Monday, May 6, 2019

බෝම්බෙන් පසු After Attack


ඒක එක බෝම්බයක් නෙමෙයි වැලක්. ඇමරිකාවේ ලෝක වෙළද මද්‍යස්ථානයට පහර දුන්නට පස්සේ ලෝකේ සිද්දවෙච්චි සාර්ථකම බෝම්බ ප්‍රහාරයක්. ඉලක්ක අටක් තිබ්බ නම් එයින් හතක් වගේම සක්සස් වුනා.

එදා දවස

එදා ඉරිද දවස මම බෝඩිමේ ඉන්න දවස. එදා වෙනද වගේම කම්මැලි කමෙන් ඉද්දි වට්සැප් වලින් විස්තරේ ආවා. ට්විටර් ගියාම එකෙත් විස්තර තිබුනා. කට්ටිය කලබලවෙලා. බෝඩිමේ ඇන්ටිත් සද්දෙන් නිවුස් දැම්මා. මීගමු පාර දිගට ඇම්බියුලන්ස් යන සද්දේ ඇහුනා. දවල් වෙන්න ඉන්දියන් නිවුස් වලින් කිව්වා මේකට සම්බන්ධ අය ගැන. ඒ අය මුස්ලිම්. බුකියේ හිටපු පොරවල් ඉන්දියන් නිවුස් කියන්නේ බොරුය කියන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම මොකද වුනේ කියලා කවුරුත් දන් නැහැ. එදා හැන්දෑ වෙනකල් කාටත් තිබුනේ එකම එක සැක ගොඩක් විතරයි.
පස්සෙ දවස

ගොඩක් අය කන්තෝරු යන්නේ නැහය කියල තිබුනා. මම බෝඩිමේ ඉදිය නිසා කන්තෝරු ගියා. කන්තෝරු ගියාට කන්තෝරු සංකීර්ණයම පාලුවට ගිහින්. කොටුව ස්ටේශන් එකේ බෑග් චෙක් කරන්න පටන් අරන් තිබුනා. අපේ කන්තෝරුවෙත් අවුරදු ගානකට පස්සේ ආයමත් බෑග් චෙක් කරන්න ගත්තා. මිනිස්සු වැඩට ආවට වැඩක් කෙරුන් නැහැ. මේක මහ බයංකර තත්වයක්. කවුරුත් හිතුවේ නැති විදියට සාමාන්‍ය මිනිස්සු දෙසිය පනහක් පැයක් විතර ඇතුලත මැරුනා. ඒ අතර විදේශිකයුනුත් හතලිහක් වගේ උන්නා. ඇත්තටම විපතට පත් වුන අය විතරක් නෙමෙයි අනෙක් සාමාන්‍ය ජනයාත් ගොඩක් බයවෙලා උන්නා. 

ඊටත් පස්සේ
කන්තෝරු ගියට ඒ සතියෙම වැඩක් කෙරුන් නැහැ. උදේ යනවා. ඒකත් මම නම් දවස් තුන හතරක්ම දවල් වෙල ගියේ. ඉන් ප්සසේ ඔන්න දවල් වෙන්න බෝම්බ ලොරියක් එනවාය, බෝම්බ බයික් පේලියක් එනවාය කියලා නිවුස් එනවා. අපි බය වෙනවා. කන්තෝරුවෙන් හතරට විතර යන්න දෙනවා. ඒ සදුදා හෝ අගහරුවාදා අර සුදුපාට බෝම්බ වෑන් එකපිපිරෙව්වා කොච්චිකඩේ. එතනින් මිනිස්සු තවත් බය වුනා.

ස්ටේශම වටපිටාව

මම ගෙදර ගියා. අපේ ගෙවල් තංගල්ලේ. එහෙත් කට්ටිය සැකෙන් තමයි උන්නේ. එ පැතිවල සතිපොල තහනම් කරලා. අපේ නෑයෙක් උන්නා ඩේසිකා නැන්දා. එයා පොලේ කෙහෙල්ගෙඩි විකුනලා තමයි ජීවත් වුනේ. එයාට එක පොලකට නෙමෙයි තංගල්ල රන්න අගුනකොල වගේ පොලවල් කීපෙකම දවසින් දවස ගිහින් බිස්නස් කලා. එයාල වගේ අයට පොලවල් තහනම්කරපු එකෙන් ලොකුවට පාඩු වුනා. මේ එක පොඩි චරිතයක් විතරයි. තවත් බොහෝ බොහෝ අයට බොහෝ බොහෝ අකටයුතු කම් වුනා.

දවසක් මම හැන්දෑවේ වෙනද වැඩිය නොයන මුස්ලිම් රයිස් කඩේකට ගියා. මිනහා හදපු කෑම ජාති ඔක්කෝම වේලෙනවා. කවුරුවත් කඩේට ඇවිල්ල ානැහැ. ඒ මුස්ලිම්. බ්‍රිස්ටල් වීදියේ තියෙනවා සිංහල පලතුරු සලාද කඩයක්. සදෙව් පලතුරු තමයි නම. එතන බොහොම ප්‍රකට තැනක්. වෙනකක් තියා එතන්ට වත් බිස්නස් නැහැ. වෙනදා මිනිහා සැලඩ් බේසම හදලා ඉවර වෙද්දි වටේට මීමැස්සෝ වගේ සෙනග සැලඩ් ගන්න. ඒත් දැන් සැලිඩ් එක වහලා මිනිහ වට පිට බල බල ඉන්නවා කට්ටිය එනකල්.

ගෑනු බයවුන හැටි

වැඩට ආවට ගෑනු එහෙම එන්නේ හිතේ ගින්දරින්. එක පැත්තකින් දරුවෝ ගෙදර. අනික් පැත්තෙන් මිනිහා තවත් තැනක වැඩ. කොහෙහරි පිපිරුවොත් අඩන්න කට්ටිය ඉදීවි. ඒත් ඉන් පස්සේ ජීවිතේ මහ කරුමයක්. එක දවසක් බෝම්බ බය තදටම තිබුනා. ස්ටේශන් එකේ කට්ටිය අඩුයි. එදා කොටුව ස්ටේශන් එකේ තිබුන කෑම පාර්සලයක් බෝම්බයක් කියලා සැක හිතලා අල්ලලා තිබුනා. එදා ස්ටේශන් එකට ආපු ගෑනු අය එහදෙුවනවා මෙහෙ දුවනවා. කලබල වෙලා. කට්ටිය ඔක්කෝම කන්තෝරු වලින් තුන හමාරට විතර එලියට දැම්මා. ඉතින් ස්ටේශන් එකට ආවම කෝච්චි නැහ. ඒ කෝච්චි නැති ටිකට මිනිස්සු ටිකක් එකතු වෙනවා. මේ එකතුවෙන තැනක ඉන්නත් සමහර ගෑනු අය බයවුනා. අපිට එලියෙන් බලන් කියන්න පුලුවනි අනේ බයවෙන් එපා තේරුමක් නැහැය කියලා. ඒත් මිනිස්සුන්ගේ හිතේ තියෙන ගින්දර අපට තේරුන් ගන්න බැහැ නෙ.

ඔපිස් ඇතුලේ

අපේ කන්තෝරුවට එන මුස්ලින් කට්ටිය කවුද කියලා අපි එක වෙලාවක කතා බහ කලා. කන්තෝරුවෙත් බෑග් එහෙම අරගෙන එන්න දෙන්න නැතුව ඉමුය කියලා කතා වුනා. මම ඉන්නේ මහා පොත් රාක්කයක් ගාව. වැරදිලාවත් මොකක් හරි හදිසියක් වුනොත් එු් මහ රාක්කේ මගේ ඇග උඩට පත බෑවෙන්න ඇහැකිය කියලා මිස් කෙනෙක් කිව්වා. ඒත් ඒ රාක්ක දාන්න කියලා වෙන තැනක් නැහැ. අපේ කන්තෝරුව තියෙන්නේ ලංකාවේ මිල අධිකම ඉඩකඩක. ඉතින් ඉඩකඩ සීමිතයි.

වෙනද උදේ පාන්දර අපි කැන්ටිමට ගිහින් එක වෙනම මේසෙක ඔක්කෝමල්ලගේ බෑ්ග් ආදිය තියෙනවා. ඒත දැන් එහෙම බැහැ. බෑග් අරගෙන ලග තියාගෙන කන්න ඕනි. ඔෆිස් ආවට කට්ටිය ඔක්කොම තාමත් බෝම්බෙන් දවස් දාහතරක් ගිහිනුත් බයෙන් ඉන්නේ.

අපේ පිරිසිදු කරන ආන්ටියෙක් ඉන්නවා නම සුනිතා. සුනිතා ඇන්ටි ඔය කෝචචිකෙඩේ පල්ලිය තියෙන කොටහේන හරියේ. එයැට පලවෙනි බෝම්බෙ ඇහිල තිබුනා. ඒ වගේම ඊලගට අර වෑන් එක පුපුරුවද්දි එයා ඒ ලග බස් එකක ගිහින් තිබුනා. බෝම්බ සැකේ නිසා බස් එක මගදි හරවන් ඇවිල්ලා තිබුනා.
ගෝල් ෆේස්
වෙනදට හැන්දෑවේ හත හමාරට අටට ගෝල් ෆේස් ගියාම බැටළු ගාලකට ගොඩ වුනා වගේ මහ සෙනග. ඒ වගේම සද්දේ. ඒත් අද මම ගියා. මිනිස්සු විස්සක් නැහැ. කොටින්ම අර මූදට නෙරලා හදලා තියෙන කෑල්ලේ වත් සෙනග නැහැ. පොඩි ඉස්සෝ වඩ කරත්ත දෙක තුනකින් මලානික එලියක් ආවා. කපල් වලට නම් හොද සූපත්තුව. උන්ට කිස් කරන්න විතරක් නෙමෙයි සෙක්ස් කරන්නත් පුලුවන් මොකද ඒ තරමටම සෙනග අඩුයි.ඒත් කපලුත් අඩුයි. වෙනදා බංකු ගාව අර බැමි උඩ වාඩිවෙලා ඉන්න කපල් නැහැ. කලුවරින් වෙලිලා ගිහින්. නානා කඩ එකක්ව්ත ඇරලා නැහැ. පොඩිඉස්සො පොට් විතරයි.ඒවයි වත් කාරුවත් නැහැ.

ගෝල් ෆේස් එක නම් සිරාවට හෙන ගහල වගේ. වෙනදට ගෝල් ෆේස් එකේ වාහනයක් පාක් කරගන්න ඉඩක් නැහැ. අද වාහන දෙක තුනකට වැඩිය නැහැ. ඉතාම කලාතුරකින් මුස්ලිම් පවුලක් දෙකක් ඉන්නවා. එයාලත් මේ පාලු මූසල ගතියට බයවෙලා ඉක්මනින් යන්න ගියා.

ඒ එද්දි දැක්කා හිල්ටන් එකට ඇතුල්වෙන්න ඉන්න සුද්දෝ. ඇත්තටම වෙනදා ගොල්පේ්ස බැස්සම විදේශිකයින් ගොඩක් හමුවෙනවා. අද එකම එක විදේශිකයෙක් වත් හමුවුනේ නැහැ. අර හිල්ටන් එකට ඇතුල්වෙන්න උන්නේ පොඩි පවුලක්. අනේ ඒ මිනිස්සුන්ගේ ගමන් මලු ඔක්කෝම එලියෙ තැනක දාගෙන ඒ හැම එකම සිකුරුටි එකෙන් අදිනවා. තවම හරියට බැගේජ් චෙකින් මැෂින් එහෙම ඇවිල්ල නැති නිසා අතින් තමයි චෙක් කිරිම් සිද්ද වෙන්නේ.

ගෝල්ෆේ්ස එකේ තියෙන තඩි කුනු බාල්දියකට බාගයක් වතුර පිරුන වතුර බෝතලයක් දැම්මා එතන හිටපු මනුස්සයෙක් ඩොං ගාල බොල් සද්දයක් ආවා. ඒ කියන්නේ දවල් දවස තිස්සෙම කුනු බාල්දියට මොකුත් වැටිල නැහැ. ඒ ටික දුරක් යද්දි වෙනදා කොහෙද කියලා හොයාගන්න බැරි ලොකු මීයෙක් හිමීට අවදිවෙලා ඇතට දුවලා ගියා. පලාතම පාලුවට ගිහින්. මග එද්දි දැක්කා බයික් නවත්වලා චෙක් කරනවා. තම්බි මනුස්සයෙක් ස්කූටියක. ඒ මිනිහා මේ ලගට යනවා කියල සේප් වෙලා යන්න ගියා. ඒත් හරිගියේ නැහැ. එයාෆෝස් එකේ භටයා තදින් හිටියා. ඉන් ප්සසේ සීට් එක ඇරලා උස්සලා පැත්තකට කරලා ඔක්කෝම පෙන්නුවා. මේ දවස්වල ඔහොම තමයි හැමෝටම කරදර.

කොළඹ ඝන සැරේට මිනිස්සු ගැවසෙන තැනක්. ඒත් දැන් එහෙම නැහැ. පාරේ අද හැන්දෑවේ නිකං ඇවිදන් යනකොට මට මං මේ වෙන මනුස්සයෝ අඩු රටක යනවාද කියල හිතුනා. හැමතැනම පොලිසිය, හැමතැනම ආමි එයාෆෝස් නේවි එකෙන් ඉන්නවා.

මම කොළඹ ඇවිත් අවුරුදු 13ක්. මම තාම ගමේ චන්දේ තියෙනමිනිහෙක්. ඒත් මම ඉන්නේ කොළඹ. මහා කටුකයි වංචාකාරයෝ ගොඩයි. රැවටිලිකාරයෝ ගොඩයි. කියන කොළඹ මට දැන් මගේ ගම වෙලා ඉවරයි. අද ටැක්සි කාරයොන්ට හයර් නැහැ. මුස්ලිම් කඩේට මිනිහෙක් යන්නේ නැහැ. බුල්ත් විඩ තේ වතුර, ස්වීප් විකුනන අයට විතරක් නෙමෙයි හිගාකාලා ජීවත් වෙන මිනිහාට හිගමනක් වත් නැහැ.

බෝම්බ කාරයෝ එකක් නෙමෙයි 7ක් ආවා. සමහර විට ඉස්ලාමීය අන්තවාදය නොවෙයි වෙන හේතු හින්දා බෝම්බ හදන්න බෝම්බ ගහන්න කැමති අය තවත් ඇති. තවත් එය මේ සිද්දියට පලි ගන්න මේ සිද්දියට පාඩම් උගන්වන්න බෝම්බ ගහන්න කැමැත්තෙනුත් ඇති. ඇත්තටම අවසාන වසයෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. කවුරු හරි බෝම්බ ගහල මොනවාහරි ලබාගත්තද? ඒ මොනවද?

මොකුත් නැහැ. මොකුත්ම නැහැ.

බෝම්බකාරයා

තමන්
තමුන්ගේ ලෙයින් හැදුනු දරුවන්
ආදරනීය අම්මා තාත්තා
බිරිද හෝ සැමියා
යාලු මිත්රයින්,
තමන්ගේ ජාතියේ කට්ටිය,

ලංකාවේ මිනිස්සු ආදි ඔක්කෝමල්ල අමාරුවෙ දැම්මා. ඒත් බෝම්බකාරයා බෝම්බ ගහලා ලබාගත්ත දෙයක් තියෙද? නෑ.. 
ලබාගන්න දෙයක් තිනෙවාද?
නෑ.. 

6 comments:

  1. කන්‍යාවො තමයි ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ. 72ක් කිව්වම ඉතිං ලේසි නෑනේ. ඕවා විස්වාස කරන තරමට මොළේ හෝදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක හෙන කම්ප්ලෙක්ස් තියරි එකක්.. ඒක තේරුම්ගන්නත් කුරාන ටිකක් ඉගෙනගන්නත් වෙනවා. ඔය කියන්නේ කම් සැප සම්බන්ධ කන්‍යා කතාවක් නෙමෙලු..ලෝකොත්ත්ර සැප සම්බන්ද කතාවක්ය කියලා යාලුවෙක්කිව්වේ.. අනික ලංකාවේ මැරුනේ බහුතරය ඉහල මධ්‍යම පාන්තික උගතුන්..

      Delete
  2. අපේ ආගම; අපෙ භාෂාව මුල් කර ගත් සිංහල උනාට ඔවුන්ගේ භාෂාව ; ආගම මුල්කරගත් ඉස්ලාම්! භාෂාවකින් කෙරෙන දෙයට වඩා ආගමකින් මිනිසුන්ගේ චර්යාවන් වෙනස් කරණවා හොඳට හෝ නරකට!

    ReplyDelete
  3. අපේ ආගම; අපෙ භාෂාව මුල් කර ගත් සිංහල උනාට ඔවුන්ගේ භාෂාව ; ආගම මුල්කරගත් ඉස්ලාම්! භාෂාවකින් කෙරෙන දෙයට වඩා ආගමකින් මිනිසුන්ගේ චර්යාවන් වෙනස් කරණවා හොඳට හෝ නරකට!

    ReplyDelete