Monday, January 7, 2013

වායුසමනයේ සුවදායකබව.(air conditioning comfortably)

වායුසමන(Air Conditioning) යන්ත්‍රයෙන් කරන්නේ කුමක්ද?

      වායුසමන යන්ත්‍රය මගින් කරන්නේ සීතල කිරීම(cooling) කියලා බොහොේ දෙනා සිතා සිටිනවාය. නමුත් ශීත රටවල වායුසමන යන්ත්‍ර මගින් සීත කාලයේදී උනුසුම් කිරීමේ කටයුත්තද කරනු ලබයි.. අවට වාතයේ තත්වය කෘතිමව පාලනය කිරීම වායුසමන යන්ත්‍රය මගින් සිදුකරනු ලබයි. ඒ යටතේ
  • ජලවාශ්ප ප්‍රමාණය පාලනය.(humidity control)
  • වායු සංයුතිය පාලනය.
  • දූවිලි තත්වය පාලනය.(control of dust level)
  • වායුමය අපද්‍රව්‍ය පාලනය. ආදිය 
සිදු වෙයි. නියමාකාර වායුසමනය යනු සීතල කිරීම හෝ උනුසුම් කිරීම නොවේ..අවට වායුවේ තත්වය අවැසි ආකාරයට පාලනය කිරීම වායුසමනය ලෙස හඳුන්වනු ලැබෙයි..

වායුසමන යන්ත්‍ර වර්ග. (Types of Air Conditioners)
ඇතුලත පිහිටා ඇති කොටසක් සහ එලියේ පිහිටා ඇති කොටසක් වශයෙන් ඇති කොටස් දෙකකින් යුතු වායුසමන යන්ත්‍ර ජාතිය ලංකාවේ ජනප්‍රිය ජාතියකි. ඒ ජාතිය ස්ප්ලිට් ටයිප්(Split type air conditioner) වායුසමන යන්ත්‍ර ලෙස හඳුන්වනු ලැබෙයි. ඊට අමතරව එක් කොටසකින් සමන්විත ජනේල ටයිප්(window type) වායුසමන යන්ත්‍ර මීට කලකට පෙර භාවිත වුනි. විශාල ගොඩනැගිලි විශාල පද්ධති සඳහා භාවිත වන්නේ මධ්‍ය වායුසමන පද්ධති(Central air conditioning system) වෙයි. එවන් පද්ධති වලින් අපට අවශ්‍ය තත්වයනට අනුකුලවට වාතයේ තත්වය පාලනය කල හැක. 
split type air conditioner
window type air conditioner
ජලවාශ්ප පාලනයේ වැදගත්කම

වාතයේ ඇති ජලවාශ්ප මගින් අපේ පරිසරයේ ඇති තාපය උරාගන්නවා. ඒ වගේම විශාල ප්‍රමාණයේ අණු මගිනුත් තාපය අවශෝෂණය කරගන්නවා. ඒ නිසා ජලවාශ්ප ප්‍රමාණය නියත අගයක තබාගැනීම සීතල පවත්වාගන යන්න උපකාරි වෙනවා. ඊට අමතරව මනුෂ්‍යයින් වසන කන්තෝරුවක වගේනම් මනුෂ්‍ය ශරීරයට ගැලපෙන මට්ටමක ජලවාශ්ප ප්‍රමාණය තබාගන්න වෙනවා. යම් වායුසමන පද්ධතින් නිර්මාණය කරන්නේ කාර්මික අවශ්‍යතාවයන්(Industrial AC) සඳහා.. උදාහරණ ලෙස අඩු ජලවාශ්ප ප්‍රමාණයක් තියෙනකොට පොත් පත් රෙදිපිලි ආදිය ඉක්මනින්ම දිරාපත් වෙනවා.. ඒ නිසා පුස්තකාල නිමි ඇඳුම් කර්මාන්තශාලා ආදියට ජලවාශ්ප ප්‍රමාණය වැඩි වන පරිදි වායුසමන පද්ධති නිර්මාණය කරනු ලබනවා..

දූවිලි පෙරීම..

වායුසමන පද්ධතියක බොහෝ වෙලාවට කරන්නේ ඇතුලත වාතය නැවත වායුසමන ක්‍රියාවලියකට සම්බන්ධ කොට නැවත මුදාහැරීම. ඒ අවස්ථාවලදි තෝරාගත් අවකාශයක පවතින දූවිලි අංශු ආදිය නැවත නැවත කැරකීමක් සිද්ද වෙන්න පුලුවනි. ඒ දෝශය මග හරවාගන්න දූවිලි පෙරීමේ පෙරහන් කඩ වායුසමන යන්ත්‍රවල වායු නිකුතුවල තිබෙනවා. ඒ වායුවල දූවිලි පෙරීමේ පෙරහන් කඩ මගින් දූවිලි සහ කුඩා අංශු පෙරා හැර වාතය තුල ඇති දූලි අංශු ප්‍රමාණය අඩුකරන්නට ක්‍රියා කරනවා.. මේ දූවිලි පෙරණ නිසිකාලයේදී පිරිසිදු කරතැබීම වැදගත්. නැතිනම් මේ දූවිලි බොහෝ තට්ටු ගනනක් එකතු වීම නිසා වායු සංසරණයට බාධා ඇතිවෙලා නිසියාකාරයෙන් වායුසමන යන්ත්‍රය ක්‍රියා නොකරන්නට එය හේතු වේවි.. 

නැවුම් වාතය එකතු වීම.. (Fresh air Intake)

මධ්‍යගත වායුසමන පද්ධති(Central AC) හෙවත් විශාල ගොඩනැගිලි සහ අවකාශ විශාල පද්ධති මගින් හසුරුවා තිබෙන බොහෝ අවස්ථාවල එම ස්ථානවලට නැවුම් වාතය හෙවත් බාහිර වාතයද එකතුවන්නට අවස්ථා සලසා තිබෙනවා. එසේ කර ඇත්ෙත් දිගින් දිගටම එකම වායු ප්‍රමාණයක් කාමර සහ අවකාශ තුල කැරකීම එතරම් මනුෂ්‍ය ශරීර සෞඛ්‍යයට නොගැලපෙන නිසා. ඒත් අපි එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ භාවිත කරන ස්පිලිට් ටයිප් කාමර වායුසමන පද්ධති වල නව වාතය කාමරයට ඇතුලුවන්නට තිබෙන්නේ එක් විවරයක් දෙකක් පමණයි.. ඒ දොර ජනෙල් පමණයි.. දොර හරහා නව වාතය එකතු වුනත් දොර විවෘත වන්නේද නව වාතය තිබෙන තැනෙකට නොවේ නම් එහි තත්වය සෝ ජනක වෙනවා.. දිගින් දිගටම නව වායු එකතු නොවන වායුසමන පද්ධතියක් යට වැඩ කිරීම නම් සෞඛ්‍යමය අතින් එතරම් හිතකර වන්නේ නැහැ.. 

ලංකාවේ බොහෝ දෙනා මේ නැවුම් වාතය වායුසමන කරන ලද කාමර වලට ගැන්ම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.. නමුත් දිගින් දිගටම එකම වාතය කැරකීම තුල ඒ වාතයේ ඔක්සිජන් සංයුතිය අඩු වී වෙනත් වායු වැඩි වීම. රෝගාබාධ පැතිරීමේ අවධානම පැවතීම නිසා මනුෂ්‍යයින්ට මානසික අවුල් සහගත තත්වයක් ඇතිවෙන්නත් තනිකර වැසුන වායුසමන වෙච්ච කාමර හේතුවන්න පුලුවන්.. 

  ඒ සී එක අවුල් වීම සුලු ගැටලුවක්ද? 

බොහෝ ලංකාවේ ආයතන වල වායුසමන යන්ත්‍ර තියෙන්නෙ නිකං නම්බුකාර සේවාවක් විදියට..ඒක ගෞරවනීය බව පෙන්වන තවත් එක් දෙයක් සමහර ආයතන වලට..කොටින්ම මටත් සමහරු බැනලා තියෙනවා ඒසී කාමරවල ඉදගෙන බ්ලොග් ලියන තරම් අනික් වැඩ සනීප නැහැ කියලා.. නමුත් සැබැවින්ම වායුසමන පරිසරයක් කියන්නෙ මිනිස්සුන්ට වැඩකරන්න පහසු තැනක් වෙන්න ඕනි.. දිගින් දිගටම නඩත්තු නොකිරීම, වායුසමන යන්ත්‍රයේ ක්ෂමතාවය ප්‍රමාණවත් නොවීම හෝ වෙන කිසියම් සුවදායී නොවන වටපිටාවක් වායුසමන යන්ත්‍රය යට ඉන්නකොට සේවකයින්ට දැනෙනවා වාගේ නම් සේවකයින්ට ඒගැන පරීක්ෂා කරන්න කියලා ඉල්ලන්න පැහැදිලි අයිතිවාසිකමක් තියෙනවා. සේවකයින්ගේ සුබසාදන විදියට කන්න බොන්න තේවතුර වගේ දේවල් හොදින් දෙනවා වගේම සේවකයා වැඩකරන පරිසරයේ වාතාශ්‍රය ගැනත් පැහැදිලි වගකීමක් ආයතනික ප්‍රධානියා සතු වෙනවා. දිගින් දිගටම "අනේ මගේ මොෙකා් මට විතරය උස්ම ගන් අමාරු" කියලා කර ඇරලා දවසට පැය අටක් දහයක් කාර්යාලයේ සුවපහසු නොවන වායු තත්වයක් යටතේ ඉන්න එක සේවකයාගේ පුද්ගලික ජීවිතයට පවා බලපාන්න හේතු වෙන්න පුලුවනි. ඒ නිසා ඒ වගේ ගැටලු ආවම නිකංම ඉන්නෙ නැතුව ඒවා ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. මොකද සමහර සුලු පරිසර වෙනස් වීම් කාලයක් තිබුනාම දරුනු ස්වසනාබාධ සමේ රෝගාදියට ඒවා හේතුවෙන්න පුලුවන් නිසා.. 
   
ඒ සී එක හැමවෙලේම හොඳයිද? 

වායුසමන පද්ධති වල ඉන්නකොට මනුෂ්‍යයින්ගේ සම සුදු වෙන ප්‍රවනතාවයක් තියෙනවා. ඒ වගේම පැහැපත් වෙලා ලස්සන වෙනවා. ඒත් වායුසමන පද්ධති වල දිගටම ඉන්න එක ඒ තරම්ම හොද පුරුද්දක් නෙමෙයි. අපි මනුස්සයො විදියට වසර දාස් ගානක් තිස්සෙ නිවර්ථන පරිසරයේ ඉන්න ඇති. ඉතිං අපේ සරීර කූඩුවෙ නොයෙක් පද්ධතිවල ක්‍රියාකාරිත්වය වඩාත්ම උචිත වෙනවා ඇත්තෙ නිවර්ථන පරිසරයට. අපි ඊට වඩා වෙනස් පරිසර තත්ව යටතේ ජීවත්ෙ වන්න උත්සාහ කරනවා කියන්නෙ ඒක ශරීරයට සුවල්ප හෝ වෙහෙසක් ඇතිකරන දෙයක්. මේක මම නිකං කටට එනවාට කියනෙ දෙයක් නෙමෙයි. ලෝකෙ විද්‍යාඥ ගොල්ල හොයාගෙන තියෙනවා ලෝකයේ මිනිස්සු තමුං ජීවත්වන කලාප වෙනස් කලාම ඒ අයගේ නියම කාර්යක්ෂම තාවය ආදිය අඩුවෙනවා කියලා.. 

අපිට අද තියෙන තත්ව අනුව වායුසමන පද්ධති පාවිච්චි කරන්න වෙනවා. නමුත් වායුසමන පද්ධති කියන්නෙ සාමාන්‍ය අපේ ගම් වල තිබුන නැවුම් වාතය තරම් හොද දෙයක් නම් නෙමෙයි.. ඒක මොන ප්‍රතිකාරය දාල දුන්නත් කෘතීම පරිසරයක්..වායුසමනය කියන්නෙත් එක්තරා විදියක විශයක්.. ඒ පිළිබඳවත් යම් යම් නිර්ණායක තියෙනවා.. 

ඉතිං අපි හුස්ම ගන්න වාතය කෘතිම ලෙස සැකසීම ලෙහෙසි දෙයක් නම් නෙමෙයි.. ඒ ගැන ටිකක් වැඩිපුර හොයලා බලලා අවධානෙන් ඉන්න පුරුදු වෙන එක  අපි හැමෝගෙම ජීවිතයට වැදගත් වෙයි..  

18 comments:

  1. වැදගත් වගේම අපූරු ලිපියක්...

    ReplyDelete
  2. සරාත් ඔය ගැන ලිව්වා මේ පෝස්ට් එක.

    http://saragelokaya.blogspot.com/2012/11/blog-post_18.html

    අමිල, ඔය ස්ප්ලිට් ටයිප් එකටත් නැවුම් වාතය විටින් විට ඇතුලට ගන්න පුලුවන් විදියට හදපු උනිට් නැත්ද, එකම වායුව recycle නොකර? ඕක ඔක්සිජන් මට්ටමටත් බලපානවනෙ.
    අනික නිදන කාමරයක හයි කරපු එකකින් දොර ඇරලාවත් අලුතෙන් හුලඟක් ඒමක් නෑනෙ උදේ වෙනකල්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. රාත්‍රී කාලයේ නිදන කාමරයක වගේ නම් යාන්තමට ජනේලයක් අැරලා තියන්න පුලුවනි.. ඊට අමතරව නැවුම් වාත කවුලු තියන්න නම් ටිකක් අමාරුයි.. ඒත් සමහර ස්ප්ලිට් වායුසමන යන්ත්‍ර වල නැවුම් වාත කවුලුවක් තිබෙනවා... ඊට අමතරව වැඩි වතුර පිටවන්නට තිබෙන බටෙනුත් සුලු ප්‍රමාණයෙන් නැවුම් වාතය එන්න පුලුවනි..

      Delete
  3. අර හම සුදු වෙනවයි කියන එක නම් බොරු වෙන්ඩැති අමිලයො..එහෙනම් ඉතින් මන්..මට නම් ඒසී කියන්නෙ එච්චර දිරවන්නෙම නැති දෙයක් තමයි..සැරින් සැරේට කොරිඩෝවට හරි ගිහින් විනාඩි 5ක් 6ක් ඉඳලා එනවා ..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ සුදු වෙන කතාව නම් බොරු :D

      Delete
    2. සුදුම වෙන්නෙ නැතුව ඇති ටිකක් පැහැපත් වො ෆෙයා ලුක ්එකක් එනවා ඇති..

      Delete
  4. අපෝ මාස හයක් ඒ සී කලේ වහ කදුරු වගේ
    ඒසී නම් සැපයි ඉගෙන ගන්න ගියාම තමා දාඩිය දාන්නේ

    ReplyDelete
    Replies
    1. සයිකොමැට්‍රික් වගේ ඒවා අධ්‍යයනය කරන්න ගියාම ටිකක් අමාරුයි තමයි..ඒත් සාපේක්ෂව ලේසි විශය කොටසක්...

      Delete
  5. හොද ලිපියක්

    ReplyDelete
  6. සෑම වායුසමන යන්ත්‍රයකින්ම උණුසුම් කිරීම සිද්ධවෙන්නෙ නෑ. ඒකට Inverter වර්ගයේ එකක් අවශ්‍යයි.

    //ඒ සී එක හැමවෙලේම හොඳයිද?//

    මේ කොටස යටතේ තියන දේවල් කියනකොට ඒවා සනාත කරන්න සබැඳි (links) ඉදිරිපත් කරන්න පුළුවන්නම් වඩා හොඳයි.

    වායු සමනයෙන් ඇති කරන පරිසරය නරක විදිහට බලපාන්න පුළුවන් තමයි. හැබැ‍යි ඒ එම වාතයේ තියන විෂබීජ නිසා නෙමෙයි. ඒවා නැතිකම නිසයි. සාමාන්‍ය පරිසරයේ ඇති විෂබීජ වලට වැඩිය නිරාවරණය නොවන අයගේ ප්‍රතිශක්තිය දියුණුවීම අඩුයි. ඒ නිසා ලෙඩ රෝග වලට මුහුණ දීමේ හැකියාව අඩුයි. මෙවැනි අය ලේසියෙන් ඇදුම, අහාර විෂ වීම් ආදියට ගොදුරු වෙනවා.Link

    ඒ.සී අස්සෙම නොයිද පොඩ්ඩක් එලියට බැහැලා ස්ව්භාවික පරිසයර එකක් ගැටීම වැදගත් ඒ නිසයි. විශේෂයෙන්ම ළමයින් වැලි සෙල්ලම් කිරීම, මඩේ පැනීම වගේ දෙවල් වලට හැමවෙලේම තහංචි නොදැමිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. විශබීජ නැහැ කියන්න බැහැ.. අපි හිතමු වායුසමන පරිසරයක ඉන්න එක් අයකුට රෝගයක් හැදුනා කියලා.. ඒවාගේ අවස්ථාවක අනික් අයටත් ඒ බෝවෙන රෝගය වැලදෙන්න තියෙන හැකියාව වැඩියි වායුසමනය ඇතුලෙ...
      වායුසමනය කරන ලද කාමර ආදිය පිරිසිදු කිරීමේදීත් යම් යම් ක්‍රමවේද තිබෙනවා.. නැත්නම් සාමාන්‍ය විදියට දූවිලි අවුස්සගෙන අතුගාන එක ඒ තරම් හොද දෙයක් නෙමයි.. මා අත්දැකීමෙන් දැක තිබෙනවා සමහර වායුසමන කාමර ඇතුල දූවිලි තට්ටු ගනන් තිබෙන රාක්ක මේස තිබෙනවා..
      ලිංක් නම් දාන්න කම්මැලියි.. අනික විකිපීඩියා වගේ ලිංක් දැම්මත් ඒත් ඒකත් සුවර් එකක් නැහැනෙ...

      Delete
    2. inverter කියන්නෙ එක නෙමෙ මල්ලි.. සම්පීඩකය සම්පුර්නයෙන්ම විසන්දි නොකර විචල්ය සන්ක්යාත දාවකයකින්(V.F.D) දුවවන එකට . රත් කරන්න ඔන වෙන්නෙ heat pump එකක්..දන්නැත්නම් ගොන් කතා නොකියනවනම් තමා හොද..reply to තිසර

      Delete
  7. නියම ලිපියක්.

    ReplyDelete
  8. බොහෝ කරුණු දැන සිටියත් නොදන්නා තවත් දේ මේ ලිපියෙන් ඉගෙන ගත්තා.

    ReplyDelete
  9. ඇත්තටම වටිනවා

    ReplyDelete

  10. ඉතාම වැදගත් ලිපියක් අමිල . fresh air ගැන කාරණාව ගොඩක්
    දෙනා නොදන්න එක නම් හරිම අවාසනාවක් .ගොඩක් දෙනා හිතන්නේ
    AC එකෙන් හරිම හරි විදිහට වායුව හදනවා කියන දේ.නමුත් ඒක
    වැරදියි .

    ඕක නිකන් හරියට පට සේද ඇඳන් පාරේ යනවා වගේ වැඩක්..
    ඇඳන් ඉන්න කෙනා හිතනවා මන් මහා වටිනා දෙයක් ඇඳලා කියල,
    දකින අය හිතනවා මෙයා හෙළුවෙන් කියල..

    ReplyDelete
  11. බොහෝම වැදගත් ලිපියක්.

    // කාමර වායුසමන පද්ධති වල නව වාතය කාමරයට ඇතුලුවන්නට තිබෙන්නේ එක් විවරයක් දෙකක් පමණයි.. ඒ දොර ජනෙල් පමණයි.. දොර හරහා නව වාතය එකතු වුනත් දොර විවෘත වන්නේද නව වාතය තිබෙන තැනෙකට නොවේ නම් එහි තත්වය සෝ ජනක වෙනවා..//

    සහතික ඇත්ත.
    හැබැයි උදේට වායුසමන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පෙරාතුව විනාඩි 30 ක් පමණ දොර ජනෙල් හැර දමා නැවුම් වාතය සංසරණය වීමට සලස්වන්න පුළුවන්නම් ඒක සෞඛ්‍යට වගේම ඔබගේ කාර්යක්‍ෂමතාව ඉහල මට්ටමක පවත්වාගැනීමටත් බොහොම වැදගත්.

    ඒ විතරක් නොවෙයි, මේ කාරණය ඔබගේ මෝ/රථයටත් පොදුයි.

    ReplyDelete