Wednesday, April 19, 2017

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ගෙනාවේ කියලා..ආ..මාලති නැන්දට අද මාසෙ මාරුවෙනවා..එයා මුකුත්ම ගෙනැල්ල නෑ.. අපි එයාට විස්පර් පැකට් එකක් යවලා සනීපෙන් ඉන්න කියල පැනඩෝල් දෙකකුත් යවමු.. ඔය වගේ ස්ටයිල් එකකට තමයි ඒක යන්නේ..ඒ කිවවේ ඔය වගේ වරත්තු වල් කතා කියන්නේ නෑ..ඒත් ඒකෙ කතා ස්ටයිල් එක හරිම සුබවාදියි..හරිම කන්කලුයි.. 

මේ නූතන සමාජයේ අපි හැසිරෙන කන බොන විදිය පාලනේ කරනවා.. අපිට හොද මිනිහෙක් වෙන හැටි කියා දෙනවා.. ඉතිං මේ ක්‍රමය තුල අපි හැමෝම හොද මිනිස්සු වෙන්න හදනවා. 

ආයෙම වටේකින් හිතුවොත් බොරුවට ෆේස්බුක් එකේ රට ගැන කෑගැහුවට අපි හැමෝටම ඕනි මක්කද? , හොද කාර් එකක්, ලස්සන පැමිලි ජිවිතයක්..ටිකක් සැප ගෙයක්.. හොද පඩියක් ඉන්කම් එකක් වගේ පුද්ගලික අවශ්‍යතා ටිකක් විතරයි.. ඒවා හොයද්දි නිකං ආතල් එකට වගේ අපිට ලස්සන රටක්..අභිමානවත් දේශයක්.. හොද ආගම හැදියාව සහිත රටක් වගේ එකක් ඕනි වෙනවා.. 

අවුරුදු 20-30 අතර තරුණයෙක් ගේ මුලු ජීවිතේම ෆෝකස් වෙන්නේ අනාගත යේ නියම කරන ලද ටාගට් එකකට ගමන් කරන්න ඕනි රොබෝ කෙනෙක් වගේ.. වටපිටාව ගැන මෙලෝ ලබ්බක් ඕනි නෑ..මිනිස්සු ගැන සමාජේ ගැන ඕනි නෑ.. තමුන්ට පස්නයක් තියෙවා නම් ඒක ටිකක් ඕනි..ඒ ඇර සංවේදිකමක කියන එක අතීතයට අයිති දෙයක්.. 

මං පහුගිය කාලේ සංචාරය කරද්දි මට ප්‍රංශ ජර්මන්, ඇමරිකන්, තරුණ තරුණියෝ කිහිප දෙනෙක්ම හමුවුනා..ඔවුන් ජීවිතේ එක් කාලයක් හම්බකරන්නේ අනික් සීසන් එකේ නැත්තං අවුරුද්දේ ඒ සල්ලි වියදම් කරන්න බලාගෙන.. ඔවුන්ගේ ජීවිත කාලය කැඩෙන්නේ අවුරුද 10-15-20 වගේ ලොකු ප්‍රාන්තර වලින් නෙමෙයි.. මාස 3-අවුරුද්ද දෙක වගේ පොඩි කාල වලින්..ටාගට් බොහොම සරලයි.. 

නේපාලෙදි ලග කඩේට කන්නාපු ජර්මන් බුවෙක් ගාව ගෝ පෝ කැමක්.ඌට ඒක තෑගි ලැබිලා..ඉතිං පොඩි එකා වගේ ඒක අතගගා ඉගෙන ගන්නවා.. .ඉතිං කඩේ ඉන්න එකා උගේ පස්න කියනවා..ඌ නේපාලේ ග්‍රැජුවෙට් බුවෙක්.. ඌට ගෙයක් නෑ..කෙල්ලෙක් නෑ.. රස්සාවක් හරියට නෑ.. ඉතිං ජර්මන් කාරයා උගේ විස්තර අහං උන්නා..පස්සේ නේපලි කොල්ලා අහපි ඔයාට ජර්මන් වල ෆැමිලි එකක් ඉන්නවද ගෙයක් තියෙනවද  කියලා.. පස්සේ ජර්මන් කාරයා මහ හයියෙන් හිනාවෙලා..තොට පිස්සුද යකෝ.. මං අහ බැලුවම තොට පේන් නැද්ද මං හිගන්නෙක් කියලා..අපි වගේ උන්ට ජර්මන් වල ගෙවල් ගන්න බෑ ඕයි.. මගේ ගනියි ලමයයි අමාරුවන් ඇති.. තමයි ඒත් උන් සතුටින් ඇති කියලා බොහොම සැැහැල්ලුවෙන් කියලා දැම්මා.. (කිව්වේ සරලම ඉංගිරිසියෙන්..මං ටාන්ස්ලේට් කරලයි දැම්මේ) 

ඉතිං මේ අපි වගේ පුද්ගලික ටාගට් ගොඩක් මැද ජීවත් වෙන අපේ රටවල තරුණයෝ ඉහල ගිය ගමන් කරන්නේ තමුන්ගේ පුද්ගලික ජීවිතේ වටිනාකම් එකතුකරගන්න එක.. ලොකු කාර් , ෆෝන්, ගෙවල්, වස්තුව එකතු කරන්නේ ආයේ ඒවා විදින්න නෙමෙයි.. ඒවා මගින් නිරූපනය වන සමාජ තත්වය ආරෝපනය කරගන්න.. කියලා මට හිතෙනවා.. 

ඉතිං මම තරුණයෙක් වෙලා උන්නු කාලේ මට ඔ්‍ය කොළඹ කුනු පස්නේ ආවනම්..මට කුනු පස්නේ විසදන්න මැදිහත් වෙන හැම අවස්ථාවකදීම..කුනු වලට අධිපති කුනු වලින් සල්ලි හම්බකරන මිනිස්සුන්ගේන් ලොකු සල්ලියක් අතට ලැබෙයි.. සමහර විට කුනු පස්නේ විසදන්න යන මුලු වියදමට වඩා කොමිස් එකක් මට සාක්කුවට වැටෙයි.. තවදුරටත් ඕක විසදන්න හැදුවොත් කුනු ටැට්ටරේකින් ලොකු කුට්ටියක් බැගින් මගේ විදේස ගිනුම් වලට බැරවෙයි.. ඒත් බැරිවුනොත් මරණ තර්ජන එයි..ගෑනිට ලමයිට හෝ පවුලේ උන්ට තර්ජනත් එයි එතනින් එහා යන්න ගියොත්.. නම්.. 

කුනු කියනනේ ඒ මීතොටමුල්ලේ පෙරලිලා මැරුනු මාරයා නෙමෙයි..කුනු සිස්ටම් එක කියන්නේ තනි මාෆියාවක්..ඕක අස්සේ මිලියන බිලියන ගනන් සල්ලි වියදම් වෙනවා..හොද පාතාල නායකයෝ ලොකු කෙරුමෝ හැකියාවෙන් හෝ බලෙන් සිය මඩිය තරකරගන්නවා.. කුනුදාන්න ඉඩමක් තිබුනු පලියට ලංකාවේ නගර සබාවලට ඒකට නිකංම කුනු දාන්න බෑ..යම් මුදලක් එහෙ මෙහෙ වෙනවා ..ඒ මුදල කුනු දැමීමට තැනක් නැතිවීමත් එක්ක තවත් ඉහල යනවා.. 

ඉතිං මං වීරයා කුනු පස්නේ විසදන්න හදලා හදලා අවසානේ මට සල්ලිත් එපා කිව්වත්.ඉන් පස්සේ මට එනවා පවුල් බලපෑම්..යාලුවන්ගේ බලපෑම්..දේසපාලන බලපෑම්..සමාජ බලපෑම්.. අවසානේ මම කියන්නේ තවත් එක මිනිහෙක් විතරයි.. 


ඉතිං පුද්ගලික බැඳිම් ගොඩක් තියාගෙන..ඒවා නිතර ම දැඩි අවධානයකින් ආරක්ෂා කරගෙන...පුද්ගලික වාසිය ධනය බලය පිටුපසම එලවන අපේ සමාජේ මොන වීරයාට කුනු පස්නේ ලැබුනත් අවසාන ප්‍රතිඵලය එකයි.. මෙරිගෝ රවුන් එකක් මාර්ක ලිදක් වගේ එක සෙන්ටර් එකක් වටේ කැරකෙන අතිසය කුඩා අවකාශයක ජීවත් වෙන අපි වගේ මිනිස්සුන්ට ඔය වගේ පස්න විසදගන්න බෑ.. හැමෝම කරන්නේ ජොබ් එකක්..ඒ ජොබ් එක කරන්නේ ජොබ් එකට ඕනි නිසා නෙමෙයි අපිට ජීවත්වෙන්න සල්ලි ඕනි නිසා..අපේ ලමයට ගෑනිට හොදට සලකන්න ඕන ිනිසා..ගේ හදාගන්න ඕනි නිසා..කාර් එකේ ලිස් එක ගෙවාගන්න ඕනි නිසා.. සහ මිනිහෙක් විදියට සමාජේ පේන්න ඕන ිනිසා.. 

ආශාවන් රැසක් එක්ක දිවා රෑ ආසාවන් වලට හීන දකින අපිට මොන සමාජ පස්නද? අපේ කුනුටික අපි දැම්මා ආන්ඩුව කුනුදාන් තැනක් හොයයි..ආන්න ලොරියක් අපේ දිහාට එනවා..ඒ කුනුත්නි මීතොටමුල්සාල වගේ පෙරලිලා ගෙදර කඩන් වැටෙන්න පුලුවන් නිසා ඒකට විරුද්ධ වෙන්න ඕනි..නැත්තං අපේ පවුල කුනුවලට යට වෙල මැරෙයි..

බල්ලො පෙරකන්න වගේ තමුන් ගැනම හිතන මිනිස්සු බහුතරයක් ඉන්න සමාජයක් වෙනස් කරන්න ටිකක් අමාරුයි.. එහෙම වෙනස් කරන්න නම් විසේස පුකේ අමාරු තියෙන නායකයෝ ඉන්නට ඕනි.. එහෙම උන් හිටියත් උන්ටත් වැඩක් කරගන්න හැකියාවක් තියෙන්නට ඕනි..

 ඒ කිව්වේ මේ ක්‍රමය තුල ඉදගෙන ක්‍රමය වෙනස් කරන්න තරම් සූර හැකියාවක් උන්ට තියෙන්නට ඕනි.. එහෙම උන් කිහිපයක් අපේ ඉතිහාසයේ උන්නා..උන් මැරිලා දැන්.. දැන් ඉන්නේ අපි වගේම නායකයෝ ටිකක්.. උන්ට උන්ගෙ ෆැමිලි ස්පේස් එකෙන් සෝසල් ස්පේස් එකෙන් පිට ලෝකයක් නෑ.. උන් කියන්නේ අපි බස් වල යන පාරෙම මොන්ටේරෝ වලින් අපි එක්කම ට්‍රැෆික් එකේ ගාටන ගොබ්බයො ටිකක්..

ලංකාවේ ගොඩක් දේසපාලකයෝ නායකයෝ ලෝකය අදුනන්නේ උන්ගේ ඇමතිකම හෝ පට්ටම නිසාම විතරයි.. වෙන කිසිම විශාල පරාසයක හැකියාවක් උන්ට නෑ.ලෝ පතල නමක් නෑ.. මිනිස්ටරොෆ්... සම්තින් සම්තින් විතරයි.. කරපු වැඩක් හදපු සිස්ටම් එකක් තියා පෙලක් උන් කරපු හරිහමන් සමාජ වැඩක්වත් නෑ.. අපි අතර ඉන්න අපේම එකෙක් අපේම මලගෙවල් වල රිංගල අපි එක්ක කන බොන හිවලෙක්..ඔන්න ඔහොම එකෙක්ට ඇහැකිද බං මේ අපිට වඩා ඉස්සරහින් යන්න..බෑ නෙව.. 

3 comments:

  1. කලින් තිබ්බ බ්ලොග් තීම් එක දාපං මචං. මේක අජපල්. කියවන්නත් අමාරු. කලින් තීම් එක සිරා.

    ReplyDelete
  2. අපේම මලගෙවල් වල රිංගල අපි එක්ක කන බොන හිවලෙක්..///////////// athha

    ReplyDelete
  3. මට කුනු පස්නේ විසදන්න මැදිහත් වෙන හැම අවස්ථාවකදීම..කුනු වලට අධිපති කුනු වලින් සල්ලි හම්බකරන මිනිස්සුන්ගේන් ලොකු සල්ලියක් අතට ලැබෙයි.. සමහර විට කුනු පස්නේ විසදන්න යන මුලු වියදමට වඩා කොමිස් එකක් මට සාක්කුවට වැටෙයි.. තවදුරටත් ඕක විසදන්න හැදුවොත් කුනු ටැට්ටරේකින් ලොකු කුට්ටියක් බැගින් මගේ විදේස ගිනුම් වලට බැරවෙයි.. ඒත් බැරිවුනොත් මරණ තර්ජන එයි..ගෑනිට ලමයිට හෝ පවුලේ උන්ට තර්ජනත් එයි එතනින් එහා යන්න ගියොත්.. නම්..

    ReplyDelete