Thursday, July 20, 2017

නේපාල ගමනේ කෑම

ගුවාටි බැහැල නේ මම නේපාල ගියේ..මේ තියෙන්නේ ගුවාටි වල තිබුන පොඩි රයිස් කඩයක්. මේවයේ මොමෝ ෆ්රයිඩ් රයිස්.. නෝමල් රයිස්.. බිරියානි වගේ දේවල් තියෙනවා.. මේ පැත්තේම මොමෝ ජනප්‍රියයි. ෆ්‍රයිඩ් රයිස් කිව්වට මදක් ගහන හාල සහ රස නම් වෙනස් වෙනවා.
 දුම්රියේ යද්දි කෑම නම් මදිපාඩු නෑ. මේ පොටෝව ගහන වෙලාවෙත් ඒ ඉදිරිපස පෙන්නුම ්කරන පවුලේ අය මොනවද කනවා.. කෝච්චිය නැවතුමක නැවැත්තුවාම වටේපිටේ වෙලෙන්දෝ ඔක්කෝම නගිනවා නැගලා විකුනනවා.. ඒ වගේම කොච්චිය ඇතුලේ බත් ඕනි නම් ලොකු බිරියානි එහෙම ඕනි නම් ඕඩර් කරලා ගන්න පුලුවන් කම තියෙනවා. මෙතනදි කියන්න ඕනි එහෙ බත් එක්ක දෙනෝ තෙල් එකක්..මට නම් ඒ තෙල ටිකක් අප්‍රියය්.
 මේ කට අපේ දෙමල කඩේ වඩේවිතර සයිස් පූරි තුනක් දෙනවා රුපියල් විස්සක් විතරයි.. ඒකට කරි එකකුත් දෙනවා..කෝචිචිය ස්ටේෂන් එකක නැවැත්තුවාම තමයි මම ස් එකක් දාල මේ ක ගෙන්නා ගත්තේ.. ඒ විදියට සාමාන්‍යයෙන් ගොඩක් අය කෑම පොරකකා ගන්න තැන් තියෙනෝ නේද? ආන්න ඒ තැන්වල බොහෝවිට කෑම හොදයි..කෝචිචය නැවැත්තුවාම ඇතැම තැන්වල ෆ්ලැට්ෆෝම් එක දිගට කෑම කඩ..ඒත් හැම එකටම මිනිස්සු යන්නේ නෑ..පුරුදු කාරයෝ යන්නේ රස තැනට..එතනින්ම අපිත් ගත්තම ලෙසට කත හැකි ඉතිං.. මේ කෑම දෙද්දි මිරිස් කෑලි ලූනු කෑලි දෙනවා.. බත් වලට එලෝලු එහෙමත් දෙනවා..ඒත් රස නම් පොඩ්ඩක් වෙනස් මොකද පොල්තෙල් නෙමෙයි නේ ගහන්නේ..
 මේ නේපාලබෝඩරයට යන්න බස් එක නැවැත්තුව තැන මෙතනින් රුපියල් දහයකට මිරිසට හදාපු කඩල කරියක් වගේ එකක් ගන්නට පුලුවනි..තව ඉතිං තේ වතුර බොන්නත් පුලුවනි.. පොඩ්ඩක් සූම් කල බැලුවොත් මේ කඩේ බොඩ් එකේ තියෙන ස්පෙලින් මිස්ටේක් ගානත් අල්ලගන්න පුලුවන් වේවි ඔ්‍යාලට..
 නේපාලයේ ඇතුලත බෝඩරේ ඉදලා පොකරා වලට යද්දි තමයි මේක පිංතුරය හසු වුනේ.. මේ නේපලි මිනිස්සු ටිකක් සොබාවික බීම ජාති වලට ලැදියි..ඒ කිව්වේ කඩවල තියෙන පැණිබීම වලට වඩා මිනිස්සු උක් වලින් හදන බීම, දොඩං ජාති අනම් මනම් බොන්න මනාප ගතියක් තියෙනවා..එවෙලේම අඹරාගත් උක් වලින් හදන බීමක් මේ සීමාවේ ඉන්දියාවෙත් තිබෙනවා.අපි ඉල්ලුවාම උක් දඩු ටික දාලා මැසිමෙන් අඹරලා යුෂ ටික අරන් දෙනවා.
 නේපල් පොකරා ඉදලා කදු නගින්න යද්දි හමුවුන කඩේ තමයි මේ.. මේ කේ වගේම නේපල් ගොඩක් කඩවල කිසිම අවුලක් නැතුව අරක්කුවිස්කි විකුනනවා.. මේකෙදිත් බස් එකේ ගිය කිහිප දෙනෙක්ම හීනියට සොට් එකක් දාගන්නවා දැක්කා.. මේ කඩවලත් තියෙනවා පොඩි පොඩි කෑඹ ජාති..මට මතක විදියට මෙතනින් කඩල කරියක් සහ බිත්තරයක් බඩට දාගත්තා මාත්
 තුක්පා හෝ තුප්කා කියන නූඩ්ල්ස් ජාතිය තමයි මේ.. මේ නූඩ්ල්ස් එකට බිත්තර දාලා ටිකක් විතර සැර හොද්දක් එක්ක ලැබෙන්නේ.. මම චිලී ටිකක් දාන්න කිව්වා..මොකද නැත්තං ඇල්වතුර වගේ කන්න බැහැ නෙ.
 මම කදු නගින්න යද්දි මගදි හමුවුනු නවාතැන් පොලවල් තිබුන ගෙයක් තමයි මේ.මම නැවතුනේ මේකේ උඩ තට්ටුවේ.. මෙතැනදි ඉරිගු එහෙම අපේ ඉස්සර ගෙවල් වල වගේ එල්ලලා තියනවා.. සමහර විට එක කාලෙකදිගන්න වෙන්න ඇති. 
 නේපාලි කෑම ජාති එහෙම මොනා තියෙනවාද මොනා කනවාද කිල අපිට නිච්චියක් නෑ..බාසාව නිසා අපිට තේරෙන්නෙත් නෑ මොනාද කියලා.. මේ කදු පලාත බලන්න ආපු නේපාලෙම සෙට් එකක්..මෙයාල මොනාහරි ටේනින් එක්කට ආපු අය.. මෙයාල සෙට් වෙලා කනවා කනවා.. ඉතිං මම කරන්ෙන් ඒ වෙලාවටම පැනලා අරුන්ට ඕඩර් කරපු දේවල් ඒ විදියටම ගේන්න කියන එක.. එතකොට අලුත් ජාති කන්න පුලුවනි නේ..
 මේ තියෙන්නේ එහෙම ගෙනාපු කෑම එක.. බැලුවාම පේනවා ඇති නේ මොනාද කියල තියෙන්නේ.
 කඩල කරිය හොදට තුනපහ එහෙම තිබුනා. බිත්තර ඉතිං කොහෙත් බිත්තර රසයි නේ..තේ වතුර එකකුත් ඒකේ මෙනු එකට ඇතුලත්. 
 මේ ඉහල කදුකර නැවතුමකදී නවාතැන් පොල. මේක ඇතුලේ උණුසුම තිබෙනවා..මැද තියෙන්නේ බැරල් එකක් වගේ එක රෑට රත් වෙනවා.. ඒක ඇතුලට දර දාල ගිනි තියන නිසා.. මේ ක ඇතුලේ ඉද්දි මේ අයගාව මෙනු එකක් තියෙනවා..නේපාලයේ ජනප්‍රිය කෑමක් දල් බත් කියනනේ ඒ කියන්නේ පරිප්පු හෝ කරි කිහිපයක් සමග බත් කෑම.. අපි වගේ බත් කෝප්ප ගානයි එලෝලු සුට්ටයි නම් නෙමෙයි.මෙයාල බත් කෝප්පයට එලොලු කෝප්පයක් සුප් වගේ පරිප්පුවක් එහෙම ගසල අරිනවා.. දල් බත් කියන්නේ කදු නගිනකොට එහෙම නිතර හමුවන කෑම එකක්.
 මේක යාතිකාවක්ද නැත්තං වෙන කෑමක්ද මොකද්ද කියල නිච්චියක් නෑ,.කීප දෙනෙක් එකතුවෙලා කුකුලන් වගයක් එතනම මරලා මොනව හරි සෙල්ලමක් කලා.. මම මේක දැක්කේ කදු නැගලා නැවත පයින් බස් තියෙන මායිමට ගාට  ගාට එද්දි.
 නේපාලයේදී ලංකාවේ මිතුරන් පිරිසකුත් මට හමුවුනා..එයාලආවේ මම ඇවිත් දවස් දෙකකට පස්සේ හමුවුනේ දවස් 6කට පස්සේ.. ඉතිං පොකරා වලදි සාම චෛත්‍යය එහෙම සෙට් වෙලා බලාල එද්දි මේ අපේ දීපානි අක්කා ( ඔව් ඔව් අලි දීපානි තමයි) බලනවා එලුවා කන්නේ මොනවද කියලා.. එලුවා ඉතිං ඒ රටේදිත් කන්නේ කොල කියලා අක්කා හොයාගන්න ඇති.
 නේපාලයේ මම ගිය කාලේ අවුරුද්ද..අපේ වගේ කැලැන්ඩේර්ට එක අවුරද්දයි.. ඉන් ප්සේස අපේල් එකයි දෙකක් නෑ.අප්‍රේල් 13 තමයි එයාලගේ සියලුම කැලැන්ඩර් අවුරුද්ද පටන් ගන්නේ නව වර්ශය ආරම්භ වෙන්නේ.. මේ අවුරුද්ද් වෙනුවෙන් සරසපු වට්ටක්කා සහ කැකිරි පලු ටිකක්.
 අවුරුදු කාලෙට බස් වල එහෙම ලෝඩ් එක කියලා වැඩක් නෑ නේද? එහෙත් එහම තමයි අවුරුදු දවසේ සෙට් වුන නිසා මට එන්න වුනේ ගියර් පෙට්ටිය උඩ. ඒ ගමනේදි මට ගියර් පෙට්ටියඋඩ ඉදගෙන වටේ පිට කදු යායවල් ගනන් එපා වෙනකල් බලාගන්න ලැබුනා..කිලෝමීටර 200ක් විතරම එන්නේ තනි බෑවුම ඔස්සේ තියෙනකදු වලලු අස්සෙන් .මේ ගමන එද්දි බස් එක නම් නැවැත්තුවා කඩේක..ඒකනම් වචනේ පරිසමාප්තෙන්ම සුප්පා කඩයක්.. අපේ වගේ බත් සහ ව්‍යංජන ජාති තබුනා බෙදාන කන්න තියෙන්නේ..චිකන් කරියක් තිබුනා..මම ඉතිං එතනින් නම් ලංකාවේ කියල හිතං ලැජ්ජා නැතුව කෑවා ඇතිවෙන්නම. 
 මෙලුම්බිණියේදී කෑම.. ලුම්බිණිය කියන්නේ ජාත්‍යන්තර පොට් කක් නේ.. ඉතිං ගොඩක් රටවල බෞද්ධජනයා වගේම බටහිර අයත් මෙතන ඉන්නවා..බියර් එකක් ගහල සනීපෙට ඉන්න සුද්දෝ ටිකක් හිටිය තැනකට මමත් ගොඩ වුනා..ගොඩවෙලා මේම දේසිය බියර් එක ගැහුවා.
 කුකුලාගේ කකුල කන එකත් ගේමක් වුනා කපාගන්න විදියක් නැති නිසා.. වැඩිය හිතන් නැතුව අතිං කාල අත හොදගන්න තීරණය කලා..ඒකෙ ලොකු ආබාදයක් නෑ..මොකද සුද්දෝ නැතුවට හිටිය නේපලි කාරයොත් අත පාවිච්චි කලා..
 මේ හිස් පිගාන..
නේපාලේ ඇතුලේදි මම කිහිප විටක්ම සිම්පල් බ්‍රෙක්ෆස්ට් මෙනු එක ගත්තා..එි කියන්නේ උදේ ආහාරයට පාන් පෙති දෙකක් ටෝස්ට් කරලා යාන්තමට බටර් හෝ ජෑම් සමග, අල තෙල් දාලා හෝ වියලි වෙන්න බැදලා... ෆුට් සැලඩ් එකක් සහ බීම එකක් තේ එකක් වගේ හතර පහක් ඇතුලත් සෙට් කක්ම ලැබෙනවා.. 

නේපාලය ඉන්දියාව වගේ රටවල බොහෝ දේ වගේම කෑමත් මිල අඩුයි.. කදු නගින අවස්ථාවේදී නම්ඇතැම්විට බත් එකක් රුපියල් තුන් හාරසියට නැග්ගාට නෝමල් මට්ටමේදි අපේ කෑම වල ගනන්ම සහ ඊටත් වඩා අඩු වෙන අවස්ථා තිබෙනවා..මේ කියන සිම්පල් බ්‍රෙක්ෆස්ට් එකලංකාවේ සල්ලි වලින් රුපියල් දෙසීයක් වත් වෙන්නේ නෑ..සමහර තැන්වල ලොකු පාන් කෑලි ලොකු ෆුස් සැලඩ් එකක් ලැබෙන නිසා ඒක කාල බීල එද්දි බුරිය උල් වෙලා තමයි එන්නේ.. 

නේපාලයේ මේ මම ගිය පලාත් හැම එකක්ම ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්තාන..ඒ නිසා විවිධ ආකාරයේ ආහාර වර්ග රැසක් මේ පලාත්වල තියෙනවා.. එක අවස්ථෘවකදි බස් නැවතුමේ චොක්ලට් යෙදූ බනිස් කරුවෙක් බනිස් විකුනනවා.. ඔහුගෙන් නිකමට මම බනිසක මිල ඇහුවම පොර කිව්වා රුපියල් සීයක්..ඒ බනියම මම ඊට කලින් දවසක රුපියල් විස්සට කෑවා විල අද්දරදි.. අවසානේ විනාඩි දෙක තුනකින් පොර ඇවිත් මට රුපියල් විස්සට බනිස් ගෙඩිය දීල ගියා.. රුපියල් සීයට ගත්ත නම් බනිස් පහක් ගන්න සල්ලි නෙව.. 

 හිටිය දින 12ට වේල් තුනටම විවිධ වර්ගයේ කෑඹ ගත්තා වුනත් ඉන්දියාවේ නේපාලේ සහ සංචාරක ස්ථාන ආසන්නයේ ඇති කෑඹ වර්ග කාල ඉවර කරන්න නම් අමාරුයි..ඒ වගේම රසත් විවිධයි..විසමයි..    

යාලුවෙක් ඉල්ලා තිබුන කමෙන්ට් එකකින් කෑම ගැන කියන්නයි කියලා.. ඇත්තටම සෑම වේලකම කාපුවා බීපුවා ලියන්න බෑනේ..මම හිතනවා සැලකිය යුතු මේවවා එකක් මේකෙන් ගන්න හැකි වෙන්න ඇති කියලා. 
පිංතුර ලොකුවට බලන්න පිංතුර උඩ ඔබන්න. 

8 comments:

  1. Very nice report, feel like going there (I will go one day)

    ReplyDelete
  2. අමිල, මා දෙවතාවක් ඉන්දියාවට සහ නේපාලයට සංචාරය කර තිබෙනවා. ඒ අවස්ථා දේකම දින 12 බැගින්, පවුලේ උදවිය 10 දෙනෙක් පමණ සමග ගියේ. ඉන්දියාවේ සිටිනා ලාංකිකයෙක් වන මගේ මිතුරු සංචාරක මගපෙන්වීම් කරනා කටයුතු කලේ. ඔහු කුඩා කල සිට මගේ හොද පාසල් මිතුරෙක්.

    ඒත් හැබැයි අමිල මේ ආහාර ගත්තා වගේ ඉන්දියාවේ සහ නේපාලයේ ඇති මෙවැනි අවන්හල්, ස්ථාන වලින් (ස්ට්‍රීට් ෆූඩ්ස් - Indian Street Foods) අහාර ගැනීමට මගේ මිතුරා ඉඩ ලබා දුන්නෙම නෑ. ලාංකික දෙදෙනෙක් අපට අවශ්‍ය සියලුම ආහාර සාදා ලබා දුන්නා.

    මිතුරා අපට ඉන්දියාවේදී සහ නේපාලයේදී මෙලෙස අහාර ලබා ගැනීමට ඉඩ නොදුන්නේ ඒවා ඉතාම අපිරිසිදු ආකාරයට සකසන බව ඔහු දන්නා නිසා සහ, එම නිසා බොහෝ රෝගාබාධ පැතිරෙන නිසයි.

    යූටියුබ් වල ඇති ඉන්දියානු සහ නේපාල ස්ට්‍රීට් ෆූඩ්ස් සකසන වීඩියෝ සහ ඒවාට විදේශිකයන් දමා ඇති කොමෙන්ටු දුටුවමත් මටත් කොයිතරම් රස බව පෙනුනත් මෙම රටවල් දෙකේ ඇති මෙවැනි මට්ටමේ ආහාර කෑමට සිත දුන්නේ නෑ.

    මම අදහස් කරන්නේ ස්ටාර් ක්ලාස් හොටෙල් වල ආහාර නොවේ, සාමාන්‍ය මට්ටමේ රෙස්ටුවරන්ට්ස්, ස්ටීට් ෆුඩ්ස් ලෙස හදුන්වන ආහාර ගැන. ඒවා ගැනීමෙන් අපහසුතා සැදුනේ නැද්ද? විදේශිකයන්, විශේෂයෙන්ම බටහිර රටවල උදවිය මේ ආහර අනුභව කරනවද? අමිලගේ අත්දැකීම කොහොමද?

    ReplyDelete
    Replies
    1. මම ලංකාවෙදි කන ස්ථාන වලට කොත්තු කඩ ඉදිිආප්ප පොට් එහෙමත් අයිති වෙනවා.. ඒවා අතර ඇතැම් තැන්වල පෙට්ටි කඩ කොලිටියම තමයි.. මට ඇතිවුනු අවුල නම් මල බද්ධය..මූලිකව ඒවාගේ දේවලට ගන්න බෙහෙත් ටිකක් අරං ගියානම් හොදයි.. ලූස් මෝෂන් වගේ එකක් නේ හැදුනොත් කචල් වෙන්නේ..

      මොනවා වුනත් බැක්පැකින් කියන ස්ටයිල් එකට ස්ට්‍රේට් ෆුඩ් අයිති වෙනවා.. ලංකාවේ ආවා වුනත් ඇල්ල පැත්තේ තියෙන නිකං ලෑලි වල කොත්තු,ගෝල් ෆේස් එකේ ඕපන් එකේ බදින කකුලුවෝ..එහෙම සුද්දෝ සලකන්නේ ස්ට්‍රිට්ෆුඩ්ස් විදියට..

      අපිට තියෙන ලොකුම පස්නේ අපිට සංචාරයට ලැබෙන කාලය අඩුයි.. සුද්දෝ එන්නේ මාසයක් වත් ඉන්න නේ..එයාලට බඩ හුරු කරගන්න කාලය තියෙනවා..අපිට එහෙම නෑනේ.. ඉන්දියාව අපිරිසිදුයි..ඒත් නේපාලය ඊට වඩා ටිකක් පිරිසිදුයි..

      කොහොම වුනත් මමත් ඔය නේපාලයේදී කෑවට ඉන්දියාව පැතතේ නම් කෝචච්ිය යද්දි ඒව මේව කෑව මිසක පාරයිනේ කඩවලින් නම් කන්න ගියේ නෑ..

      Delete
  3. සංචාරය නම් එල ... :) ලෙසටම ලියලා තියෙනවා. තැන්කු කීවා.

    // ..මැද තියෙන්නේ බැරල් එකක් වගේ එක රෑට රත් වෙනවා.. ඒක ඇතුලට දර දාල ගිනි තියන නිසා.. //

    ඕකට කියන්නේ "දර උදුන" එහෙම නැත්නම් "Wood Indoor Stove" සීත රටවල සීත කාලයේදී ගෙවල් උණුසුම් කර ගැනීමට ග්‍රාමීය පැති වල බොහෝ දුරට භාවිතා වන්නේ මෙවැනි උදුන්. විදුලිය සහ ගැස් වැනි ඉන්දන උපයෝගී කරගන්න "Furnace" භාවිතයට වඩා ඉතා අඩු මිලකින් නිවාස උණුසුම් කරගන්න ඇති ඉතා සරල ක්‍රමයක් තමා Wood Stove භාවිතය.

    ReplyDelete
    Replies
    1. තමුසේ දන්න දේවල්. දර වෙළෙන්දන් කෙනෙක්ද ඔහේ?

      Delete
    2. ඔවු ඕ කෑල්ල වින්ටර් එකේ නම් පහල හරියේ ගෙවලත් ඇති..සමහර පලාත්වල ඕකට ගොමරිටි වේලලා දානවා කියල යාලුකේ කිව්වා..ඇත්තද දන් නෑ ඒකනම්..

      Delete
  4. උක් දඩු මිරිකලා ජූස් විකුණන තැන් නම් ඉන්දියාව පුරාම තියේනවා. මුම්බායි තූත්තුකුඩි හා කොවින් වලදිත් පකිස්ථානයේ කරච්චිවලදිත් මේ උක් ජූස් බිලා තියේනවා. හැබැයි පාරේ අයිනේ තිබිලා දුහුවිල්ල වැදුන උක් මිරිකලා තමයි දෙන්නේ.

    ReplyDelete