Saturday, July 29, 2017

දෙවන ලෝක යුද්ධයේදී ලංකාව සතුරාට යට නොවුනේ ඇයි


දෙවන ලෝක මහා සංග්‍රාමය අන්ත දෙකකින් ක්‍රියාත්මක වූ මහා සංග්‍රාමයක්. එක් පාර්ශවයකින් ජපානය සිය අධිරාජ්‍යය චීනය සහ අග්නිදිග ආසියාව දෙසට ව්‍යාප්ත කරන්නට උත්සාහ කරන අතර අනෙක් පසින් ජර්මනිය සිය ලෝක රාජ්‍යය යුරෝපය මූලික කොට ගෙන තනාගන්නට වෙහෙසුනා. දෙවන ලෝක යුද්ධය විසින් එවකට ලෝක ජනගහනයෙන් සියයට තුනක පමණ ජනතාවක් ලෝකයෙන් මුළුමනින්ම අතුගා දමන්නට සමත් වූ මහා ව්‍යසනයක් වුනා. 
 
1942 අප්‍රේල් මස 05 වැනිදා කොළඹ වරායට බෝම්බ දැමූ ජපනුන් HMS Cornwall සහ HMS Dorsetshire යන බ්‍රිතාන්‍ය විශාල නෞකා දෙක මුහුදුබත් කලා.  ඊට දින 4කට පසු ත්‍රීකුණාමලයට ප්‍රහාර එල්ල කල ඔවුන්,ගුවන්යාන ප්‍රවාහන විශාල යුධ නෞකාවක් වූ HMS Hermes සහ එහි සහායක නෞකා 4ක් ගිල්වා දමන්නට සමත් වුනා. වාර්ථාවන පරිදි මෙම නෞකාවල සිටි යුධ නාවුකයින් 728ක් ජීවිතක්ෂයට පත්කරන්නට මෙම ජපාන ප්‍රහාර මාලාව සමත් වී තිබෙනවා. 
ජපනුන් විසින් ගිල්වනු ලැබූ HMS Dorsetshire නෞකාව
 එවකට සිලෝන් නම් වූ ලංකාවේ මඩකලපුව ත්‍රීකුණාමලය සහ කොළඹ වරායන්හි නවතා තිබූ  නැව් වලටත් ඒ ආසන්න භූමියේ ස්ථාන කිහිපයකටත් මේ ප්‍රහාරවලින්  දැඩි ලෙස හානි සිදුවුනා. එම ජපාන ගුවන් ආක්‍රමණය සිදු වන්නේ ජපානය ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දැමීම හා සමරූපි ලෙසින්.  පර්ල් වරායට බෝම්බ බලකායේ මෙහෙයුම් ප්‍රධානී අදමිරාල් Chuichi Nagumo ඇතුළු එම කන්ඩායම මෙම ලංකාවේ වරායන්ට බෝම්බ හෙලීමට  දායක වී තිබුනා. ඔවුන් එම ගුවන් යානා ගුවන්ගත කරන්නේ  ජපාන පුහාරක ගුවන් යානා නංවන Akagi,Shokaku ආදී නෞකාවන් (Aircraft Carrier) මත සිටයි. එහිදී ත්‍රීකුණාමල සහ කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ සුවිසල් නැව් 5ක් මුහුදුබත් කරන්නට සහ විශාල හානියක් සිදුකරන්නට  එම ජපාන ගුවන් මෙහෙයුම සමත් වුනා. එවකට රේඩාර් වලින් සන්නනද්ධව ප්‍රහාරයකට සූදානමින් සිටියත් පලපුරුදු ජපන් ගුවන් කන්ඩායමට දැඩි අලාභයක් කරන්නට ලංකාවේ එවකට සිටි බ්‍රිතාන්‍ය හමුදා සමත් වී නැහැ. 

දුර ගැටළුව

ජපානය සහ ජර්මනිය යන දෙවන ලෝක යුද්ධයට මූලික වූ ප්‍රධාන පාර්ශව දෙකම ලංකාව සහ ඉන්දියානු සාගරයෙන් බොහෝ දුරස්ථ වූ රටවල් දෙකක්. ජර්මනිය විසින් අවස්ථා ගනනාවකදීම ඊජිප්තුවට ප්‍රහාර එල්ල කරනු ලැබුවත් ඔවුන්ට සූවස් ඇල යටත් කරගන්නට අවකාශ ලැබෙන්නේ නෑ. එම නිසා ජපාන හමුදාවට සහාය පිණිස ජර්මනියට සිය යාත්‍රා දියත් කිරීමේ අවශ්‍යතාවයක් තිබුනත් එය කල හැකි වුනේ අප්‍රිකාව වටා අමතර සති කිහිපයක් යාත්‍රා කිරිමෙන් පමණයි. 

ඉන්දියානු සාගරයට ජර්මානු යූ බෝට්ටු පැමිණි මාර්ගය
 ජලය මතදී යාත්‍රාවක් සේ ධාවනය කල හැකි සේම ජලය තුල කිමිදී සැඟව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවන්ගෙන් යුත් ජර්මානුන් සතු යූ බෝට්ටු (U Boat) දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂික නැව් සිය දහස් ගනණක් ගිල්වන්නට සමත් වූ  ජර්මනිය සතු ප්‍රබලතම යුධ උපක්‍රමයක් වුනා. මෙම ජර්මන් යූ බෝට්ටු කිහිපයක් ඉන්දියානු සාගරයේද ක්‍රියාත්මක වුනා. ජපානය ලංකාවට බෝම්බ දමා අවුරුදු 2කට ආසන්න කාලයේදී  1944 පෙබරවාරි 29 වැනිදා ජර්මානු යූ බෝට්ටුවක් වූ U-183 විසින් ගාලු වරායට කිලෝමීටර 740ක් නුදුරේදී Palma නම් ටොන් 5419ක බඩු සහිත වාණිජ නැව ගිල්වනු ලැබුවා. බ්‍රිතාන්‍ය පාර්ශවයේ එම නෞකවේ  නාවුකයින් දෙදෙනකු අහිමි වුවත් 42ක් වූ කපිතාන් ඇතුළු නාවුක පිරිස HMS Balta යාත්‍රාව මගින් බේරාගෙන මාර්තු 2 වැනිදා කොළඹ වරායට ඇරලවා තිබුනා. 
 
ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් සාගරයේ ජපාන හමුදාවට සහාය පිණිස ජර්මානුවන් විසින් එවනු ලැබූ යූ බෝට්ටු ඇණිය Gruppe Monsun ලෙසින් හඳුන්වනු ලැබීය. පෙර කීවාක් මෙන් ඊජිප්තු කලාපය ජර්මානු ආක්‍රමනයට නතු නොවූ බැවින් සූවස් ඇලේ වාසිය ගත නොහැකි වූ මෙම ජර්මානු යූ බෝට්ටු  වලට ඉන්දියානු සාගරයට පිවිසෙන්නට සිදු වන්නේ අප්‍රිකාව වටා යාත්‍රා කිරීමෙනි. ඒ අතරමගදී මැඩගස්කරය ආසන්නයේදී ඒවාට මිත්‍ර පාර්ශවයෙන් ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල වුවද මැඩගස්කරය පසුකොට ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගොස්  එම ජර්මානු යූ බෝට්ටු 1943 ජුනි ජූලි මාසවලදී සුමාත්‍රා ජාවා දූපත් ආසන්න ජපාන හමුදාවලට සිය සහයෝගය ලබා දී තිබේ. 

1942 මාර්තු 8 වැනිදා සියම හෙවත් වර්ථමාන බුරුමයේ රැංගූන් ද මාර්තු 9 වැනිදා සුමාත්‍රාවද ජපානය අත්පත් කරගන්නා ලදී. සිංගප්පූරුව මැලේසියාව ආදී සමස්ථ අග්නිදිග ආසියාවේම විශාල කොටසක බලය 1942 මැදභාගය වනවිට සතුව තිබුනේ ජපානය වෙතය.  එහෙත් ලංකාව සහ ඉන්දියාවට ඉන්දුනීසියානු සුමාත්‍රාවේ සිට කිලෝමීටර 2000ක  දුරක් ගෙවා ආ යුතුය. ලංකාවට නැගෙනහිර දෙසින් වූ අන්දමන් නිකොබාර් දූපත්ද ජපානය විසින් 1942 සිට 1945 දක්වා වසර තුනකට අධික කාලයක් සිය ආධිපත්‍යයේ තබාගන්නා ලදී.

 එහෙත් ජපනුන් විසින් ඉන්දියානු සාගරයේ නාවුක බලය මඩිනු පිණිස කොළඹ වරාය ත්‍රිකුණාමලය ආදී ස්ථානවලට සහ බ්‍රිතාන්‍ය නැව් වලට ප්‍රහාර එල්ල කලා විනා ලංකාව අල්වාගන්නට විශාල ලෙස සැලසුමක් තිබූ බවක් නොපෙනේ. එහෙත් යම් ලෙසකින් ජර්මානු සහ ජපාන අන්තයන් දෙක එකතුවීමේ සැලසුම ඉන්දියානු සාගරයේදී සාර්ථක වූයේ නම් ඇතැම් විට ලංකාවට එයින් යම් බලපෑමක් එල්ල වන්නට ඉඩ තිබුනි.

ඉන්දියානු උපමහද්වීපයේ බලය

ලංකාව 1815ට ප්‍රථම සම්පූර්ණයෙන්ම වෙනත් ජාතියකට යටත් වී නොමැති මුත් ක්‍රි.ව 1500ට ප්‍රථම උතුරු පලාතේ කොටස්ද ඉන් පසු යුරෝපීය ජාතිකයින් විසින් වෙරළබඩ කලාපයේ කොටස්ද පාලනය කරන ලදී. ලංකාවෙන් කොටස් අල්වාගෙන සිටි කාලිංග මාඝ, දකුනු ඉන්දීය ආක්‍රමණිකයන්,  පෘතුගීසි, ලන්දේසි සහ සම්පුර්ණයෙන්ම යටත් කරගත් බ්‍රිතාන්‍යයන් සැලකූ කල එක් පොදු ලක්ෂණයක් තිබේ. එනම් ඔවුන් අඩුතරමේ දකුණු ඉන්දියාවේ කොටසක හෝ බලය සහතික කොට ගෙන ඉන් පසු ලංකාවේද බලය නතු කරගෙන තිබේ. පෘතුගීසි ලන්දේසි යුගයේදී ඉන්දියාවේ කේරළය සහ ගෝව ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් විය. ඒ අනුව ඉන්දීය උපමහද්වීපයේ පහල කොටසක හෝ බලය ලංකාව යටත් කරගන්නා කවර  ජාතියකට වඩාත් වැදගත් සාධකයක් වේ.  
ලෝ යුධ සමයේ ගිලුනු අහස්යාත්රාවක් ගොඩට අදින ලාංකික පිරිසක්
1818 උඩරට මහ කැරැල්ල ගැන වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ ලිපි ලේඛන පිරික්සීමේදීද යම් ලෙසකින් උඩරට කැරැල්ලක් සාර්ථක වුවද ඉන් පසු කලෙක ඉන්දියාවේ සිට පැමිණෙන ඉංග්‍රීසි හමුදා විසින් නැවත කැරළිකරුවන්ගේ බලය අභියෝගයට ලක් කිරීමේ දැඩි අවධානමක් තිබූ බැව් පැහැදිලිව නිගමනය කල හැකිය. 

ජපානය විසින් බුරුමයේ මායිමද පසුකොට ඉන්දියාවේ ඇසෑම් කෙළවර දක්වා බලය ව්‍යාප්ත කරගත් මුත් ඉන්දියාව ඔවුන් සතු කරගන්නට ජපනාට නොහැකි විය. එම කාලයේදී නොබෙදුනු ඉන්දියානු මහා උපමහද්වීපයම බ්‍රිතාන්‍ය සතුව තිබූ සුවිසාල යටත්විජිතයකි. ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ පතාක යෝධයෙකු වූ සුභාෂ් චන්ද්‍රා බෝෂ් බුරුම අන්තයේ ජපාන හමුදා වෙත සහාය දැක්වුවද එහි බලපෑම සිතූ තරම්ම දැඩි වූයේ නැත. ඉන්දියානු උප මහද්වීපය විශාල බලයක් සහිත බ්‍රිතාන්‍යයට නතුව තිබියදී ජපානය විසින් ඉන් පහල තිබෙන ලංකා දිවයින යටත් කරගෙන පවත්වාගෙන යෑම සැබැවින්ම විශාල අභියෝගයකි.

බ්රිතාන්යෙය් බලය

එවකට හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලිය ලත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැවැත්මට දෙවන ලෝක යුද්ධය විශාල අභියෝගයක් වූ නමුත් එම යටත් විජිත වැසියන්ගේ දේශපාලන නිදහසට එය වෙස්වලාගත් ආශිර්වාදයක් විය. බ්‍රිතාන්‍ය මෙන්ම නෙදර්ලන්ත, ප්‍රංශ යටත්විජිත රැසකට දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන නිදහස ලැබෙන්නට විය. 

ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ ජර්මානු අධිරාජ්‍ය පිණිස සටන් වැදි ඇණිය විසින් බ්‍රිතාන්‍ය ඇමරිකා සහ යුරෝප නාවුක බලය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. සමස්ථ ලෝකයේ සැපයුම් ජාල වෙළඳ ජාල උඩු යටිකුරු කරන්නට මෙම හිට්ලර්ගේ හමුදාවනට අවකාශ ලැබුනි. යටත් විජිත රැසක හිමිකාරිත්වයෙන් මිහිපිට දෙවියන් බඳු සැප මාලිගවල සිටි එවකට එංගලන්ත ජාතිකයන්ට සිය අහර කිස පිණිස ගෙවතු වැඩ කරන්නට නැවත වගාබිමට බහින්නට දෙවන ලෝක යුද්ධය විසින් පාර කපන ලදී. 

ජර්මානු හිට්ලර්ගේ යුධ පිවිසුමේදී සෝවියට් දේශ්‍ය ආක්‍රමනය කරනවාට වඩා දුරින් ආසන්න වූ ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය යටත් කරගන්නට සම්පූර්ණ බලය හිට්ලර් විසින් යෙදවූයේ නැත්තේ මන්දැයි ඇතැම් ඉතිහාසඥයින් විසින් ප්‍රශ්ණකරන ගැටළුවකි. එවකට ආහාර ගැටළුවකට මුහුනපා සිටි ජර්මනිය සිය ආහාර අවශ්‍යතා වෙනුවෙන් සෝවියට් දේශයේ වගාබිම් හරහා සිය යුධ මෙහෙයුම් කරන්නට ඇති බව ඒ ගැන ඇති එක් ප්‍රබල මතයකි.
 ජර්මානු ගුවන් බෝම්බ වලින් ගිනිගෙන දැවෙන ලන්ඩනය
1940 සැප්තැම්බර් 07 වැනිදා බ්‍රිතාන්‍යය දෙසට පැමිණෙන ජර්මානු යානා 1000කි.  අහසේ දකින මහා කුරුළු රෑනක් සේ ජර්මානු බෝම්බ රැගත් යානා බ්‍රිතාන්‍ය වෙත ආහ. පැමිණ ලන්ඩනය ඇතුළු සියලු බ්‍රිතාන්‍ය ප්‍රබල නගර සියල්ලම සුනු විසුනු වී යන පරිදි බෝම්බ හෙලනු ලැබීය. ඊළඟට එලැඹි රාත්‍රීන් 76ක් පුරාවට දිනපතාම ලන්ඩනයට සහ මහා බ්‍රිතාන්‍යෙය් සෑම නගරයකටම ජර්මානු බෝම්බ පතිත විය. එහෙත් එයින් බ්‍රිතාන්‍යය මට්ටු කරන්නට ජර්මානුන්ට නොහැකි විය.වර්ශාවක් මෙන් පතිත වූ මෙම බෝම්බ වලින් පිපිර ගිය නොගිය බෝම්බ සොයාගැනීම් ඉතාම මෑතක් වනතුරුත් ලන්ඩන් නගරයෙන් වාර්ථා වෙමින් තිබුනි.  ජර්මානුවන් සතුව තිබූ යූ බෝට්ටු මගින් මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක බ්‍රිතාන්‍ය වෙත වූ ආහාර සහ සැපයුම් නැව් පිටින් ගිල්වනු ලැබීය. අහර සලාකයකින් යාන්තම් සප්පායම් වෙමින් රාත්‍රියට බෝම්බ බියෙන් ගැහෙමින් එකල ලන්ඩන් වැසියන් ගෙවූ කරුම දිවිය ලෝක යුද්ධයේ තවත් එක් පැතිකඩක් විය. 
 
යම් ලෙසකින් එවකට අපද අයිතිව සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් හදවත බඳු මහා බ්‍රිතාන්‍යය ජර්මනිය සතු වීනම් එවකට සිලෝන් දිවයින වූ ලංකාවද ඉබේම ජර්මානු යටත් විජිතයක් වනු ඇත. ජර්මානු යුද්ධයෙන් ජයගත්තේ ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය නිසා බ්‍රිතාන්‍යය ජර්මනියට යටත් වීම කිසිසේත්ම නොවිය හැකි ඉතාම අභව්‍ය දෙයක් ලෙස යුද්ධයෙන් ජයගත් පාර්ශවය විසින් අතිශයෝක්තියෙන් ලියූ බොහෝ වාර්ථා වල දැක්වේ. එහෙත් යුද්ධයේ මුල් කාලයේදී ජර්මනිය සහ ජපානය යනු  විරුද්ධ මිත්‍ර පාර්ශව සිතූ තරම්ම  සරල වූ පෙරමුණක් වූයේ නැති බැව් ඔවුන් සිදුකල විනාශයන් පිරිස්ක්සීමේදී පෙනී යයි. 
 බ්‍රිතාන්‍ය හමුදාවට සෙබලුන් බඳවාගන්නා දැන්වීමක්
 ලාංකික දේශපාලන පසුබිම
 
1940-42 වනවිට ලාංකික ස්වදේශිකයින්ට බලය යම්තාක් ලබාදී මෘදු පාලනයකට බ්‍රිතාන්‍ය රජය කැමති වෙමින් තිබුනි.  ජපානය විසින් නතුකරගත් ඉන්දුනීසියානු දිවයින් සිංගප්පූරුව මලයාව, පිලිපීනය, වියට්නාම සහ චීන ජාතිකයින්ට බොහෝ තැන්වලදී  ජපනුන් සලකා තිබුනේ ඉතාම කෘෘරතර ලෙසයි. ජේ ආර් ජයවර්ධන මහතා පසුකලෙක පවසා තිබූ පරිදි ඔවුන් ජපානයට ලංකාව නතු වී නම් කුමක් කරන්නේද යන්න ජාතික දේශපාලකයින් ලෙස රහසිගත සාකච්චා වල පවා නිරත වී තිබුනා. ජර්මනියට හෝ ජපානයට ලංකාව නතු නොවීම , ඔවුනට යටත් වූ රටවල් වල එකල ඉරණම දෙස බැලීමේදී අපගේ එකල විසූ ආච්චිලා සීයලා ලැබූ වාසනාවකි . බලකාමයෙන් මත් වූ  රණකාමින් යනු වර්ථමාන ඉතා දියුණු ගති සිරිත් ඇති ජර්මානුවන් හෝ ජපනුන් නම් නොවෙයි. 

දෙවන ලෝක යුද්ධයේදී අපි අයින් වෙලා තිබුනේ ඇය ිකියන කාරණාවට අවශ්‍ය සැලකිය යුතු කාරණා කිහිපයක් ඔබට මෙයින් ලැබෙන්නට ඇති. ඔබටත් ඒ ගැන අදහස් තිබේ නම්  හුවමාරු කරගන්න අමතක කරන්නට එපා.  

Friday, July 28, 2017

ගතිසොබාව කාන්තා නිදහස

දන්න කෙල්ලෙක් මාතර
හොඳම බාලිකාවක
මා මිතුරු ඒ යුවතියට
බැදල ලමයිත් සිටි දැන්

කරන්නට යනවා ස්කෝල 
ගෙට් එකක්
ලොකුවට හැඩට ලකයට

ඒ ගොඩක් යුවතියෝ 
දැන් ගෑනුනෙව අම්මලා වුන
ළමයිතුත් අරං ගෙට් ටුගදෙරට
එන්නද අහනෝලු දැන් 
හැමෝම නෙවෙ බාගයක් විතර 

මොන්ටිසෝරි සහ ආසන්නේ 
වයසේ ලමයි එක්ක ගෑනු
කොහෙද එතන ගෙට් එකක් 
වගේ නේ නර්සරි පංතියක් 

දෙන්නේ නෑ ලු එලියට බහින්න
ළමයි නැතුව ඒ ගෑනුන්ට
උන්ගේ ආදරණීය පිරිමි 
හබ්බෝ සැමියෝ සහ පෙම්බරයා නෝ ලා.. 

ගෑනුනම් බැන්දම පිරිමියාට දානෝ නේ නීති හරහට
මගේ (පිරිමි) යාලුවෝ සමහරු 
ආවත් වෙඩින් එකකට
ලමයා නලවන් ඉන්නවා 
එන් නෑ කන බොන පලාතට
ගැනි ගහවිය කියලා
උන් ඇත ගොඩක් බයවෙලා..

ගෑනු කැමති නෑ
පිරිමියා බීලා කරලා ආතල් ගන්නෝට
මිනිහ කැමති නෑ ළමයි නැතුව ගැනු 
තනියම එහෙමෙහෙ යනෝට

ඒක මෙහෙ බහුතරේ ජෝඩුවල හැටිය
ඒකලු ආදරේ විදිය ගතිය
ගතිසුවබාවේ..
එහෙමලු රැකවරනේ ජාති ජාති බැදීම.. 
අනේ හුකේ ටන්නානේ

Thursday, July 20, 2017

නේපාල ගමනේ කෑම

ගුවාටි බැහැල නේ මම නේපාල ගියේ..මේ තියෙන්නේ ගුවාටි වල තිබුන පොඩි රයිස් කඩයක්. මේවයේ මොමෝ ෆ්රයිඩ් රයිස්.. නෝමල් රයිස්.. බිරියානි වගේ දේවල් තියෙනවා.. මේ පැත්තේම මොමෝ ජනප්‍රියයි. ෆ්‍රයිඩ් රයිස් කිව්වට මදක් ගහන හාල සහ රස නම් වෙනස් වෙනවා.
 දුම්රියේ යද්දි කෑම නම් මදිපාඩු නෑ. මේ පොටෝව ගහන වෙලාවෙත් ඒ ඉදිරිපස පෙන්නුම ්කරන පවුලේ අය මොනවද කනවා.. කෝච්චිය නැවතුමක නැවැත්තුවාම වටේපිටේ වෙලෙන්දෝ ඔක්කෝම නගිනවා නැගලා විකුනනවා.. ඒ වගේම කොච්චිය ඇතුලේ බත් ඕනි නම් ලොකු බිරියානි එහෙම ඕනි නම් ඕඩර් කරලා ගන්න පුලුවන් කම තියෙනවා. මෙතනදි කියන්න ඕනි එහෙ බත් එක්ක දෙනෝ තෙල් එකක්..මට නම් ඒ තෙල ටිකක් අප්‍රියය්.
 මේ කට අපේ දෙමල කඩේ වඩේවිතර සයිස් පූරි තුනක් දෙනවා රුපියල් විස්සක් විතරයි.. ඒකට කරි එකකුත් දෙනවා..කෝචිචිය ස්ටේෂන් එකක නැවැත්තුවාම තමයි මම ස් එකක් දාල මේ ක ගෙන්නා ගත්තේ.. ඒ විදියට සාමාන්‍යයෙන් ගොඩක් අය කෑම පොරකකා ගන්න තැන් තියෙනෝ නේද? ආන්න ඒ තැන්වල බොහෝවිට කෑම හොදයි..කෝචිචය නැවැත්තුවාම ඇතැම තැන්වල ෆ්ලැට්ෆෝම් එක දිගට කෑම කඩ..ඒත් හැම එකටම මිනිස්සු යන්නේ නෑ..පුරුදු කාරයෝ යන්නේ රස තැනට..එතනින්ම අපිත් ගත්තම ලෙසට කත හැකි ඉතිං.. මේ කෑම දෙද්දි මිරිස් කෑලි ලූනු කෑලි දෙනවා.. බත් වලට එලෝලු එහෙමත් දෙනවා..ඒත් රස නම් පොඩ්ඩක් වෙනස් මොකද පොල්තෙල් නෙමෙයි නේ ගහන්නේ..
 මේ නේපාලබෝඩරයට යන්න බස් එක නැවැත්තුව තැන මෙතනින් රුපියල් දහයකට මිරිසට හදාපු කඩල කරියක් වගේ එකක් ගන්නට පුලුවනි..තව ඉතිං තේ වතුර බොන්නත් පුලුවනි.. පොඩ්ඩක් සූම් කල බැලුවොත් මේ කඩේ බොඩ් එකේ තියෙන ස්පෙලින් මිස්ටේක් ගානත් අල්ලගන්න පුලුවන් වේවි ඔ්‍යාලට..
 නේපාලයේ ඇතුලත බෝඩරේ ඉදලා පොකරා වලට යද්දි තමයි මේක පිංතුරය හසු වුනේ.. මේ නේපලි මිනිස්සු ටිකක් සොබාවික බීම ජාති වලට ලැදියි..ඒ කිව්වේ කඩවල තියෙන පැණිබීම වලට වඩා මිනිස්සු උක් වලින් හදන බීම, දොඩං ජාති අනම් මනම් බොන්න මනාප ගතියක් තියෙනවා..එවෙලේම අඹරාගත් උක් වලින් හදන බීමක් මේ සීමාවේ ඉන්දියාවෙත් තිබෙනවා.අපි ඉල්ලුවාම උක් දඩු ටික දාලා මැසිමෙන් අඹරලා යුෂ ටික අරන් දෙනවා.
 නේපල් පොකරා ඉදලා කදු නගින්න යද්දි හමුවුන කඩේ තමයි මේ.. මේ කේ වගේම නේපල් ගොඩක් කඩවල කිසිම අවුලක් නැතුව අරක්කුවිස්කි විකුනනවා.. මේකෙදිත් බස් එකේ ගිය කිහිප දෙනෙක්ම හීනියට සොට් එකක් දාගන්නවා දැක්කා.. මේ කඩවලත් තියෙනවා පොඩි පොඩි කෑඹ ජාති..මට මතක විදියට මෙතනින් කඩල කරියක් සහ බිත්තරයක් බඩට දාගත්තා මාත්
 තුක්පා හෝ තුප්කා කියන නූඩ්ල්ස් ජාතිය තමයි මේ.. මේ නූඩ්ල්ස් එකට බිත්තර දාලා ටිකක් විතර සැර හොද්දක් එක්ක ලැබෙන්නේ.. මම චිලී ටිකක් දාන්න කිව්වා..මොකද නැත්තං ඇල්වතුර වගේ කන්න බැහැ නෙ.
 මම කදු නගින්න යද්දි මගදි හමුවුනු නවාතැන් පොලවල් තිබුන ගෙයක් තමයි මේ.මම නැවතුනේ මේකේ උඩ තට්ටුවේ.. මෙතැනදි ඉරිගු එහෙම අපේ ඉස්සර ගෙවල් වල වගේ එල්ලලා තියනවා.. සමහර විට එක කාලෙකදිගන්න වෙන්න ඇති. 
 නේපාලි කෑම ජාති එහෙම මොනා තියෙනවාද මොනා කනවාද කිල අපිට නිච්චියක් නෑ..බාසාව නිසා අපිට තේරෙන්නෙත් නෑ මොනාද කියලා.. මේ කදු පලාත බලන්න ආපු නේපාලෙම සෙට් එකක්..මෙයාල මොනාහරි ටේනින් එක්කට ආපු අය.. මෙයාල සෙට් වෙලා කනවා කනවා.. ඉතිං මම කරන්ෙන් ඒ වෙලාවටම පැනලා අරුන්ට ඕඩර් කරපු දේවල් ඒ විදියටම ගේන්න කියන එක.. එතකොට අලුත් ජාති කන්න පුලුවනි නේ..
 මේ තියෙන්නේ එහෙම ගෙනාපු කෑම එක.. බැලුවාම පේනවා ඇති නේ මොනාද කියල තියෙන්නේ.
 කඩල කරිය හොදට තුනපහ එහෙම තිබුනා. බිත්තර ඉතිං කොහෙත් බිත්තර රසයි නේ..තේ වතුර එකකුත් ඒකේ මෙනු එකට ඇතුලත්. 
 මේ ඉහල කදුකර නැවතුමකදී නවාතැන් පොල. මේක ඇතුලේ උණුසුම තිබෙනවා..මැද තියෙන්නේ බැරල් එකක් වගේ එක රෑට රත් වෙනවා.. ඒක ඇතුලට දර දාල ගිනි තියන නිසා.. මේ ක ඇතුලේ ඉද්දි මේ අයගාව මෙනු එකක් තියෙනවා..නේපාලයේ ජනප්‍රිය කෑමක් දල් බත් කියනනේ ඒ කියන්නේ පරිප්පු හෝ කරි කිහිපයක් සමග බත් කෑම.. අපි වගේ බත් කෝප්ප ගානයි එලෝලු සුට්ටයි නම් නෙමෙයි.මෙයාල බත් කෝප්පයට එලොලු කෝප්පයක් සුප් වගේ පරිප්පුවක් එහෙම ගසල අරිනවා.. දල් බත් කියන්නේ කදු නගිනකොට එහෙම නිතර හමුවන කෑම එකක්.
 මේක යාතිකාවක්ද නැත්තං වෙන කෑමක්ද මොකද්ද කියල නිච්චියක් නෑ,.කීප දෙනෙක් එකතුවෙලා කුකුලන් වගයක් එතනම මරලා මොනව හරි සෙල්ලමක් කලා.. මම මේක දැක්කේ කදු නැගලා නැවත පයින් බස් තියෙන මායිමට ගාට  ගාට එද්දි.
 නේපාලයේදී ලංකාවේ මිතුරන් පිරිසකුත් මට හමුවුනා..එයාලආවේ මම ඇවිත් දවස් දෙකකට පස්සේ හමුවුනේ දවස් 6කට පස්සේ.. ඉතිං පොකරා වලදි සාම චෛත්‍යය එහෙම සෙට් වෙලා බලාල එද්දි මේ අපේ දීපානි අක්කා ( ඔව් ඔව් අලි දීපානි තමයි) බලනවා එලුවා කන්නේ මොනවද කියලා.. එලුවා ඉතිං ඒ රටේදිත් කන්නේ කොල කියලා අක්කා හොයාගන්න ඇති.
 නේපාලයේ මම ගිය කාලේ අවුරුද්ද..අපේ වගේ කැලැන්ඩේර්ට එක අවුරද්දයි.. ඉන් ප්සේස අපේල් එකයි දෙකක් නෑ.අප්‍රේල් 13 තමයි එයාලගේ සියලුම කැලැන්ඩර් අවුරුද්ද පටන් ගන්නේ නව වර්ශය ආරම්භ වෙන්නේ.. මේ අවුරුද්ද් වෙනුවෙන් සරසපු වට්ටක්කා සහ කැකිරි පලු ටිකක්.
 අවුරුදු කාලෙට බස් වල එහෙම ලෝඩ් එක කියලා වැඩක් නෑ නේද? එහෙත් එහම තමයි අවුරුදු දවසේ සෙට් වුන නිසා මට එන්න වුනේ ගියර් පෙට්ටිය උඩ. ඒ ගමනේදි මට ගියර් පෙට්ටියඋඩ ඉදගෙන වටේ පිට කදු යායවල් ගනන් එපා වෙනකල් බලාගන්න ලැබුනා..කිලෝමීටර 200ක් විතරම එන්නේ තනි බෑවුම ඔස්සේ තියෙනකදු වලලු අස්සෙන් .මේ ගමන එද්දි බස් එක නම් නැවැත්තුවා කඩේක..ඒකනම් වචනේ පරිසමාප්තෙන්ම සුප්පා කඩයක්.. අපේ වගේ බත් සහ ව්‍යංජන ජාති තබුනා බෙදාන කන්න තියෙන්නේ..චිකන් කරියක් තිබුනා..මම ඉතිං එතනින් නම් ලංකාවේ කියල හිතං ලැජ්ජා නැතුව කෑවා ඇතිවෙන්නම. 
 මෙලුම්බිණියේදී කෑම.. ලුම්බිණිය කියන්නේ ජාත්‍යන්තර පොට් කක් නේ.. ඉතිං ගොඩක් රටවල බෞද්ධජනයා වගේම බටහිර අයත් මෙතන ඉන්නවා..බියර් එකක් ගහල සනීපෙට ඉන්න සුද්දෝ ටිකක් හිටිය තැනකට මමත් ගොඩ වුනා..ගොඩවෙලා මේම දේසිය බියර් එක ගැහුවා.
 කුකුලාගේ කකුල කන එකත් ගේමක් වුනා කපාගන්න විදියක් නැති නිසා.. වැඩිය හිතන් නැතුව අතිං කාල අත හොදගන්න තීරණය කලා..ඒකෙ ලොකු ආබාදයක් නෑ..මොකද සුද්දෝ නැතුවට හිටිය නේපලි කාරයොත් අත පාවිච්චි කලා..
 මේ හිස් පිගාන..
නේපාලේ ඇතුලේදි මම කිහිප විටක්ම සිම්පල් බ්‍රෙක්ෆස්ට් මෙනු එක ගත්තා..එි කියන්නේ උදේ ආහාරයට පාන් පෙති දෙකක් ටෝස්ට් කරලා යාන්තමට බටර් හෝ ජෑම් සමග, අල තෙල් දාලා හෝ වියලි වෙන්න බැදලා... ෆුට් සැලඩ් එකක් සහ බීම එකක් තේ එකක් වගේ හතර පහක් ඇතුලත් සෙට් කක්ම ලැබෙනවා.. 

නේපාලය ඉන්දියාව වගේ රටවල බොහෝ දේ වගේම කෑමත් මිල අඩුයි.. කදු නගින අවස්ථාවේදී නම්ඇතැම්විට බත් එකක් රුපියල් තුන් හාරසියට නැග්ගාට නෝමල් මට්ටමේදි අපේ කෑම වල ගනන්ම සහ ඊටත් වඩා අඩු වෙන අවස්ථා තිබෙනවා..මේ කියන සිම්පල් බ්‍රෙක්ෆස්ට් එකලංකාවේ සල්ලි වලින් රුපියල් දෙසීයක් වත් වෙන්නේ නෑ..සමහර තැන්වල ලොකු පාන් කෑලි ලොකු ෆුස් සැලඩ් එකක් ලැබෙන නිසා ඒක කාල බීල එද්දි බුරිය උල් වෙලා තමයි එන්නේ.. 

නේපාලයේ මේ මම ගිය පලාත් හැම එකක්ම ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්තාන..ඒ නිසා විවිධ ආකාරයේ ආහාර වර්ග රැසක් මේ පලාත්වල තියෙනවා.. එක අවස්ථෘවකදි බස් නැවතුමේ චොක්ලට් යෙදූ බනිස් කරුවෙක් බනිස් විකුනනවා.. ඔහුගෙන් නිකමට මම බනිසක මිල ඇහුවම පොර කිව්වා රුපියල් සීයක්..ඒ බනියම මම ඊට කලින් දවසක රුපියල් විස්සට කෑවා විල අද්දරදි.. අවසානේ විනාඩි දෙක තුනකින් පොර ඇවිත් මට රුපියල් විස්සට බනිස් ගෙඩිය දීල ගියා.. රුපියල් සීයට ගත්ත නම් බනිස් පහක් ගන්න සල්ලි නෙව.. 

 හිටිය දින 12ට වේල් තුනටම විවිධ වර්ගයේ කෑඹ ගත්තා වුනත් ඉන්දියාවේ නේපාලේ සහ සංචාරක ස්ථාන ආසන්නයේ ඇති කෑඹ වර්ග කාල ඉවර කරන්න නම් අමාරුයි..ඒ වගේම රසත් විවිධයි..විසමයි..    

යාලුවෙක් ඉල්ලා තිබුන කමෙන්ට් එකකින් කෑම ගැන කියන්නයි කියලා.. ඇත්තටම සෑම වේලකම කාපුවා බීපුවා ලියන්න බෑනේ..මම හිතනවා සැලකිය යුතු මේවවා එකක් මේකෙන් ගන්න හැකි වෙන්න ඇති කියලා. 
පිංතුර ලොකුවට බලන්න පිංතුර උඩ ඔබන්න. 

Wednesday, July 19, 2017

හෙට නාඩගමේ මං රජාට අඳිනව Heta Naadagame Man Rajata Andinawa

හෙට නාඬගමේ මං රජාට අඳිනව අජාසත්ත නාමෙන් 
මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ල බොරුනම්
දමා කඩුක්කන්
ඔටුනු නලල්පටි
කඩුව කරකවා
සබයට එන හැටි
බලා හිඳින අඟනුන්..සත්තයි
ආලෙ බඳී රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජ කම කම අර ගන්නෙමි
කියා එද්දි අද මං සත්තයි
ආලෙ බඳී අඟනුන්
කියා අද්දි අද මං
ආලෙ බඳී අඟනුන්   

Tuesday, July 18, 2017

X සැමියා ‍වෙත

මා බිරියට හිතවත් සකල වෙත..

ඔබ මා හෝ මා ඔබ හෝ එකම වටපිටාවක නිතර හමුවන මුත් අප එකිනෙකා හදුනන්නේ නැත. ඔබ අනියම් සැමියා වන මගේ බිරියගේ නියම සැමියා නම් මම්ම වෙමි. ඔබ විසින් ඉතා සාර්ථක ලෙස වසර 15කට අධික කාලයක් තිස්සේ මගේ බිරියගේ අනියම් සැමියා ලෙස විශාල කාර්යභාරයක් කිසිදු පැකිලීමකින් තොරව කරගෙන යන ලදී..සැබැවින්ම එයට ඔබට කෘතඥ විය යුතුය. මේ කාලය පුරාවට කාංචනා මගෙන් මෙන්ම ඔබෙන්ද සතුට ලබාගන්නට ඇති.

ඇතැම් විට බාහිර ලෝකයාට අනුව නම් කාන්චනා වල් වනචර නැහැදිච්ච ගෑනියෙකි..බැදපු කාන්තාවක අනියම් බිරිය කොටගෙන බොහෝ කලක් ඇය සමග සහවාසයෙ ්යෙදෙන සකලසූරිය වන ඔබද නරක අයෙකු ලෙස සාමාන්‍ය සමාජය දකිනවා ඇත. ඉතිං අපිට පුකයැ.. උන් එහෙම දැකපු දෙන්.. මට මොකෝ.. මෙලෙස ඔබට ලියන්නට මා අදහස් කලේ මෙතෙක් කලක් ඔබ කරන ලද සේවය අගයනු වස් ඔබට තෑග්ගක් හෝ කුසලානයක් පිරිනමන්නට නම් නොවෙයි. කිසියම් ලොකු වැරැද්දක් ඔබ විසින් වර්ථමාන කාල පරිච්ඡේදය තුල පටන් අරගෙන ඇති අතර එය නැවැත්වීම නොකලහොත් ඇතිවිය හැකි දරුණු තත්වය පිළිබද ඔබව දැනුවත් කරලීමටයි.

මාස 6කට පෙර සිට මාගේ කන්තෝරු රාජකාරි යකට අදාලව මාලදිවයින් කාන්තාවක් අනුයුක්ත කර ඇති බවත් ඇය සාසිනි බවත් ඔබ හොඳින්ම දන්නවා ඇති. සාසිනි ට වැඩ කියාදීමටත් ඇය කාර්යාල වැඩට හුරු කිරීමටත් බාර වූයේ මටය. ඊට අමතරව ඇයට ලාංකික සමාජය නුහුරු බැවින් එය හුරුකිරීමද මට පැවරුනි..ඒ අතර උඩ බාගේ පමණක් බලාගන්නා හතරරියන් කෙනෙකු නොවූ මා ඇගේ ඉතුරු අවශ්‍යතා වෙත්නම් ඒවාද සැපිරිමට දායක වූ බව නොරහසකි.. එය ඇයටවත් මටවත් මෙතෙක් කිසිම අවුලක් ඇති කර නොමැත.

එහෙත් මගේ බිරිය විසින් මෙම කාරණාව පිටුපස එලවීමට පටන් ගෙන ඇති අතර එයින් සාසිනි සහ මා අතර ඇති පරම පිවිතුරු මිත්‍ර ධර්මය පිළිබඳ කාංචනාට කේලම් කියන්නෙ ඔබ යැයි මට සක්සුදක් සේ පැහැදිලිය. කාංචනාගේ ගති සොබාව ඔබද මමද හොදින්ම දනිමි..ඇයට රහසක් සංගාගෙන සිටිය නොහැකි බව ඔබද මමද දනිමි. ඔබ හා සමග ඇති හුටප්පරය මට ආරංචි නොවි බොහෝ කල් තිබුනා යැයි ඔබ දෙපලම සතුටු වෙනවා ඇති. එහෙත් මටඒ ගැන අහවල් කැක්කුමක් දැඩිව නොතිබූ බැවින් මම ඒ ගැන වැඩිමනක් එලවන්නට ගියේ නැත..එහෙත් ඔබත් මා ප්‍රිය බිරිය කන්චිත් අනේ සෞම්‍ය නම් මරු ගොනා..ඌ මෙච්චර කල් රැවටුවා යැයි සතුටු වෙනවාද ඇති. ගැටළුවක් නැහැ එය ඔබේ සතුට..

කෙසේ වෙතත් ඔබ විසින් මේ මා සහ සාසිනි අතර ඇති හුටපටය කාංචනාට විදාරණය කිරීම නැවතීම ඔබ දෙපලටත් මටත් අපේ පවුලසෙියලු දෙනාටත් පවුල්වල කුනු හොයන නෑදෑ හිතමිත්‍රාදි සනුහරයටත් නිතර පවුල් ජිවිතේ සාර්ථක කරගන්නා හැටි අපිට කියාදෙන කාංචනාගේ ෆේවරිට් සාදුටත් කරන උපකාරයකි. මගේ බිරිය කැටුව ඔබ මසකට කිහිප වතාවක් රන්දිය විලා වෙත යන ගමන දැන් රන්දිය හෝටලයට කිසිදු අමුත්තක් නොවේ. එහෙත් ඒ ගැන තවමත් ඔබේ බිරිය නොදැන සිටීමේ හැකියාව වැඩිය.. ඇය දැනගත්තා වුවද ඔබේ නෑයින් එය දැනගැනීමට ගැටළුවක් විය හැක.. ඔබේ දරුවන් අපේ දරුවන් මගේ දරුවන් එය දැනගැනීම? ඒවා ගැටළුය..අමුම ුමු ගූ ගොඩවල්ය..එබැවින් අනාගතය ගැන සිතනු උදැල්ල පසෙක දමනු..වවාගත් දෙයක් වෙත්නම් හවුලේ කඩා ගමු..

සාසිනි වැනි තරුණ වියේ මුල කලාපයෙ ්සිටින..කොටින්ම අපේ ලොකු මහත් දරුවන් වැනි වූ අගනක මා වැනි මැදි වියේ පිරිමියෙකුට නතු වීම ඔබට පමනක් නොව අපේ කන්තෝරුවේ සිටින උලමුන්ට පවා මහත් ගැටලුවකි.. මිදි පැණි රසයැයි කියන අයට වඩා තිත්ත යැයි බනින නරින් වැඩිය. එබැවින් සාසිනි සහ මා අතර ඇති සුලු සහසම්බන්ධය පවා වේගෙයන් තටු ලැබි ඉගිල මහා ගොසිප් එකක් වී හමායන අයුරු නැරඹීම මනරම්ය. වෙනත් කිසිදු වරදක් සොයාගත නොහැකිවීම..කන්තෝරුවේ සිටින එවුන්ට,  පවරා ඇති වැඩට මා හැර වෙනත් එකෙක් ඒ වැඩට ගැනීමට අපහසු වීම.. සාසිනි වෙනත් අයට එතරම් ලොල් නැතිවිම ආදී හේතු මත මා එලවන්නේ නැතුව ඔවුන් තබාගෙන සිටිති. නැතිනම් සාසිනි නම් තැඹිලි ගෙඩියට වැසූ මා නැමැති කලු කපුටා එලවා මහා ව්‍යසනයකින් ලොව ගලවාගන්නට සමත් වීරවරයින් නම් කිසිම විටක මෙ කන්තෝරු වල අඩු නැත.

මේ හුට පට නිසා සකලේ මගේ කාංචනා හැරයෑම ගැන සිතිය යුතු නොවේ. එය ඔබටද අමාරු වැඩකි..අනෙක ගලන ගංගා නැවතූ පසු වේලි පුපුරා ගම ්නියම්ගම් යටකරගෙන යත හැකි බැවින් එලෙස අමාරු දේවල් කිරීමට තේරුමක් නැත. ඒ නිසා තිබෙන දෙයක් කන දෙයක් ඔන්න ඔහෙ කනවා සකලේ.. ඒත් අනුන් කන දේට කෙල හලන එක පෝඩඩ්ක් අඩු කරනවා ..

ඔය කාංචනා මගේ ගෑනි..මම ලවු... ඔවු මම ලවු.. ඒත් ඔය ගෑනිට මම විතරක් උන්න නම් අම්මෝ.. එහෙම දෙයක් මට හිතාගන්නවත් බෑ..ලිංගික අතින් විතරක් නෙමෙයි ඔය වහේ එක්ක දවසෙ පැයක් දෙකක් කන්දොස්කිරියාව අහගෙන ඉන්න එක..දැන් ඉතිං ඔය මගදි හරි ෆෝන් එකෙන් හරි සකලේ හෝ වෙන එකෙක් කතා කරන නිසා මට ලැබෙන ලෝඩ් එක අඩුයි.. ඒ වගේම සොපින් කිරිල්ල..සකලෙ නම් සොපින් ගිය බවක් ආරංචි වුනේ නෑ..ඒත් මම දෙන සල්ලියකුත් නෑ වැඩිය කංචිට...එයාගේ පඩියටත් වැඩිය ඇදුම ්පැලදුම් නම් තියෙනවා පේනවා..සමහර විට ඉතිං සකලේ ඔය වැඩි හොදට කියක් හරි දෙන එක මේ ගෑනි ඇදුමට පැලදුමට වියදම් කරනවා ඇති.. කමක ්නෑ ඉතිං. කාට හරි ලැබීම නේ.. අන්න බලන්න එතනත්..ඔය ගෑනිට ඕනි ඇදුම ්පැලදුම ඔක්කෝම මගේ පඩියෙන් ගන්න උන්න නම්..මම හිතන්නේ මට මාසෙට පඩි දෙකක් වත් ගත්ත වුනත් ඒකත් මදි..

සකලේ බීගත් අවස්ථාවල වසර කිහිපයකට පෙර මා ගැන සඳහන් කරද්දී ඒ පොන්නයට බැහැ කාන්චනාට ආතල් දෙන්න..මම නේ ඒක කරන්නේ..කියා තිබුනි. කොහොමද සකලේ මගේ අලුත් කැච් එක සසිනි..සසිනි නම මේ පොන්නයට පණ ඇරල.. අහ්.. ලියවුනා වැඩියි.. කොහොම වුනත් සැප වේවා..සම්පත් ලැබේවා.. ඒ වගේම ඉරිසියාව නැතුව කන දෙයක කන්නට ලැබේවා.. ස්තූතියි බුවා.. එහෙනං අපි නැවැත්තුවා..

Sunday, July 16, 2017

මාර්ඩි හිමාල් 2

 නවාතැනේ ඉදලා උදෙන් යන්න පිටත් වුනා..මේ නවාතැනේ කෙළවර මායිම. එදා හොදට ඉර පායල තිබුන දවසක්. ඒ නිසා බොහෝ ඈතට තිබෙන කදු පන්තීන් ලස්සනට පෙනුනා. අද ආ  අයට විස්තර කියනෝ නම් මේ තියෙන්නේ නේපාලයේ අන්නපූර්ණා කදු පන්තිවල කදු.. ඒවා අතර තිබෙන මාර්ඩි හිමාල් කදු එක නගින එක තමයි මගේ අරමුණ වුනේ.
ටිකදුරක් යද්දි ටිකැට් කවුන්ටර හමු වෙනවා. මෙතන තමයි මම හිතන්නේ ටිකට් බලන තැන. සුදු මහත්වරු එහෙම තමුන්ගේ විසාල මලු බාල අහක් වෙලා ටිකට්පෙන්වනවා ඇති. මෙම කලාපයට යන්න පාස් දෙකක් අවශ්‍යයි.. දෙකම පොකරා වල තිබෙන පර්මිට් කන්තෝරුවෙන් ගන්න පුලුවන්..ගයිඩ්ලාගෙන් ගන්නවා නම් එයාලත් ඒ පර්මිසන් අරගෙන දෙනවා.. පර්මිසන් වලින් එක්ක ට්‍රැකින් පර්මිට් එක අනික ඇවිල්ල අන්නපූර්ණා වනාන්තර කලාපයේ සංරක්ෂන මොකද්ද එකක්. ඇත්තටම කන්දක් නගිද්දි ගෙදර අල්මාරියෙන් බාගයක් විතර දාගෙන ඇවිත් ඒක අරං යන්න තව පොටර් කෙනෙක් ගන්න සුද්දොත් ඉන්නවා.. බැක්පැකින් කියන එක ඔරිජිනලි ෆලෝ කරනවා නම් පැක් එක කිලෝ 15කට වඩා වැඩිනම් අවුල්.. නගින්නෙ කදු නම් ඒකත් අමාරුයි.. ඒ නිසා ශීත ඇදුම් ඇරුනාම රටේ තියෙන විච්චූරන ඇදුම් උහං බදං යන එක එකනම් අපරාදයක්..
 උඩ පිංතුරයේ තිබෙන්නේ යන ගමනේ හමුවෙන තේ වතුර එහෙම බොන තැනක්. මේක මංසන්ධියක්. ඒ කියන්නේ ට්‍රැකින් රූට් දෙකක් එකට හමුවෙන තැනක්..මෙතනත් නවාතැන් ආදිය තිබෙනවා.. මැප් එක බැලුවනම් මෙතන නම දැනගන්න ඇහැකි .. ඒ වගේමයි මේ වගේ තැනකදි නැවතිලා පොටෝ ගන්නත් යන එන අය අමතක කරන්නේ නෑ..
 ගමන යද්දී ගොඩක් වෙලාවට අපිට යන්න වෙන්නේ තනියම. මොකද මාර්ඩි හිමාල් කියන්නේ ගොඩක් ජනප්‍රිය එකක් නෙමෙයි..අතරමැදඅය හමුවෙනවා...ඒත් නිදහසේ ගමන යත හැකි බොහොම නිස්කලංක පරිසරයක් තමයි තිබෙන්නේ..මෙතන බැටලු රෑනක් න්නවා..මේතන්ට එද්දි මේ බැටලු රෑන ට එහායින් පොඩි පැල් කොටයක් තිබුනා..ඒ පැල්කොටේ හිටියා තඩි බල්ලෙක්..ඌ මාව ඈතදී ම දැකලා බුරනවා නන්ස්ටප්... මාත් ඉතිං පෝඩ්ඩක් බයවෙලා එතනින් ගියා.
 මේ අස්සයෝ..ටී හවුස් ඒ කිව්වේ තේ බොන්න නවතින්න ගන්න නවාතැනක් අසබඩ තමයි මේ අස්සයෝ බැදලා තිබුනේ.. මේ අශ්වයින් විශාල නැහැ..වල් අස්ස ජාතියක් වෙන්නට ඕනි..මුන්ගේ පිටේ තමයි බඩු ගෙනියන්නේ..සමහර විට මුන් පෝනියෝ වෙන්න ඇති..කොහොම වුනත් ඉහල තිබෙන ටී හවුස් නවාතැන්වෙත බඩු සප්ලයි කරන්න මේ අස්ස සෙට් එකවැදගත් වෙනවා..මුන් යන නිසා පාරවල් එහෙම කුර වලට පැදිලා හැරිල එහෙම තියෙනවා..
 අන්නපූර්ණා කලාපයේ සුලබමලක්.. උස අඩු සීමාවේදී මෙම මල ටිකක් උස ගස්වල මුදුනේ තිබෙනනේ..ඒත් ඉහලට නැගගෙන යද්දී ගහ කොට වෙනවා..මල් බොහොම යටත් තිබෙනවා..මේඒ වගේ මල පහලට එන්න පටන් ගත්තු හරිය.. පෝන් කැමක් නිසා දුර මල ගහන්න බෑ.. ලගට ආවමම ගැහුවා.. 
 මේ මාර්ඩි හිමාල් මැප් එක..මෙමැප් එකෙත් තව එකතුවෙන්න කෑලි තිබෙනවා.ඇත්තටම මම පොකරා වලින්ලොකු මැපක් ගත්තා වුනාට ඒක හරියට කියෙව්වේ ලංකාවටත් ආවට පස්සේ.. මෙතනදි මේ මැප අනුවටොප් එකට තියෙන්න එක පාරයි..ඒත් මේ මැප් එකේ නැති මේ රීජන් එකේම තව පාරවල් තියෙනවා.. කොහොමහරි මේක ගහල තිබුන ලෝ කෑම්ප් එක හරහා යැවෙන විදියට තමයි මෙයාල මැප් එක හදාගෙන තියෙන්නේ..
 මේ ගස් ජාතිය මෙහෙත් තියෙනවා වගේ මතකයි සිරිපාදේ යන කොට එහෙම..

 මේ තවත් නවාතැනක්.. මුලු ගමනේම මේ විදියෙ ්නවාතැන් පොලවල් හත අටක් හමු වෙනවා.. මෙතනදි එක ප්‍රංශ කාරයෙක් සහ එයාගේ ශර්පා ගයිඩා කිහිප වතාවක් හමුවුනා.. ඒ කිව්වේ රූට් එකේ වරකදි ප්‍රංස කාරයා ගයිඩා හොයනවා..තා තැනක ගයිඩා ප්‍රංසකාරයා හොයනවා.. මුන් දෙන්නාම මෙතනදි මීට් වුනා.. උන් කිව්ව තව උඩට යන්න එපා කියලා..ඒ වෙද්දි වෙලාව හවස 3 විතර ඇති.. මම පටන් ගත්ත තැන අනුව සැලකිය යුතු දුරක් ඇවිත්...සාමාන්‍යයෙන් අය නවතින තැනටත් වඩා තව ප්ලේස් දෙකක් විතර ඇවිත්.. මට ලොකු මහන්සියකුත් තිබුන් නෑ,.ඒ නිසා මම දිගටම අදින්න තීරණය කලා හයි කැම්ප් එකටම..
 මේ යන මාර්ගය බොහෝ තැන්වල නිල් සුදු මාක් වලින් සලකුනු කරල තිබුනා. මේ අවස්ථාවලදී යන්නේ කදු වල මුදුන් හරහා.මුදුන් හරහා යද්දි හුලං තදින් හමන වෙලාවල් තිබෙනවා.. ඒ වගේම හුලග සීතල ඈත මනුස්ස පුලුටක් නොපෙනෙන පාලු කදු යායවල් එක්ක පොඩි පහෙ ්බයකුත් හිතට නොදැනුනා නම් නෙමෙයි..
 ඉර පායනකොට වලාකුලු අස්සෙන්ඉරපායන දර්සනේ ලස්සනයි..පොටො එකේ නම් ඒක නිරූඵනය වෙන්නේ නෑ..ඒත් කදුකර පලාත්වල එහෙම ගති දර්ශනයක් තමයි මහා දර්ශන පථයකට වලාකුලු වලින් පෙරිලා වගේ ඉර එලිය පතිත වෙන එක..විශේෂයෙන් වලාකුලු වලින් බර දවසක..
 මේ ඉන්නේ වල් යැක් ගවයින්..මුන් පාරඅවහිර කරගනෙ උන්නේ.. මුන් ටිකක් දරුණු ගතිපානව කියලා ඊඨ කලින් එවරස්ට් බේස් කැම්ප් ගිය අපේ කන්තෝරුවේ හිමාල් අයියා මාව දැනුවත් කරල තිබුනා.. ඒ නිසා මම ටිකක් බයවුනා.. ඉන් පස්සේ මම ලං වෙද්දි නම් උන් වැඩිය මුනිච්චි වෙන්න කැමැත්තක් පෙන්නුවේ නෑ,.හිමීඨ මාරු වෙලා ගියා.හැබැයි එද්දි සෙට් වුන එක මරුමුස් යැක් ගවයෙක් නම් පාරෙන් අයින් වුනේම නෑ,. මේ ගවයින් විශාලත්වයෙන් පොඩ්ඩක් අඩුයි.. කලින් වතාවේදි ඉන්දියාවේ මනාලි වල හඩිම්බා මනු දෙවොල් ආසන්නයේ දැක්කා යැක් ගවයින්..අම්බෝ.. උන් නම් අලි බාගයක් විතර සයිස්.. මුන් නම් ටිකක් සාමාන්‍ය අපේ ගවයින් වගේමයි..අර සොබාවේ වෙනස තමයි තියෙන්නේ.. හැඩය යැක් වගේ තියෙනවා.. සයිස් මොක වුනත්..
හැන්දෑවේ පහමාර හය වෙද්දි මම උඩම තැනට ආවා..මේ කියන්නේ දවස් දෙකක් ගත වෙන ගමනක් එක දවසින් ආවා.. මම ඇතුලට එද්දි ඇතුලේ හිටිය සුද්දන් පවා පුදුම වුනා.. මූණට කියන්න බැරි නිසා ෆකින් සිරි ලංකන් කියලා වචනේ හංගගෙන ඉන්න ඇති උන්.. නවාතැනේ බුවත් පුදුම වුනා..නවාතැන් අයිති කාරයෝ තනි අලින්ට ටිකක් මනාපයි..මොකද කමිශන් අරක්කු දිම් අනම් මනම් මොකුත්ම නෑ.. නේ.. උන්ට පියෝ ගානම ගත හැකි අපි වගේ තනි එවුන් ගියාම.. ගයිඩ්ස්ල අරං ගියාම ඒ ගනන් වලිනුත් මාජින් වැදෙනවා.. 

මෙතන නම් ටයිකෙන සීතලක් තමයි තියෙන්නේ..මම මෙතන්ට ගියෙත් හැබැයි ෂෝට සහ ටී එක ඇදගෙන..දවස තිස්සේම ගමන නිසා ලොකු සීතලක් දැනුනේ නෑ..ඒත් රෑ වෙද්දි.. ෂහ්... එක පසෙකින් කකුල් කැක්කුම අනෙක් පසින් බ්ලැන්කට් එක පෝඩ්ඩක් එහා මෙහා වෙච්ච තැනකින් ඇතුලට එන ඩී ෆීසර් එකේ වගේ හීතල... 

මේ නවාතැන ගැන විස්තර සහ ගමෙනේ ටොප් එකට ගිය විස්තර අපි ඊලග ලිපියකින් බලාගමු.. එතකොට මම මේ ගෙවන තැනඒ කිව්වේ හයි කෑම්ප් කිය්නනේ මූද මට්ටමෙ ්සිට මිටර 3500ක් උෂ තැනක්..උසම කදු එක්ක බලද්දි නම් ලොකු ආතල් එකකුත් නෙමෙයි...ඒත් මොකක් හරි දේශගුන හේතුවක් නිසා මීටර 4000 පනිද්දිමේ රීජන් එකේදි හිම මිදෙනවා..  සමහර විට අප්‍රේල් කියන්නේ වින්ටර එකේ කෑලි ඉතුරු වෙන කාලයක් නිසා වෙන්නත් පුලුවනි..