Posts

Showing posts from July, 2016

යෙකාගේ ගෙයි පඩිය තරණය

Image
දුෂ්කර කදුකර මාර්ග වල අපහසුවෙන් ගමන් කරන්න තියෙන අවස්ථාවලදී ඒක යක්ෂයාගේ පඩිපෙල කියලා හදුන්වන්න ඉංග්‍රීසි ජාතිකයින් පෙලඹිලා ඉදලා තියෙනවා..අයර්ලන්තයේ එංගලන්තයේ වගේම නවසීලන්තයේත් යක්ෂයාගේ පඩිපෙල විදියට හදුන්වපු මාර්ග දක්නට තියෙනවා. කලුපහන සිට ඔහියට යන පාරේ ඉහල කෙළවර හරිය ටිකක් දල බෑවුමක් තියෙන්නේ ඒ හරියට යක්ෂයාගේ පඩිපෙල කියලා කියනවා ඇති. 
අපිත් යක්ෂයාගේ පඩිපේලිය තරණය කරන්න හිතුවා. කොළඹින් සිකුරාදා හවස පිටත් වුනා බදුල්ල බස් එකක නැගලා බෙලිහුල් ඔයට..බෙලිහුල් ඔය ඉන්නවා බ්ලොග් හරහා දැන අදුනගත්ත යාලුවෙක් ඒ තමයි ලයනල් මහත්තයා. ලයනල් මහත්තයගෙ පට්ට බඩුවක් බෙලිහුල් ඔය තියෙනවා ඒ තමයි පර්ල් ඉන් රෙස්ටුරන්ට් ඇන් ගෙස්ට් හවුස් එක. ඒකෙ තමයි අපි සිකුරාදා රාත්තිරි නැවතුනේ..කොළඹ ඉදන් බෙලිහුල් ඔ්‍යට යද්දි රෑ 11 විතර උනා.
මේ තියෙන්නේ ඉහල පිංතූරයේ පර්ල් ඉන් එක. කාමර සුපිරි..කෑමත් හොදයි..ගානත් ඉතිංසෑහෙන්න සාධාරනයි.. අපි එතන නැවතුනාට මොකද යකාගේ පඩිපෙල සහ බඹරකන්දට යන්න පාරට එන්ටර් වෙන්න තියෙන  කළුපහනට ඒ කිව්වේ හපුතලේ දිහාට කිලෝමීටර 15ක් විතර බෙලිහුල් ඔය ඉදලා  යන්නෝන. අපි පාන්දර නැගිටලා පිටත් වුනා..හෝටලේ හිටපු මල්ල…

ඈට සතුටුයිද කාලගෝල

Image
වෙන්වීල ගිය දා පටන් දික්තලා..
ආයෙ නොඑනා ලෙසින්..
කදුලු අඩුනැතුව ඇඩෙනවා ඇහැට
ඌට සතුටුයිලු දැන්.. 
ල ල ලා.. ඌට සතුටුයි ලු.. දැන්.. 

මහරජතුමනි අද දික්තලා කාලගෝල අවුරුදු විස්සකට පස්සේ ආයෙත් නඩුවක් අරං ඇවිත් තියෙනවා. ගොඩක් ෆිල්ම් වලට ටෙලි වලට ගත්ත කතා වස්තුවක් නිසාත් ඔබතුමාත් එයට ආස වේ යැයි සිතූ නිසාත් අපි එය ඔබතුමාට යොමු කරන්නට සිතුවා.. 

රජ : ඔවු වොවු.. මං ආස ටෙලි සීරියස් එකක් තමයි ඉස්සර දික්තල කාලගෝල.. හැබැයි එන්ඩ් එක පුල් සෑඩ්.. ඉස්සර මං බොගක් චාජ් උනත් ඉවසං තටමං ඉන්නවා එපිසෝඩ් එක ඉවර වෙනකල් ඕව් වොව් වොවු.. හේ  හේ හේ .. 

කාලගෝල කියනව බලන්න එහෙනං කේස් එක තමුන්ම.. දැන් නං තමුසෙත් ඇත්තටම කාලගෝල වෙලා.. මොකෝ මේ? 

කාලගෝල : පස්වාන් දහසක් අන්තංප්පුර ලැබේවා දේවයන් වහන්ස. මේ ගෑනි මගේ කෙස් පොත උස්සල ඒ මදිවට ඒක පුච්චල දේවයන් වහන්ස.. ඇත්තමයි දේවයන් වහන්ස.. 

කෙස් පොත? ඒ මොකද්ද බං ඒ.. 

පුරෝහිත ජූනියර් ? මොකද්ද මේ කෙස් පොත් සීන් එක..බැංකු පොතක් වගේ එකක්ද? 

පුරෝහිත ජූනියර් : දේවයන් වහන්ස දික්තලා නැතිවුනායිං පස්සේ හාට ්ඇටැක් එකක් ආවට කාලගොල මැරුන් නෑ..ඉතිං කාලගෝලට ‍  සෙවන් ඉයර්ස් එක්ස්පීරියනස් තිබුන නිසා හොද තැනක ර…

කැමැත්තෙන් දෙනෝ නම් ගන්න කවුද අකමැති

Image
මං පහුගිය දවසක ලැයිසොන් කෑල්ලක් ගන්න ඕනි කියල ගියා වේරහැරට. වේරහැට ඇවිල්ල එක්තරා උපසංස්කෘතියක් තියෙන තැනක් වගේ. මුලින්ම හම්බුන ගෑනු කෙනා මගේ ගම සහ රක්ෂාව දැනගෙන මගෙන් ඇහුවා ආ...මහින්ද කාලේ ද ආවේ රස්සාවට කියලා.. ඔය වගේ ගොං ගෑනියෙක් වාචාල කමට මක්ක හරි කිව්ව කියලා මට නැතිවෙන ලබ්බක් නෑනෙව..මම කට කොනකින් හිනාවෙල..නෑ මං ඊට කලිං ආවෙ කියලා කිව්වා. 

ඉන් පස්සේ අංකයක් අරගෙන වාඩිවෙල ඉන්නයි තියෙන්නේ. මම වාඩිවෙල ඉන්න අතරේ දැක්කා ඇතැම් අය ‍වෙනත් දොරකින් ඇතුලට යනවා. ඒ වගේම සමහර අයට ලගට කතා කරලා ඉක්මනින් එයාලට ඉඩ ලැබෙන ගතියකුත් දැක්කා. ලර්නර්ස් කම්පැනි වලින් ආපු අයට ප්‍රමුඛතාවක් ලැබෙන ආකාරයකුත් පෙනුනා. 

මට පෙනුන දේ සහ දැනුන දේ අනුව එතන ඕපන් වංචා වෙන තැනක්. මට හරියටම මෙන්න මෙහෙම මෙහෙම තමයි වෙන්නේ කියල කියන්න බැරි වුනාට වංචාවලට බොහොම ලේසියෙන් ඉඩ ලැබෙන තැනක්. මං දැනුවත්ව බුවෙක් ගියා ලයිසන් එක අලුත් කරගන්න.  මිනිහට සීනි දියවැඩියාව පෙසර් හාට් ඇටෑක් වගේ පොශ් ලෙඩ ගොඩක් තියෙන මැද වයසේ කෙනෙක්. ඉතිං එයා විය යුතු විදියටම මෙඩිකල් එක ෆේල්..ඒ කියන්නේ මිනිහ වෛද්‍ය පරීක්ෂණය අසමත්.. ඒත් එයා ලයිසන් එක ගත්තා..වැඩියෙන් විය…

පංසල් එපා කිව්වට දන්සල් ඕනි

Image
අපි ටිකක් ආගමට විරුද්ධ මත දරන කොට අපිට සැට්වෙන යාලුවොත් එ් වගේ අය වෙනවා..විසේසයෙන් ටුයිටර පේස්බුක් වගේ කෘතිම අවකාශ වල සුදුසු යාලුවන් අපිට තෝරා දෙන නිසා ඒක දැන් වඩාත් ලේසියි. අපි මොකක් හරි ආගම් සීන්ස් එකකට බැනලා පෝස්ට් එකක් දානකොට ඒකට විරුද්ධව කමෙන්ට් කරන්න එන කස්ටියට වඩා ඒකටම පක්ෂ වෙන පිරිස වැඩියි..මොකෝ අපේ ආගම අදහන යාලුවෝ අපිව ඈත් කරලා නේ.. එක්කෝ රිමු කරලා නැත්තං අන්පෙන් කරලා. 
මම නිරාගමිකයෙක් නෙමෙයි..මොකද නිරාගමිකයෙක් වුනාම ආගම් වලින් තියෙන සහන ගන්න අමාරුයි නේ. උදාහරණ විදිහට අපි නිරාගමික කියලා මහා ලොකුවට සද්දේ දැම්මොත් එහෙම හදිස්සියට දන්සැලකට ගොඩ වෙලා ආතල් එකක් ගන්න..පංසලේ යාලුවො සෙට්වෙලා පංසල් එන පිංබර කෑලිවලට සෙවල පෙරන්න.. පල්ලියකට ‍වෙන වැඩකට යන්න වගේ ගොඩක් වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා නිරාගමික කියන බෝඩ් එක එල්ලා ගන්න එක පාඩුයි. ඒක එලොව වසයෙන් මෙන්ම මෙලොව වසේනුත් පාඩුයි. 
ආගම් කියන දේ සමාජයේ තියෙන කොට එක එක වැඩ වලට ආගම යොදාගන්නවා. දැන් ඔන්‍න ගෙයක් හදන්න ගියත්, ලමයෙක් හම්බෙන්න ගියත්, කසාද බදින්න ගියත්, මලගෙයක් උනත් අපිට ආගම ටිකක් ඕනි. අපෝ අපිනං විස්වාස කරන්නෙ නෑ කියල උඩ පනින්න යන එක…

ලොක්කගෙ කලු තට්ටම

Image
බැංකුවක වැඩ කල සේවකයින් දෙදෙනකු රාජකාරී අවස්ථාවේ ලිංගිකව හැසිරීම විදහා දැක්වෙන වීඩියෝවක් පසුගිය දවස්වල ලාංකික සයිබර් අවකාශය තුල කතා බහ ඇති කලා.. පෝන් ක්ලිප් නොහොත් අශ්ශීල වීඩියෝවක් අතින් ගතහොත් එය එතරම්ම හොද එකක් නෙමෙයි..පුරුෂයාගේ පුකත් ස්ත්‍රියගේ පහත් වූ කලිසමත් පුරුෂ ලිංගයත් චලනයත් පමණයි තිබුනේ.

නමුත් ආසියාතික හොරෙන් බැලීමේ උවමනාව ඇති අය සඳහා නම් එය මනාව ගැලපෙන එකක්..අවටින් කන්තෝරුවේ අනික් අයගේ සද්ද බද්ද ඇසෙද්දී...නියම කන්තෝරුවක ඇති සියලු බඩු බාහිරාදිය පෙනෙන්ට තිබියදී..ඇඳුම් බාගෙට ගලවාගෙන සැකෙන් බියවෙමින්.. නමුත් උපරිම සතුට ලැබෙන ආකාරයට ගැස්සීමද අවම කරගනිමින්..කොටින්ම කාමරයේ ඇතුල දෙස පිට සිදුරකින් බලන අයෙකුට දැනෙන සම්පූර්ණ හැඟීමම ජනනය කරන හොද වීඩියෝ කොලිටියක් ඇති ක්ලිප් එකක්.. ඒකෙන් හොරෙන් බැලීමේ උවමනාව ඇති අයට එය හොදම අවස්ථාවක් උදා වුනා..

මෙය අපි තිගැස්සීමකට ලක් කරපු අවස්ථාවක්..අපි කීවේ හැමෝම..

සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලික වීඩියෝවක් අන්තර්ජාලයට අවසරයකින් තොරව නිකුත් කිරීම වැරදියි. දෙදෙනාම කැමති වුවත් බැංකුවේද අනුමැතියක් අවශ්‍ය වෙනවා මේ වගේ වීඩියෝ එකක් අන්තර්ජාලයට මුදා හැරීමේදී..ඒ වග…