Tuesday, September 20, 2016

අම්පාර පොතුවිල් චාරිකාව

කොළඹින් සිකුරාදා හැන්දෑවෙ අම්පාර බස් එකට නැග්ගා. අම්පාරට යද්දි ඔන්න මෙන්න එලිය වැටෙන වෙලාව. උදේ 5.30ට වගේ ඇති. අපිට යාලුවෙක් හමුවෙන්න තිබුනා. ඒත් උදේ වැඩි නිසා අපි ටිකක් වටපිට කැරකිලා කාලය මැරුවා.පාන්දරම කාට වුනත් උදව්වකට කතා කරන්නට බෑනෙව.  අම්පාරට යන්න බස් එකක් බුක් කරගත්තේ දවල් පිටකොටුව සී ටී බී බස් නැවතුමට ගිහින්. එදා ටිකට් බුක් කලත් හෙන අමාරුවෙන් ගියේ..මොකෝ ලෝන් වීකන්ඩ් එක නිසා සෙනග පිරිලා..ගම් රටවල් වලට යන අය වෙන්න ඕනි. 

මේ අම්පාර වැවේ ගලක් උඩ වාඩිවෙලා පාතරාසය එනතෙක් බලා ඉන්න කොක් නයිදේ කෙනෙක්. අම්පාර වැව අම්පාර බස් නැවතුම්පොල කිට්ටුවමයි තියෙන්නේ. ඒක වටේටම විදුලි වැට ඉදිකරල තියෙනවා..බාගෙද අම්පාර ටවුමට පවා අලි එනවාලු. වැව දිගේ ටිකක් ඇවිදං ගියාම කෝවිලක් හම්බුනා. ඒ කෝවිලේ පාන්දරම පොල් ගහන්න සහ දේව ආශිර්වාදය ගන්න පිරිස පැමිණිලා සිටියා..වැව ගාවම තියෙන දේවාලය හරියට ඉන්දියාවේ ගංගා නම් ගගට යාබදව තියෙන දේවාල වගේ කියල මට හිතුන.
අපි අම්පාරට ගියේ බස් එකේ එතැන් සිට යන්නේ නම් බස් එකේ නෙවෙයි. අපි ඒ සඳහා තෝරාගත්තේ බයික් එකක්. ඒ බයික් එක ගන්න අපි කලින් අදුනගත්ත යාලුවෙකුගේ ගෙදරට මිනිහම ඇවිත් එක්කරං ගියා අපිව. එහේ ගේ ඉස්සරහ ශූ රැක් එකේ තමයි මේ ලස්සන සපත්තු කුරුලු කූඩුව තිබුනේ..පැණි කුරුලු මොඩල් එකක කුරුල්ලෙක් ට තමයි මේ බිත්තර අයිති. 
බයික් එකත් අරං අපි මුලින්ම පිටත් වුනේ ඉඟිනියාගල සේනානයක සමුද්‍රයේ බෝට්ටු සවාරිය බලන්න..කලිං කතාකරල බුක් කරගන තිබුනත් එතනට ගියාමයි දන්නේ 5 දෙනා යන බෝට්ටුවක් රුපියල් 4500ක් වෙනවා. ඉඟිනියාගල වනජීවි කාර්යාලයෙන් තියෙන‍ මේ බෝට්ටු කලින්ම බුක් කරන්නට ඕනි. වනජීවින් බලන්න ජලාශයක් මත බෝට්ටු සේවාවකින් යන්න ලැබෙන මහඟු අවස්ථාවක් තමයි මේක. යන්න පුලුවනි නම් බොහොම වටින දෙයක් වෙන්න ඇති. ඒත් අපිට තිබුන බජට් එකේ හැටියට දෙන්නට ඒ වගේ ගානක් දෙන්න අපහසුයි. ඒ නිසා ලග ගහේ කටුස්සව විතරක් ඡායාරූපෙට අරං අපි එන්න ආවා. 
පසෙකින් පේන්නේ ඉඟිනියාගල කියන ගල. මේ මාත් එක්ක ගිය මිතුරු තොමෝ. 
සීගිරිය වගේ කෙලින්ම ඈතට පෙනුනට මේක නගින්න පුලුවන් කන්දක්. නම ගෝවින්දා හෙල.. ගෝවින්ද හෙලට නගින්න පැය දෙකක විතර ගමනක් තියේලු. ටිකක් කාල වේලාව මදිවෙන ගතියක් පෙන්නුම් කල නිසා අපි අරුගම්බේ බලා යමින් තිබුන නිසාත් අපි අරුගම්බේ බලා පිටත් වුනා. ගෝවින්දා ඉඟිනියාගල සිට සියඹලාන්ඩුව හරහා අරුගම්බේ යනවිට හමුවන ලක්ෂන ගලක්..ඉහලට නැග්ගාම දකින්න පුලුවන් භූමි දර්ශනයත් කදිම එකක් වන්නට ඇති. 
ඔය යන අතරමඟ ලාහුගල වනය තුල පිහිටා තියෙනවා දීඝවාපිය වැනි පෞරාණික තවමත් ඉතිහාසය හරිහැටි සොයා ‍ නොගත් ‍විශාල ස්ථූපයක්..මෙය නීලගිරිය කියලා තමයි හඳුන්වලා තිබුනේ..එතන හිටපු කැණීම ්කරන්නෙක් පැවසූ විදියට මෙය ක්‍රි ව 2 වන සියවසේ පටන් රජවරුන් කිහිපයක් විසින්ම ප්‍රතිසංස්කරණ කර පවත්වාගෙන ආපු බලගතු චෛත්‍ය යක්. ලාහුගල වනයේ තවත් පුරාවස්තු තිබෙන බවකුත් ඔහු සනාථ කලා. 
මේ නැගෙනහිර පලාතේ අපි ගිය අම්පාර කල්මුනේ අක්කරපත්තු පොතුවිල් සීමාවේ බොහොෝතැන්වල පුරාවස්තු තිබෙනවා..බොහෝවිට කන්දක් හෙලක් මුදුනේ ආරාමයක නටඹුන් හෝ අඩුවශයෙන් පඩිපෙලක් හෝ දකින්නට ලැබෙනවා. මා ගේ පුද්ගලික මතය අනුව මෙය මහාවංස බයිලා පොතේ සඳහන් නැති ඉතිහාස පරිච්ඡේදයක් 

නිවාඩු දවසක් නිසා අරුගම්බේ පට්ට සෙනගක් උන්නා..ඒ අතර මුස්ලිම් ගැහැනු සිය සියළු වස්තර සහිතව ම මුහුදේ ගිලී නෑම මට නම් ජුගුප්සාජනක සිදුවීමක්. ඔවුන්ට ඒකෙ අමුතු විනෝදයකුත් ඇති. අපි Shim Beach Resort කියල තැනක කාබරයක් Booking.com එකෙන් බුක් කරලයි ගියේ..හැබැයි අරුගම්බ‍ ප්‍රධාන මුහුදු වෙරළේ සිට කිඹුලා ගල දෙසට වෙන්නට කිලෝමීටර දෙකක විතර දුරින් තමයි ෂිම් එක තියෙන්නේ..එතන කබානා තියෙන්නේ. ඩොලර් 10කට අපිට කබානාවක් ලැබුනා..ලයිට් වතුර පිරිසිදුකම කෑම ඔක්කොම ඒ ගෙවන ගානට වඩා වටිනා විදියට ම එතන තිබුනා. 

ඊලග දවසේ පාන්දරම අපි නැගිටලා කිඹුලා ගල (Crocodile Rock) දිහාට යන්නට පිටත් වුනා. කිඹුලා ගල පැත්තේත් හොඳ නාන්න සහ සර්ෆින් පොට් එකක් තියෙනවා වැඩිය ජනප්‍රිය නැති. එතන සුද්දෝ විතරක් කන්ඩායමක් සර්ෆ් කරමින් සිටියා..ලංකාවේ අයට හිටියේ සර්ෆ් පුරුදුකරන්න ආපු ඩෑල් දෙක තුනක් විතරයි. 
නාන අය නාන අය දිහා බලං ඉන්න අය තරුණ බාල මහලු සුදු ජාතිකයින් රැසක් එතන සිටියා. ඔවුන් තම තමුන්ගේ වැඩ කරමින් එතන බොහොම කදිම විදියට නිවාඩුව ගත කරමින් උන්නා. 
මේ පිරිස ගොඩක් ඈයො කරන්නේ අර ලෑල්ල දාන් පාවෙන එක..පස්සේ පුරුදු වුනාම තමයි ලෑල්ල දාගෙන ඒක උඩ නැගල පීනන්නේ. කලිං අරුගම්බේ අපි ගිය වෙලාවෙ අර ටයිටනික් එකේ වගේ සීන් එකක් ගියා. එතන කොල්ලා බෝඩ් එක උඩ..කෙල්ල වතුරේ..ටිකකින් කෙල්ලයි කොල්ලයි ගැබුරු තොල් කිස් කරන්න බදාගන්න වතුරේ කිමිදෙන්න ගත්තා..උන් දෙන්නම සුදු.. ඉතිං මට සන්තෝසෙ බෑ,.පවුල් පිටින් ඇවිත් හිටිය තම්බි ගෑණු පොඩි උනුත් කරතියං එතනින් යන්න පටන් ගත්තා.. 
උදේ පාන්දර කට්ටිය වැඩ පටන් අරං මෙයාලගේ ඔරුව විතරයිද මන්දා මේ ලොකේසන් එකෙන් මේ වෙලාවට මූදට ගිහින් තියෙන්නේ. 
මෙන්න සුද්දෙක් සර්ෆ් කරන අයුරු.. මුන්ට නං ගානක් වත් නෑ..අපිට ලංකාවෙ මූද තිබිලත් ලෑල්ලක් අරං මේක පැක්ටිස් කරගන්න බෑනෙව තාම..මේ බෝඩ් හරි ගනන්..හිතුවට වැඩිය.. එකක් ගන්න පැයකට දාහක් විතර රෙන්ට් එකට ගන්න ගියත්.. ඒ ගත්තත් දවසකින් දෙකකින් වත් මේ මට්ටමට පුරුදු වෙන්න අමාරුය  කියල තමයි යාලුවෝ කියන්නේ. පැය තුන හතරකින් වත් පුරුදු වෙත හැකිනම් මාත් එකක් ගන්නෝ..ඒත් එම බෑලු නේ.. 
ඇතින් යන මොණරෙක්. මේ පැත්තේ මොණරු නම් එමට ඉන්නබවක් පෙනුනා..ඊට අමතරව රිලවු වඳුරොත් අති පදං ඉන්නෝ කියල තමයි පෙනුනේ. අපි එනගමන් ක්‍රොකඩයිල්‍ රොක් එකටත් පොඩි විසිට් එකක් දැම්මා. ඒ ගල තියෙන්නේ මූධ අයිනේම පර්වතයක් විදියට..ඒ පර්වත රාජයා මත කපපු ගල් පඩිපෙලවල් තියෙනවා..ඒක මත ඉස්සර කාලේ මාලිගාවක් හෝ ආරාම තිබුනාද දන්නේ නෑ. 

මේ දෙවැනි පිංතුරයේ බූට් එකක් කාපු වදුරෙක්ද මන්දා ගලක් උඩ ඉන්නවා හොදින් බැලුවොත් පෙනේවි. 
අපි හිටිය කබාන එක තමයි ඈතින් තියෙන්නේ. ඒක පෙනුමට පොල් අතු කූඩුවක් මාලු වාඩියක් වගේ උනාට ඇතුලේ සනීප මෙට්ටයක් එක්ක ඇඳක් තියෙනවා..නාන පහසුකම් නම් එලියේ තිබෙුනෙ.. 

කෑම වලට වැඩි ගානක් අය කලේ නෑ නවාතැන් පොලේ..එයාලගේ නෝමල් රයිස් එකක් රු 350/=ක් වගේ. ඒ වගේම පොතුවිල් ටවුමට බයික්කෙන් ආවම එතනත් කන්න හොද තැන් තියෙනවා.. කොහොමත් අරුගම්බේ මේක සීසන් වුනත් කෑම බීමට අපේ ගානට වඩා සුට්ටක් විතර වැඩියෙන් තැන් හොයාගන්න එක අමාරු නෑ. 

එකකට ගහන්න ගියත් ටිකක් දිග වැඩියි වගේ ඊලග කොටසකින් ඒ ටික දානවා..අපි මෙතෙක් ගිය කතාවේ සමරිය..
සිකුරාදා හවස කොටුවෙන් අම්පාරට.. බස් එකේ ඉන් පස්සේ අම්පාරෙන් බයික් එකක් සෙට් කරගත්තා යාලුවෙක්ගේ 
සෙනසුරාදා උදේ අම්පාරෙන් ඉගිනියාගලට.. 
සෙනසුරාදා දවල්..ඉගිනියාගල සියඹලාන්ඩුව ගෝවින්ද හෙල, නීලගිරි වෙහෙර ආදිය බලමින් අරුගම්බේ..
සෙනසුරාදා හවස..අරුගම්බේ මුහුදේ නෑම සහ ඒ අවට බැලීම 
ඉරිදා උදේ පාන්දර - අරුගම්බේ අනෙක් පස ක්‍රොකඩයිල් රොක් සර්ෆින් ‍ප්ලේස් එකට පයින්.. ගොස් ඒම.. 

13 comments:

  1. //මේ මාත් එක්ක ගිය මිතුරු තොමෝ//

    තොමෝ කියන්නේ කාන්තා පාර්ශ්වයේ කෙනෙකුට. මිතුරු තෙමේ කියන එකයි නිවැරදි.

    අක්‍ෂර වින්‍යාස වැරදි ගොඩක් තියනවා. ගග කියලා ලිව්වේ ඇයි? ගඟ කියලා ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති - බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

      Delete
  2. නියමයි.

    මොණරුනං දැං හැමතැනම ඉන්නව. මත්තලින් එලෝපු උංද කොහෙද.

    ReplyDelete
    Replies
    1. උඹ ඔහොම කියනවා. අපේ පැත්තේ පොඩ්ඩක් වෙල් දිහාට ගියාම මොනරු ඉන්නවා ගෝනි වලින් එකතු කරන්න. වැස්සත් එක්ක තමයි උං ඉන්නේ. මේ දවස්වල නං ආගියඅතක් නෑ..
      දවසක් අපේ පොල් අත්තක් උඩ මොනරු හතරක් විතර...

      Delete
    2. ආමන්ත්‍රණය සම්බන්ධයෙන් සොරි වෙන්න ඕන. දන්න කෙනෙක්ගෙ නම වගේ දැක්කේ.පොරට ආමන්ත්‍රණය කරන විදිහට කරේ.කමෙන්ට් එක කලාට පස්සේ තමයි හරියට නම දැක්කේ :D

      Delete
    3. ආමන්ත්‍රණය බැරිනං කුමන්ත්‍රණය හරි කොහොම තිබුණට මක්ක වෙනවද. :D

      වෙලකනං කමක් නෑ කියමුකො මේ පැත්තෙ සමහර වෙලාවට ගෙවල් වල වහලවල් උඩ හිටං ඉන්නව පවුල් පිටිං.

      Delete
  3. මරු ගමනක්. අපිත් ගියා බුද්ධංගල

    ReplyDelete
  4. නියම ගමනක්නේ අමිල, ෆොටෝ ටිකත් නියමයි..

    අපේ රටේ නම් නැතුව ඇති, ඒත් ගොඩක් රටවල් වල වෙනම වෙරළ වල් වෙන් කරලා තියනවා ඇඳුම් නැතුව නාන අයට.. අපි බැංකොක් ඉන්න කාලේ ලංකාවේ කොල්ලො ටික කරන්නේ සන් ග්ලාස් දාගෙන අපි ඉන්න වෙරළෙම එහා කොනේ ඒ වගේ වෙන් කරපු කොටසට රවුමක් ගහල එන එක...

    ReplyDelete
  5. ගෝවින්ද හෙළ උඩට නැග්ගම පේන වට පිටාව හරිම ලස්සනයි. අනිවාර්යෙන් නගින්න ඕනේ කන්දක්

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...