Monday, September 29, 2025

තායිලන්තේ හතර මායිං දැනගමු

සයිස් එක 

වර්ග කිලෝමීටර් 513,120ක් තායිලන්තය ලොකුයි. මගෙ අම්බෝ ලංකාව වගේ 8 ගුණයක් විතර ලොකුයි තමයි තායිලන්තය. උතුරේ ඉදන් දකුණුට වැඩිම දුර කිලෝමීටර් 1620ක්. පළලම තැන කීලෝමීටර් 780ක් වෙනවා. තායිලන්තේ ජනගහනය මිලියන 71ක්. ආසන්නව ලංකාවේ මිනිස්සු ගාන වගේ තුන්ගුණයක් මිනිස්සු ඉන්නවා. රට ලංකාව වගේ අට ගුණයක විසාලයි. හැබැයි මිනිස්සු ඉන්නේ ලංකාව වගේ තුන්ගුණයක් විතර. ඒ අනුව තායිලන්තය ලංකාවේ තරම් මිනිස්සු සුලබ රටක් නෙමෙයි ජන ඝනත්වය ලංකාවට වඩා අඩුයි. අපි දුර ගමන් යන එනකොට වුනත් මිනිස් පුලුටක් නැති පාලු භූමි තායිලන්තයේ දකින්නට තියෙනවා. 


 


දිගම ගග 


බැංකොක් හරහා ගලායන චායෝ ප්‍රායා ගග තායිලන්තයේ දිගම ගග වෙනවා. ඒකේ දිග කිලෝමීටර් 372ක්. බැංකොක් කියන නගරය ඇතිවෙන්නෙත් මේ ගග හරහා ඇතිවුන ප්‍රවාහන පහසුව නිසා. බැංකොක් වල තවමත් ඒ පැරනි ඇලමාර්ග සහ චායෝ ප්‍රායා නදිය හරහා යන මගී බෝට්ටු සේවාවන් දකින්නට පුලුවන්. 

 හැබැයි තායිලන්තේ එක මායිමක් හරහා ගලාගෙන යන මීකොන් ගග චායෝ ප්‍රායා ගගට  වඩා දිගයි. ඒ මීකොන් ගග චීනය, මියන්මාරය, ලාඕස්, තායිලන්තය, කාම්බෝජය හරහා ගිහින් වියට්නාමයෙන් මූදට වැටෙනවා. මේ මීකොන් ගගෙන් තායිලන්තය හරහා කිලෝමීඨර් 850ක් විතර කොටසක් සෙට් වෙනවා. ලාඕසය තායිලන්තය, කාම්බෝජය තායිලන්තය වෙන්වෙන මූලික තැනක් මේ මීකොන් ගග. 



උසම කන්ද 

ඩොයි ඉන්තනොන් (Doi Inthanon) තමයි උසම කන්ද. හැබැයි ඒ කන්ද අපේ පිදුරුතලාගල උසට ආසන්නයි. සහ පිදුරුතලාගල වගේම ඒ කන්ද උඩටත් වාහනෙන්ම යන්න පුලුවන්. මේ උස කදු තියෙන්නේ තායිලන්තයේ චියන් මායි කියන පලාතේ. ලංකාවේ උසම කදු තියෙන්නේ මධ්‍යම කදුකරය හෙවත් රට මැද. ඒත් තායිලන්තයේ උසම කදු තියෙන්නේ එහේ කදුකර භූමිය වෙන උතරු තායිලන්තයේ. ඔයාලට මතක ඇති උතුරු තායිලන්තයේ චියන් රායි වල එහෙම හිරිගල් කන්දක සිරවුනු ළමයි සෙට් එකක් ප්‍රවෘත්ති වලට ගියා. ඒ පලාතත් මේ චියන් මායි වලට ආසන්න කදුකර පලාතක්. 



වටේ තියෙන රටවල් 


තායිලන්තයට භූමියෙන් මායිම් කිලෝමීටර් 5673ක් තියෙනවා. ඒවා බෙදෙන්නේ 


ලාඕස් – ~1,845 km (උතුර)

කාම්බෝජය – ~817 km (නැගෙනහිර)

මලේසියාව – ~595 km (දකුණ)

මියන්මාරය – ~2,416 km (බටහිර)


යන විදිහට. මේ අනුව තායිලන්තය රටවල් 4කට මායිම් වෙල තියෙනවා. අනෙක් දකුණු පසින් සහ බටහිර දෙසින් තායිලන්ත මූද තියෙනවා. 



තායිලන්තයේ ප්‍රධාන පලාත් 


උතුර- චියන් මායි චියන් රායි ඇතුලු කදුකර පලාත් උතුරු පලාතට අයිති වනවා. 

දකුණ - තායිලනත්යේ පුකෙට් ක්‍රාබි සහ මැලේසියානු බෝඩරයේ කොටස් දකුණු කොටසට අයිතියි. 

නැගෙනහිර - ඊසාන් කියල හදුන්වන මේ කලාපය තායිලන්තයේ වියලි කොටසක්. වැසි අඩු මෙම කලාපයෙන් තමයි තායිලන්තයේ බොහෝ සේවාවන්ට ලාබ ශ්‍රමිකයින් එන්නේ. 

මධ්‍යම - බැංකොක් පතායා ඇතැලත් මෙම මධ්‍යම කොටස තායිලන්තයේ මුදල් හදල් වැඩිම පිරිස ගොනුවෙලා ඉන්න සංවර්ධිත පලාතක්. 

බටහිර - මියන්මාරයට මායිම් වුන පටහිර කලාපයේ Chonburi, Rayong, Chanthaburi,  ආදි කලාප තියෙනවා. ඒ කලාපය මැණික් වලට එහෙම ප්‍රසිද්ධයි. 



තායි රටට සල්ලි කොහොන්ද 


තායි රට ලංකාවට වඩා පොහොසත් රටක්. පුධාන වශයෙන් තායිලන්තයේ නිශ්පාදන ආර්ථිකයක් තමයි තියෙන්නේ. වාහන ඉලෙක්ට්‍රොනික බඩු බාහිරාදිය තායිලන්තයේ හදනවා. කෘෂිකර්මය අතින් ගත්තත් තායිලන්තය නවීන තාක්ෂණය එක්ක එකතුවෙලා ගෙඩක් සල්ලි හම්බ කරනවා. ලංකාවෙත් අපේ ගොවියෝ වවන බීජ සහ කෘෂි රසායන සමහර ඒවා කෙලින්ම තායිලන්තයෙන් ලංකාවට එන ඒවා. තායිරටට අවුරුද්දකට මිලියන 30කට වඩා සංචාරකයෝ එනවා. ඒ වුනාට තායිලන්ත ආර්ථිකයෙන් සංචාරකයො හරහා එන ආදායම දැක්වෙන්නේ 11%ක් විදිහට. 


තායි රටේ දේශපාලනය 


තායි රටේ දේශපාලනය පසුගිය කාල සීමාව ගත්තහම ස්ථායි තැනක නෑ. තවමත් රජතුමාට වැඩි තැනක් තියෙන තායිලන්තයේ පාලනය ගෙනියන්නේ පාර්ලිමේන්තුවක් මගින්. හැබැයි තායිලන්තය මොන දේශපාලන පස්න තිබුනත් ඒවා සංචාරකයින්ට රටට බාධාවක් නොවෙන්න තියාගෙන දේශපාලන කෝන්තර නිසා රටට ලොකු කේස් වෙන්න නොදී තියාගන්නවා. ඒ අතින් තායිලන්තය ඉස්තරම් තැනක්. 


තායිලන්තයේ නාටිකාංගනාවන් නටන වීදි ඒවායේ තියෙන කාර්යයන් තරම් මේ වගේ භූගෝල විද්‍යා කාරනා හිට් නෑ. ඒත් රටක් බලන්න යන්න ඉන්නවා නම් මේ වගේ ඒ රට ගැන යම් යම් මූලික තොරතුරු ටිකක් දැනගෙන යන එක සෑහෙන වටිනවා. 


Saturday, September 13, 2025

රට බේරාගත් නිරිදුට බොග තේවාව


එකල රට බේරාගත් නිරිදු පසුව ආ නිරිදු විසින් කපන ලද්දේය. මාලිගා දැසි දසුන් අඩු කරන ලද්දේය. එයින් උපයාගත් සත දෙක රටේ ඩොරල් සංචිත උද්දීපිනය සදහා යොදන ලද්දේය. ටික කලකින්ම ඒ සත දෙකේ බලයෙන් රටෙ ජනයාට සුඛිතද මුදිතද සෞභාග්‍යද ලැබෙන්නේය.

රට බේරාගත් එක්ස් නිරිදු බොහෝ කොට මහලු වූ බැවින් ඔහුට කෙලින් සිටින්ට අමාරුය. බලා සිටින්ට කියා පුටුවක වැද හොත්තේ වුවද මදකින්ම හේ රමණය අවසන් වූ පකක් පරිද්දෙන් කඩා වැටෙන්නේය. එබැවින් නිරිදු වඩා හිදුවා මහජනතාවට වඩාත් හාද සෛය්යාවකින් පෙනෙන පරිදි දිනකට පෑ බාගයක් හෝ තැබීමට වැඩිපිලිවෙලක් සකස් කරමු යැයි අනුකමිටුවක් කතිකා කරන ලදී. 

ඒ අනුව රට බේරාගත් නිරිදු ගම වූ කුඩා මාලිගාවේ ඉදිරිපස සදලුතලයේ වීදුරු කුටියක කොමොඩයක වාඩි වී කක්කා කරන්නේය. වීදුරු කුටිය සීල් වූ බැවින් එහි දුගද අවටට නොඑන්නේය. තාක්ෂණ ඒ අයි එකක පිහිටාදාරයෙන් එතුමා බොග වඩම්මන කල්හී අවට මහනෙල් මල් සුවදින් සුගන්ධවත් වන්නේය. එතුමාගේ ඒ වීදුරු වැසිකිලියෙන් එන ශබ්ධ දහරාවෝ නම් එලියට පීකරයක් මගින් අහන්නට සලස්වති. 

ආහ්.. ඕහ්. අම්මෝ ඔයින් ගියා මැදැයි ආදී වශයෙන් එක්ස් නිරිදු තටමන අතර දාන වදන් පහල සිටින ජනී ජනයා කන මීපැනි වක්කලාක් මෙන් මිහිරියැ. අප රට බේරාගත් කලද එතුමානෝ ඔවැනි සීහනාධ ගොර ගොර සීහනාද පවත්වන්නට ඇත. ඒ ශබ්ධය ඇසීම පවාමහත් පිනකැයි ඇතැම් වයසක ආච්චි කබල් සිය අත් නලලේ තබා වැදගන්නේය.

ටික දිනකින් එතැන වැසිකිලි තේවාව තවත් විචිත්‍රවත් කරන්නට වෙනම වාදක වෘන්දයක්ද අනියුක්ත කරන ලදී. බෙර හේවිසි නාදයෙන් විකසිතව එතුමානෝ රාජකීය කොමඩයට වදින්නේය. අවට බිම සිටින ජනයාට එතුමානෝ යහතින් පෙනෙන්නෝය. එතුමාට අතන මොතන පිලිකාවකැයි තව මසකින් යන්නේ යැයි බොරු කියනවිරුද්ධ කැල නිස්සද්ද කරන්නට එතුමාගේ දෛනික පෙනී සිටීම ඉවහල් විය.

මේ බොග තේවාවට දිනෙන් දින අනුරාජපුරයෙන්ද පොලොන්නරුවෙන්ද පමණක් නොව සිඩ්නි මෙල්බෝන් ලන්ඩන් ඩුබයි වාසී ජනයාද ගුවනින් පැමිණ එකතු වෙන්නට විය. එක්ස් නිරිදුන්ගේ බොග දැමීම මෙතරම් ජනප්‍රිය වී නම් අපිද එසේ කරමු යැයි වත්මන් නිරිදුට උපදේශකයෝ කීවෝය. එහෙත් ලැජ්ජාශීලි වත්මන් නිරිදු එයා කරපු දේවල්ම අපි කරන්න නෙමෙයි අපිට දුන්නේ යැයි විවිධ කතා කියමින් එය යට යවන්නේයැ.

දිනක් මහා එක්ස් නිරිදුට බඩ වියලීමක් වූ බැවින් එදා බොග යන්නට උවමනාවක් නොවීය. එහෙත් ඒ නොදන්නා විදෙස් රට වැසියන්ද එරට දුර වැසියන්ද කිරිද පැණිද තෑගිද පූජාවට රැගෙන තේවාව පටන් ගන්නාතෙක් සිටිති. එවර එතුමානෝ වෙනුවෙන් වෙනත් රාජපක්සකක් කොමඩයට තැබිය යුතු වන්නේය. ඒ සදහා පත්‍රයන්ද ලේලි වරුන්ද දියණිවරුද බිරියද සහෝදරයෝද එකතුව මහත් සාකච්චාවක් පැවැත්වින. වනචාරී බලුගැත්තෝ එක්ස් රජතුමාගේ අසුවල් ලේලිවරිය බොග වන්දනාවට වැඩම කරද්දැයි මග බලා සිටියෝය. එහෙත් එවුන්ගේ මනෝරථ පූරණය සිදු නොවුනි. කක්ක බර තියෙන්ඩම ඕනයි ඕකට ගිහින් වාඩිෙ වන්ට.. අපි ගිහින් ඉදල එන්න කියමු. එතන සැප තැන. කියා එතුමානෝ කක්ක බර නැතිවම වුවද රාජකීය දැකුම පිණිස කොමඩයට වාඩි වී බර ඇතිවාක් මෙන් ගොර ගොර නදද දාන්නට විය.

බර නැතිව දාන ගොර ගොර නාදය ඇතිව දාන එකට වඩා මදක් වෙනස් වුවත් එයද නවමු ශබ්ධයකැයි පහත වූ බලුගැත්තෝ සිතූහ.