Friday, February 27, 2015

අපේ මුත්තලා චොකලට් කෑ සැටි

දැන් නේ මචං ඔය එක එක විදියෙ ගැහිලි තියෙන්නෙ. ඉස්සර ඉතිං මොකෑ කරන්නෙ කෙහෙල් කද පෙරලුව වගේ පෙරලගත්ත ඉන් පස්සෙ චුකුං බුකුං ගාල දෙක තුනක් වැනුව ඉවරයි වැඩේ... මාගේ මිතුරකු දැඩි විශ්වාසයකින් ඇදහුවේ ලංකාවේ සිය මුතුන් මිත්තන්ගේ කාලයේ නොතිබූ ලිංගික සතුට ලබාදෙන විධික්‍රම ආදිය පැමිණියේ නෝටි ඇමරිකාවෙන් සහ පිටරට අසැබි වීඩියෝ වලින් බවයැ. නමුත් ඒ තුමානෝ අනාරාධපුරයේ කැටයම් ආදියේ ලිංගික අවයව උළුක්කු වන ආකාරයේ ඉරියව් ආදිය තිබුන බව දන්නේ නැත. 

එසේම කාම සූත්‍ර ආදී පැරණි ඉන්දියානු කෘති වල ඇති ඉරියව් අද කාලයේ ජිම්නාස්ටික් කරන අයට පවා පුහුනුවන්නට අපහසු ඒවා බව බොහෝ දෙනා නොදනිති.  අතීතයේ වූ පලියට හෝ අපේ මුත්තා ඒක ඒම කොල පලියට එය පාරම්පරික ඥානයක් වන්නේ නැත. එසේම අපේ මුත්තාගේ හෝ සීයාගේ හැසිරීමේ ඇති සියලු දෑ ඉතා පැහැපත් අතීත පුරුදු නිරූපනය කරන්නේ ද නැත. 

මේ මුත්තා අවුරුදු එකසිය 114ක් ජීවත් වී ඇත. ඔහු ගැන කිසිදු තොරතුරක් මේ පිංතුරය පල කල අය දක්වා නැත. ඔහුගේ පියා දොස්තර කෙනෙකු බවත් ඒ දොස්තර අවුරුදු 94ක් ජීවත් වූ බවත් ඔහු කියයි. එසේ දීර්ඝායුෂ ලැබීමට හේතුව සුදුළූනු, මී පැණි, කුරුදු, චොකලට් සහ ඔලිව් තෙල් ආදිය භාවිතා කිරීම බව එතුමා පවසයි..

ඔලිව් තෙල් ගැන මාගේ දැනුම නැත. එසේම චොකලට ්ගැන මා අසා ඇති පරිදි කොකෝවා ශ්‍රී ලංකාවේ තිබූ ගසක් නොවේ. එය සුද්දන් විසින් ගෙනැවිත් මෙහි වගාවක් ලෙස උත්සාහ කල බෝගයකි. කොකෝවාහී නිජබිම ඉන්දියානු උපමහද්වීපය හෝ ආසියාව නොවේ. එය දකුණු ඇමරිකාව නිජබිම කරගත් බෝගයකි. කොකෝවා වලින් චොකලට් සෑදීම ලොව තුල ප්‍රචලිත කලේ යටිත්විජිත ඇතිකරගැන්මට මුල් වූ යුරෝපා ජාතීන්ය. ඉන් පෙර කොකෝවා ඇට ව්‍යාප්තව තිබෙන්නට ඇති මුත් ඒ කොකෝවා නිශපාදන ඈත දකුණු ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියේ යැයි සිතීමට නොහැකිය. 

අනේ ඒ අන්ධ ස්වාමින් වහන්සේ මහමග යද්දි එක්තරා පවුකාර මනුෂ්‍යයෙක් ගේ වරදක් නිසා අර ස්වාමින් වහන්සේ වලකට වැටෙනවා..යැයි කාව්‍යමය මධුරස්වරයෙන් ස්වාමින් වහන්සේ  දෙසන විට... 

ඇතැම් මෝඩ උපාසකම්මලා සහ උඵාසක ඇතතෝ සාදු සාදු යැයි සාදුකාර දෙන්නේ මහ හඩිනි..ඒ පරපුර සයිබර් එක තුලටධර්ම දේශනා පැමිණි මෙකලද වැඩි වෙනසක් නැත. කුමක්හෝ කුනුගොඩක් කොහෙන්හෝ අවුස්සා යමක් පලකල විට විචාර බුද්ධිය කිසි සේත් නොසලකා ඇතැම් උගත් බුද්ධිමත් අය පවා සාදුකාර දෙති. දෙමින් පට්ට පල් කෙබර බෙදා හරිති. 

මේ පේජ් වලට ගොස් අප විසින් කමෙන්ට් කල විටඑක්කෝ උන් කමෙන්ට් මකති..කොමෙන්ට් මකන්නට තරම් වැඩි වූ විට ඇතැම් විට සිය ගොන්කම වසාගන්නට මේ පොටෝ මකා දමති. මෙවැනි ගොන් පාට් සහ එවැනි ගොන් වැඩ වලට උඪගෙඩිදෙන මෝහයෙන් පිරි උපාසක කැලගේ වැඩ දුටුතැන හෙලාදැකීම විචාරශීලි අපගේ යුතුකමකි. බුදුදහම යනු කියන සියල්ල දකින සියල්ල පෙනෙන සියල්ල ඇසෙන සියල්ල පොතක තිබුනා, අරයා කිව්වා , මෙයා කිව්වා, යන දැක්මෙන් දකින ආගමක් නොවේ. එබැවින් බුදු දහමේ හරයට නිගා දෙන මෙවැනි දේවල් හෙලාදැකීම යනු බුදු දහම හෙලා දැකීම නොවේ.. බුදු දහම උඪින් බොරුවට අදහාගෙන යන බොරු ඇදහීම් සහ වන්දනාමාන කිරීමේ නව්‍ය මෝස්තර වලින් සැබැවින්ම සිදුවන්නේ හානියක් මිස සමාජයට වත් හුදු මනුෂ්‍යයින්ටවත් වාසියක් නම් නොවේ.

Monday, February 23, 2015

කොන්ඩම් භාවිතා කලානම් කෝ? බොරදිය පොකුණ


ලංකාවෙ අවුරුදු විස්සත් විසිපහත් අතර ගම්බද තරුණයෙක් හෝ තරුනියක් සැලකුවොත් බොහෝවිට ඔවුන් නිරත වෙලා ඉන්නෙ මොන වගේ කාර්යයකද? කිහිප දෙනෙක් ඉගෙන ගන්නවා. ඉතිරි අය රැකියා කරනවා. මේ රැකියා කියන දේවල් අඩුවෙච්චි නිසා කාලයත් තිස්සෙ පිරිමි අය හමුදාවටත් ගැහැනු අය ගාමන්ට් වලටත් ගාල් වුනා. ඒ වගේම තවත් පිරිසක් ලංකාවෙ කර්මාන්තශාලා වල සහ රැකියා වල ලැබෙන වැටුප ජීවිතේ බොහෝ බොහෝ දේවල් වලට ප්‍රමාණවත් නොවන නිසා විදේශගත වෙන්න තීරණය කරනවා.
ඉගෙනගැනීමත්, හමුදාවට යෑමත්, විදේශගත රැකියාවලට යෑමත්, ගාමන්ට් හෝ වෙනත් ෆැක්ටරි වල අඩු පඩියට වැඩ කිරීමත් හැර වෙනත් විකල්ප බොහෝවිට ගම්බද තරුන තරුණියන්ට නැහැ. ගම්බද කිව්වාම මේ ගම ඇවිල්ල කොළඹින් ඈත් වීම හෝ නාගරික පරිසරයෙන් ඈත්වීම මත රදාපවතින්නෙ නැහැ. බොහෝවිට පරම්පරාවෙන් දෙමාපියන්ගෙන් සංචිත ධනයක් වියදම් කරන්නට නොලැබෙන බොහෝ ලාංකික තරුණයින් ගෙවන්නේ සුවදායී ජීවිතයක් නෙවෙයි.

මේ දවස්වල ලංකාවෙ විවිධ පැතිවල විසිරිලා ඉන්න සංචාරකයින් ගැන අපි බැලුවොත් ඒ අතර බොහොම යොවුන් වයසේ ඉන්න අය ජෝඩු වශයෙන් සහ තනිව ඇවිත් තියෙන බවක් පේනවා. අපි අපේ තරුණ කාලෙදි හිරවෙන හිරවීමත් එක්ක කන්තෝරුවලින් පිනා චාන්ස් එකකට රට යන්න ලැබුනොත් හැර බොහෝවිට නාකි වෙලා දඹදිව යන්න ලැබෙනකල් විනෝදය පිණිස රට යෑමක් ලැබෙන්නෙ නැහැ.
අපේ ජීවිත එකම විදියට ගෙවන බයිසිකැල් චේන් එක්ක බවට පත්වෙලා. අපිට අපේම කියලා ව්‍යාපාර ආදායම් මාර්ග, ඉඩම්, ගොයිතැන්, ගෙවල් පවුල් සංස්ථාවක් ලැබෙන්නෙ බොහෝවිට අවුරුදු තිහටත් කිට්ටු වුනාම. තිහ කිට්ටුවෙද්දි කසාද බැන්දාම එතෙක් අවුරුදු ගානක ජීවිතේ ගෙවුන ඇරියස් කවර් කරන්න ගෙවල් හදන්න දරුවො හදන්න, ව්‍යාපාර කරන්න වියදම් වෙනවා. ඒ නිසා අපි ලාංකික තරුණයො විදියට බොහෝවිට ගෙවන්නෙ පෙනුමට එකිනෙකින් වෙනස් වුනත් බොහෝවිට එකිනෙකාට ක්‍රමවේදයෙන් සමාන ජීවන රටාවක්.
ඇගලුම කර්මාන්ත ශාලාවක වැඩකරන යුවතියන් තිදෙනෙක්, හමුදා සොල්දාදුවෙක් සහ ඉගෙනගන්නා වයසේ පිරිමි ලමයෙක් අතර ඇතිවෙන ජීවන වෘත්තාන්තයක් සත්‍යජිත් මාඉටිපේ විසින් බොරදිය පොකුණ කියාල සිනමාවට නගලා තියෙනවා.
ලාංකික තරුණ පරපුරේ පොදු සාධක කීපයක් අරගෙන බොහෝ අයට තේරෙන විදියට සහ බොහෝ අයගේ ආකර්ශනයට ලක්වෙන විදියට බොරදිය පොකුණ කියන නිර්මාණය කරල තියෙනවා. මේකෙ කතාව ටිකක් දිගයි. ඒ වගේම සිනමාත්මකව කතාව ඉදිරිපත් කරන්න විවිධ ආකාරයේ සිනමාත්මක ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. දෙබස් ගැන විශාල අවධානයක් නැති සංකේත භාවිත කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම දෙබස් බොහෝවිට සාමාන්‍ය ජිවිතයේ අපි කතා කරන බාසාවට සමීප කරන්නත් බොරදිය පොකුනේ නිර්මාපකයින් උත්සාහ කරලා තියෙනවා.

දර්ශන තල

ලංකාවෙ දැන් හැදෙන ටෙලිනාට්ටි වල තියෙන්නෙ දර්ශන තල කීපයයි. ගෙයක් ඇතුලෙ සෝපා එකක්, ඇදක් මේස පුටු කිහිපයක්, බිත්ති කිහිපයක් තිබුනාම ටෙලිනාට්ටියක් රූපගත කරන්න පුළුවන් කියාල අද යන ටෙලිනාට්ටි දෙක තුනක් බැලුවාම හිතෙනවා. බොරදිය පොකුණ ලංකාවෙ ආකර්ශනීය ස්ථාන ගනනාවක රූපගත කරලා තියෙනවා. මේක ලංකාවෙ ෆිල්්ම එකක් කියලා ෆිල්්ම එක බැලුවාම කියන්න පුළුවන් මට්ටමට ලාංකික සොබා සෞන්දර්යේ සලකුනු චිත්‍රපටිය තුල අඩංගුවෙනවා. ඒ වගේම ලංකාව වටේම දුම්රිය ස්ථාන කිහිපයක්ම චිත්‍රපටියට පසුබිමින් දායක වෙනවා. පසුතල සහ පසුබිම් නිර්මාණය අතින් මේ චිත්‍රපටය ඉහල තැනක තිබෙනවා.
ලංකාවෙ නමින් නිපදවෙන සමහර සම්භාව්‍ය චිත්‍රපට වලදි ඒක ලංකාවෙ එකක් කියලා හදුනාගන්න ලැබෙන්නෙ කතා කරන බාසාවෙනුත් ඉන්න නළු නිලියන්ගෙනුත් පමනයි. නමුත් බොරදිය පොකුණ ශ්‍රී ලංකාව කියන ලස්සන රටේ වැදගත් ස්ථාන සෞම්‍ය විදියට පෙන්වලා තියෙනවා.

කතාවේ දරුවන් ගැන වූ මානුෂිය ස්වභාවය.

හැම දෙමාපියන්ම තම දරුවන්ට අනෙක් දරුවන්ට වඩා ආදරෙයි. ලංකාවෙ මේ ගතවෙන කාලෙදි ඉස්සරට වඩා දරුවන් ගැන දෙමාපිය අවධානය වැඩියි. දරුවන් එක්නෙකු දෙන්නෙකු පමණක් පවුලක සිටීමත් බොහෝ අයගේ ජීවිතයේ පරම විනෝදය දරුවන් බවට පත් වීමත් නිසා බොහෝ දරුවන්ට උවමනාවටත් වඩා ආදරයක් කරුණාවක් සිය දෙමාපියන් ගෙන් ලැබෙනවා.
නමුත් ලංකාව තුල දෙමාපියන් බොහෝවිට තමුන්ගේ ලෙයින් නොවන අනුන්ගේ දරුවන් ගැන සහ පොදු මහත් සමාජයේ අකටයුතු කම් නිසා දුරාචාර වලට යොමුවුන දරුවන් ගැන දරන්නේ එතරම් හොද ආකල්පයක් නෛමයි. තමුන්ගේ දරුවන් ලෝකෙටම වඩා උඩින් සැලකුවත් අනුන්ගේ දරුවන් ගැන සමාජ ආකල්ප නම් ඒ තරම් හොද තත්වයක තියෙන බවක් පේන්නෙ නැහැ.
මේ ෆිල්ම් එක තුල දරුවන් පරෙස්සම් කල යුත්තේ දරුවන් ආදරයෙන් වැළද ගත යුත්තේ අපේ ලේ වල කොටසක් වන නිසාම නොවෙයි කියන උතුම් පණිවුඩය ලබා දෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ පෙර වැරදි දරුවන්ගේ ජීවිත වටා හොල්මන් කරන ආකාරයද මේ ෆිල්්ම එකෙන් පෙන්වනවා.

ලිංගික අධ්‍යාපනය ගැන වූ කතාව

අදටත් කොන්ඩම් කොයි තරන් සුලබ වුනත් පෙති ගැනීම ගැන නිතර දෙවේල් කිව්ව්ත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ගබ්සා ආදිය ගැන පුවත් වල නිතර දෙවේලේ තිබෙනවා. කෙනෙක්ට හිතෙන්නෙ පුලුවනි මේ චිත්‍රපටියේ පිරිස කොන්ඩම් භාවිතා කලා නම් මේ ආකාරය් කතා ඇතිවෙන්නෙ නැහැ නේද කියලා. ඔවු බොහෝවිට මේ ෆිල්ම් එකේ ස්ටෝරියට සම්බන්ධ අය කොන්ඩම් භාවිතා කලානම් මේ ආකාරයේ අභාග්‍ය සම්පන්න මහා ක්‍රියාදාමයක් සිදු නොවෙන්නට ඉඩ තිබුනා.
සාමාන්‍ය මනුෂ්‍ය ජිවිත ගැන කතාකරන පරමාදර්ශී චරිත ගැන අවධානය යොමු නොකරන හොද චිත්‍රපටියක් විදියට මම බොරදිය පොකුණ නිර්දේශ කරනවා. සිනමාව ගැනත් ලාංකිය සිනමාව ගැනත් උනන්දු අයට රුපියල් දෙතුන් සීයක් දීලා බැලුවට පාඩු නැති වටිනා කතාවක් තමයි බොරදිය පොකුණ
මේ ෆිල්ම් එක තහනම් කරලා තිබිලා පස්සෙ තමයි තහනම ඉවත් කරලා තියෙන්නෙ කියලා දැනගත්තෙ ෆිලම් එක බැලුවටත් පස්සෙ. මට අනුව නම් ෆිල්ම් එක තහනම් කරන්න හේතුවක් හොයාගන්න බැහැ. ෆිල්ම් එක ලිංගිකත්වය ගැන කතා කලාට..තරුණ ආශාවල් ගැන කතා කලාට ෆිල්ම් එක තුල ලිංගික ජවනිකා තියෙන්න අඩු වශයෙන්. ඒ තිබුනත් කෙලින්ම ලිංගික අවයව වලින් කෑල්ලක් වත් පෙන්වන්නෙ නැහැ..කොටින්ම තනයක් වත් ඈතින් පෙන්වන්නෙ නැහැ. කෙනෙක් සිංහල තනයක් කකුලක් බලාගන්න හිතාගෙන වැඩිහිටියන්ට පමණයි ලේබලය දැකලා ෆිල්ම් හෝල් එකට යනවා නම් අයියෝ සල්ලි.
ෆිල්ම් එක අස්සෙ ගිය උදයකාන්තගේ බහුබූතයෝ දෙක ෆිල්ම් එකේ නම් උදයකාන්ත විසින් පබෝදාගේ තන් සහ පුක වැඩිපුර දැකලා තියෙනවා කියල ඒ ෂෝ එකේ ඇඩ් එක දැක්කහමත් පෙනුනා. ඇරලා පෙන්නුවෙ නැතිවුනාට කැමරා වලින් ගස්ලබු පෙන්වන්න වගේ ඒවම පෙන්වන්න හදනවා කියලයි මට බහුබූතයෝ 2 ඇඩ් එක දැක්කාම හිතුනෙ. 

Saturday, February 21, 2015

සිරීපාෙද ආයිත් ගියා

මේ පාර සිරිපා වන්දනාව යද්දි අපි ගියේ රත්නපුර පැත්තෙන්. ආවෙ හැටන් වලින්. කොළඹ සිට රත්නපුරේට වෑන් එකක් හයර් එකට අරං ගියා. අපි රෑ දොලහමාරට විතර රත්නපුර පලාබද්දලින් පටන් ගත්ත කරුණා කිරීම උඩ මළුවට යද්දි උදේ දහය විතර වෙලා. ඉන් පස්සෙ හිමින් හිමින් සිරිපා කරුණා කරලා වන්දනාමාන කරලා පහල නල්ලතන්නියට එද්දි හවස පහ විතර වෙලා. අපි ගියේ සිකුරාදා රාත්‍රියේ. සෙනසුරාදා ඉරිදට සිරිපාදෙ සෙනග වැඩියි. ඒත් රත්නුපුර පාරෙ නම් ඒ හැටි  සෙනගක් නැහැ. හැටන් වල තමයි සෙනග. හම්බෝ. හැටන් පැත්තෙන් මහගිරි දඹේ හරියෙ එක පඩියෙ විනාඩි දහය පාලහ මිනිස්සු හීතලේ ගැහි ගැහි පොෝළිමෙ උන්නා.

ශ්‍රී පාදස්ථානය කියන්නෙ වසර දහස් ගනනක් තිස්සේ මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ලබන මිනිස් පා පහසින් සැනහෙන ස්ථානයක්. මීට වසර ගනනාවකට එපිට සිරිපා කරුණා කල ඇත්තො මේ වගේ යකඩ ඉනිමං වලත් යන්න ඇති.
සිකුරාද හවස තකහනියක් ලෑස්ති වෙලා ඉක්මන්ට අපි කොළඹින් පිටත් වෙනකොට නම් අදහසක් තිබුනා ඉර සේවෙත් බලාකියා ගන්න. අපි ඉදිකටුපාන හරියට යද්දිම උදේ එලිය වැටෙන්න ගත්තා. එපා කියන්නැයැ ඉතින්. ඉර උදාවෙන ලස්සන මේ විදියට යාන්තමින් කැමරාව ඇතුලට දාගත්තා.
උදෑසනම පින්න මේ තණකොළ උඩට වැටිල හරිම ලස්සනයි. මේ වගේ පිණි කැට පිසදාගෙන තමයි අපිට පාන්දරින්ම සිරිපාදෙ දිහ ාබලාගෙන කරුණා කරන්න වුනේ.
අපි යන අතරමග අවිස්සාවේල්ල හරියෙදි යාලුවෙක්ගේ ගෙදරට ගොඩනැගිලා තේ වතුර එකක් බීල යන්න හිතුවා. ඒ ගෙදරින් අපිට කිලෝ දෙකක විතර බිස්කට් සහ බෙහෙත් ආදිය ලැබුනා. සිරිපා කරුනාකරනවා වගේ වැඩකට හැමෝගෙම සහය තියනවා නේ. ඒත් අපිට ඒ බිස්කට් ආදිය වැඩිය කැවුන් නැහැ. මේ පිංතුරේ තියනවා වගේ රතු මිරිස් ලුනුමිරිස එක්ක උණු උණු රොටියක් කන එක වඩාත් හොදයි කියලා තමයි රොටි දැක්කාම අපිට හිතෙන්නෙ.
මේ ගමන යද්දි අපිට පිංවත් උපාසක මහත්වරු වගේම ලස්සන ලස්සන ඇදුම් ආයිත්තම් වලින් සීත ඇදුම් වලින් සැරසුනු යොවුන් උපාසිකා මාතාවනුත් දකින්න ලැබෙනවා. ඒ සමහරක් උපාසිකා මාතාවන් ට අපි ගෙනියපු කෑම ජාති ආදිය දෙන්නත් අපි පසුබට වුනේ නැහැ. සිරිපාද ගමනෙ තියන එක විශේෂත්වයක් තමයි වෛවාරන ජෛව විවිධත්වයකින් යුතු පරිසරයක් දකින්න ලැබෙන එක වගේම විවිධාකාර මෝස්තර අටෝරාශියකින් සැරසුන විවිධාකාරයේ පන්තිවල මිනිස්සු විශාල ප්‍රමාණයක් මූනට මුන ගැහෙන එක. ඒ සමහර පරණ අය තාමත් අර තුන්සරණ කියනවා. ඒ කියපු හැම වෙලාවකම වගේ මාත් ඒ අයට රිප්ලයි විදට වැදල බයින මේ නඩේට....වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා කිව්වා.




අපි ගිය රත්නපුර පාරෙන් සිරිපා කරුණාකරන්න කිලෝමීටර දොලහක් විතර තියෙනවා. කිලෝමීටර කිව්වාට සමතලා පැත්තක කිලෝමීටරයක්යනවාට වඩා මේ පඩිපේලි සහිත කදුකරයේ කිලෝමීටරයක් යන එක අමාරුයි.මේ සම්පුර්ණ ගමනෙදි අපිට පඩි විසිදාහක් විතර පාගන්න ලැබෙන්න ඇති.මේ වගේ ගමන යනකොට එක හුස්මට මැරතන් දුව්නන වගේයන්න බැහැ. අනික අරං ගිය මළු ආදියත් එක්ක ගමන ටිකක් වෙහෙසකර වෙන්නත් ගන්නවා.ඒ නිසා අපි තැන් තැන් වල නැවතිලා අවට සිරිය බලලා. පොටෝ ගහලා කන බොන දේවල් කාල බීල හිමින් හිමින් තමයි ගමන ගියේ.

 මේ සිරිපා ගමනට ලංකාව වටේන්ම මනුස්සයො එනවා. මට ගිය වතාවකදිත් අනෙක් නඩවල හිටපු යාලු මිත්‍රයින් නෑයින් හමුවුනා. මෙවරත් මට හිතපු නැති විදියට පරණ යාලුවෙක්ගේ අක්කා කෙනෙක්ව හමු වුනා. මට ඇය අදුනාගන්න බැරි වුනත් ඇය මාව ඉක්මනින්ම හදුනා ගත්තා.

 පාන්දර සිරිපා ඉමේ ගමනකට දායක වෙන අයට ලැබෙන මහත් වූ දායාදයක් තමයි අලංකාර භූමි දර්ශනය. ඉතිං මේ භූමි දර්ශන කිහිපයක් මේග කැමරාවටත් හසුවුනා.



 මේ මයිනෙක් වගේ කුරුල්ලෙක් වුනාට ඇත්තටම මයිනෙක් නම් නෙමෙයි. ඔය සිරිපා අඩවියේ ඉන්න ටික්ක සුලබ කුරුල්ලෙක් වෙන්න ඇති.
 මේ රිලා යාලුවො නම් කුනුබාල්දි ඇතුලට අත දාල බොහොම උනන්දුවෙන් කෑම කනවා. පොලිතින් ආදියත් මේ අයගේ ආහාර එක්ක රිලාබඩ ඇතුලට යනවා ඇති.
 එක යාලුවෙක් කල්පනා කරනවා ඇත්තෙ දීප්ති ගැන වෙන්න ඇති. දීප්ති කිව්වෙ ගෑනු කෙනෙක් නෙමෙයි. ලංකාවෙ මොංගල් දාර්ශනිකයෙක් ඉන්නවා දීප්ති කියලා. ආන්න එයා.
කහපාට පොඩි කුරුල්ලො විශේෂයක් වන මෙවුන් නම් නිතරම තැන් තැන් වල හිටියා සිරිපා ගමන පුරාවට. ඒ අයත් අනික් කුරුල්ලො වගේමමිනිස්සු දාන කුනු කන්න ඇබ්බැහි වෙලා. කුනුගොඩවල් ගාව අහුලන් කන මේ කුරුල්ලො සුලබ දසුනක් වුනා.

මේ සිරිපා ගමන අද යන අයට මීට වසර පනහකට එපිට සිරිපා ගමන ගිය අයට වගේ විශාල බාධා වැට කඩුලු නැහැ. බොහෝ තැන්වල සාර්ථක ලෙස කොන්ක්‍රිට් පඩි අතුරලා තියෙනවා. මහගිරි දඹේ හරියෙ පවා කොන්ක්‍රිට් දාල තියෙනවා. ඒ කොන්ක්‍රිට් අනන්න අවශ්‍ය සෑම සියලු දෙයක්ම මේ වැඩකරන කම්කරු මහත්වරුන්ගේ හිස මතින් කර මතින් ඉහලට ඇදුන බඩු. ඉහල මලුවේ තියෙන සියලුම ඉදිකිරීම් සහ සියලුම පඩිෙප්ලි ආදිය හදන්න අවශ්‍ය සිමෙන්ති, ගල්, වැලි, හුණු ආදිය මේ මිනිස් ශ්‍රමය මතින් තමයි ඉහලට ගෙනිහින් තිබෙන්න. මේ කම්කරු මහත්වරුන් වැඩකරන්නෙ කුලියට වුනත් ඒක ඉතා දුෂ්කර වැඩක්. අපහසු රස්සාවක්. ඒ අනතුරුදායක අවදානම් බව ඔවුන් විසින් ලබාගත්තෙ නැත්නම් සිරිපා ගමන මේ තරම් ලේසියෙන් අපිට කරන්න ලැබෙන් නැහැ.

අපි සිරිපාදෙ ඉහලට ගිහින් පාන් වාටියක්, ටොපි කොලයක්, කෙහෙල් ලෙල්ලක් පවා කුනු බාල්දියකට දාල ආවත් ඒවා ආයිත් මේ වගේපිරිසකට පහලට අරන් එන්න සිදු වෙනවා. ඒ නිසා සිරිපා ගමන යද්දි කෑම කොල පොලිතින්, දවටන ආදි සියලු රැගෙන යන දෑ නැවත ඒ රැගෙන යන්නා සේම රැගෙන එන්නත් පිරිස වගබලා ගන්න එක වටිනවා. 

Friday, February 20, 2015

හොර පයින්ඩ හොයන්න යන්තර තැනූ ඇලන් ටියුරින්

සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ට වැඩිය කැමැත්තක් නැහැ. ඒ අය කැමති පිරිමින්ටම විතරයි. ඒ ජාතියේ මිනිස්සු ජීව විද්‍යාත්මකවත් සමාජීය හේතු නිසාත් ඇතිවෙන්න පුලුවනි. ඒ වගේ අයව හඳුන්වන්න පොදු මහ සමාජය පොන්නයා, පොන්සියා, කොලුකාරයා, ලොල්ලා ආදී අවඥාසහගත වචන භාවිතා කරනවා. මේ ආකාරයේ වචන වල පැහැදිලි තේරුම කුමක් වුවත් ඒ වචන වලින් ඒ පිරිස හඳුන්වන්නෙ ඔවුන්ට යම් ගරුත්වයක් දෙන්න නෙමෙයි.එයාලගේ ඒ තියෙන තමුන්ගේ ජාතියේ අයට තියෙන කැමැත්ත කියන දේ පහලට දාන්න. මේ ජාතියෙ පිරිමි පිරිමින්ටමත්, ගෑනු ගෑනුන්ටමත් කැමැත්තක් දැක්වීම සිංහලෙන් සමරිසි කියලා හදුන්වන්න පුලුවනි. සමජාතියේ උන්ට රිසි වූ කියන තේරුම ඇති වචනයක් වෙන්න ඇති ඒක. 

විසිවන සියවසේ හිටපු අති ප්‍රබල චරිතයක් මේ කියන සමරිසි වීම කියන චෝදනාව නිසා නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙනවා. ඒ චරිතය අයිති වුනේ එංගලන්තයට. එවකට මහා බ්‍රිතාන්‍ය නීති අනුවත් සමාජයේ මතිමතාන්තර අනුවත් සමලිංගිකත්වය හෙවත් පිරිමින්ටම ආසා කරන පිරිමින්ව දැක්කේ මානසික විකෘතියක් සහ වරදක් විදියට. ඒ විදියට හංවඩු ගැහුන ඒ මහා විද්‍යාඥයාට ඇතිවුන අවමානය දරාගන්නට නොහැකිවීම, ඔහු සමාජයෙන් කොන්වීම, එය මානසික රෝගයකැයි සලකා ව්‍යාජ ඔසු ගන්නට සිදුවීම ආදී කරුණු නිසා අකාලයේ සිය දිවි නසාගන්නවා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 43ක්. 
මේ මහා විද්‍යාඥයා තමයි ඇලන් ටියුරින්. ඇලන් ටියුරින් නිසා සිද්ද වෙච්චි ලොකුම දේ තමයි අඩු කාලයකින් දෙවන ලෝක යුද්ධය මිත්‍රපාක්ෂිකයින් ජයග්‍රහනය කිරීම.  ඇලන් ටියුරින්ගේ සොයාගැනීම නිසා දෙවන ලෝක යුද්ධය වසර දෙකකින් සහ ජීවිත ලක්ෂ ගනනිකින් අඩුවුනා.
විශාල භූමි ප්‍රෙද්ශයක් පුරා පැතිර ඇති යුද්ධයකදී පණිවුඩ හුවමාරුව වැදගත් සාධකයක් වෙනවා යුද්ධ කරන පාර්ශව වලට. දෙවන ලෝක යුද්දයේ ප්‍රධාන සතුරු පාර්ශවය වූ ජර්මනිය එනිග්මා කියන යන්ත්‍රය භාවිතා කරනවා සිය රහස් පණිවුඩ යවන්න. ඒ මැෂිමෙන් බිලියන ගානක එකිනෙකට වෙනස් කේත ඇතිකරලා ඒ හරහා පණිවුඩ හුවමාරු කරන්න පුලුවන්. මේක ඇවිල්ලා ක්‍රිප්ටෝග්‍රැෆි කියලා හදුන්වනවා. උදාහරණ විදියට අපි ලියන සෑම වාක්‍යයකම වචනයකම අකුරු දෙකක් මාරු කරලා ලිව්වොත් ඒක ලේසියෙන් කියෝ ගන්න බැරි වෙනවා නේ. ආන්නඑ ් වගේ එකිනෙකට වෙනස් විදි ක්‍රම මිලියන ගානකින් පනිවුඩ හුවමාරු කරගන්න ක්‍රමයක් තමයි එනිග්මා මැෂින් වලින් ජර්මනිය සතුව තිබුනෙ. 
මේ එනිග්මා මැෂින් වලින් යන පණිවුඩ කියවන්න ක්‍රමයක් මිත්‍ර පාක්ෂික හමුදාවන්ට තිබුනේ නැහැ. නමුත් ඇලන් ටියුරින් විසින් කරන ලද හැදෑරීම් වලින් ඔහුට හැකිවෙනවා නව මැෂිමක් හදන්න මේ ජර්මන් රහස් කේත වලින් පණිවුඩ වෙන් කරගන්න. මෙ මැෂිම ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පාදක කරගත්ත මහ සද්දන්ත යන්ත්‍රයක්. මේ සද්දන්ත යන්ත්‍රය හදන්න ඇලන් ටියුරින්ට පවුන් ලක්ෂ ගානක් වියදම් වෙනවා. කොහොම හරි අමාරුවෙන් එවකට හමුදා පාලනය කැමති කරවාගෙන මේ ඇලන්මේ මැෂිම හදනවා.. මේකෙ නම බොම්බ්.

මේ මැෂිම එවකට පැවති පරිගනක යන්ත්‍රවලට වඩා දියුනු එකක්. පරිඝනක විද්‍යාව හා සම්බන්ධ ඉතිහාසයේ එක්තරා කඩඉමක් විදියට ඇලන් ටියුරින්ගේ මේ මැෂිම සැලකෙනවා. ඇලන් ටියුරින් කියන්නෙ පරිගණක වේදය කියන න්‍යායාත්මක පරිඝනක පිලිබද දර්ශනයක් තිබුන අයෙක්. ඒ සම්බන්ධව ඔහු එවකට වැදගත් නිබන්ධන කිහිපයක්ම පල කරලා තියෙනවා. 

ඇලන් ටියුරින් හැදුව බොම්බේ කියන මැෂිම නිසා වුන සේවය සුලුපටු නැහැ. ඔහු හදපු මැෂිම නිසා එංගලන්තය ඇතුළු මිත්‍රපාක්ෂිකයින්ට ජර්මන් නාසි හමුදාවන්ගේ පණිවුඩ කියවාගන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් යුද්ධයට ලැබුන පිටුබලය විශාලයි. ජර්මානුන්ගේ නාවික හමුදාව මහා බ්‍රිතාන්‍යටත් අනෙක් රටවලටත් විශාල බලපෑමක් සිද්ද කලා. මේ ඇලන් ටියුරින් හැදුව විශාල මැසිමත් ඔහුගේ කන්ඩායමත් නිසා ජර්මනියේ නාවික බලය කෙමෙන් කෙමෙන් අඩුකරන්න හැකියාව ලැබුනා. 

දෙවන ලෝක යුද්ධය ජර්මනිය පැත්තෙන් අසාර්ථක වෙන්න එක හේතුවක් විදියට ජර්මනිය විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම දැක්වෙනවා. සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමට විශාල හේතුවක් විදියට සෝවියට් රුසියාව සතුව තිබුන ආහාර සංචිත හේතුවුනා කියලා මතයක් තියෙනවා. ඒ වගේම බොහෝවිට මහා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍රපාක්ෂික හමුදාවන්ගේ ප්‍රතිප්‍රහාර යුරෝපය තුල වර්ධනය වීමත් ඒකට හේතුවෙන්නට ඇති. 

ඇලන් ටියුරින් කියන මහා විද්‍යාඥයා සමරිසි අයෙක් වූ නිසා නොයෙකුත් ගැහැට වලට මුහුන දෙනවා. ඇලන් ටියුරින් කියන්නෙ ජීව විද්‍යාවේ ගණිතමය පැත්ත වගේ ම වැදගත් න්‍යායාත්මක තොරතුරු ගනනාවක් සම්බ්නධ උනන්දුවක් තිබුන අයෙක්. ඒ වගේම එවකට එංගලන්තය නියෝජනය කල ඔලිම්පික් කන්ඩායමේ මැරතන් කන්ඩාමය නියෝජනය කරන්න හැකියාව තිබුන මැරතන් ක්‍රීඩකයෙක් විදියටත් ඇලන් ටියුරින් දැක්වෙනවා. 

සිය ජීවිත කාලය තුල ලෝකෙට නොමැකෙන මතකයන් ඉතිරි කරපු විවාදාපන්න වගේම බොහෝ කාලයක් වැලලී තිබුන චරිතයක් තමයි ඇලන් ටියුරින්. ඇලන් ටියුරින්ගේ ජීවිත කතාව අලලා නිමවුන සිනමාපටියක් තියෙනවා. ඒක තමයි ඉමිටේෂන් ගේම්.
The Imitation Game

ඉමිටේෂන් ගේම් ඇලන් ටියුරින්ගේ කතාව සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි බොහෝ තැන්වල සඳහන් වුනේ. 

ඇලන් ටියුරින් ගැන අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා කියලා ලිපියක් රාවයේ තියෙනවා. ඒකෙ බොහොම තොරතුරු ඇතුලත් වෙනවා. පරිගණකය හොයාගත්තෙ කවුද කියලා ඇහුවොත් අපේ මනසට එන නම් අතර ඇලන් ටියුරින් නැහැ. නමුත් ඇලන් ටියුරින් කියන්නෙ පරිගණකය කියනදේ එදා සිට අද දක්වා ආපු ගමනේ විශාල සන්ධිස්ථානයක්. මම හිතන විදියට පරිගණක යන්ත්‍රය මුලින්ම වඩාත් වැදගත් වැඩකට,  මහා පරිමාණ වැඩකට යොදාගන්න ඇත්තෙ ඇලන් ටියුරින් වෙන්න ඕනි.
අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්
අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්
අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්කියලා.

Thursday, February 19, 2015

යහපාලනේ නම් නුගේගොඩ මහා රැලියක් තිබිය හැකිද?

පාරේ යන මනුස්සයෝ ගැන කිසිදු තැකීමක් නැතුව සාමාන්‍ය මහජනයාට හිරිහැර ඇතිවන ආකාරයට මැතිවරණ රැස්වීම් පැවැත්වීම ලංකාවේ අතිශය සාමාන්‍ය දෙයකි. පාරේදි උස් මහල්වලද සිටි මිනිස් ඔලුගෙඩි ගාන ගනන් කිරීම මුහුනුපොතේ සරු ව්‍යාපාරයක්ව තිබුනි. ඒ රැස්වීමට විමල් වීරවංශ කියන පරිදි ලක්ෂ 5ක් සහභාගි වී ඇත. ෆේස්බුක් හි ගණිත මිණිත දක්ෂයින් කියන පරිදි සියලු සෙනග පනස්දාහක් මිස වැඩිවිය නොහැක.
සත්‍ය වශයෙන්ම පලාත් පාලන ආයතනයක් මෙවැනි රැස්වීමකට අවසර ලබා දෙන්නේ නගරයේ මැද ඉතාම පටු භූමි භාගයක් නම් එය ගැටළු සහගත තත්වයකි. නගර පාලනය කරන ඇත්තෝ නගරය හරහා යන ජනතාව ගැනද සිතිය යුතුය. එවැනි ඉල්ලීමක් ඇත්නම් එය පොලීසිය නගර සභිකයින් සහ වෙනත් නගර බලධාරින් එක්ව සාකච්චා කොට වෙනත් ස්ථානයක් ලබා දීම කාගේ හෝ වගකීමකි.
රනිල් වික්‍රමසිංහ උන්නැහේ සිය පක්ෂයේ සියලුම සාමාජිකයින් රැස්කර කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ මහ දවල් කාර්යාල දිනක රැස්වීමක් පැවැත්වීමට අදහස් කලා යැයි සිතමු. නියම යහපාලනයක් තිබේ නම් එතැන හුන්ඩුවක් වැනි තැනකට ලක්ෂයක දෙකක පිරිසක් පිටින් ගෙනත් දැමුවහොත් ඇතිවිය හැකි අනර්ථකාරී තදබදය සලකා බලා අවසර නොදිය යුත්තේය. අනවසරයෙන් පවත්වන්නට රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නෙ ්නම් එය හමුදාව හෝ කැරලි මර්ධන ඒකක දමා මර්ධනය කල යුතුය.

කොළඹ හෝ නගරාශ්‍රිතව වැඩිපුරම ජනතාව ගැවසෙන ස්ථානවල කවර ආකාරයේ හෝ මහජනයා ගැවසෙන පැමිණෙන රැස්වීම් රැලි පැවැත්වීමට අවකාශ දීම ප්‍රොජාතන්ත්‍රවාදය යැයි ඇතැමෙක් සලකති. සැබැවින්ම මහජනයාට සිය විරෝධතාවයන් පෙන්වීමේ අවකාශයක් තිබිය යුතුය. නමුත් එය අනෙක් විශාල ජනතාවකට මහත් වූ හිරිහැරයක් වන්නේ නම් එය වරදකි.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු පැරණි ග්‍රීසියේ මෙන් සියලු දෙනා රැස්ව තීරණ ගන්නා තැනක් නොවේ. ගැටලු තිබේ නම් රැස්ව ඒවා නියෝජිතයින්ට දැනුම් දිය යුතුය. ඉන් පසු ඒ ගැන කිසිදු තැකිමක් නැතිනම් මාද්‍ය හරහා සිය ගැටළු ඉදිරිපත් කල යුතුය. එයින්ද කිසිදු ප්‍රථිපලයක් නැතිනම් අදාල සියලුම බළධාරින් දැනුවත් කල යුතුය. අවසානයේ ගැටළුව බලපවත්නා පිරිස ඒකරාශී වී එය විසදාගන්නට වීදි සටන් යොදාගත යුතුය.
පක්ෂයක අගමැති අපේක්ෂකයෙක් තේරීම වැනි පක්ෂයක අභ්‍යන්තර ගැටළුවක් වෙනුවෙන් දහස් ගනන් මිනිස්සුන්ගේ දෛනික ජීවිතය අවහිර වන පරිදි රැස්වීම් තබන්නට ඉඩ හසර ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඔවුන්ට එවැනි රැස්වීමක් කොළඹ පවත්වන්නට අවශ්‍යම නම් ඒ සදහ ාවිශාල ක්‍රීඩාංගනයක් ලබා දෙන්නට තිබුනි.
හෙට දවසේ ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් දේශපාලනික සංවිධානයක් මෙසේ මග අවහිර කර ජවුසන් නටන්නේ නම් එය අනුමත කල නොහැකි දෙයකි.
සියල්ලෝ රටට ආදරේය, සියල්ලෝ සාධාරනයට යුක්තියට කැමැතිය. එසේනම් ඒ ආදරය යුක්තියට ඇති කැමැත්ත ආදිය අනුන්ට බාදා නොවන පරිදි පවත්වා ගන්නට පිරිස උත්සාහ ගත යුත්තේය.
කොළඹ  මධ්‍ය ස්ථානය සැබැවින්ම නුගේගොඩ බස් නැවතුම්පොල නොවේ. පාර්ලිමේන්තුව අසල පාර්ලිමෙන්තු ක්‍රීඩාංගනය, නිදහස් චතුරෂ්‍රය අසල පිට්ටනිය, ගාලු මුවදොර පිටිය වැනි විශාල සහ කේන්ද්‍රිය වටිනාකමක් ඇති ස්ථානයක් මෙවැනි මහා දේශපාලන බයිලා වෙනුවෙන් භාවිත කරන්නට ලබා දෙන්නේ නම් එය මනාය. මෙවැනි මහා බයිලා ලෑස්ති කරන අයද සැබැවින්ම කතා කරන්නේ මහජනයා හෝ රට ගැනනම් රටේ මිනිසුන්ගේ සාමාන්‍ය ජිවිතය විරුද්ධමත දරන්නන්ගේ නිදහස ආදිය ගැන තැකිය යුත්තේය.
කලකට පෙර රටේ සෑම දේශපාලන ගැටළුවකදීම ඒ වෙනුවෙන් හඩනගන්නට ගාළු මුවදොර පිටිය වැදගත් ස්ථානයක් ලෙස ක්‍රියා කලේ යැයි පොත්වල පත්තර වල සදහන් වෙයි. පොඩි පහේ අවස්ථාවක් නම් කොටුව දුම්රිය ස්ථානය වැනි ස්ථානයක්ද, කියන පරිදි ලක්ෂ ගනන් සෙනග පැමිනෙන ස්ථානයක් නම් ඒ සෙනගට අඩුතරමේ හුලන් ඩිංගක් වදින්නට වත් විශාල ක්‍රිඩාංගනයක් වත් ලබාදීම බලධාරින්ගේ යුතුකමකි.
පැමිනෙනවා යැයි කියන මහා ජනතාව කුමක් හෝ හේතුවක් නිසා සත්‍ය වශයෙන්ම පාරට ආපු දවසක තෙරපීම් හේතුවෙන් කිහිප දෙනෙකු මිය පරලොව ගොස් සැලකිය යුතු පිරිසක් තුවාල ලබනු ඇත. ආන්න එදාට කස්ටියට ප්‍රොජාතන්ත්‍රවාදයට ඉඩදීමට වඩා මනුස්ස ජීවිත වල වටිනකම සුට්ටක් වැඩියෙන් වටින බවට තේරුම් යනු ඇත.

Wednesday, February 11, 2015

ඉන්දියාවට ගහන්න බැයිද?

ඉන්දියාව කියන රට ලංකාවෙ දේශපාලනය ට සමාජයට අතදාන හැම අවස්ථාවකදිම ලංකාවෙ අති බහුතරයක් ඒක දිහා වපර ඇහින් බලනවා. පට්ට හිගන්නො ඉන්න ජනගහනය දරාගන්න බැරි දුප්පත් රටක් විදියට අපි තාමත් ඉන්දියාව දකිනවා. ඉන්දියාව කියන්නෙ ලෝකෙ ජනගහනය අතින් දෙවැනි තැන ගත්ත රට. නමුත් ඉන්දියාව දැනට සත්‍ය වශයෙන්ම දියුනු වෙමින් පවතින රටක්. මේ දියුනුව කිව්වම සමහරු හිතයි ආහ්..ඉන්දියාවෙත් ලංකාවෙ වගේ මහ කැලෑ වල එයාපෝට් හැදෙනවා ඇති..පාරවල් වලට තාර වැටෙනවා ඇති..තඩි බිල්ඩින් හැදෙනවා ඇති කියලා..මොකද ලංකාවෙදි සංවර්ධනය කියන එකේ පාට සිමෙන්ති පාට.. මිනිස්සු හිතන්නෙ සංවර්ධනය කියන්නෙ සිමෙන්ති පාට මොකක් හරි දෙයක් කියලා..ඒ තරං සංවර්ධනය හා කොන්ක්‍රිට් ලාංකිය ජනජීවිතයට සමීප වෙලා. 

අශෝක රජතුමා අපිට අනුකම්පාවෙන් එයාගේ අගබිසවගේ නොවුන ලමයි දෙන්නෙක්ව මහණ කරලා ලංකාවට එවුවාය. එතනින් පස්සෙ ලංකාවෙ බුදු දහම ඇතිවුනාය කියලා අපි ඉගෙන ගන්නවා.එතනින් එහා දෙයක් යම් අයෙක් ඉගෙන ගන්නවා නම් ඒ පිරිසඉතාම සුලුතරයක්. ඇත්තටම එදා මොකද්ද වුනේ. අශෝක කියන්නෙ ආක්‍රමණිකයෙක්. ඔහු ආයුධ බිම තිව්වා කියන්නෙ ආක්‍රමණික අදහස බිංදුවක් වුනේ නැහැ. ඔහු ආගම ප්‍රචාරණය මගින් නවීන ආක්‍රමණික වපසරියක් ඇති කරගන්නවා. එදා ඉන්දියානු උපමහද්වීපය වටා තිබුන රටවල් බොහොමයක් අශෝක ගේ අණසකට යටත් කරගන්න අශෝකට ඒ නිසා හැකි වෙනවා. 

වෙනත් කසාද වල වුනත් පුතාල ඉදලා පස්සෙ කාලෙක හෝ රජතුමා ජීවත්ව සිටියදී පවා ඔවුන් බලවත් වීම රජතුමාට හොද නැහැ. ඒ නිසා මිහිදු කෙනෙක් ඇතිවෙලා එයා ලංකාවට ඇවිත් පිරිණිවන් පානා තෙක් ලංකාවේ සිටියා වෙන්න පුලුවන්. එදා ඉන්දියාවෙන් ආපු කලාශිල්ප සහ බොහෝ බොහෝදේවල් අපි ඉහටත් උඩින් තියානඒවා ගැන අපේ පොත්වල ලොකුවට ඉගෙන ගන්නවා. කොටින්ම යක්ෂ නාග ගෝත්‍රිකයින් කියන්නෙ වැද්දන් මට්ටමට දාලා එදා ඉන්දියාව ලොකු කරගන්න අපි ආසයි. නමුත් අද වෙනකොට අපිට ඉන්දියාව පෙන්නේ නරක විදියට. 

මේක ඇතුලෙ තියෙන්නෙ බියගුලු මානසිකත්වය. ජේම්ස් පැකර් ලංකාවට ඇවිත් කරපු කතාවෙදි ලංකාවෙ කැසිනෝ හල්වලට මිනිස්සු ගෙන්වගන්න යන ප්ලෑන් එකක් ගැන කියලා තිබුනා.එ ්ෙකදි එයා කියනවා ඉන්දීය ධනපති පංතිය ඉදිරියේදි වැඩිවෙනවා කියලා. ඒ කියන්නෙ ඉන්දියාවෙ ලක්ෂ පතියො සහ කෝටිපතියො ප්‍රමාණය ඉදිරියේදී වැඩිවීමට නියමිතයි. ඒ වැඩිවන ඉන්දීය ජනගහනයට වඩාත් ලාභදායි පහසු විනෝදාස්වාදය සපයන ස්ථානයක් විදියට කැසිනෝ දියුනු කරන්න පුලුවන් කියාල පැකර් එදා කිව්වා. 

ඉන්දියාවෙ ජනගහනය අනුව සීයේට එකක් මිනිස්සු ධනවත් පිරිසක් බවට පත්වුනා කියන්නෙ ඒක ප්‍රමාණාත්මකව විශාලයි. බිලියන 1.2 ක ජනතාවකින් සීයේට එකක් කියන්නෙ මිලියන 12 හෙවත් දශලක්ෂ 12ක සේනාවක්.. 

අපිගාව ඇත්තටම ඔය වැඩිවන ඉන්දියන් ධනපතිට විකුනන්න මක්කාවත් නැද්ද? දම්රෝ මෙට්ට කාරයා නම් කොට්ට මෙට්ට ගෘහබාන්ඩ සහ තව එයා හදන බඩු ස්ටෝරු කිහිපයක් ඉන්දියාවෙ දාල තියෙනවා. ඊට අමතරව ලංකාවෙ තේ රබර් පොල් ඉන්දියාවට විකුනන්නත් බැහැ. ඒ වගේම ඇදුම් පැලදුම් විකුනන්නත් බැහැ නෙව. අපිට ඉන්දියාවට විකුනන්න ඇත්තටම දෙයක් විදියට ටුවරිසම් හැරුනාම මොකුත් නැහැ. සිද්දාලේප හරිශචන්ද්‍ර කුලුබඩු වලට වඩා විශාල වෙළදෙපොල  වටි නාකම් අපිට හදාගන්න අවශයයි. නමුත් තාම ඒම ඒව පේන්න නැහැ.

මං මේ ලගදි ගත්තා පට්ට හෑන් ෆි එකක් ෆිලිප්ස්.. ඒක හදල තියෙන්නෙ ඕලන්දෙ..ඒ කියන්නෙ නෙදර්ලන්තෙ..එංගලන්තෙට ත් පොඩ්ඩක් උඩි රටක්.. ඉතින් එච්චර දුර ඉදන් අපේ රටට බඩු ඇවිත් ඒවා අපේ රටේ විකිනෙනවත් එක්ක. නමුත් අපි හැමදාම දුප්පත් මානසිකත්වයෙන් ඉදගෙන හැමදාම ලොකු දේවල් වටල අසල්වැසියන්ට වෛර කරන්නට හදනවා. අසල්වැසියට මොකක් හරි විකුනලා අපේ ඉන්න දුප්පත් මිනිස්සු ටිකට කලදවසක් ඇතිකරන්න හිතන පිරිස ඉතා අඩුයි. 

බලශක්තිය පැත්තෙන් ගතහොත් විදුලිබල පද්ධතියක ජාලයෙ විශාලත්වය ලොකු වුනොත් අපිට සිදුවෙන බිදවැටීම්ු අඩුකරගන බිදවැටීම ්අඩු විශ්වාසනීය විදුලිබල පද්ධතියක් ඇතිකරගන්න හැකියාවක් ලැබෙනවා. අපේ විදුලිබල පද්ධතිය ඉනදියාව එක්ක සම්බන්ධ වෙන එක අපිට වාසියි. කලාපය තුල විතරක් නෙමෙයි සමස්ථ අග්නිදිග අාසියාවෙම විදුලිය ඒකකයකට විශාලම බිලක් ගෙවන්නෙ ලාංකිකයින්. ඉතිං ඉන්දියාවෙන් ලයිට් ගත්තොතින් ඒක වඩාත් ලාබ දායක වේවි. මණ්ඩලේ ඉන්න සේවකයින්ටත් ලොක්කන්ටත් පොඩිපහේ  අවුල් ඇතිවුනත් සමස්ථ ජනතාවට ඉන්දියාවෙන් ලයිට් ලැබෙන කාලෙක මීට වඩා සනීපයක් තියේවි විදුලි බිලේ.. 

ඒ වගේම ඉන්දීය දුම්රිය සේවය දැන් වෙනත් දියුනු රටවලට අප්‍රිකානු රටවලට පවා දුම්රියන් අපනයනය කරන සේවයක් වෙලා. ඉන්දීය දුමිරිය සේවය ලංකාවට සාපෙක්ෂව කාර්යක්ෂමයි. වෙලාවට යනවත් එක්ක. හැමදාම කිසිම වාණිජ මුහුනුවරක් නැති පරණ කෞතුකාගාර වගේ තියෙන අම්බලම් දුම්රිය සේවය ඉන්දියාවෙන් කුට්ටි ඇවිත් නවීකරණය වෙලා ලාබ ලබලා සේවාවක් විදියට දියුනු වෙනවා නම් දුමරිය මගියෙක් විදියට මම කැමතියි. 

ටෙලිකොම් පැත්තෙන් ගත්තොත් අපි ඩයලොග් හෝ වෙනත් විදේස නාලික බලන්න රූපවාහිනි වෙනුවෙන් මාසෙට දාහක් වත් ගෙවන්න ඕනි. නමුත් ඉන්දීය සැටලයිට් වලින් ඉන්දියාවෙ කියාල හොරාට ගන්න සැටලයිට් කනෙක්සන් වලට ලංකාවෙ රුපියල් පන්සීයක් ගෙව්වාම ඩිස්කවරි, බී බී සී, වගේ නාලිකා රාශියක් බලන්නත් ලැබෙනවා. 

ඉතිං හැමදාම අපේ ලොකුකම තියාගෙන ආඩම්බර කමට ඉන්න එකෙන් සැබෑවටම වැඩක් තියෙද? එක පැත්තකින් ඉන්දියාවෙන් අපි යම් යම් දේවල් ගන්න කොට අපිට එහෙට විකුනන්න අඩුතරමෙ දම්රෝ කොට්ට මෙට්ට ඇද ඇතිරිලි හරි වැඩිවෙන්න ඕනි. නිකමට හිතන්න අපි ඉන්දියාව තුල ජනප්‍රිය වෙන සනීපාරක්ෂක තුවායක් හදුන්වා දුන්නා කියලා. සමස්ථ ඉන්දිය කාන්තාවන්ගෙන් සියයට පහක් ඒ සනීපාක්ෂකතුවා භාවිත කලොත් මාසිකව ඒ කොම්පැනියට අඩුතරමෙ සනීපාරක්ෂක තුවා මිලියන තිහක් මාසෙකට නිපදවන්න වෙනවා. ඒක මම හිතන්නෙ විශාල වෙළදපොලක්.

ඒම නැත්තං ඉන්දියන් සංචාරකයින්ගෙන් වැඩි ගානත්තට්ටු කරගන්න මොනවා හරි (කැසිනෝ හෝ) අපි හදාගන්න ඕනි. මම දැක්කා ලංකාවෙම එක දේශපාලකයෙක් කියලා තිබුනා අධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයක් ගැන. බණ භාවනා ආගමික කටයුතු වලට එන සංචාරකයිනුත් අද ලෝකෙ වැඩිවෙලා. ථෙරවාදි බෞද්ධ රටක් විදියට අපිට සකල ලෝකවාසී ජනයාට සුව සලසන්න ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුලවනි ( එ් එන සංංචාරකයින්ගෙන් මුදල් අයකරගන්න එක වෙනම කතාවක්.. ) . එක අතකින් විශාල බලකොටුවකට කොටු වෙලා ඉන්දියාව පලයව් කියලා එලවන එක අපේ දේශපාලකයින්ට වාසියි.. බාගෙදා බොරදියේ මාලු අල්ලන බිස්නොස් කාරයින්ට ත් හොද ැති.. 

ඇත්තටම අපිට සටන් ඉගෙන ගන්න වෙන්නෙ සටන් කරලමයි.. අපිට සටන් කරන්න හුරුවෙන්නත් එක්කලා ටිකෙන් ටික හරි අපි ඉන්දියාවට ඇටෑච් වෙනවා නම් මම කැමතියි. මොකද අපිට ඉන්දියාවත් එක්ක හැප්පෙන්න පුලුවන් මොනවාහරි බිස්නොස් ටිකක් හදාගත හැකි වුනොත් එතනින් එහා ලෝකය කියන්නෙ මහ බක්කක් නෙමෙයි.. මොකද ලෝකොත්තර කපටි වෙලෙන්දො බොරුකාරයො ඉන්නෙ ඉන්දියාවෙ කියලා ලෝකෙම යම් පිලිගැනීමක් තියෙනනිසා.

Monday, February 2, 2015

කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට්

හර්ශ ද සිල්වා.

ෆේස්බුක් යන්න නිකං ඉන්ටනෙට් ශ්‍රී ලාංකිකයින්ට ? මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒ අදහසට කැමතියි.
ගිය සිකුරාදා රුවන් විජේවර්ධනයි, අජිත් පෙරේරයි, මායි ජනාධිපතිතුමයි එකතු වෙලා ලංකාවෙ ඉපදුන ඇමරිකාවේ සිලිකන් වැලි හි ජනප්‍රිය තාක්ෂනඥයෙක් වෙන ෆේස්බුක් හි විශාල චරිතයක් වන චමත් පලිහපිටියව හමුවුනා. අපි ජනාධිපතිතුමා එක්ක සාකච්චා කලා ශ්‍රී ලංකාව මේ මහපොලව තුල , සෑම පුරවැසියෙකුටම නිකං ඉන්ටනෙට් ලැබෙන රට කරන්නෙ කොහොමද කියලා. පහල කක්ෂීය චන්ද්‍රිකා සහ පසුගිය මැතිවරණය කෙරෙහි ෆේස්බුක් පරිශීලකයින්ගේ දායකත්වය ගැන එහිදී සුපිරි කතාබහක් ඇතිවුනා.

Page Liked · 1 hr ·
Free internet access to every citizen in Sri Lanka to access Facebook? President Maithripala likes the idea!

Friday last week Ruwan Wijewardene, Ajith Perera and I met with the President along with Sri Lankan born (quite famous!) Sillican Valley technologist and venture-capitalist Chamath Palihapitiya of Facebook fame. We had a nice discussion with the President about how to make Sri Lanka the first nation on earth with free internet access to every citizen. It was super chat about low earth orbit satellites and how FB users worked for change at the last election. Later in the evening Ruwan and I along with a few others had a nice long chat over a brew and talked about breaking a hundred!




ඒඉහලින් තියෙන්නෙ හර්ශ ද සිල්වා උන්නැහේ සිය ෆේස්බුක් පිටුවෙ ලංකාවට ඉන්ටනෙට්, ජනාධිපතිතුමා, චමත් පලිහපිටිය යන දේවල් සම්බන්ධයෙන් දක්වපු අදහස්..
 මේ යට තියෙන්නෙ වැඩිය ඉංගිරිසිය නොදන්න ගමේ බයියන් වහන්සේ කෙනෙක් වෙන මගේ අදහස්.. 

පෘතිවි කක්ෂයේ පහලම කොටස තමයි ලෝ අර්ත් ඕර්බිට් සැටලයිට් වලට පාවිච්චි වෙන්නෙ. එතකොට ඉතා විශාල වේගයකින් ඒ චන්ද්‍රිකාව පෘතිවිය වටේ යනවා. විනාඩි 90කින් පෘතිවය වටේ රවුමක් ගිහින් ඉවරයි.. ගූගල් සමාගමත් අන්තර්ජාතික සමාගම් කිහිපයකුත් ගුවන් යානා වලට සහ වෙනත් අවශ්‍යතාවයන්ට අන්තර්ජාලය ලබාගන්න ඔය සැටලයිට් නෙට්වර්ක් එකක් ගහන්න කතා කරගෙනෙ තිබුනා. නමුත් ඒකත් ඉතා අධික පිරිවැයක් යන වැඩක්.

සැටලයිට් වලිං රූපවාහිනි බලන්න පුලුවනි මොකද අපිට ඩවුන්ලින්ක් එක ප්‍රමාද වුනාට දැනෙන් නැහැ.. නමුත් ඉන්ටනෙට් යද්දි අපි ඉල්ලන පේජ් එක තමයි ලබාදෙන්නෙ..එතකොට අපේ ඉල්ලීම් අප් ලිංක් විිදියටත් ලැබීම ඩවුන්ලිංක් විදියටත් යනවා.. පෘතිවියේ වායුගෝලය හරහා රේඩියෝ කිරණ විශාල දුරක් ගමන් කරන්න සිද්ද වෙන නිසා ඒ වගේ වෙලාවක අඩුතරමෙ තත්පර 10කවත් ප්‍රමාදයක් ඇතිවෙනවා..

ඉතාම කෙටියෙන් කිව්වෙ.. සමාර විට ෆේස්බුක් චමත් ලොක්කාට මේ රට සහ ආර්ථිකය ගැන දැනුමක් නැති නිසා ඌ ඔහේ තාක්ෂණය අනුව රටටම දෙන්න පුලුවන් කියන්න ඇති..නැත්තං මුන් ගොන්නු නිසා නොදන්න වචනයක් දෙකක් දාල සේප් වෙන්න ඇති..කොහොම වුනත් අන්තර්ජාලය දෙන්න සුදුසු පහසු  විදියක් විදියට චන්‍ද්‍රිකා සලකන්නෙ නැහැ.. ලංකාව මට්ටමින් ගත්තා වුනත් කාලගුන වාර්ථා ගැනීම...රූපවාහිනී සම්ප්‍රේශනය හැරුනුොකට චන්ද්‍රිකා යොදාගන්නෙ දේශපාලන වේදිකාවල විතරයි.. ඉන්ටනෙට් වලට ගන්නෙම නැති තරම්...

  
ඇත්තටම ආන්ඩුවට මිනිස්සුන්ට නොමිලේ ඉන්ටනෙට් ටිකක් දෙන්නෝනි නම් ෆේස්බුක් එකේ ලොක්කා එක්ක චැට් කොරන්න වැඩන් නැහැ. දැනට ලංකාවෙ අන්තර්ජාලය ලබාදෙන ජංගම සහ ස්ථාවර දුරකථන සමාගම් වලට බදු සහනයක් දීල අන්තර්ජාලෙ පාවිච්චි කොරන හැම මිනිහටම එක ගිගාබයිට් එකක් නිකං දීපිය කියලා කිව්වනම් දුරකථන සමාගම් වලට ඒ දේ කොරන්න පුලුවනි. නමුත් මේ විදියට සැටලයිට් උඩ අරින එක ලේසි නැහැ. ඇරත් දින සීයකින් කොහොමත් සැටලයිට් එක උඩ අරින්න්ත බැහැ. ඒ නිසා අපේ එතුමාල අපිට සැට් එකෙන් දෙනවා කියන බලාපොරොත්තුවට විතරක් ඡන්ද ටිකක් එකතු කොරාගන්ඩ හැකියාව මේ තුමාලට මේ හරහා ලැබෙනවා. 
දැන් අපේ නිල්පාටිෙය අයත් මේ වගේ රට බොරුවක් කලා පහුගිය කාලෙ. ඒ තමයි අර කොළඹ හදන අලි නෙලුන් ටවර් එක රූපවාහිනී සම්ප්‍රේශනයට ගන්නවාය. විදුලි සංදේශ වැඩවලට ගන්නවා ය කියන බොරුව. අද ලෝකෙ මහා කුළුනු ගහලා සන්නිවේදන කටයුතු වෙන්නෙ අඩුවෙන්. ගොඩක් වෙලාවට දිගු දුර සංඥා හුවමාරු වෙන්න ප්‍රකාශ තන්තු හෙවත් ඔප්ටිකල් ෆයිබර් ආශ්‍රයෙන්. ඒ විදියට ඉස්සර කාලෙනම් උස ටවර් හරහා ටවර් එකෙන් ටවර් එකට රේඩියෝ සම්ප්‍රේෂන කටයුතු සිද්ද වුනා. 
අද රූපවාහිනී බලන්න කේබල් ටීවි සහ අයි පී ටීවි තිබෙනවා. එතනින් ගියාම සැටලයිට් ටීවි තිබෙනවා. ඉතිං ටෙලිකොම් ක්ෂේත්‍රයේ වැඩකට ඔය වගේ මහා ටවර් රාජයෙක් රුපියල් බිලියන ගානක් වියදම් කරලා ගහනවා කියන එක හොදයි ලංකාවෙ ඉන්න කොන්ඩෙ බැදපු චීන්නු ටිකට.