Wednesday, March 6, 2013
බත්කූරා
බත්කූරා කියන්නෙ නිකංම කූරාටම තමයි..ඌ එච්චර ගති සතෙක් නෙමෙයි..ඒත් දියවන්නා උයනෙ බත්කූරො ගොඩයි..උන් මල්වල මල්කොලවල වහලා ඉන්නවා..
මේ ඉන්නෙ බත්කූරාගෙ යාලුවෙක්..මුගේ නම සමනලයා..වගුරෙ තියෙන කඩොල් පඳුරක මල් වලට වහලා හිටියෙ.. මූ ලස්සන එකෙක් නෙමෙයි..ලස්සන සමනල්ලු අල්ලන්න අමාරුයි ඉක්මන්ට පියාඹනවා..
මේ ඕලු පොට්ටුවක්..ඕලු පොට්ටුව උඩ තමයි බත්කූරා ඉන්නෙ..ඕලු මල් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද දන්නෙ නැහැ..නමුත් බත්කූරා පස්ට ලයික් ඕලු මල් වලට..
මේ පිපුන ඕලු මලක්..මේ සුදු ඕලු..තව ජාතියක් මම දැකලා තියෙනවා රතු ඕලු කියලා..රතු ඕලු මල් මීට වඩා සයිස් එකෙන් ලොකුයි..
තණ අග තියෙන්නෙ පිනිබිදු..පිනිබිදු මොනරසද කියලා බලාන්ට වගේ තමයි මේ බත්කූරා උත්සාහ ගන්නෙ..මේ පොටෝ ගොඩකම ඉන්න බත්කූරො තැඹිලි පාටයි.. මං හිතන්නෙ තැඹිලිපාට උන් සුලබ ඇති.. මේ හරියෙ..
රතුපාට ඕලු මලක් උඩ වහපු කූරෙක්..මේ ඔලු මල් නම් සුදු ඕලු වගේම තමයි..ඒත් පිපුනාම අමුතු ලක්ෂනක් තියෙනවා..
දියවන්නාව අලුතින් හදලා හරි ලක්ෂණයි..නමුත් මේ වගේ වතුරෙ තෙල් පැල්ලම් තියෙන එකනම් සත්තුන්ට එච්චරම හිතකර වෙන්නෙ නැහැ..මොන හේතුවක් පිට මේ තෙල් පැල්ලම වතුරට එකතු වුනාද දන්නෙ නැහැ..ඒත් මෙහෙම වතුර මත තෙල් ස්ථර රැඳෙන එක පරිසරයට එච්චර හොඳ නැහැ කියලයි මට හිතෙන්නෙ.. රුවල් බෝට්ටු හබල් බෝට්ටු වලට අමතරව මෝටර බෝට්ටු මේ වාගේ පරිසර පද්ධති වලට එකතු කලාම මේ වගේ සුලු සුලු වැරදි වෙන්න පුලුවන්..නමුත් මේ වගේ සුලු වැරදි ගොඩක් වුනාට පස්සෙ ඒක ලොකු වැරැද්දක් වෙනවා..
Tuesday, March 5, 2013
සිරිපා ගමන.Tour of adam's peak
මම සහ යාලුවො පිරිසක් පහුගිය දවසෙ සිරීපාදෙ වඳින්න ගියා.. අලුත් අත්දැකීම් කිහිපයක්ම අපිට ඒ ගමනදි ලබාගන්න පුලුවන් වුනා..
සිරිපා යන්න දවස් දාගන්න හැටි..
සිරිපාදෙ වඳින්න යනවානම් පෝයදවසෙවත් දිග නිවාඩු කාලවලවත් යන්න හොඳ නැහැ..ඒ වගේම ජනවාරි සිට මැයි දක්වාවෙන සිරිපා සමයෙන් පිට යන එකත් හොඳ නැහැ...දිග නිවාඩු පෝය නිවාඩුවලට සිරිපාදෙ ඕවලෝඩ් වෙනවා..එතකොට ඉහල හරියෙදි එක පඩියෙ විනාඩි තිහ හතලිහ ඉන්න වෙනවා..මොකද පෝලිම ඉස්සරහට යන්නෙ නැති නිසා.. ඒ වගේම අවාරෙ යන එකහොඳ නැත්තෙ අවාරෙට කවුරුවත්ම නැහැ..අපිට කන බොන දේවල්..බේත් හේත් වැස්සට ආවරණයක් මොකුත්ම නැහැ ඒ කාලෙට..ඒ කාලෙට ගියාම කරදර වැඩියි..ඊට අමතරව ඒ පැත්තෙ ඉන්න සතා සිපාවට හෙම ඒ ටික දවසෙවත් විනෝදෙන් ඉන්න ඉඩ දෙන එක අපේ යුතුකමක් වෙනවා..
සතියෙ දවස්වල ගියාම කිසි කරදරයක් නැතුව ගමන කරගන්න පුලුවනි.අපි ගියෙත් සෙට් එකම නිවාඩු දාල..ගිහිපු අය එකම වර්ගයේ රස්සා කරන අය වුනාට වෙනමම අංශ වල නිසා ඒ තරම් අවුලක් වුනෙ නැහැ.. .සතියෙ දවස්වල දුම්රියෙ ආසන වෙන්කරගන්න එක..බස්වල ආසන වෙන්කරගන්න එකත් අපහසු වෙන්නෙ නැහැ.. දුම්රියෙන් හැටන් වලට ආසන වෙන්කරගෙන යන එක ගොඩක් ලේසියි..
මමනම් සිරිපා යන්න අනුමත කරන්නෙ බස්රිය හෝ දුම්රිය තමයි..මොකද හැටන් වලට ගියත් රත්නපුරේට ගියත් වාරෙට සිරිපා යන බස් තියෙනවා..කෝචිචය හැටන් වලට ගියාම හැටන් වලින් සිරිපා යන බස් එක ස්ටේෂම ඉස්සරහාම තියෙනවා..ඒ නිසා නල්ලතන්නියට,හැටන් වලින් කෝචිචයෙන් බැහැලා පැයකින් විතර යත හැකි.. ගොඩක් මිනිස්සු ගැවසෙන කාලෙට සිරිපාදෙ යන පාර පාමුල නල්ලතන්නියටම යන්නෙ ලංගම බස් එක විතරයි..අනික් වන්දනා නඩ වලට නල්ලතන්නියෙ ඉදලා කිලෝමීටර තුන හතරක් දුරින් පාක් කරගන්න වෙනවා..
ඉස්සර අපේ පැරැන්නො පාවිච්චි කරලා තියෙන්නෙ රත්නපුර පලාබද්දල හරහා තියෙන රජ මාවත..ඒ වගේම තවත් පාරවල් දෙක්ක ඉස්සර කාලෙ සිරිපා කරුනාකරන්න තිබුනා කියලා පොතපතේ සඳහන් වෙනවා.. මේ රජ මාවතේ නගින හෝ බහින අයට අවස්ථා කිහිපයකදී යුග ගනනාවකදී තිබුන පියගැට අත්වාරු හෙම දැකගන්න පුලුවන්.. රත්නපුර පැත්ත දුර වැඩි වෙන්න එක හේතුවක් තමයි මුහුදු මට්ටමින් ගත්තාම පලාබද්දල හැටන් වලට වඩා පහලින් පිහිටා තිබීම.. සිංහෙලෙන්ම කිව්වෝත අපි හැටන් වලින් නගිනකොට කන්දක් උඩ ඉදගෙන තවත් කන්දකට නගිනවා..නමුත් රත්නපුරේ ඉදන් නගිනකොට තැන්න ඉදගෙන සිරිපාදෙ පේන්නෙවත් නැති අන්තයක ඉඳන් සිරිපාදෙ නගිනවා..මම නම් පුද්ගලිකව ආශා කරන්නෙ රත්නපුර පාරට..රත්නුපුර පාරෙ ගොඩක් තැන් අවුව වැටෙන්න නැති හෙවන තියෙන වනාන්තරය මැදින් වැටිලා තියෙනවා.. ඒ වගේම පැරණි අම්බලම් මංකඩවල් ආදිය ඒ විදියටම තියෙනවා..
හොඳම පාර මොකද්ද ?
කෙටිම පාර තමයි නල්ලතන්නියෙන් පටන් අරගෙන යන හැටන් පාර.. රත්නපුර පාරත් දැන් නවීකරණය කරලා සිමෙන්ති පඩි හොදට හදලා තියෙනවා.. ඒත් රත්නපුර පාර කිලෝමීටර ගනන නල්ලතන්නියෙන් යන කිලෝමීටර ගාන වගේ දෙගුණයක් විතර තියෙනවා.. මීට අමතරව තවත් පාරක් කුරුවිට පැත්තෙන් තියෙනවා..ඒක රත්නපුර පැත්තෙන් යන පලාබද්දල පාරට වඩා කිලෝමීටර තුනක් විතර වැඩියි.. කොහොම වුනත් ලොකු නඩයක්..පොඩි ලමයි ආච්චිලා හෙම යනවා නම් රත්නපුර හෝ හැටන් පාර හොඳයි. ඊට අමතරව තව දැරණියගල ආදි පැතිවලින් පාරවල් තුන හතරක් තිබුනත් ඒවා එතරම් ජනප්‍රිය නැහැ..ඒ වගේ කැලෑ පාරවල් වල යනවානම ඒ සඳහා විශේෂයෙන් සැරසිලා යන්න ඕනි.. කන්න බොන්න දේවල් වගේම පාරවල් හොයාගන්න තාක්ෂණික උපාංග ආදියෙන් සන්නද්ධ වෙලා තමයි කැලෑ පාරවල් වලින් සිරිපා කරුණා කරන්න යන අය යන්න ඕනි..මොකද සමනල අඩවිය කියන්නෙ විශාල කඳුකර කැලෑ බද ප්‍රෙද්ශයක්..
ආදි කාලෙ අනුරාධපුරේ ඉදලා මොණරාගල ගාල්ල පැත්තෙ ඉදලා ජනී ජනයා සිරිපා කරුනාකරේ ගමේ ඉදලාම පයින් තමයි..කරත්ත පාරවල් පවා ඇතිවුනේ පසු කාලෙක..අන්දරේ හිටපු රාජසිංහ වකවානුවෙ පවා පුත්තලමේ සිට නුවරට ලුනු ගෙනියලා තියෙන්නෙ කරත්ත වල නෙමෙයි..බූරුවන්ගේ පිටේ.. ඒ කාලෙ හරක්ගේ පිටේ බඩු ගෙනියන්න ඇති..ඒත් කරත්තයන්න පුලුවන් මට්ටෙමේ පුලුල් මාවත් ඇතිවෙන්න ඇත්තෙ සුද්දො රට ඇල්ලුවාටත් පස්සෙ.. ඒත් සිරිපා ඉතිහාසයේ ලිඛිත සාක්කි අනුරාධපුර යුගේටත් කලිං ඉදලා තියෙනවා.. ඒ නිසා සිරිපා යන අය ගේ දොර ඉඩකඩම් පවා ලියලා තමයි ගිහින් තියෙන්නෙ.. ශ්‍රී පාදස්ථානය පිහිටලා තියෙන්නෙ සමනල කන්ද උඩ ගලක..මේ ගල් කුට්ටියට ගොඩවෙන්න දැන්නම් පඩි තියෙනවා..නමුත් මීට අවුරුදු අසූවකට විතර එපිට ඒ ගල උඩට නගින්න වෙලා තියෙන්නෙ යකඩ දම්වැල් වල එල්ලිලා.. බොහොම අවධානම් ගමනක්...අලි කොටි වලස්සු ඉන්න මහා වනාන්තරේ මැදින් ලංකාවෙ හැටියට උස කන්දක පිහිටලා තියෙන සිරිපාදෙ වඳින්න මිනිස්සු පාර හොයාගෙන ආපු එකම ලොකු පුදුමයක්..දැනටත් රත්නපුර පලාබද්දල ගමට සිරිපාදෙ පේන්නෙවත් නැහැ..ඒත් යසට පාර තියෙනවා..
සිරිපා ගමනේදි..සීතල වැස්ස ආදිය..
සිරිපා යන්න තියෙන අනුමත කාලෙදි වැස්ස අඩුවුනාට වහින්නෙම නැහැ කියලා ගැරන්ටියක් දෙන්න බැහැ..අර බයික් වල යනකොට වගේ දාන රේන් කෝට් එකක් අරං යන්න හැකිනම් වැස්සට වගේම සීතලටත් හොඳයි.. අපි රෑ නැගලා උදේ ඉරසේවෙ හෙම බලන්න උඩ නැවතිලා ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම සීතල අඩුවෙන ජැකට් ආදිය ගෙනියන්න වෙනවා..සෞම්‍ය කලාපයෙක අයෙක්ට වුනත් උඩ තියෙන පිනි ගතිය..සහ සීතල ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් රෑට එතන නිදාගන්න ඉන්නකොට.. අපි නැගලා බහින්න යනවානං මොකුත් ඕනි නැහැ ඇඳන් යන ටී ෂර්ට් එක වුන්ත ඇති..මොකද අපි වෙහෙසෙන කොට සීතල දැනෙන්නෙ නැහැ..නමුත් උඩ නවතිනවා කියන්නෙ සීතල අපිව ආක්‍රමණය කරනවා..එතනදි පිහිටට බෙස් සීට් ජැකට් බ්ලැන්කට් ආදිය තියෙන එක හොඳයි..කුඩා දරුවන්..මහලු අය හෙම එක්කරං යනවා නං ඔන්න පෙර සූදානමින් යන එක වැදගත්.. මේ කියන්නෙ මහලු අය කුඩා අය එක්කරං යන එකහොද නැහැ කියලා නෙමෙයි..ඕනි තරං හැට පැනපු ආච්චිලා පොඩි දරුවො සිරිපා කරුනාකරනවා..නමුත් ඔවුන්ට සීතල වැස්ස ආදිය බලපාන විදිය මහ මිනිස්සුන්ට ඒවා බලපාන විදියට වඩා වෙනස්..
ගෙනියන ජාති..
එකපාරකින් නැගලා අනික් පාරෙන් බහින්න යනවානම් අපිට බෑග් මග තියෙන කඩවලට දීලායන්න බැහැ.අරං යන්නම වෙනවා..ඒ වගේ වෙලාවට මල්ලෙ බර අඩුවෙන එක හොදයි කියලා අමුතුවෙන් කියන් ඕනි නැහ නෙව..අනික නාන්ට අඳින්න හෙම ඩෙනිම් වගේ එවුවා ගත්තම ඩෙනිම් වල බර තෙමුනාම බොහොම වැඩි වෙනවා..කොහොමද තෙමිච්ච ඩෙනිම් කිලෝ තුන හතරක් අරන් උඩට නගින එක.?
.මම හැටන් වලින් නඩ දෙකක් එක්ක නැගලා බැස්සා..ඒ දෙපාරම අපි නාන තැන තියෙන කඩේ ක මලු තියලා ගියා..ප්‍රශ්ණයක් නැහැ..මලු සහ බඩු තිබුනා..ඒත් සුවර් එකක් දෙන්න බැහැ නෙව..හොරා කොතනද උපාසකයා කොතනද කියලා අපි කොහොමද දන්නෙ.. ගෙදර තියෙන අල්මාරියෙන් බාගයක් විතරයි..මේක් අප් සැට් එකයි දාගෙන ගමන් යන එක ලංකාවෙ ගෑනුන්ගේ පුරුද්ද..සිතලටත් එක්ක ඇඳුම් දෙක තුනක් බැලැන්කට් එකක් පොඩි තුවායක් සරමක් ආදිය තිබුනාම ඇති කියලයි මම හිතන්නෙ.. නගින්න යනකොට වැඩිය හොඳ සපත්තුද සෙරෙප්පුද නිරුවත් කකුල්ද කියාල හරියටම කියන්න බැහැ..මම ඔය තුන් විදියටම ගිහින් තියෙනවා...කිසි අවුලක් නැහැ..ඒත් වැසි කාලයකදි නම් අර ස්පොට් සපත්තු තෙමුනාම තියෙන සනීපෙනම් කියලා වැඩක් නැහැ..
අවසානෙට හැම පරිසර ගැනතියෙන ලිපිය ගැන වගේම මේකෙදිත් පරණ තැටියම දාන්න වෙනවා..අපේ අයට කෑම කවර වැදගත් වෙන්නෙ කෑම එක කන කල් විතරයි..ඉන් පස්සෙ බිස්කට් කවර කෑම කවර වැදගත් නැහැ..ඒවා හලලා යනවා..උඩ තියෙන කුනු බාල්දිවලට ඒවා දැම්මත් ඒ වැඩකරන අයට ඒවා අරං පහලට බහින එක ලොකු වදයක් නෙව.. ඒනිසා තමුං ගෙනියන කෑම කාලා කුනු ඉතිරිවෙන ඒවා ආයෙම බෑග් එකේ දාගෙන ඇවිත් පහලම තියෙන කුනු බාල්දි වලට දාලා යන්න පුලුවන් නම් ඒක හොද පුරුද්දක්...අපි වගේම අපේ පුතාලට දුවලට මුනුබුරාලට මිනිබිරීටලත් මේ ලක්ෂණ චාරිකාවේ සුන්දර අත්දැකිම් ඉතිරිකරන එක අපේ යුතුකම වෙනවා... නැත්නම් සිරිපා කරුණාව නිකම් තවත් එක පොතක තියෙන පාඩමක් වගේ එකක් වේවි අනාගත පරපුරට..

![]() |
| අපි ගිය දුම්රිය මැදිරිය |

| රත්නපුර පැත්තෙන් උදේ පාන්දර සිරිපා ඡායාව |

Monday, March 4, 2013
විවේක ගන්න දියවන්නා යන හැටි Let's go to Diyawannah
දියවන්නාව කියන්නෙ ඔයක් ..ඒකෙ මැද පාර්ලිමෙන්තුව තියෙනවා. ඒ පාර්ලිමේන්තුව තියෙන හරියට පොඩියක් මෙහා ඒ කිව්වෙ වෝටස් එජ් එක දිහා දැන් හොදට හදලා..මිනිසුන්ට විවේක ගන්න සහ සනීපෙට ඉන්න පුලුවන් විදියට දියුනු කරලා තියෙනවා..කොළඹ ඉන්න අයට ගමේ දැනෙන සීතල සුලං වෙල් සුලං පාරක් වද්දගන්න යන්න කියාපු තැනක් තමයි එතන. දියුනු රටවලත් මේ වගේ උද්‍යාන ආදිය පිහිටුවලා තියෙනවා. මේ පාක් එක කොළඹ අනික් පාක් වලට වඩා සුලග තියෙනවා..ඒ වගේම සීතල සුලග..මොකද මේක තියෙන්නෙ දියවන්නා ජලාශය කිස්ටුවම නිසා..
මෙ ඉන්නෙ දියවන්නා උයනෙ පොටො ගහන්න ආපු ජෝඩුවක්..මේ වගේ විල් අයිනෙ..වැවි අයිනෙ මුහුදු වෙරලවල් ගාව දැන් මගුල් පොටෝ ගැහිල්ලක් තියෙනවා..හම්මේ ටිකක් මහත මනමාලියො හෙම නැමිලා පෙරලිලා පොටෝ ගන්නවා දකින අපිට තියෙන සන්තෝසෙ..කියලා වැඩක් නැහැ..ඒක බලං ඉන්න එකත් එක්තරා විනෝදයක්.. එක අතකින් පවු කියලත් හිතෙනවා. අයියෝ විඳින වදයක්.. මේක එක්තරා රඟපෑමක්..මට හිතිලා තියෙන්නෙ වෙඩින් එකක් ගන්න කාලෙක දවල් කාලෙ පොටෝ ගහන්න වීඩියෝ වලට ලස්සනට ඉන්න ජයම්පතියෙක් දාල කුස රජතුමා වගේ රෑට රෑට මනමාලි ගාවට සැට්වෙන්න..ඔන්න පොටෝකාරයා කියනවා යම්තම් හිනාවෙන්න කියලා..ඒත් දත් ඉස්සරහට ආපු දත් බොල්ලා ඇන්ටියෙක් බඳිනකොට කෝමද අප්පා බාගෙට හිනාවෙන්නෙ..කට ඇරිය ගමන් හිනාවෙන් ලොකු කෑල්ලක් පිංතූර ලෙන්්ස එකේ වදිනවා...ත්‍රි ඩි පොටෝ හෙම තිබුනනං ඇල්බම් වල දාන්න බැරිවෙනවා ඒ වගෙ පොටෝ..
මේ ඉන්නෙ විවේකය ගත කරන්න සුලං වල පහස ගන්න ආපු තව කාන්ඩයක්..මේ අය සමහරක්ගේ ඇසුත් වහලා..ඇස් වහලා තිබුනට මොකද මේ එන කෙල්ලො ටිකක් හැඩිදැඩි පුරුස අය දිහා හෙම කන්න බලනවා මම දැක්කා..මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන පාක් ඇවිත් පෝරණුවක් වගේ අවුවෙ තැම්බෙන්නෙ මොන ආතල් එකකට ද මන්දා..ඒත් කොළඹ හැම පාක් එකකම මේ වගේ ඔලුවෙ ඉඳන් වහපු ගෝනි බිල්ලො දකින්නට ලැබෙනවා. විහිලු කරන්න හොද නැතුව ඇති..ඒත් කරන්න දෙයක් නැහැ.. යුරෝපෙ හෙම ඉන්න මගේ යාලුවො සමහර අය වැඩ අරිලා ගෙදර යනකොට බිච් ලඟින් පාක් ලඟින් යන පාරවල් වල යන්න ආසයි..මොකද ඒවායේ ස්ත්‍රින් ඇඳුම් අඩුවෙන් හිරුඑලිය විඳින දර්ශනය හිතට සැනසිල්ලක් ලැබෙන නිසා..ඒත් මෙහෙ පාක් වල එහෙම නැහැ.. කස්ටිය ගොඩක් නිසංසලේ ඉන්න එන්නෙත් සැරට මේක් අප් දාල හිරට ඇඳලා නැත්නම් මේ වගේ ඔලුවෙ ඉදන් වහගෙන..
මේ ඉන්නෙ හිර ඩෙනිම් කලිසම් ඇඳගෙන අවුව තපින්න හුලං වදින්න ආපු අය..මේ අයත් අර අයට දෙවැනි වෙන්නෙ නැහැ..ගෙදර තියෙන හිරම කලිසම ජෑම් ගාල හරි බස්සගෙන තියන මේක් අප් සෙට් එකේ හැම එකම උලාගෙන එනවා..අවුලක් නැහැ..ඉන්න අනික් අයට පෙරහැරක් බලනවා වගේ ආතල් එකක් එනවා වටේ පිටේ මනුෂ්‍යෙයා දැක්කාම..මොකද එක එක ඇඳුම් එක එක මේක් අප්ස්...
මේ තියෙන්නෙ ඒඋයනෙ තියෙන කුඩා සත්තු වත්තක් වගේ තැනක්.. ඒකෙ මුව පැටවු හාවො වගේ සතුන් ඉන්නවා..මගේ යාලුවෙක් ඉන්නවා එයා දැඩි හලාල් විරෝධියෙක්..ජාති මාමක පුරුෂයෙක්..මිනිහාගෙනම් අදහස මෙතෙන්ට වල් ඌරු පැටවු තුන් හතරදෙනකුත් ගෙනත් දාන්න ඕනි කියලා..මොකද වල් ඌරු පැටවු ගෙනත් දැම්මාම උන් හරාම් නිසා..මුස්ලිම් අය පාක් එන එක අඩුවෙලා යයිලු..එතකොට සිංහල අයට නිදහසේ ඉන්න පුලුවන්ලු..ඒත් එන ඒ ඒ අය ඒ ඒ අයගේ පාඩුවෙ ඉන්නවා නං කොහොමද මුස්ලිම් අය ආහම අනික් අයට කරදර වෙන්නෙ..
මේ මම කැමරාවෙ තියෙන පැනරාමා කියන මොඩලයෙන් ගතපු පොටෝවක්...ඒකත් මරු කැමර් එක කරකවන්න තියෙන්නෙ..එතකොට පලාතක් වදිනවා..කෙලින්ම පොටෝ ගන්න බැරි ලක්ෂන ඇන්ටියෙක් හෙම ඉන්නවා නං පැනෝරාමා මෝඩ් දාල කැමර් එක කරකවලා පොටෝව ගත හැකි..
කවුරු මොනවා කිව්වත් මේ පාක් එක හදපු එකනම් හොඳ වැඩක්.. අපිට නිදහසේ ඉන්න තැනක් දැන් තියෙනවා.. දැන් කස්ටිය මගුල් ගෙවල් යන්න වගේ මෙක් අප් තට්ු පිටින් ඇදුන් ගොඩක් ඇදලා ආවට කාලයත් එක්ක මේ හැමදේම හරියාවි.. මිනිස්සුන්ගේ දියුනුව කියන්නෙ කාර් ගෙවල් බිල්ඩින් විතරක් නෙමෙයි..මානසික ව ඒකාග්‍රතාවය ඇතිවෙන්න මේ වගේ තැන් ඇතිවෙන එක වැදගත්.. මේ වගේ ඉස්ථාන වලට යන උදවිය අර සිරිපා යන අයවගේ කොළ කෑලි පොලිතින් කවර තැන තැන දාන්න නැතුව ඒවා අදාල තැන් වලට දාන්න උත්සාහ ගන්නවානම් හොදයි.. මොකද සිරකරුවෝ ඩ මනුස්සයෝය වගේම ක්ලින් කරන අයත් මනුස්සයෝම වෙන නිසා..

Sunday, March 3, 2013
දිරන පෙම
දිරායනවා වැනි ඔබේ ඔය කෙසඟ රුව
සරා සඳක් මෙන් මාසිත වසඟ කරන
නුරා කැල්මන් නැතත් ඇස් අග කෝල කරන
සදාදර …............ ඔයා තාමත් මගේ නෙතු අග සිහිනයේ
විලාසිනියක් ලෙසින් තොල්පට සායමින්
පියරු ක්‍රීම් ගවසා විලවුන් සුවඳින් සහ අබරනින්
සැරසී , දහසක් නෙතු හරවා සැනින් ගියත්
ඒ කිසිත් නැතත් මට ඔබ ලක්ෂනයි.. …. කුමරිය..
සිහින් නඳින් මගේ දිහා බලා කියූ දේ තවත් නැහැ එන්නේ
ඔබේ ලඟ ඉද්දි සිතේ ඇතිවුන උනුසුම පමනි තවමත් ඇත්තේ
හුදෙක් මනුස්සත්වයට කතා කලත් එදා ඒ විදියට
මගේ සිත දනීද ඒ මනුස්සත්වයේ සීමා මායිම..
ටජ් මහල් හදන්නට මට ලෝන් ගන්නට බැරි මේ අස්තිර රස්සාව
දඩුමොනරේ තබා සයිකලයක් අරං පදින්නටවත් කෙලිලොල් නැති කම්මැලිකම
මොඩ් වී පොස් වෙන්නට තියෙන ආදිකල්පික අකමැත්ත
හෝ වෙනත් දේ හරහට ඉඳීවි මා ඔබට ආලය කරන්නට..
වැටිලා ඉන්නට හැමෝටම වලාකුල් කෑල්ලක් ලැබෙන..
කන්නට බොන්නට අවැසි විට කල්ප වෘක්ෂය අසල පෝලිමට සෙට් වෙන්න ඇහැකි
යන්නට වාහන නැතුව පාවී යන්නට හැකි දිවියෙ ලෝකක දි අවිවාහකව ඔබ මට හමුවේවා..
මට හැකිවේවි චාටු කතා වලින් මගේ වලාකුලට ඔබ ඇදලා ගන්න.. එවිට..
ඒත් මට බයයි..ෂක්‍රයා මාතලී හෙම සුවර් නැහැ.. උන්ට ගොඩක් පවර් ඇති..
සුන්දර හුරුබුහිටි ඔයා මගේ ලග ඉන්නකොට උන් ඇවිත් ගහලා අරං යයිද දන් නැහැ..
ඒවා දිවිය ලෝකෙ විස්තර තියෙන පොත්වල ලියවෙන එකක් නැහැ...
දිවිය ලෝකෙ අයිටී එන් එකේ පෙන්නාවි ලක්ෂන කුමරියක් කැමැත්තෙන් සක්‍රයාට ඇවිත් කියලා..
මට නෙතු ගැටනු පිණිස
ලඟ පාත්තියක පිපුන මල
අනුන් සතු වෙන තුරු
කවි ගොත ගොත වැලපෙන වා හැර
ප්‍රතික්ෂේපිත වන්නට දෝ හෝ
මනාපයක් දමා ඇවිත්
සිත තලාගන්නට
නොසිතේ.
Wednesday, February 27, 2013
අපිට පිස්සු ඕයි !!!
අන්න මනුස්ස ගෑනියෙක්...
ලොට තන් දෙක රෙදි අස්සෙන් වසාගෙන
දුවනවා හනිකට
මංගිහින් ගැලෙව්වා තදින්
ඇගේ ඇඳුම මහ පාර මැදදි...
මේ මොන විකාරයක්ද..කෝමද පොඩිඋං කිරි බොන්නෙ..
මගේ මනුස්ස සෙටිංග්ස්
හෝමෝ සේපියන්ස් සේපියන්ස් ලා
ආපු කාලෙටම ෆැක්ටරි රිසෙට් වෙලා
ඇඳුම්...අලුත් බඩු හැමදේම මට අලුත්..
අහෝ මා සේපියන්ස් සේපියන්ස් විත් පිස්සෙක් වූ සැටි.
ඇයි මේ මිනිස්සු රෙදි අඳින්නේ..
ඇයි මුං තමුංට කන්න බොන්න ඕනි දේවල් විතරක් නොකර
තව දාහාක් දේවල් වටකරගන්න හදන්නේ...
කෝ මගේ ගල්ගුහාව...
කෝ මගේ කෝමල ගෑනි...වහන් නැතුව ඇරං ඉන්න
කෝ මගේ ගල් ආයුධ කෑලි...ටික...
මෙන්න බොලේ මංකාපු අමුමස් වතුර දාල තම්බලත් එක්ක..
මුං මට දෙනවා කන්න...
මට පිස්සු වගේ ඕයි . .
වගේ නෙමේ ඕයි . .
හොදටම පිස්සු ඕයි !!!
මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද |
Sunday, February 10, 2013
laptop.lk සහ යුනිටි ප්ලාසා හි ටයිල් පාගපු මට වුන දේ..
යාලුවෙක් කොහොදෝ කියලා තිබුනා ලැප්ටප් එල් කේ \ laptop.lk\ එකේ පස්පාගන්න එපා කියලා..ඇත්තටම දැන් කඩ ගොඩක් දියුනුයි..ඉස්සර කෝපි කාලෙ කෝපි කඩවල වගේ ගොම මැටි ගාල පස් නැහැ..ඒවයි තියෙන්නෙ ටයිල්..ඉතිං මම හිතන්නෙ ලැප්ටප් එල් කේ එකේ ටයිල් පාගන්න එපා කියලා වෙනස් වෙන්න ඕනි ප්‍රස්ථා පිරුල..
මම ගත්තෙ ඒ එම් ඩී පොසෙසර එකක් තියෙන මේන්න මේ මැසිම..\hp pavilion 2005au\ ලැප්ටප් එකේ පිංතූර වීඩියෝ ආදිය සවුන්ඩ් ආදිය හෙම පස්ටෙට තියෙනවා..නමුත් රත්වෙන එකයි සද්දෙයි තමයි මට අවුලක් වුනේ..
පන්ඩිතයට A දන්ඩෙ යන්න බැහැ කියලා කතාවක් තියෙනවා...ඇයි එයාට ඒ දන්ඩෙ යන්න බැරිනම් බී \B\ දන්ඩක් ගන්න පුලුවන් නේ කියලා ඒ ලෙවල් මැත්ස් කරපු බුවෙක් කිව්වොත් බය වෙන්න දෙයක් නැහැ..මොකද සන්දි කල දඩු කියලා පාඩමක් තියෙනවා ඒ ලෙවල් මැතට.. කොහොම උනත් මාත් පන්ඩිත කමෙන් උපරිම ප්‍රෙයා්ජන අරගෙන අහවරක් වෙලා ලාබම තැනින් ලැප්ටොප් laptop එක ගන්න තීරණය කලා...ඉතිං කෝම හරි ලැප ගත්ත කියමු කෝ...ගත්තෙ 2012 නොවැම්බර් මාසෙ...දවසක..
අරගෙන ටික දවසක් ගියා..අපේ බෝඩිමෙ තව යාලුවන්ටත් ලැප්ටප් තියෙනවා..මගේ ලැප් ටොප් එකේ සද්දෙ අසාමාන්‍ය විදියට වැඩිවුනා\Noise and Heat\...ඒ වගේම රත්වීමත් වැඩියි...අනික් යාලුවන්ගේ අවුරුද්ද දෙක පස්ට ගහපු ලැප් එකට වඩා මගේ එක රත්වෙනවාත් වැඩි..සද්දෙත් වැඩියි..වීඩියෝ හෙම ප්ලේ වෙනකොට මාර සද්දෙ..හරියට කුරක්කන් මෝල වගේ...ෆෑන් සද්දයක් තමයි එන්නෙ..ඒත් ඒක එච්චර සුමට ගතියක් නැහැ..
මම ලැප්ටප් එල් කේ ලොකු කඩේට ඒ කිව්වෙ බම්බලපිටියෙ තියන තැනට ලැප ගෙනිච්චෙ 2012 දෙසැම්බර් 31 වෙනිදා...එදා ඉදලා පුරා මාසයකුත් දවස් නවයක් ඒ කිව්වෙ ඊයෙ නොහොත් 2013 පෙබරවාරි 9 වෙනිදා දක්වා ලැප් එක රෙපෑර් එකේ තිබුනෙ...ඒත් බෝඩිමට ගෙනැල්ලා බැලින්නම් කිසි වෙනසක් නැහැ සද්දෙ ටිකක් විතර අඩුයි වගේ.. සාපෙක්ෂව කලිං තිබුනාට වඩා අඩුයි..
අපි රෙපෑර් සෙන්ටර් ගියාට පස්සෙ ලැප්ටප් එල්කෛ් එකෙන් දෙනවා රිසිට් පත්‍රයක්..ඕකෙ ලොකුවට සීල් ගහලා තියෙනවා නම්බර 011-5299664-6-5 තමයි ඒ නම්බර් තුන...ඉතිං මංඒ දවස්වල කන්තෝරු ආ වෙලාවෙ ඉදලා ඉඩකඩ ලැබෙන හැටිය අර නම්බර් වලට කෝල් කරලා බලනවා අනේ මගේ ලැප අදවත් හදලද කියලා.මේ අය ඒවාට ආන්සර් කරන්නෙ නැහැ..කෝල් විස්සක් විතර ගත්තම ඔන්න යන්තම් ආන්සර කරනවා.. ඉතිං එක එක ජාතියෙ බොරු ඒ කස්ටිය මට කියනවා...
ලැප් එක එච් පී නිසා කලිං කිව්වා කම්පැනි දානවා කියලා... පස්සෙ ඉතිං ඒ බොරුවම දිගට ගෙනිච්චා..කම්පැනි දැම්මා ෆෑන් එක මාරුකලා..ෆෑන් එක මාරුකලාට ආයෙත් නොයිස්..ඔන්න අපි ප්‍රොෙසසරය මාරු කලා...ඔන්න ප්‍රොෙසසර් එකේ කෑල්ලක් තියෙනවා රට..අපි දැන් ඒක ගේන්න දාල තියෙන්නෙ..ලබන සතියෙ ලැප් එක හරි..කියලා ඒ කස්ටිය මට කිව්වා...ආචාරියා රවටාලා කැත්ත හදන්න බැහැ නෙව..ඉතිං ඕකෙ ඉන්න උන්ට රෙන්ට් එකට කුනුහබ්බ කියන එකෙක් දම්මලා කුනුහබ්බ කියවන්න ඇහැකි..ඒත් ඉතිං ඒකටවත් මුං පෝන් ආස්සර කරන්නෙ නැහැ නෙව..අන්සර් කලත් ඔය මාසෙකින් දෙකකින් ආයෙ කැඩෙන විදියට මුං හදලා දුන්නොත් කාරිය ..මං ඉවරයි නේ..
ඒ නිසා මම වැඩිය ගහගන්න යන්නෙ නැතුව උන් කියන බොරුවට හුම් කියාගෙන හිටියා..
මං සෙනසුරාදා දවස් තුනක් ලැප්ටප් එල් කේ බම්බා බ්‍රාන්ච් එකට බඩගෑවා..ඒමොකද උන් පෝන් එක ආන්සර නොකර හිටපු නිසා...ඒ ගියාම කියන්නෙත් අර අහම්බෙන් පෝන් එක ආන්සර් කරපු දවසට කියන බොරුවම තමයි..සර්ගෙ ලැප් එකේ ෆෑන් එක, පොසෙසරය, පොසෙසරයෙ කෑල්ලක් යන තුනෙන් එකක් දෝස සහිතය..ඒ කෑල්ල රටින් ගේන්න ඕනිය...ඒවා එන්නෙ සතියට එක සිප්මන්ට් එක ගානෙය..ලබන සතියෙ බදාදට කෝල්කරලා බලන්නය කියලා තමයි..
මට කන්තෝරුවෙ පරණ පරිඝනකයක් තියෙනවා..බෝඩිමෙ යාලුවන්ටත් ලැප් තියෙනවා..ඒ නිසාමට ලැප නැති එක දැනුනෙ නැහැ...ඒත් ලැප්ටප් එක කියන්නෙ මං අමාරුවෙන් සල්ලි යොදවලා ගතපු බඩුවක්..ඉතිං මට ලැප්ටප් එකෙට වියදං කල සල්ලි වැඩිපුර තිබ්බ ඒවා නෙමෙයි..ඒ නිසා ඒ රුපිය්ල් හැටදාහ ගැන මට අහෝ මුදල් කියලා දැන් හිතෙනවා..මාසයයි දවස් නවයක් ලැප්ටප් එක රෙපෑර් කරන්න එයාල තියාගත්තා..මම හිතන්නෙ ඒ ලැප්ටප් එක ඩිසයින් කරන්නවත් ඔච්චර කාලයක් යන්න නැතුව ඇති..
මෙ ්තියෙන්නෙ මම ලැප් එක ගතපු තැන http://laptop.lk/
අයි ටී ගැලක්සි කියන්නෙත් ලැප්ටප් එල්කේ අයගෙම තැනක් තමයි...
තව ඉතිං ටෙක්නොසිටි කියන්නෙත් ලැප් එල් කේ එකේම තැනක්..
ඒ වගේමයි මං මීට කලිං සීඩි රොම්..හාඩ් ඩිස්ක් පෝටබල් හාඩ් වගේ බඩු යුනිටි ප්ලාසා එකෙන් මිලදී අරගෙන දෝස ඇතිවෙලා වාත වෙලා තියෙනවා කිහිප වතාවක්... ඒ අය බඩුවක් රෙපයාර් කරලා දෙන්න වොරන්ටි එක ඇතුලෙදි මාසයක් විතර ගන්නවා..ඒ වගේම රි ප්ලේස් කරන උපාංග ඒ තරම් කොලටියක් තියෙන ඒවත් නෙමෙයි..
ටෙක් කතා \tech katha\කරන කාලිංග අයියලා අනන්තවත් කියනවා ඔය තැනින් ලැප් ගන්න එපාය..යුනිටියෙන් \unity plaza\ ගන්න එපාය කියලා..ඒත් ඉතිං ලාබෙම බලන අපි මොන කෙංගෙඩිය ගන්න ගියත් ඔතන්ටමයි යන්නෙ..නමුත් අනුන්ගේ බඩු අරගෙන වාත වෙනවාට වඩා තමුංගේම බඩු ජාති අරගෙන වාත වෙනකොට දැනෙනවා වැඩියි..මම තවත්නං කූලිං ෆෑන් එකක් වගේ එකක්වත් ඕකුන්ගෙන් ගන්නෙ නැහැ..පීසී හවුස්.\pc house-pc partner-unity systems-sri computer\. ටෙක් සෝන් \tech zone\ සහ බාක්ලේස්..\barclays\
.. ඔය හැම එකම ගන්නකොට හරි සනීපයි...ඒත් පොඩ්ඩක් ඩැමේජ් එකක් වොරන්ටි ක්ලේම් එකක් ආවම තමයි සනිපෙ තුන් මුනින් යන්නෙ..
බඩු ගන්න වෙලාවට තියෙන තැන නෙමෙය ිවොරන්ටි වලට ක්ලේම ්කලාම තියෙන්නෙ...ගන්න කොට දෙයියොන්ට වගේ සැලකුවාට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම ලෑල්ලෙ තියෙන කුනු මස් කෑල්ලක් සයිස් එකට අපිව දාන්නෙ..
මම විසින්ම මීට කලින් පෝස්ට් එකක් දාල ඇති..අනේ යුනිටිය හිතන තරම් කලු නැතිය..බඩු හරි ලාබය...ලාබෙට ලැබෙනවා නම් ටිකක් වොරන්ටි නැතිවුනාට කමක් නැහැය කියලා...ඒත් ලැපක් කිරි කිරියෙ අලුතින් ගතපු එකෙක්ට මාසයක් වත් යූස් වෙන්නෙ නැතුව පෝල්ට් එකක් ඇවිත්..ඒක ගොඩදාගන්න ගියාම මාසයයි දවස් නමයක් ගතවෙනකොට...ඒ අසිරිය ගැන කවර කතාද?

Tuesday, February 5, 2013
අන්දරේ කතාවක්.(a story of andare)
ඉතිං
යාලුවනේ අපි අද අන්දරේගේ
කතාවක් අහමු..
අන්දරේ
කියන්නෙ රජවාසලේ හිටපු රජතුමාගේ
ජේෂ්ඨ උපදේශකයෙක්..රජතුමා
ඉස්සරහ වුනත් ඕනවට වඩා නැමීගෙන
හිටපු, කියන හැම එකටම හුම්
කියපු එහෙයියෙක් නෙමෙයි අන්දරේ
කියන්නෙ..අන්දරේ
කියන්නෙ ඉතාලි භාෂාවෙන් යනවා
කියන එකලු.
අන්දරේ
ඉපදිලා තියෙන්නෙ දකුනු පලාතේ
මාතර පැත්තෙ දික්වැල්ල බෙලිඅත්ත
පැත්තෙ.
ඒත් පසු
කාලීනව අන්දරේ මහනුවර මහ වාසල
දක්වා ගිහින් තියෙනවා.
අන්දරේ
මහ ාෙලාකු පොත්පත් උගතකු
නෙමෙයි.
ඉගනගන්න
එහෙමට උනන්දුවක් දක්වලත්
නැහැ.
නමුත්
ශූර බුද්ධියක් තිබුන තැනැත්තෙක්
කියාල ජනප්‍රවාද වල සඳහන්
වෙනවා..
අවාසනාවට
අන්දරේ කවටයා වෙලා හැමෝම
අන්දරේ දැක්කම හිනාව ලෝඩ්
කරගන්නවා.
නමුත්ඒ
විහිලු ටික විතරක් මිනිස්සුන්ට
මතක තියලා අනික් ටික අමතක වෙලා
ඇති කියලා මට හිතෙනවා.
හම්බන්තොට
පැත්තෙ තිස්ස පාරෙ තියෙනවා
උඩමලල කියලා ගමක් ආන්න ඒ හරියෙ
තියෙනවා අන්දරේ ගෙ පිළිමයක්.
ඒ හරියෙදි
අන්දරේ මියගියා කියලා තමයි
මිනිස්සු විශ්වාස කරන්නෙ.
අන්දරේ
රජවාසලේ ඉන්න කාලෙ රජතුමයි
මහ ඇමතිවරු කන්ඩායමයි සංචාරයක්
දාන්න සූජානම් වුනාලු.
අද වගේම
තමයි කස්ටිය කඳු කර පලාතට
ආසයි.
ඉතිං ඒ
පැත්තෙ කඳු පලාත බලාන්ට රජතුමා
ඇතුලු රාජසභාවෙ අධිකාරම් වරු
සංචාරය කරන අතර එක් කඳු පෙලක්
පේන තැනක රජතුමා නැවතුනා.
ඔය
අතර එක අධිකාරම් තුමෙක් අන්න
අර කන්ද හෙලවෙනවා වගේ නොවද?
කියලා ඈත
පේන කන්දක් පෙන්නලා ඇහුවා..
ඒ
අතර එ් පැත්ත බලපු අනෙක්
අදිකාරම් වරු..හ්ම්
හ්ම්...අපේ
මහරජතුමාට නමස්කාර කරන්නා
වාගේ ඒ කන්ද මඳක් සෙලවනවා වගේ
පේනවා තමා..
කියලා
කිව්වා.
ඒ
අතර අන්දරේ කිසිම හැලහොල්මනක්
නැතුව ඉන්නවා පේනවා.
ඉතිං එක
අධිකාරම් තුමෙක් අන්දරේගෙනුත්
ඇහුවා අන්දරේ මොකද අයිනක්
ගහලා.
ඔබටත්
පේනවා නේද අර කන්ද අේප මහ
රජතුමාට නමස්කාර කරන්නා වගේ
සෙලවෙන ආකාරය?
අන්දරේ
ටිකක් කල්පනා කරන්න පටන්
ගත්තා.
දැන්
මහරජතුමාත් බලාගෙන ඉන්නවා
අන්දරේගෙන් උත්තරේ එනකල්..
මටනං
කන්ද නිෙසාල්මනේ කල්පනා කරනවා
වගේ තමයි පේන්නෙ කියලා..අන්දරේ
කිව්වා..
“හැබෑට
අන්දරේ මොනවාද කන්ද කල්පනා
කරනවා ඇත්ෙත ?
“ මහරජතුමා
අන්දරේ අපහසුතාවයට පත්කරන්න
හිතාගෙන එහෙම ඇහුවා..
වැඩිමනක්
දෙයක් හිතන්නෙ නැහැ දේවයන්
වහන්ස..මේ
තරම් ලස්සනට පේන කන්දෙ හෙල්ලෙනවා
කියලා වටේ ඉදන් ඔබ වහන්සේව
අන්දන්න හදන අධිකාරම් වරු
ගැන කන්ද කල්පනා කරනවා ඇති
දේවයන් වහන්ස කියලා අන්දරේ
උත්තර දුන්නාලු..
හරකුන්ට කන්න ඉස්සර තණකොළ වගා කලාලු..ඉතිං නිකම්ම වාසලට වෙලා කකා බිබී ඉන්න අන්දරේව වරක් තණ මැනගෙන එන්න කියලා රජතුමා විසින් පිටත් කරලා තිබෙනවා.. තණ මනින්න කියලා වාසලෙන් කික්මච්චි අන්දරේ ගෑනු අය ගාවට ගිහින් කියලා තියෙන්නෙ අන්න මහරජතුමාට බොලාගේ සයිස් බලන්න ඕනි වෙලා...දැන් ඔක්කොම මට මැනලා දිපල්ල තණ වල සැයිස් එක.. තරුණ ගැටිස්සියන්ට ඕක බලාගන්ට අමාරුනං උංව මෙහට එක්ක වරෙල්ල මංවත් බලල දෙන්න.. ඉතිං කතාවෙ විදියට ඉරටු කෑලිවලිං හෙම තන්වල විශ්කම්භය බලලා දුන්නා කියලයි තියෙන්නෙ.. මේ යට පිංතූරෙන් දැක්වෙන්නෙ ඒ විදියට තණ මැනගන්න උත්සාහ කරන ගෑනු කෙනෙක්...පවු නේද? අන්දරෙත් කොරන වැඩ...
![]() |
| අන්දරේගේ නියමයෙන් තණ මනිනන්ට සදන කාන්තාවක්.. |
ඉතිං අපි තවත් කතාවක් බලමු. මේ සිද්දිය වුනේ අන්දරේ මහවාසලේ සේවයට ගිය කාලෙදිමයි. ඔන්න එකමත් එක අන්දරේ දන්න කියන ගමක පවුලක් බොහොම සාමයෙන් හිටියා. නමුත් ඒ ගෙදර පියානෝ හිටිවනම අසනීප වුනා. ගෙදර හිටපු පුතා බොහොම මහන්සියක් ගත්තා පියාව ගොඩදාගන්න. ඉතිං එක අවස්ථාවක මොකුත්ම කන්න බොන්න බැරිව බොහොම අසරන විලාසෙන් හිටපු තාත්තගෙන් අර ආදරබර පුතා තාත්තා ළඟට ගිහින්..
“තාත්තෙ
ඔබට කන්ට පිලිවන් එකම කෑමවක්වත්
අපිට කියන්න තාත්තෙ?”
මෙහෙම
අහපු පුතාට තාත්තා කිව්වා
කැවුමක් දෙකක් නං කන්න ආසාවක්
තියෙනවා කියලා.
මේක
අහපු පුතා ඉක්මන්ට පුතාගෙ
ගෙදර ගියා.
ගිහින්
ඇඹේනියට මේ වගක් කියලා හදිස්සියේම
කැවුම් උයන්නය කියලා කිව්වා..
ක්ෂණික
නූඩ්ල්ස් හදනවා වගේ විනාඩි
දෙකෙන් හදන්න පුලුවන් කෑමක්යැ
කැවුම් කියන්නෙ?
ඉතිං බොහොම
වෙලාවක් යනවා නෙව කැවුමක්
හදාගන්න.
ඒ විදියට
පැයක් දෙකක් ගිහින් අර ඇඹේනිය
බොහොම මහන්සියෙන් හදාපු කැවුම්
මල්ලත් අරගෙන පුතා යනවා පියා
බැහැදකින්න.
අයියෝ
!
! !
පුතාගෙ
අවාසනාවක මහත.
ඒ පියා
මියපරලොව ගිහිල්ලා තිබුනා
පුතා කැවුම් අරං යනකොට.
එතකොට
පුතා හිතුවා අනේ මේ අපේ තාත්තා
කැවුම් කන්න අාසාවෙන් මිය
පරලොව ගියා නොවෙද කියලා..
මේ
සෝක බර අවස්ථාව ගමේ පංසලේ
හාමුදුරුවන්ට කියන්න පුතා
අමතක කලේ නැහැ.
ඒවගේම
තාත්තා මියගියේ කැවුම් ගැන
ආසාවෙන් වෙන්න ඇතිය කියලාත්
පුතා හාමුදුරුවන්ට කිව්වා.
මේක අහගෙන
හිටපු පංසලේ හාමුදුරුවො ආ
එහෙනම් පිංවත් පුරුෂය..
රත්‍රන්
වලින් කැවුම් කිහිපයක් තනවා
විහාරයට පූජා කරන්න..
එවිට පියාට
ඒ මහාත්ඵල මහානිසංස පින
හේතුවාසනා වෙලා සිටිනා නරක
තැනක් වෙයි නම් තිබුනා වූ
ආසාවක් වෙයි නම් ඒසියල්ල
නැතිවෙලා සෝබමාන එලොව දිවියක්
පියාට ලැබේවි කියලා ස්වාමින්
වහන්සේ දේශනා කලා..
ඉතිං අර
පුතා රත්තරනින් කැවුම් තනවාලා
බොහෝ මිල මුදල් වියදම් වුවත්
ඒ සිය පියාටම නොවෙද?
යන උදාර
චේතනාවෙන් විහාරයට රන් කැවුම්
පූජා කලා..
මේ
ගැන අන්දරේගේ අදහස නම් වුනේ
මේ සංඝයා වහන්සේ විසින් වස්තු
තන්හාවෙන් රන් වලට ඇති ආසාවෙන්
කරගන්නා ලද පිංකමක් කියලා
තමයි.
ඉතිං
අන්දරේත් ලේසි පාසු මනුස්සයා
නෙමෙයි..කවටයා
වුනාට නිකං කෙසෙල් ලෙල්ලලට
කකුල ලෙස්සල පුක බිම ඇනගෙන
පුක අතගගා දුවලා අනික් වුන්ට
හිනාවෙන්න කියන ජාතියෙ පීචං
ඩයල් එකක් නෙමෙයි අන්ද්රේ
කියන්නෙ.
ඉතිං
අන්දරේටත් දැන් ශ්‍රද්ධාව
බොහොම දැඩි වුනා.
අර රන්
කැවුම් වලින් දානය පිලිගන්වා
ගතපු උන්නාන්සෙලාටම දානයක්
දෙන්න අපේ අන්දරේටත් උවමනා
වුනා..
අන්දරේගෙත්
පියානන් වහන්සේ මියපරලොව
ගිහින් ඒ වෙනුවෙන් තිබෙන
පිංකමට අන්දරේ අර රන් කැවුම්
සම්බන්ධ ස්වාමින් වහන්සේට
ආරාධනා කලා..
නිවැරදි
දවස වෙලා නියම වූ පරිද්දෙන්ම
උදා වුනා.
දැන්
ස්වාමින් වහන්සේලා දනට වඩිනවා.
වැඩලා
බොහොම සංසුන්ව අසුන්ගත වුනා.
ඔය අතර
දානයක කිසිම සෛය්‍යාවක් වත්
පෙනෙන්න නැහැ.
සංඝයා
වහන්සේලාට එන්න කිව්වාට මොකද
කුස්සිය පැත්තෙ මහ ලොකු ගිනිගොඩක
සද්දය සහ දුමාරය ඇරුනාම වෙන
මොකවත්ම ලෑස්ති නැහැ වගේ..
දානෙ
ගෙවල්වල කවුදැ ගිනිගොඩවල්
ගහන්නෙ..අන්දරේට
වැරදිලාවත්ද කියලා ස්වාමින්
වහන්සේ නමක් අන්දරේට කතා
කරලා..
මොකද
අන්දරේ අද දන අමතක වුනාවත්ද?
කියල
ඇහුවා..
ඒකට
පිලිතුරු දෙන අන්දරේ...
තව
ටිකක් රත්වුනොත් හොඳයි
ස්වාමිනි..කියලා
කිව්වා..
හෑ
මොකද්ද අන්දරේ රත්වෙන්න
තියෙන්නෙ...?හාමුදුරුවො
ඇහුවා.
අපේ
තාත්ත මියයන්ට පෙරාතුව මට
කිව්වා රක්ත වර්ණ වෙනකල්ම
රත්වෙච්චි යකඩ කූරුවලින් පිට
පුලුස්සාගන්න තියෙනවානම්
ංෙහාඳයි කියලා..
අනේ මට ඒ
වැඩේ කරගන්න උනේ නැහැ..අපේ
පියානෝ හදිස්සියෙම මියපරලොව
ගියා නොවැ..
ඒ නිසා
මං ඒ පියානන්ට සලකන්ට බැරිවුන
සැලකීම අපේ උන්නාන්සෙලාට
සලකලා පිං පමුනුවන්න කියලයි
හැදුවෙ..දැන්
නම් රත් වෙලා ඇතුව ඇති ගානට..මං
අරං එනන්ම්ෙකා් යකඩ කූරු ටික
කියලා අන්දරේ කුස්සියෙ ගිනිගොඩ
පැත්තට බඩගෑවා...
මේ
අවසරයෙන් කලබල වෙච්චි දනට
වැඩපු සංඝයා වහන්සේලා ටික වහ
වහාම අන්දරේ ගේ නිවසින් නික්මිලා
ගියා.
ගිහින්
කෙලින්ම මහ රජතුමාව හමුවෙලා
අන්දරේ සංඝයා වහන්සේට කරන්නට
ගිය අකටයුුතු කම ගැන
දැන්නුවා..රජතුමාත්
සංඝයා වහන්සේට මෙතරම් නොමනා
ක්‍රියාවක් කරන්නට හැදූ
අන්දරේව වහා කැඳෙව්වා..
එතනට
ආපු අන්දරේ තමුංගේ පියාගේ
දොලදුක අනුව දානය ලබාදෙන්ට
කටයුුත කල බව පැවසුවා.
ඉන් පසු
වැඩිදුර කතාවෙදි අර රන් කැවුම්
කතාවත් රජතුමාට සැල කලා..
එතනදි මඳ
සිනා පහල කල රජතුමා සංඝයා
විසින් පිළිගත් රන් කැවුම්
යලිත් අර පෙර පුරුෂයාටම ලබා
දෙන ලෙසත්..මින්
මනතට සංඝයා විසින් මිනිසුන්ගෙන්
එවැනි විශේෂ දාන මාන ඉල්ලීම
වැරදි බවටත් සිය තීන්දුව
නිකුත් කලා..
ඉතිං
අන්ධ භක්තියෙන් සිය සේසත
වියදම් කරලා පුද්ගලික දානයක්
වශයෙන් දුන්නු රන් කැවුම්
අන්දරේගේ විචක්ෂණ නුවන නිසා
ආයිත් ඒ පුද්ගලයාටම ලැබුනා..
අන්දරේ
ගැන කතාන්දර ගොඩායි...එක
එක පොත්වල එක එක කතාන්දර..ඒ
වගේම අන්දරේ සම්බන්ධ නරක
කුනුහරු කතාන්දරත් තියෙනවා.
අන්දරේ
මොනවා වුනත් දක්ෂ
කවියෙක්..සාහිත්‍යකාරයෙක්..
මිනිස්සුන්ට
තේරෙන බාසාවෙන් කවි කියපු
කෙනෙක්.
සමහර විට
ඒ කාලෙ ප්‍රබුද්ධ කවියො අන්දරේගේ
කවි සික් මේ රජවාසලට වෙලා නිකං
කකා බිබී මනුස්සයො හිනස්සවන
අන්දරයාගේ තුට්ටු දෙකේ කවි
කවුද ගනන් ගන්නේ කියලා පිලිකුල්
කරන්නත් ඇති..
Subscribe to:
Comments (Atom)