Friday, December 30, 2016

සාගතයට ලෑස්තියි

අපි දුප්පත් රටකි. අපි දුප්පත් වීමට සැබෑම හේතුවක් නම් අපේ රට ස්වභාවයෙන්ම ගහ කොල ඇල දොල වලින් පිරි සශ්‍රීක භූමියක් වීමයි. මෝසම් වර්ශාව නිසා අධික වර්ශාපතනයක් අපේ රටට ලැබේ. එසේම රට තුලම ආහාර ආදිය උවමනාවටත් වඩා නිපදවෙන නිසා අපිට එහෙමට කියා අහේනියකුත් නැත. 

සැබැවින්ම යමක් විශාල ලෙස සැලසුම් කිරීමේ උවමනාවක් අපිට නිරායාසයෙන්ම නොලැබී යෑමට මෙම සරුසාර ස්වභාවය එක් හේතුවකි. බොහෝ අඩු වර්ශාවක් ලැබෙන ආහර ආදිය හිගපාඩු මහද්වීපවල රටවල ජනයාට සැලසුමකින් තතාෙරව හිතුමනාපේ ජීවත් විය නොහැක. ඔවුන් සිය ආහාර ආදිය සැපයෙන්නේ කෙසේද? ඒවා ගබඩා කරගන්නේ කෙසේද? තමුන්ගේ සතුන්ට කන්නට බොන්නට දෙන්නේ කෙසේද ආදී බොහෝ දේ සිතිය යුතුය. නමුත් අතීත රජදරුවන් සහ බිරිතානි ලංදේසි ආදින් විසින් කරන ලද විශාල වාරි කර්මාන්ත රැසක් නඩත්තු කිරීමෙන් වර්ථමාන ලාංකික අපිට ඉබේම වෙග් වතුර ටික ලැබේ. කලකදී අතිරික්තයක් වෙන ආහාර බෝග නිසා ‍කුමන අන්දමින් අක්‍රමවත්ව ආහාර බෝග වගාකලත් ආහාර ටිකද යහමින් ලැබේ. 

ජනගහනය වැඩිවෙද්දී ඇතිවන පස්නයන් මත මේ තත්වය දිගටම පවතී යැයි අපිට සිතිය ෙනාහැකිය. නමුත් විශාල සාගත තත්වයක් නියංසායක් පහල වී පලාත් ගනන් ගම් නියම් ගම් ඇවිලෙමින් එය විදේස ආදාර ලබාගැනීමේ තත්වය දක්වා පත්වීම වුව අපේ රට සලිත කරන්‍නක් වේදැයි සැක සහිතය. එවැන්නකදී  සුනාමි කල රටේ ආර්ථිකය වසර කිහිපයක් ගොඩ යෑමට අාධාර පරිත්‍යාග හේතු භූත වූවා සේ අපෙේ නායකයින්ට මිනිස්සු සාගතේ මියැදීමම තවත් එක් මුදල් උල්පතක් ම වෙනු ඇත. 

වනාන්තර හා ඇල්වතුර 

වතුර නවත්තා ගන්නට විශාල ජලාශ ඉදිකල හැකිය .. වනාන්තර ආදිය නිසා ඒවායේ භූගත ජලය ලෙස ද විශාල ජල ප්‍රමාණයක් රදවාගැනීමට හැකියාව ලැබේ. මෙම වනාන්තර වගුරුබිම් තණ බිම් ආදියට වර්ථමානයේ අත්ව ඇති ඉරණම කුමක්ද? මායිම් කොට වෙන් කර ඇති නම් කර ඇති රක්ෂිත නම් වූ කොටස පමණක් වනාන්තර යැයි බහුතරය සිතති. එයින් මනත මායිමෙන් පිට වනය ගැන වැඩි අවධානයක් නැත..මෙම කැලෑ පාලුව නිසා අවසානයේ අපේ රටට වැටෙන වරුසාව වරුසාව කාලයේ පමණක් ගංගා ඇල දොලට ජලය සපයන ජල ප්‍රභව බවට පත් වේ..ජලය ස්වභාවිකව පොලවේ ගබඩාකිරීමක් සිදු වන්නේ නැත. 

අපි මොකද්ද කරන්න ඕනි 

ජනාධිපති තුමානම ්ඈත පේන නියං සායට දැන්ම සිටම සූදානම් වී පුද පූජා තබා වැසි දෙවියන්ට යාඥා කරන්නට සැලසුම් කොට තිබේ. එයින් ඔහු පසුව ඇතිවිය හැකි අවලාදයෙන් ගැලවීමට මගක් කලින්ම සොයාගෙන තිබේ. අනික් අයත් විවිධ හේතු දැන් තනාගෙන යමින් සිටිනවා විය හැකිය. අවසානයේ මිනිස්සුන්ගේ ජයග්‍රහන වලට මල් මාලා පිට අමුත්තන් සේ දේශපාලකයින් වැඩියත් නියගයක් ඇති වුවොත් දේශපාලකයින් ඒවාට වගකීම නම් කිසිසේත්ම බාරගන්නේ නැත.. කලින් බාර හාර වී ඇත ිනිසා නොවැසීම දෙවියන්ගේ වැඩක් මිස දේසපාලු මහතුන්ගේ වැඩක් නොවන බවට ඔවුන් උත්තර දෙනු ඇත. 

එදාවේල පොලිටික්ස් 

ෆේස්බුක් නිසා රජයට අවුරුද්දකට ප්‍රශ්ණ 365ක් ප්‍රමාණවත්ය. ඒ අස්සේ අම්පිටියේ සුමනේ වැනි ඩයල් එකක් පහල වන්නේ නම් සති දෙකකට විතර වෙනත් කිසිම පස්නයක්ද අවශ්‍ය නොවේ..රජය විසින් පේස්බුක් අදුන දෙස බලා විල්පත්ත සංහාරයද අමායා ලේක් හි ගිනිතැබීම්ද නවත්වා ලන්නට ක්‍රිය ාකරන ලදී. මේ දිනවල බුදුවීමට ඔන්න මෙන්න සාසනේ ගැන කලකිරී ඇති විජේදාස උන්නැහේ තව ටික කලක් යනතෙක් මඩකලපු මංගලාරාම අසබඩ සිංහල ජනතාව ගැන කතාන්දර වලින් මාධ්‍ය සරසනු ඇත. 

ෆේස්බුක් එකේ හිට් වෙන පස්නයක් ගැනීම..ඒ සදහා කොමිටි පත් කිරීම..එය විසදීමට ඇවසි නීති රෙගුලාසි සැලසා ගැනීම.. ඇත්තටම මෙය ආන්ඩුවේ හොරු අල්ලන ක්‍රියාදාමයට නොදෙවනි ක්‍රියාවලියකි..මුලින්ම වංචා සොයාගැනීම.ඒවා පරීක්ෂණ සොයා ගැනීම.. පරීක්ෂණ කාර්යමණ්ඩල සොයාගැනීම..නමුත් වසර තුනකට ආසන්න කාලයක් ගතවීත් තවමත් සොරුන් යනු කතාන්දර පමණි..සැබෑ සොරුන් නොමැත..

එතෙරවීම 

ප්‍රවාහනය, අධ්‍යාපනය. කෘෂිකර්මය, පරිසරය, සාගතය, විරැකියාව, ආර්ථිකය,සෞඛ්‍යය ආදී බොහෝ දේ ගැන පුලුල් වූ ක්‍රියාත්මක වැඩසටහන් වර්ථමාන රජයට වත් වැනෙන විපක්ෂයටවත් නැත.. එසේම බහුතර බලයක් ඇති ආන්ඩුවක් වුවද කිසිදු සාර්ථක වැඩපිලිවෙලක් මෙතෙක් දියත් කරලාද නැත.. ඉදිරියේදී සාගතයක් ඇති විට පංසල් දේවාල ගානේ යන්නට උපදෙස් දෙන ජනාධිපති වරු සැබැවින්ම රත්තරන්ය.. ඔවුන් අනාගත සාගතය විසදන ආකාරයට ම දෙවියන් ලව්වා ඉතිරි ටිකත් ඔබට විසදා දෙනු සත්තකය..ඉතින් අපි බලා සිටිමු. 

Saturday, December 24, 2016

ඔබ එකපාර ඉරුවාවු ඒ පෙම් පතේ

ඔබ එකපාර ඉරුවාවු ඒ පෙම් පතේ
මගේ හදගාව බැඳි සෙනේ ලියලා තිබේ
කැබලි වූවත් එසේ රතු හද ඉරෙන සේ
ඔය සුදුමූන දැක බැඳුනු සිත මා අතේ...
අප්සාරාවී සිහින දේවී
පන්තියේ ඉස්සරහ පේලියට වී
මං තැවේවී සුසුම් දෙවී
අවසාන පේලියේ මුල්ලකට වී..
මීහරක මැටි මෝල ලෙස දෙස් ලැබී
හිත දුක්වී තැවී ඉන්නා විට රැඳී
දක්ශ පැසසුම් ලැබූ ඉදිරි පෙල සිසුවියේ
ඔබට ලැබෙනාවු හරි වලට මා පෙම්බඳී..
සංගීත නද පාන ලොරි බාගේ නැගලා
සීනි කුරුල්ලන් අරං
ඔබ අතදාන කම් ඈත සිට බලාන ඉදලා
මං හීන දැක්කා ඉතිං..

Wednesday, December 21, 2016

මිල වැඩි නිසා අඩුවෙන් කමු

සන්සාරේ වගේ දේවල් ටිකක් තියෙනවා වෙනස් වෙන්නේ නෑ ලංකාවේ.. දැන් තියෙන පස්නයක් තමයි වෙළදපොලේ හාල් මිල වැඩියි..මේ වගේ වෙලාවක කරන්න ඕනි රජය විසින් මිලදී ගෙන තියෙන වී ටික සහල් කරලා වෙළදපොලට දාන එක.. නමුත් අපේ ආන්ඩුව එහෙම කරන්නේ නෑ..රජයේ වී ටික ඉවරම වුනාට පස්සේ අපිට පුලුවන් හාල් වලට ගහල තියෙන හාල් කිලෝවකට රුපියල් 50ක සැර බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ක්‍රමානුකූලව රටින් තොග ගෙන්වන්න මීලග වී අස්වැන්න එන තුරු.. 

නමුත් පැහැදිලිවම මේ රජය පෙනීසිටින්නේ ගොයියා වෙනුවෙන් නෙමෙයි හාල් වෙලෙන්දා වෙනුවෙන්. සම්පූර්ණයෙන්ම රජයේ සහල් ගබඩා හිස් වුනාම සියලුම රජයේ සහල් තොග අවසාන නිසා ඉන් පසු විදේශී්‍ය සහල් මගින් සහල් මිල සැරටම අඩු කරන්න හැකියාව රජයට තිබෙනවා..ඒත් එතකොට සහල් මිලට අරන් හංගාගෙන ඉන්න මෝල් කාරයින්ගේ හොර වී ටිකට යන එන මගක් නැති වෙනවා..උන්ට ඒවා විකුනාගන්නබැහැ.. 

අනික් අතින් ඉතිහාසයේ කිහිප වතාවක්ම වුනා වගේ රජේ ගබඩා වල වී හාල් තව අවුරුද්දකින් විතර සවුත්තු වෙනවා..පොඩි කොනක් සවුත්තු වුනාම මුලු ස්ටොක් එකම හරි ලේසියෙන් සැර ගානක් අඩුවෙන් සත්ව ආහාර වලට කියලා (ඇත්තටම මේ යන හාල් වලින් වැඩිප්‍රමාණයක් ආයේ වෙලදපොලට එනවා..) විකුනනවා..ඒවයිනුත් කොමිස් ලොකු තැන්වලට යනවා.ඉතිං මේවා සංසාරේ වගේ චක්‍ර...කාටවත් නවත්තන්න බෑ නවත්වන්නෙත් නෑ. ‍කොහොම වුනත් දේසපාලක තුමා නිළධාරි තුමා සහ සද්ගුණවත් ව්‍යාපාරිකයින් ගොඩ යනවා..අසරණ ගොයියා සහ පාරිබෝගික උන්නැහේ අනාථ වෙනවා.. 

අපේ කෑම 

අපි කන්න ගියාම ආහාර අපතේ දානවා වැඩියි.. මම වුනත් ඕනිවට වඩා බෙදාගෙන කාරිය බත් අහක දාන පුරුද්ද සැරටම තිබුනා.. 

අපේ කන්තෝරුවට එනෝ ඉන්දියන් කාරයෝ..කෝට් ගහන්..ලස්සනට ඇදන් ටයි දාන්..ගෑනු නම් ලස්සන රවුං පුකවල් පේන්න සායවල් කයිසන් ඇදන්(ආසාවේ බෑ ඉන්දිය ගෑනු ඉන්ද්‍රිය සයිස් එකටනං අපේ ලෑලි පතුරු වලට කිට්ටු කරන්නවත් බෑ..) උන් ඇවිත් උන්ගේ රටේ වගේ හැසිරෙනවා.. ලිෆ්ට් එකක හෙම යද්දි වෙලාවකට හිතෙනවා අඩෝ මම මේ ඉන්නේ ඉන්දියන් ලිෆ්ට් එකකද කියලාත්.. ඒත් තරං හින්දි වලින් කච පචේ.. 

ඉතිං මුං ඇවිල්ල චූ කරන්න ගියත් කොහෙ ගියත් අපිම තමයි..මටනං පේන්නේ..අපිට වැඩිය ඇති දෙයක් උන්ගෙත් නෑ..උන්ගේ නැති දෙයක් අපෙත් නෑ.. කියල තමයි හිතෙන්නේ..ඒත් උන් බොහෝවිට පිලිවෙලට අදින්න උත්සාහ කරනවා පෙලක් විට උණ් ජොබ් එකට ඇදුම ටිකක් අපිට වඩා හිතනවා.. 

මොක ඇදන් මොන මහත්තයා ආවත් ඉන්ඩියන් උන් කැන්ටිමට ගිහින් කෑම වල මිල අහලයි කෑඹ ගන්නේ..මුල් දවස්වල බත් කද්දි මුන් කෑවෙ පරිප්පු විතරයි..තව ඉන්දියන් කෑම එහෙම ඒ දවස්වල කෑව..තෝසෙ වගේ ව..ඒත් ටික දවසක් යද්දි මුන්ට තේරුනා අපේ කැන්ටින් ඉන්දිය්න කෑම ඉන්දියාවේ පාරෙ තියෙන ඒව තරං වත් කික් එකක් නෑ කියලා..ඉන් පස්සේ මුන් අපේ කෑම වලට හුරු වුනා.. දැන් මුන් මාලු හොදි, පලාවර්ග, මෑකරල්, රතු අල වගේ තියෙන ඕනි ව්‍යාංජනයක් එක්ක පරිප්පු ටිකක් වැඩියෙන් ඉල්ලගෙන අපේ බත් එක් කනවා.. 

උණ්ගේ කෑම ක්‍රමවේද 

හැබැයි ඉන්දියන් කාරයො කන ටේබල් එක බලන්න ලස්සනයි.. කාල ඉවර වුනාම පිගානක එක බත් ඇටයක් ඉතුරු නෑ..උන්ට අපිට වගේ අපුල් රහ එහෙම නැතුව ඇති..කරපිංච කෑලි රම්පේ කෑලි කුරුදු කෑලි හෙමත් මැසිමට දැම්මා වගේ අඹරනවා සට සට ගාලා.. කිසිම දෙයක් නැති උන් කාපු පිගන් හරි ලස්සනයි.. වැඩේ කියන්නේ ඉන්දියාවේ වී හාල් එලෝලු ආදිය අපිට වඩා මිල අඩුයි බාගෙට බාගයකටත් වඩා..ඒත් උන් කෑම ආදිය ඉතුරු කරන්නේම නෑ කනවා ඔක්කෝම වගේ.. 

අපේ කැන්ටිමේ වුනත්, කන්න මාතර බත් කඩේකට හෝ වෙන පොස් තැනකට ගියත් අපතේ දෑම නම් අපේ සුප්පා විදියට වෙනවා..දානයක් මගුලක් තුලාවක් වුනොත් කනවාට වඩා මිනිස්සුන්ගේ පිගන් වල ඉතුරු වෙලා විසික් කරන ටික වැඩියි.. 

හාල් වී වගේම එලෝලු ජාතිත් හැමදාම ගනන් යනෝ..එන්න එන්න කන්න විතරක් අපේ බජැට් එකෙන් ලොුක ගානකට තට්ටු වෙන ලයින් එකක් එන්නේ..අපිත් ඇහැක් විදියට පමණට බෙදාගන්න ඕනි.. බෙදාගත්ත එක කන්න ඕනි.. ඉතුරු කොරන්න හොද නෑ.

මාත් දැන් දවස් කීපයක් තිස්සේ උත්සාහ කරනවා..කැන්ටිමේ කෑම ඇල්වතුරම වගේ දවස්වලට නම් ඉතිං ‍ටාගට් එක කවර් කරන්න ආමාරුයි..ඒම වුනත් 
  • තේවතුර බොන වෙලාව සහ කෑඹ වෙලාව අතර විසාල පරතරයක් තබාගැනීම.
  • ප්‍රධාන කෑම වේල් අතර පොඩි පොඩි කඩ කෑම ගොඩක් නොගැනීම. 
  • හොදින් බඩගිනි වුන විට කැන්ටිමට යෑම 
  • කෑමට නිසි වේලාවක් දවසේ වේනකරගැනිම   
වගේ ප්‍රයෝග වලින් බත් පිගාන සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ටිකක් හැකියාව ලැබිල තියෙනවා.. 

හාල් ගනන් කියල සිරිසේනට දොස් කියල වැඩන් නෑ..උන් ඡන්ද ගන්න වැස්ස වලාහක දෙයියනෝට පිරිත් කියන්න සර්කියුලර් ගහාවි..අපි අපිට ඇහැක් පමණට බෙදාගන්න සහ බෙදාගත් බත් එක ඉතුරු නොකර කන්නවත් පුරුදු වෙමු කාලේ හැටියට.. 

Monday, December 19, 2016

ඔක්ක‍ොම මටම තමයි

අපේ සමාජේ ජීවත් වෙන ගොඩහරියක් හිතං ඉන්නේ අනික් මිනිස්සු ලගපාත ඈයෝ තමුන්ට වින කරන්න ඉන්නවාය කියලා. රෑට යන ටෙලිනාට්ටි දෙබස් එහෙම අහන් ඉද්දි මට හිතෙනවා මිනිස්සු කොයි තරං ආසද තමුන්ට හතු‍රෝ ඉන්නවාය කියලා සතුටුවෙන්න තියනවනම්.. 

මේක අපේ අාසියානු ගතියක්ද එහෙම නැත්තං යටත් විජිත ගතියක්ද දන්නේ නෑ.සන්නිවේදනය ගොඩාක් දියුනු මේ කාලෙදිත් මිනිස්සු සෙයා කරන දේවල්.. කියන දේවල් එක්ක බැලුවාම හිතෙන්නේ මිනිස්සු නිතරම සතුරා කියන චරිතය විශ්වාස කරනවා..ඉරිසියාකාරයෙක්. වින කාරයෙක්, කරදරකාරයෙක්, හෝ මොකෙක් හෝ වෙලා අපේ සතුරා අපේ ජීවිතයට බලපෑම් කරනවා..

හැමෝම සතුරන්ගේ අකටුයුතු කම් වලට අහ‍ුවෙලා දැඩි පීඩා විදිනවා කියලයි කතාබහින් සහ අදහස් වලින් පේන්න‍ේ..ඒත් හොදට අහල බැලුවොත් කවුරුත් පිලිගන්නේ නැහැ තමුන් හතුරුකම ්කරනවාය කියලා..ඒ කියන්නේ සතුරුකමට ලක්වෙන මිනිස්සු ඕනි තරං..ඒත් හතුරකං කරන මිනිස්සු? උන් ඔහෙ බේතකටවත් සොයාගන්න නැහැ.. 

අපිට මොනාහරි වැඩක් කරගන්න ඕනි උනාම තනියම කරනවාට වඩා ලේසියි කන්ඩායමක් අටෝ ගන්න එක. ඒත් ඒකෙදි අපිට තේරෙනවා දේවල් සැනෙන් සෙනිකව විවේචනය කරන්න දක්ස අය හිටියාට දෙයක් කරන්න ගියාම ඒක කරගන්න හැකියාව හැමෝටම නැහැ.. ඉන් පස්සේ මම වගේ නම් සාමාන්‍යයෙන් අමුවෙන්ම කෙලලා අරිනවා..අපේ මෙන්න මේ වැරදි මේ වගේ තැන්වල තියෙනව.අපිට ඒව හදාගන්න තියෙනවා කියලා.. ඇත්තටම බොහෝවිට එහෙම කරන්නේ තියෙන යෝජනාත් එක්කම..අතැම් විට කල යුතු දේද සහිතව.. ඒත් ඕක අර හැමදාම හතුරන් එනතෙක් බලන් ඉන්න සැට් එකට පේන්නේ..ආන්න බුවා..බාල්දියා..ඕක හදන්නේ මේක නැත්කරන්න .. කියලා.. 

ඉතිං ඔහොම වක්කඩ කැඩුවා වගේ පොයින්ට් එක්ක කිව්වාම ඊලගට මොකෝ වෙන්නේ..වෙනද දත් 9කින් විතර හිනාඋනු නංගි ඉන් පස්සේ හිනාවෙන්නේ දත් 4කින් වගේ.. වෙනදා ඉතාම හොදට මුනු බලල කතාකරපු උන් කතාකරන්නේ අත පය වලට නැත්තං උරහිස හරියට.. මම හිතන්නේ එයාලගේ සංගමේ සතුරරෙක් එයාලට හමු‍වෙලා ඒ තමයි මම.. 

මගේ ලොකු කම කියන්න මම ලියනවා වෙන්න ුපුලුවන්..ඒත් ඕනිම දෙයක් තැන නොතැන නොබලා විවේචනය කිරීම නිසාම මට බොහෝ තැන්වලදි හතුරෙක් බවට පත්වෙන්න ලේසියෙන්ම අවස්ථාව ලැබුනා.. බොහෝ අය වැඩකට සංවිධානය වුනාම වැඩේ ගැන ගොඩාරියක් කතා කරනවා ඒත් මොකුත් කරන්නේ නෑ.. ඔහේ සිද්ද වෙනකල් ඉන්නවා..ඉන් පස්සේ අපි වැරදි පෙන්වාල දෙනකොට එයාල ඒක තමුනගේ ඔලුවට දාගෙන පුද්ගලයාගේ රූපය පමණක් ලොකුවට ගන්නවා.. 

ස්කෝලේ කාලේ අපි පොඩි පොඩි සෙල්ලම් කලාට
*  කන්ඩායමක් විදියට නියමිත වැඩකොටහක් සහිතව 
* සාකච්චා කරල පස්න විසදගෙන 
* එකිනෙකාගේ අදහස් වලට ගරු කරමින්
සංවිධානය වෙලා වැඩ කරනවා අඩුයි.. කැම්පස් වලදිත් දේවාලකරණයට වෙච්චි අවකාශ තුල කලින්ම තීරණය කරගත් දෙවිවරුන් නිරන්තරයෙන් රගන්න ගත්තාම අනික් අය අතවැසියන් වෙලා උන්ට බනිනවා ..නැත්තං උන්ව වන වන පස්සෙන් යනවා.. 

ඉතිං වැඩක් කරන්න ඕනි වුනාම 
* සංවිධානයක් හදාගැනීම..
* නිල තල බෙදාගැනීම සහ වගකීම් ඉටු කිරීම, 
* කාල රාමුවක් සහ න්‍යාය පත්‍රයක් සකසා ගැනීම.
* එකිනෙකා වැඩේ කොටස් කර බෙදාගැනීම.
* කාල රාමුවට අනුව වැඩය දියත් කිරීම,
* පැමිණෙන බාධක ගැන සාකච්චා කොට තීරණ ගැනීම 

වගේ දේවල් අපි ඉගෙනගන්නේම නෑ..ඉන් පස්සේ සමාජේට ගිහින්..අර තරුණ මදේට, පේස්බුක් ගිහින් මොකෝ කරන්නේ හැමදේම විවේචනය කරනවා..ඒත් ඇත්තටම දැන් ඔය බේස්පුක් එකෙන් මතුවෙන එක එක ඩෑල් ඉන්නවා නේ මේ අපිවගේ දේසපාලනය විවේචනය කරන..සහ මතවාද ගේන..ඇත්තටම ඒ අයට දුන්නොත් පොඩිම පොඩි දෙයක් සංවිධානය කරගන්න..මිනිස්සු එක්ක වැඩකරන්න.. වැඩක් ප්ලෑන් කරන්න.. වැඩිය ඕනි නෑ අවුරුදු උත්සවයක්..මියුසිකල් සෝ එකක්..ශ්‍රමදායනයක් වගේ එකක්.. ගොඩක් රගපාන අයගේ සැබෑ නිරුවත ආන්න ඒ තැන්වලදි එලියට එනවා.. 

මම හිතන්නේ ලංකාවේ ඉන්න ක්‍රමයට විරෝධතා දක්වන බොහේ විවේචකයින් ඔවුන්ට බලය ලැබෙන අවස්ථාවලදී 80%කට වඩා ඒ තැන්වලදී අසාර්ථකයි.. ඔවුන්ට පවතින ක්‍රමයට විරෝධයක් පවතින්නේ අර ඉහලින් කිව්ව සතුරකු ඇතිකරගැනීම..පොදු සතුරෙක් වීම නිසා පිරිසට එකතුව පහරදෙන්නට හැකිවීම වැනි කාරණා කිහිපියක් පදනම් කරගෙන විතරයි..එයින් එපිට..යම්කිසි ගැටළුවකට බලපාන සියලු කරුණු එකතුකරගෙන එම ගැටලුව විසදගන්න කියලා බලය දුන්නත්..ගොඩක් අයට ඒක කරගන්න බෑ. 

මේ බැරියාව කියන එක එක රැයෙන් බනකින් හරි මෝටිවේසන් ලෙක්චර් එකකින් ගොඩ දාන්න බෑ.මිනිස්සු එක්ක ගනුදෙනු කිරීම, තීරණ ගැනීම, කාලසටහනකට වැඩ කිරීම. අන්‍ය මත ඉවසීම අපි කුඩාකල සිටම දියුනු කරගන්නෝ නම් වටිනවා..නැත්තං හැමදාම බැනලා බැනලා එක දවසක බලය බනින අයට ලැබුනාම..ඒ අය කලිං හිටපු හොරුන්ටත් අන්ත තත්වයට පත් වෙනවා.. 

අවසාන වසේන් මට කියන්නට ඕනි වෙන්නේ සතුරෙක් කියන්නේ අපි ආස කරන දෙයක්..සතුරෙක් නැහැය කියලා හිතලා වැඩකරන්න පුලුවන් නම් සෝක්..ඒකට සුට්ටක් අපි හිතන විදිය වෙනස් කරගන්න වෙයි..ඒත් කරගත්තට පාඩු නෑ..නොපෙනෙන නොපවතින සදාකාලික සතුරන්ට මුලු ජීවිත කාලේම වෛර කරනවාට වඩා හැමෝ එක්කම හිනාවෙලා සතුටුවෙලා ඉන්න පුලුවන් නම් ඒකම මැදැයි ජීවිතේට.. 

Monday, December 12, 2016

දේශපාලන දෙවිවරුන්ගේ බලය

රාජපක්ෂ නැති කල ඒ පාක්ෂිකයින්ට දැනුනේ මේ රට මනමාලය නැති මගුල් ගෙදරක් වගේ. රාජපක්ෂ කියන්නේ විපක්ෂයේ පුද්ගලයින් පවා ආකර්ශනය කල චරිතයක්. සැබැවින්ම රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය කියන එකට තිබුන ඡන්ද ප්‍රමාණය වැඩිවුනා..යූ ඇන්පී චන්ද පදනම එකලදි එතරම් වැඩිවීමක් සිදු වූයේ නෑ.. 

කේන්ද්‍රීය පාලනය

ක්‍රියාවලිය කෙතරම් අහිතකර වුවත් රාජපක්ෂ යනු කේන්ද්‍රීය පාලකයෙක්. ඔහුට අවනත නොවන තැනක් තිබුනේම නැති තරම්. ඔහු බලය කෙලින්ම නොවුනත් වක්‍රාකාරයෙන් හෝ හැමතැනදීම පාවිච්චි කරන්නට පෙළඹුනා. මෙහි හොදක් දියුනු ලෝකයක දියුනු මනසක ඉන්න අයෙකුට පේන්නේ නැහැ..නමුත් අපේ රටේ කිසිම පද්ධතියක් දියුනු නැහැ..තවමත් ඒවා දුවන්නේ ඉපැරණි මතිමතාන්තර සහිත ඔලු වලින්..ඉතිං වාහනේ හිැටියට එපාය ඩයිවර උන්නැහේ.. හැදෙන්න.. දැන් හිතමු අපේ පාරේ බස් එලෝන, පස්සෙ බස් එක දිහා බලං පිඹගෙන යන ඩයිවරයෙක් කෝමද එංගලන්තේ බස් එකකට දාන්නේ..බෑනෙව..ඌ ෆේල්.. 


රනිල්ගේ ලෝකය 

රනිල් කියන්නේ ආකර්ශනීය දේශපාලන චරිතය ක් නෙමෙයි..ෆිල්ම් එකක වුනත් රනිල් කියන්නේ කෙල්ලගේ මොංගල් සහෝදරයා වගේ සෙවල චරිතයක් මිස පෙම්වතා විදියට සලකන්න අපේ සමාජය කැමති නෑ..අනෙක් පසකින් ඉහලම කෙළවරේදී හැරදා යාමේ අමුතු ගතිගුණයක් රනිල්ට දිගටම තිබෙනවා..ඔහු ඉහලට පත් කල පසු ඔහු හැසිරෙන්නේ කිසිසේත්ම අප වැනි රටක ඉහල තනතුරකට අදාල විදියට නෙමෙයි.. 


රනිල් මහින්ද 

කෙතරම් විවාද වාද තිබුනත් බල ධූරාවලියේ ඉහල තැන්වලදී රනිල් සහ මහින්ද කියන්නේ යහලුවන් මිතුරන් සහ නෑයින්.. සැබැවින්ම ලංකාවේ පද්ධතින් වලට දැනෙන රට සංවර්ධනය කල හැකි ප්‍රබල වෙනස් කම් කරන්න නම් වර්ථමානයේ තියෙන ක්‍රමය තුලින් අසාමාන්‍ය ලාබ ලබන හොරු සහ වංචාකාරයින් ටික කපන්න ඕනි..අලුතින් වංචා අඩු හොරකම අඩු මිනිස්සු ටිකක් පත්කරගන්ට ඕනි..මේක කරන්නලේසියෙන් බෑ.ඒත් රනිල් මහින්ද එකතු වුනානම් උඩ ලේයර් එකේ පැලපදියම් වෙලා ඉන්න ලොකු හොරු පොඩි හොරු ටික ලේසියෙන්ම එලෝල හෝ මකෝල අලුතින් හිතන අලුත් පිරිසක් පත් කරගෙන අලුත් ක්‍රමයක් ගැන හිතන්නට තිබුනා.. 

අපි දූෂිත ක්‍රමයක් ගනිමු අධ්‍යාපනය..දැනට ඉස්කෝල වල ලොකු තැන් පින්සිපල් වාගදෛ්වල් තනිකර මුදල් උපයන තැන්..අයථා කලු සල්ලි ජනප්‍රිය පාසල් පිනාලා ගාව තිබෙනවා..ඉතිං පක්ෂ දේශපාලන ක්‍රමය නිසා ප්‍රින්සිපල්ලා තමුන්ට තියෙන බලය සහ ධනයෙන් ටිකක් මන්ත්‍රි දේශපාලුව්නට  දීල අනවශ්‍ය බලයක් තමා වටා ගොඩනගා ගන්නවා..මේ අය එලවන්න වඩාත් ලේසි වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකම මේ වගේ බැලයින්ට එන්න බැරිවෙන්න හොද පද්ධති වලට රට එක්කරං ගියොත් විතරයි.. 


ජයලලිතා ගේ මලගම 

මහින්ද ගියායින් පස්සේ හොදක් වුනා..එලවන්න දායක වුනු මම ඇතුලු දායක පිරිස එහෙම බණක් කිව්වට සැබැවින්ම මොකද්ද උණු හොදේ..? යමක්කොරනවා කියලා කියනවා..පමණයි.. හොදක් වෙලා නැහැ..කියන එක ඡන්දෙ දුන්න අපි ලැජ්ජාවෙන් උනත් පිලිගන්න ඕනි.. සිරිසේන වැනි චරිතයක් ගැන කතාකරන එක තේරුමක් නෑ.. කතාන්දර ආතා ජනාධිපති වුනා වගේ කතාන්දර කියන්න දක්සයා ..එපමණයි.. 

ජයලලිතා ඉන්න කාල ජෙයලලිතා තමයි ගෑනි.. එතන වටේ තමයි බලය..දැන් එයා මලා...දැන් පොඩි බල අස්ථාවරත්වයක් තිබෙනවා.. ඕක උඩුදුවන්න ගත්තොතින් තමිල්නාඩුවත් අස්ථාවර වෙනවා..සැබැවින්ම සමහර දුප්පත් රටවල් දුප්පත් වෙලා තියෙන්නෙ බලය ඒකරාශී නොවී විවිධ සන්නද්ධ සහ වෙනත් කන්ඩායම් වටා බලය විහිදීම නිසා.. 

අපි රටක් විදියට රාජපක්ෂ වටාත් ප්‍රාන්තයක් විදියට ජයලලිතා වටාත් වඩාත් කේන්ද්‍රිය බලයක් එකතු වුනා..ඔවුන් දක්ෂ පාලකයින් නොවන්නට ඇති..නමුත් විවිධාකාර කොල්ලකරුවන් අටොරාශියකට විවිධාකාරයෙන් ගසාකන්නට දෙනවාට වඩා එකම කන්ඩායමකට කන්න දීම හොද නැද්ද...කැඩෙනවාට වඩා එක සෙට් එකක් කන එක මට අනුව හොදයි.. එතකොට අඩුම තරමේ පගා දෙන්න වෙන්න පිරිසට හරි ලේසියක් තියෙනනවා.. නැත්තං පගා දීල ඉවර වුනාම කරන්න ව්‍යාපෘතියකුත් නැතිවෙන තරමට කන්ඩායම් ඉන්නෝ නේ.. 

මම කියන්නේ බොරු.අලුත් ආණ්ඩුව සෝක් . අලුත් අය ගසා කන් නෑ කියන අය දන්න කියන ප්‍රධාන ආයතන කිහිපයක ඇතුලට පොඩ්ඩක් ඔලුව දාල මැදහත් අයකුගෙන් විස්තර අසා දැනගන්න.. පෙරට වඩා ගසාකන වංචාකරන හොරු වැඩිවෙලාද අඩුවෙලාද? පොඩ්ඩක් බලලා කමෙන්ට් එකක් දාල යන්න බලන්න එහෙනං..