Thursday, July 11, 2019

ආගමයි ලිංගෙයි අතර තනිවුන සංසාර දඩයක්කාරයා

20 වන සියවසේ දියුණුවත් එක්ක වික්ටෝරියා ආච්චිගේ කාලේ ඒ සදාචාරය ලංකාවට ආවා. සුද්දෝ පෘතුගීසි වගේ වත් ලන්දේසි වගේ වත්නෙමෙ. සුද්දන්ට ඕනි වුනා සූටි එංගලන්ත මොඩල් එකක් උන්ගේ යටත්විජිත වල හදන්න. දේශපාලනය ආගම වගේ හැම රෙද්දක්ම උන්ගේ ක්‍රමයට හදාගන්න අමුතු පුකේ අමාරුවක් සුද්දට තිබුනා. ඒක නරකයිද? නරකකුත් නැහැ. ඔ්නි විදියට උකාගනිල්ලා කියාල සුද්දා අපිව දාලා ගියානම් සමහර විට එක එකා මරාගෙන මේකෙ ඉන්දියන් කාරයෝ චීන්නු කෑලි අල්ලගෙන තියේවි. යන එකත් අපිට බලේ දීල ගාන්ට යන්න සුද්දට ඕනි වුනා. කොටින්ම වික්ටෝරියා ආච්චිගේ කාලේ තිබුන ක්‍රෙම්ට කිරීම සුද්දගේ හැම දේකදිම තිබුනා. ඒක සෙස් හෙවත් සෙක්ස් වලදිත් සුද්දට ඒ උණ තිබුනා.

20 වැනි සියවසේ ලියවුනු කතාන්දර ගත්තොත් ගොඩක මතුකරන එක පස්නයක් තමයි පංසලයි සෙක්සුයි ලිංගික ජීවිතයයි පවුලයි ආදී ගැටලු. වික්‍රමසිංහ වගේ උන්නැහෙලා කොහොමද පරණ ක්‍රමය අලුත් එකට හැඩ ගැහුනේ කියලා ගම්පෙරලිය වගේ දේවලින් පෙන්නුවා. ඒත් වික්‍රමසිංහ කියන්නෙත් ආගමික වහලෙක්. වික්‍රමසිංහ කැමති වුනේ නැහැ බුදු හාමුදුරුවෝ උඩින් ගියා කියල කල්පනා කරන්න. ඒ වගේම බුදුහාමුදුරුවෝ ආශ්චර්යක් කියාල හිතන එක වික්‍රමසිංහට ටිකක් මදි පුංචි කමක් වුනා. ඉතින් එයා හිතුවා අඩේ බුදුහාමුදුරුවෝ පයිං ගිය ඩෑල් එකක් වෙන්න ඇති එයාට එහෙම බලතල තියෙන්න නැතුව ඇති කියලා. ඒ හිතලා එයා අවසාන කාලේ බවතරණය එහෙම ලියාල සැර ආතල් එකක් දුන්නා. 

පංසලයි ගමයි සෙස් ජීවිතයි අතර තියෙන ගැටුම ගොඩක් කතා වල තියෙනවා. එක්කෝ පංසලම නෙමෙයි අර විරාගේ අරවින්ද වගේ ආසාව නැති චරිත මවලා ඒ ගැටුම් නැති ජීවිත බිහිවුනා. ඒ ගැටුම ්නැති ජීවිත 60 කාලේ ගොඩක් කතා පොත් වල තිබුනා. අපේ සිංහල පොතේ උන්න ඉසාත් එහෙම ගැටුම් නැතුව ජිවත් වෙන්න ගිහින ්නිකාං නාස්ති උන ඩෑල් එකක්. ඇත්තටම ඉසාලා බිහිවෙන්න පංසල සහ අපේ සංස්කෘතික මෙව්වා එක බලපෑවා. 

මෙතැනදි වික්ටෝරියා ආච්චිගේ කාලේ තිබුන සදාචාරය ලංකාවට එද්දි ලංකාවේ පල්ලිය නෙමෙයි මිනිස්සුන්ගේ කොන්ට්‍රොල් චැනල් එක ගෙනිච්චේ. ඒ වෙනුවට පංසල ආදේශ වුනා. අද වුනත් ඝනයෙක්ට මයික් එකක් අහුවුනොත් ඌ දෙසන්නේ බණ නෙමෙයි. යහපත් ජිවිතයක් ගත කරන හැටි ගැන. යහපත් ජීවිතේද? බුදු බනේ තියෙන්නේ. තියෙනවා ඒත් බුදු බන තියෙන්නේ යහපත් සෙස් ජීවිතයක් පවුල් ජීවිතයක් ගෙනියන හැටි නෙමෙයි. බුදුබණ තියෙන්නේම සසර කතර අතරමං වෙලා සිවුරක් දාගෙන නිවන් යන්න. ඒත් ඒ එදා ජීවිතයෙන් නිදහස් වෙන්න තිබුන දහම අද වෙද්දි මාකට් වෙන්නේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා. ආන්න ඒක තමයි මම කලින් කිව්වේ බුදුදහම කියන්නේ කන්ට්‍රොල් චැනල් එක කියලා. 

නොක්ස් ගේ කාලේ කසාදය වෙරි සිම්පල් කේස් එකක්.  නොක්ස් තරම් ඈත යන්න ඕනි නැහැ හිතන්න මීට අවුරුදු 40කට විතර කලින්. දරුවෝ කියන්නෙ පොදු වස්තු වගේ. උන් හැදෙන්නේ අම්මා තාත්තා ගාවම කියලා එකක් නැහැ. අනික හැම ලබ්බම අම්මලා තාත්තලා කරලා දෙන්නෙත් නැහැ. එක පවුලේ ළමයි 7-8 උන්නා. උන්ට දැන් වගේ පැය විසි හතරෙම සී සී ඨීවි දාල වගේ  ඇලට් එකේ ඉන්න කවුරුත් නැහැ. ඒ ළමයි බොහොම නිදහසේ හැදුනා. 

මීට සියවසකට විතර ඉස්සර පවුල් ජීවිත ගත්තත් ආන්න ඒ වගේ. හරියටම පොතේ ලියාල අස්සන් කරගෙන. එක ගෙයක් හදාගෙන පැලපදියන් වෙලා. ඒකේ දරුවෝ හදාගෙන උන්ට මැරීගෙන උගන්නගෙන. දැනට තියෙන නරි නාටක එදා තිබුනද? ඔව් සමහර තැන් වල තියෙන්න ැති. ඒත් ගංතුලාන වල ඈත ගම් වල මිනිස්සුන්ට එදා මේ තරම් පවුල් ප්‍රෙශර් එක නැහැ. උන් හේනක් ගහනවා එලෝලු වී ටිකක් හිටෝගන්නවා. ටිකක් විකුනනවා ටිකක් කනවා. කන්න බැරිනම් ඒත් අමාරුවෙන් හරි ජීවත්වෙනවා. 

දැන් මිනිස්සු ටික ටික දියුනු වෙලා මධ්‍යම පන්තිය වැඩිවුනා. එතකොට එංගලන්තේ ඒ කාලේ මිනිස්සු පල්ලිය කරට ගත්තා වගේ අපේ උන්දැලා පංසල ගත්තා කරට. ඉන් පස්සේ සෙස් ලයිෆ් එක සහ නිදහස් ජීවිතය හිර වෙනවා දැක්කා. එතකොට මිනිස්සු එකම බුද්දාගමේ විවිධ වර්ශන් දකින්න ගත්තා. අපි පොත් කාරයො ගත්තොත් වික්‍රමසිංහ, නවගත්තේගම, ජයසේන ජයකොඩි, කේ ජයතිලක, ගුණදාස අමරසේකර ආදී මිනිස්සු දකින්නේ එකම බුදු දහම නෙමෙයි. උන් උනගේ ජීවිත වලට මතවාද වලට අනුව බුද්දාගම වෙනස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ නම බුද්දාගම වුනාට නවගත්තේගම නිවන් යන්න හදන විදියට නෙමෙයි වික්‍රමසිංහ නිවන් යන්නේ. ඒ දෙන්නම නිවන් යන්න හදන විදියට නෙමෙයි අමරසේකර නිවන් යන්නේ. මොකද මිනිස්සුන්ට සමාජ පෙසර් එක මේ ධනවාදී මෙව්වා එකෙන් ලැබෙන ඵීඩනය වැඩි වෙද්දි ආගමෙන් ලැබන ආතල් එක මදි වගේ තේරුනා. ඒ නිසා ආගම ටිකක් වෙනස් කරගන්න උන්ට ඕනා වුනා. 

සංසංර දඩයක්කාරයා ෆිල්ම් එක බැලුවා. ඒ ෆිල්ම් එකේ දඩයක්කාරයාට සහ හාමුදුරුවන්ට ගැටලු තියෙනවා ගැටුම ්තියෙනවා. ඒත් ඇත්තටම ඕකුන් දෙන්නට ඔච්චර ගැටලු තියෙද? තියෙන්නට ඇතිද? මට හිතෙන්නේ මේ දඩයක්කාරයා සහ ඝනයා තුලින් නිරූපනය කරලා තියෙන්නේ 20 වෙනි සියවසේ ජීවත් වුන උන්ට තිබුන ඇරියස් එක. සෙස් ඇරියස් එක ආගමික ඇරියස් එක සමාජ පීඩනය එක්ක තිබුන ඇරියස් එක. ආදී ටිකක් තමයි ඒකෙන් රිලිස් වෙන්නේ. 

නියම දඩයක්කාරයා කියන්නේ හොද මිනිහෙක්ද? ඌ මොකටද හොද වෙන්නේ. දඩයක්කාරයා කියන්නේ නරක එකෙක් කියලා හැමෝම දන්නවා. ඌගේ නරක වැඩිවෙන්න වැඩිවෙන්න තමයි දඩයක්කාරයා උනත් ස්කෝර් කරන්නේ. දඩයක්කාරයාටත් යම් නීති මායින් තියෙන්නට ඇති. ඒත් පංසලට ඇවිල්ලා හාමුදුරුවෝ එක්ක බණ අහන දඩයක්කාරයෙක් කියන්නේ තවත් එක කතාවක්. 

මස් කඩේ මස් විකුනන එකාට සල්ලි ලැබෙනවා. ඌට කුමාර ජීවිතයක් තියෙනවා. ඌට ඕනි සමාජ තත්වය ටිකක්. ඌ මොකද කරන්නේ පංසලට රිංගලා චිත්‍ර ටිකක් සල්ලි දීල අන්දෝලා, චෛත්‍යයට ගඩොල් දාහක් පූජා කරලා නැතිවුන සමාජ ජීවිතය ටිකක් මස් කඩේ නිසා මිනිස්සුන්ගෙන් අහිමි වෙන කීර්තිය වගේ ටික්ක පංසලෙන් උපයාගන්නවා. ඒත් දඩයක්කාරයා කියන්නේ ඊට පහල බොහොම පහල ඩෑල් එකක්. දඩයක්කාරයට ගම්මුන්ගේ පකේ කීර්තියෙන් වැඩක් තියෙද? ඝනයාගේ බණ වලින් වැඩක් තියෙද? ඇරත් ඌට ඉදලා හිටලා ගෑනියෙක් පෙරලාගෙන සැපක් ගන්නවා ඇරෙන්න ඌට කියලා වෙනම ප්‍රශ්ණ නැහැ. 

ලිංගික ජීවිතයේ ගැටුම 

මේකත් ටිකක් සැරට කතාවන දෙයක් නෙව. ඉස්සර අපෙ මුත්තලා කාලේ වැවයි පංසලයි ගමයි දාගැබයි එක්ක එක ගෑනියෙක් එක්ක මුත්තලා නිදි වැදලා ගාන්ට සීලේත් රැකලා උන්නාය කියලා අපි හිතනවා. මොකෝ අපිට හිතන්න ඒම පොලඹවනවා. ඒත් ඒ කාලේ සුද්දා ලියපු දේවල් එක්ක බලපුවාම ඒ කාලේ සිංහල මිනිස්සු කියන්නේ සැැහල්ලු ජාතියක්. සුද්දට ඕනි වතුවැඩට එහෙම සිංහල මිනිස්සු ගන්න බැරිවුනේ එක්ක සිංහල උන් පට්ට කම්මැලි අනික උන්ට අහවල් සල්ලියක් හම්බ කරලා ක්‍රෙම්ට ජීවත්වෙන එක ඒ කාලේ එච්චර වැදගත් වුනේ නැහැ. 

මේ අනූව දසකේ හෙම අපේ ගමේ මුත්තලා හිටියා. ඕකුන් කසිප්පු ටික්ක අරක්කු ටිකක් බීගත්තාම පරණ දේවල් කියෝනවා. එතකොට එ කාලේ හේන් ගහන්න ඈත පලාත්වලට ගිය හැටි. ගෑනියෙක් එක්කං ඇවිත් පැලේ දාගෙන ඔක්කෝම එක්ක සැප ගත්ත ැහටි. ඉන් ප්සසෙ ඒ ගෑනිට රුපියල් දෙකක් විතර දීලා මුන්සෙට් එක ඒ ආත්ල එක ගත්ත හැටි ගැන කියෝනවා. ඒ වගේම ඒ පරණ මුත්තලා ඩෑල් වලට ගමේ ඉන්න පවුල් වල ළමයින්ගේ තාත්තලා මොක්කුද ිකියලත් මතකයි. ඒ කිය්නනෙ ගෙවල් වෛන වෙනම තිබුනට සමහර ඩෑල් වලට දරුවෝ ගම වටේම ඉදලා තියෙනවා. 

දැන් වගේ හරියට කොන්ඩම් නොතිබුන ඒ කාලේ පැනලා යන එක මහ උලව්වක් නෙමෙයි. ඇරත් ගමේම එක ගෙයක් තියෙය් හොදට හදාපු. අනික් වා ඔක්කොම බේසික් කටුමැටි හෝ ඊටත් අන්ත ගෙවල්. ඉතින් කෙල්ලෙක් පන්නන් ගිහින් කොහෙ හරි හේනක් අටවන් ඒක අටවගෙන ජිවත්වෙන එක මහ කජ්ජක්නෙමෙයි ඒ කාලේ. 

ඒ වගේම හේනක් කියන්නේ මාරුවෙන තැනක්. ඒක ගහගෙන ඒක අස්සෙම පීදිගෙන ඉන්නේ නැහැ. තැන තැන යනවා. මාරු වෙනවා. ඒ ගියාම පෙලක් වෙලාවට මිනිස්සුත් මාරු වෙනවා. ළමයිත් ෂෙයා වෙනවා. ඔය විදිය තමයි ජීවිතේ. 

හැබැයි මේ අස්සේ සුද්දාගේ බොකු බඩවැල් ගාවම උන්ගේ ගතිගුන එක්කම ෆික්ස් ජීවිත ගෙනියපු සෙට්  උන්නා. ඒ උන්දැලා සුද්දා වගේම සල්ලි හම්බ කලා. ඒවා ගාන්ට වියදම් කලා. හරියට පොතේ හැටියට ගෑනු තියන් උන්නා. සුද්දා සහ බණ පොත් වල විදියට සදාචාරවත්ව ජීවත් වුනා. හබැයි කෝචචර සදාචාරයෙන් වැහුව්ත උන්ගේ ජානවල අර හේන් වල ඉන්න ඩෑල් වල තිබුන නිදහස්  ගතිගුණ ඉදහිට මතු වෙනවා. 

අවසාන වසයෙන් පංසල පවුල ආගම ලිංගික ජීවිතය වගේ පොත් පත් ගොඩක් ලංකාවේ තියෙනවා. සිනමා කතා ගොඩක් තියෙනවා. මට හිතෙන්නේ ඒවායෙන් අපේ නැතිවුන ගමේ තිබුන නිදහස, සැනසුම, ලිංගික ජීවිතය ගැන අඩාවැලපීමක් වගේ එකක් පෙන්නුම් කරනවා. 

ෆිල්ම් එක

මම සංසාරණ්‍යෙය් දඩයක්කාරයා පොත කියෝල තියෙනවා.මේක ඒකේ දෙවනි පොත එක්ක හදපු ෆිල්ම් එකක් තමයි සංසාර දඩයක්කාරයා කියන්නේ ප්‍රසන්න ජයකොඩි ගේ ෆිල්ම් එක. ෆිල්ම් එක පට්ටම ස්ලෝ. එක දර්ශනයක් ගොඩක් වෙලා පෙන්වනවා. ඒකේ කියන්න යන දේ බොහොම පොඩි දෙයක්. වරු ගානක් ඒක අල්ලං වාත වෙනවා. සමහර විට පොතේ තියේනනේ ඒ විදිටය වෙන්න පුලුවන්. සිනමා විචාරය කියන්නේ කලාවක් වෙන්න ඇති. ඒ අනුව මේක හොද ෆිල්මක් වෙන්න ඇති. අපි ඇවිල්ලා සිනමා විචාරකයෝ නොමෙයි. ඇවිල්ලා කස්ටමර්ලා..

චිත්‍රපටය කියන බාන්ඩය හෝ සේවාව අපි හෝල් එකට ගිහින් රසවිදිනවා. එතැනදි අපිට දැනෙන ආතල් එක අපි විස්තර කරනවා.

6 comments:

  1. Nice and philosophical, don't know what to say. Lets, say I was here. Keep it up.

    ReplyDelete
  2. hashanrandika.blogspot.com/2019/07/2019.html

    ReplyDelete
  3. දෙතුන් පාරක් කියෙව්වා

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා බන් උඹේ විචාරය කියෝපුවාම.
    ජොබ් එකට විචාර කරන උන් වගේ නෙමේ , කස්ටමර් කෙනෙක් විදියට ප්‍රඩක්ට් එක ගැන දෙන විචාරේ බොහොම අමුයි. එත් වටිනාකම වැඩියි.

    ReplyDelete
  5. ෆිල්ම් එක බලන්න ඕනේ. විචාර නම් දෙක තුනක් කියෙව්වා.

    ReplyDelete