ තමුනගෙ කලිං හිටපු ,,තමාව කොරා නිසා හෙලකින් පහලට හෙලූ ,, කුමාරිකාව කියල..
ඒත් සද්ද නැතුව කිට්ටුවට ගියා ගිහිං මේ ගෑනි කියන රෙකෝඩ් එක හොඳින්ම අහල දැනගත්ත..
ඊට පස්සෙ ආ එහෙමද කියල අහල මේ කුමාරිකාවගෙ මව පියා විවාහ වූ අයගෙ විස්තර ආදි දේ කිව්ව...
පස්සෙ මේකෙ මුල් කතාව නොහොත් කුමාරයගෙ කතාව දැනගෙනහිටිය ඇමතිවරුන‍ට තමුන්ගෙ කලිං හිටපු කුමාරිකාව ‍හඳුන්වල දෙනව..
මේ කතාව බුදුන්වහන්සේ දේශනා කරන්නේ ස්ත්‍රියක පිළිබඳ වූ සිත නිසා බණදම් අමතක කොට සිත එකලාසයක් කරගැනීමට නොහැක් වූ භික්ශුවක් අරභයා වෙයි..
මේ කතාවේ එන කොරා දේවදත්ත ස්ථවිර බවත් කුමරිය චිංචිමානවිකාව බවත්,,තලගොයා ආනන්ද තෙරුන් බවත් කියා පූර්වාපර සන්දි ගලපා කථාව නිමා කලා...
කොච්චර උනත් එතෙක් රහත් නොවුන එතන දම්සභා මන්ඩපේ ඉඳං කට ඇරං ඉස්සරහිං ම හිටපු ආනන්ද ස්ථවිරට නම් පොඩ්ඩක් අවුල් යන්න ඇති මේ තලගොයා කියල කියපු කතාවට...

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...