දැන් රට යන්න අපි කටුනායකට යනවා . ඊට කලින් කට්ටිය රට ගියේ කොළඹ නැවු තොටෙන්. මාර්ටින් වික්‍රමසිංහගේ එක කතාවක තියෙනවා එහෙම කොළම තොටට වෙලා මගී නැවකින් මගින් එනකල් බලාගෙන හිටපු කතාවක්. ඉතින් මේ රට යෑම එහෙම නැතිනම් වෙනත් රටකට පිවිසීම කරන්න ඉස්සර අපේ මිනිස්සු විශාල ඔරු පාවිච්චි කරලා තියෙනවා. අපි ඒ ගැන බලමු.
දොඩන්දූව අද
දොඩන්දූව ගම ඉස්සර සංදේශ කාව්‍ය වලත් වෙන වෙන නම ්වලින් හැදින්වෙනවා. අද නම් දොඩන්දූව වරාය ධීවර වරායක්. එදා ඒක ධීවර වරායකට එහා වෙලද වරායක් මගී වරායක් විදිහටත් ඉස්සර කාලේ වැඩ කරලා තියෙනවා. අද වෙද්දි හික්කඩුවට කිට්ටු සංචාරකයින් ආකර්ශනය කරන දොඩන්දූව යටත්විජිත සමයේදි හොද තොටුපලක් විදිහට පාවිච්චි වෙල තියෙනවා.
එදා තොටුපල
දොඩන්දූව තෙටුපල කිව්වට දැන් නූතන වරාය වල තියෙනවා වගේ මීටර් ගානක් ගැඹුරට හාරපු ජැටියක් නැහැ. ඒ කාලේ ඈත මූදේ ලොකු ඔරු නවත්තලා පොඩි ඔරුවකින් වෙරළට එනවා. මේ හරියේ තියෙන මුහුදු බොක්ක වගේ තැන වෙරල තත්වය ඒකට වාසිදායක වෙන්නට ඇති. ඉතින් මේ එදා තොටුපල හරහා කට්ටිය ලොකු ඔරු වල නැගලා ලංකාවේම වෙනත් තැන්වලට ගියා මඩකලපුව කල්මුනේ පැත්තට ගිහින් ඔරු වලින් වෙලදාම් කලා. යාපනේ කල්පිටිය පැත්තෙත් ගිහින් වෙලදාම් කලා. එතනින් එහාට ගිහින් ඉන්දියාවේ කේරල සහ තමිල්නාඩු වල වරායන් වලට කල්කටා වලට සහ මියන්මාරයට තායිලන්තයට පවා මේ විශාල ඔරු වලින් එදා යාත්‍රා කල බවට සදහන් වෙනවා.
වෙලදාමට භාවිතා වූ දොඩන්දූව
අද වගේ නෙමෙයි ඒ කාලේ ගම් වලට චීනෙන් චීන ජාතික රෙදි පොට්ටනි කාරයෝම එනවා. එයාල මේ දොඩන්දූව වගේ පොඩි තොටුපල වලින් නැව් වලින් ලාබෙට බඩු ගෙනල්ලා ඒවාත් ඔසවාගෙන ගම්මාන කරා යනවා. ගෙයින් ගෙට ගිහන් හෝ පොඩි කඩමන්ඩි වල වෙලදාම් කරන මේ කට්ටිය වෙලදාම් කරලා ආයේ තමුන්ගේ රටවලට යනවා. ඉතින් මේ වගේ දොඩන්දූව පැත්තේ තිබුන බඩු ජාති වෙන තැන්වලටත් වෙන තැන්වල බඩු ජාති දොඩන්දූවටත් ගෙන එන්න මේ තොටුපල මැදිහත් වෙලා තියෙනවා.
පැරණි බදු ආදිය
ලන්දේසි යුගයේදී මේ දොඩන්දූව තොටුපලේ බදු අයකරන්න රේගු නිලදාරියෙක් ඉදලා තියෙනවා. එයා තමයි රටින් එන බඩු වලට රේගු බදු එකතු කරන්නේ. ගාල්ල වරාය විශාල වරායක් ලෙස තිබුනත් දේශිය අය අඩු මිලට පහසුවෙන් යාත්‍රා කරන්නට මේ තොටුපල පාවිච්චි කරන්නට ඇති. ඒ වගේම මෙතැන ගැන කියවෙන පැරණි අදහස් වල මේ තෙටුපල තොටුපලක් විදිහට වගේම වෙලදාමටත් වැදගත් වු තැනක් විදිහ දැක්වෙනවා.
ජාඩි කරවල වලදාම
ඒ කාලේ මාලු අල්ලලා දැන් වගේ ශිත කරන්න බැහැ නේ. මේ ඒ කාලය කියන්නේ ලංකාවේ මුහුදුබඩ පලාත් යටත්විජිත පාලනය තිබුන කාලේ. 1505-1948 කිව්වොත් හරි නේද? ඉතින් මේ කාලයේ ලංකාවේ උදවිය දොඩන්දූව තොටුපලෙන් නැගලා ඉන්දියාවට යනවා. ඉන්දියාවෙන් අල්ලගන්න මාලු මහා පීප්ප වල ලුනු ගොරක දාලා අතුරනවා. අතුරලා ඒවා ලොකු ඔරුවල පටවලා දොඩන්දූවට ගේනවා. මේ මහ පීප්පයක කිලෝ තුන්හාරසියක් විතර මාලු අතුරන්න පුලුවන් කම තිබිලා තියෙනවා. ඉතින් මේ පීප්ප වලට මාලු පුරවන්න ඉන්දියාවේ වෙරළ බඩට යන එක ඒ කාලේ බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ ගෙනල්ලා දෙඩන්දූවෙන් ලංකාවට ඇවිත් ඉන් පස්සේ ජාඩි මාලු පීප්ප ඇතුලේම ගම්මාන කරා යනවා. ඉතින් ඒ විදිහට තමයි ඒ කාලේ ජාඩි බිස්නස් එක වෙලා තියෙන්නේ.
ශාසන කටයුතු ආදිය
පහතරට මිනිස්සුට කාලයක් තිසේස හැදුන ආර්ථිකයක් තිබුනා. පෘතුගීස් ලන්දේසි කාලේ ඉදලා සල්ලි අතගාල හුරු වුන ඒ දකුනේ පැතිවල මිනිස්සුන්ට හුදෙක් කකා බිබී ජීවත්වෙනවාට වඩා යම් දෙයක් තිබුනා ජීවිතේ. ඉතින් පහතරට පැතිවල බෞද්ධ ශාසනය පිබිදීමත් එක්ක හාමුදුරුවෝ විදෙස් රටවලට යන්න පුරුදු වුනා. ඒ අය විදෙස් ගතවෙලා විදෙස් කන්ඩායම් සමග ශාසනික කටයුතු පවත්වා ගත්තා. ඉතින් ඒ විදිහට ඔය වෙලද නැව් වලට ගොඩ වුනු ස්වාමින් වහන්සේලා ඉන්දියාවේ තොටුපල වලට සහ මියන්මාරයේ තෙටුපලට වලට ගොඩ බැස්සා. ඒ වගේම තායිලන්තයටත්ෙ ම් හාමුදුරුවරු ගිහ්න 1800 ගනන් වල සම්බන්ධකම් තියාගත්තා. දකුණේ දොඩන්දූව සහ මාතර පැතිවල විහාරස්ථාන වල තියෙන චිත්‍ර සහ විහාර කර්මාන්ත වල දකුණු ඉන්දීය ආභාෂය දකින්නට ලැබනවා. මේ ආකරයට චිත්‍ර ආදිය දකුණු ඉන්දීය මාදිලි වෙන්න දකුණු ඉන්දියාව එක්ක ඒ වෙද්දි තිබුන සම්බන්ධතා හේතු වෙන්නට ඇති.
දකුණේ සංස්කෘතික තත්වයන් සහ මේ තෙටුපල
කේරලයේ නැටුම් සහ අපේ පහතරට නැටුම් අතර යම් සමානතා තියෙනවා. හරියටම කියන්න බැහැ පහතරට නැටුම් ඉන්දියාවේ කේරලෙන් ආවා කියලා. ඒත් බැලූ බැල්මට යම් සමානකම් තියෙනවා. මේ ආකාරයට විදෙස් සබදතා එක්ක දියුනු වුනු තත්වය දකුණේ වෙනමම සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිකරන්නට සමත් වුනා.
නාවික තාක්ෂණය
නාවික තාක්ෂණය කියලා හැදින්නුවාට මේ තැන ලොකු දෙයක් නැහැ. ඒත් විදෙස් ගත වෙලා ඒ කටයුතු කරන්න තරම් හොද ශක්තිමත් හැකියාව තියෙන විශාල ඔරු හදන්න දොඩන්දූව පැත්තේ මිනිස්සු සමත් වුනා. ඒ විශාල ඔරු වල කොල්ලෑවක් තිබුනා. අවශ්‍ය නම් හබල්ගාන්න පුලුවන්. ඒත් මූලික වශයෙන්ම රුවල් වලින් තමයි යාත්‍රා කලේ. මේ විශාල ඔරු වසරේ එක කාලෙකදි ගොඩට අරගෙන හොදට ලනු බැමි ආදිය ශක්තිමත් කරලා නැවත නඩත්තු කටයුතු කරනවා. ඉතින් මේ විශාල ඔරු හදාගෙන ගැඹුරු මුහුදේ යාත්‍රා කල නැව් හැම එකම සාර්ථක වෙන්නේ නැතුව ඇති. ඒත් ඒ කාලේ ඒ අවධානම ගත්ත අපේ පැරැන්නෝ යම්තාක් දුරකට හරි දේශීය තාක්ෂණය පාවිච්චි කරලා දේශ දේශාන්තර තරණය කලා.
අවසාන ඔරුව
ඔන්න කාන්ඩයක් එවකට තිබුන අවසාන විශාල ඔරුව පාවිච්චි කරලා හම්බන්තොටින් ලුනු ගේන්න ගියා. හම්බන්තොටින් ලුනු පටවගෙන දොඩන්දූවට එන්න ඔරුව දියත් වුනා කියලා ආරංචි වුනා. ඒත් ඔරුව සති ගානක් බලා හිටියත් ආවේ නැහැ. ඒ විශාල යාත්‍රාවේ ගිය පිරිසගේ ඥාතින් සමහරු පාන්සකුලයත් දුන්නා. මාස දෙක තුනක් ගියාට පස්සේ කරත්ත වලින් ඒ අවසාන යාත්‍රාවේ පිරිස ගෙදර ආවා. ඔවුන්ගේ ඔරුව අනතුරට ලක් වෙලා. මාලදිවයින් යාත්‍රාවකින් ඔවුන් බේරාගෙන ඔවුන් මාලදිවයින් ගිහින්. ඉතින් ඒ කරලා ඊලගට කොළඹට එන නැවක් එනකල් ඉදලා එයාල එද්දි මාස ගානක් ගත වෙලා.
අවසානය
ඒක සිද්ද වෙන්නේ 1930 දි.ඒ වෙද්දි මෝටර් බෝට්ටු නැව් ආදිය ජනප්‍රිය වෙලා තිබුන නිසා දොඩන්දූව තොටුපලෙන් ගත්ත වැඩ හෙමිහිට අඩු වෙන්නඅ ැති. ඉස්සර ඔරු 30-40ක් තිබුන බිසී තොටුපලක් වුන දොඩන්දූව අවසානේ ඔරු දෙකතුනක් ගැවසෙන තැනක් වුනා. ඉතින් ඒ තැන ඉන් පස්සේ තොටුපලක් විදිහට අභාවයට ගියා. ඒත් දොඩන්දුවේ විහාරස්ථාන සහපැරණි දේවල් හොයන අයට මේ සලකුණු තාමත් එහෙන් මෙහෙන් හොයාගන්න පුලුවන්.