Thursday, July 23, 2020

වල්පොලමුල්ල ගමන

වල්පොලමුල්ල කින්නේ නක්ල්ස් හෙවත් දුම්බර වල තිබුන පරණ ගමක්. සුන්දර වතුර පාරක් අයිනේ තියෙන ගමට වෙනමම හෙල්මළු කුඹුරු යායක් තියෙනවා. බව බෝග වවාගෙන සතෙක් මරාගෙන ඒක විකුනගෙන ඒ ගමේ අහිංසක මිනිස්සු ජිවත් වුනා. ඒත් කාලෙකදි මේ ගමට අලි එන්න ගත්තා. ගමේ උන්න වයසකම ඩෑල් එක හීන් බන්ඩා කියල හිතමු. දවසක් හීන් බණ්ඩගේ කකුලක් ඉරිලා යන්න අලියා ගැහුවා. ඒ වෙද්දි ගමේ වඩිය නැහැ පවුල් දෙක තුනයි උන්නේ. ඉන් පස්සේ ඒ අයත් වෙනත් පැතිවල හිටිය ඥාතින්ගේ ගෙවල් වල ගියා. දැන් වල්පොල මුල්ලේ එක ගෙයක්හොදට තියෙනවා.

ඒ ගෙදර සුද්දන්ට හෙම කුලියට දෙන්න ලගදි අලුත්වැඩියා හෙම කරපු එකක්. අයිති ටුවර් ගයිඩ් කෛනක්ට ලු. ඒ ගේ විතරක් තියනෙවා. ඒ ඇර දොඩන් ගස් ටිකක් සහ වෙනත් අඹ ගස් හෙම තියෙනවා. ඒ අත ඇරල දාපු කුඹුරු යාය මැක්සා.. ඒකට ගියාම වටේම පේනවා. මීමුරේ ලකේගල ගෙහමත් පේනවා. අපි එතන්ට ගියා. ඒක ලස්සන ගමනක්.

ගමන ආරම්බය

අපේ තුවානයාගේ අදහස තිබුනේ අපි කොළමින් රෑ 8.30ට අදින බදුලු නයිට්මේල් ගිහින් නුවර නිදාගෙන පාන්දරම මාතලේ යන කෝච්චියයෙන් කියලා. ඒත් රෑ 11.30 වෙද්දි අපි එතකොට නුවර. පෑ පහක් විතර අපිට නිදාගන්න වෙනවා පාරේ හෝ ස්ටේශන් එකේ. ඒ වෙද්දි තිබුන කෝවිඩ් තත්වයත් එක්ක ඒක සුවර ්නැහැ. ඒ නිසා අපි තීරණය කලා මහ රෑ 11-12ට විතර කොළඹින් බස් එකේ යන්න. කොටුවට ආවම මෙන්න සෙට් එක සූ ගාල 3-4ක් ඇවිත් තිබුනා ගමනට. තව සෙට් එකක් අපිට එක්කාසු වෙන්න තිබුනා. ඉතින් අපි නැග්ගා බස් එකක බස් එක කෙලින්ම මාතලේ..

මේක මාතර ඉදන් මාතලේ යන බස් එකක්. ඒක යනවා නෙමෙයි ඉගිලෙනවා. ලේලන්ඩ් බස් පිඹගෙන යද්දි බයයි. ඒ බයටම නින්ද යන්නෙත් නැහැ. පෑ දෙකන් ඒ කිව්වේ දොලහමාරට ඇද්ද බස් එක දෙක හමාර විතර වෙද්දි ඔන්න නුවරට ආවා. කැත යැමක් යන්නේ ඒ බස් එක. ඒක මාතලේ එද්දි තුනවිතර වෙලා. ඒ මහ පාන්දර ඉතින් බැස්සා කියලා දෙයක් නැහැ. අපි තේ වතුර බිබී ටික වෙලාවක් උන්නා. ස්ටේශම දිහාට ගියා.

ඉන් පස්සේ ඉතුරු යාලුවෝ කෝච්චියේ ආවා. මාතලේ බස් නැවතුමට ගිහින් ඇටන්වල දිහායින් යන බස් එකකට අපි සෙට් වුනා. ඇත්තටම මේ බස් එක යන්නේ කොහේද කියලා මට හරි අදහසක් නැහැ. මතක නැහැ. මතක විදිහට රත්තොට පැත්තට යන බස් එක වෙන්න ඕනි. පිටවල පතන සහ මානිගල හෙම යන්නෙත් මේ පාරෙන්ම තමයි. මේ පාරෙන් ගිහින් අපි ඇටන්වල හන්දියට සෙට් වුනා. මේක මම කලින් දෙවතාවක් ගිය ගමනක් වුනත් ආයෙත් යද්දි කලින් දේවල් මතක තිබුනේ අඩුවෙන්.

වල්පොලමුල්ල ගමන

මේ වල්පොලමුල්ල සහ එතනින් ගිහාම තියෙන මානිගල බලන්න එහෙම දැන් සංචාරකයෝ එනවා. ඒ එන නිසා වාහන නවත්තලා තියන්න වගේම කෑම බීම සපයාගන්නත් දැන් ගමේ තැන් තියෙනවා. ඒ නිසා අත් දෙක වන වනා සල්ලි විතරක් අරං ගියත් අපිට කෑම බීම සහ අනෙක් දීවල් අරගන්න පුලුවන්. අපි ගියේ ඒ ක්‍රමයට. මානිගල නම් කිසි ගේමක් නැතුව යන්න පුලුවන්. ඒත් වල්පොල මුල්ල හෙම හොයාගන්න අමාරුයි පාර. අමාරු වුනත් ලේසි වුනත් ඉතින් ගමේ මිනිහෙක්ට කීයක් හරි දීලා ගයිඩ් වැඩේට කතා කරගත්තම කෝකටත් හොදයි. මිනිස්සු මේ ගම් වලට එන්න රුපියල් දාස් ගනන් වාහන වලට වියදම් කරනවා. ඒත් සමහරු ගමේ එකෙනෙක්ට ගයිඩ් කමට රුපියල් දහක් දෙදහක්  දෙන්න අදි මදි කරනවා. ඒව කැත වැඩ.


නෑම

වල්පොලමුල්ල සහ මේ පැත්ත සුද්දා කාලේ එක එක වගාජාති වලට පාවිච්චි කරලා තියෙනවා. සුද්දා මේ කදුකරයේ තැන් තැන්වල පාරවල් හෙමත් හදාල තියෙනවා. ඒ පාරවල් තාමත් තැන තැන ඉතුරු වෙල තියෙනවා. හූරං කෑවට මොකද සුද්දා මේ කටුක කදුකරේ පාරවල් ගහපු ගැහිල්ල නම් තාමත් වටිනවා. මේ ගම්වල මිනිස්සු තාමත් ඒ පාරවල් වලින්යනවා එනවා.

අපි නෑවේ තෙල්ගමු ඔයෙන් වෙන්න ඕනි.තෙල්ගමු ඔය ටිකක් ඩේන්ජර තැනක්. මම තුන්වතාවක් මේ ඇටන්වලට ඇවිත් තියෙනවා. ඒ තුන් වතාවේ නෑවේ තැන් තුනකින්. මෙ වතාවේ නෑවේ ගමේ අයියා කෙනෙක් එක්කරං ගිය උඩහම තැනකින්. එතන නාන්න මරු. මම හිතන්නේ ගමේ අය නාන්නේ එතනින්. මීට කාලෙකට ඉස්සර ඇටන්වල

 ගමට දැන් වගේ ලස්සන පාරක් තිබුන් නැහැ. මිනිස්සු කරෙන් බඩු ගෙනිච්ච. දැන් ගමට පාර ඇවිත්. ගමේ මිනිස්සුන්ට දැන් ගමනාගමනය ලේසියි. ඒ එක්ක සංචාකරයොත් වැඩිපුර එනවා.

නවාතැන.

අපිට නවාතැන් ගන්න ලස්සන තැනක් ලැබුනා. වෙල් යායක් කෙළවර කටුමැටි ගහපු සුන්දර මැටි ගෙයක්. ඒකට වටෙන්ම හුලං එනවා. වටෙන්ම සීතල එනවා. ඒ වගේම සුන්දර කදුකර පරිසරයට පේනවා. අපි බාබකියු දැම්මා. දඩ මස් නම් නෙමෙයි ඩී ෆීසර් චිකන්. චිකන් ටික ගාන්ට මැරිනේට් වුන නිසා හරිම රසට තිබුනා. බාබකිව් වලට ඕනි හුලං නම් බොකනව ලෙසට. සමහර විට මේ කාලේ හුලං සැර ඇති. ඉතින් අපි එතැන ඉදන් කාල බීලා විනෝද වුනෝ. කෑම බීම ජාතිත් ගමෙන්ම සප්ලයි කරගන්න පුලුවන්. චිකන් අනන් මනන් ගේන්න ටිකක් දුර යන්න ඕනි කියලා ඒ අයියා කිව්වේ. එත් ඉතින ්සප්ලයි මෙහෙ ්ඉදන් අරන් ගිහින් නටන්න ්නි නැහැ ඒහෙන්ම බඩු ගන්න පුලුවන්. ඒත් ඉතින් ඔය බාබකිව් සෝස්. ගල් අගුරු සහ ඒ වගේ ඕනි ම දේවල් නම් අරං යන එක කෝකටත් හොදයි.

නිවාඩු ගමන

කොළඹ ඉදන් යද්දි නම් ටිකක් දුරයි ගමන. ඒත් ඒ කදුකර ගම්මනයක තියෙන ආතල් එක කියල වැඩක් නැහැ. මම දැන් ලගක ඉදලා මේ විදිහේ බජට් හුරු ගමන් වගේම ටිකාක් හොද සැප් ගමන් ජාතිත් යනවා. මට නම් ඒ හැම එකක්ම අමුතු වින්දනයක් තියෙන අත්දැකීමක්. ඒ වගේම යන ගමන හැමදාම එකම සෙට් එක එක්ක නැතුව විවිධ කන්ඩායම් සෙට් වෙන එකත් මරු. එතකොට එ ක එක අත්දැකීම් එනවා. වීඩියෝ වලින් දැක්ක විදිහට මගේ කතාබහ කිරීම් නම් අජපල්. ඒත් අලුත් කන්ඩායමක් වුනාම හැමෝම එකිනකාට ටිකක් බය නිසා අවුලක් නැහැ.

පිටවල පතන

පිටවල පතනට අපි පාන්දරම ආවා. පිටවල පතනේ ලෝකාන්තය බැලුවා. මේ වගේ ගමන් දවල් වෙන්න කලින් පාන්දරම එන්න ලැබෙන එක මරු. එතකොට දර්ශන පැහැදිලියි. සීතලයි. ඒ වගේම කුරුල්ලෝ ආදියත් ඉන්නවා. පොටෝ වුනත් ගතියට වදිනවා.

පිටවල පතනෙන් පස්සේ අපි ලග්ගල පල්ලේගමට පල්ලම් බ්සසා. අපිට එන්න මාර්ග දෙකක් තිබුනා. එක්ක මාතලේ දිහැන් . අනික ගල්ලගලට ගිහින් දඹුල්ල හරහා. එදා ඉරිදා දවසක් නිසා නුවර හරහා ඒම කරදර වෙන්න පුලුවන් නිසා අපි දඹුල්ලට ඇව්ත් ඒම තෝරාගත්තා. ලග්ගල පල්ලේගම හෙම දැන් දියුනු වෙලා. පාරවල් හැදිලා ඇලවල් හැදිලා. මොකද මෙරගහකන්ද නිසා. මොරගහකන්ද ජලාශත් අපි පිටවල ඉදලා ලග්ගල ආපු ගමෙනදි දකින්න තිබුනා. ඒ ආතේ බස් එකේ.

එතනින් දඹුල්ලට ඇවිත් දඹුල්ලෙන් කොලඹට ආවා. වීකෙන්ඩ් එකේ හරිම සුන්දර අත්දැකීමක් ගන්න අපිට ලැබුනා. ගිහින් එන්නවටින ටුවර් එකක් කියාල තමයි මට නම් හිතුනේ.