Saturday, February 13, 2016

කදුලු බිදක් ළග

කදුලු බිදක් ළග
පිරුණු විතක්
තැලුන හිතක් මත..
මතක පෙතක්

මතක ඇවිත් හිස
මතම හිටං..
වද දෙන්නේ ඇයිද
මා දැවෙන ලෙසින්

හාදවෙලා අමනාප වෙලා
අමනාප වුනේ ඇයි යාලුවෙලා..
කාල බලන්නට මාව උලා
ගත්තෙ ඇයිද හද කුරිරු වෙලා..

නෙළුම පිපී විල මතම සැලී..
මා එනු දැක සුලගට වැනු හැටී..
කඩා ගන්ට මා මඩට බැසී...
මල හිනැහේ , මා මඩෙහි ගිලී... 


1 comment:

  1. ලස්සන පද රචනාව.
    //කාල බලන්නට මාව උලා//
    මේ පද ටික වෙනස් කරොත් හොඳයි යැයි සිතේ

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...