අලුත් අවුරුද්ද ලගා වෙනවා පරණ අවුරුද්ද ඉවර වෙනවා. මෙහෙම අවුරුදු මාරු වෙද්දි අපි හිතනවා අපිට ඊලග අවුරුද්දේ වත් ගේමක් ගහලා ගොඩ යන්න ක්‍රමයක් හදාගන්න ඕන කියලා.
මොකක්ද මේ ගේම
ගේම් එක කියල කියන්නේ මම හිතන්නේ ගොඩක් මහන්සිවෙලා අපි සාමාන්‍යයෙන් ගෙවන කම්මැලි ජීවිතයට වඩා කාලය ශ්‍රමය අපේ කැපකිරීම් වියදම් කරලා කරන විසේස වැඩක්. ඒ ගේම සේත්තරය අනුව තැන අනුව වෙනස් වෙනවා. හැබැයි ඒ අමතර කැපකිරීම කරලා තමයි අපිලට දියුනු වෙන්න ලැබෙන්නේ.. නිකං ජීවත් වුනොත් අපිට දියුනු වෙන්න සල්ලි හොයන්න පොරක් වෙන්න ලැබෙන් නෑ.
එදිනෙදා වැඩ එදිනෙදා කලොත්
ඉස්සර ඒ ලෙවල් පාස් ලංකාවෙන් රෑන්ක් දාන ලමයි කියන පොදු කතාවක් තිබුනා. මම එදිනෙදා වැඩ එදිනෙදා කලා. අමතර වැඩත් කලා. ගුරුවරුත් මට උදව් කලා.. ආදී වශයෙන්. එතකොට එයාල ලොකුවට ගේම ගහල නෑ කියල තමයි පේන්නේ. එයාල සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදිහටම ගෙවලා තමයි ් තැනට ඇවිත් තියෙන්නේ.
ඒත් මෝටිවේසන් අප්පච්චිලා කියන විදිහට
ඒලෙවල් හෝ වේවා වෙන එක්සෑම් එකක් හෝ වේවා නැත්තං කන්තෝරු වැඩ බිස්නස් හෝ වේවා. අපි ගොඩක් මහන්සි වෙලා. අමතර වෙලාව කැපකරලා අමතරව තවත් කරදර කරගෙන හිත එහෙම ගොඩක් කැපකිරීම් කරලා තමයි අපිට ජීවිතය ජයගන්න තියෙන්නේ. සරලවම අපිට අපි කරන වැඩ එදිනෙදා හරියට කරලා ඔලුවට කූල් එකේ චුට්ටක් වැඩ කරලා අපිට ගොඩ යන්න බෑ. අපි මේ අපේ වටේ ඉන්න තරගකාරීන් අබිබවා මතුවෙලා උඩට ඇවිත් අරිෂ්ඨ බිව්ව සූරපප්පා වගේ විරාජමාන වුනොත් තමයි අපිට ජීවිතය ජයගන්න ලැබෙනනේ.
ඉතින් අවුල මොකක්ද?
මේ කියන ගේම අමතර කැපකිරීම රෝල වගේ එක්ස්ට්‍රා කැපකිරීම කරන එක ලේසි නෑ. අපේ ලයිෆ්ස්ටයිල් එක අපේ කැමති අකමැති දේවල් අපේ කාලසටහන ආදී ගොඩක් දේවල් අපිලට මේ ගේම වෙනුවෙන් කැපකරන්න වෙනවා. ගේම ගොඩක් කල් ඇදුනොත් අපි ඒ ගේම ඇතුලේ හිරවෙනවා. ගේම ඇතුලේ ජීවත් වෙන්න වෙනවා. අපේ සාමාන්‍ය ලයිෆ්ස්ටයිල් එක ගේම විසින් අත්පත් කරගන්නවා.
උදේට ටීවි එක බල බල පත්තර බල බල ඇට කස කස ඕපදූප හොය හොය හිටිය අපි ඒ කාලේ ගේම වෙනුවෙන් වියදම් කරනවා. ටික කාලෙකින් බැලුවම අපිට ඒ ඇට කසමින් හිටපු අතීතය අපිට නැතිවෙනවා. ආයේ ඒහෙම කූල් එකේ ඉන්න නැති වෙනවා. අවසානේ අපි ගේම ගහලා ජීවිතේ වර්දනය කරගන්න ගියාට අපිට අපිවම නැතිවෙලා වෙන මොකෙක්ද රොබෝ කෙනෙක් අපි වෙනුවට ඉතිරි වෙනවා.
හැම එකාම එහෙමද?
මම හිතන්නේ අපේ දකුණු ආසියානු රටවල ඉන්න මහා මනුස්ස ගහනය නිසා තමයි අපිට මේ හැම සරල දේකටම ෆයිට් කරන්න වෙලා තියෙන්නේ. අපිට තරගයක් නොදී සාමාන්‍ය විදිහට ජීවත් වුනොත් ගොඩක් දේවල් අපිලට ලබාගන්න වෙන්නේ නෑ. අපි අනෙකා පරයා අනෙකාට වැඩිය ගොඩක් වැඩ කරලා ගොඩක් කැප කරලා ගොඩක් එව්ව කරල ඉස්සරහට ඇවිත් තමයි අපිට දිනන්න ලැබෙන්නේ..
ට්‍රැවල් වලදි හම්බෙන සුදු මහත්තුරු මීට වඩා වෙනස්. එයාල කැමති තැන්වල කැමති විදිහට නැවතිලා. සමහර අය ජොබ් එකකටවත් හරියට බැදිලා නෑ.. පවුල් පන්සල් කියල බැදිලා නෑ. ආගම කියල බැදිලා නෑ.. එයාල එයාලගේ රටේ කරන රස්සාව උන්න ගමන් නවත්තලා එක්කෝ නිවාඩු දාලා එකපාර පිට වෙනවා. ඒ ගිහින් වෙන රටකට වෙලා ආතල් එකේ ඉන්නවා. ආයේම එනවා. එයාලට අපිට වගේ තරගයක් නැතුව ඇති. එයාලගේ හිතෙත් දිනන්න නම් අමතරව ගහන ගේම කියන එක නැතුව ඇති.
ගේම මගින් ඇතිකරන බ්‍රොයිලර්ලා
අපේ රටේ සල්ලි තියෙන මිනිස්සු ගත්තොත් වැඩිදෙනා ලෝබයි. මොකද කුණුකමට සතෙන් සතේ රුපියල රුපියල අමාරුවෙන් පොදි ගහගෙන ඒවත් ආයේ වෙන වෙන ජාවාරම් වලට කුම්මැහි කමේ වියදම් කරපු උන් තමයි ලංකාවේ සල්ලිකාරයේ වෙන්නේ. උන් දෙයකට වියදම් කරන්න කලියෙන් හතර මායිම් හොයනවා. කොච්චර තිබුනත් හිතේ නිදහසින් එක රුපයිල් දාහක් වියදම් කරන්න උන් බයයි. මොකද ගේම් එක ගහලා හදාගත්ත තැන නැතිකරගන්න කැමති නෑ.. ගේම් එක ඇතුලේ එයාල පුරුදු වුන කුනු පෙරේත කම් වෙනස් කරගන්න හැකියාවක් එයාලට නෑ.
ඉතින් අලුතින් කලාවට ක්‍රීඩාවට වෙනත් ආයෝජන වලට නිර්මාණ ශීලි දෙව්ලට කියලා කරන අොයා්ජන නෑ.. හැම වෙලාවේම සතයක් වියදම් කරන්නේ රුපියල් දෙකක් හම්බ කරන්න බලාගෙන, ස්ථාවර ගේම් වලට විතරයි. අස්ථාවර කලාව පර්යේෂණ අලුත්ම බිස්නස් ආදී දේවලට වියදම් කරන්න බයයි. මොකද ගේමෙන් අපි හුරුවෙලා ඉන්නේ සතෙන් සතේ ලෙවකාලා අරගෙන ඒ විදිහටම දිගටම ජීවත් වෙන්න.
ගේම් ගැහිල්ල දිගට ගියොත් හරිද?
මාකට් එක මගින් උඩදාන අවශ්‍යතා වෙනුවෙන් අපි අපේ ජීවිතය සම්පූර්ණ කණපිට හරවගෙන අමතරව මහන්සි වෙන මේ සෙල්ලමෙන් අපිට සම්පූර්ණ ගැලවිමක් නෑ. ඒත් සස්සස් බව කියන බොරු මායාව පස්සේ හැමදාම මැෂින් එකක විල් එකක් වගේ ගේම් ගගහ ඉන්න එකත් ජොබ් අස්සේ හිරවෙනවාට වඩා අවුලක්..
සමහර අය ජොබ් එක හොද නෑ කියල දාල ගිහින් දවසට පැය 18ක් විතර ඔලුව මහන්සි කරලා සෑහෙන කාලය ශ්‍රමය වැයරකරලා කාර් එකක් ගොයක් දොරක් හදාගෙන ලෝකේට පරකාසේ දානවා අපි දින්නා මේන්න කියල. ඇත්තටම අර පරණ රස්සාවේ තනි කාමරේක කිසි දෙයක් නැතුව හැටිය අපතයා ජීවිතේ විදින්නේ නැද්ද? ස්ට්‍රෙස් පිට සෑහෙන වර්ක් ලෝඩ් එකක් ඇදලා ඔය කොරපු දේවල් වලින් දැන් ඔයාල ජයගෙනද? අනේ මන්දා ඉතින්.. ඔන්න ඔහොම තමයි ඉතින් විස්තරේ.
