Thursday, September 29, 2016

මල් වත්තක කතාවක්

අම්මි අර මල ආන්න අර ලස්සන එක.. පේනවද ඔයාට..

මොන්ටිසෝරි ගොස් එන අංජනා මවට මලක් පෙන්වන්නීය..

හා හා ඕන් නෑ..මට බෑ මේ ඔසරිය පිටින් ඔය අකුල් වල රිංගන්න..

නෑ අම්මි ඒක කලිං තිබුනේ නැති එකක්.. බලන්නකෝ ටිකක් නැවතිලා.. ඔයා මාව ඇදගෙන දුවනවා..ටිකක් ඉන්නකෝ අම්මි.. අංජානා අම්මා නවත්වා ගන්නීය..

අනේ අම්මි ඒ ලස්සන මල විතරක් කඩා දෙන්නකෝ.. මං තවත් ඉල්ලන්නේ නෑමයි.. නෑම මයි.. අංජානා තොදොල් වන්නට විය..

මං මේ වැඩ ඇරිල සාරියත් එක්ක ඔය මල් හොයන්න වැට වල් අස්සෙ රිංගන්න බෑනෙ දුව..දැන් ඔයා ඕක පුරුද්දට අරං.දැන් ඔයා පොඩි ලමේක් නෙමෙයිත් නේ..මොන්ටිසෝරි යන ලොක්කියෙක්.. මල් ඕන් නෑ..ආ ඔයා ටිකක් ඈතින් ඉදන් මල් ටික බලන්නකෝ ඒ නම්.. අම්මා හදන්නේ මල කැඩීමට අකුලට රිංගීමෙන් තොරව දුවගේ වදයෙන් ෂේප් වන්නටය..

අම්මි හැමදාම මං මල් ඉල්ලුවාම ඔසොරිය නිසා බෑ කියනවා.. අම්ම කලිසමක් ඇදන් එන්නකෝ..එතකොට අර ගොඩක් උඩ තියෙන මලුත් ඔයාට කියල ඉල්ලන්න පුලුවනි..බලන්න අම්මි ඒක හරි ලස්සනයි නේ.. ඔයාට යන්න පුලුවන්.. සාරිය තිබුනට කුනු ගෑවෙන එකක් නෑ..අනේ අම්මි..ඒක කඩා දෙන්න කෝ.. ඒක විතරමයි.. අංජානා ද දෙවනි වන්නට නැත.. 

අයියෝ .. මේ ලම‍යගෙන් බේරෙන්නබෑනෙ..එහෙනං ඉන්නව මං කඩා ගෙනත් දෙන්න.. අම්මා අවසානයේ සිගිති දියණියගේ කීමට අවනත වූවාය..

ඇය සිතුව තරම් ලේසියෙන් මල් වැලට ලඟා වන්නට නොහැකි විය..අතද යාන්තමින් සීරෙන්නට ගියේය. කෙසේ හෝ මල කඩාගෙන දුවට ගෙනැවිත් දුන්නා නොව කැඩිමට වූ වෙහෙස නිසා මල දුවට තරහින් දික් කලාය..

මෙන්න ඔයා ගෙ මල..තවත් එහම ඉල්ලනව නෙමෙයි මොකවත්..

අංජානාට දැන් සිටින්නේ දම් පාට මලේ ලස්සනට වශී වෙලාය..ඇයට කිසිත්ගැන වැඩි අවධානයක් නැත..මල දෙස බලාගෙන අම්මා ගේ අතින් අල්ලාගෙනඅඇය සෙමෙන් ඉදිරියට යයි..

හැමදාම මල් ඉල්ලනවා.. මේ මොන වදයක්ද ලමයො..මං අනික් දවසේ ආර් ඩී ඒ එකට කියනවා ඔක්කොම මල් ගස් වල් ගස් කපන්න කියල එතකොට මල් නෑනෙ මොකුත්.. ම නැතිවෙන්න.. අම්මා කීවාය..

දුව ටික දුරක් මල දෙස බලාගෙන ගොස්.. ඉන් පසුව අම්මාගේ අත අතහැරගන්නට විය.. එපා ඔවා මගෙ අතින් අල්ලන්න. එපා.. සිඟිති අංජානා මවගෙන් මිදී තනියම යයි.. මව අංජානා වඩා ගත්තාය..

මොකද ඔයා මං ව වඩාගන්නේ මෙ.. ඔයා මල් වලට ආස නෑ.. ඔයා මල් ගස් කැප්පුවොත් නේ බලාගන්නේ..මං තාත්තට කියනවා අපේ කඩියට ගහනවා වගේ අම්මිටත් ගහන්න කියලා.. ඇත්තමයි.. අංජානා සිතන්නේ සැබැවින්ම අම්මා මල් ගැන තරහින් එසේ කරනු ඇති කියාය..කඩියා යනු නිවසේ සිටින කලුපැහැති දඩෝරියා ය.

ඉතිං පුතා එතකොට අම්මිට රිදෙනවා නේ.. තාත්ති කඩියට ගැහුවම කඩිය කැ ගහගෙන දුවන්නේ ඒ වගේ අම්මිත් යනවා පුතාව දාලා.. අම්මා දුවගේ රෝස කොපුල් සිපග්නනට සැදුවා.ය..දුව මල මෑත් කොට අම්මාට සෙමෙන් සිපගන්නට ඉඩ දුන්නාය.. නෑ..මං තාත්තිට කියන්නම් බොරුවට ගහන්න කියලා අර මං බයකරන්න ඩෝං ගාල එයා අතින් ගහනවා වගේ.. අම්මිත් බයවෙයි නේ එතකොට..

රාජකාරී වේලාවේ ස්වල්ප වේලාවකට පැනවිත් දුවව මොන්ටිසෝරියේ සිට නිවසට රැගෙන එන අවසරය දහවල් ග්‍රිස්මය නිසාත් දුව සමග සෙමෙන් පයින් යන්නට වීම නිසාත් අම්මාට වෙහෙසකරය..නමුත් දෝනියැන්දාගේ පන්ඩිත කතා ඇසීමෙන් අම්මාට නිතැතින්ම මුවග සිනාවක් නැගුනි.

පසුදිනක මහත් කලබගෑනියකි.. අංජානා පොලොවේ හැපි හැපී අඩයි.. ඇය අම්මාට පහර දෙයි..මවට ‍ඇයව රැගෙන යෑමට කොහොමවත්ම අපහසුය.. අම්මා වූ මිල්සි මිස්ගේ හිතවතියක් පැමිණ දුව අස්වසාලන්නට වෑයම් කලේය..

නෑ නෑ.. ආන්ටිට තේරෙන් නෑ..මෙයා තමයි ඔක්කෝම කලේ..මෙයා ‍දැන් දවස් තුනකට කලිං කිව්වා මල් ගස් ඔක්කොම කපන්න කියනවා කියලා..ඒක තමයි ඒ මාමල ඇවිත් පාර දෙපැත්තේ ඔක්කෝම මල් ටික කපල තියෙන්නේ.. මෙයාට කියන්න ඒවා ආයේ තිබුන විදියට පැලකරන්න කියලා.. නැත්තං මට ගෙදර යන්න බෑ..

හෑ හෑ.... හෑ හෑ...අංජානා අඩන්නට විය..

නෑ අක්කේ ‍මේ ලමයා මොන්ටිසෝරි ඇරලං එද්දි හාමදාම වැටවල් ඔල තියෙන මල් කඩා ඉල්ලනෝ.. ඉතිං මං නිකමට කිව්ව මං දැන් ආර් ඩී ඒ එකට කියල මේ ටික කප්පනෝ කියලා.. මේ පාර සුද්දකිරිලි මට කොරන්න හැක් වැඩයැ..මේ ලමය දැන් හිතන්නේ මෙ පාර සුද්ද කරල තියෙන්නේ මම කියපු නිසා කියල.. මේ පාර සුද්ද කරන මිනිස්සුන්ටත් මේ දවසෙම ඕක කරන්න ඕන වුනානේ.. අනේ මන්ද අක්කේ..

කොහොමත් මෙහෙමයි..මෙයාගේ තාත්ත වගේමයි..කිසිම දෙයක් අහන් නෑනේ.. මිල්සිමිස් සිය දියණිය ගැන අමුත්තියට කියන්නට වූවාය..

පුතේ.. හිතුවක්කාර වෙන්න එපා.. අම්මි එක්ක යන්නකෝ..තව ටික දවසකින් ආයේත මල් පිපේවි..කැපුවට හැමදාම තියෙන් නෑනේ.. අමුත්තිය සිගිති දියණියගේ සිත සනසන්නට සැදුවාය.

සිඟිති අංජානාට දැන් යක්ෂයා ආරූඩ වී ඇත..

මේ ඇන්ටි බොරු කියන්නේ..මං රවට්ටන්න තමයි ඔක්කෝම හදන්නේ..හි හි හී..

මෙයාට ඔසරිය පිටින් මල් කඩන්න බැරි නිසා තමයි මෙයා මල් ගස් ටික කප්පල තියෙන්නේ මාමලට කියලා..

ඔයත් එයාගේ පැත්ත කතා කරන්නේ.. ඔයාත් ලස්සන මල් ඔක්කෝම කැපුවද දන් නෑ..අම්මි කිව්ව නිසා..

හරි නපුරුයි ඔයත්..හරියට කාටුන් ‍එකේ නපුරු මන්තර කාරි වගේ..බොරුවට හිනා වෙන්නේ..ඒ ඒ.. අංජානා වදන ්කියමින් අමුත්තියට ද බනින්ට වූවාය..

මිල්සි මිස් සිය දුවනියගේ කට අතින් වැසුවේ ඇයගේ කට තවත් දිවෙන්නට වූවොත් කුමකින් කුමක් කියයිදැයි සිතාගන්නට බැරි නිසාය..

කෝ ලමයොෝදැන් විකාර ඇති යං යන්න.. අම්මා අංජානා වඩා ගන්නට විය.. වඩාගත්වනම ඇය අම්මාගේ මුහුනටද බෙල්ලටද පහර කීපයක් ගසාගෙන ගසාගෙන ගියාය.. ඉ්න පසු ලමයා නැවත බිම තැබූවේය..

මට මේ ඔක්කොම කලිං තිබුන විදියට හදල ඕනි..නපුරි ..ඔක්කොම නැති කරලා.. දැන් කලේ නෑලු..අංජානා මහගැහැනියක පරිද්දෙන් මල් ගස් විනාස කලා යැයි අම්මාට දොස් පවරන්නීය..

දැන් අර පෙර කී අමුත්තිය දුර ගොසිනි..නපුරු මන්තරකාරියකැයි කී පසු අැය ඉක්මනින් පිටත් වූයේය.. යං ලම‍ොය් යන්න..මං විනාස කරපු මලක් නෑ.. අනික මට කරන්න පුලුවන් දේයක්ද ඒ..

ආ එහෙනං මේ මල් කැපුව මල් ගස් ටික ආයි ඒ විදියට ම හදන්න කියල ඔවා ඒ මාමිලට කියන්න ඕනි.. බලන්න දැනුත් මැලවිල.. ආයි හැදුවෙ නැත්තං නේ බලා‍ගන්නෙ මම.. ඔයා නම් නපුරුම නපුරුම නපුරුම නපුරුයි..

ඇය අඩි හප්පා පෙරලි කරන්නට වෙයි..

යං දුව අපි දැන්..මිනිස්සුත් බලං ඉන්නෝ අර එහා ඉදන්.. අම්මා කීවාය..

මට කෝල් එකක් අරං දෙන්න තාත්තිට.. අම්මා දරුවා මෙල්ල කරගැනීමට බැරි තැන තාත්තී ලවාවත් උපදෙසක් දෙන්නට සිතට ගත්තාය.. මේ ..මේ ලමයා පාරේ ඉදගෙන ගෙදර යන්නත් බෑලු.. මම පෙරයිදද කොහෙද කිව්වා මට හැමදාම මල් කඩාදෙන්න බෑ.. ....අම්මාට කතාව කරගෙන යන්නට නැත දුව බාධා කරයි..

කෝ මට දෙන්නකෝ.. ඔයා.. බොරු කියන්නේ... මං කියන්නම් තාත්තිට... අංජානා නැවත අඩන්නට විය..

ආ මෙන්න කතා කරගන්නව එහෙනං.. මවගේ රතු ඉර ආසන්නයටම පැමිණ ඇත..

තාත්ති මෙයා හරිම නරකයි.. මං මෙයාගෙන් මල් ඉල්ලුවම ඔසරියේ කුනු ගෑවෙනෝ කියල මල් අරං දෙන්න බෑ කියල කෑ ගහනෝ මට ඔව්.. ඔව් තාත්ති ඔව්..එයා නරකම නරකයි තාත්ති..

අංජානා කියවන්නට වෙයි..

මං යන්නං තාත්ති..ඒත් මෙයා අපේ කඩිය වගේ මං කියන දේ අහන්නෙම නෑ නෙ තාත්ති.බලන්න ලස්සන මල් ගස් ටික ඔක්කෝම ඌයියා කරලා..තලලාම දාලා. මාමිලට කියලා. ඔව් තාත්ති ඔව්..ඔව්..

ඒ අතර දුව සහ තාත්තී කතාව දිගට යද්දීම මව දුවනිය වඩා ගත්තාය.. දුවනිය මව් ඇකේ සිටියදීම ජංගම දුරකථනයෙන් සිය පියාට මව පිළිබඳ කෙලාම ්කියයි..

ඔව් තාත්ති ඔවු.. අපි මෙයාව මල් නැති ගස් ගාවින් නවත්තල යමු..අපි දෙන්නයි කඩියයි විතරක් ගිහින් මල් වත්තේ ඔක්කෝම මල් බලල එමු.. අපි හොරාට ඈතින් තියෙන මල් කඩමු නේ.. මෙයා දාල යමු..එයා තමයි තාත්ති මල් ගස් ටික ඔක්කෝම නැති කරන්න කියල තියෙන්නේ..

ආ මෙන්න ඔයාට දෙන්නලු..දුව මවට පොන් එක දික් කලාය..

හරි දැන් ඉතිං ඔයා මාව දාලද දුවයි කඩියයි එක්ක මල් වත්තට යන්නේ.. අම්මා ජංගම දුරකථනයෙන් අසන්නට විය..

තාත්ති ඔයාව මල් තියෙන තැන් වලට එක්කං යන් නෑ...නෙ..මායි කඩියයි විතරයි නෙ එක්කං යන්නේ..දුව අහක බලාගෙන අම්මා ට ඇසෙන්නට කිව්වාය.. අම්මා අහක බලාගෙන සිය පණ්ඩිත දියනියගේ මුරන්ඩු කම් ගැන සිතමින් මුවග මඳ සිනා නගමින් යන්නට ගියාය.

2 comments:

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...