Wednesday, October 22, 2014

මල් කිනිති නෑ දැන්නම් mal kinithi ne dennam


මල් කිනිති නෑ දැන්නම්
දූවිල්ල ඇති බිමේ..
වැටුනාද බොල් පිණි දන් නෑ
පේන්නේ නෑ ඉමේ..

බිත්ති අතරින් වටවී
පාලු වූ වීදියේ
සිඹින්නට තෙරපෙන්න
ආසයි.. මේ සැදෑවේ..

වැස්ස වැටිලා තෙමිලා
පාර වතුරෙන් වැහිලා..
ආදරේ ඒ වාගේ උතුරා
යන්න හදනෝ ද මන්දා..

දාහක් දෙදාහක් තිබුනානම්
වෙලාවක් ඉඩක් හමු වීනම්
පියඹාලා ගොස් සිත්සේ
ආකහේ ඈතින්
කූඩුවෙන්නට තිබුනා
කැදැල්ලක් සොයලා  සෙනෙහසින්..

 මේ කවි ටික මම තාලෙට කියලා යූ ටියුබ්බෙකට දැම්මා. කැමති කට්ටිය ඒකත් බලලාම යන්න.

5 comments:

  1. macchan mama yavva meka lankanewsweb ekata.

    ReplyDelete
    Replies
    1. http://sinhala.lankanewsweb.net/art-news/14202-mal-kinithi-ne-dennam

      Delete
  2. මෙතන ප්ලේ වෙන් නෑ.. ඉන්ට ටියුබ් එකටම ගිහින් බලන්නම්..

    ReplyDelete
  3. පද ටික නම් අගෙයි. වීඩියෝව නම් බලන්න වෙන්නෙ පස්සෙ වෙලාවක තමයි.

    ReplyDelete
  4. අනේ බං කවිය විතරක් කියල නිකං හිටියං නං ඉවරනෙ කාක්කෙක් කෑ ගහනව වගේ
    හෙක් හෙක්...
    (විහිළුවක් පමණි)

    ReplyDelete