Friday, October 10, 2014

අම්මගේ ඉඩම සහ තවත් කතා




මාතෘ භූමිය කිව්වම අපේ අ‍ැගේ මයිල් ටික කෙලිං වෙලා තියෙන්න ඕනි.මාතෘ භූමිය සිංහලෙන් ලිව්වාම අම්මගේ ඉඩම කියාල වෙන්න ඕනි තේරුම. වෙන රටවල අයගේ මයිල් ගහ පවා යුද්දෙට සැරසෙනවා කියලා ටිබැට් ජාතික ඇස් මහින්ද හිමි කියලා තියෙනවා. බුරුමෙ චිරං ජයතුත් එහෙම කියල තියෙද දන් නැහැ. චිරං ජයතු ලංකාවට ආවා ඇවිත් ගියා. ඒ තරං ආතල් එකක් ගියෙ නැහැ.

ආතල් එක තියෙන්නෙ බැරියර් තියෙන කොට. බැරියර් නැත්තං කොහෙද ආතල්ලෙකක්. ඒකෙදි බො බ සේ හිතුවතරං .තන්බි ටික කිපුනෙ නැහැ. බො බසේ ට ඕනි කෙහෙම්මලක් නටාගන්න ඇරලා තන්බි ටික කටවහාගෙන පාඩුවෙ තමුන්ගෙ වැඩටික කරගනී.ඒකත් යස වැඩේ. ගහන්න ලැබෙන්නෙ වලියක් ගියොත්. වලි නැතුව ගහන්න යන්නෙ පිස්සො නෙව.

පහුගිය සතියෙ ඩේට ඉවරවුනා. සෝසල් මීඩියා ඩේ එකේ නිකං දිපු එටිසලා සිම් එකේ ෆේස්බුක් ෆ්රී. ඒ නිසා මං පහුගිය සතියෙ පේස්බුක් ගියා ඇති වෙන්න. අනෙක් කිසි සයිට් එකකට යන්න බහැ බුකි විතරයි ඒ සිම් එකට යන්න පුලුවන්. සල්ලි දැම්මොත් නම් වෙන ඒවට යත හැකි.

රත්නපුරේ ගුටිකාපු ගණිකාව නුගේගොඩට ගෙනල්ලා පිරුවට අන්දලා පොටෝ අරං තිබුනා. ‍වැඩේ හොදයි වරදක් නැහැ. ඒ ගෑනිගේ වටිනාකම ඉහල ගියා. ටෙලි නාට්ටියක් දෙකක් රගපාන නිලියො සමහර අය මාස දෙක තුනකින් පස්සෙ ගාන්නෙ දාස් ගන්න වල සබන් පවුඩර්. හැබෑට ටෙලි නාට්ටි වලට එච්චර ගෙවනවද? නැහැ නෙව. මම හිතන්නෙ එයාල හෝටල් වලට සල්ලි කාරයො එක්ක ගිහිල්ල නිදාගෙන සල්ලි හම්බ කරනවා ඇති. එහෙම නැතුවත් ඇති. නමුත් මම හිතන්නෙ එහෙමයි. බාගෙද ඒක මට තියෙන අවුලක් වෙන්නත් ඇති.
 

 බට්ටි අක්කාට අර පොලිස් කාරයා අසාධාරනයට ලක් වීමේ පිනෙන් ලොකු සම්පත් ලැබිලා. සල්ලි ගොඩක් ලැබේවි. එයාගෙ වටිනකම වැඩිවෙලා. දැන් එයාට තවත් පන්සියට දාහට යන ගොනෙක් වෙන්න උවමනා නැහැ. නම්බු පිට බඩුවක්. උදුල්ට ස්තුතියි. ඒකට..

රත්නපුර ස්ටෑන්ඩ් එකේ ඉන්න අනික් ගෑනු දැන් ඉරිසියාවෙ පැලෙනෝ ඇති. පරට්ටි. ඒකිගේ පින තිබුනෙ කුනු මුල්ලෙ නෙමෙයි අර පෝන් එකේ සුට්ටි කැමර් එකේ ..උන් එහෙම කියනෝ ඇති. පොලිස් කාරය වැරදියි. ඒ විදියට පහර ලබන්න කාරුවත් ශිෂ්ඨ සමාජයක නම් සුදුසුකම් ලබන්නෙ නැහැ. නමුත් අපේ රට වෙනස්. ලෝකෙ කොතැනක හෝ ජීවත් වෙන කිසිම ස්ත්‍රියෙක් පුරුසයෙක් තබා බල්ලෙක් තිරිසනෙක් පවා ඒ විදියට ගුටිකන්න ඕනි නැහැ. ‍පොලිස්සියට ඒ විදියට මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ පහරදෙන්න වල් බූරු නිදහසක් ශිෂ්ඨ සමාජයක නම් නැහැ.

අද වෙනකොට කතාව අමතකයි බට්ටි මතකයි. බට්ටි කියන්නෙ සමාජයේ කවර හෝ චරිතයක්. එයා වරදක් කලා වුනත් පිරිසක් මැද පහර දීම වැරදියි. ඒ විදියෙ වැරදි මින් පසු වෙන්න බැහැ. නමුත් ඒවා මොනාටද අනී..අපිට බට්ටිව අල්ලගත්තාම ඇති නෙව.

මේ එක්කම ගණිකාවක් වීම ගැන හරි සාරසුභා තර්ක විතර්කත් පේස්බුක් එ කේ තිබුනා. සමහරුන්ට අනුව ගෑනු ගණිකාවන් වීම මහ අවුලක්, ගණිකාවට සමාජේ තියෙන තැන අවුලක්, හොද සමාජයක ගණිකාවො ඉන්න බැහැලු. ඒ බුදුහාමුදුරුවන්‍ ගේ කාලයටත් වඩා හොද සමාජයක් හදන්න යන වික්ටෝරියානු බෞද්ධයෝ වෙන්න ඕනි. . ගණිකාව කියන්නෙ හරි පරණ ඇප්ලිකේසන් එකක්. මිනිස්සු මකවලා ගත්තත් උන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පාලනය කරන්න බැහැ. ඒක තියනකල් ගණිකාව මේ ලෝකෙ අනුමත වෙලා හරි නොවී හරි පවතීවි.

බට්ටි කියල වැල කතාවක් තිබුන කියල හිතමු ඉන්ටනෙට් එකේ. කස්ටිය ඒක ගිහින් බලනවා එක සයිට් එකක. ඒ සයිට් එක තියෙන ටැබ් එක වහල පේස්බුක් ඇවිත් රියල් එකෙන්..අපි බට්ටි වන් තවත් ගණිකාවන් බිහිවීම වලකමු. ගණිකා වෘත්තිය යන පාදඩ වෘත්තිය නැතිකරමු ආදී දේවල් සෙයා කරනවා. බට්ටි ගේ ස්ටෝරිය වැල කතාව වගේ ලියලා තියෙන‍ොකට ඒක ආසාවෙන් කුනු රහට කියවන්න පුලුවනි. නමුත් බට්ටි වගේ ගණිකාවො සමාජයේ ඉන්න එක සමාජයේ සිස්ටත්වයට අවුල්.

එකාතකින් ලංකාව කියන්නෙ සක්‍රිය රටක්. මාරම සක්‍රියයි. සශ්‍රීකයි. මේ වගේ සරුසාර රටක ජීවත්වෙන්න ලැබීම වාසනාවක්. හිතන්න අපිට නිතර ඇතිවෙන මේ වගේ ගැටළු නැතිවෙන රටක් ගැන.. වලි නැති ඡන්දයක්, දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැති සමාජයක්, පොඩි පොඩි කේස් ආදිය නැති සුන්දර රටක් හිතන්න කෝ පොඩ්ඩකට..හැබෑට ඒ ව‍ගේ සුන්දර දිවයිනක් බවට මේ අම්ම‍ගේ ඉඩම පත්වුනොත් එහෙම අපි මොනවද යකෝ ෆේස්බුක් එකේ සෙයා කරන්නෙ? අපි මොනවද කතා බහකරන්නෙ? කාටද අපි බනින්නෙ? කාටද අපි‍චෝදනා කරන්නෙ? අහෝ..මොකුත් නැති මෙලෝ රහක් නැති ඇල්වතුර ජීවිතයක් නෙව.. එතකොට ඇතිවෙන්නෙ.

හරියට උදාසීන දිවියලෝකෙ වගේ. අපායට ගියාම ඇක්ටිවිටිස් ගොඩායි..ලෝදිය හැලිය, කටු ගහ, ඉරනවා, කපනවා, හූරනවා, උල තියෙනවා.. කෑලි කුට්ටි කරනවා එක කෙලියයි. බලන්න ඉන්න පට්ට සීන් තොගයයි. ඉතිං ඒ නිසා අපාය අපේ පෙරහැරවල් වල ගියා.. ඒ වගේම පංසල් වලත් අපාය තියෙනවා..අපාය ගැන කතාන්දරත් වැඩියි. සන්දර්ශනාත්මකව බැලුවාම අතින් අපාය තරම් දිවියලෝකෙ කිසි කික් එකක් නැහැ. දිවියලෝකෙ ෆේස්බුක් පේජ් එකේ බණ පද විතරයි.. මෙත් මල් පිබිදේවා..ආදී දේව්ල විතරයි..

ඒකට අපායෙ පේජ් වල ලස්සන.. දඩ බඩ ගාල පිංතුර, වීඩියෝ,කැත වැඩ ලෝදිය හැලිය ආදී දේවල් එනවා. ඒ අතිං වැඩිපුරම සිද්දින් තියෙන්නෙ අපායෙ. දිවි‍යලෝකෙ කොයි තරං බෝරිං තැනක් වෙන්න ඇතිද? අඩුතරමෙ කන්න බොන්න හොයාගන්නවත් මහන්සියක් වෙනවයැ. ගියා කප්රුක ලගට මනසින් හිතුවා ඕනි දේ..මෙන්න ප්ලේට් එක ඇවිත්. එහෙදි වේටර් මල්ලිට කෑ ගහන්නවත් වෙලාවක් යන්නෙ නැහැ. දෙයියොන්ට රෙන්න මුත්තරා කරන්නත් මහන්සියක් නැහැ. කිසිම වේදනාවක් නැහැ. නිවුස් නැති කිසිම රහක් නැති දිවිය ලෝකයක්.

ගණිකා වෘත්තිය නීතිගත කරලා, ගණිකාවන්ට නීති නීති සහ සෞඛ්‍ය ආදිය ගැන දැනුමක් දීලා. ඒ වැඩේ ලොකුවට කෙරෙන තැන් (ගණිකා මඩම් ) හොදට අධීක්ෂනය කරලා ඕන්නං ගණිකා වෘත්තියට පොඩි බද්දකුත් ගහලා ඒ ගණිකා සිස්ටම් එකම පිලිවෙලක් කලානම් මේ ආතල් අපිට ලැබෙන් නැහැ. එතකොට පොලිස් කාරයින්ට ගණිකාවන්‍ එක්ක නොමි‍ලෙ නිදාගන්න චෑන්ස් අඩුයි. ඒ විතරක් න්ම මැදෑ..‍කෝ අපිට අනුකම්පාව දක්වන්න ගණිකාවො.

හද්ද ‍බෝරින් උදාසීන දිව්‍යාලෝකය්ක නොව නිතර වැඩ ඇති සක්‍රිය අපායක් වෙනුවෙන්!!!! ... සෞඛ්‍ය වර්ජනයේ සිට දරුවාගේ කිරිපිටි පැකට් ටෙක දක්වා සියල්ල විසදන යම රජෙක් . ඒ වාක්‍යය ජනාධිපතිවරනෙ ඡන්ද පෝස්ටරේකට මරු නේද?

ගණිකා වෘත්තිය නීති ගත වුනොත් ගණිකාව සාමාන්‍ය වෘත්තිකයෙක් වුනොත්, අපිට කරුණාව දක්වලා අනේ අපොයි පවු..සික් කියලා අනුකම්පා කරන්න කට්ටියක් නැතිවෙනවා. නාට්ටාමි වෘත්තියටත් වඩා අමාරු කර්කශ වෘත්තියක් ලෙස ගණිකා වෘත්තිය උඩදාන ගණිකාවන්ටත් පත්තර කාරයින්ටත් මේ වගේ ආඩපාලි ලියන අපිටත් ගණිකාව ගැන කියන්න දේවල් නැතිවෙනවා. කොටින්ම උදුල්ලාට පිහිටවෙන්න අවස්ථා වුනත් නැතිව යාවි. ඒ නිසා ඔන්නොහෙ ගණිකා වෘත්තිය තියෙන විදියටම බෝ කරන වසංගත ටික ඔක්කොම ‍බෝ කරගෙන ඇතිකරන්න පුලුවන් සමාජ ගැටලු ටික සීමාවක් නැතුව අැතිකරගෙන ඕනි විදියට පැතිරිලා ගිය දෙන්..

හරියට මතට තිත වගේ. බාර් ඕපන් කලාම ඒක බාර් පර්මිට් එක විදියට කැතට පේනවා. ඒ නිසා එකපාර ‍හෝල් සේල් ෆුඩ් සිටි නෙට්වර්ක් එකේ බොහෝ ෆුඩ්සිටි වලට බාර් එකතු වෙනවා. අනේ දැන් නම් කිසිම බාර් එකක් නැහැ. නමුත් පෝය දවසට කලිං දා ෆුස්සිටියෙ පෝලිම. මතට තිත. මරු ඒකත්.


මං අලුතින් ෆේස්බුක් පේජ් එකක් හැදුවා. ඒකටත් ලයික් කරලාම යනවා නම් හොදයි. එතකොට පේස්බුක් එකෙනුත් කෙලින්ම මේ බ්ලොග් එක බලත හැකි වෙයි. 

14 comments:

  1. මාතෘ භූමිය-මව් බිම...:)

    ReplyDelete
    Replies
    1. Ganika wurthiya neethigatha karana Kota mathaka athiwa eka sthree purusha depakshayatama denna. Mokada ethakota mahaththaya ganikawa ekka yana athare nonatath puluwan Honda ganika kolekuth ekka yanna.samahara wita allapu kamara deke innath puluwan. Ehema nathoth nonata lamay balagena gedarata wela inna wenawa mahaththaya thel maru karaganna kam.me widihen mahaththayay,nonay, mahaththaya ge akkala nangila ammala okkotama ekasare ganika pahasa windala enna puluwann. Lamay tika ethakan oya mokek hari apayoganaya kara kara inne nathay! Honda Honda neethigatha karannako ehenam.

      Delete
    2. ඔය අම්මයි නංගියි ගෑනියි කතාව මම අප්පිරිය වෙනකල් අහනවා..ගෑනුන්ට ආසාවල් තියෙනවා..ඒවා ඔක්කොම වහල ගොලුබෙල්ලො වගේ ගෙවල් අස්සට රිංගවල තියෙන එක තමයි දැන් තියෙන සිස්ටම් එක අනුව සදාචාරෙ...

      අම්මට නංගිට හෝ වෙන ලග කාට වුනත් එයාලගේ ලෝකයක් තියෙනවා..එයාලගේ අතිශය පුද්ගලික දේවල් වලට අතදාන්න අපිට අයිතියක් නැහැ.. සමහර වීර පුරුෂයො හිතනවා අපේ අම්මා නංගී අක්කා වුනාම අපිට එයාලගේ හැම දේම පාලනය කරන්න පුලුවන් කියලා...මම නම් එහෙම හිතන් නැහැ..

      Delete
  2. 40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... බට්ටි පරාදයි... ලෑල්ලට පෑගුවහැකි.... ගන්නවද... අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ලොරියත් අරන් වරෙන්කෝ මරදානට මට ආසයි තොගේ පුක පලන්න

      Delete
    2. ලොරිය එක පාරක් පැද්දොත් ඔයා ඔහොම කියන්නෙ නෑ.... හැටට හැටේ යද්දි හෝන් ගහගෙන තෙල් විද විද යන්නෙ....

      Delete
    3. මොකද කියන්නෙ... ඉන්දික ගියා වගේ ට්‍රයල් එකක් ගිහිල්ලම බලනවද?......

      Delete
  3. ෆුඩ් සිටි වලම අර සේවාත් දෙයි තව ටික කලකින්

    ReplyDelete
    Replies
    1. ඇයි එතකොට අවුල්ද බොස්?

      Delete
  4. හම්මේ රියල් කතාව ඒකනම්...
    මාතෘ භූමිය අම්මගේ ඉඩම.. ;)

    ReplyDelete
    Replies
    1. Ammiyoooooo.....! Pissu hadey........!

      Delete
  5. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  6. අපේ ඉස්සර ලොක්කෙක් හිටිය මදර් බෝඩ් එකට කියන්නේ මව් පුවරුව කියල. :)

    ReplyDelete
    Replies
    1. Ehema kiyana eka waradida? Api hamoma kiyanne ehemay.

      Delete