Tuesday, December 30, 2014

හම්බන්තොටත් ඉන්නවද මෛත්‍රිට දෙන උන්


ඔව්. රාජපක්ෂ වරුන්ගේ ඡන්ද බල ප්‍රෙද්ශය වූද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිය දේශපාලන දිවිය තුල ආසනය වූද හම්බන්තොට පළාත තුලද රාජපක්ෂ වරුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් යන බව බොහෝ දෙනා පිලිගන්නේ නැත. ගාල්ලත් මාතරත් යන දකුනේ දිස්ත්‍රික්ක දෙකටම වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකින් මහින්ද රාජපක්ෂ හම්බන්තොට ජයග්‍රහනය කරාවි යැයි මගේ පුද්ගලික අදහස වෙයි. 
ගාල්ල මාතරට සාපේක්ෂව හම්බන්තොට ජනජීවිතය කටුකය. රට මැදට වන්නට ඇති කඳුකරයේ වැවෙන තේ රබර් සහ සුළු අපනයන බෝග වලින් අපහසුවකින් තොරව ආදායම ලැබීමත් වෙරළබඩ ජනයා කොළඹ රැකියාවන්හි නිරත වීමත් හොඳ අධ්‍යාපනයක් ලද පිරිස වැඩිවීමත් යන කාරනා නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් හම්බන්තොට රේඛීයවම වෙනස් වෙයි. ඡන්ද ප්‍රතිපල වලින්ද මේ වෙනස උදක්ම පැහැදිලි වෙයි. 

නූතන වාමාංශික අදහස් වල සරලම ලාංකික නියෝජනය වන්නේ ජනාත විමුක්ති පෙරමුණයි. එහි මුල්ම නැගිටීම සහ මෙතක් ලබා ඇති විශාලම ජයග්‍රහන අත්පත් කරගෙන ඇත්තේ හම්බන්තොට නම් වූ දිස්ත්‍රික්කය පදනම් කරගනිමිනි. එසේම කොන් කිරීමට සිතාදෝ හම්බන්තොට නම් වූ කර්කශ පළාතට දක්කන ලද සජිත් ප්‍රේමදාසයන්ද ඉතා ඉහල ජන පදනමකින් සවිමත් වන්නේ ද මහින්ද රාජපක්ෂයන්ගේ මැතිවරණ බල ප්‍රෙද්ශය තුලම වේ. 

බෙලිඅත්ත තංගල්ල සහ ඒ අවට පොල් වගාව යම්තාක් දුරට පැතිරුණත් ආහාර බෝග වගාව හම්බන්තොට ජනයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වේ. සුළු පිරිසක් ධීවර ක්ෂේත්‍රෙය්ද රැකියා කරති. වම්බටු, තක්කාලි, කරිවිල, පතෝල, වැටුකොළු, බණ්ඩක්කා, වී ආදී බෝග රැසක් මේ හම්බන්තොට කර්කශ පොළොවේ හොඳින් වැඩේ. 

විරැකියාව 

ජනාධිපති තුමාත් සියළු රාජපක්ෂ දේශපාලකවරුත් යන යන තැන දුගී දුප්පත් මව්පියන් සහ මිනිසුන් දිගු ලියුම් කවර දිගුකරන දර්ශනය රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නරඹන ඔබ දැක ඇති. එසේ මිනිසුන් බොහෝවිට දිගුකරන්නේ සිය වැඩිවිය පැමිණි පුතාට හෝ දුවට රැකියාවක් දෙන ලෙස වූ ආයාචනයකි. නැතිනම් රැකියා අයදුම් පතකි. 

හම්බන්තොටට වරායක්ද ගුවන්තොටක්ද ඇති වූ නමුදු සැලකිය යුතු මට්ටමේ රැකියා උත්පාදනය වන මාර්ග ඇති වූයේ අඩුවෙනි. ආර් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන්නට යෙදුන ඇඟලුම් කම්හල් කිහිපයක් තවමත් හම්බන්තොට ප්‍රෙද්ශයේ ක්‍රියාත්මකය. බෙලිඅත්ත, වාඩිගල, ලුනම ඉන් කිහිපයකි. ඒවායින් එවකට රැකියා පන්සියයක් එක් කරමාන්ත ශාලාවකින් ජනනය කරන ලදී. වරාය ගුවන්තොට හෝ වෙනත් යටිතල පහසුම් හි විශාල ආයෝජන වලින් තොරවම ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ රැකියා ජනිත කිරීමේ සමර්ථකම පෑවේය. 

යටිතල පහසුකම් ලෙස සැලකිය හැකි, මංමාවත්, විදුලිය, දුරකථන ආදී බොහෝ සම්පත් දැන් වසර කිහිපයක සිට හම්බන්තොට ප්‍රෙද්ශයේ ඇතත් තවමත් තරුණ තරුණයින්ගේ රැකියා ගැටළුවට තිරසාර විසඳුමක් නැත. කර්මාන්ත ශාලාවක් දෙකක් ඇතිවුන මුත් ඒවායින් සමස්ථ රැකියා අපේක්ෂිත පිරිසෙන් කාලකට වත් රැකියා ලබාදීමට රජය අපොහොසත් වී තිබේ.

ආර්ථික වැඩපිලිවෙල

හම්බන්තොට වරායට ගොඩබෑමට නැව් නිතර එන බවත් ඒ එන නැව් වල වැඩකරන නාවිකයින්ට එලවලු විකිනීමෙන් හම්බන්තොට ජනයාගේ ආර්ථිකය සවිමත් වන බවත් නිල් බලකාය මගින් බෙදාහරින පත්‍රිකා වල තිබේ. හම්බන්තොටට නැව් පැමිනෙන්ට පටන් අරන් දැන් වසරකට වැඩිය. නමුත් එක වම්බොටු පන්සීයක් නාවිකයන්ට විකුනා මුදල් ගත්ත තැනක් වේදැයි සැක සහිතය. 

ගොවි ජනතාවගේත් සාමාන්‍ය ජනතාවගේත් විචාර බුද්ධිය ඉතාම පහල බාල මට්ටමට ඇද දමන මෙවැනි සංදර්ශනාත්මක දැන්වීම් තුලින් අපේ මහින්ද මහත්තයා ලෙස සලකාගෙන සිය ඡන්ද ලබාදීමට පෙල ගැසී සිටින ගොවි ජනතාවගේ ඡන්දද ඔහුට නැති වේ. වරායක් ඇති වූ පමනින් එලවලු පළතුරු ඉබේ පිටරට යන්නේ නැත. ඒ සදහා රජය විසින් යම් යම් දිරිමත් කිරීම් පුද්ගලික අංශයට සිදු කල යුතු අතර ඒ ආකාරයේ අපනයන වැඩපිලිවෙල සදහා ඇති බාධා ක්‍රමවත්ව හදාරා අවහිරතා ඉවත්කර ලිය යුතු වේ.

ඇසට පේන ගොඩනැගිලි පාරවල් හෝ වෙනත් වෙසක් කූඩු වැනි සංදර්ශනාත්මක දැන්වීම් හැර වෙනත් වැඩපිලිවෙලවල් හදුන්වා දී ගොවිජනතාව ශක්තිමත් කිරීමේ නියම වැඩපිලිවෙලක් මහින්ද රාජපක්ෂට නැත.

පසු සටහන

මා හට පෙනුන අයුරින් සහ ඇසුන අයුරින් හම්බන්තොට ජනතාවට අලංකාර ගොඩනැගිලි මංමාවත් සහ පොදු පහසුකම් විදුලිය ආදිය ලැබුනත් ඔවුනට නොවිසදී ඇති පද්ධතියේ ඇති දෝෂ ගනනාවක් ඇත. ඒවා සිමෙන්ති හෝ කොන්ක්‍රිට් වලින් විසදාලිය නොහැකි ඒවා වේ. නමුත් නාමල් රාජපක්ෂ සහ අනෙක් රාජපක්ෂ වරුන් කියනා අයුරින් යටිතල පහසුකම් සංවර්ධනය කල පසු ඒ හා සමානුපාතිකව අනෙක් අංශ ඉබේම දියුනු වේ. එය හරියට අපි කාරුවත් නැති තැනක ලස්සන සිල්ලර කඩයක් දමා පහසුකම් ඇති කල පසු ටික දවසකින් මිනිස්සු කාර් වලින් ඇවිත් බඩු ගනීවි යැයි සිතනවා වැනි වැඩකි. 

යටිතල පහසුකම් ඇති වූ පසු ආයෝජකයින් බුරුතු පිටින් ඇවිත් කර්මාන්ත ශාලා සහ ආයෝජන සිදුකර ඉන් පසු ඒ පළාත  හෝ රට දියුනු වේ යැයි ඇතැමකේ සිතති. එසේනම් මදක් හම්බන්තොට දෙස බලන්න. වරායක් ගුවන්තොටක් සහ පුළුල් මංමාවත් ක්‍රීඩාංගන ආදී අනේකවිධ යටිතල පහසුකම් වලින් හම්බන්තොට දැන් වසර දෙක තුනක සිටම ආඩ්‍ය වී ඇත. නමුත් තවමත් හම්බන්තොට මිනිසුන්ට ද රටේ අනෙක් පැතිවල මිනිසුන්ට සේම සංවර්ධනය යනු මිරිඟුවකි. යමක් ඈත පෙනේ. එය ලගාවේයැයි ඔවුන් කීවත් එය අප ජීවිත කාලය තුල ලගාවෙන ආකාරයක් නැත. එබැවින් අපි ඒ මවා පෙන්වන බොරු මිරිගුවෙන් දෑස මදකට හෝ ඉවත ගෙන අප අප දෙසම බැලිය යුතු කාලය එළැඹ ඇත.

Wednesday, December 24, 2014

ලිපේ සිට මඩවලට ඇති දුර

"ගෙම්බෙකුව වතුර භාජනයක දමා ලිපේ තියන්න. වතුර කෙමෙන් රත් වෙද්දී ගෙම්බා ඊට සරිලන පරිද්දෙන් තමාගේ ශරීර ගතිකය සකස් කරගනු ඇත. අවසානයේදී වතුර උතුරන මට්ටමට එන විට, තවදුරටත් ශාරීරිකව ඊට සකස් වීමේ හැකියාවක් ගෙම්බාට නැත. දැන් ගෙම්බා වතුර භාජනයෙන් එළියට පනින්ට බලයි. එහෙත්, එතෙක් වෙනස් වෙමින් පැවති වතුරේ ඌෂ්ණත්වයට හැඩ ගැසීම සඳහා දරණ ලද ප‍්‍රයත්නයේ විඩාව නිසා ඌට දැන් වතුරෙන් එළියට පැන ගන්නට හයියක් නැත. තව මොහොතකින් ඌ මියයයි.
දැන්, මේ ගෙම්බාගේ මරණය සිදුවුණේ කෙසේදැ යි කෙනෙකු ඇසුවොත් බොහෝ දෙනා දෙන පිළිතුර වන්නේ, උතුරන වතුරට පිළිස්සීමෙන් ඌ මියගිය බවයි. එහෙත් සැබෑව එය ද? නැත. ඌ මියගියේ, භාජනයෙන් එළියට පැනීමට තීරණය කළ යුතු සැබැ මොහොත උගෙන් මගහැරී ගිය බැවිනි.
ලංකාව අද ගමන් කරමින් සිටින්නේ ඉහත කී ගෙම්බාගේ නිමේෂයේ බව පැහැදිළි ය. එක්කෝ අප දැන්ම මෙතැනින් පැනගත යුතුය. නැත්නම්, සමාජයක් වශයෙන් ගෙම්බාගේ ආනිසංසයට යට විය යුතුය"
~ගාමිණී වියන්ගොඩ

ටැංකිවල ගෙම්බන් ඉවත්කරන හමුදා සෙබලු
 මේ ඉහත කතාව පටන් ගන්නේ ගෙම්බා වතුර භාජනයක බහා ලිප තැබීමෙනි. ඊට පෙර අප විසින් ගෙම්බෙකු අල්ලා ගත යුතුව ඇත. ගෙම්බකු අල්ලා ගෙන ගෙම්බා ලිපතබා පියන ඇර වතුර රත්වන අවස්ථාවේ ගෙම්බා එලියට පැන්නත් ඌට නිදහස ලැබීමට සහ ගෙම්බාගේ ජීවිතය පෙර පරිදි සුවෙන් ගෙවීමට ගෙම්බාට හැකිවේද? ගෙම්බා ප්‍රාර්ථනා කරන සැපය උදුන අසල තිබේද? 

අප අද මුහුන පා සිටින්නේ උනුවතුර මත සිටින ගෙම්බකු මුහුන පාන ලද ස්ථානකයැකැයි වියන්ගොඩ උන්නැහේ පවසයි. වියන්ගොඩද, රනිල් වික්‍රමසිංහද,සෝභිත හිමිද, චම්පික උපාසකද,හිටපු ජනපති චන්ද්‍රිකා නෝනාද, සරත් පොන්සේකා මහතාද අප මුහුනපා ඇත්තේ මහා විනාසයකට යැයි අපිට කියති. නමුත් එය සත්‍යක්ද? 

රට අසාර්ථක ව්‍යාපෘති මගින් පැලැස්තර මගින් උඩුදුවා ඇති සමයක ඒවා සමාජ අසාදාරන මගින් වැසිය හැකි සීමාවක් ඇත. පොදු මහජනතාවට ඇගිල්ලෙන් ඇන ගෙම්බන් උදාහරණයට ගෙන ,,සංඛ්‍යාෙල්ඛන වලින් ප්‍රස්ථාරගත කොට,, දූෂණය භීෂණය ඉදිරිපත් කොට ජනතාව අවධි කල යුතුයැයි රාජපක්ෂ රජය විවේචනය කරන ප්‍රධාන ධාරාව සිතයි. 
නමුත් අප එසේ කල යුතුද?එසේ කිරීම කෙතෙක් සාර්ථකද?

රටේ පොදු මහජනයා පවතින රජයට විරුද්ධව යන්නට ඇත්තේ සරල හේතුන් නොවේ. එ් සදහා සංකීර්ණ හේතු සමුදායක් ඇත. විධායක ජනාධිපති ක්‍රමයට එහා ගිය තමුන්ගේ පුද්ගලික අරමුණු වලින් යුතු රාමුගත හේතුවක් සෑමඡන්දයකටම පාහේ ඇත. නමුත් සියල්ලෝ ඒ පුද්ගලික අරමුණ සගවා පිටතට ඉතාමත් යහපත් පෙනුමක් පෙන්වති. 

මා මේ මැතිවරණයට විරුද්ධය. පවතින මැතිවරණයෙන් කවරකු යලි පත්වුවද ඇතිවන්නේ ප්‍රතිසංස්කරණ බිහිකල හැකි ප්‍රබල තත්වයක් නොවේ. හුදෙක් පවතින මජර ක්‍රමයටම තවත් පැලැස්තර සහ සහනාධාර පොම්ප කරන තවත් අජපල් ක්‍රමයකි.ඒ හැරත් පවතින රාජපක්ෂ ක්‍රමයේ සියලු අමණ කම් බහුතර ජනතාවගේ කදට බඩට තවමත් දැනී නැත. ඒ දැනෙන දිනය වන විට ආන්ඩුව මාරු වි තිබුනොත් ඒ වනවිට පවතින ආන්ඩුව ඒ සියලු දේවලට වග කිව යුතු වනවා ඇත.

සරලම උදාහරනයකට ගත හොත් කිසිදු ආදායමක් සෘජුව උපයන්නේ නැති රාජ්‍ය අංශයේ කන්තෝරුවලට පිරිස් ලක්ෂ ගනනින් බඳවා ගෙන ඇත. ඉදිරියේ මූළ්‍ය අර්බුධුයක් ඇති වුවොත් මේ පිරිසට වැටුප් ගෙවීම විශාල ගැටලුවකි. එකල්හී රජය එක්කෝ මේ පිරිස වන්දි දී ඉවත්කල යුතුය. නැතහොත් ඔවුන්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම සිදුකල යුතුය. මෙසේ රජයේ සේවකයින්ට පඩි ගෙවීමට නොහැකි දිනය ඇතිවන්නේ මෛත්‍රි පාලනයක් යටතේ නම් එහිදී සියලු කුනුහරුප අහන්නේ ඒ පාලනය වේ. එවිට පවතින්නේ රජපස පාලනය නම් එවිට ඒ බැර රාජපස පාලනයට මැ යොමුවෙයි. 

රත්වුනු වතුරේ සිට ලිප උඩට පැන්න ගෙම්බා වතුරෙන් තැම්බීමට  වඩා ... ලිපට වැටුන කල වඩාත් ආතල් සහිත වේද? 

අප තරම් නොදියුනු රටවල සිනමා කාරයෝ නලුවෝ නිලියෝ සිනමාව ගැන කතාකරති..සිනමා කෘති ගැන කතාකරති. විදුලි ඉංජිනේරුවෝ විදුලි බලය ගැන කතාකරති, බලශක්තිය ගැන කතාකරති. භෞතික විද්‍යාඥයෝ ඒ විද්‍යාව ගැන අදහස් දෙති..පරීක්ෂණ කරති. සාහිත්‍යකරුවෝ සමාජයේ විශාල ඇස්වලට නොපෙනන සියුම් දෑ මනුෂ්‍ය සිත් වලට කාවදින්නට හැකි ලෙස ඉදිරිපත් කරන්නට උත්සාහ කරති, මාධ්‍යවේදීහු ප්‍රවෘත්ති ආදිය මහජනයාට ලබාදීමට දිවි දෙවනුව තබා ඉදිරිපත් වෙති. ඒ නොදියුනු රටවල සමාජයේ ඉහල තැන්වල  ඇත්තෝ තම රාජකාරින් මනාව ඉටුකර ඒ ගැන කතාකරති. ඉතාම සුළු පිරිසක් පමණක් දේශපාලනික මත දරා ඒ කෙරෙහි ඇදේ...

නමුත් ආශ්චර්ය දේශයේ සියලු දෙනාම දේශපාලනයම කතා කරති. මෘදුකාංග ඉංජිනේරුවරුද,දත්දොස්තරලාද, හෙදියෝද, කවි කාරයෝද දේශපාලනයම කියවති. සියලු ක්ෂේත්‍රයන්හී බුද්ධිමතුන් සහ බලවතුන් එකතු වී දේශපාලනය නැමැති  රත්වන මුට්ටියට සාමාන්‍ය වැසියන් දමා එයින් ගොඩට එන්නට මාර්ග කියා දෙමින් විමුක්ති මාර්ගය පෙන්වන්නට හදති. සකල බුද්ධිමතුන්ගේ රාජකාරිය ගෙම්බන් සහිත මුට්ටි ලිපෙන් බෑම යැයි කෙනෙකුට සිතුනොත් එහිද වරදක් නැත. 

ආශ්චර්යට තවනම් දුර නැත. මේ පේන තෙක් මානයේය. අපිඑය එනතුරු සිටිමු.

Saturday, December 20, 2014

හපුතලේ හරහා නුවර එළියට

මටත් ටිප් කක් යන්න ඕන වුනා. නුවර එළියෙන් යාලුවෙක් එකතු වෙන්නං කියලා කිව්වා. මහරගමින් පාරට ඇවිත් කොටුවෙන් උදේ පාන්දර පහමාරට හයට විතර තියෙන බදුල්ල කෝච්චියෙන් නානුඔයට ගිහින් යන්න ඕනි කියල මුලින්ම හිතුවා. නමුත් නානුඔයට යනකොට දොළහමාර විතර වෙනව දවල්. ඒ නිසා වෙනත් පාරක් හිතුවා.

මං මහරගමින් නැග්ග බදුල්ල එක්ස්ප්‍රස් බස් එකක. බැස්ස හපුතලෙන් ඉන් පස්සෙ ගිහා නුවරෙළි.
මෙ තියෙන්නෙ කලුපහන හන්දිය. රත්නපුරේ පහුකරලා කදුකර පැත්තෙන් ඇතුලට යන කොට සුන්දර දසුන් බොහොමයි. සීතලත් මේ දවස්වල ටිකක් සැරටම තියේ.
ලස්සනට පාර හැදිල තියෙනවා මග නැගුම රටේම ක්‍රියාත්මක වෙන නිසා අපාසුවක් නැතුව යත හැකි ඕන තැනක. නමුත් ඉතිං කොයි විදියට හැදුවත් වංගු නෙව මේ පාරවල් වල. ඒ වංගු ගතිය නිසා බස් එකේ යනකොට ටිකක් ඇගට දැනෙන අපහසුව කෝච්චියෙ යනවාට වඩා වැඩියි.
හපුතලේට එනකොට දහයට කිට්ටුයි. කෝච්චිය දහයමාරට විතර තිබුනෙ. ඉතිං ස්ටේෂන් එකට යන පාරෙම තිබුනා මුස්ලිං හෝටලයක්. ජාතිය ආගම දන්නවයැ කටින් පහලට යන කෑමවල..ඉතිං මං ගොඩවුනා. පරාට කන්න කඩලකරිය, පරිප්පු හොදි, ලුනුමිරිස්,මස් හොදි කියන ජාති හතරම තිබුනා. පරාට හතරක්ම කෑවා.රුපියල් සීයයි ගාන. සාපේක්ෂව පට්ට ලාබයි.අනික පරාට උණුවටම තිබුනා. 
නානුඔයට ටිකට් එකක් අරං හපුතල ස්ටේෂමට ගොඩ උනා..
හපුතල ස්ටේෂම මල් වවල ලස්සට තිබුනා. හීතල දවසක් වගේම අහසේ වලාකුලු නැති දවසක් වුන නිසා හරිම සුන්දර විදියට පොටෝ ටික ගහගන්න ඇහැක් වුනා. 



 හපුතල ඉදලා නානුඔයට දිග කොට උමන් මාර්ග රැසක් තියෙනවා. ස්ටේෂන් සෙට් වෙන්නෙ තුනයි. නමුත් භූමි දර්ශනය සහ උමන් මාර්ග නම් බොහෝමයි. එකක් තිබුනා ඒක ඇතුලෙ මං හිතන්නෙ විනාඩියක් දෙකක් විතර කෝච්චිය ආවා. ඒතරං දිගයි. 
හපුතල ඉදලා නානුඔයට එද්දි ඉදල්ගස්හින්න, නානුඔය, ඔහිය, අඹේවෙල වගේ කදුකරයේ වැදගත් දුම්රිය ස්ථාන කිහිපයක්ම හමු වෙනවා. මේ ඒ වගේ දුම්රියස්ථානයක අනික් පැත්ත. 
 පහුගිය වතාවක අපි ඔහියට ඇවිත් ඒ මැදින් ගියා පයින්ම හෝටන් තැන්නට. ඒ වතාවෙදි අපි මේ ඔහිය ස්ටේෂමට එහා පැත්තෙ තියෙන කඩෙන් කෑවා. එතකොට සුද්දෙක් කුත් ඇවිත් උන්නා කඩෙන් කන්න. කතා බහ කලාම තේරුනේ ඌසල්ලි හයමින් තියෙන. ඒත් කටු කකා ඇවිදින්න ආස එකෙක් කියලා. මේ පිංතුරෙ ඉන්න පොඩි ගෑනු ලමයා එතකොට ටිකක් පොඩියි. මගේ මතකය නිවැරදි නං මේ පොඩි ගෑනු ලමයාගේ ලස්සන පිංතුර සහ වීඩියෝ ටිකක් සුද්දයි කැමරාවෙ ලස්සනට සටහන් වෙලා තිබුනා. මෙයා මොන්ටිසෝරි ඩාන්ස් එකක් දමල තිබුනා සුද්ද කොර වෙන්න
 කදුකර පලාත්වල තවමත් පැරණි වාහන වලට හොද තැනක් තියෙනවා. මේ වගේ වාහන වල වතු සහ ලැයිම් වල ජනතාව යනවා. ඒ අය සමහර විට ජීවිත කාලෙ තමුන්ගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය විදියට පාවිච්චි කරනවා ඇත්තෙමේ වගේ ලොරි බාගයක්හෝ කැන්ටරයක පිටුපස්ස කොටසක් වෙන්න ඇති. 
කදුකරයේ සමහර නිම්න වලින් දුම්රිය යද්දි මිටර පනහ හැට උසපාලං තියෙනවා කෝච්චි පාර යන්න. ඒ වගේ තැන්වලින් පහල බලනකොට බයත් හිතෙනවා. 



ගොවිතැන්..සංචාරකයින්.. අලංකාර භූමි දසුන්.. ආදිය පිරුනු පොටෝ ගොඩාරියක් වැදිල තිබුනා. නමුත් ඉතිං  ටිකක් දැම්මාම මැදැයි...

Saturday, December 13, 2014

ගොවි රජ්ජුරුවෝ

ලෝක ඉතිහාසය දිහා බැලුවාම සමහර රටවල් අනෙක් රටවල් වලට වඩා ඉක්මනින් දියුනු වුනා කියලා පේනවා.. තවත් රටවල හිටපු අය යුද්ධ ශක්තියෙන් අනික් ජාතින් වලට වඩා දියුනුවුනා. දියුනු වෙනකොට ජනතාවට අවශ්‍යතා වැඩි වෙනවා. ඒවා සපුරාගන්න බැරිවෙනකොට මිනිස්සු අලුත් ලෝකයක් සොයාගෙන යන්න පටන් ගන්නවා. 


ඒ නැතත් මිනිස්සු ඇවිල්ලා ආක්‍රමන වලට ප්‍රිය ජාතියක්. තවත්  ජාතියක මිනිස්සුන්ව යටත් කරගෙන සිටීම අභිමානයක් විදියට දකිනවා. කවර හේතුවක් නිසා හෝ යටත් විජිත පවත්වාගැනීම කියන කාරණාව විවිධාකාර ස්වරූප වලින් අද පවා ලෝකයේ තියෙනවා. 

අශෝක රජතුමාට කෙලින්ම නෑ කම් කියපු නමුත් නියම අග බිසවගේ දරුවන් නොවුන දෙදෙනෙක් ආගම පතුරුවන්න මිහිදු සහ සංඝමිත්තා ලෙස  ලංකාවට එනවා. ඇවිත් ධාර්මික තත්වයකට ලංකාව එදා පත් කරනවා. නමුත් ඒ තුල අශෝකගේ උපක්‍රමික යටත්විජිතවාදී ආකල්පයේ මුහුනුවරක් ගැබ් වෙලා තියෙනවා කියල මටහිතුනා...

යටත් විජිත යටත් කරගත්තාට හැම යටත්විජිතයක්ම ඒ බලවත් රටවලට වාසි දායක මට්ටමක තිබුනේනැහැ. උදාහරණ විදියට ආයිත් ලංකාවම ගත්තොතින්. සුද්දා 1815 දි ලංකාව යටත් කරගන්න කොට නිවර්ථන සරුසාර රටක් ලෙස ලංකාව පැවතුනාට ලංකාවෙ නිසි මාර්ග පද්ධතියක්..විනයක් ..නීතියක් ..තිබුනෙනැහැ. ඉතිං ඒවගේ රටක් පාලනයට අපහසුයි. ඒ නිසා ඒ අය නීති. මහාමාර්ග, ආදී දේවල් ලංකාවට හදුන්වා දෙනවා. 

බොහෝ යටත් විජිත යටත් කරගත්තායින් පස්සෙ ඒ යටත් විජිත වල හිටපු මිනිස්සුන්ගේ ජීවන රටාවන් උඩු යටිකුරු වෙනවා. කවදාවත් අර යටත් කරගන්නට මූලිකවුන පිරිසට තමුන්ගේ ඔරිජිනල් රටේ සංස්කෘතිය යටත් විජිත තුල ඒ ආකාරයටම ඇතිකරන්න හැකියාවක් නැහැ. නමුත් බොහෝදුරට ඒ යටත් කරගන්න අය තමුන්ගේ සංස්කෘති, ආගම, සිරිත් විරිත් ආදී දේයටත් විජිත වලට පොම්ප කරන්න උත්සාහ ගන්නවා. ඉතිං ඒ යටත් විජිත වල එතෙක් පැවති සිරිත්විරිත් සහ සංස්කෘතිය අර පිට සංස්කෘතියත් එක්ක එක්කාසු වෙලා අලුත්ම ජාතියෙ සංස්කෘතියක් හා ජන ජීවිතයක් ඒ යටත් විජිත වල ඇතිවෙනවා. 

ප්‍රබල රටක් තවත් ප්‍රදේශයක් හෝ රටක් යටත් කරගත්තාට පස්සෙ ඒ යටත් විජිතයේ සිටින මිනිස්සුන්ගේ ලිංගික සහ සමාජීය ජීවිත පරමාදර්ශ ආදියේ පවා වෙනස්කම් සිද්ද වෙනවා. කසාද බැදීම, ආගම ඇදහීම සම්බන්ධව තියෙන මතිමතාන්තරත් ඒ ආකාරයට කප්පාදු වෙලා නව ආකාරයකින් ලියලනවා.. 

දඩයම් කරමින් හෝ ගොවිතැන් කරමින් කාලය ගතකල එතනින් එහාට ජීවිතයක් අරමුණක් නැතිව ඔහේ ගිහිපු ජීවිත  විදෙස් ආක්‍රමන වලින් පස්සෙ දැඩි වෙනසකට පාත්‍ර වෙනවා. බාගෙදා සමහර ජීවිත විනාස වෙලා  අලුත් ක්‍රමයට පසට පෝර බවට පත් වෙනවා. සමහර ජීවිත අලුත් යටත්විජිත ක්‍රමයට බලය සපයමින් එයටඅනුගත වෙනවා. සමහරු මෙලෝ රහක් නැතුව අතීතය මත සිටිමින් නමුත් නව යටත්විජිත ලෝකයේ ජීවත් වෙමින් එයටම ගරහනවා.. 

ගොවි රජ්ජුරුවෝ කියන පොත කියෙව්වා. ඒකෙත් තියෙන්නෙ පෝලන්ත යටත් විජිත කතාවක්. ආගම, ලිංගික ජීවිතය, ආර්ථිකය කියන කාරණා යටත් විජිත කරණයේදී වෙනස් වෙන ආකාරය ගැන සාධාරන නමුත් ඉතාම ආකර්ශණිය ආකාරයට කියවීමක් කතුවරයා සහ පරිවර්ථකයා අපිට ලබාදෙනවා.. 

ලිංගිකමය ජවනිකා ගොඩක් තියෙනවා. වෙනස්ම ආකාරයේ පවුල් ජීවිත ගැන තියෙනවා. ආගමික නායකයින් ගැන තියෙනවා.. ගොවිතැනට මාරුවෙන ගෝත්‍රිකයින් ගැන තියෙනවා. මහා බරසාර දාර්ශනික මත පැත්තකින් තිව්වත් කතාවක් විදියට කියවලා රසවිදින්න හොද ජාතියෙ පොතක් තමයි ගොවි රජ්ජුරුවෝ.

පොතේ නම : ගොවි රජ්ජුරුවෝ
Original book : The king of the fields
Author : Isaac Bashevis Singer
පරිවර්ථනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල :රු 260/= (1999- ප්‍රථම මුද්‍රනය) 
 ISBN-955-652-034-1

උඩින් ඇවිත් ගිනි නිවන්න බැරිද?

දැන් අවුුරුදු තුන හතරකට කලිං එලවලු වගා වලට වතුර යොදන්න වතුර මැසිමක් අපේ ගෙදර තිබුනා. ඒක ඩීසල් එකක් යකා වගේ වැඩ.. කිලෝමීටර දෙකතුනක් ඈතට වුනත් එ්කෙන් වතුර ගහන්න පුළුවනි. ඒකට වතුර ගහන්න නම් අගල් දෙකේ බට ඕන.ඒ බට ටික ටැට්ටෙරේ පටවං යනවා..අඩි විස්සක් විතර දිග බට පනහක් හැටක් විතර අපිගාව එතකොට තිබුනා.. 

නැත්තං අර අකුලන්න පලුවන් රෝල් කරලා ටැට්ටෙරේ බැදන් යන ජාතියෙ බට ගන්නත් ඇහැකි. ඒවා ගෙනිහිං එලලා මැසිම ස්ටාට් කරලා ඇලේ ඉදලා කිලෝමීටර දෙකක්තුල වතුර ගහන්න හැකියාව තියෙනෝ... පට්ට භාන්ඩෙ... තමයි ඒක.ඊට කලියෙං පාවිච්චි කරේ ටැට්ටෙරේටම සෙට් කරන වතුර මැසිමක්..ඒකෙදි අපි බට ටික පටවං අරං යන ලෑන් මාස්ටර් ඇංජිමම යොදාගන්නවා වතුර මැසිමක් විදියට..පොඩි බෙල්ට් මාරුවක්විතරය් කොරන්නතියෙන්නෙ..

ටිකක් හොදට ප්‍රැක්ටිස් වෙච්චි තුන් හතර දෙනෙක් ඉන්නෝ නම්..ඔය බට ටිකකිලෝමීටර දෙක තුනක් එලාගෙන ඇලට පුට් වෑල් එක දාලා මැසිම ඉස්ටාට් කොරලා වතුර ගහන්න පැය බාගයක් යන් නැහැ..

ලිං වලට මේ ජාතියෙ පුට් වෑල් හරියන්නැහැ..ඒකට වෙනම මෝටර සහ පුට් වෑල් තියෙනවා.. මං වැඩකොරන්න ආවම කොළඹ පාරවල් වල මෑන්හෝල් වලටවැඩට සෙට් වුනා. එතකොට අපිට සමහර මෑන්හෝල් වල වතුර අහක් කරන්න වෙනවා. එතකොට අර මෝටරේ වල ඇතුලට බස්සලා වලේ වතුර ටික පැය බාගෙකින් අහක් කරත හැකි. මේ වලක සාමාන්‍යයෙන්වතුර ඝණ මීටර සීයක් විතර තියෙනවා.. 

මේ ටික මට මතක් වුනේ පහුගිය දා සිද්දවුන ගුවන් අනතුරකින් පස්සෙ ඒ ගමේ මිනිස්සු තමුන්ට ඇහැක් විදියට ගින්න නිවන්න වතුර හොයාගන්න වින්ද දුක දැකලා.. ඒ අයට ලගපාත හොයාගන්න පුලුවන්හැම වතුර මූලාශ්‍රයම සොයාගත්තත් ප්‍රවාහනයටලොකු වෙලාවක්යනවා... අර වගේ වෙලාවක මං මුලින් කියාපු ලොකු මෝටරයකුයි බට සැට් එකකුයි තිබුනා නම් සෝක් එකට ලගපාත ලිදකින්, ඇලකින්, දොලකින්, ගගකින් වතුර අරං ඉක්මන්ට ගින්න නිවාගන්න හැකියාව තියෙනවා.. 

මෙතනදි අපේ පොඩි ටැට්ටරේ අපි පටවං වතුර ගහන්න සැට් කරගෙන ගිය බට සැට් එකයි..වතුර මැසින්ටිකයි..ඩිසල් හෝ පෙට්‍රල්..අපිට කෑම.බීම...සහ මිනිස්සු ටික හෙලිකොප්ටරේක පටවං ඒ ගින්දර ඇතිවෙච්චි තැනක බාන්න හැකි වුනානං විනාඩි විස්සක්විතර ඇතුලත ඒ බට ටික මැසින් ටික අමුනගෙන ඉක්මන්ට ගින්න නිවාගන්න තිබුනා. අඩුගානෙ ඇස් වලට පෙනි පෙනී පිච්චෙන මනුස්ස ජීවිත ටික හරි බේරගන්න තිබුනා.. 

මහ ලොකු බවුසර්, ගිනි නිවන රථ ආදිය තිබුනාට ,ඔය පෙරිය සයිස් වාහනයක් කොළඹ නගර සීමාෙවන් එලියට ගන්නගියත් ලොකු වෙලාවක්යනවා.. ඒ නිසා අර වගේ ස්ටෑන්ඩ්බයි හෙලිකොෆ්ටර් එකක් සහ මිනිස්සු ටිකක් හිටියනං වැඩෛ් ගොඩදාගන්න තිබුනා ලේසියෙන්ම..

මම අහලා තිබුනා කතාවක් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා මැරුන විදිය ගැන. එතුමා රත්මලානෙ ඉදලා ජාතික රෝහලට ගේන්න පාරේ වාහන තදේ නිසා ගොඩක් වෙලායනවා.. ඒ වෙලාවෙ ස්පිරිතාලෙක උඩට හෙලිකොප්ටරේ බාල කොබ්බෑකඩුව මහත්තයා ඉස්පිරිතාලෙන්ම බාගන්න හැකියාවක්තිබුනා නම් එතුමා ජීවත්කරන්න හැකියාවක් තිබුනා කියල කස්ටිය කතාවෙනවා.. නමුත් පස්සෙ කාලෙකවත් ලංකාවෙ හොස්පිටැල් හදන කොටඒ විදියෙ හෙලිකොප්ටර බාන්න තැනක් ඉතුරුකරන්න අපේ රටේ ඇත්තො හිතුවද? අඩු තරමෙ මහා ඉස්පිරිතාල හදද්දි වත්....

මිනිස්සු මලාම වටිනකම වැඩිවෙනවා.බැනර් කවි සිංදු ලිපි ඇතිවෙනවා. නමුත් ලංකා ඉතිහාසෙට සිද්ද වෙන අනුවේදනීය සිදුවීම් වලින්  අපේ අය පාඩමක් ඉගනගන්න ආකාරයක් පෙන්නුම් කරන්නෙ නැහැ.. හිතන්න අපේ රටේ ලොකු රාජපක්ෂ වරයෙක් ගිය හෙලිකොප්ටරයක් හදිසි ගින්නක් නිසා පහත් කරන්නවුනා කියලා...ඒ වගේ වෙලාවක වත් ඒ සදහා හදිසියේ ක්‍රියාත්මක වෙන්න ගිනි නිවන හෙලිකොප්ටරයක් ඉක්මනින්ම පිටත් කරන්න අංශයක් තියේද? ඒ තිබුනත් එයාලට ඇත්තටම ඒවගේ දෙයක් ඉක්මනින්නම විසදගන්න හැකියාවක් තියේද කියලා මටපොඩි සැකයකුත් එනවා..

Thursday, December 11, 2014

රෙද්ද මාරු කරලම බලමු නේ

අප සිතන පතන දේවල් ඒ ආකාරයටමැ සිදුවන්නේ නම් එය මෙලොව නම් විය නොහැකි යැයි පුරාණ පඩිවරුන්ගේ අදහස වන්නට ඇත. හඹායන දෙයක් අප ලබාගත්තාට පසු එහි අගයක් නැතැයි අපිට විද්‍යමාන වේ. ඉලක්කයට ලගා වූ පසු ඊටත් වඩා විශාල ඉලක්කයක් අප වෙත පහල වේ. 

බඩුවක් හෝ සේවාවක් හෝ වෙනත් කිසියම් දෙයක නැති ගතිගුණ ඇතැයි ද ඒ භාවිත කල විට බොහෝ බොහෝ වාසි ඇතැයිද පෙන්වා බඩු විකුනන්නෝ බඩු විකුනති. දැන් ඒ සදහා ඇඩ්වර්ටයිසින් යන විෂය භාවිත කරති.
මේ ධනය මූලික වූ දියුනු වෙමින් පවතින අපේ රටේ බොහෝ දෙනා බඩු හෝ වෙනත් වස්තූන් පිටුපස පිස්සු බල්ලන් වැනිව දිව යති. 

අයෙක් ගෑනු පිටුපස දුවති. විවිධ අන්දමේ ගෑනුන් කිහිප දෙනෙක් සමග රමනයේ යෙදීම මහත් වූ සැපයක් ලෙස පිරිමි බහුතරයක් සලකන්නට හුරු වී ඇත. කෘතිමව පුම්බාගත් ඔසවා ගත් මස්  සහ රූපකායන් පිරිමින්ට පෙන්වීම තුලින් ගෑනුද වක්‍රාකාරයෙන් ලිංගික උත්තේජනයන්ට පිරිමින්ට ඉඩ හසර විවර කර දෙති. ඒ මත්තේ යන පිරිමි සහ ගැහැනු ටික කලකින් ඔවුනගේ මනදොල සපුරා ගනිති. මෙය වර්ථමානයේ බෝවෙන ලෙඩක් වැනිව පැතිරේ.
එක් පිරිමියෙක් එක් ගැහැනියෙක් මැ පතාගෙන ඔහු සමගම වාසය කොට මියයෑමට සිතීම පැරණි මෝස්තරයක් වන තරමට දැන් සමාජයේ ලිංගික ආකර්ෂනය විකෘති වෙමින් තියනවා යැයි නාකි අය කියති. එහි රුදුරු බවක්ද ගැබ්වුන මතයකි.  ලෝකයේ ඇති සෑම ස්ත්‍රී ලිංගයක්ම එක සමාන නොවුවත් ඒවා වෙනස් වූ පමණින් භෞතිකව සහ සිතට දැනෙන වෙනසේ ආශ්වාදය විඳිමින් අපි ඒවාට කාලය සහ අපගේ හැකියාවන් නාස්ති කරගන අවසානයේ ලබන උපරිම විනෝදය කුමක්ද? මද ගැස්සීමකින් විනාඩි දහයකින් සියල්ල යථා තත්වයට පත් වේ.
නමුත් සමාජය මගින් වැඩි ගැහැනුන් ගානක් සමග ලිංගිකව හැසිරෙන පුද්ගලයෝ යම් කිසි පොරවල් හෝ ගෞරව බහුමාන සහිත පුද්ගලයෝ යැයි සලකති. ප්‍රසිද්ධියේ එවැන්නෝ හෙලා දැක්කත් ඔවුන් මහා විනෝදයක් ලබතැයි බහුතර පිරිස පුද්ගලිකවම සිතති.
මිනිසුන්ගේ ආසාවන්ට සීමාවක් පරක් තෙරක් නොමැති නම් ඒ මිනිසුන්ට අවශ්‍ය දේවල් සියල්ල සැපයීමට සමාජය පාලනය කරන අයට හැකිද? මා නම් සිතන්නේ කෙතෙක් දියුනු රටක වුවද මිනිසුන්ගේ ආසාවන්ට වක්‍රාකාර බැමි ආදිය ඇතිවන්නේ නැතිනම් ඒ සමාජය මහා වියරු සමාජයක් බවට පත්වේ. ඔස්ත්‍රේලියා රට වසන අයට එක්තරා සීමාවකින් එපිට වස්තුව ධනය රැස්කරගතහොත් උන්ට බදු ලෙස විශාල මුදලක් රජයට නැවත ගෙවන්නට සිදු වේ. ඔහු කෙතෙක් දුක්මහන්සියෙන් අමාරුවෙන් මුදල් හරි හම්බ කලද එසේ මාන්සි වී ධනය සෙවීම බදු නොගෙවීමට නිදහසට කරුණක් නොවේ.
ඒ නිසා ඒ රටවල ඇත්තෝ සිය ආසාවන්ට යම් කිසි සීමාවක් තබාගන්නවා ඇත. මොකද කියනවා නම් සල්ලි ගොඩාරියක් වියදම් නොකර එකරැස් කොලොත් ආන්ඩුවට නිස්කරනේ බදු  මුදල් වියදං වෙන නිසාය.
මා දන්නා කතා දෙකකි. එකක් මදක් ලස්සන වැදගත් තැනක රැකියාවක් කරන ලද යුවතියක් යෝජනාවකින් විවාහ ප්‍රාප්ත වේ. ඇය රැකියාව කරනවාට අකමැති ඒ ස්වාමි පුරුෂයා ඇයට රැකියාව නොකොට ගෙදර නවතින්නට කියයි. මද කලකින් නිවසේ වියදම සහ නව නිවසක් ඉදිකරන්නට වීම නිසා පවුලේ වියදම බැලන්ස් කරගන්නට ඔවුන් අසමත් වේ. ඔවුන්ට ඉන් පසු දරුවෙකුද උපදී. සැමියා රට යයි. ඉන් පසු වසර එකකට හෝ දෙකකට වරක් ලංකාවට පැමිනෙන සැමියා ඒ සෑම විටම එක් ළමයෙකු බැගින් ඇයට ලබා දෙයි. එසේ ළමයි ලබාදෙන්නේ රූමත් බිරිය නිකරුනේ සිටියොත් රූමත් බිරිය පිටයාවි යැයි උගේ සිතේ ඇතිවෙන කුම්මැහි කමට වේ. දැන් ඒ රූමත් යුවතිය ළමයි හතර දෙනෙකුගේ මවකි.
දැන් බිරිය ඉස්සර තරම් ලස්සන නැත. දැන් අර මිනිහා තාම රටය. ඌ දැන් ගෙදරට කතා කරනවා අඩුය. ඒ මිනිහා ට වෙන ගෑණියෙක් සිටිනවා යැයිද? ඒ නිසා අර දරුවන් හතර දෙනාට සහ පවුලට කන්න දෙන්න විදියක් නැතුව අර බිරිය දැන් රැකියා සොයයි. අහෝ... !! අර මුලින් ස්ත්‍රියට තිබූ රැකියාව අහිමි නොකර සැමියාද ඔහුගේ රැකියාව කරගෙන මහා මාලිග තනන්නට සහ ඉරිසියාව හේතුවෙන් පැටවු ගහන්නට නොගිහින් සාමෙන් සිටියානම් එය අද වනවිට එය කදිම පවුලකි...

තවත් එසේ විවාහප්‍රාප්ත යුවලකද දරුවා ඉපදීමේන පසු සැමිතොමෝ රට පනී. එහිදී ඔවුන් කරන්නේ නිවසට වාහනයක් ගැනීමයි.වාහනයත් වෙනත් වියදමුත් වැඩි වූ කල දුවාගන්නට බැරි ජීවන  එන්ජිම කටාර් කරා සංක්‍රමනය වීය. දැන් ඔවුහු කසාද බැද ඉතා දුරු රටවල එකිනෙකාගෙන් ඈත්ව වාසය කරති.

අපේ ආසාවන් අසීමිත වන කල අපේ ඒ සියලු ආසාවන් සහ අවශ්‍යතාවයන් සපුරාලන්නට පාලකයින්ට හැකිද? අමු සිංහලෙන් ඇහුවොත්, සියලුම පවුල්වලට නිවාස, සියලු මිනිසුන්ට කාර්, සියලු ජනතාවට වැදගත් රැකියා, ආදී දේ සැබැවින්ම ආන්ඩුවකට සපුරා ලිය හැකිද? තට්ටුවක නිවසක් ඇති අයට තට්ටු දෙකේ නිවාස, මරුතියක් ඇති කාර් හිමියන්ට  හයිබ්‍රිඩ්...කම්කරු රැකියා කරන අයට සුපවයිසර් හෝ විධායක රැකියා, ආන්ඩුවකට හෝ පාලක ධාරාවකට හැකිද? හැකිනම් ඒ කෙසේද?

පුද්ගලික ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් අති බහුතර ජනතාවක් සිය ඡන්දය පුද කරන විට කවර නම් වූ සමර්ථයෙකුට ඒ මිනිස්සුන්ගේ පුද්ගලික අරමුණු සියල්ල සාක්ශාත් කල හැකි වේද? ඒ නිසා අපි රෙද්ද වත් මාරු කරල බලමු. හරියයිද කියලා.

Sunday, November 23, 2014

අලුත් 30ටඅඩු ස්මාට් ෆෝන්

ස්මාට් ෆෝන් එකක් කියන්නෙ වැදගත් බඩුවක්. කෝල් ගන්නවාට මැසේජ් ගහනවාට සීමාවෙලා තිබුන ෆෝන් එකේ රාජකාරිය එතනින් එහාට පැතිරිලා බහුකාර්ය වැඩවල නිරත වෙන්න හදපු කෑල්ලක් තමයි ස්මාට් ෆෝන් එක.
අපේ සිරිලංකාවෙ සල්ලි තියෙන මිනිස්සු ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. සල්ලි තියෙන කිව්වෙ සල්ලි අත දිග ඇරලා වියදම් කරන්න පුලුවන් මිනිස්සු ගාන. ඒ නිසා කාර් එකක්, ෆොන් එකක්, ලැප්ටප් එකක් වගේ එකක් ගන්න ගියත් අපි අපිට ලබාගත හැකි අවම පහසුකම් ප්‍රමාණය අපට ගැලපෙන මුදලට ලැබේද කියලා බලන්න වෙනවා.
ස්මාට් ෆෝන් එකක් ගෙවන්න ගන්න පවා සමහර විට අපිට සිද්ද වෙනවා. මොකද එකපාර අපිට ඒ මුදල දරාගන්න බැරි නිසා.

ඔපරේටීන් සිස්ටම් එක. (mobile OS)

ඇපල් කියන්නෙ ගනන් පලතුරක්. දැන් නම් අඹ වලට වඩා ඇපල් මිල අඩු වුනාට ඇපල් ඉස්සර ඉදන් හරි ගනන්. ඒ නිසා ඇපල් ගැන අප කතා නොකර ඉමු. ඇපල් කොයි තරං හොද වුනත් අපිට කිට්ටුකරන්න බැරි තරම් සමහර විටඅපේ මාස තුනක හතරක වැටුප තරම් ඇපල් (Apple phoene ) ගනන් නම් අපි ඒක ගැන හිතන එක තේරුමක් නැහැ.

ඇන්ඩ්‍රොයිඩ් තමයි දැන් ලෝකෙ ජනප්‍රියම ජංගම දුරකථන මෘදුකාංගය. රසවත් අතුරපස වල නම් වලින් එන ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම සාමාජිකයා ලොලිපොප්.(Android lolipop)  ලොලිපොප් වලට කලිං තිබුන අවසාන ජංගමදුරකථන මාදිලිය තමයි කිට් කැට්. ඊට පෙර ජෙලි බීන්, අයිස් කිරිං සැන්විච්, ඉගුරු පාන් ආදී නම් වලින් ඇන්ඩ්‍රොයිඩ් ඕ ඇස් එක ආවා.මේ ගූගල් අය හදන ජංගම දුරකථන පද්ධතියක් නිසා. ජී මේල්. ගුගල් මැප්ස්, ගූගල් ඩ්‍රයිව්, ගූගල් සර්ච් ආදී ගූඝල් මගින් සපයන විශාල සේවාවන් සංඛ්‍යාවක් නොමිලේම ඇන්ඩ්‍රොයිඩ් වලට වඩාත් පහසුකම් සපයනවා. ඒ කියන්නෙ ගූඝල් සේවාවන් සරලවම පාවිච්චි කරන් පුලුවන් හැකියාව ඇන්ඩොයිඩ් පාවිච්චි කරන අයට ලැබෙනවා.ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට ලෝකය පුරා භාවිත කරන මිලියන ගානක සෙනග පාවිච්චි කරන විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් තියෙනවා පාවිච්චි කරන්න. 

මේ ඇන්ඩ්‍රොයිඩ් ඕ ඇස් සලකා බැලුවාම ඇන්ඩ්‍රොයිඩ් කිට් කැට් කියන ඕ ඇස් එක මුලදි තිබුන ඉගුරුපාන් (ජින්ජර්බ්‍රෙඩ්) එක වගේම අඩු හාඩ්වෙයාර් පසුබිමක වැඩ කරන්න හදලා තියේලු. 512ක රැම් එකකින් සහ ඩුවල් කෝර් ප්‍රොසසරයකින් යුතු ෆෝන් එකක වැඩ සැලකිය යුතු මට්ටමකින් කරගන්න හැකියාව මේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට් කැට් වල තියේලු. ජෙලි බීන් වගෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් සාමාන්‍යයෙන් සිංගල් කෝර් ප්‍රොසෙසර් 512 රැම් වලදි දුවනවා. නමුත් ඇප් දෙක තුනක් එක්ක ැවඩ කරනකොට අඩාගෙන හූ කියාගෙන හෙන අමාරුවෙන් තමයි දුවන්නෙ.

මොබයිල් ෆෝන් පරණ වෙන්න වෙන්න අලුත් වැඩ ඒකෙන් කරගන්න බැරි අවුල්ක එනවා නේ. ඒ වගේම සමහර පෝන් වල  අපිට ඕන කරන දේවල් නැහැ. උධාහරන විදියට ඇන්ඩොයිඩ් 5 ලොලිපොප් කියන මොබයිල් ඕ ඇස් එක එනකල්ම ඇන්ඩොයඩ් ඔරිජිනල් ෆෝන් එකට සිංහල යුනිකෝඩ් පේන් නැහැ. නමුත් සැම්සුන් ෆෝන් වල පේනවා. සැම්සුන් ගැලක්සි විසින් දියුනු කරන ලද ඇන්ඩොයිඩ් ඕ ඇස් එකේ සිංහල පේනවා වගේම සරලවම සිංහල ටයිප් කරන්නත් හැකියාව තියෙනවා.

මේකට විසදුමක් විදියට අපිට ඕනි විදියට කෑලි බෑලි වෙනස් කරලා අඩු හාඩ්වෙයාර් වලටත් කදිමෙට වැඩ කරන්න හැකි විදියට අපිට ඕ ඇස් එක වෙනස් කරගන්න පුලුවනි. ඒකට මුලින්ම ෆෝන් එකේ අයිතිය අපිට ගන්න ඕනි. ඒකට රූ්ට් කරනවා කියලා කියෙනවා. එහෙම කරලා රූට් කරගන සයිනොජන් මූඩ් වගේ ඇන්ඩොයිඩ් කස්ටමයිස් කරපු ඕ ඇස් එකක් ෆෝන් එකට දාගන්න පුලුවනි. හැබැයි මේ ෆෝන් වල ඕ ඇස් මාරුකරන එක ටිකක් සංකීර්ණයි. කොම්පියුටර් වලට වින්ඩෝස් උබුන්ටු දානවා වගේ සරල වැඩක් නම් නෙමෙයි.ඒ වගේම අලුත්ම ෆෝන් එකක ඕ ඇස් අපිටඕනි විදියට මාරු කලොත් බොහො ආයතනවලින් ෆෝන් එකට ලැබෙන වගකීම් සහතිකය අවලංගු වෙනවා.

වින්ඩෝස් ෆෝන් හදන්න අරං වින්ඩෝස් කොම්පැනිය. නොකියාකිව්වාම මිනිස්සුන්ට ඉ්සසර තිබුන ගඩොල් ටයිප් ෆෝන් මතකයට එන නිසා මයික්‍රොසොෆ්ට් සහ නොකියා කම්පැනි තමුන්ගේලුමියා ෆෝන් නොකියා නමින නැතිව මයිකොසොෆ්ට් නමින් එන්න පටන් අරං. මේ ලුමියා වල තියෙන්නෙ වින්ඩෝස් ෆෝන් ඕ ඇස් එක. මුලදි පොඩි පොඩි අවුල් තිබුනාට දැන් නම් මේ ලුමියා එකයම් තරමක හොද මට්ටමට ඇවිත් තියෙනවා. ලුමියා ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු කෙනෙක්ට තරමක් අපහසුවක් ගෙනාවත් ඒක ටික දවසකින් ඇරිලා යාවි. ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව තිබෙන ඇප් සංඛ්‍යාව අඩුයි. නමුත් ලංකාවෙ බොහෝ ස්මාට් ෆෝන් පරිශිලකයින් භාවිත කරන ප්‍රධාන ඇප්ලිකේෂන් ගනනාවක් ලුමියා වල හරි ලස්සනට වැඩ කරනවා. මෙතන ලුමයා කියල හැදින්නුවෙ වින්ඩෝස් ඕ ඇස් එක එන එකම ප්‍රධාන පෝන් එකනොකියා ලුමියා නිසා. ඒකෙ එන ඕ ඇස් එක මයිකොසොෆ්ට් වින්ෙඩා්ස් මොබයිල් වෙන්න ඕනි.

ප්‍රොසෙසර් රැම් ඩිස්ප්ලේ සහ හාඩ්වෙයාර් කතා

ප්‍රොසෙසර් එක ගත්තාම ඩුවල් කෝර් ගිගාහට්ස් එකට වඩා වැඩි ෆෝන් එක්ක හොදයි. රැම් එකන්ම අද කාලෙ 512ට වඩා වැඩි වෙන්න ඕනි. ඒ වගේම ඇතුලත තිබෙන ෆෝන් මෙමරිය ගිගාබයිට් 8ට වඩා වැඩින්ම අපිට ඇප්ස් ගොඩාරියක් කිසි ගේමක් නැතුව ෆෝන් එකේ ඔබාගෙන වැඩකරගන්න හැකියාව ලේසියෙන්ම ලැබෙනවා. මීට අමතරව වීඩියෝ පෙන්නුම් කරන වීඩියෝ ප්‍රොසසරයත් වැදගත් කාර්යක් ස්මාට් ෆෝන් එකේ කරනවා. සමහර ස්මාට් ෆෝන් අවුවට ගියාම නම්බරයක් බලාගන්න බැරි මට්ටමට ඩිස්ප්ලේ එක කචල්. මේ ඩිස්ප්ලේ වලත් ගෝරිල්ලා වීදුරු, එල් සීඩි වීදුරු. ආදී වශයෙන් ගොඩාරියක් ජාිත එනවා. ඒ වගේම ඩිස්ප්ලේ එකක රෙසලූෂන් කියන එකත් විශාල පරාසයක වෙනස් වෙනවා. පිංතුරයක් අපිට පෝන් එකේ බැලුවාම ලස්සනට හැඩට කැත නැතුව පෙන්නුම් කරන්න මේ ඩිස්ප්ලේ එකේ තියෙන කොලිටි එක බලපානවා.

බැටරි..
ස්මාට් ෆෝන් වල තියෙන ලොකු අවුලක් තමයි බැටරි. කොයි තරං වැඩ කිඩ රාසියක් තිබුනත් ස්මාට් ෆෝන් වල තියෙන හැම පහසුකමක්ම එකපාර ඇක්ටිව් කරගෙන පාවිච්චි කරන්න හිතනවා නම් කාර් බැටරියක් පිටේ බැදන් යන්න වෙන සයිස් එකක් තමයි තියෙන්නෙ. ඒ නිසා ස්මාට් ෆෝ්න එකක බැටරිය ඒකට ගැලපෙන මට්ටමක තියේද කියලාත් බලන එක වැදගත් වෙනෝ. 

කැමරාව.
සමහරු හිතනවා පෝන් වලින් ගන්න පිංතුර එච්චර ලස්සන වෙල තියෙන්නෙ පෝන් එකේ තියෙන කැමරාවෙ හොද කම නිසා කියලා. මෙගාපික්සල් 5ක කැමරාවෙ මෙගාපික්සල් වලින් කියවෙන්නෙ පොටෝව ගත්තාම කොයි තරං ලොකුකරන්න ඇහැකිද එහෙම ලොකු කාරාම බොද නොවී පේන්න තියෙන හැකියාව කොච්චරද කියන එක. පාට ජාති පොටෝවක් විදියට හරවගන්න සෙන්සර් එක, ඒ සෙන්සරේ සයිස් එක ආදිය පොටෝ කොලටිය කෙරේ බලපානවා. අද කාලෙ නම් ඔය මොන විදියට පෝන් කැමෙන් පොටෝ ගත්තත් ඉෆෙක්ට්, කලර් බැලන්ස්, ආදි වැඩකෑලි දාන්න ඇහැක් එකාගේ පිංතුර ලස්සනයි කියලා අපිට පෙනී යනවා. ඒ නිසා මම හිතන විදියට නම් මෙගාපික්සල් 5ක හොද සෙන්සර් එකක් තියෙන ෆෝන් කැමරාවක් කියන්නෙ සාමාන්‍ය භාවිතයට ප්‍රමාණවත් කැමරාවක්.

 අපි ලාබෙට තියෙන ෆෝන් කිපයක් ගැන සලකා බලමු.

සැමුසුන් ගැලක්සි.

සැම්සුන් ගැලක්සි වල එස් ඩුවොස් (S duos)  කියන ෆෝන් එක මාර ජනප්‍රිය වුනා. ලංකාවෙ ජනප්‍රියම ස්මාට් ජංගම දුරකථනය සැම්සුන්.සැම්සුන් වල ඕනිම ඇප් එකක තියෙන සිංහල අකුරු හරි ලස්සනට පේනවා. සැම්සුන් ගැලක්සි විවිධ ස්පෙසිෆිකේෂන් අනුව එනවා.  ඒ වගේමඅපේ රට තුල ගොඩාරියක් ජනප්‍රිය පෝන් ජාතියක් නිසා ඩිස්ප්ලේ, බැටරි, වගේ නිතර මාරුකරන්න ඕනි කෑලි බෑලි හරි ලේසියෙන් ගන්නත් හැකියාව ලැබෙනවා. . ලංකාවෙදි සැම්සුන් ගැලක්සි ඔරිජිනල් ෆෝන් වලට අවරුදු දෙකක වොරන්ටි එකක් ලැබෙනවා.

සැම්සුන් හොද වුනත් සැම්සුන් වල තියෙන මම දකින අවුලක් තමා සැම්සුන් ෆෝන් අරං දවස් දෙක තුනකින් පට්ට විදියට ස්ලෝ වෙනවා. සාමාන්‍ය ෆෝන් මෘදුකාංග ආදිය ගැන දන්න කියන කෙනෙක්ට ඒක මගඇරගන්න හැකි වුනත් බොහෝ අය සැම්සුන් ෆෝන් තිබුනාට ඒක හරි ස්ලෝ කියන කම්පෙලෙන් එක දානවා..

මොටෝ
ලංකාව තුල ජනප්‍රිය නැතිවුනත් ලෝක මට්ටමේ ඉස්සරහට එන ෆෝන් ජාතියක් තමයි මොටෝ කියන්නෙ. ඉ්සසර තිබුන මෝටරෝල කියන කොම්පැනිය දැන් පොෂ් වෙලා මොටෝ කියලා තමයි ෆෝන් එන්නෙ. දැන් තියෙන මොටෝ ජී මොටෝ ඊ කියන ඇතුලු මාදිලි කිහිපයකටම ඉදිරියේදී ලොලිපොප් ඕ ඇස් එක ලැබෙන්න නියමිතයි. ඒ කියන්නෙ ඒ ෆෝන් දෙකේ සිංහල අකුරු පෙනීම සාර්ථක වේවි. ඒ වගේම දැන් තියෙන අලුත්ම නෙක්සස් 6 කියන ෆෝන් එක ඉදිරිපත් කරන්නට නියමිත වෙලා තියෙන්නෙත් මොටෝ කම්පැනියෙම තමයි. http://dialcom.lk/MobilePhones.php?cat_mob=9 මේ කියන ඩයල් කොම් කියන කස්ටිය ගාව මොටෝ ෆෝන් තියෙනවා. සාපේක්ෂව මොටෝ ෆෝන් ලාබයි වගේ තමයි පේන්නෙ.

වින්ඩෝස් ෆෝන්.

වින්ඩොස් ෆෝන් වල සිංහල පේනවා ඒ වගේම මේ දවස්වල වින්ඩෝස් ෆෝන් පට්ට අඩුවට http://mysoftlogic.lk/Phones_Mobile_Phones-3-3-9-9.html කියන ඔරිජිනල් සොෆ්ට්ලොජික් සයිට් එකෙන්ම ගන්න පුලුවන් කම තියෙනවා. මේ 530 ලුමියා කියන පෝන් එක සැලකිය යුතු මට්ටමේ එකක්. නමුත් රුපියල් 13,000කට වගේ මුදලකට මේක ලංකාවෙ අලෙවි නියෝජිතයාගෙන්ම මිලදී ගන්න හැකියාව ලැබෙනවා. ක්වඩ් කෝර් ප්‍රොසසර්, මෙගාපිස්සල් 5 කැමරාව, වින්ඩෝස් ඕ ඇස් එක, ආදි දේවල් එක්ක බැලුවාම මේ ගාන්ට නම් වින්ඩොස් ෆෝන් බොහෝම වටිනවා කියලා මට හිතෙනවා.

එල් ජී ෆෝන්..
අබාන්ස් ලාගේන් ගන්න එල් ජී ෆෝන් එකට කැඩුනත් බිදුනත්හදාගන්න පුලුවන් වොරන්ටියක් දෙනවා කියලා අබාන්ස් එකේ ඇඩ් එකට යනවා. නමුත් මේ එල් ජී ෆොන් වලිං සිංහල බලන්න බැහැ. අලුත්මඇන්ඩොයිඩ්ඕ ඇස් එක වෙන ලොලි පොප් ආවොත් හොදයි. එල්ජී වල ඩිස්ප්ලේ එක කැමර් එක සහ ෆෝන් එක හොදයි.ඒත් ලංකාවෙඒ තරංම හිට්ෆෝන් එකක් නෙමෙයි.

එක්ස්පීරියා ෆෝන්.
පොකට් කැමර් එකක් ගන්නවද ෆෝ්න එකක්ම ගන්නවාද කියලා කාරුහරි හිත හිත ඉන්නවා නම්  පොකට් කැම් එකේ තියෙන මට්ටමේම කැමරාවක් තියෙන ෆෝ්න එකක් තමයි එක්ස්පීරියා කියන්නෙ. එක්ස්පීරියා බෙහෝ ෆෝන් වල කැමරාව හොද තත්වයකින් යුක්ත වෙනවා.වතුර යන්නෙ නැති, ඩස්ට් යන්නෙ නැතිඑක්ස්පීරියා සෙඩ් (Xperia Z) කියන ෆෝන් එකත් ජනප්‍රියය්. නමුත් සෙඩ් එක ටිකක් ගනන් වැඩියි. එක්ස්පීරියා වලත් අරසිංහල අවුල එ්මම තියේ. ඒත් එක්ස්පීරියා ඉසෙඩ් වලට ලොලිපොප් අප්ඩේට් එක ලගදිම එනවා කියලා තමයි අාරංචි වල තිබුනෙ.

ෆෝන් එකක් ගන්න කලියෙංසහ ෆෝන් එක ගන්න වෙලාවෙ වුනත් අන්තර්ජාලයෙන් ඒ ගැන පොඩි සෙවුමක් කලාම ෆෝන් එකේ තියෙන අලගිය මුලගිය විස්තර තියෙන වැඩ කිඩ ඔක්කෝම ලැයිස්තු අපිට පෙන්නුම් කරනවා. ඒනිසා ෆෝන් කඩවල ඉන්න නයි නටවන්නො කියන පදේට ඔලුව වනනවා වගේම පොඩ්ඩක්ඒ ෆෝන් එකේ මොඩල් නම්බරේ ඉන්ටනෙට් එකේ සර්ච් කරලා බලන එක වටිනවා. 

මේ තියෙන්නෙ ෆෝන් ගැන උනන්දුවක් දක්වන හැමෝගෙම දැනගැනීම පිණිස මම පහුගිය දවස්වල හොයපු කාරණා ටිකක්. සමහර විට වැදගත් කාරණාවක් දෙකක් මිස් වෙලා ඇති. මීඨ වඩා හොද පෝනුත් වෙලදපොලේ ඇති. ඒ ගැන තොරතුරු දන්නවා නම් කොමෙන්ට් එකක් විදියට දාල යන්න,  අනික් අයටත් තොරතුරු බෙදාගන්න පිවිතුරු චේතනාවෙන්.

Saturday, November 8, 2014

ගරාවැටීම

අපේ ගෙවල් තියෙන්නෙ මූධට කිලෝමීටර 4-5ක් දුරින්. කෙලින්ම මූදට දුර බැලුවොත් නම් කිලෝමීටර 2-3ක් තමයි ඇත්තෙ. සුනාමි ආවයින් පස්සෙ අපේ ගෙවල් දිහා හැදුවා පොඩි ස්කෝලයක්. ඒකෙ කොම්පියුටර් ඉංගිරිසි උගන්වනවා කියලා මුලින් කතාව ආවා. ඉස්සරහ පොකුනකුත් තියෙන නිසා හරි ලස්සන තැනක, ලස්සන විදියට වැඩේ පටන් ගත්තා. 

මුලින් ඒකෙ පාසැල් ලමුන්ට අමතර පංති සෙනසුරාද ඉරිද වගේම සතියෙ දවස්වලත් තිබුනා. ඒකට ගුරුවරු ඇවිත් නැටුං එහෙමත් තිබුනා. හොදට අවුරුදු දෙක තුනක් මේක දිව්වා.

එක දවසක එකපාර කොළඹින්  ලොකු සෙනගක් ආවා. ඉන් ටික දවසකට පස්සෙ දවසක ලමයිට ලස්සනට ඇදන් එන්න කියලා තිබුනා සුනාමි ආපු වෙරල දිහා හිටපු අයගේ දරුවන්ට. ලමයි ලස්සනට ඇදන් ආවා. එදා කොම්පියුටර් විස්සක් තිහක් ඇවිත් දිලිහි දිලිහි තිබුනා. 

ලමයි හරිම ආසාවෙන් අර කොම්පියුටර් එක්ක සෙල්ලං කලා. කරලා කරලා බොහොමසතුටින් ඉන්න විදියට පොටෝ එහෙමත් ගහගත්තා අර කොළඹින් ආ මහත්වරු. මම හිතන විදියට මේ ආවෙ රාජ්‍ය නොවන සංවිධානයක්. ඉතිං අර ලමයි ටික ගියත් එක්කම එදා රෑම අර කොම්පියුටර් ටික ආයෙත් බොහොම හොදින් පැක්වෙලා කොළඹ ගිහින් තිබුනා. දරුවො ටික සහ කොම්පියුටර් එක්ක ගත්ත පිංතුර ටිකත් ඒ එක්කම රට යන්න ඇති. 

අපේ රටේ වුනත් සල්ලි ඇති මිනිහාටය කියලා විශේෂ කැහිල්ලක් නැහැ නෙව පිනට දෙන්න. සල්ලි තියෙන මනුස්සයාට වුනත් දරුවන්ට තව සෙල්ලං බඩුවක් අරං දෙන්න. බිරිදට ලස්සන ඇදුමක් අරන් දෙන්න..තමුන්ගේ වියාපාර වැඩිදියුන කරගන්න, තව මොනවා හරි සංචාරයක් කාරිය යන්න තමුන්ට තියෙන අමතර සල්ලි යොදාගන්න පුලුවනි. ඒත් ඒ පිටරට ඇත්තො අනේ මේ සුනාමි විපතට පත් වෙච්චි මනුස්සයොන්ට හරියට කන්න බොන්නවත් නැතුව දරුවොන්ට සලක්නනෙ කොහොමද?  කියලා හිතල ලංකාවට සල්ලි එවලා මේව හදලා අපේ දරුවන්ට තැනක් හදා දෙන්න හිතන්න ඇති. නමුත් ඒක වුනාද? නැහැ නෙව. 

මිනිස්සු කියන විදියට ආන්ඩුව හරි දූෂිතයි. කොමිස් ගහනවා.. හරි කැතයි. මිනිස්සු ගැන හිතන්නෙත් නැහැලු. මිනිස්සුම පත්කරගත් මිනිස්සු ගැනම එහෙම කියන එක අවුල් වුනත් අපි මොහොතකට හිතමු ආන්ඩුව සවුත්තුයි කියලා. එතකොට ආන්ඩුව කලුනං රාජ්‍ය නොවන සංවිධාන ආදිය මොන පාටද? ඒවා සුදුයිද? අනේ මන්දා මං හිතන්නෙ මේ ගරාවැටෙන්නෙ දේසපාලනය හෝ පාලකයෝ නිළධාරි විතරක් නෙමෙයි. අපි හැමෝම ශිෂ්ඨ සමාජයෙන් ගරාවැටෙනවා. හැබැයි අපිටත් වඩා ගරාවැටුන අප්‍රිකානු, රටවල්, තව ආසියාතික රටවල් ගොඩාරියක් තියෙන නිසා අපි ලොකු තැනක ඉන්නවා කියලා ඉලක්කං වලින් කියත හැකිවෙයි. ගොඩාරියක් කල් යනකං. 

අද ඒ ස්ථානය පවතින ආකාරය පහත රූප වලින් බලාගත හැකිවෙයි. ෆෝන් කැමරාවෙන් ගතපු නිසා පිංතුර පැහැදිලි නැතුව ඇති. 
 












Monday, November 3, 2014

මට දැනෙන්න වෙඩි තියන්න

යුදබිමේ ඉන්න සැමියා එනතුරු මගබලා ඉන්න ලගදි බැන්ද බිරිද.
  
වැඩ මරන්න වෙඩි තියන්න
පුරුදු ඔය සරීරේ..
මට බනින්න උඩ පනින්න
දුවල එන්න රහසේ.

පිනි වැටෙන්න පොද හැලෙන්න
පටන් ගත්ත මාසේ
ඔබ තෙමෙන්න ඉඩ තියන්නෙ
නෑ ඔබ මා පහසේ..

මත් බඹරා සිත් අවුරා
පැන් විලට පානගාලා
නෙත් වහලා හුස්ම හෙලා
නුරා ගැබ පියා සලාලා
මල් කඩලා වැල් හදලා
දෙයියන්ට රහසෙ වැදලා
කල් බලලම, ඇති කියලා
කියන්නම් හඩාලා..

බෙරි කරලා බත් උයලා
රැවුම් ඔබෙන් ගන්න
කන කරකවලා ඇස් වහලා
හොරෙන් දුවන් යන්න
සුද්ද කරපු යුද්ද කරපු
කතා අහන් ඉන්න

නැද්ද ගාය?  විද්ද හීය
අරන් සැනින් එන්න 

Sunday, November 2, 2014

බලා සිටියා

  මනමේ නාට්ටිය බලන්න ගමේ කොල්ලෙක් යනවා.ගියාට පස්සෙ එයාට හිතෙනවා අර දෙන්නටම කුමාරි එපානම් අනේ මටවත් එයාව ගෙදර අරං යන්න ලැබෙනවා නම් කියලා..

බලා සිටියා ඇස් නොපියා කට නොවසා..
තිරේ වැහිලා ඈ ගියෙදෝ මා හැරදා..
තාලෙට පනින්න ගී කියන්න බැරි හින්දා
මනමෙ කුමරී මාහට කමැතිද මන්දා..

රනින් මාල බන්දා නාවත්
රුවන් සේල හැරදා ආවත්
වත්සුනු පියරු පිරුන වෙස් ගැලවූවත්
මගෙ මනාපේ බොටමයි හැමදාමත්.

මෙලෝ වාසේ මනමේ කුමාරයට බෑනේ
කඩුව වැනුවත් ඌ කුමාර පැටියෙක්නේ
වැදිරජාටත් මේ ගම්බිම් දේසේ හරි නෑනේ
කුමරි මනමේ යමුද මේ ගමයා හා කරකාරේ..



මේ කවි පෙලට ලක්ෂණ තාලයක් තිබෙනවා. ඔබ තාලය අහන්න කැමති නම් යූටියුබ් වීඩියෝ එකෙනුත් අහත හැකි..  
ඒ වගේම පහත ඩ්‍රොප්බොක්ස් ලිංක් එකෙනුත් සිංදුව බාගෙන අහන්න පුලුවනි. 
https://www.dropbox.com/s/t3c32lpm3i7fja3/bala%20sitiya.mp3?dl=0

Saturday, November 1, 2014

කරන කලට පවු මීරිය බැද්ද සේ

පසුගිය සතියෙ හිට්ම නිවුස් එක කොස්ලන්ද මීරියබැද්ද. එකපාර එකසිය අනූ දෙකක් සහ නිවාස පේලි කිහිපයක් සෙත්ත පෝච්චි වුනා. අපි දැන් දැකබලා ගමු ඒ සෙත්ත පෝච්චි වෙච්චි නිවාස වල තත්වය. 
1

   
2
අංක 1 පින්තූරයෙන් නාය යෑමට පසුත්..අංක 2න් නාය යාමට පෙරත් පිංතුර දැක්වෙනවා. සිද්ධිය වාර්ථාවෙන අන්දමට මේ වෙලාව වනවිට පාසැල් යන සිසුන් සහ මේ පලාතේ කොස්ලන්ද වත්තේ වැඩට යන අය ගිහින්. ඉතිරි වුන අය තමයි විපත්තියට මුහුන පෑවෙ. මේ නිවාස දිහා ගුවනින් බැලුවාම පේනවා මේවා නිවාස නෙමෙයි. ලැයින් කාමර.මේ වගේ නිවාස පේලියක පවුල් එකසිය ගානක් සහ මිනිස්සු පන්සීයකට අධික ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. 

මේ ලැයින් කාමර වල ඉන්න මිනිස්සු අයිති වත්තට. සමහර විට ලේඛන නීති රීති සහ අනෙකුත් දේවල් වලින් ඒ අය ස්වාධීන වුනාට ඇත්තම තත්වය ගතහොත් මේ මිනිස්සු වත්තෙම තියෙන ගහකොල සතා සීපාව වගේ අයිතිකාරයට තමයි ඔක්කොම ඒ මිනිසුස්න්ගේ මිනිස් අවශ්‍යතාවයන් අයිති වෙන්නෙ. මේ අපිට සුද්දා එක්දාස් අටසිය ගනන්වල ගෙනත් දීපු තෑග්ගක්. 

සුද්ද වතු වැඩට මිනිස්සු මදි නිසා දකුනු ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවා. එහෙම ගේනකොට මේ පැතිවල තියෙන ශිතලට සහ වරායේ සිට මෙහෙට එනකොට මිනිස්සු ගොඩදෙනෙක් මිය පරලොව ගියා. ඉතිරි වුන අය බහුතරය තාමත් මේ විදියට වතුවලටම වෙලා වැඩකරගෙන ඉන්නවා. 

මේ මිනිස්සුන්ට ලැෙබන වැටුප රුපියල් පන්සීයක් වගේ වෙන්නෙ. ඒ වගේම ඒ අයගේ ජලය, මාර්ග, නිවාස ආදී සියලු දේවල් සපුරන්නෙ නියමිත වෙලා තියෙන්නෙ වතු අධිකාරිවරුන්ට. 

නූතන ලෝකයේදී ව්‍යාපාර සහ වගා කටයුතු ආදි ක්ෂේත්‍රවල වහලුන් විදියට වැඩ ගන්න ක්‍රමය යල්පැන ගිහින්. ව්‍යාපාර වගා ආදිය ලාභ ලබන විට කොටසක අයිතිය ඒවායේ වැඩකරන සේවකයින්ටත් හිමවෙනවා. නමුත් මේ තේ වතු ලැයින් කාමර වල ඉන්න ඇත්තන්ට ඒ විදියට ලාභ බෙදෙනවාද? තේ වතු ලාබ ලැබීමට සාපේක්ෂව එවුන්ගේ ජීවන තත්වය වැඩි වෙනවාද? මම හිතන්නෙ නම් එහෙම වෙන්නෙ නැතුව ඇති. 

මිනිස්සුන්ට මේ විදියෙ වහලුන් විදියට සලකන එක වැරදියි. අධ්‍යාපන, ආහාර, නිවාස, ඇදුම් ආදී බොහෝ දේ ගැන මේ ජනතාවට වත්තෙන් එහා ගිහිපු මතයක් නැහැ. ලෝකයක් නැහැ. 

තේ වතු කර්මාන්තය දැන් අලාබ ලබනවා කියලා සමහර අය කියනවා. නමුත් පහතරට පැත්තෙතේ වගා කරන කුඩා තේවතු හිමියන්තේ අක්කරයකින් දෙකකින් ලැබෙන අස්වැන්න මත ඔවුන්ගේ ජිවිත ඉතාම සාර්ථකව ගෙනියනවා.ඒ පහතරට පැතිවල කුඩා ඉඩම් කට්ටි වලතේ වගා කරන අයතේ ෆැක්ටරි වලට දළු විකුනලා ගන්න ආදායමින් සැලකිය යුතු අන්දමේ ලක්ෂණ ජීවිත ගත කරනවා. 

ඒ මට්ටමටම උඩරට සහ ඌූවෙ මහා වතුයායන් වල වැඩකරන මේ දුප්පත් මිනිස්සුන්ගේ තත්වය වැඩි කරන්න අමාුරුයි. නමුත් ේත වතු ආදියෙන් එ ඒ සමාගම් ලබන ලාබයෙන් සුළු කොටසක හෝ හිමිකම මේ අසරණ සේවකයින්ට ලැබෙනවා නම් අඩුතරමෙ ඔවුන්ට දරුවෙක්ට උගන්වගන්න, ගෙයක් දොරක් නැතත් කාමරයක් හදාගන්න, විනෝද චාරිකාවක් ඉන්දියාවට ගිහින ආදි දේවල් කරගන්න පුලුවන් වෙයි. 

සමාජය දියුනු වෙනවා කියන්නෙ ප්‍රශ්ණ ඇතිවුනාම ප්‍රශ්ණ සජ්ජායනය කරන එක නෙමෙයි. අපි එතනින් එහා හිතන්න ඕනි. මේ ගැටළුවට හේතුව ලංකාවෙ ආපදා කළමනාකරණය, රජයේ වගකිව යුතු ආයතන වලටත් වඩා බැරවෙන්නෙ මේ දුප්පත් දමිල ජනතාව පත්වෙලා තිබෙන උපන්ගෙයි දෝෂය. ඔවුන් ජීවත්වෙන වතු මානසිකත්වය. ඒවා වෙනස් කරලාඒ මැරුන සහ එදිනෙදා මැරි මැරි ජීවත්වෙන කාන්ඩයත් මිනිස්සුම  නෙවද කියාල හිතන්න සහ ඒ වෙනුවෙන් පෙනීසිටින්නට  තරම් අපි සමාජීය වශයෙන් උසස්ද?

Monday, October 27, 2014

වැනෙන හංස Yuwala

විටෙකදි නෙත් සරය කියන්නේ
හොරහින් මදෙස බලන්නේ
ඇයි මරු දූතිකාවියේ
වැනෙන හංස යුවල මාව මත් කලේ








සැලෙන නිතම ලෙලේ
නිලට නිල් ඩෙනිමේ
පවස නිවනු ලෙසේ
වාරම් කියමු නගේ..

හිත ඒ පැත්තේ
දෙන්න දෙපැත්තේ
කවදද ආතුරයා
යහනට එන්නේ





කූරු කොන්ඩ කරල් දෙකට ගෙතීයන්
හිරට ඇළුනු සලු ගැලවී ලිහීයන්
රතින් වැහුනු තොල් රන් සේ වැහීයන්
අහසෙ ඉන්න උඹ පොලවට වැටීයන්  

මේ කවිය කියන තාලය අහගන්න මෙතන ඔබන්න. 
යූටියුබ් එකේ අහන්න මෙතන ඔබන්න. 

මංගලාරාම PLC සහ බෞද්ධ ECG

චීවරේ පෙනුන පලියට පොඩි දරුවො ඉන්න තැනක නම් මේ වීඩියෝ ඕපන් කරන්න එපා. මොකද මේ චීවරධාරියා චීවර දරන අය සාමාන්‍යයෙන් කතා කරන විදියට නැතුව වෙනත් විදියකට තමයි කතා කරන්නෙ. කොටින්ම නානසාදුටත් එහා.. 

පිංවතුනි ඔබ මේ වීඩියෝව තවමත් දැක්කෙ නැත්නම් මෙන්න ඒක

මේ පොඩ්ඩක් පසුව පටිගත කල එකක්..
 


මේ හාමුදුරුවන්ගේ හමාර බණ


දැන් පිංවතුනි අපි මේ ගැන බුකිවාසී මගේ මිතුරියකගේ අදහස දැනගනිමු..ඇය මීට මාස කිහිපයකට පෙර මේ පැත්තෙ චාරිකාවක් ගියාය. ඉතිං ඇයගේ විස්තරය ඇත්තය කියලා මම සිතනවා. 

“හැම තැනම කතා වෙන ශෙයාර් වෙන විඩියෝවෙ හාදුමුරුවො දැකල පුරුදුයි. යකඩෝ....................බැලින්නම් ඒ අපි ත්‍රිකුණාමලයෙ යද්දි අතරමග නවාතැන් ගන්න නැවතුනේ ඔය කියන චණ්ඩි හාමුදුරුවන්ගේ පන්සලේ නවැතැන් පොලේ නෙව. උදේ ම නඩේ යන්න කලින් කතා කරල අරන් හෙණ දේශමාමක බණකුත් කීවා. “ අනේ පවු නේ ද, දන් ටිකක් වත් දෙන්න කෙනෙක් නෑනේද “ කියල හිතල නඩේ ඇත්තො සල්ලිත් එක්කාසු කරල දුන්න... මට මතකයි එක ජෝඩුවක් එවලෙම පිරිකරකුත් පූජා කරා. ඒත් කිහිප දෙනෙක් කුටු කුටු ගාලා බැන්නත් එක්ක.එදත් හාමුදුරුවෝ කීවා තමා වටේම ඉන්න අය එක්ක නඩු කියන කතාවක්. වටේම ඉන්න මුස්ලිම් මිනිස්සු පන්සල අල්ල ගන්න හදනව කියලත් කීවා.ඔය පන්සල ලගදි තමා අපි අර බස් එක උඩ නැගල එහාට මෙහාට යන රිලා නයිදෙවත් දැක්කේ. එදත් හරිම ආවේග ශීලි කතාවක් තමා කලේ. හැබැයි කුණුහරුප නම් කීවේ නෑ මළ කෙළියයි. මොකක් ද හාමුදුරුවනේ මේ කර ගත්තේ . හැබැයි ඉතින් කතා දෙකක් නෑ. නවාතැන් පලකුත් පන්සල එක්කම කරන නිසා විදුලිය කොකු ගහල ගන්නෙක නම් පට්ට ලාභයි. " 

දැන් අපි සිතමු මේ පංසලට මාසෙකට නඩ තුනක් විතර නවාතැන් ගන්න එනවාය කියලා. ඒ වගේ වෙලාවක මේ හාමුදුරුවන්ට ආදායම් දෙකයි. එකක් 
ජාතිවාදය මගින් නඩුවැඩ, පුරාවිද්‍යා වල විවිධ වැඩ ආදියකියලා ගන්න සල්ලි. 
අනික තමයි එන අයගේ නවාතැන් පහසුවට ගන්න සල්ලි. 

එහෙම සල්ලි මාර්ග දෙකක් තියෙන මේ තුමාට ලයිට්බිල ගෙවාගන්න බැහැ ලු.. හැබැයි මේ වීඩියෝ ෂෙයා වෙන්න වෙන්න තවත් හාමුදුරුවන් ජනප්‍රිය වෙලා එයාගේ ආදායම තවත් වැඩිවෙනවා.  ආගම් වලින් සල්ලි හම්බකරන විශාල මෝරුන් අතර මංගලාරාම සාදු හාල්මැස්සෙක්ටත් වඩා පොඩි ඇති. නමුත් ඉතිං බිස්නස් කරනකොට තමුන් ගන්න සේවා වලට ගෙවන්න ඕනි. ඒකනෙව වෙන්න ඕනි.

Saturday, October 25, 2014

මගේ මංගල දැන්වීම

කොළඹ කොටුවට නුදුරු දුම්රිය මාර්ගයක් ආසන්නයේ නිවසක බින්න බැසීමට කැමති තරුණයෙකුට මනාලියක් සොයයි. 

මීගමු කෝච්චි පාරේ නම් ජා ඇල දක්වාත්, ප්‍රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩ දක්වාත්, කැළණිවැලි මාර්ගයේ කොට්ටාව දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දක්වාත් සළකා බැලේ. 

විශාල පවුල් බරින් තොර වීම මනා වන අතර මාගේ වැටුප සාමාන්‍ය රාජ්‍ය සේවක ලිපිකරුවකුගේ වැටුපට සමාන වේ. රැකියාව අස්ථිර වුවත් වසර දහයක පටන් මේ අස්ථිර රැකියාවේ කිසිවෙකුත් ඉවත් කොට නැත. බැංකු ණය ලබාගැනීමටද හැකිය. 

යුවතිය විශාල මංගල උත්සව ආදිය ගැනීමට අකමැති වීම විශාල සුදුසුකමක් වන අතර (අවශ්‍යනම් ලක්ෂයක් දෙකක් වියදම් කර කුඩා මගුලක් ග හැක.) ගෙවල් සැදීමට සහ කාර් එකක් ගැනීමට මෙම වැටුපෙන් නොහැකි වන බැවින් ඒවා ගැන විශාල බලාපොරොත්තු නොමැති ගැහැනු ලමයෙකු වීමද වටිනා සුදුසුකමක් වේ. 

විවෘත මනසක්,මනා සිරුරක්..හුරුබුහුටි කයක්, දගකාර ජීවිතයක් වැනි ලක්ෂන වලට ලකුනු නොලැබෙන අතර (තිබුනාට කම් නැත)  ආවේනික ගන්ධයක් සිරුරෙන් හමයි නම් එයට මා අකමැති බව කණගාටුවෙන් වුවද පවසන්නට කැමතිය. 

ගෙදර දොර වැඩ නොදැනීම ගැටලුවක් නොවන අතර දෑවැද්ද නොසලකා හැරේ.. දෑවැද්ද ලෙස ඉතා කැමැත්තෙන් යමක් ලැබේනම් මවුපිය කැමැත්තට පිටුපෑම, සම්ප්‍රදායට ගැරහීම යුතු නොවන බැවින් එයට එකග වෙමි. 

රැකියාවක් නොමැතිව නිවෙස්වල සිටින විට නැති ප්‍රශ්ණ උත්පාදනය විය හැකි බැවින් කවරහෝ තරාතිරමක රැකියාවක් තිබිම හොදය.

කේන්ද්‍රයේ යෝනිය කුමක්දැයි මට වැදගත් නැත, නමුත් දෙමාපියන් වැඩිහිටියන් සහ පරම්පරා කුට්ටමේ අය කේන්දර ගැන විශ්වාස කරයි නම්ඒ සදහා කේන්දරයක් තනාගැනීමේ පහසුකම මට ඇති බැව් සතුටින් දන්වා සිටිමි. 

නිතර දුරකථනයෙක් කතාකිරීමට අකමැති හෙයින්ද, ප්‍රේම කර පළපුරුද්ද නොමැති බැවින්ද මා හට සුළු කාලයක්හෝ ප්‍රේම කිරීම කල නොහැකි යැයි සිතමි. එබැවින් හමු වූ විගස පහසු කාල වේලාවන් අනුව කසාදම බැදීමට හැකිනම් එය වඩාත් සුදුසු වේ.  

මේ දැන්වීම පළ කරන්නේ මා විසින්ම වන අතර කසාද බැදීමට උවමනාව ඇත්තේද මා හටය. දෙමාපිය නෑදෑ යාලු මිත්‍රයින්ගෙන් කසාදය කිසිදු බලපෑමක් සිදු නොවන අතර අප නිවසට යන එන විට සංවරව හැසිරීමට බොහෝ ගැහැනු ලමුන්ට අපහසුවක් නොවේ යැයි සිතමි. 

මෙය කියවන ඔබම හෝ ඔබ දන්නා කියන ගැහැනු ලමයෙකු මේ ලක්ෂන වලින් බොහොමයක් සම්පර්ණ කරන්ෙන් නම් ඊ මේලයක් හරහා මට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

ඊමේල් නම්බරය : indika27@gmail.com

ස්තූතියි.
.(විහිළුවට ප්‍රතිචාර දක්වන ගැහැනු ලමුන් සිටීනම් ඔවුන් විහිලුවට කසාද බැදීමට ද කැමති බව මා විසින් නිගමනය කරනු ලැබේ. )

Thursday, October 23, 2014

වත්තක් ගන්නවා වෙනුවට ජනේලයක් ගැනීම

වත්තක් ගන්න බැහැ ලේසියෙන්. ඒ නිසා අපි ලස්සන ජනේලයක් අරගෙන ලස්සන තිර දානවා. අවුලක් නැහැ යසට පේනවා නොවැ. හැබැයි ඉතිං දැන් හැදෙන ගෙවල් වල ලොකු තිර දාල ලස්සන ජනේල තිබුනාට ඉස්සර වගේ මහා දුර ඈතක් පේන්නෙ නැහැ. වැඩිම වුනොත් අල්ලපු ගෙදර අවුරුදු හැටදෙකක් විතර වයසක රූමත් ඇන්ටි රෙදි වනනවා පෙනේවි. එච්චරයි.

මම අලුතින් ෆෝන්, ඉන්ටනෙට්, ලැප්ටොප්, හෙඩ්ෆෝන්, සීඩී ආදිය මිලදී ගන්න හදන හැමවෙලාවෙම අපේ තාත්තා කියන දෙයක් තමයි. ඕවයින් එක රුපියල් හම්බ කරන්න ඇහැක? වියදම විතරයි. නිරපරාදෙ. ඒ ඔහුගේ අදහස. 
දැන් කාලෙ තවදුරටත් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් බඩු වලින් ඉස්සර කාලෙ වගේ නම්බුවක් තැනක් ලැබෙන්නෙ නැහැ. ඇපල් ෆෝන් එකකින් එහෙම දෙයක් ලැබුනත් ඒකත් භාවිත කරන  තැන අනුව වෙනස් වෙනවා. 

අද මම ඇතුළු තරුණ ජීවිත බොහොමයක් දුවන්නෙ යම් කිසි කෘතිම වේදිකාවක. ඒ කෘතිම වේදිකාව වෙලාවකට ඉන්ටෙනෙට් , ෆේස්බුක්, වයිබර් හෝ ෆෝන් එක වෙන්න පුලුවනි. කෝල්, මැසේජ් සෝෂල් නෙට්වර්ක් හරහා අපි අලුත් ලෝකයක් අපේම වෙනම අවකාශයක් හදාගෙනයි ඉන්නෙ. අපේ ජීවිතය නිර්මාණය වෙන්නෙ මේ ඉලෙක්ටොනික අවකාශය හරහා..කෙනෙක් කියන්න පුලුවනි. අනේ මම පේස්බුක් යන් නැහැ. ෆෝන් එකෙන් ගේම් ගහනවා විතරයි කියලා. නමුත් ගේම් ගහන්නෙ කා එක්කද? කාරුවත් නැහැ නේද? ඒ කියන්නෙ ඉස්සර ගේම් ගහද්දි හිටපු පිරිස වෙනුවට අද ඉන්නෙ නිර්මාණය කරපු අවකාශයක් විතරයි. 

මං එක්ක කෝච්චියෙ යනවා ලස්සන ගෑනු ලමයි දෙන්නෙක්. සංකරණ හා සංයෝජන අනුව කෙසේ වෙතත් අපි තුන්දෙනා බොහෝ වෙලාවට එකලග යනවා. ඒ ඇයි කියන්න දන්නෙ නැහැ. එකම දොරෙන් අපි තුන්දෙනාම නගිනවා. 
මං එක ගෑල්ලමයෙක්ට ලයික් වෙලා ගුඩ් මෝනින් කිව්වා දවස් තුන හතරක්. එ් ගෑල්ලමයා සුදුයි. ලස්සනයි.එයා මම ගුඩ්මෝනින් කිව්වාම උත්තර දෙන්නෙ අර ඊජිප්තුවෙ ගීසා වල පිරිමිඩ් එකේ ඉන්න ගෑනු රූපෙ වගේ. කිසිම හැරිල්ලක් නැහැ..එයා බලං ඉන්න පැත්තම බලාගෙන ගුඩ් මෝනින් කියනවා. කිසිම ඇක්ෂන් එකක් නැහැ. මං දවස් කිපයක්ම උත්සාහ කලා. ම්හු.. වැඩක් නැහැ ඒක මහ පරණ ඇන්ජිමක්..කොච්චර ගැහුවත් ස්ටාට් වෙන් නැහැ. 

එයා මම කරදර කරනවාට අකමැති නම් කෙලින්ම කියන්න තිබුනා නෙව..එපා කියල..එහෙමත් නැහැ. සති තුන හතරක් තිස්සෙ වාතවෙලා කතා කරන්න ගිහින් තව මාසයක් විතර දැන් කතානොකරත් ගෙවිල ගියා. තාමත් එහෙම්මයි. අපි එකලග කෝච්චියෙ ගියාට මං හිතන්නෙ මැෙරනකල් එක ලග  ගියත් කතා බහ කරන එකක් නැහැ.

ඔය ගෑනුනේ..පිරිමි කියාල මහ වෙනසක් නැහැ. සමාර විට අවුරුදු ගනන් එක ලග වාඩිවෙල යනවා නෝ කතා නෝ සිනා..කිසිම හැල හොල්මනක් නැහැ. සමහරු ෆෝන් කනේ ගහන්. සමහරු ගේම් ප්ලේ කරනවා. තවත් අය ෆෝන් එකෙන් චැට් කරනවා. නැත්තං නිදි. 

නමුත් මීට අවුරුදු පනහකට හැටකට කලිං එහෙම නැහැ. මිනිස්සු බස් එකක යද්දි කතා බහ කරනවා. දැනටත් ගමකට හදිසියකට යන්න වුනොත් ගමේ මිනිස්සු පිටින් එන අය එක්ක කත කරන ගතියක් තියෙනවා. නමුත් කොළඹ දි එකිනෙකා වැදුනත් සොරි වලින් එහාට කතා වක් නැහැ. 

අද අපි විනෝදය ගන්නෙ උපකරණ හරහා. රූප පෙට්ටිය, පරිඝනකය, රේඩියෝව.ෆෝන් එක..ආදී දේ වලින් අපි විනෝදය ලබා ගන්නවා. නමුත් අපේ තාත්තලා රන් කරපු නවසිය පනහ හැට ගනන් වලදි විනෝදය බොහෝවිට ලබාගන්නෙ උපකරණ වලින් නෙමෙයි. එයාල අවස්ථාවන් හරහා සාමූහික ක්‍රියාකාරකම් හරහා විනෝදය ලබනවා. සමහර විට ඒ සාමුහික ක්‍රියාකාරකම් ජීවිතය රක්ෂාව සමග බැදුන ක්‍රියාකාරකම් වෙන්න ඇති. 

ඉස්සර ගොයිතැන් වැඩ ආදිය කරද්දි ඒ වගේ සාමුහික වැඩ කටයුතු ආදිය තියෙන තැන් තිබුනා. පසුකාලීනව චිත්‍රපටි, මියුසිකල් ෂෝ තොවිල් පවිල් ආදිය ආවත් ඒවා පවා සාමූහික ක්‍රියාකාරකම් වුනා. ඒ දවස්වල මැච් බලනවා වගේම මැච් ගහනවා. නමුත් අද බොහෝ සාමූහික වැඩ නැවතිලා අපි ඉලෙක්ට්‍රොනික් මය විනෝදයට ඇබ්බැහි වෙලා තියෙනවා. 

වියදම අතින් ගත්තා වුන්ත ලැප් එකක්,ස්මාට් ෆෝන් එකක්.ඩේටා කනෙක්සමක්, හෙඩ් ෆෝන් එකක් ගන්න වියදං කරන සල්ලි ඔක්කෝම එකතු කරලා තව කරන්ට් බිලත් එකතු කලොත් අපිටඒ සල්ලි ඔක්කොගෙන්ම නාට්ටි කීයක් බලත හැකිද? මියුසිකල් කොන්සැට් කීයක් අහත හැකිද? ෆිල්ම් කීයක් බලත හැකිද? 

අපේ තාත්ත ඔය ඉලෙක්ටොනික් බඩු ගන්න හැමවෙලාවම අහන ඔය දේවල් වලින් හම්බකරන්න හැකිද කියන ගැටලුව අස්සේ තියෙනවා  පොඩි පරම්පරා වෙනසක්. අපේ තාත්තලයි කාලෙ බඩු ආදිය ගත්තෙ යම් කිසි තැනකට ආවම. උදාහරන විදියට අපේ ගමේ ඉස්සර ටීවි  රේඩියෝ, ෆෑන්, ටැට්ටර්, බයික්, ත්‍රීවිල් ගන්නවා. ඒ බඩු ආදිය ගන්නෙ ඒ ඒ තත්වයට ආවම. ඒ කියන්නෙ සල්ලි ගොඩක් තියෙන මිනිස්සු බඩු හරහා තමුන්ගේ තත්වය ප්‍රදර්ශනය කලා. 

ඒ වගේම අපේ තාත්තලා පාවිච්චි කරන බඩු කෑලි සීමිත ගානය් ඉස්සර ගෙවල් වල තිබුනෙ. කැත්ත උදැල්ල, මුල්ලුව, වීල් බැරෝව, කරත්තෙ වගේ හැම දෙයක්ම කුමක් හෝ ආදායම් ලබන්න හේතු වුනා. ඒ නිසා අපේ තාත්තලයි පරම්පරාවෙ අය හිතනවා අඩේ හැම බඩුවම සල්ලි හොයන්න දායක වෙනවා කියලා. ඒ අතින් බලනකොට අපේ තාත්තට මේ පෝන් එක සල්ලි හොයන්න දායක වෙන හැටි හිතාගන්න බැහැ. 
මේකට එක්තරා විදියක ෆෝන් සහ තාක්ෂනයේ දියුනුවට සාපේක්ෂව ලාංකික අපේ ජීවිත සරල කරන්න ලේසි කරන්න තාක්ෂණය ඒ තරං උදව් නොවීමත් හේතු වෙනවා වෙන්න ඇති.

කස්ටියක් හිතන්න පුලුවනි. ෂැහ් ඒ කාලෙ වැල බලන්න ටීවි, ලැප්, ෆෝන් නැහැ බඩුවක් ටෝක් කරගන්න ෆෝන් එකක් නැහැ.. මලක් කඩාගන්න විදියක් නැහැ. කොහොමද ඒ කාලෙ කෑලි සෙට් කරගන්නෙ කියලා. අහ්..කාලයේ වෙනසක් නැතුව ඒකාලෙත් මේ වගේම තමයි. මට ඔය පරණ අයගේ කතාවලට රබර් කණ දානකොට ඒ කාලෙ ලදු කැලෑ, කටුපදුරු, වගේම බඩවැටි ඕවිටි අස්සෙත් සිද්ද ිෙවච්චි විවිධ සිද්දි කණට වැටෙනවා. එතකොට හිතෙනවා අඩේ මේ කොන්කිරිට් වලට වඩා බඩවැටි, ඕවිටි, කටුපදුරු, ලදුකැලෑ කොචඤ්චර සනීපෙට තියෙන්න අතිද කියලා.. 

Wednesday, October 22, 2014

මල් කිනිති නෑ දැන්නම් mal kinithi ne dennam


මල් කිනිති නෑ දැන්නම්
දූවිල්ල ඇති බිමේ..
වැටුනාද බොල් පිණි දන් නෑ
පේන්නේ නෑ ඉමේ..

බිත්ති අතරින් වටවී
පාලු වූ වීදියේ
සිඹින්නට තෙරපෙන්න
ආසයි.. මේ සැදෑවේ..

වැස්ස වැටිලා තෙමිලා
පාර වතුරෙන් වැහිලා..
ආදරේ ඒ වාගේ උතුරා
යන්න හදනෝ ද මන්දා..

දාහක් දෙදාහක් තිබුනානම්
වෙලාවක් ඉඩක් හමු වීනම්
පියඹාලා ගොස් සිත්සේ
ආකහේ ඈතින්
කූඩුවෙන්නට තිබුනා
කැදැල්ලක් සොයලා  සෙනෙහසින්..

 මේ කවි ටික මම තාලෙට කියලා යූ ටියුබ්බෙකට දැම්මා. කැමති කට්ටිය ඒකත් බලලාම යන්න.

Tuesday, October 21, 2014

බලු ගැටළුව විසදන්න බල්ලො මරමු




 ඉස්සර බල්ලො මැරුව. පාරෙ ඉන්න බල්ලො බලුවෑන් එකෙන් ගෙනියනවා. බලු වෑන් එක, බල්ලො අල්ලනඉස්පැක්ටර් ලා ඉස්සර කාලෙ ඉදලා තියෙනවා. දැන් බල්ලො ඉන්නවා. නමුත් මරන්නෙ නැහැ. 
අයාලෙ යන බල්ලො නිසා අනතුරු වෙනවා වැඩියි. ප්‍රධානතම අවධානම තමයි ජලභීතිකාව. ජලභීතිකාව ඇතිවෙන්න එක මූලික හේතුවක් බල්ලෝ අපිව හැපීම. පාරෙ ඉන්න බල්ලො නාන්නෙ නැහැ. උන්ගේ ඇගේ මැක්කො,කිනිතුල්ලො, සහ ඇහැට නොපෙනෙන රෝගකාරකයින් බොහොමයි. ඒ බල්ලන්ගෙන් ඒ ආකාරයේ රෝග ආදිය බෝ වෙන්නත් පුලුවනි. 

මේ ඉහත වීඩියෝවෙ තියෙන බස් නැවතුම මේ ආන්ඩුවෙන් ලක්ෂ ගානක් වියදම් කරල හදපු එකක්. ඒ බස් නැවතුමට මම යනකොට බල්ලො හත් අටදෙනෙක්ම වැස්සට ඇවිත් තිබුනා. මිනිහෙක්ට එතන ඉන්න අමාරු තරං ගදයි සමහර බල්ලො. සමහර උන් කසනවා කසනවා ඉවරයක් නැහැ. 

ඒ මදිවට බල්ලො පොරකනවා. බල්ලන්ට සහ සත්තුන්ට ආස අය එකතුවෙලා තමයි මේ බල්ලො මරන්න බැහැ කියන නීතිය ගෙනල්ල තියෙන්නෙ. මට අනුව ඒක ඕනි නැති නීතියක්. බල්ලො වුනත් සමාජයට ප්‍රජාවට වැඩි නම් උන් අයින් කරන්න ඕනි. බල්ලො උපරේෂන් කරලා උන්ගේ අනාගත කූට්ටම අයින් කරන එක හොදයි. නමුත් ගංතුලානෙ පොඩි ටවුන් වල හෙම ඔය වැඩ වෙන්නෙ බොහොම මන්දගාමීව. ඒ නිසා ලේසිම වැඩේ වැඩි බල්ෙලා මරන එක. 

ඔයාගේ ආච්චිහෝ පවුලේ කෙනෙක්ගෙදර ටවැඩියි කියලාඔයා මරල දාන්න හිතනවද? නැහ නේද? කියලා කෙනෙක් මට බනීවි. නමුත් අපේ ආච්චියි බල්ලයි කියන්නෙ වස්තු දෙකක්.මේ බල්ලො වැඩිවුනාම පාරට යනවා. පාරට ගියාම බයිසිකල්පදින අයට වාහන පදවන අයටමේ බල්ලො පුදුම ඇනයක් වෙනවා.ඒ වගේම ජලභීතිකාවබෝ කරන්නත්මේ අය ලොකු දායකත්වයක් සපයනවා. 

ඉස්සර එස්කිමෝ වරු තමුන්ගේ පවුලේ ඉන්න වයසක සහ ඉතා කුඩා ලමයි වැඩියි කියල හිතුනාම හිම තියෙන එලියේ දානවලු. ආයිත් පැය ගානකින්ඇරලා බලනකොට ඒ අයජීවත් වෙලා හිටියොත් ඇතුලට ගන්නවලු. දැන් එස්කිමෝවරු එහමෙ කරන් නහැ. එයාලට උපත් පාලනය ගැන හොද අවබෝධයක් ප්‍රායෝගිකව තියෙනවා. 

නමුත් බල්ලන්ගේ උපත් පාලන වැඩ හරියට පිලිවෙලට වෙන්නෙ නැහැ. ඒ අපිලිවෙල වැඩෙන් අසරණ මිනිස්සු අපි වගේකාර් බාර් නැතුව පාරෙ පයින් යන බයිසිකල් වලින් යන මිනිස්සුන්ට තියෙන්නෙ හද්ද වදයක්. ඔය බල්ලෙක් කාල සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න වුනාම ඒ පවුල වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්න නැහැ.. අර බල්ලා වෙනුවෙන් නම් කස්ටිය පෙනී සිටීවි. 

මට අනුව බල්ලනට් වඩා මිනිස්සු වටිනවා. විශේෂයෙන් පාරෙ පයින් යන මගේ මට්ටමේ පහල මධ්‍යම පාන්තිකයින් වටිනවා. අපිට බල්ලෙන් නිසා සිදුවෙන රෝගයකින්, අනතුරකින් දවස් හතර පහක් ඉස්පිරිතාල ගතවෙලා ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා කාර් තියෙන හොද පොස් අයට ඕනි නං බල්ලො ටික ගාල්කරගන්න පුලුවනි. අපිට අපේ ප්‍රාදේශීය සබා වලට, පි ඇච් අයි මහත්වරුන්ට බල්ලො මරන්න පුලුවන් වෙන්න විධිවිදාන ටික හදලා දෙන්න ක්‍රියාකරනවා නම් ලොකු දෙයක්.

Friday, October 10, 2014

අම්මගේ ඉඩම සහ තවත් කතා




මාතෘ භූමිය කිව්වම අපේ අ‍ැගේ මයිල් ටික කෙලිං වෙලා තියෙන්න ඕනි.මාතෘ භූමිය සිංහලෙන් ලිව්වාම අම්මගේ ඉඩම කියාල වෙන්න ඕනි තේරුම. වෙන රටවල අයගේ මයිල් ගහ පවා යුද්දෙට සැරසෙනවා කියලා ටිබැට් ජාතික ඇස් මහින්ද හිමි කියලා තියෙනවා. බුරුමෙ චිරං ජයතුත් එහෙම කියල තියෙද දන් නැහැ. චිරං ජයතු ලංකාවට ආවා ඇවිත් ගියා. ඒ තරං ආතල් එකක් ගියෙ නැහැ.

ආතල් එක තියෙන්නෙ බැරියර් තියෙන කොට. බැරියර් නැත්තං කොහෙද ආතල්ලෙකක්. ඒකෙදි බො බ සේ හිතුවතරං .තන්බි ටික කිපුනෙ නැහැ. බො බසේ ට ඕනි කෙහෙම්මලක් නටාගන්න ඇරලා තන්බි ටික කටවහාගෙන පාඩුවෙ තමුන්ගෙ වැඩටික කරගනී.ඒකත් යස වැඩේ. ගහන්න ලැබෙන්නෙ වලියක් ගියොත්. වලි නැතුව ගහන්න යන්නෙ පිස්සො නෙව.

පහුගිය සතියෙ ඩේට ඉවරවුනා. සෝසල් මීඩියා ඩේ එකේ නිකං දිපු එටිසලා සිම් එකේ ෆේස්බුක් ෆ්රී. ඒ නිසා මං පහුගිය සතියෙ පේස්බුක් ගියා ඇති වෙන්න. අනෙක් කිසි සයිට් එකකට යන්න බහැ බුකි විතරයි ඒ සිම් එකට යන්න පුලුවන්. සල්ලි දැම්මොත් නම් වෙන ඒවට යත හැකි.

රත්නපුරේ ගුටිකාපු ගණිකාව නුගේගොඩට ගෙනල්ලා පිරුවට අන්දලා පොටෝ අරං තිබුනා. ‍වැඩේ හොදයි වරදක් නැහැ. ඒ ගෑනිගේ වටිනාකම ඉහල ගියා. ටෙලි නාට්ටියක් දෙකක් රගපාන නිලියො සමහර අය මාස දෙක තුනකින් පස්සෙ ගාන්නෙ දාස් ගන්න වල සබන් පවුඩර්. හැබෑට ටෙලි නාට්ටි වලට එච්චර ගෙවනවද? නැහැ නෙව. මම හිතන්නෙ එයාල හෝටල් වලට සල්ලි කාරයො එක්ක ගිහිල්ල නිදාගෙන සල්ලි හම්බ කරනවා ඇති. එහෙම නැතුවත් ඇති. නමුත් මම හිතන්නෙ එහෙමයි. බාගෙද ඒක මට තියෙන අවුලක් වෙන්නත් ඇති.
 

 බට්ටි අක්කාට අර පොලිස් කාරයා අසාධාරනයට ලක් වීමේ පිනෙන් ලොකු සම්පත් ලැබිලා. සල්ලි ගොඩක් ලැබේවි. එයාගෙ වටිනකම වැඩිවෙලා. දැන් එයාට තවත් පන්සියට දාහට යන ගොනෙක් වෙන්න උවමනා නැහැ. නම්බු පිට බඩුවක්. උදුල්ට ස්තුතියි. ඒකට..

රත්නපුර ස්ටෑන්ඩ් එකේ ඉන්න අනික් ගෑනු දැන් ඉරිසියාවෙ පැලෙනෝ ඇති. පරට්ටි. ඒකිගේ පින තිබුනෙ කුනු මුල්ලෙ නෙමෙයි අර පෝන් එකේ සුට්ටි කැමර් එකේ ..උන් එහෙම කියනෝ ඇති. පොලිස් කාරය වැරදියි. ඒ විදියට පහර ලබන්න කාරුවත් ශිෂ්ඨ සමාජයක නම් සුදුසුකම් ලබන්නෙ නැහැ. නමුත් අපේ රට වෙනස්. ලෝකෙ කොතැනක හෝ ජීවත් වෙන කිසිම ස්ත්‍රියෙක් පුරුසයෙක් තබා බල්ලෙක් තිරිසනෙක් පවා ඒ විදියට ගුටිකන්න ඕනි නැහැ. ‍පොලිස්සියට ඒ විදියට මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ පහරදෙන්න වල් බූරු නිදහසක් ශිෂ්ඨ සමාජයක නම් නැහැ.

අද වෙනකොට කතාව අමතකයි බට්ටි මතකයි. බට්ටි කියන්නෙ සමාජයේ කවර හෝ චරිතයක්. එයා වරදක් කලා වුනත් පිරිසක් මැද පහර දීම වැරදියි. ඒ විදියෙ වැරදි මින් පසු වෙන්න බැහැ. නමුත් ඒවා මොනාටද අනී..අපිට බට්ටිව අල්ලගත්තාම ඇති නෙව.

මේ එක්කම ගණිකාවක් වීම ගැන හරි සාරසුභා තර්ක විතර්කත් පේස්බුක් එ කේ තිබුනා. සමහරුන්ට අනුව ගෑනු ගණිකාවන් වීම මහ අවුලක්, ගණිකාවට සමාජේ තියෙන තැන අවුලක්, හොද සමාජයක ගණිකාවො ඉන්න බැහැලු. ඒ බුදුහාමුදුරුවන්‍ ගේ කාලයටත් වඩා හොද සමාජයක් හදන්න යන වික්ටෝරියානු බෞද්ධයෝ වෙන්න ඕනි. . ගණිකාව කියන්නෙ හරි පරණ ඇප්ලිකේසන් එකක්. මිනිස්සු මකවලා ගත්තත් උන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පාලනය කරන්න බැහැ. ඒක තියනකල් ගණිකාව මේ ලෝකෙ අනුමත වෙලා හරි නොවී හරි පවතීවි.

බට්ටි කියල වැල කතාවක් තිබුන කියල හිතමු ඉන්ටනෙට් එකේ. කස්ටිය ඒක ගිහින් බලනවා එක සයිට් එකක. ඒ සයිට් එක තියෙන ටැබ් එක වහල පේස්බුක් ඇවිත් රියල් එකෙන්..අපි බට්ටි වන් තවත් ගණිකාවන් බිහිවීම වලකමු. ගණිකා වෘත්තිය යන පාදඩ වෘත්තිය නැතිකරමු ආදී දේවල් සෙයා කරනවා. බට්ටි ගේ ස්ටෝරිය වැල කතාව වගේ ලියලා තියෙන‍ොකට ඒක ආසාවෙන් කුනු රහට කියවන්න පුලුවනි. නමුත් බට්ටි වගේ ගණිකාවො සමාජයේ ඉන්න එක සමාජයේ සිස්ටත්වයට අවුල්.

එකාතකින් ලංකාව කියන්නෙ සක්‍රිය රටක්. මාරම සක්‍රියයි. සශ්‍රීකයි. මේ වගේ සරුසාර රටක ජීවත්වෙන්න ලැබීම වාසනාවක්. හිතන්න අපිට නිතර ඇතිවෙන මේ වගේ ගැටළු නැතිවෙන රටක් ගැන.. වලි නැති ඡන්දයක්, දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැති සමාජයක්, පොඩි පොඩි කේස් ආදිය නැති සුන්දර රටක් හිතන්න කෝ පොඩ්ඩකට..හැබෑට ඒ ව‍ගේ සුන්දර දිවයිනක් බවට මේ අම්ම‍ගේ ඉඩම පත්වුනොත් එහෙම අපි මොනවද යකෝ ෆේස්බුක් එකේ සෙයා කරන්නෙ? අපි මොනවද කතා බහකරන්නෙ? කාටද අපි බනින්නෙ? කාටද අපි‍චෝදනා කරන්නෙ? අහෝ..මොකුත් නැති මෙලෝ රහක් නැති ඇල්වතුර ජීවිතයක් නෙව.. එතකොට ඇතිවෙන්නෙ.

හරියට උදාසීන දිවියලෝකෙ වගේ. අපායට ගියාම ඇක්ටිවිටිස් ගොඩායි..ලෝදිය හැලිය, කටු ගහ, ඉරනවා, කපනවා, හූරනවා, උල තියෙනවා.. කෑලි කුට්ටි කරනවා එක කෙලියයි. බලන්න ඉන්න පට්ට සීන් තොගයයි. ඉතිං ඒ නිසා අපාය අපේ පෙරහැරවල් වල ගියා.. ඒ වගේම පංසල් වලත් අපාය තියෙනවා..අපාය ගැන කතාන්දරත් වැඩියි. සන්දර්ශනාත්මකව බැලුවාම අතින් අපාය තරම් දිවියලෝකෙ කිසි කික් එකක් නැහැ. දිවියලෝකෙ ෆේස්බුක් පේජ් එකේ බණ පද විතරයි.. මෙත් මල් පිබිදේවා..ආදී දේව්ල විතරයි..

ඒකට අපායෙ පේජ් වල ලස්සන.. දඩ බඩ ගාල පිංතුර, වීඩියෝ,කැත වැඩ ලෝදිය හැලිය ආදී දේවල් එනවා. ඒ අතිං වැඩිපුරම සිද්දින් තියෙන්නෙ අපායෙ. දිවි‍යලෝකෙ කොයි තරං බෝරිං තැනක් වෙන්න ඇතිද? අඩුතරමෙ කන්න බොන්න හොයාගන්නවත් මහන්සියක් වෙනවයැ. ගියා කප්රුක ලගට මනසින් හිතුවා ඕනි දේ..මෙන්න ප්ලේට් එක ඇවිත්. එහෙදි වේටර් මල්ලිට කෑ ගහන්නවත් වෙලාවක් යන්නෙ නැහැ. දෙයියොන්ට රෙන්න මුත්තරා කරන්නත් මහන්සියක් නැහැ. කිසිම වේදනාවක් නැහැ. නිවුස් නැති කිසිම රහක් නැති දිවිය ලෝකයක්.

ගණිකා වෘත්තිය නීතිගත කරලා, ගණිකාවන්ට නීති නීති සහ සෞඛ්‍ය ආදිය ගැන දැනුමක් දීලා. ඒ වැඩේ ලොකුවට කෙරෙන තැන් (ගණිකා මඩම් ) හොදට අධීක්ෂනය කරලා ඕන්නං ගණිකා වෘත්තියට පොඩි බද්දකුත් ගහලා ඒ ගණිකා සිස්ටම් එකම පිලිවෙලක් කලානම් මේ ආතල් අපිට ලැබෙන් නැහැ. එතකොට පොලිස් කාරයින්ට ගණිකාවන්‍ එක්ක නොමි‍ලෙ නිදාගන්න චෑන්ස් අඩුයි. ඒ විතරක් න්ම මැදෑ..‍කෝ අපිට අනුකම්පාව දක්වන්න ගණිකාවො.

හද්ද ‍බෝරින් උදාසීන දිව්‍යාලෝකය්ක නොව නිතර වැඩ ඇති සක්‍රිය අපායක් වෙනුවෙන්!!!! ... සෞඛ්‍ය වර්ජනයේ සිට දරුවාගේ කිරිපිටි පැකට් ටෙක දක්වා සියල්ල විසදන යම රජෙක් . ඒ වාක්‍යය ජනාධිපතිවරනෙ ඡන්ද පෝස්ටරේකට මරු නේද?

ගණිකා වෘත්තිය නීති ගත වුනොත් ගණිකාව සාමාන්‍ය වෘත්තිකයෙක් වුනොත්, අපිට කරුණාව දක්වලා අනේ අපොයි පවු..සික් කියලා අනුකම්පා කරන්න කට්ටියක් නැතිවෙනවා. නාට්ටාමි වෘත්තියටත් වඩා අමාරු කර්කශ වෘත්තියක් ලෙස ගණිකා වෘත්තිය උඩදාන ගණිකාවන්ටත් පත්තර කාරයින්ටත් මේ වගේ ආඩපාලි ලියන අපිටත් ගණිකාව ගැන කියන්න දේවල් නැතිවෙනවා. කොටින්ම උදුල්ලාට පිහිටවෙන්න අවස්ථා වුනත් නැතිව යාවි. ඒ නිසා ඔන්නොහෙ ගණිකා වෘත්තිය තියෙන විදියටම බෝ කරන වසංගත ටික ඔක්කොම ‍බෝ කරගෙන ඇතිකරන්න පුලුවන් සමාජ ගැටලු ටික සීමාවක් නැතුව අැතිකරගෙන ඕනි විදියට පැතිරිලා ගිය දෙන්..

හරියට මතට තිත වගේ. බාර් ඕපන් කලාම ඒක බාර් පර්මිට් එක විදියට කැතට පේනවා. ඒ නිසා එකපාර ‍හෝල් සේල් ෆුඩ් සිටි නෙට්වර්ක් එකේ බොහෝ ෆුඩ්සිටි වලට බාර් එකතු වෙනවා. අනේ දැන් නම් කිසිම බාර් එකක් නැහැ. නමුත් පෝය දවසට කලිං දා ෆුස්සිටියෙ පෝලිම. මතට තිත. මරු ඒකත්.


මං අලුතින් ෆේස්බුක් පේජ් එකක් හැදුවා. ඒකටත් ලයික් කරලාම යනවා නම් හොදයි. එතකොට පේස්බුක් එකෙනුත් කෙලින්ම මේ බ්ලොග් එක බලත හැකි වෙයි.