Tuesday, January 29, 2013

බ්ලොග් වරුණාව (fuxiano fulancies blogosphere)


පුකේ අමාරුවT කියන්නෙ බොහොම දුර ඈත කිචිකිස්ථානය කියන රටක බ්ලොග් එකක්..ඒ බ්ලොග් එකට වසර තුනක් පිරීම නිමිත්තෙන් ඒ බලොග් එකේ අයිතිකාර ෆුක්සියානෝ ෆලන්සි කියන ජනප්‍රිය බ්ලොග් කරුවාව ඒ ඈත රටේ ජනප්‍රිය කොෂ් රේඩියෝ එකෙන් ඉන්ටවිව් කරලා තිබුනා..ෆලන්සි කියන්නෙ විවිධ මාතෘකා යටතේ විශාල ලිපි ප්‍රමාණයක් දාපු කෙනෙක්...අපි බලමු එතුමා කියන්නෙ මොනවද කියලා..මේ ප්‍රශ්න අහන්නෙ ටිංකිරි ධර්මදාස කියන ආධුනික මාධ්‍ය කරුවෙක්...

ඔබ කොහොමද පුකේ අමාරුවTM පටන් ගත්තෙ..
මං කලිං බ්ලොග් ලිව්ව කෙනෙක් නෙමෙයි..බ්ලොග් බැලුවා බ්ලොග් වල කමෙන්ට් කරනකොට අයියලා..මට ආරාධනා කලා අලුත් බ්ලොග් එකක් පටන් ගන්න කියලා.. අයියලා කිව්වට සමහර අක්කලා තමයි මට පුකේ අමාරුවTM සාර්ථකව පටන් ගන්න අවකාශ ලබලා දුන්නෙ. මුලින්ම පුකේ අමාරුවTM පටන් ගන්නකොට ඒකට දාන්නෙ මොනවද කියලා හිත හිත හිටියෙ.. ඒත් පස්සෙ නොදාන්නෙ මොනවද කියලා මට හිතාගන්න බැරිවුනා.. ඉතිං මුල් දවස්වල පටන් අරගෙන මොකුත් නොදා ඉන්නකොට නංගිලා ඇවිත් අහනවා කෝ අයියෙ පී. අමාරුව ඇරඹුනා පමනද කියලා..ඒ අතර මගේ යාලුවො ඇවිල්ල අහනවා කො ්ෙතාගෙ පුකේ අමාරුවTM තාම නැද්ද කියලා..

ඇත්තටම පුකේ අමාරුවTM ඒතරං ලස්සන නමක් නෙමෙයි ඔබ ඇයි පුකේ අමාරුවTM කියන නම ඔබේ අඩවියට තෝර ගත්තෙ?

මට අදහසක් තිබුනෙ නැහැ බ්ලොග් එකේ මොනවා දානවද කියලා.. ඉතිං මං මගේ යාලුවන්ට කිව්වාම මම බ්ලොග් එකක් පටන් ගන්න යනවා කියලා උන් කිව්වෙ.. ආ ඉතිං උඹට අර උඹේ මහලොකු බ්ලොග් වලට කමෙන්ට් දැම්මෙ නැත්තං උඹට නින්ද යන්නෙත් නැහැනෙ..කෝකටත් උඹෙ පුකේ අමාරුවTM හොඳ වෙන්නත් එකක් පටං ගනිං..අපිත් අැෙනා් ඇවිත් කුනුහබ්බයක් දෙක්ක කියාල යන්නම් කෝ.. කියලා යාලුවො මාව දිරිමත් කලා.. ඒ වගේම ඕනිම දෙයක් කරන්න අපි හේතුවක් නැතුව මාන්සි වෙනකොට ඒකට යාලුවො කියන්නෙ පුකේ අමාරුවTM කියලා..ඔන්න මං කාලයක් ලස්සන කෑල්ලක් මට කතා කර කර හිටියා අපේ බැජ් එකේ..ඒකිට කොල්ලෙක් ඉන්නවා..උන් හැමදාම වීකන්ඩ් එකට මීටුත් වෙනවා. මේ කෙල්ල එක්ක මාත් කතා කලා..කතාකරලා එක එක දේවල් වලට මාව කඩේ යවනවා...දවසක් කෙල්ලගේ ගෙදර මොකද්ද බ්ලෙන්ඩර් එකක කෑල්ලක් කැඩිලා..කෙල්ල මට ඒක දීල කෑල්ල හොයාගන්න පුලුවන්ද කියල ඇහුවා..මං කිසිම වග විබාගයක් නැතුව කෑල්ල පිටකොටුව පුරා හොයල හොයල ගිහිං දුන්නා..යාලුවො ඒකටත් ප්‍රසංසා කලේ “උඹටනං තියෙන්නෙ ලේසි පාසු පුකේ අමාරුවක් නෙමෙයි කිය”ලා..ඇත්තටම ඒක කිසි වැඩකට නැති වැඩක්..ඒත් කෙල්ලෙක් කියපු නිසා බෑ කියන්න බෑ වගේ ගතියක් එනව.

පුකේ අමාරුවෙ ආරම්භය ගැන සඳහන් කොලොත්..

බොහොම පොඩියට මුල් කාලෙ පටන් ගත්ත පුකේ අමාරුවTM පස්සෙ ගොඩක් දික් වෙන්න ගත්තා. මුල් කාලෙ අපි හැමෝටම ටිකයි කියන්න තියෙන්නෙ ..පස්සෙ තමයි ඒකට අනික් කාරණා එකතුවෙලා ලොකු වෙලා එන්න...ඉතිං මට හරි සතුටුයි මගේ කැම්පස් එකේ යාලුවො මාව දැක්කම කියනවා..”මචං පුකේ අමාරුවTM මේ සතියෙනං එල.. දිගටම කරං පලයං”..මේ උඹ මේ පුකේ අමාරුවTM අපි විසින් වර්ණනා කලාට උඩ යන්න එපා.. සමහර උන් බ්ලොග් ලියන්න ඇවිත් ටික කලකින් ලොකු වෙනවා..උඹ ඒ වැඩේ “පුකේ අමාරුවට කරගන්න එහෙම එපා.”.ඉතින් කෙල්ලොත් හරි ලැජ්ජාවෙන් “ෆලන්සි මේ ඔයාගේ පී අමාරුව මාත් කියෙව්වා..අනේ..පී අමාරුව ඔයාමද ලියන්නෙ...”කෙල්ලො පී අමාරුව කිව්වෙ..පුකේ අමාරුවTM කියන්න ලැජ්ජ නිසා වෙන්න ඇති.. කෙල්ලන් ගෙඩාක් ආස වුනා මගේ වලං දැට්ට කියන ටැග් එකෙං ගිහපු පෝස්ට් වලට.උංට උයන්න බැහැ..උයන්න පුලුවං නං කැන්ටිමෙ ලුනු නැති වතුර පරිප්පුව කයියැ..ඉතිං උං අපි හොස්ටැල් එකෙ ගෙදර උයන ඒවා දැකලා පුදුම වෙනවා..

ඇත්තටම ඔබේ වලං දැට්ට කියන ටැග් එකෙන් ගියපු පෝස්ට් හරිම ජනප්‍රිය වුනා.. මේ ලඟදි අපේ ආච්චි කෙනෙකුත් ෆලන්සිගේ වලං දැට්ට ගැන සඳහන් කලා මතකයි..මං ඇහුවම ආච්චියෙ මෙච්චර රස පරිප්පු හදන්නෙ කෝමද කියලා ආච්චි .”පුතා හැමතිස්සෙම පේස්බුක් යන්නෙ නැතුව අර ෆලන්සිගේ පුකේ අමාරුවෙ තියෙන වලං දැට්ට ටිකක් බලනවා කෝ ..කෑමක් යසට හදාගන්නත් පිරිමි ලමයි වුනත් පුරුදු වෙන්න ඕනි” කියලා ආච්චි කිව්වා...ඇත්තටම ෆලන්සි මහත්තයා ඒ ගැන අමතක නොවන සිදුවීම් එහම අති නේද?

මේ වගේ රහස් කියලත් බැහැ අනේ මන්දා..වලං දැට්ට කරන්න කලිං තියෙන ලොකුම අවුල තමයි වලං හෝදන එක..වලං දැට්ට ලස්සන වෙන්න වලං හෝදන්න ඔනි හොදට නැත්තං පිංතූර කැත වෙනවා.. වලං දැට්ට කරනකොට එන අවුලක් තමයි සමහර එලවලු හොදට තැම්බුනාට පස්සෙ ලස්සන නැති එක..මේ ලගදි මම බෝංචි කරියක් හැදුවා වලං දැට්ට ටැග් එකට දාන්න.ඒක අතර මගදි මාර ලස්සනයි කරිය..බෝංචි කොළ පාටයි ලූනු කෑලිත් ලස්සනයි.. මං කලේ දඩස් ගාල බෝංචි කරිය බාල ඉවර වෙලා පෝන් එකෙන් පොටෝ එකක් ගත්තා.. කරිය තම්බගන්න පස්සෙ බැරියැ පොටෝ එක ගහගන්න එපාය.. ඒ වගේම සමහර අවස්ථාවල පොටෝසොප් එහෙමත් වැදගත් වෙනවා වලං දැට්ට කරගනෙ යන්න ගියාම. ඇත්තටම කෑම හදන හැටි කිව්වාට නෙමෙයි කට්ටියට රස වැටෙන්නෙ පිංතූර දැකලා..දවසක් කරවල සම්බෝලයක්(බැදුමක්) හදාගෙන පොලුත් එක්ක කන්න යනකොටම මට පිඟාන දැකලා හිතුනා මේක බ්ලොග් එකට දාන්න ඕනි කියලා..හුටා..මං කන්නෙ කරවලයි පොලුයි එක්ක බත් කියලා ලෝකෙට කියන්න බෑනෙ..ඒ පාර මම කලේ ගිය සතියෙ පොටෝ එකක තිබුන පරිප්පු කරියක් පොටෝසොප් වලිං කපලා අරං බත් එකට දාගත්ත එක...එච්චර පේන්නෙ නැහැ බත් සුදුපාටයි නේ.. පස්සෙ මාත් පොටෝ එක දිහා බලාගෙන පරිප්පුත් තියෙනවා කියල හිතලා බත් එක කෑවා..

ෆලන්සි මහතා කිසිම සැඟවීමක් නැතුව අදහස් ප්‍රකාශ කරනවා අපි එක්ක..අපේ කිචිකිස්ථානෙ බ්ලොග් අවකාශය දියුනු වෙන්න ෆලන්සි මහත්මයා බොහොම සහයක් දෙනවා එතුමාගේ රහස් කියලා..ඇත්තටම ෆලන්සි මහතා අධ්‍යාපනික අතිනුත් වැදගත් පෝස්ට් ගනනාවක් කරලා අපේ කිචිකිස්ථාන ජනතාවට ලොකු දැනුමක් දෙන්න උත්සාහ කලා..ඒවා එක දෙකක් ගැනත් සඳහන් කරමු නේද ෆුක්සි ෆලන්සි මහත්මයා?

මගේ ජනප්‍රියම අධ්‍යාපනික බ්ලොග් ලිපියක් වුනේ වැලි ගෑවෙන්නෙ නැතිව ජොකා අඳින්නෙ කොහොමද කියලා..ලියපු වටිනා ලිපියට..එතනදි බොහොම අය කකුල් දෙක හෝදලා පුටුවක වාඩිවෙලා ජොකා ඇඳලා තිබුනා.. සමහර අය දැන් හරිම සනීපයි කියල කමෙන්ට් කරලා තිබුනා.. තව අය ජොකා ඔලුෙවන් අඳින්න පුලුවන් කියලාත් කමෙන්ට ්කරලා තිබුනා..ඒකත් අලුත්ම ජාතියෙ සොයාගැනීමක්..කකුලෙ වැලි ගෑවෙන්නෙ කකුලෙන් ඇන්දොත් නේ..ඔලුවෙන් අඳින්න පුලුවන් විදියට ජොකා වැඩිදියුනු කලා නම් ඒත් හරි..ඒත් එක ඇනෝමහතෙක් බොහොම කරුනාබර පරුෂ වචනෙන් කියාල තිබුනා “ඔලුවේ ඉන්න උකුනො ඉකිලි අස්සෙ යාවි...*කෝ කියලා.”..ඇත්තටම ඒක එතුමාට තිබුන ගැටලුවක් වෙන්න ඇති.. ඒ වගේ වැදගත් අධ්‍යාපනික වටිනකම් ඇති දේව්ල් මගේ පුකේ අමාරුව ඇතුලෙ තිබුනා..

ගොඩක් දෙනෙක්ට තිබුන තව පස්නයක් තමයි අහුවෙන්නෙ නැතිව වැල තැටි හංගන්නෙ කොහොමද කියලා..මොකද ටිංකිරි මහත්මයා වැල කියන්නෙ සුවඳ හමන ජාතියක්..මොන විදියෙ හැංගුවත් සුවඳ පුරුදු අය හොයාගන්නවා.. ඉතිං අපි එ් ගැනත් පුකේ අමාරුවෙ කතා කලා.. මං කිව්වෙ වැල හංගනකොට ටීවි සෝකේස් එකේ..කොම්පියුටර් කාමරේ දාන්න එපා වැල කුස්සියෙන් ම තියන්න කියලා..වැල තැටිවල දාල ෆිජ් එකේ දැම්මහමත් ගොඩ කල් තියාගන්න පුලුවන් කම තියෙනවා.. එතකොටම ඒකෙ අදහස් දක්වපු ඇනෝ කොල්ලෙක් කිව්වෙ එයා වැල හංගන්ෙන ආච්චිගේ බණ තැටි අස්සෙ කියලා...ආච්චි දවසක් බණක් අහන්න තැටියක් දානකොට..ආහ් ඌහ් ඕ ෆාක්..ඕ ෆාක් ගාල සද්ද ඇහෙනවා ලු... ඒ පාර ඒ ලමයා දුවල ගිහිං ආනේ.. ආච්චි ඔය දාල තියෙන්නෙ අපායෙ දඩුවම් තියෙන තැටියක් නේ.. කියලා..තැටිය ඉල්ලගෙන..තියෙනවා.. ආච්චිගෙන් ඉන් පස්සෙ අලි වදේලු..”පුතේ අර අපායෙ තැටිය කෝ බං..ඒක ඊට පස්සෙ හොයාගන්න නැහැනේ” කියලා..

ෆලන්සි මහත්මයා පුකේ අමාරුවෙන් අයුතු ප්‍රයොජන ගත්තා කියලා රාවයක් යනවා කිචිකිස්ථාන බ්ලොග් අවකාශය අතර..? ඒ කිව්වෙ ෆුක්සි ෆලන්සි මහත්තයා ගෑනු ලමයිව ප්‍රේම කරලා රවටන්න හැදුවා කියලා චෝදනාවල් හෙ එල්ල වෙලා තිබුනා කාලයක්..

මේකෙනේ ටිංකිරි..මිනිස්සු හිතන්නෙ බ්ලොග් එකේ නම පුකේ අමාරුව..ඒකෙ තියෙන ෆලන්සි කියන්නෙ පුකේ වේදනාව හොදින් අදුනන හොද කෙනෙක් කියලා තියෙන වාක්කිය අනුව මට තියෙන්නෙ පුකේ අමාරුව විතරයි කියලා.. එහෙම නැහැ ආදරනීය පුකේ වේදනාව හදුනන බ්ලොග් කාරයෙක් වුනාට මට අනික් වේදනා හෙමත් දැනෙනවා.. ඉතිං ඒ අසුවල් තැනට අවශ්‍ය හැම වේදනාවටම විසඳුම් අපිට ඔන්ලයින් ලබාදෙන්න බැහැ.. දවසක් නංගි කෙනෙක් මට මේල් එකක් එවලා තිබුනා..

අයියේ බුකියෙ ඉන්න ෆෙක් එක්කෙන් වෙන පලුකයියා එක්ක මම යාලුවෙලා මාස අටක් වෙනවා.. අපි දෙන්නාම ගොඩක් හොඳට මෙච්චර කාලයක් හිටියා..ඉතිං අපි බඳින්න කියලා කේන්දර බැලුවාම පලුකයියා අයියාට තියෙන්නෙ මෝර ලිංගයක්ලු..මට තියෙන්නෙ කකුලු යෝනියක්ලු..මෝර ලිංගෙට කකුලු යෝනිය හරියන්නෙ නැහැ කියලා අයියලයි ගෙදරින් බැහැ කියනවලු.. අයියාට මෝර එකක් තියෙනවා කිව්වාට එයාගෙ එහෙමට ලොකුවක් නැතිබව මට ඕනි තැනක දිවුරත හැකි ෆලන්සි අයියේ... අනේ ෆලන්සි අයියේ අපි දෙන්න හමු වුනේ අයියගේ පේස්බුක් පුකේ අමාරුව ගෲප් එකෙන්.. ඉතිං ෆලන්සි අයියේ පී අමාරුව ලියන ඔයාවත් මගේ පස්නෙට පිහිට වෙන්නෙකෝ..

ටිංකිරි ඉතිං ඔයවගේ පස්න අපිට නිකංම විසඳන්න බැහැනේ..ඔන්ලයින් කොහොමද ඔය යෝනිය මෝරද කකුලුද කියලා හොයන්නෙ..මං දිනේකුයි වෙලාවකුයි දීලා නංගිට ටවුමට එන්න කියලා කාමරේකට ගිහිං පැහැදිලිව සැකහැර දැනගත්තා කකුලු යෝනිය නම් කිනම් ආකාරද කියලා.. ඉන් පස්ෙස ඒ ගැන ප්‍රායෝගික අභ්‍යාස කිහිපයකුත් නිල වෙදකම් කිහිපයකුත් මං කරලම දැම්මා.. ආයිත් බයික් එකෙන් ටවුමට එනකොට නංගි කියනවා..අනේ ෆලන්සි අයියා මේ කරන උදව් වලට අයියා මොන අපායෙ ගියත් මට මදි වගේ අයියා කියලා..අාන් එහෙමට උදව් කරන අපිට සමහර අය දොස් කියනවා මල්ලි..එතකොට මට මේ පුකේ අමාරුව අයින් කරගන පැත්තකට වෙලා නිකං ඉන්නත් හිතෙනවා මල්ලි.. ඇත්තමයි..

පුකේ අමාරුව ගැන අපි කතාකරනෙකොට අපිට අමතක කරන්නම බැරි කාරණාවක් තමයි පීකේ ගොසිප් කියන එක...පුකේ අමාරුව ගොසිප් කියන එක පීකේ ගොසිප් කියලා තමයි ටැග් කරලා තියෙන්නෙ...මේ පී කේ ගොසිප් වල ගිහිපු එක නිවුස් එකක් තමයි නයි නලගනගේ නයාට ලැබුන නයි බිත්තර අතුරුදන් වීම...අපි තියෙන වෙලාව අනුව ඒගැනත් විස්තර ටිකක් දැනගමු..ඉතිංන් ෆුක්සි මහතා..කොහොමද මේ නිවුස් එක ආවෙ...

මේකයි ඇත්තම නිවුස් එක.. නයි නළඟනගේ නයා බිත්තර තුනක් දාලා...ඉතිං නයි නලගන රෑ නිදාගන්න කොට මේ බිත්තර තුන නයි නලගන විසින් දැකලා තියෙනවා..අාෙන් හලී සූයි මයි .චෝක් පෙග්නන්ට් සැපින්න කියලා නයි නලගන නාගයාට කිස් එකකුත් දීලා නිදාගෙන..උදේ ඇවිදින කොට නයි බිත්තර ටික නැහැ..පස්සෙ නයි නලගන කිචිකිස්ථාන පොලිස්සියෙ හදිසි ඇමතුම් අංශයට කතා කරලා කියලා.. රෑ මගේ නයා බිත්තර තුනක් දැම්මා දැං එකක් වත් නැහැ කියලා.. පස්සෙ නයි නලගන ගෙනල්ලා පොලිසියෙ තියලා එයාව පරික්ෂා කරලා...නයි නලගනගේ කලවා අසල නයෙක් ගිහිපු පාරවල් වගේ තිබුනාට නයි නලගන ලඟ නයි පැටියෙක් වත් බිතත්තරයක් වත් තිබ්ලා නැහැ.. පස්සෙ අපි නයි බිත්තර සහ පැටවු හොයන්න වහාම ක්‍රියාත්මක වෙනවා කියලා කිචිකිස්ථාන පොලිසිය කියපු නිසා නයි නලගන හෝටලේට ගිහින්..

ඉතින් තවදුරටත් නයාවත් නැතිවෙයි කියන බයින් අරාබි කාර මුරකායෙක් එක්ක රාත්‍රි කාලයේ කාමරේ හිටපු නයි නලගනට එක්තරා සිදුවීමකින් පස්සෙ කෝපවුන අරාබිකාරයා පහරදීල ිතිබුනා... අරාබි කාරයා ඈත ගමක සර්ප වෙදෙක් ගාව දැනටත් අතකුත් නොවන කකුලකුත් නොවන අගින් මඳක් කොට මෙිඩ් ඉන් අරාබි බාහිර සරීර උපාංගයකට සර්ප වෙදකං කරමින් ඉන්නවා කියලා ආරංචි වෙලා තියෙනවා..

මේ සිද්දියෙන් පස්සෙ ඊළග පාරත් පොලිසියට ගිය නයි නලගන පොලිසිය ඇතුලට ගන්න කලින් පොලිස් ලොක්කා ගිහිං නයි නටවන්නෙක් ගෙනල්ලා නලාව වාදනය කරලා තියෙනවා... නයි නලාව අරං ටියුන් කරලා පිඹින කොටම සූටි නයි පැටවු තුන්දෙනෙක් නයි නලගනගේ සාය අස්සෙන් පැනලා බ්‍රේක් ඩාන්ස් දාන්න ගත්තලු..

එතකොට ෆලන්සි මහත්තයා නයි බිත්තර කෝ?

ඇයි බං මූසල මැටි ගොං හරකෝ .... නයි පැටවු තුංදෙනා සාය අස්සෙන් මතුවුනා කිවුවම මං තොට ආයිත් කියන්න ඕනිද සැපින්න නයි බිත්තර හංගල තිබුනෙ කොතනද කියලා...

ඒ වුනාට ෆලන්සි මහත්තයා නයි නලගන ගුටිකාපු එක විතරයි නේ අනික් ගොසිප් වල ගියේ...
ඒක තමයි..කියන්නෙ? ගොසිප් ලට ගිහිං තියෙන්න කෙල්ල ගුට්කාල පාර වැටිලා හිටපු ටික විතරයි..අනික් ඒවා හොයාගැන්ම ඉතිං මේ ෆලන්සි මහත්තයාගේ වැඩ තමයි..

පුකේ අමාරුව ඉතාම රසවත් ආත්මිය වගේම ප්‍රයෝජනවත් බ්ලොග් එකක් කියලා ආයෙත් කියන්න ඕනි නැහැ..නමුත් ෆුක්සි ෆලන්සි මහතාගේ ජනප්‍රියත්වය නිසාම එතුමාට කිචිකිස්ථාන බ්ෙලාග් අවකාශයේ විවිධ පාර්ශව වලිං චෝදනා එල්ල වෙනවා..මුදල් චෝදනා ගැන හෙම එල්ල වෙන දේවල් සම්බන්ධයෙන් ෆලන්සි මහත්මයා මොනවද කියන්න තියෙන්නෙ?

මල්ලි ඉන්න කාලෙ නේ මේ ඔක්කොම.. නේද මල්ලි.. මං පුකේ අමාරුවෙන් සල්ලි හම්බකරලා මාලිග ගහල නැහැ මල්ලි.. අපේ ආච්චි ලෙඩවෙලා හොස්ටපිටල් හරි අමාරුයි කියලා ලිව්වාම.. සමහරු කටාර් ඩුබයි අබුඩාබි වලිං පවා නෙස්ටොමෝල් එවලා තිබුනා මල්ලි.. ආච්චිට එච්චර නෙස්ටොමෝල් දුන්න නං පැනඩොල් පෙත්තක් වත් නොබී යසට ඉන්න ආච්චි සෙටමෝල් වෙයි නේ බං.. ඒ නිසා මං ආච්චිට පිං පිණිස ඒ නෙස්ටමෝල් සීනි තේකොල ටික ළඟ කඩේට විකුනුවා බං.. ඒවා මිනිස්සු ආදරෙන් දීපු ආදරනීය වස්තු..ඉතිං අපේ ගමේ වෙල් එලියෙ ජිල් ගහන කොල්ලන් සල්ලි දීල හරි අරගෙන අර පිටරට නෙස්ටොමෝල් බොයි නේද ටිංකිරි මල්ලි.. ඔය වගේ ඉතිං මේ කිචි බ්ලොග් අවකාසෙ වැඩක් තිබුනොත් ඉතිං මං ටිකක් පෙරමුණ අරගන්නවා... ඔය අතර ඉතිං සමහර බිල් නැතිවෙනවා.. සමහර වෙලාවට පොඩි පොඩි පනස්දාහෙ ලක්සෙ වගේ ආධාර නැතිවෙනවා.. එ්වා මේ කිචි බ්ලොග් අවකාසෙ අය එච්චර උඩදාන්න ඕනි නැහැ.. ආන්ඩුව ගසාකන එකකට බැනලා ලිපියක් ලියං පාඩුවෙ ඉන්න බැරි එක මේ අවකාසෙ අවුලක්..ඒ කාලෙ අංගුලිමාලත් බුදුහාමුදුරුවන්ට පෙරලන්න ගල් ලෝඩ් කරගෙන හිටියා කියලා විමලේ කියලා කෙනෙක් දැකල තිබුනෙ..ආන්න ඒ කාල වගේ තමයි අද කාෙලත්...කරගන්න බැරි අය කරන අයට මෙව්වා කරනවා..

පුකේ අමාරුව ගැන කියන්න දේවල් බොහෝමයි.. පුකේ අමාරුව ගැන මේ රෑ ඉවරවෙනකල් අපිට කතාකරන්න කාරණා තියෙනවා.ෆුක්සි ෆලන්සි මහතා අපි එක්ක එක්කාසු වෙලා අද මේ කාලය ගෙවාගන්න පුදුම සපෝට් එකක් දුන්නා..එතුමා කිසිම පැකිලීමක් නැතුව සිය අදහස් ඔක්කොම කියලා තියෙනවා.. එතුමාගේ පුකේ අමාරුව තව ටිකක් දියුනු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම ෆලන්සිගේ පුකේ අමාරුව බලන ලෝකෙවටේ ඉන්න ජනතාවට පුකේ අමාරුව සමග ගතකරන ලස්සන කාලය තවත් රසවත් වෙන්න කියලා අපි කොස් රේඩියෝ එක විදියට පාර්ථනා කරනවා.. ඉතිං අපි ෆුක්සි ෆලන්සිට දැන් සමුදෙනවා..

Sunday, January 27, 2013

කුසුමාන්දරය The tale of Kusuma

නිල් පාටින් දිලිසෙන ලාම්පුතෙල් කාලක් එක අතක
සුදුපාටට කැපුන පාන් බාගයක් තව අතක..පාර්සලයක
ළමයෙක් ඉදි හොටු බේරෙන,, ඇගේ ඇකයක
කන්ද අදී කෙසටු සරීරය අදිමින් හති දාමින් විලසින් ටැක්ටරයක.

නරුම දත් පෙලක් ඉදිරියට ඇති
කාල වර්ණ දේහය ඈ සතුව ඇතී
වැඩිපුර වරුණ දෙන කිසිවක් ඇයට නැතී
එනමුත් ඇයද අම්මෙකි සැමියෙකුද නැතී..

සැමදා තැලෙන තණ මත
දවසක පිපිලා බිම්මල් දස අත
වාගේ එක දවසක් ඇගේ සිත
ඇදෙන් ඇති නොදැනිම රාග සිත වෙත..

ගෙවල දන මගුල් ඇති සැන සොයා දැන
ඒ හැම තැනදි කුස්සිය පැන වැඩ කරන
ගොයං කපන කල යහමින් වෙහෙස වෙන
ඇගෙ රති සුවය රහසකි ගම අවුලවන..

බඩු කිරනා පාල වාගේ නේද කොලූ..
නැත්තං තෙපා වාගෙද උගෙ නාසෙ කලූ..
කිසිවෙක් ළගත් විස්තර නැති රහස පෙලූ
මේ වනතෙක් ඒගැන ඇය කෙල නොසැලූ..

කුසුමා ලෙසින් නම් වුනු - පරවුනු නැතත් කිසි ලකයක් නොම පෙනුනු..
දෙමාපිය මේ ලොව නැතිවුනු..වරද නිසා ඇගේ නෑයො නැතිවුනු...
අසරනිය ගම විසුනු...කවුරු කවුරුත් ඇයට  පිහිට වුනු.
ගමුන් මුදලින් තැනුන..ගෙයක් විය ඇය හට රිසිසේ වසන.

එලවලු වගාවට ඇය යනෙන කලට හේනට..කුලියට වැඩට..
දිග ඇදුනු පොල් අත්තක නැත්නම් පිදුරු බිස්සක කොහේ හෝ අස්සක
දඟමින් දඟලමින් වැනෙමෙන් පෙරලෙමින්..කෑකොස්සන්ද ගසමින්..
කොලූ කැරකෙයි ඇය අවට හැමෝම බලා සැනසෙති උගේ කවට වැඩ..

ඉපදුන කලදි කොල්ලා ..මහත්තැන් කෙනෙක් ඇවිදිල්ලා
කෝ ඔය එකා දීපල්ලා.. කීවත් මේකි දුන්නේ නැහැ නෙව අම්මපල්ලා.....
මා හට ඇහැකි විදියට ..මට දෙන්න ඇහැකි ලෙසකට...
දීලා සැප දුක හැටියට...හදාගමි මා කොල්ල හොඳ යසට..

නිකං විසිවෙවි ගෙවල ගොවිබිම් දෙස..ඇදුනු ඇගෙ දිවිය දැන් විඇත වෙනස
කලක් කටුක කම මත තැනුන පතොක් ගස..බිහිවී මල් පොකුර ඇත සුවඳ බැස..

‍කොල්ලා බර දරා අනෙක් අතකින් දර මිටිය අරා..
කෝ බැහැපන් කිවත් නොබසින ඌට රව රවා..
තවත් පලා කොළ ටිකක් ඒ අතක රුවා..
ඈ සැන්දා යාමෙ යයි නිවහන වෙත රැජිනක් වගේ වෙලා..

එක දවසක කොහේ හෝ පැලක නැත්තං අකුලක කූඹි මතදී
හෝ රැයක පානක යනෙන මගතොට අසල තැනකදී..
බිඳුනු පතිවත ඇගේ සැනසුම..වී  ළමයෙක් ඇයට ඇත දිවියා..ක් දී..
වැටුනත් දුක් ගොඩෙහි ..දැන් කුසුමා ඇත ජීවිතයට අරමුණක් දී...

Saturday, January 26, 2013

ඕ මයෙ දෙයියෝ OMG: Oh My God!

දෙවියන්ගෙ ආනුභාවයෙන් කලිං දාපු පෝස්ට් එක ඩිලිට් වුනා...ඒකෙ කමෙන්ට් කරපු අයෙගෙන් මම සමාව ඉල්ලනවා මගෙ නොදැනුවත් කම පිට ඒක බෝස් ගාල ඩිලිට් වෙලා ගියාට...


ලෝකයේ විශාලතම කුඩා අන්ත්‍ර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග සහිත ආහාර ජීර්ණ පද්ධතිය තියෙන්නෙ කිනම් අයටද කියලා ඇහුවොත්..මම නම් හිතන්නෙ ඒහෙම තියන්නෙ ස්කන්ධ කුමාරයාට..ස්කන්ධ කුමාරයා ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන්නෙ කතරගම. එයාට මුහුනු සයක් තිබෙනවා.ඉතිං මුහුනු සයක් තිබෙන නිසා ඔහුට කෑම කන්න ඉන්පුට් පෝට්ස් හයක් තියෙනවා..නමුත් මා දැක ඇති ආකාරයට එකම එක පස්සයි තියෙන්නෙ..ඒ කියන්නෙ එකම එක අවුට්පුට් එකයි ඇත්තෙ..අපි මොනතරම් ලස්සනට කිව්වත් කතරගම දෙවියන්ට විශාල ටොයිලට් එකක් නම් ඇති..ඇයි කටවල් සයකින් කන දේවල් එක තැනකින් අවුට් කරන්න එපායැ..


ඒ වගේම කොහොමද ස්කන්ධ කුමාරට පෙම් සිතුවිලි ඇතිවුනාම වල්ලි අම්මාට තියෙන සනීපය...මුහුනු සයකින් වල්ලි අම්මා සිඹින අතර අත් දොලසකින් අතගානවා..බට් එක ගැජට් එකයි තියෙන්නෙ..ඒක හොඳට ගියා නැත්තං එතන විනාසයි..මං හිතන්නෙ ඔය හින්දම වෙන්න ඇති ස්කන්ධ කුමාර වයිෆ්ලා දෙන්නෙක් යූස් කරන්නෙ.. මොකද එක්කෙනක් අතගාන අතර අනිකා සමග ඉතිරිය කරගන්න පැහැදිලිවම හැකියාව තිබෙනවා..
දෙවියන් වඳින්න පයින් එන පිරිසක්.. 
අපි එයාගේ මල්ලි ගැන පොඩියක් බලමු...මල්ලි ඇවිල්ලා ඝන දෙවියා..ඝන දෙවියා කියන්නෙ විභාග ජය පිණිස අපිට පාවිච්චි කරන්න පුලුවන් ටූල් එකක්..ඒ ඝන පූජා හරියට තිබ්බාම විභාග සමත් වෙන්න චාන්ස් එක වැඩිය ිකියලා මිනිසුන් අතර මතයක් තියෙනවා.. මේ ඝන දෙවියාට අලි හොඩක් තිබෙනවාඅලි මුහුනක් තිබෙනවා..දැන් අපි කලිං ස්කන්ධ කුමාරයා පෙම් කරන්නෙ කෝමද  කියලා කතා කලාට මටනම් හිතාගන්න වත් බැහැ ඝන දෙවියා කොහොමද සිප වැලඳගැනිම් කරන්නෙ කියලා...ප්‍රංශ ක්‍රමයට ඝන දෙවියන් සිප වැලඳගන්න දර්ශනයක් දැකපු කෙනෙක් ඉන්නවා නම් ලිංක් එකක් කොමෙන්ට් කරලා තියන්න ඈ..ඒ වගේම අලි හෙඩ් එක මනුස්ස බොටම් එකට ෆිට් වෙන හැටි පුදුමයි..

මං ඇතුලු මිත්‍යාදෘෂ්ඨික අමනයෝ මොනවා කිව්වත් මහ ලොකු උගත්තු පෝලිමෙ කතරගම යනවා දේවාල වලට යනවා..සමහරු ලංකාවේ දේවාල මදිවෙලා ඉන්දියාවෙත් ගිහින් වඳිනවා..

වෙලාවකට දෙවියන් ගැන පවු කියලත් හිතෙනවා..ඒ සමහර දේවාල වල කපුවන් ඉහල ඝනයේ සැප වාහන වලින් යනකොට කතරගම දෙවියන් තාමත් යන්නෙ පරණ මොනරා පිටේ...කොහොමද කතරගම පැත්තෙ දැඩි දූවිල්ලත් එක්ක මොණරා පිටේ යනකොට තියෙන සැප..ඒ නිසාමද මන්දා වාහන ගත්තාම මිනිස්සු කතරගම ගිහින් වාහන දෙවිය්නට පෙන්වලා එන්නෙ.. 

හිස අලියෙක් වගේ තියෙන කඳ මනුෂ්‍යෙයක් වගේ තියෙන ජීවියෙක්ට පැවැත්මක් නැහැ කියලා දහය වසරෙ විද්‍යාව ඉගනගත්තු කෙනකුට පවා තේරෙනවා...නමුත් ඊට වඩා ලොකු ජීව විද්‍යාත්මක දැනුමක් තියෙන නර්ස්ලා, දොස්තරලා ඉංජිනේරු මහත්වරු ආදි ලොකු උගතුන් කතරගම ඇවිත් මේ විකාරරූපි ඒ වගේම විකෘති සහිත දෙවියන්ට වඳිනවා..ඒ අය විශ්වාස කරනවා දෙවියන් සමඟ ඩීල් කලාම තමුංගේ ගැටලු වලට විසඳුම් එනවා කියලා.. 
දෙවියන් වඳින්නට හෙලිකොප්ටරෙන් යන පිරිසක්.. 
කොහොම වුනත් දෙවියන් සහ එහි ඇදහීම් ගැන විවේචනාත්මක නමුත් ධනාත්මකව සිතන සිනමාපටයක් මා බැලුවා. එය තුල දෙවියන්ගේ නියෝජිතයින්ට තිබෙන සමාජ වරප්‍රසාද ගැන දැඩිව ප්‍රශ්ණ කරනවා..විහිළු සහගත ලෙස නිමවා ඇතත් සමස්ථ සිනමාපටය තුල දිවෙන කතාව නම් විහිලුවක් නෙමෙයි.. 

ඒ සිනමාපටය ගැන විස්තර මෙතනින් බලාගන්න පුලුවන්.. 
ඒ ඕ මයි ගෝඩ් සිනපාටයේ සිංහල උපසිරැරසි මෙතනින් බලාගන්න පුලුවනි.. 
මේ සිනමාපටය විවිධ ප්‍රමාණයන්ගෙන් බාගත කරගන්නත් බයිස්කෝප් එල් එකේ අඩවිය අවස්ථාව දිලා තියෙනවා.. 

Monday, January 21, 2013

නරක හැඳුනුම්පත (Naughty Identity)

(මෙය අවුරුදු 21ට වැඩි අය පමණක් බලනු..ලියා ඇති naughty ජාති  දුටුවිට සරුවාංග රෝග ඇතිවන ඇත්තෝ වෙත්නම් ඔවුන්ද මෙය නොබලනු.. )
අවුරුදු දහයෙදි හෝ එකොලහෙදි.. මම මුඩුක්කුවෙන් මාමලාගේ ගෙදරට එනවා. එතනින් පස්සෙ මම හොඳ ලමයෙක්. ජාතක කතාවක තාපසාරාමෙ පැත්තට වැටිච්චි ගිරවා වගේ. පුතා මේ පැන් පැන් බොන්න..පුතා ඔය සෙල්ලම කලා ඇති.පුතා දැන් නාගත්තොත් හොදයි නේද? ඒත් මං වැද්දො ගාවඉන්නකොට උන්නෙ වැද්දන්ගේ අතු පැලක ලීයක් අඩ නැත්තංවැද්දෙක්ගේ උරහිස උඩ..ඒත් මේ තාපසාරාමෙ හරිම හිරවෙච්චි තැනක්.මුං මාව කූඩුවක දාලා..කියල මට හිතුනෙ.. 
 
අපේ 4 වෙනි පටුමගේ තිබුන පුංචි පෙට්ටි කාමරය මට මාලිගාවක්. අපේ මාමලාට හුකලා හුකලා ලමයි ලමයි හදාගන් බැරිවුනා..ඔන්න රට ගිහිනුත් හුකලා ඒත් උන්ට ලමයි නැහැයි කියමුකෝ..ඒ පාර මාව ගත්ත හදාගන්න. ඉතිං මං නිකං රජගෙදර පරෙයියා වගේ.ගිහිපු දවස්වල හම්මේ පට්ට ආතල්..ඒත් යකෝ පට්ට ආතල් එක කියන්න මොකෙක්වත් නැත්තං මොන බිජ්ජක් කරන්නද ඒ ආතල් එක. ඔන්න නීල් ආම්ස්ටෝං හදට ගියා..පොර ආයි පෘතුවියට එනකොට මිනිස්සු ඔක්කොම සීන් එක දන්නවා..ඉතිං පොර එනකොට මාර පිකප් එක..මොකෝ..ඌ හදට ගියා කියලා අනික් වුන් දන්නවා නේ ඕයි.. කොහොමද මොකෙක් වත් වැඩේ දන්නෙ නැත්තං ආතල් එක..ඇවිත් හිමීට ගං කබරයා වගේ ඌ ගෙදර යයි..

මං හතරවෙනි පටුමගේ තියෙන පෙට්ටියෙන් කෙලින්ම නුගේගොඩ මාමලයි ගෙදරට ගියා..එහෙට ගියාට පස්සෙ පුකට කූරු ගහල ඇග පුච්චල වැඩ ගන්නවා..හෝව් හෝව් යකුනේ මේ ඒකතාව නෙමෙයි මේ වෙන එකක්. එහෙනං එහෙ ගියාට පස්ෙස ඒ ගෙදරට කෙල්ලෙක් එනවා..එතකොට අරූ ලොකුවුනාම ඒ කෙල්ල එක්ක යාලුවෙනවා...නැහැ බං ඒකත් නෙමෙයි.. මේවෙන එකක්..

ඔන්න අපේ මාමට සල්ලි තියෙනවා මට කන්න බොන්න දීල පුතා වගේ බලාගන්නවා..අපේ මල්ලි පකයා කැතනිසා ඌට මාම කැමති වුනේ නැහැ..ඌ තාම අහල පහල ගෙවල්වල කෙල්ලො එක්ක කොටු පනිනව ඇති..නැත්තං කොල්ලොත් එක්ක ජිල් ගහනව ඇති..මම මෙහේ අර මැසිං මේ මැසිං අර පාටි මේ පාටි..ඉස්කෝලෙ යාලුවො..ප්‍රැක්ටිස් අනං මනං එක්ක ජීවත් වුනා..

මට ටික කාලයක් ගියාම හතර වෙනි පටුමග අමතක වුනා..එහෙම නෑයො ඉන්න වගක් හෙම වැඩිය පෙන්වන්නත් මාමල කැමති නැහැ...අපේ අම්මට ඕන නැති වැඩනේ..මොකට අපේ තාත්ත එක්ක පැනලා ගියාද..ඒ ජවුසමා කුනු ටැට්ටරේ සපෝටර්.. ඌව අපේ මාමල ලගට වත් ගන්න ඇහැකිය බැහැනෙ..සික්..අපේ අම්මට තිබුනෙ සීය කියපු විදියට බිස්නස් කාරයෙක් බදින්න.. තාත්ත බොනවා..රෑට අම්මට ගහනවා..ගහල තව පැයකින් විතර හිමීට තෙල්ගාන්න වගේ කිට්ටු වෙනවා..කිට්ටු වුනාම වැඩේ ඉවරයි..ආයි රන්ඩු නැහැ..සික් මේ මිනිස්සු නරක් වෙන හැටි...සදාචාරය වෙනස් වෙච්චි හැටි..

කූඩැල්ලා මෙට්ට උඩ තිබ්බත් ඌ හදන්නෙ ඒක ගල විදියට දකින්න.පොඩිකාලෙ ඉදලා කුනුහබ් විදින බෝක්කු කටක් තිබුන මට මාමලයි ගෙදරයි ඉස්කෝලෙයි සිල් ටෝක්ස් සිල් ගන්න විදියට ගෙනියපු ජීවිතෙ ්දිරවන්නෙම නැහැ...මෙහෙ ගනන් සර් කරන්නෙ ගනං හැදුවෙ නැතිවුනාම එලියට දාන එක විතරයි..කලින් ඉස්කෝලෙ ගනං හැදුවෙ නැතිවුනාම මෙහෙමයි රූප රාමුව.. තොපි සක්කිලි හැත්ත තොපි හදන්න මේ කපේට බැහැ..කෝ ගනිං උලමා පොත...තෝ අදත් ගනං ටික හදල නැහැනෙ..ආ තෝ බාගයක් හදල අනික් උන් බැරි නිසා හදල නැහැ උඹ මෙතන දැනගෙනත් නිකං ඉදලා තියෙන්නෙ.. .ඉතුරුව කොහෙද? තොපෙ තාත්තගේ කුනු ටැට්ටරේද කියලා අහනවා ඉන් පස්ෙස ඇහනෙවා සද්දයක් ඩෝං ගානවා.ඒ යකෝ සර්ට රතිඤ්ඤ තියල නෙමෙයි ඕයි..ඒ සර් මගේ පුකට ගහනවා තඩි ලෑලි පටියකින්.. .ඊට පස්සෙ තවදෙකක් විතර කනෙන් අදිනවා..අනේ ඒ සර්ට අපි පලවෙනිදට වඳිනවත් එක්ක..ඒ උනාට ඌ ගහපු සොට් එකක රස නැතිවුනාම තමයි කිසිම රහක් නැත්තෙ..පන්තියෙං එලියට වෙලා මොන බම්බුවක් කරන්නද? ගහන්න එපැයි ලමයි හැදෙන්න නං..සික් මුං මහ අමන ජාතියක්...
සා මරු පහරක් නේ..
යාන්තං කටක් ඇරලා කුනුහබ්බයක් කියන්න ලැබුනෙ අලුත් ඉස්කෝලෙ සෙල්ලං කරන කොට..ඒකත් ඉතිං අර හතර වෙනි පටුමගේ කුනුහබ්බ තරං සැප නැහැ..අනේ පල පකය යන්නෙ බොලා අම්මට නිදිවදින්න හදන් නැතුව කියලා කිව්වම සමහර උන්ගෙ මූනත් එක්ක රතුවෙනවා.. මාමලා කියන්නෙ තාත්තලා නෙමෙයි..නැන්දලා කියන්නෙ අම්මලා නෙමෙයි..කොහෙ හරි යනකොට උං මාව හැඩේට පුතා වගේ උස්සං ගියාට ගියාට පස්සෙ උන්ට මතක නැහැ යකෝ මේ වගේ උරුලෑ පැටියෙක් උස්සං ආව නෙවෙද කියලා.. ඉතිං මට යන එන මං නැහැ ඔය එක එක පාටිවලට ගියාම..මං අනික් පොඩි උන් අස්සට පැනලා සෙල්ලං කරන්න ගියාට උං දන්නවා ඇති මං නැන්දගේ ඔරිමජිනල් පෝට් එකෙන් එලියට ආවෙ නැහැ කියලා..උංගෙත් හෙන පොයිය.. මට දිරවන්නෙ නැහැ ලොකු ටෝක්..එකෙක් කියනවා අපේ තාත්තට තියෙලු හෙන ලෑන්ඩ් කුරුසරයක්..තව එකෙක් කියපි අපෙ තාත්තගෙ අලුත්ම එක ජගුවරයක්ලු ..මට කියන් හිතුන අනේ පලයල්ල යන්න අපේ තාත්තගේ කුනු ටැට්ටෙරේ බොලයි ඔය එක පකඩමකටත් වැඩිය ආතල් කියලා කිව්වෙ නැහැ...කුනු ටැට්ටර කතා කිව්වොත් මාමට හොද නැතිවෙයි..මොනව උනත් කන්නෙ බොන්න දීල ගහන් නැතුව මාව තියං ඉන්න එකම කොයි තරං එකක්ද කියලා ඒ වගේ වෙලාවට මාමගේ ගව්රවේ ආරක්සා කලා..

ඉස්සර හතරවෙනි පටුමගේ ඉන්නකොට වගේ නෙමෙයි මෙහෙදි ගනන් හැදුනා..ඉංගිරිසි පාඩම් කෙරුනා..නැන්ද ඇවිල්ලා ලගින් වාඩිවෙලා කියල දෙනවා..ඇත්තටම ඒ මනුස්සයා හොඳයි..මට ආදරේ කරා උන්දැ මැරෙනකල්ම.අපරාදෙ උන්දැ හාට් ඇටැක් එකට පෙති බිව්වෙ නැතුව මැරිල ගියෙ..පෙතිටික ඉන්ජෙක්ස්න කරලා හරි තව ටික කාලයක් තියාගත්තනං මට වාසි..සික් දැන්නෙ මතක් වෙන්නෙ ඒවා.. 

 ඔන්න ඉස්සර හතරවෙනි පටුමගේ ඉන්නෙකොට ගානක් හදන්න ගන්නවා..කෝ යකෝ මට මගේ මකනෙ..මල්ලි උඩදානවා මහ හයියෙන්...උගෙ මකනේ මං අරං සාක්කුවෙ දාගෙන. ඌ ඒක දන්නෙ නැහැ..ඌ ගනන් අහගන්න කියලා කතාකරගනිපු අල්ලපු ගෙදර මාලිකාට මූ ගහන්න යනවා උගෙ මකනෙ හොරකං කලා කියලා..පස්සෙ මං ඌට මකනෙ දෙනවා..එක විදියක විනාඩි දහයක් ඉන්නවා කියන්නෙ ලොකු ගේමක් ඒ දවස්වල..ඒත් ඉදලා හිටලා ඇවිත් පස්සෙ මාස දෙක තුනකට වතාවක් ඇවිත් මාව බලලා අඩ අඩ ගිය අම්මා නං ඒ දවස්වල කොන්ඩෙ පීරනකොට හෙම ඇනපු ටොකු තාම මතක් වෙනවා..

මගේ කොන්ඩෙ අම්මට පීරන්න වෙන්නෙ නැහැ ඔලුවෙ හෙල්ලෙනවා..හිටපිය මූසලයා මේ කොන්ඩෙ ටිකක් පැත්තට කරනකල් කියලා අම්ම හිමීට ටොක්කක් අනිනවා..ඉතිං සමාර වෙලාවකට තෙල් බෝතල් බාගයක් විතර වැටිච්චි කොන්ඩෙ අම්මා පැත්තට පීරලා මාව ඉස්කෝලෙ යවනවා. අපෙ තාත්තට මොන කෙරුවාව බැරි වුනත් ළමයි හැදිල්ලට නං මිනිහා රුසියා කියලා දවසක් මාම නැන්දට කියනව මට ඇහුනා. අපි දෙන්නට පස්සෙ තව දෙන්නෙක් ආව කෙල්ලොම. පස්සෙ මාව ඈතට විසි වෙලා උං තුන්දෙනා ඉස්සරහට එන්න ඇති. ජීවිතෙ කියන්නෙ මාර ගේමක් හතරවෙනි පටුමගේ ඉද්දි.. තාත්තට ඉතිං සල්ලි දීල පිරිමහන්න බැහැනෙ..ඌ ගිහිං පිටරට ඉන්න අස්සයොන්ට සල්ලි දාල පරාද වෙනවා කියලා මිනිස්සු බැන්නා.. ඒත් කුනු ටැට්ටෙරේ ගියාම අපේ පවුල ගැන දන්න තැන්වලිං පොල් ගෙඩියක් හාල් ටිකක් කාරිය ලැබෙනවා. ඒ මිනිස්සු වැඩියෙං ගෙනාපු එලෝලු හෙම තිබුනොත් ගෙනත් ඒවත් දානවා වෙනමම මල්ලකට.. සමහරු මහ කුම්මැහියො...බලු බල්ලට කන්න බැරි නරක්වෙච්චි එලෝලු, පනුවො දාපු හාල්, ඇඳපු ජොක්කු කෑලි පවා ලස්සන පාර්සල් වල දාලා දෙනවා..අනේ ඒව දීල උං දිය්ය ලෝකෙට ටිකටුත් බලාපොරොත්තු වෙනවා ඇති කුම්මැහි හැත්ත.. අම්මප මං එලොව ගිය වෙලාවක එහෙම පනු හාල් දීපු එක පකඩයෙක් දිවිලෝකෙදි සෙට්වුනොත් දෙනවා හොම්බෙන් යන්න.. මිනිහෙක්ට දෙන එක උගේ බල්ලටවත් කන්න ඇහැක්වෙන්න දිපල්ලකෝ..

මාම මං ඕ ලෙවල් පාස් වුන ගමන්ම කිව්වා ඒ ලෙවල් ඕනි නැහැ..ඩිග්රිය කරන්න.. රට යන්න ලෑස්ති වෙන්න කියලා...ආයිස් අප්පඩ...අර නෝටි ඇමරිකා කෙල්ලො හෙම දුටු සැනින් පසුපස ඔසවා හරවා පහර එල්ල කරන්න අවස්ථාව දෙනවා නේ..ඉතිං ඒව බලපු මට යන්නමයි හිතුනෙ රට.. කොහෙද ගියාට පස්සෙ හප්පේ හීතල...ඒ හිතලට මල්ලි නැගිටින්නෙත් නැහැ..ඒ මදිවට ඒ සුද්දියො අපි ගනන් ගන්නෙත් නැහැ...ඔය ඉන්ඩියන් කෙල්ලෙක් ඇෆ්රිකන් කන්ට්‍රියක කලු වහතුවක් බැලුවත් සුද්දියො එහෙම බැලිල්ලක්වත් නැහැ අපි දිහා .සික් ඕ ලෙවල් කාලෙ ටියුසන් යන්න බස් එකේ ගියාම ගහගන්න ජැකක් වත් මෙහෙ නැහැ..මාම සල්ලි තිබුනට හෙන ගෑස් බුවා..මං පොරට බයයි. මොකෝ පොර ඇවිල්ලා මාව මෙතනින් කැපුවොත් මට ආයිත් හතර වෙනි පටුමගටම බහින්න වෙනවා..තාත්ත අම්ම වගේ තොදොල් නැති නිසා වැඩිය මාමට ලොකු ලයින් දෙන්නත් බැහැ..

ඉතිං සල්ලි දෙන්නෙ ටිකයි.ඒකෙන් කාල පොඩි බියර් සොට් එකක් දාල එහෙම කලාම මාසෙට දවසක් එලියට ගිහින් කන්න සල්ලි ටිකක් ඉතිරි වෙනවා. මාම හැමදේ ගැනම දන්න පොරක්.. සිරා පොරක්..මිනිහා සල්ලි වැඩිපුර නොදෙන්න ඇත්තෙත් ඒකයි. පවුං ලොකු ගානක් දීල බඩු ලයින් කරන්න ගියපු කොලෙජ් එකෙ ලංකාවෙ එකෙක් ඒ පවුං ගානට විනාඩි තුනයි ආතල් ගන්න පුලුවං වුනේ කිව්වම මට හිකිස් ගෑවුනා.. මං කලේ ටිකක් බර සබ්ජෙක්ට්ස් වගයක්..වැඩිය ලෝකෝතතර වැඩ දාන්න බැහැ ස්ටඩි සැරයි..අනික මං ඒකෙ හිටපු පොඩිම බුවෙක්..සයිස් එකෙං වගේම දැනුමෙනුත්..ඉතිං වලිකාලා ඉගන ගන්න වුනා..

හෑ දැන් බොලා බලං ඉන්නෙ මට කෙල්ලෙක් සෙට්වෙනකල් නේ..මේකෙ හෙම නැහැ බං..කතාව ඉවරයි..දැං මං ස්ටඩි ඉවරයි ලංකාවට ඇවිත් මෙහෙ ඉන්න පුස් බට්ටියොන්ගේ ගෑස් බල බල සමහර උන් දෙන්න යන දීමවල් ගැන බල බල යාන්තං මාමයි කන්ස්ට්‍රක්ෂන් ෆර්ම්ස් ටිකක් බලාගෙන ඉදලා හිටලා මසාජ් එකකට ගිහිං ආතල් එකෙ ඉන්නවා.. එච්චරයි..

Friday, January 18, 2013

NDT Vs BSc සිදුවීම Technician ඇසින්


රතුපාටින් කමෙන්ට් එක පෙන්නුම ්කරන අතර කලුපාට ලොකු අකුරින් උත්තර පෙන්වයි. 

මහ උන්ගේ හැටියට නේ පොඩි උන්....පාලකයෝ පිස්සු කෙළින රටක මෙහෙම දේවල් වෙන එක අරුමයක්ද....

උසස් අධ්‍යාපනය ලබන ලමුන් කියන්නෙ තවදුරටත් බබාලා නෙමෙයි. රටක සිදුවෙන දේශපාලනික ක්‍රියාදාමයන් පවා වෙනස් කරන්න සමත් ජාතියක් තමයි විශ්ව විද්‍යාල සිසුන් කියන්නෙ. ඉතිං පාලකයෝ කෙලින පිස්සු ඉදිරියෙදිවත් නවත්වන්න හිතන්නෙ නැතුව පාලකයෝ තාලෙටම අනාගතය බාරගන්න ඉන්න අය පිස්සු කෙලියාම කොහොමද? ආතල් එක..

NO COMMENTS until finalized a CID inquiry 
Who Knows what the real situation was?
Wait and See before any comment

ලංකාවෙ මිනිස්සු හිතං ඉන්නවා දෙපිරිසක් අතර වලියක් ගියාම තුන්වෙනි පාර්ශව පැනලා ඒවා බොහොම සාධාරන විදියට විසඳාවි කියලා. දෙපිරිසක් අතර රන්ඩුවක් වුන වෙලාවක පනින තුන්වෙනි පාර්ශව හැමවෙලාවෙම බලන්නෙ තමුංට වාසියක් කුට්ටියක් එන විදියට පස්න විසඳන්න.. ඉතිං මේ සිදුවීම් සියල්ල අවසාන කරලා අවසානෙදි හරිම ලස්සනට පුද්ගලික අධ්‍යාපනය අමු අමුවේ රජයේ කැම්පස් වලිං දෙන්න උත්සාහ කරාවි රජය.. ඉදිරියට..

අපි ඉද්දිත් ගහ ගහගත්තාNDT VS ENG . එත් මෙහෙම සක්කිලි වගේ අමානුශික විදිහට නෙමේ....

මේ කමෙන්ට් එකේ පේනවා දෙගොල්ලාම මාර කිති ගතියකින් පෙලෙනවා..ඒ කිව්වෙ නිකං වලියක් ගියේ නැති බැජ් එකක් වැඩක් නැහැ වගේ එකක්.. වලි කියන ජාතිය නැවත නැවත අැතිවිය යුතු පරම්පරාගත වෛරක්කාරයො විදියට ඉන්නබැහැ..කවුරු හරි නවත්වන්න ඕනි..නමුත් වෙන්නෙ මේ ගැටලුව ඉස්සරහට අරං යන්න දෙපාර්ශවයම මාර ආසයි..

නොගැලපෙන උන් කැම්පස් ඇතුලට ගැනිමෙ වැරද්ද.
ලංකාවෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදනෙ කොමිසම කියන්නෙ එස් තුනක් තිබුනාම කැම්පස් යන්න පුලුවන් කියලා. ඉතිං එන්ඩී ටී අය අනිවාර්ෙයන් එස් තුනක් තියෙන අය ඒ අය නොගැලපෙන අය නෙමෙයි..

time to remove non professional ppl from a university
එන් ඩී ටි අය නන් ප්‍රොෆෙෂනල් නම් එයාල ඉන්ඩස්ට්‍රි එකෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. එයාල පිට හිටියත් ඇතුලෙ හිටියත් ලොකු වෙනසක් නැහැ.. මමනම් හිතන්නෙ එන් ඩි ටි අය පිටට ගියා කියාල නැතිවෙන ලොකු අලගෙඩියක් නම් නැහැ..මොකද මිනිස්සු කියන්නෙ සහතික නෙමෙයි..එන් ඩී ටී අයට තාක්ෂණික හැකියාවක් තිබුන නිසා තමයි ඒක මෙතෙක් කාලයක් පැවතුනේ.. ඔය සහතිකේ මොරටුව කියලා තිබුන කියලා ලොකු දෙයක් එයාලට ලැබෙන් නැහැ..

කොහොම හරි ආණ්ඩුවට මඩක් ගහපල්ලා මේකෙනුත්
ලංකාවෙ හැමදේම කොටින්ම සිරියාවතීගේ ඉඩමට හොරාට හරක් පැන්න එක පවා ජාතික පස්න..මේ වගේ දේවලුත් ආන්ඩුවෙන් මෙහෙයවනවා කියලා කස්ටිය කියනවා නං ඒගැන පුදුමවෙන්නෙ කිසිම උවමනාවක් නැහැ..

ICU ඉන්න මල්ලිලාට ඉක්මන් සුවය ලැබේවා !!....

වලියක් අවසානෙ සාමාන්‍යයෙන් තුවාල ලැබුවත් මේ තරම්ම දරුනු වෙන්න හොද නැහැ. එකම බත්පත කාගෙන ඉදලා එකම ක්ලාස් එකේ කෙල්ලොන්ට පෙරලා..ඉඳලා කැම්පස් එකට ආවම මේ අය වෙනස් වෙලා තියෙන දුර පුදුමසහගතයි..

පොලු අරන් ගහන්න එනවයි, කඩු අරන් ගහන්න එනවයි කියන දෙකේ තියෙන්නේ එකිනෙකට වෙනස් පරමාර්ත දෙකක්... පේනවනේ!

පොලු අරගෙන ආවත් කඩු අරගෙන ආවත් හානිය එකමයි..වැඩේ තියෙන කඩු අරගෙන ආපු අය සැලකිලිමත් වුනේ නැත්තං වැඩේ දෙල්වෙන්න පුලුවන්..

ඉංජිනේරු ශිෂ්‍යන්ගේ මතවාදයම පතුරුවන්නේ නැතුව NDT අයගේ දෘෂ්ටිකොනයෙනුත් article එකක් දැම්මොත් හොඳයි නේද? මේක BSc කට්ටිය සුද්ද කරන්න හදපු උත්සහයක් වගේ මට පේන්නේ

ලංකාවෙ සමහර ගොබිලො හිතනවා ප්‍රශ්ණ උස්සලා ඇවිත් මාධ්‍ය උඩින් තිව්වාම ඒ පස්න ලාස්සනට මහජනතාවගේ අවධානයට ඇවිත් ඒවා ඉබේ විසඳෙනවා කියලා.. එහෙම අලි මෙව්වා එකක් නැහැ. සමහර පස්න කොයි තරං කල් මාධ්‍ය වල යනවද? ඒත් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නැහැ..උදාහරණ විදියට දැන් විශේෂ උපදේශක මර්වින් සිල්වා ආචාර්ය තුමා කොයි තරම් පස්ට ගහනවද? ඒත් එතුමාගේ තනතුරු නාම වෙනස් වුනාට එතුමාට ලැබෙන්න තියෙන බලු මයිලක දෙයක් අඩුවෙනවාද? නැහැනේ..නිකං මිඩියා වල කැම්පස් වල වලි දැම්මම වෙන්නෙ අනේ ස්ලිට් අපි ගහගන්නෙ නැහැ..නයි බි ඇම් අපි ගහගන්නෙ නැහැ කියලා පිට ඉන්න සමනලයො ටිකක් ගොඩ යන එක විතරයි..

දන්නවා.ඒ නිසා දැන්වත් අපි NDT ENGINEERS කියන එක නවත්තලා උබලගෙ ඇත්තම තත්වය වෙන අපි TECHNICIANS කියන එක කියපල්ලා

තාක්ෂණික ක්ෂේත්‍රයකදි වැඩිපුරම වැඩකරුවො වෙන්නෙ මොන ජාතියෙ අයද කියන එක ගැටලුවක්..ටෙක්නීෂියන්ස් ලා කියන්නෙ මෙලෝ දෙයක් දන්නෙ නැති අය..කියලා අපිට කියන්න බැහැ.. එන් ඩි ටී අය කොහොමද ටෙක්නීෂීයන් ලා වන්නෙ? ..එහෙම නම් ඒ අයගේ තත්වය තීරණය කරන්න ඕනි කර්මාන්ත ක්ෂේත්‍රය..පිටරටවල යද්දි පවා සමහර අවස්ථාවල එන් ඩී ටී ඇණ මුරිච්චි තද කරන අයට වැඩි සැලකිලි ලැබෙනවා. එන් ඩීටී අයට අවරුද්දක් අධ්‍යනය කරලා එංගලන්ත උපාධියක් ලබාගන්න හැකියාව තියෙනවා..එතකොට කොහේද වැරැද්ද? ටෙක්නීෂීයන්ස්ලටත් උපාධී දෙන්න සැරසෙන එංගලන්ත විශ්ව විද්‍යාලවලද? නැත්තං පාඩම පමණයි කියලා සලකන ඔයාලගේද?
 

මොරටුවේ අන්තරේ එක්ක වැඩ කරන එකම කට්ටිය තමා NDT .

අන්තර් විශ්ව විද්‍යාලයී්‍ය ශිෂ්‍ය බලමන්ඩලය කියන්නෙ තවදුරත් ජේ වී පී එකත් එක්ක දේශපාලනයකරන අය නෙමෙයි..දැන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය අයිති වෙන්නෙ ජවිපෙන් කැඩී ගිය කුමාර මහත්තයාගේ පාර්ශවයට..මේ සිදුවීමටත් ජෙවිපෙ ගාවන්න හදන්නෙ මේ දේවල් ගැන නොදන්න තකතීරුවො හැර වෙන කවුද?

මම මගේ ඇස 2 ටම දැකලා තියනවා NDT එකට දියගම හදන්න යන තැනේ විස්තර. සියලු පහසුකම් තියනවා . ඇත්තටම ඒ සැලසුම දක්කම් අපිට ඉරිසියා හිතෙනවා. අවුරුද්දකට 1000 ක ගන්න පුළුවන් පහසුකම් . වෙනම නේවාසිකාගාර , ක්‍රීඩා පිටි , පිහිනුම් තටාක (දැනට මොරටුවෙත් නෑ ). ඔච්චර දෙන්න හදද්දීත් ඇයි යන්න බැරි ?

සැබෑවටම තාක්ෂණික අංශයේ මධ්‍යම මට්ටමේ ඉංජිනේරුවන් බිහිකරන්නත් තාක්ෂණික අධ්‍යාපනය දියුනු කරන්නත් තව තැනක් හැදෙනවා නංලොකු දෙයක්..ඒක ඇවිල්ලා කවුරු කලත් හොඳ වැඩක්..

"NDT තොපි" මේපාර වැඩ වරද්ද ගත්ත, මෙච්චර කාලයක් සරසවි තාප්ප වලට වැහිල තිබ්බ උඹලගෙ මිලේඡ්‍යත්වය මුළු රටටම පෙන්නුව.. ඊයෙ උඹල කරපු දෙයින් ආපස්සට යන්න ලැබෙන එකක් නෑ කවදාවත්ම.. උඹලගෙයි අපෙයි වෙනස දැන්වත් තේරෙනවද..?

කැම්පස් වල ගහමරාගන්න ඒවා කොයිතරම් පසුගිය කාලෙ තිබුනද? අපේ මිනිස්සුන්ට ඕනි දෙයක් සති දෙකයි..ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ කිසිම දේකට..

NDT ඔතනින් එලියට දාන්න.university 1 කොටසක් නෙවේනේ.

ලංකාව කියන්නෙ සීමිත සම්පත් තියෙන රටක්..ඉතිං ඒ රටවල තියෙන සම්පත් බෙදාහදාගෙන ඉන්න ඒ රටේ සිසුන් කැමති වෙන්න ඕනි..නමුත් සිසුන් අතර තියෙන ගෝත්‍රික මානසිකත්වය මෙයට බාධාවක්..

දෑන්වත් තෙරුම් ගත යුතුයි දෙශපාලන පක්ශ වලට කඩෙ නොයන්න. ඉහල දෙශපාලුවො එකට කා බි රටෙ මුදල් ගසා කන අතර මහජන්තාව දෙකට බෙදි ගුටි බෑට ඈන ගනිආවසානයෙ සිදු වන්නෙ පාඩුව මහජනතාව ට මිස ජරාජිර්න වාසිය ට යොදා ගන්නා දෙශ පාලුවන් ට නෙමෙ..

අවසානෙ මේ දෙපිරිසගේ මේ කියන වලිය සහ බී ඇස් සී අය විසින් මින් පෙර කරන ලද එන් ඩීටි වලට පහර දීම් වලින් සිදුවන්නෙ එකම දෙයයි.. මහජන මුදල් නාස්ති වීම. මේ අමුතු ඉලංදාරි ටික හදන්න අපේ රටේ බදුගෙවන්නෙ ඉංජිනේරු මහත්වරුන්ගේ අම්මලා තාත්තලා විතරක් නෙමෙයි..මයියංගනේ පැත්තෙ අල්ලට සීනි කාල තේ බොන අසරණ දුප්පත් මිනිස්සුත් මේ අය වෙනුවෙන් බදු ගෙවනවා.. මේ කැඩෙන ඩෙස් පුටු නාස්තිවෙන අධ්‍යන කාල හරහා නැතිකරන්නෙ රටේ සල්ලි..ඔක්කොම කොළඹ කාර් රේස් යනකොට කෑ ගහනවා ආන්න නාමල් ගසා කනෝ කියලා..ඒත් එයාලා කුලල් කාගන්නෙ නිකං ගෙදරින් ගෙනාපු සෙල්ලම් බඩු ගාන්ට පොදු දේපල සලකලා..

2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විස්ටර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

යුරෝපයේ හොඳම විශ්ව විද්‍යාලයේ නමට යුනිවර්සිටි කෑල්ලක් නැහැ..මේක තාක්ෂනික අධ්‍යාපන ආයතනයක්..ඉතිං මම හිතන්නෙ එන් ඩිටි අයටත් මේ වගේ තැනක් හදාගන්න උත්සාහ කරනවා නම් වටිනවා..

හරිම තිරිසන් ක්‍රියාවක්... NDTයනු ඉතාමත් පහත් මානසිකත්වයක් සහිත සත්ව කොට්ටාශයක් බව පහදිලියි...
NDT
වහාම මොරටුවෙන් ඉවත් කල යුතුයි..
ඩිප්ලෝමා යුනිවර්සිටි වලිං දෙන්නෙ නැහ ැකියලා එකක් නැහැ.. ලොේක ඩිප්ලෝමා වලට තියෙන අර්ථකතනය බලන්න විකි පීඩියා එකේ ඒක අනුව යුනිවර්සිටි වලින් ඩිප්ලෝමා දෙනවා..

metana prasne tamai metana mulin hitapu NDT aya pattakata danna hadana eka.anika mama danna taramin BSc un karana wadama karana NDT aya kochchara innawada?

ඕන්න ඕක එක ගැටලුවක් එකම රස්සාවකට යන දෙගොල්ලක් ඉන්නකොට ගොඩක් ඉගෙනගෙනත් රස්සා නැති බී ඇස් සී අයට පහල රස්සාවලට එන්න වෙනවා.. ඉතිං ඒ අයට ඉන්ඩස්ට්‍රි එකේදි ඉන්න ලොකුම වෛරක්කාරයො අඩු කාලයක් ඉගෙනගෙන කලර්ස් පෙන්වන එන් ඩී ටී කාරයොටික තමයි..


කුලප්පු කරපු හින්ඩ.දවස් කීපයකට කලින් උන් NDT අහිසක කොල්ලෙකෙ Bike එක කුඩු කරල විනාස කර බොරුවට උබලගෙ අගට කෑපුන කියල හෙතුවක් නෑතුව. උබල එක කරෙ උබලගෙ අන්තිම exam එක කල්දගන්න කියල හෑමොම දන්නව.එ ඩවසෙ උබල NDT උන්ට ගගහ එල්ලෙඋව එක කරෙ උබල වරද්ද කරලත්.අන්තිමට එ ප්රෑශ්නෙ විසද ගත්තත් උබල NDT ***************යො කිය කිය පොස්ටර් අලෙව්ව එක කරෙ. එතකොටත් උන් ඉවසපු එක කරෙ. කොල්ලෙක් bike අකක් ගන්නෙ සල්ලි තියනවට නෙමෙ යකො.උන් class කරල 

මේ කියන්නෙ බී ඇස් සී අය කලිං නෙලාපු නෙලිල්ලක් ගැන.. ඒවා ගැන වැඩිය කතා බහ නැහැ නෙව.. දැන්..

උබල කියන විදියට උබල බුද්දිමතුන්, අනිත් උන් ගොන්නු. උබල දන්නවද ඔය NDT උන්ගෙ සමහර රිසල්ට් වෙන දිස්ත්රිික්ක වලින් උබලගෙ ඔය මහ ලොකු BSC එන්න පුලුවන් කියල.උබල අතරෙ ඉන්න එඋන්ටවත් එ වගෙ රිසල්ට් නෑතුව ඈති. අනිත් බහුතරය සේරම අනිත් විශ්වවිද්යාලවල උපාඩි වලට තෙරුන උන්. Exam එකක පෑය 3 ට බුද්දිමතුන් තොරන්න පුලුවන්නම් එක මහ විහිලුවක්. එක උබලට තෙරුම්ගන්න තරම් වත් මොලයක් නෑති එක ගෑන කනගටුයි. මෙ කෑම්පස් එකෙ කලින් ඉදපු VC ප්රොමපෙසර් රෙ විජෙවර්දන ත් NDT වලින් අපු කෙනෙක්

අනික් පිරිසක් හෙලා දැකින්න කලිං පොඩියක් වටපිට බලන එක හොඳයි..රේ විජේවර්ධන කියන්නෙ අත් ට්‍රැක්ටරය හොයාගත් විද්‍යාඥයා නමුත් ලංකාවෙ සිරිමා ආන්ඩුෙව ලොක්කො එදා කියල තිබුනෙ අපිට ඕව ඕනි නැහැ ඇතිපදං මී හරක් ඉන්නවා කියලා..

උබල මහ ලොකුවට ඉතිහසෙ ගෑන කතා කරට මෙ බුමියට මුලින්ම ආවෙ NDT උන්.උබල එක හොදට දන්නව. උබල ආවෙ 1978. උබල දෑන් උන්ට යන්න කියනව උන්ගෙ තියන සම්පත් සෙරම පාවිච්චි කරල. අන්තිමට උබල උන්ගෙ ලෑබ් පාවිච්චි කර කර උබලට හදපු අලුත් ලෑබ් උන්ට පවිච්චි කරන්න දුන්නෑති එක කරෙ.

මේ භූමිය කලිං අයිතවෙලා තිබුනෙ එන් ඩිටි එකට..ඒකෙ පස්සෙ තමයි බී ඇස් සී අය ගාල්වෙලා තියෙන්නෙ.. ඒත් බී ඇස් සී අය මුලින්ම පටන් අරං තියෙන්නෙ කියලා තමයි රාවය යවන්නෙ..අලේ මන්දා..

මර්වියයි දුමින්දයයි තව හොදයිනේ ලෝල්ස්. කැම්පස් ඇතුලෙනේ සත්තු ඉන්නේ බලන් ගියාම 

යාංතං ඇති කවුරු හරි පිට කෙනෙක් කමෙන්ට ්කරලා තියෙනවා..

වසර 4ක් අප සිප් සතර හැදෑරූ ආදරනීය විශ්ව විද්යාල මාතාව නොවෙද මේ? සහෝදර සිසුවන් රෝහලේ ජීවිතය සමග සටන් වදිති. කවදත් NDT මෙහෙය වූයේ මෙවන් සටන් නොවේද

වසර හතරේ එවුං වැඩිමල් වුවත් හැමදාම හදන්නේ වසර දෙකේ එවුංට කෙලින්නම නොවෙද?

මෙහෙවු හිගන්නො අතරින් කවදා නම් මාක් සකර්බර්ග්ලා, ස්ටීව් ජොබ්ස් ලා, බිල් ගේට්ස්ලා බිහිවේවිද

මෙන්න වැදගත් කමෙන්ට් එකක් වැටිලා තියෙනවා..