Tuesday, February 21, 2017

රට ගෙනියන්න කාටද වැඩියෙන් සැප දෙන්න ඕනි

වෘත්තිය සමිති ව්‍යාපාරය කියන නමේම තියනවා ඒක ව්‍යෘපාරයක් කියලා.. හිතන්න මම අයිති ලංකා ඇල්වතුර බෝතල් කරන්නන්ගේ සංගමය කියලා..ඉතිං ඔන්න මම තමයි ලීඩර්..ඔන්න මීඩියා වලට කතා කරනවා.. 
අම්මේ තාත්තේ
මේ වතුර පිරිසිදු කිරීම කියල කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි.. අපි මේ කරන වැඩෙන් විදේශිකයන් රටේදි වතුර සපයාගන්නවා..උයාපිහාගන්න තරු හෝටල් වල ලොකු කම්පැනි වල පාවිච්චි කරන්නෙත් බෝතල් වතුර..අද මේ බෝතල් වතුර කරුමාන්තේ නගාහිට්ටව්වෙ නැත්තං මොකද වෙන්නේ? හෙට වෙද්දි රට අනතුරේ අපි ඔක්කොම පිරිසිදු වතුර නැතිව අනතුරේ.. 

ඒ ‍වතුර නිපදවන්නන් ගේ සංගමය.. 

ඊලගට සමස්ථ ලංකා උදලු මිට ගහන්නන්ගේ සංගමය.
අපි පුරානේ සිට අහල තියෙනවා සීයාගේ අවුරුදු 500ක් පරණ උදැල්ල ගැන.. එතනදි මිට ගහනවා තලේ ගහනවා..අවුරුදු දාස් ගානක් තියෙනවා.ඉතිං ගොවියා රජකරනවාය කියන රජය අද මේ උදලු මිටි ඉන්දියාවෙන් ගෙනල්ලා දේශීය මිටි කර්මාන්තය කඩා වට්ටවන්න හදනවා..මේ ර‍ටේ සියයට 35කගේ ජීවනමාර්ගය ගොවිතැන..ඔවුන්ට උදලු තලෙන් පමණක් වැඩ කරන්න බෑ ජනතාවනි..මිට ඕනි..ඒ මිට සපයන්නේ කවුද අපි.. අපි නැතුවොනත් ගෛාවියත් නෑ බතත් නෑ.. 

ඉතිං ඔය විදියට හිතලා බැලුවොත් හැම සංගමයක්ම කියන්නේ හැම වෘත්තිය සමිතියක්ම කියන්නේ එයාල ගේ වෘත්තිය නැතිවුනොත් රටට කෙල වුනා කියලා.. ඒ වගේම ඇතැම් දේවල් තියෙනවා නිකං ලොකුවට පේන..පොලිසිය හමුදාව එහෙම ලොකුවට පේන තැන්..අනේ ඒ මිනිස්සු ගුටිකනවා..යුක්තිය පසිදනවා..අවුවේ වේලෙනවා.. පවු එයාලටත් පඩි වැඩිවෙන්න ඕනි සුවල්පකැපකිරිමක්ද කරන්නේ එයාල.. 

දොස්තර ගුරුවරු ආචාර්ය වරු වගේ ප්‍රබල වෘත්තිය සමිති හැමදාම ගිරවු වගේ කියවද්දි අපේ ම සමහර අයට හිතෙනවා අඩේ මුන් ඇවිල්ල මාර වැදගත් සේවයක් නෙව රටට කරන්නේ කියලා..ඉන් පස්සේ අපි ටික කාලයක් ගියාම ඒ ගොල්ලාන්ට පඩි වැඩිකරන එකට පක්ස වෙනවා.. අපිත් කැමති වෙනවා අපිට නොදැනිම.. 

සැබැවින්ම වෘත්තිය සමිති කරන්නෙත් මිනිස්සුන්ට කොහාම හරි අගෝනවා තමුන් නැත්තං බඩු සවුත්තු වෙනවා කියලා.. 

රටක ශ්‍රම බලකාය සැලසුම ්කරන්නේ කෝමද? 

දැන් අපේ රටේ බැලුවාම මොක්කුද වැ‍ඩියෙන් ඉන්නේ මොන ජාතියේ මිනිස්සුද අඩු..රටේ සංවර්ධන ඉදිකිරීම් වැඩි කාලෙක නම් ඉදිකිරිම කම්කරුවන් ඕනි.. ඉතිං මිනිස්සු හොයාගන්න බැරිනං අපි වේගෙන් ඒ අය පුරුදු කරන්නට හෝ නැත්තං රටින් ගේන්නට ඕනි.. එහෙම නැත්තං බිල්ඩින් හදාගන්න බෑ.. කේස් නේ.. 

ඒ වගේම ඔන්න බලාගෙන යද්දි තේරෙනෝ රටේ සෞඛ්‍ය සේවේ අවුල් වගේ කියලා..දොස්තරලාත් මදි ඒත් හොදට බැලුවොත් පේනවා දොස්තරලා විතරක් නෙමෙයි මිඩ්වයිෆ්. පී ඇච් අයි නර්ස්..වගේම ව්‍ය්‍ුහාත්මක වෙනසකුත් ඕනි සෞඛ්‍ය සේවේ දියනුනු කරන්න.. 

ඔන්න කෝච්චි ස්ටේසමට ගියාම පේනවා.. මිනිස්සු ඉන්නවා ඒත් මදි..මොකද ටිකට් දෙන්න එකායි..දෙවන පන්ති ටිකට් වලට තව එකයි.. ටිකට් එකතු කරන්න දෙකයි.. එකතු කරපු ටිකට් ටිකෙන් ගනන් හදන්න තව එකයි..ඉතිං මදි ගතියක් පේනවා..ඒත් මැසිමක් දැම්ම නම් අර බස් වල වගේ මැසිමක් දැම්ම නම් ඔ්‍ය කිසි කරදරයක් නැතුව සංගනන කරගන්න තිබුනා.. ඒ වගේම ඉක්මනින් ටිකට් දෙන්නත් තිබුනා.. 

අඩුයි කිව්වට අඩුයිමද? 

ගුරුවරු නම් ඉන්නවා..ඒත් වර්ථමාන ලෝකයට ගැලපෙන්න ගූගල් සර්ච් එකක් ගහගන්න පුලුවන් ගුරුවරු අවුරුද්දක් අතුලත පොතක් පතක් කියෝපු ගුරෙුවරු අඩුයි..එයාලගේ ගාන වගේම කොලිටි එකත් වැඩිවෙන්නට ඕනි.. 

ඇත්තටම ‍ඉල්ලන ඉල්ලන යූනියන් එකට අනුව පඩි වැඩිකලා කියල රටක් දියුනු කරන්න අමාරුයි.. රටක් දියුනු කරන්න දියුනු සැලසුම් අවශ්‍ය වෙනවා.. දියුනු ක්‍රමවේද අවශ්‍ය වෙනවා.. එහෙම නැතුව සරල ප්ලාස්ටර් වලින් අපිට ඉන්න තැන ඉන්න පුලුවනි ඒත් දියුනු වෙන්න අමාරුයි.. 

Monday, February 20, 2017

සේෆ්ටි වලට අයිති ලයිප් ජැකට් විතරයිද?




මේ සතියේ අද සදුදා වෙනත් මාතෘකාවක් සැපත් වුනේ නැත්තං බ්‍රහස්පතින්දා ‍විතර වෙනකල් බේරුවල බෝට්ටුවක් පෙරළිලා පිරිස මැරුනු සීන් එක හිට් වෙයි.. සිද්දිය ගැන ඊලග ඉරිදා පත්තරවල ගියාම ඒ ආටිකල් ටිකත් සතියක් විතර යයි..ඉන් පස්සේ ඉවරයි වැඩේ..

නිල්වලා ගගේ බෝට්ටු සවාරිය ගිහින් බෝට්ටුව පෙරලිලා 36ක් එතනම සෙත්තපෝච්චි වෙලා දැන් අවුරුදු 39කටත් වැඩියි. ඒ බෝට්ටු අනතුර ගැන දිවයින පත්තරේ ආටිකල් එකක් තියෙනවා. ඒකෙ මේමත් තියෙනවා.

"දැන් බෝට්‌ටුව හැරවෙන්නේ ඒ කෝන් ගහ යටිනුයි. ඒ වෙලාවේ බෝට්‌ටුවේ ගියපු කට්‌ටියම එකසැරේ තරෙඟට වගේ අර කෝන්ගෙඩි කඩන්න බෝට්‌ටුවේ එක පැත්තකට රොක්‌ වුණා. එක පැත්තට කුට්‌ටි ගැහෙන්න එපා බෝට්‌ටුව පෙරළේය කියලා මම විලාප ගැහුවා. කොහේද?... කියලා කට ගන්න ලැබුණෙ නෑ එතකොටම ඇලවෙච්ච පැත්තෙන් බෝට්‌ටුවට වතුර දැම්මා. "


ඒ බෝට්ටුව අරං ගිය යාත්‍රිකයා එවිට වයස 21ක නාඹර තරුණයෙක්..බෝට්ටුවේ කෙල්ලෝ කිහිප පොලකුත් ඉන්නවා. ඉතිං කෙල්ලන්ට පේන්න වංගුව ගනිද්දි වැඩක් නොදැම්මා කියලත් හිතන්න බෑ..ඒ වගේම මේ කියන විදියට බෝට්ටුවට අනවශ්‍ය ලෙස සෙනග බලෙන් නැග්ගාද නැත්තං ඉතිං අපි දන්නවා නේ සීන් එක..ප්‍රයිවට් බස් වලට වගේ බලෙන් නග්ගෝගත්තාද කියලා දන්නේ නෑ.. මාතර ඒ කාලේ හිටපු අය නම ්කියන්නේ වෙසක් කාලේට ඉතිං බෝට්ටු දාගෙන සත විසිපහට පනහට ඔය විදියට ගෙනිය අය හිටියා..සමහරු කතා කර කර බෝට්ටු ලෝඩ් කරා කියලා.

ඇන්ටන් ජෝන්ස් නිසා තමයි මටත් ඔය සිද්ධිය මතක..පැරණි ඉතිහාසගත සිද්ධි කාලයේ වැලිතලා වලින් යටවෙලා පත්තර වලින් පොත් වලින් යට ගිහින් තිබුනත් හිටපු ගමන් බස් එකක යන එන කොට ඇහෙන ඇන්ටන් ගේ සිංදුවකින් යලිත් ඒ මතකයන් අපේ සිතට එනවා..ඇත්තටම ඊට පසුකාලීණව උපන්න මම වැනි අය ඇන්ටගේ සිංදු කියද්දී උඩ පැන පැන දගර දදා මියුසිකල් සෝ වල නටනවාත් ඇති..එත් තමුන්ගේ සමීපම කෙනෙක් මියගිය අයෙක්ට නම් සිංදුව ඇහෙනකොටත් ගෙනෙන්නේ අමිහිරි මතකයක් වෙන්නට ඕනි. 


අපේ අයියගේ සයිට් තුවාලේ

අපේ ගම් පලාතේ මේ දවස්වල ගොවිතැන් වලට නිතරම ලෙඩ..විදෙස් බීජ එලවලු වල ලෙඩ වැඩියි..සහ වරුසාවත් අඩු නිසා ලෙඩ ඉක්මනින්ම හැදෙනවා.. ඉතිං මේ නිසා වෙනත් කුලියක් මලියක් හොය හොය හිටපු අපේ අය්යට අපේ ගෙවල් හරියේ ඇතුලෙන් යන හයිවේ සයිට් එකක වැඩ හම්බුනා..සාමාන්‍යයෙන් ගිය තැන අයිස් ගහල හුරු නැති අපේ පුතයා මොකද්ද ගලක් අල්ලන්න ගිහින් තුවාල කරගෙන ඇගිල්ලක්..මැහුන් හතරක් දාන්න වෙලා තිබුනා.

ඒ අවස්ථාවේ සෙෆ්ටි ලෝගුව, සපත්තු සහ හෙල්මට් පැලදගෙන තමයි ඔහු ඉදලා තියෙන්නේ..ඒ වෙලාවෙම ක්‍රියාත්මක වුනු සයිට් නිළධාරින් මොහුව සයිට් කන්තෝරුවට එක්කරං ඇවිත් තුවාලය හොදින් පිරිසිදු කරලා මැහුන් දාලා ඔහු ගේ ඇගිල්ලට බෙහෙත් කරලා තිබුනා..සයිට් එක චීන්නු වැඩකරන එකක්. සයිට් ඔෆිස් එකෙන්ම බෙහෙත් දීලා ඒ වගේම දවස් තුනක පඩි එක්ක නිවාඩුවකුත් දීල තිබුනා..පොඩි වන්දියකුත් ලැබෙයි කියලා තමයි කතාව. ඒ සයිට් එකේ අයිය වැඩට ගිහින් සති දෙක තුනකට වැඩිය නැහැ..දවස් කුලියට වැඩකරන අනියම් කම්කරුවෙකු වගේ වුනත් ඔවුන්ගේ අනතුරකදී හැසිරීම නම් ප්‍රශංසනීයයි.

ඒ චීනා.. චීනාගේ සයිට් ගොඩක සෙෆ්ටි කියන දේ බලනවා..උනුත් ඕක බටහිරින් පුරුදු වුනු දෙයක් වෙන්නට ඕනි..ඒත් අපේ උන්දැලා කරන වැඩපොලවල් වල ලෝකල් සයිට් වල රජයෙන් කියනවාට කරනවා විනා සේෆ්ටි ගැන එතරම්ම තැකීමක් නෑ,සිවිල් ක්ෂේත්‍රය නම් ටිකක් තියෙනවා..ඒත් වෙනත් කර්මාන්ත, පතල් කර්මාන්තය, කම්කරු රාජකාරි, ෆැක්ටරි වැඩ, වැනි දේවලදි ඇත්තෙන්ම අපි සේෆ්ටි ගැන තකන්නේ නෑ..නිතර දුම්රියේ යන මම දකිනවා දුම්රිය සේවකයින් කකුල් වලට සෙෆ්ටි බූට් දෙකක්වත් දාන්නෙ නැතිව බර කොන්ක්‍රිට් සිල්පර කදන් සහ රේල් පීල් ඔසවනවා..

සැබවින්ම සේෆ්ටි කියන්නේ හැමෝම හිතන්න ඕනි දෙයක්.. ඒ වගේම වැඩකරන තැන්වලදි විනෝද චාරිකා යද්දි වගේ සේෆ්ටි ගැන හිතන එක වටිනවා.. යාලුවෙක් ෆේස්බුක් එකේ කියල තිබුනා නාගදීපේ යනකොට දාන ජැකට් දිරපු ඒවා කියලා.. ඒ ගැනත් යන එන අය හෝ බලධාරින්ට කම්පෙලෙන් කරනවා නම් හොදයි. .

ආරක්ෂාව කියද්දි අපි හිතන්න ඕනි තැන් ගොඩක් තියෙනවා..මම මීට කලිනුත් ආටිකල් එකක් ලිව්වා කෝච්චියෙ ෆුට් බෝඩ් එකෙන් වැටිලා කදින් වෙන්වි කැපී ගිය තරුණයෙක් ගැන..තරුණයා මලා.ඒත් හෙට අලුතින් කෝච්චියක් ලංකාවට ගෙනාවත් ධාවනය වන්නේ දොරවල් ඇරගෙන..විශේෂයෙන් කෙටිදුර දුවන මගී දුම්රිය..

සිදුවීමක් අවසානයේ සංවේදී කතාන්දර, ආගම් ජාති ගැටලු පමණක් නොවෙයි..ඉන් පසු ඒ වගේ දේවල් නොවෙන්න මක්කාද කොරන්න ඕනි කියලා අපි හිතන්න ඕනි.. සිදුවීම් හැමදාම නිවුස් වෙලා හරියන් නෑ..අපි ඒ ව‍යින් පාඩං ඉගෙන ගන්න ඕනි.. අපි අපේ සේෆ්ටි ගැන හිතන්න ඕනි..ඒ වගේම මියගිය ජළුීිත නම් ආගම් වලට අනුව ඒ ඒ තැන්වලට යන්නට ඇති..ඒත් ඒ ජිවිත මගින් යැපුන ජීවිත.. ඒ සමීප අයට නැතිවුන රැකවරණය සෙනෙහස.. ඒවා පූර්ණය කරන්න අමාරුයි..

Sunday, February 19, 2017

ගිහින් ඉන්දියාවේ යමුද නේපාලේ

මිස් වුනු ඉන්දුනිසියා

මුලින්ම මම උන්නේ ඉන්දුනීසියා වේ සුමාත්‍රා යන්න..ටිකටුත් බුක් කලා..එත්ක්‍රෙඩිට් කාඩ් වල අවුලක් නිසා බුකින් එක වැදුනේ නෑ.. සුමාත්‍රා වල වෙස්ට් සුමාත්‍රා වල පඩන් (Padang Capital of West Sumatra)  කියන සිටි එක සහ මවුන්ට් කෙරෙන්චි කියන සවුතිස්ට් ඒසියා වල උසම ගිනිකන්ද බලන්නයි උන්නේ..  සහ කැලෑ වනාන්තර රිලව්, ගිබන් , කොටි, අලි එහෙම බලන්න හිතං උන්නේ..ඒත් ලංකාවේ ඉදන් පඩන් වලට යන්න එක්කෝ මැලේසිය්න වීසා ගන්න ඕනි..නැත්තං ෆ්ලයිට් තුනක් ගන්න ඕනි.. එයා ඒසියා වලින් පඩන් වලට කෙලින්ම කොළඹින් එයාටිකට ගහන්නේ නෑ.. 


නේපාල් සිහිනේ සරනා. 

නේපාල් කියන්නේ අඩුකොස්ට්යන්න පුලුවන් තැනක්..ඉතිං මංගාව වියදම් කරන්න තියෙනන කාලය සහ මෙව්වා එක අනුව බැලුවාම නේපල් හොදය ිකියල හිතුනා.. යන්න චෙන්නයි සහ ඉන් පස්සේ චෙන්නයි ගුවාටි ( Guwahati) ටිකට් බුක් කලා.. චෙන්නයි කල්කටා හෝ බැග්ඩෝරා බුක් කලා නම් ලේසියි..ඒත් අවාසනාවට බැග්ඩෝරා වලට චෙන්නයි ඉදන් ඩිරෙක්ට් ෆ්ලයි කරනවා කියලා දන්නේ පස්සේ..දැන් ඉතිං ගුවාටි ගිහින් එතන ඉදලා වෙස්ට් බෙංගල් වල සිලගුරි දක්වා කෝච්චියෙ එන්න තියනෙවා..එතන  සිට වෙස්ට් බෙංගල් වල නේපල් එන්ටරන්ස් එක  වෙන කකර්බිටා වලින් නේපල් වලට පැය දාහතරක බස් දුරක් ගෙවාගෙන එන්න වෙනවා..කොහොම උනත් ඉන්දියාවේ බහින වෙලාවේ සිට කත්මන්දු වලට පැය 24ක් විතර සෙට් වෙයි.. 

ඒක ප්ලෑනින් අවුලක්ම නෙමෙයි..ලේසිම ක්‍රමය මෙහෙන් කත්මන්දු ෆ්ුලයි කිරීම..ඒත් රටතොට බලාකියාගෙන දෙතුන් විඩක් නතර වෙලා එන්න හැකි නෙව.. 

එන්න ටිකට් බුක් කලේ දිල්ලියෙන් දිල්ලියේ පොකාරා වල ඉදන් කෙලින්ම ගොරක්පූර් වලට ඇවිත් ගොරක්පූර් වලින් දිල්ලි ඇවිත් දිල්ලියෙන් හිමීට ප්ලේන් එකෙන් පහලුට එන්නයි කියලායි සැලසුම.. 

බලන දේවල් 

බුක් කලේ අප්‍රේල් 05 සිට 18 වැනිදා දක්වා..ඒ දෙකෙන් දවස් 4ක් විතර ගමනට ගත වෙනවා..එතකොට ඉතිරි වෙන්නේ 8ක් නවයක් වගේ..පොඩි සයිස් ට්‍රැකින් එක්කට කියාපු වෙලාව.. ට්‍රැකින් එකක් සහ කත්මන්දු පොකාර වල කොමන් ඇක්ටිවිටි කිපයක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.. 

යාලුවොත් ඕන්නං එතෑකි 

මං දැන් අප්‍රේල් 05 සහ 18 දවස්වලට ටිකැට් බුක් කරලා ඉවරයි. බොහෝවිට තව යාලුවො දෙන්නෙක් ගමනට එකතු වෙයි.  ඒත් කැමති යාලුවෙක් ඉන්නෝ නම් අපි එක්ක එකතුවෙන්න පුලුවනි..බජට් එක ටෝටල් ම තියෙන්නේ එක්ලක්ෂ විසිදාහක් වගේ..ඒත් ඒ තරං යන එකක් නම් නෑ.. එයාටිකට් වලටම ගියා 40ක් විතර.. අවුරුදු නිවාඩුවට දවස් කීපයක් තියෙන නිසා කැමති කෙනෙක්ට ජොයින් වෙන්න පුලුවනි. 
මේ සවාරිය ඇවිල්ලා බජට් ටුවර් එකක්..ඉතිං වැඩිමනක් පහසුකම් ආදිය නම් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.

කැමති කාරුහරි ඉන්නෝ නම් මට මේල් එකක් දාන්න. indika27@gmail.com
 

Thursday, February 2, 2017

ලිස්ට් එක

පුතා ගෙදර වැඩ කරාද... නෑ අම්මි.. තා වෙලා තියෙනවා නේ..පුතා කීවේය..
ආහ් ඒම කියල කෝමද? තව කොච්චර රෑ වෙන්නද? ඔන්න පටන් ගන්න දැන්ම.. අම්මා කීවාය..
ආහ්..අම්මේ..ටීච රචනයක් ලියං එන්න කිව්ව.. "මා වැඩියෙන්ම සතුටු වුන දවස.."
ම්ම්.. ඉතිං පුතා ලියන්න.. අම්මා පිලිවදන් දුනි..
අම්මා එසේ කීවාට කවදාවත් පුතා කැමති දෙයක් නම් ඔය පොතේ ලියවෙන්නේ නැත.. පුතා දකින ලෝකය නොව පුතාගේ පොතෙන් ස්කෝලේ යන්නේ අම්මා දකින ලෝකයයි.
පසුගිය දිනෙක අහසක් ඇදන් එන්නට කියා තිබුනි.. මේ මොකද මේ තරු නිල් පාටද? පේන් නැද්ද දසුන්..මොානවද දසුන් ඔයා බබා වගේ නේ.. මේ තාත්ත හිටියට බලන්නෙත් නෑනෙ..‍පුතා නිල්පාට ගාල තරු වල..තාත්ත දැක්කෙ නැද්ද හැබෑට.. මොනවද අනේ ඔයත් අසිත.. අම්මා දිගටම දොස් පවරයි..
ඇයට අනුව තරු නම් කහ පැහැ විය යුතුය..ඒ ඇගේ ලයිස්තුවේ තරු වලට ඇති පාටය.. පුතා තරුවල නිල් ගෑම කිසිසේත් අම්මාට නම් අල්ලන්නේ නැත..

පුතා සතුටුම සිද්දිය මොකද්ද? පුතා අසිත දෙස බැලුවේ .. මගෙන්ද අහන්නේ යන ප්‍රශ්ණය මුහුනේ දල්වාගෙනය.. පොඩ්ඩක් ඉන්න තාත්ති.. පුතා කල්පනා කරයි..
ආ මං ගොඩක් සතුටු වුනේ..අර  බස් එකක් ඇක්සිඩන්ට් වුන වෙලාවෙනෙ තාත්ති. කන්‍රවක වැදිල බස් එක ඇතුලට එබිල තිබුනේ..මතක නැද්ද අපි ගිහින් ගොඩක් වෙලා ඒක දිහ බලං උන්නා..තාත්ති නම් කට්ටිය එලියට ගන්න උදව් කලා.. සෙනග පිරිල උන්නා..ඒක හොදයි නේ තාත්ති..
හ්ම්...
අපේ ගෙවල් ගාව බස් එකක් ඇක්සිඩන්ට් වුනා.. ඒක තමයි මගේ ආසම එක..මං කැමතිම සතුටු වැඩියෙන්ම උනේ බස් එක හැප්පීමෙන් නෙමෙයි. මොකද මම බස් එක හැපෙනවා දැක්කේ නැහැ. ඊට පස්සේ උන දේවල් නිසා ගොඩක් සතුටු හිතුනා...මිනිස්සු ගොඩක් කලබල උනා.. බස් එක හැප්පිල තිබුනේ ලොකු ලයිට් කනුවක නේ.. ගොඩක් අයගේ දත් වැටිල තිබුනා..අපේ තාත්තත් දත් කුට්ටමක් ඇහිදල දුන්නා.. දත් විතරක් නෙමෙයි කට්ටියට ගොඩක් තුවාල වෙල තිබුනා.. මං එදා ස්කෝලේ ගියෙත් නෑ..ඔක්කොම බලං උන්නා ..පොලිස් මාමලත් ආවා.. ලගට වෙලා බලන්න ලැබුනා .. අලුත් අම්බියුලන්ස් ආවා.. කට්ටිය දාන් ගියා..
ආහ්.. අසිත.. අසිත.. මේ මොනවද මේ පුතා ලියන්නේ..පුතාගේ රචනාව කේදවාචිකයක් නෙමෙයි නේ.. වැඩියෙන්ම සතුටු වුන දවස.. අයියෝ අසිත මොකද මේ කරන්නේ..පොඩි එකාගේ පො‍ත බලන්න කීවම ඔයා මොනවද මේ කරන්නේ.. එයාට තේරෙන් නෑනේ..

පුතා වැඩියෙන්ම සතුටු වුනු දවසට ඕක ලියන්න එපා..ඔක්කෝම මකන්න..ඔයත් ඉතිං තාත්ත මොකක් හරි හා කිව්වම ලියනවා මැටි ගහ වගේ..තාත්තගේ පලුව නේ..ඉතිං..හරිය ට දෙයක් හිතන් නෑනේ..වැරදිමනේ හිතන්නේ..පුතාට මතක නේ.. අපි නුවර එලියේ ගිහිපු සිද්දිය..එදා අපි ගොඩක් සතුටු වුනා නේද. අම්මා කියන්නට විය..
ඔවු.. මං තාත්ත එක්ක කතා කරල එන්නං අම්මි.. පුතා අම්මීගෙන් හිමීට මාරු වන්නට හදයි. 
දැන් තාත්ත නිදි ඇති, නවකතා පොතක් ඔලුවේ නමං ඔයා ලියන්න කො..දැං කලිං එක මකන්න වුනේත් තාත්ත ගෙන් උපදෙස් ගන්න ගිය නිසානේ..අනික ලමයෝ කොහොමද අනතුරක් සතුටු හිතෙන දෙයක් වෙන්නේ.. ටිකක් හිතන්නකෝ අනේ..දසුන්..දැන් ඔයා චූටිම ලමයෙක් නෙමෙයි නේ දසුන්..

අම්මා පුතා නවත්වගන්නට හදයි..නමුත් පුතා දිවගොස් තාත්තාගේ කාමරයට ගොස් තාත්තා‍ගේ පොත උඩින් සිය සිගිති පොත තැබුවේය..
ඒක හරියන් නෑනෙ තාත්තේ..අම්ම සතුටු වෙල නෑවගේ.ඇක්සිඩන් එකෙන් අපි දෙන්න තරම්..
නුවරඑලියේ යද්දි වමනෙ ගියානේ.. මටත් ගියා අම්මටත් ගියානේ.. තාත්තිට නං වමනේ ගියේ නෑ..තාත්ති අරක්කු බිව්ව නේ අම්මට හොරා..මං දැනගත්ත නේ..
පුතා පුතා.. සතුටු හිතෙනවා කියන්නේ නුවර එලියේ ගමන නේ පුතා..
කදු යායවල්..සීතල..ලස්සන මල්..අපි සිංදු කිව්වා..අස්සයෝ පැද්දා.. මතක නැද්ද පුතාට..ඇත්තටම සතුටුයි නේද පුතා.. තාත්තා දැන් අම්මා විදියට සිතන්නට පටන් ගත්තේ තවත් කලහ කරගැනීම තේරුමක් නැති වනබැවිනි..

සීතල හරි සැරයි නේ තාත්තා...අනික අපේ අම්ම හරි බර‍නේ..අර බාග අස්සය ගොඩක් අමාරුවෙන් නේ තාත්ති ? , අම්මව පිට උඩ තියන් ගියේ.. කදු නං ලස්සනයි තමයි..ඒත් මට අර බස් එක හැප්පුන එක තරං ඒක සතුට හිතෙන්නෙම නෑනේ..අනික අම්මයි යාලුවොත් ගියානේ.. එයාල හැමතිස්සේම මට ඒක කරන්න එපා..මේක කරන්න එපා කිව්ව නේ..තාත්ති ඉතිං කට්ටිය එක්ක නෙ හිටියේ.. එයාල මං ගිහින් කොලයක් කැඩුවත් එපාලු.. වතුර ටිකක් කකුලට ඉහ ගන්න ගියත් වැටෙයිලු..අම්මිට පෙන්වනවා අන්න පුතා වතුරට පනින් යනවා කියලා.
.එදා බස් එක හැප්පුන දවසේ එහෙම නෑනේ.. තාත්ති.. මම ත් ගිහින් අර චූටි නංගියෙක් එක්ක කතා කලා නේ..පවු නේ..එයාලයි අම්ම ට ගොඩක් තුවාල වෙලාද මන්ද..

අසිත සිතන්නට විය..
පුතා යනු මා ම විය යුතුය. එහෙත් ලෝකය ලස්සන යැය් නම් කරන දෙයට ලස්සන යැයි කියන්නට කුඩා කල සිටම පුතා හුරු කල යුතුය. නැතහොත් පුතා ලොකු වූ පසු සම්මත නොවූ දේ ට ලස්සන යැයි කියනු ඇත. කෙසේ වෙතත් පුතා සමග වාද කොට ඔහුව තර්කයෙන් මඩින්නට සිත්‍ නොදෙන්නේ මේ සියලු දේ අසිතගෙන් පුතාට උරුම වූ අභිමානවත් සිතුවිලි යැය් හැගෙන බැවිනි..
එහෙත් පුතා මිනිසුන් මැද හුදකලා වීමට ඉඩදිය නොහේ..ඔහු ඔහුගේ ලස්සන‍නොව ලොව කැමති ලස්සනට ලස්සන යැයි කියන්නට හුරු විය යුතුය.

පුතා..දසුන්..
එදා බස් එකේ ඇක්සිඩන්ට් එකෙන් එකපාර අපිට පොඩි වෙනසක් වුනා.. ඒ කිව්වේ වෙනද ඔපිස් යන මම ගියේ නෑ..අම්මි නම් ගියානේ.. එතකොට අපි වෙනද නොදකින දේවල් දැක්කා. අපිට අනික් අයට පිහිට වෙන්න ලැබුනා.. ඒ වගේම බස් එකේ එංජිම එහෙමත් මොන වගේද කියල පුතාට බලාගන්න ලැබුනා..මිනිස්සු ගලවගන්න හැටි තුවාල උනු අයත් පුතා ටිකක් හරි දකින්නට ඇති.. ඒත් ඒකෙන් ගොඩක් අයට තුවාල වුනා නේ..
ගොඩක් අයට දුක හිතුනා.. 

ඉතිං ටීච පොතේ ලියන්න කියන්න ඇත්තේ පුතාට සතුටු හිතුනු දෙයක් තමයි..ඒත් ගොඩාරියක් කට්ටියන්ට දුක හිතෙන දේවල් අපිට සතුටු හිතුන කියල එහෙම ගන්න බෑ.. අනික සතුටු හිතෙන දේවල් කියන්නෙත් එක දේවල් ටිකක් නේ පුතා.. අපි රචනයක් ලියන කොට හෝ මොකක් හරි ලියන කොට අපි ආස දේ අපි කැමති අපිට හිතෙන දේ ලියල බෑ.. ගොඩක් අය කැමති දෙයක් ලියන්න ඕනි.. තේරුනාද?
හුම්... එහෙනං තාත්ත ටිකක් කියන්න..නැත්තං අම්ම කියයි අර අස්සයයි පිටේ කන්ටේනරේ වගේ ගියපු එකත් හරි සතුටු දෙයක් කියලා..මම දැක්කනේ තාත්ති අස්සය අමාරුවෙන් හිටියේ..අම්මිට පොටෝ එකක් ගහනකල්ම අස්සය පිටේ ඉන්න ඕනි වුනානේ.. ඌ පවු නේ..

අම්මා රූපවාහිනී කතාවක් බලයි..පුතා හොරෙන්ම ගොස් පොත බෑගයට දාගන්නට හදයි.. කෝ කෝ දසුන් ඒ පාර තාත්ත එක්ක එකතු වෙල මොනාද ලිව්වෙ..මටත් පෙන්නල යන්න පුතා..
නෑ මං අම්මි ටීවි බලන නිසා පොත අරං යන්නයි ගියේ..ඉතිං..පුතා කීවේය..පුතා දුවගොස් අම්මාගේ උකුලට වැටුනාය.. දැන් අම්මා ටීවි එකේ විරාමයක් අතර පුතාගේ පොතේ රචනාව බලන්නට හැදුවාය.  

 ඔයා නුවරඑලිය ගැනද ලිව්වේ පුතා.. ඔවු.. තාත්ති කියල දුන්නා ටිකක්..
තාත්ති ගෙන් උනත් ඔක්කොම අහගන්න එපා..පුතාලයි ටීචර් එදා කිව්වේ ලමයාට තනියම ක්‍රියාකාරකම් කරන්න ඉඩ දෙන්න කියලා..හැම එකම තාත්තිගෙන් අහන්න එපා..පුතා තනියම හිතල ලියන්න පුරුදු වෙන්න.. අපිට අම්මල වශේන්. පුතාල ගෙදර වැඩ කරන දිහා බලන්නත් කීවනේ.. කොෝදෙන්න බලන්න ලියපු එක.. අම්මා බලන්නට පටන් ගත්තාය. 

නුවඑලිය ගමන..
අපි නුවරඑලියේ ගිය ගමන මට හරිම සතුටු හිතුනා..ඒක ගොඩාර්යක් සතුටු හිතෙන චාරිකාවක්..අපි මල් වත්ත බැලුවා..තේ වතුත් තිබුනා..තේ කොල ෆැක්ටරිය බලන්නත් ගියා..ඒක හරිම සුවදයි.. මල් වත්තේ ලොකු මල් තිබුනා..අපි ඒවායේ තිබුන ඔන්චිලිත් පැද්දා..නුවර එලියේ පොකුනේ වතුර සීතලයි.. ම්ම්.. මෙතන‍පොකුන නෙමෙයි පුතා ග්‍රෙගරි වැව.. අම්මා වැරදි හදන්නට විය..

තාත්ති කිව්වා ග්‍රෙගරි කියන වචනේ දරුනු වැඩියි.. ඒ නිසා පොකුන කියල දාන්න කියලා.. හුම්... එහෙනං කමන් නෑ පුතා..
ආ..පුතා.. කෝ අර අපි අස්සය පැද්ද එක..මං අර ලස්සන පොටෝ එකකුත් ගැහුවේ ලස්සනට අස්සයගේ පිටේ නැගලා.. ඒක ලියල නෑනේ මේ කොල්ලා..
අසී... ඔයා ට අස්සය පැදපු එක අමතක වුනාද අසිත..නුවරඑළියේ ගිහින් අපි අර ග්‍රවුන්ඩ් එක ලග අස්සයෙ‍ග් පිටේ ගියේ.. මම ඒ පොාටෝ එකට නිලියෙක් වගේ කියලා යාලුවෙක් ෆේස්බුක් එකේ කමෙන් කරලත් තිබුනා අසී..

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...