කොළඹ කියන විසාල නගරය වෙනස් කරපු පතාක යෝදයෙක් විදියට ගෝඨාභය රාජපක්ස හදුන්වන්න කට්ටිය මැලි වෙන්නෙ නැහැ. එක අතකින් බැලුවාම මොකුත්ම නොකර නිකාංම ඉන්න උසස් නිලතල දිහා බැලුවාම ගෝඨාබය කියන්නෙ මොනවාම හරි කල කෙනෙක්. උදාහරණ විදියට බැසිල් මොනවද කලේ? කියල ඇහුෙවාත්? අපිට මොකුත්ම මතක් වෙන්නෙ නැහැ..ආර්ථික සංවර්ධන ඇමති විදියට බොහෝ කාලයක් විරාජමාන වෙලා හිටියට බැසිල් විසින් දැනෙන වෙනසක් කිසිම ක්ෂේත්‍රයකට කරලා තියෙද? නෑනෙව.
කොළඹ කොට්ටේ දෙහිවල ගල්කිස්ස වගේ මහා නගර සභා කීපයක් සහ නගර සභා ප්‍රාදේශිය සභා ඇතුලත් කොළඹ සීමාව සම්පූර්ණයෙන් එක නගරාධිපති කෙනකුට අයිති වුනානම්.. ආන්න ඒ පුටුවට ගැලපෙනම කෙනා තමයි ගෝඨාභය. එහෙම නැතුව නගරාධිපති කෙනෙක්ගේන එහා ගිහිපු වැඩ ගොඩාරියක් කොලා කොලා කිව්වට මට නං කිසිම නිච්චියක් නැහැ එයැයි කොරපු වැඩ ලොකු වැඩ මොනවද කියන එක ගැන.
ප්‍රවාහන සැලැස්ම
කොළඹට ඇතුළුවීම සහ ඒ අතුලත සංචරනය කියන්නෙ එපා වෙන වැඩක්. හයි වේ එකෙන් මාතර සිට කොළඹට එන්න පැය එකහමාරක් ගත වෙනෝ නම් කොට්ටාවෙ සිට කොටුවට යන්නත් ඒ තරංම වෙලාවක් ගත වෙනවා. නාගරික සංවර්ධනයේ තියෙන මූලික අංගයක් තමයි ලේසියෙන්ම නගරය හරහා තැන් තැන්වලට යන්න හැකි වෙන එක. ගෝඨාභය කාලෙ පේමන්ට් හැදුවා පාරව්ල ලස්සන කලා..අතුගානවාද කියලා බලන්න පොලිසිය පත් කලා.. කලිංට වඩා පයින් යන ජනතාවට ලොකු සහනයක් එතුමා උදා කරල දුන්නා..
නමුත් විශාල ප්‍රශ්ණයක් වෙච්චි කොළඹ ට්‍රැෆික් අඩුකරන්න විශාල සැලැස්මක් තිබුනෙ නෑ.. මෙට්‍රො රේල් වගේ දියුුනු ක්‍රමයක් ගැන කතාවක් වත් තිබුනෙ නෑ.. රේල් පාරවල් තිබුන ටික ටිකක් පන ගහලා සංවර්ධනය කරන්න වත් ලොකු උවමනාවක් ඒ ආන්ඩුවට තිබුනා කියල පෙනුනෙ නැහැ. තිබුන ඇල මාර්ග පොකුනු ආදිය සංවර්ධනය කලාට ඒවායේ වත් ජලයෙන් වත් අඩුම තරෙම මිනිස්සු එහා මෙහෙ ාෙල්සියෙන් ගෙනියන්න ක්‍රමයක් සාර්ථකව පටන්ගන්න පසුගිය රජයට හැකියාවක් ලැබුනෙ නෑ..
නව නගර ඇති කිරීම සහ නගර සැලසුම්..
අලුත් මාලු මාකට් එක පිටකොටුවේන ගැලවිල පෑලියගොඩට ගියා. ඒ වගේම පිටකොටුවෙ පදික වෙළදුන්ට නව වෙළදාම් ස්ථාන පිලිවෙලකට ලබා දුන්නා. පදික වෙළදාම විධිමත් කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගැනුනා. නමුත් කොළඹ මැද වෙනස් කරන්න ලොකු උවමනාවක් එතුමාට තිබුනාද කියන සැකය එනවා දැන් කොළඹ දැක්කාම. මැනිං වෙළද පොල හරස්වීදි ආදිය කාලාන්තරය්ක තිබුන විදියට තාමත් තියෙනවා.. බොහෝ ජලය තිබෙන තැන් අලංකාර කිරීමක් සිද්ද වුනාට නගරය සැලසුම් කිරීම කියන මහා කාරණාව ගෝඨාභය මහත්තයට දැනිල වත් තිබුනෙ නෑ වාගේ..
සැලසුම් සහගත නගරයක වෙළදාමට අවශ්‍ය ප්‍රදේශ, අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රදේශ, මිනිස්සුන්ට ජීව්ත වෙන්නට අවශ්‍ය ප්‍රදේශ ආදිය වෙන්කරලා තිබෙනවා. අලුතින්ම සියල්ල වෙනස් කරන්න බැරි වුනත් නව වෙනසක් කරන්න ලොකු උවමනාවක් තිබුනා කියලා පෙනුනෙත් නෑ.. නිදහස් චත්‍රරස්‍රය අවට ආකේඩ් වගේ තැන් ඇතිවුන එක හොදයි.. ඇත්තටම ඒ වේග තැන් තිබෙන්නට ඕනි. නමුත් ඒ හා සමාන්තර මැද පන්තිය සහ දුප්පත් අයගේ විනෝදය තකා විශාල වැඩකොටසක් එතුම කලා කියලා පෙනුනේ නෑ..
උද්‍යාන සහ විවේක ස්ථාන
නගරයක් කියන්නෙ බිල්ඩින් නෙමෙයි. මනුස්සයින්ට විවේකයෙන් ගත කරන්න තැන් ආදියත තිබෙන්නට ඕනි. ගෝඨාභය මහත්තයා සාර්ථකවම කරපු වැඩක් තමයි විනෝද ස්ථාන ඇතිකරන එක . කලිං තිබුන වික්ටෝරියා පාක් එක වාගේ පාක් වගේම දියත උයන පාර්ලිමේන්තු සංකිර්ණය අවට ඇති ස්ථාන වගේ අලුත් තැන් එතුමා ඇතිකලා. ඒ තුලින් ඒ ආශ්‍රිතව ව්‍යායාම කරන නව සංස්කෘතියක්ද ඇති වුනා. එය අලුත් දෙයක් ඒ වගේම තරමක් දුරට සාර්ථක වුන ව්‍යාපෘතියක්..
නාගරිකයන්ගේ ජීවන තත්වය
නගරයක් කියන්නෙ වෙළද මධ්‍යස්ථානයක් පමණක්ම නෙමෙයි. නගර ආශ්‍රිතව තිබෙන උප නගර වල හෝ මේ වෙළද පොල සම්පූර්ණ කරන්න අවශ්‍ය බඩු බාහිරාදිය නිපදවෙන්න අවශ්‍යයි.ඒත් පසුගිය කාල වකවානුව තුල ඒ වගේ උපනගර වල ජනගහනය වැඩිවීමක් සිද්ද වුනත් කර්මාන්ත ආදියේ විශාල වර්ධනයක් වුනේ නෑ.. මීට අවුරුදු ගානකට කලින් ගමේ ඉන්න මිනිස්සු ගෑනු කොළඹ ආවෙ ගාමන්ට් වල වැඩට..තාමත් ඒ වගේ දුප්පත් පිරිසට එන්න වෙලා තියෙන්නෙ ගාමන්ට් වලට විතරමයි.. එතිනින් එහාට ගිය නිශ්පාදන හෝ ඒ ළගින් යන ආර්ථික රටාවක් නගර ආශ්‍රිතව ඇතිවෙච්චි ආකරයක් පේන්න නෑ..
අපි හැමෝම හරි ආසයි වැරදි දකින්න...දූෂන ගැන කතා කරන්නත් අපි බොහොම ආසයි. නමුත් අපි අවබෝධ කරගන්න ඕනි කලිං පාලකයින්ගේ තිබුන දුර්වල කම් සමර්ථ කම් මොනවද? ඒ වගේම අපි පත් කොරගන්න කට්ටියගෙන් අපි බලාපොරොත්තු වන්ෙන මොනවද කියන එක.. එහෙම නැතුව දූෂන ටික නැතිවුනාම එක පාර හතරමහ නිධානය පහල වෙලා අපිට කන්න බොන්න යාන වාහන ඉබේ පහල වෙන්නෙ නෑ..