යාල කියලා බින්ග් කලාම මට ගොඩක් ආවේ විද්‍යාල විශ්ව විද්‍යාල ගැන තොරතුරු. යාල කියල වචන දෙකෙන් බොහොම සරලව හැදින්වෙන්නේ අපේ රටේ තියෙන මරු ප්ලේස් එකක්. වන සම්පත සත්ව සම්පත ආදී ගොඩක් දේ නිසා ඒ වචනය බර වෙනවා. ඒත් සැහැල්ලු වෙන්නත් පාවිච්චි කරන්න පුලුවන් පට්ට ප්ලේස් එකක් යාල කියන්නේ.
සිනමන්ඩ් යාල
පහුගිය දොහේ මට යාලුවෝ දෙන්නෙක් කතා කලා යමං යාල කියලා. සිනමන් යාල එකේ ඔෆර් එකකුත් උන් ගාව තිබ්බා. ඉතින් මාත් හා කිව්වා. ඒක පට්ට ඔෆර් එක කෑම බීම හොදම බුෆේ තුනත් එක්ක එක නයිටට අටක් විතර ගියේ. කෑම බුෆේ එකේ කෑම ගොඩක් කන්න තියෙනවා. ඒ නිසා ඒ ගාන්ට පාඩුවක් නැහැ.. පූල් ඇක්සස් ලස්සන ලොකේසන් එක. සත්තු බලන්න ලං වීම. කූල් එකේ සද්ද බද්ද නැති කුටි විදිහට කැලේම තියෙන කාමර ඒ වගේ ආතල් ස්පෙක් එක බැලුවාම නම් සිනමන් යාල එ ්වගේ ගාන්කට අපිට පාඩුවක්නැහැ. සුද්දෝ නම් හොද බිසි කාලේට මේකේ තිස් හතලිස් දාහටත් ඉන්නවාලු. ක පැත්තකින් උන් සුද්දෝ නේ. ඉතින් උන්ට ඒක වගක් නැතුව ඇති.
පටන් ගැන්ම
අපි උදෙන්ම මොරටුවෙන් ගමන පටන් ගත්තා. උදේ හතට අටට වගේ ගමන ස්ටාට් කරන්න පුලුවන් වුනා. දැන ්ඉතින් හයිවේ එක තියෙන නිසා ආයේ ඥං පචං නෑ පැය තුනකින ්තුන හමාරකින් කෙලින්ම යාල දක්වාම යන්න පුලුවන්. මේ පැත්තේ කොළඹ ටර්මිනල් වල වගේ හම්බන්තොට ටර්මිනල් වල බිසි එකක් නැහැ. හයිවේ එකෙන් පස්සෙත් කිසි වගක් නැතුව ඩ්‍රයිව් කරන්න පුලුවන්. මේ හයිවේ එක නිසා දැන් අපිට යාල විතරක් නෙමෙයි ලුණුගම්වෙහෙර, උඩවලව වගේ වනෝද්‍යානත් බලාගන්න පුලුවන්කම තියෙනවා. ඒ වගේම සත්තු ලේසියේන බලාගන්න ඕනි නම් රිදියගම සෆාරි පාක් එක තියෙනවා. ගහකොළ බලාගන්න වියලි කලාපිය උද්භිද උධ්‍යානය හම්බන්තොට තියෙනවා. කුරුල්ලෝ බලාගන්නත් වෙනම කුරුලු උයනකුත් තියෙනවා.මදි නොකියන්න ස්වභාවය සෞන්දර්ය විදින්න ප්ලේස් දැන් හම්බන්තොට හැදිල තියෙනවා.
සිනමන් වයිල්ඩ් යාල
කලින් කිව්වත් වගේ ඔෆර්ස් නිසාම ගියා මිසක මේ වගේ තැන් වලට ලේසියකට යන්න බැහැ. මොකෝ අපිට දරන්න බැරි තරම් මිලයි. මේ සිනමන්ඩ් වයිල් තියෙන්නේ යාල මායිමේ වෙන්න ඕනි. අපි හිටිය කුටිය අවට ඌරු පැටවු රංචුවකුත් ඇවිල්ලා කරකුනා. සිනමන්ඩ් වයිල්ඩ් තියෙන්නේ යාලේ පලටුපාන පිවිසුමේ මූද යාබදව. මූදට කෙලින්ම ෆේස් කරන රෙස්ටොරන්ට් රූම්ස් නම් නැහැ. ඒත් අවශ්‍ය නම් මූදට ගිහින් මූදත් දැකබලාගන්නට පුලුවන්. ඒත කියලා තියෙන විදිහට එතැන නාන්න නම් සුදුසු තැනක් නෙමෙයි.
සත්තු බැලීම
පලටුපාන එන්ටරන්ස් එකට බොහොම කිට්ටු නිසා විනාඩි දහයකින ්වගේ යාලට යන්න පුලුවන් සිනමන් වයිල්ඩ් එකේ ඉදලා. හෝටලෙන්ම වාහන බුක් කරනවා නම් පැය හතරක ගමනකට රුපියල් හත් අටදාහක් වියදම් වෙනවා. ඒත් හෝටලේ තියෙන ඉඩමට බොහොම යාබදව තියෙන පාක් එකේ හරි නැතිනම ්එනකොට තියෙන ප්ලෙස් වලින් හරි වාහනයක් කතා කරගන්න පුලුවන්.
මේ වාහන වෙන් කරගනිද්දි නෝමල් මයින්ද්‍රා බොලරෝ එක රුපියල් හාරදහයි. ටොයොටා හිලක්ස් එක රුපියල් පන්දහයි පන්දාස් පන්සියයි. මම රෙකමදෝරු කරන්නේ ටොයොටා එක. ඒත් අපි ගියේ බොලරෝ එක. ටොයාටා එකේ සද්දේ අඩුයි, දුම අඩුයි ඒවගේම ගැස්සීමත් අඩු ඇති. බොලරෝ එක යන් ඕනි නැහැ ස්ටාට් කරත් පරණ ලොරිය වගේ ඩක ඩක සද්දේ පටන් ගන්නවා.
පිවිසීම
අපි යාල බලන්න යන්න තෝරගත්තේ උදේ. ඉතින් රෑ කාපු බීපු කතා ඕන් නැහැ නේ. ඒවා කෑව බිව්ව ඉවරයි. ඉන් ප්සසේ උදේම නැගිටලා අපි කලින් කියලා තිබුන වාහනයට ගියා. පාන්දර පහමාරට වගේ. හයට තමයි පාක් එක අරින්නේ. අපිට පාක් එන්ටරන්ස් එකේ පැය බාගයක් විතර වාත වෙන්න වුනා. මේ කොරෝනාව නිසා මේ කාලේ ඇත්තටම වාහන අඩුයි. වාහන අඩු වුනත් වනජීවි නිළධාරින් පෝලිම වෙනදා විදිහටම මේන්ටෙන් කරලා මිනිස්සු රස්තියාදු කරන්න කටයුතු කරලා තිබුනා. මම හිතන්නේ ඔ්‍ය රාජ්‍ය ආයතන වල තියෙන සුපිරි සිස්ටම් එකක් තමයි ඕක. මිනිස්සු දහයක් හිටියත් සීයක් හිටියත් එයාල හරි ගානට පෝලිම නම් මේන්ටේන් කරලා රස්තියාදු කරන වැඩේ කරනවා.
අලි කොටි වලස්සු
දැන් ඉතින් යාල වනාන්තරය ඇතුලේ මුල සිට අග දක්වා ප්‍රේමසර ඈපාසිංහ මැච් එක විස්තර කරන්ඩ වාගේ විස්තර කරන්න බැහැ. අපි අලි දැක්කා. බොහොම දුර්ලබ විදිහට වතුර බොන්න ඇවිත් අපේ ලගින්ම කොටියකුත් මාරු වෙච්ච නිසා කොටියා දැක්කා. (අර පුල්ලි පුල්ලි තියෙන නැට්ට දිග එකා.. ඌට ඉංගිරිසියෙන් වාහන කාරයා කිව්වේ ලෙපර්ඩ් කියලා..ඕක ව්‍යාග්‍රයාද, දිවියාද, කොටියද, චීටද මොකා වුනත් අපිට පුකයැ. අපි ඌව දැක්ක එච්චරයි)
. පාන්දරමවතුර බොන්න ඇවිල්ලා හෙමෙන් පැද්දි පැද්ද ියන වලස් නාකියෙකුත් දැක්කා. දැක්ක අලිය නම් තනියෙක්ද මන්දා. උගේ වල්ගේ තුවාලයකුත් තිබ්නා. අනික් පැත්ත හැරිල කකා උන්නා. මුවෝ නම් බලුබෙටි වගේ හැම තැනම උන්නා.
කිඹුල්ලු කිසි ගේමක් නැතුව වාහන සද්දේ වගක් නැතුව නිදි වගේ උන්නා. කොක්කු සහ කුරුල්ලො ජාතිත් උන්නා. මොණරු නම් වැඩියි ඇත්තටම කොටින්ට මොණරු අල්ලගන්න හැටි කියාදෙන හොද ටියුෂන් පන්ති කරන්න ඕනි. එතකොට මොණරු අඩු වෙයි ඉක්මන්ටම. ගෝන්නුත් ඈත ඉන්නවා කියලා ඩ්‍රියිවර අංකල් කිව්වා. ඒත් අපි දැක්කේ නැහැ. කුලු හරක් මී හරක් හෙමත් අඩු නැතුව දැකගත්තා. ඒ රියදුරු මහත්තයා එල කොල්ලෙක්. මිනිහ හෙමින් ගමන ගියේ. ඒ වගේම සත්තු පොරට හොදට පේනවා. එයා ගාව තිබිල අපිට ඇස් දෙකෙන්ම දුර බලන බයිනකියුලර් එකක්ද මන්දා එකත් දුන්නා..
අපි කොටිය වලහා කියන දුර්ලබ සත්තු දෙන්නා බොහොම ආසන්නයෙන් පෝන් එකෙන් පොටෝ ගහන්න හැකි මට්ටමින් දැක්ක එක ලොකු දෙයක්. ඒක නම් මැක්සා චාන්ස් එකක්. අපි උදෙන් ගිය නිසාත් වැඩිය කට්ටිය හිටියේ නැති නිසාත් අපිට ඒ සත්තු ඔක්කොම වැඩි කලබලයක් නැතුව බලාගන්න හැකි වුනා.
යාලේ ගැඹුරට
යාලේ මේ මම හිතන්නේ රීජන් 1. මගේ යටිහිතේ ආසාවක් තියෙනවවා යාලේ ගැඹුරු අන්තයන් සොයාගන යන්න. ඒ කිව්වේ දවසක් දෙකක් යාල තුල නැවතිලා කෑම්පින් කරලා ආතල් එක්ක ගන්න. සැර වියදමක්. ඒත් යන්න පුලුවන් නම් හරිම හොද චාරිකාවක්. ඒ වගේම ගොඩක් අය පිවිසෙන මේ පිවිසුම නැතුව අනෙක් කුමණ පැත්තේ පිවිසුමෙනුත් යාලට ඇතුල්වෙන්න පුලුවන් නම් හොදයි. මම හිතන්නේ මේ දෙකට අමතරව තව පිවිසුම් ගනනාවක් යාලට ඇති.
අපි සෙනසුරාදා උදේ ගියා. ඉරිදා හවස වෙද්දි කොළම ආවා. යද්දි හම්බන්තොට හරහා ගූගලා පාර පෙන්නුවත් එද්දි අපිට පාර පෙන්නුවේ මත්තල හරහා. මොන හේතුවකට එහෙම පෙන්නුවද කියලා අදහසක් නැතත් ගූගලත් හොද ආතල් දෙනවා සමහර වෙලාවට. අපි හම්බන්තොට දොදොල් කඩවලින් දොදොල් ගන්න හිටියත් ඒක මිස් වුනා. ඒ නිසා ලුණුගම්වෙහෙරින් කිරි සහ දොදොල් අරගෙන අපි මත්තලින් ඇතුලට දාල කොළඹ ආවා. එද්දි ගාලුකොටුවේ පොඩි ෆන්සන් එකක් තිබුන නිසා ඒකටත් ඔලුව දැම්මා.
එදා ගාලු කොටුවේ නම් රොම්බ සෙනගක් උන්නේ. සමහර විට වීකෙන්ඩ් එක නිසා වෙන්න ඇති.
 |
යාලුවෝ සමග මුහුදු වෙරලේ
|
 |
ළගට ආපු ඌරු පැටවු
|
 |
මඩ වලක්
|
 |
පටන්ගල
|
 |
පටන්ගල සුනාමි මතක
|
 |
ගහේ රාජාලියෙක් ඉන්නවා
|
 |
ගාලු කොටුවෙ ගල් බැම්මේ
|
 |
සිනමන් වෛල්ඩ් වෙරලේ කහ මල්
|
 |
වෙරලේ සුවසේ
|
 |
වැලි උඩ පිපෙන සුමුදු මල්
|
 |
සිනමන් වෛල්ඩ් පූල් එක
|
 |
මේකෙ තමයි අපි රැ උන්නේ.
|
 |
වාහන අතර ඉන්නේ වලහා
|
 |
පොඩියට ඉන්නේ වලි කුකුලා
|
 |
පොටෝවට වත් ඔලුව ඉස්සුවේ නැති මුවා
|
 |
කැලේ පැත්තට හැරිල කොලකන අලියා
|
 |
පාර මාරුවුන ලෙපර්ඩ් සතා
|