Sunday, July 9, 2017

නේපාල ගමනේ අවුට් ගිය තැන්


අපි යමක් කරන්න කලින් ප්ලැනක් ගහනවා..තනියම සංචාරයක් කරනව කියන්නෙත් හොද සැලසුමක් ඇතිව කල යුතු දෙයක්. විශේෂයෙන් කාලය කළමණාකරණය බොහොම වැදගත්.මොකද අර බටහිර රටවල ජනයාට වගේ අපි ට සංචාරය කරන්න විශාල කාලයක් නෑ..ඒ වගේම විශාල මුදලකුත් අපි සතුව නෑ..එතකොට අපිට සිදු වෙනවා අපි විසින තනාගත් සැලසුමකට අනුව සංචාරය සිදුකරන්නට..

ඉන්දියාවෙන් සිම් එකක් ගැනීම.

මම නේපාල ගමන ගැන යන්න කලින් විස්තර බොහෝමයක් අන්තර්ජාලයේ පරිශීලනය කලා..විශේෂයෙන් මම ගිය පොකරා ගැන විස්තර වගේම ගමන යෙදෙන දුම්රිය, බස්, ටැක්සි, පයින් ගමන් ආදී සැම එකක් ගැන ම සැලකිය යුතු අවධානයක් අරගෙන ඒවා ගැන සොයා බැලුවා. හැබැයි ගුවන් ටිකට්පත් හැරුනු විට කිසිම දෙයක මම පිටපත් තබාගත්තේ නෑ..මන්ද උවමනා වෙලාවක අන්තර්ජාලයෙන් සොයාගත හැකි නිසා..
චෙන්නයි වලින් බහිද්දී උදේ පහ විත ර වෙලා.. ඉතිං වට පිට කඩවල් මොකුත්ම ඇරලා නෑහැ..මුලින්ම වටේ පිටේ චෙන්නයි සෙන්ට්‍රල් පැත්තේ රවුමක් දැම්මා.. කඩවල් අරින පාටක් නැහැ උදේ 7 විතර වුනත්..මගේ ඊලග ගුවන් යානය පිටත්වීඹට තිබෙන්නේ සවස 1ට ඉතිං වටපිටේ රවුමක් දාල නැතිකොට ආයෙත් උදේ 10ට විතර චෙන්නයි එයාපෝට් එකට ආවා.. ඒ ආවේ කෝච්චියේ..චෙන්නයි සෙන්ට්‍රල් ගියේ බස් එකේ..
ඒ ඇවිත් තව පාරක් මෙට්‍රො ට්‍රේන් එකෙන් ගිහින් කාල ආවා.. ඇවිත් දැන් නම් කඩ ඇරල ඇති කියල හිතාගෙන සිම් එකක් ගන්න ගියා..එයාටෙල් තමයි ඉන්දියාවේ ජනප්‍රියම සිම ්එක.. ගන්න ගියාට මොකද සිම් කඩ වල සිම් දෙන්නේ නෑ..ඒ ගමන චෙන්නයි එයාපෝට් එක ලග ත්‍රීවිලර් කාරයෙක් ට සෙට් වෙලා බුවා එක්ක චෙන්නයි එයාපෝට් එකට කිලෝමිටර 5-10ක් සීමාවේ තිබෙන බොහෝ සිම් ඒජන්ත මධ්‍යස්ථාන වෙත ගියා.. ඒ හැම එකක්ම වහලා මොකද කඩවල් අරින්නේ හවසලු..ඇරලා තිබුන ඒවයෙත් සිම් දෙන්නෙත් නෑ පාස්පොට් එකට.. පාස්පොට් එකට සිම් දෙන්නේ ඒජන්ට් ල විතරයි..
ඉන්දියාවෙදි ඩේටා සිම් එකක් ගැනීම ටිකක් විතර කට්ට වැඩක්.. ඒ ගත්තා වුනත් ඇක්ටිව් වෙන්න තව කලයක් යනවා කියල මම යාලුවන්ගෙන් දැනගත්තේ පස්සෙ..ඒ ගමන ඉතිං යාන්තං නේපාලෙට යනකල් විස්තර ටික එයාපෝට් එකේ තිබුන වයිෆයි එකෙන් ඇදගෙන ස්ක්‍රින්ෂෝට් විදියට පෝන එකේ සේවි කරගත්තා..







පොන්නයාගේ ආතල් එක.

ඉන්දියාවේ තුන්වෙනි ලිංගික ජනතාවකුත් වාසය කරනවා..ඔවුන් නර්ථන ආදී සංස්කෘතිකඅ ංග වලටත් දායක වෙනවා..දුම්රියේ ඇසෑම් වල සිට ගොරක්පූර් හංදියට යද්දී මට ඔය පොන්නයෙක් ගෙන් සුලු කරදරයක් වුනා.. මේ පොන්න සේකර ඇවිල්ලා තමුන්ට වැඩ කරන්න බැහැය..කසාද බදින්න බැහැය කියල හෙන කතාවක් කියනවා..මිනිහා සාරියක් ඇදලා ලස්සන කෙල්ලෙක් වගේමයි..තනුත් ලොකුවට තිබුනා..
මේ බුවා අපි ඉදපු තැනටත් ආව..ඒ වෙලේ මගේ වටේ හිටපු උන් නිදි හෝ නිදාගත් ආතාරයෙන් සිටියේ.. ඉතිං සාරි පොන්නයා ඇවිල්ල මගෙන් හින්දියෙන් සල්ලි ඉල්ලුවා.. මම සල්ලි නැති බවත් හින්දි කතා කල නොහැකි බවත් ඉංගිරිසියෙන් කිව්වා..ඌගේ හිතේ මම දකුනු ඉන්දීය පොරක් කියලා සහ උද්දච්ච කමට හිංදි දන් නෑ කියනවා කියලා..ඉන් පස්සේ පොර මගේ උරිස්සෙන් ඇල්ලුවා.. අල්ලලා හෙන සද්දෙයක් දාලා පොර සාරිය උස්සලා සාරිය අස්සේ තියෙන එක මට පෙන්වන්න යනවා වගේ තදබල ඇඩ් එකක් දැම්මා..
මෙච්චර ඇඩ් එකක් දාලත් වටේ උන් නිදි වගේම හිටියා.. ඉතිං මම සාමාන්‍යෙයන් මොනම හිගන්නෙක් ටවත් සල්ලි නොදෙනඩෑල් එක වුනත් ඒ ප්‍රතිපත්තිය වාසිය පිණිස කඩලා ඌට රුපියල් විස්සක් දුන්නා.. ඌ ඉන් පස්සේ අකුලගෙන යන්න ගියා.. හැබැයි වැඩිදුර මිනිහට ඒ වැඩේ කරගෙන යන්න ලැබුනේ නෑ.. ඊලග පෙට්ටියෙන් විශාල ගාලගෝටියක් ඇහුනා.. ඒ වගේම ගාඩ් තුමාවත් ගෙන්නුවා වෙන්නට ඔනි..අපේ පෙට්ටිය බාර ඉන්ස්පැක්ටර උන්නැහේටත් මං ගාව හිටපු එක මනුස්සයෙක් පැමිණිලි කලා මෙහෙම සිද්දියක් වුනා කියලා. කොහොම වුනත් කෝච්චිය ඊලග නැවතුමෙන් නැවැත්තුවාම පොර බැස්සා හෝ ගාඩ්ලා සහ මැදිරි පරීක්ෂකයින් පොර සහ ඒ පොන්න සෙට් එක බැස්සුවා..
 මේ වගේ බලෙන් සල්ලි ගන්න පොන්න සෙට් වගේම ඉතාම ලස්සනට සින්දු කියලා ගතියට නටලා සල්ලි දෙන්න හිතෙන විදියේ ඇඩ් දාන පොන්නයොත් ඉන්නවා..එහෙම ඩබලකුත් සෛට් වුනා.. ඇත්තටම මැක්සා විදියට ඒ ඩබල නම් සින්දු කියලා ෆන් එක්ක දුන්නා..
කොහොම වුනත් ඒ අවස්ථාවේදී මමත් දැඩිව හිටියනම් ඉංගිරිසයෙන් හරි කුනුහබ්බෙන් බැන්න නම් අරූ අර විදියට කරේ නගින්න එන් නෑ කියල එතන හිටි නිදිකිරා වැටුන ආච්චියෙක් කිව්වා.. මේ සිද්දියේදී න්ම මම සිරාවටම බය වුනා.. අරූ ගෑනි විදියට ඇදල හිටියට උගේ ඇතුල කෑල්ල පිරිමි නේ..ඉකේය්ය.. ඕකා ඕක ඇදල ගත්ත නං වසල හමාරයි නේ..

ටිකැට් සීන් එක

මං ගොරක්පූර් ඉදාල දිල්ලි ආවෙත් කෝච්චියේ මයි.. එතකොට මම ටිකට් බුක් කරලා තිබුනත් මට ෂීට් එකක් ඉෂූ වෙලා තිබුනේ නෑ..ගොරක්පූර් හංදිය දුම්රිය ස්ථානය කිලෝමීටර 3ක් විතර දිග වේදිකාවක් තියෙන ඉන්දියාවේ දිගම වේදිකාව සහිත දුම්රිය ස්ථානය..පෙට්ටි 24 කෝච්චි දෙකක් නවත්වනවා එම වේදිකාවේ.. මම මගේ ටිකට් නම්බරය හොයාගන්න මේ වේදිකාවේ එහා කොනේ සිට මෙහො කොනට ගියා..හැබැයි අපි කොච්චර බැන්නා වුනත් ශ්‍රී ලාංකිකයෙක් කිව්වාම ගොරක්පූර් හංදියේදි වුනත් ගොඩක් මිනිස්සු පෙනීසිටලා පිහිටවෙන්න උත්සාහ කලා..ඔවුන් මට සීට් අංකලැබී නොමැති අයගේ සීට් අංක සහිත ලැයිස්තු තිබෙන බෝඩ් එක පෙන්නුවා..හප්පා එතනට ගියාම එක පොරයයි සීට් නම්බර හොයාගන්න..
කොහොම වුනත් මේ අවුල වුනත් එන්නේ නෑ ඉන්ටෙනෙට් තිබුන නම්.. මොකද එතකොට පුලුවනි සීට් නම්බර් එක ඉන්ටෙනෙට් එකෙන්ම අපි බුක් කල තැනින් බලාකියාගන්න.. හෝ එස් එම් එස් එකකින් විස්තර දැනගන්න.

බෝඩර් ක්රොසින් සීන් එක..

ඔන්න ඉතිං 5 වෙනිදා ඉන්දියාවට බැස්සට නේපාල බෝඩරයට එද්දි 7 වෙනිදා උදේ 10 විතර වෙලා.. නේපාල ඉන්දියා සොනෝලි බෝඩරෙට ඇවිල්ල බස් එක නැවැත්තුවා ටිකක් ඇතුලක..ඉන් පසසෙ කඩ වල් අස්සෙන් මහ පාරට යන ලෙසත් එතනින් එහා නේපාල බෝඩරය ඇති බවත් ආ බස් රියේ කොන්දොස්තර තැන මට සංඥා බසින් කිව්වා..පොර හරි.. බෝඩරේ තිබුනා නිකං පංසල් වල විසාල තොරන් දෙකක් වගේ..
මං ක්‍රොස් කරගෙන ගියා කිසිම හැල හොල්මනක් නැතුව..දිනකට මිනිස්සු සිය දාස් ගානක් එහෙම ක්‍රොස් කරනවා.. මොකද නේපාල ඉන්දියන් බුවාල ට එහෙ මෙහෙ යන්න බාදාවක් නෑ.. ඉදලාම එකෙක් ගේ බෑග් එහෙම චෙක් වෙනවා..
ඉතිං මම ඔහම කෙලින්ම නේපාල පැත්තට ගියාට මොකද ම ටපේනවා නේපාල පැත්තේ ඉමිග්‍රේසන් මඩුවක් තියෙනවා..ඉමිග්‍රේෂන් ඔෆිස් එකක් වුනත් ඒක මඩුවක් වගේ පෙනුම.. ඒ අව් අස්සේ සිංහල කටහඩක් ඇහුනා ලගපාත ..බැලින්නම් වන්දනා නඩයක් ලුම්බිනි යන්න බෝඩර් එක කෝ‍රාස් කරන්න ඇවිත්.. නවත්තලා ඒ කට්ටිය ස්ටෑම් කරගන්නවා පාස්පොට් එක..
මං හිමීට ඒ බුවෙක්ට ලං වුනා.. සිද්දිය කියලා මම තනියම ආවා කිව්වම පොරගේ ඇස් නලලේ.. ඉන් පස්සෙ තනියෙන් ඇවිත් මගේ පාස්පොට් ස්ටෑම්ප් කරගත්තේ නෑ කිව්වම පොර මට වැඩිය බය වුනා.. ඌ මට කිව්වා ගිහින් ඉන්දිය්න ඔෆිස් එකට රුපියල් තිහක් දීල පාස්පොට් සීල් ගහගෙන මෙතන නේපාල් ඔෆිස් එකෙනුත් කීයක් හරි දීල සීල් ගස්සවගන්න කියල.
ඇත්තටම දැන් මම නේපාලයට අනවසර ඇතුල් වූවෙක්.. යන කොටම ඇල්ලුවා නේ ඉන්දියන් පොලිසියෙන්.. මගේ බෑග් එක බැලුවා.. ඇත්තටම මොකක් හෝ හේතුවකට උන් මාව වැඩිපුර චෙක් කලේ නෑ.. මාව රිලිස් කරලා දැම්මා..ඒ ගමන මීටර පන්සියක් විතර ඈත තියෙන ඉන්දියන් ඔෆිස් එකෙනුයි නේපල් ඉමිග්‍රෙසන් එකෙනුයි පාස්පොට් සහතික කරගත්තා.. කරගෙන නෙපාලෙට ගියා..
මෙතනදි කියන්න ඕනි..ඔබ කවුරු වුනත් අවශ්‍ය නැත්නම් පැනලා පගාව දෙන්න යන්න එපා. මුලු ඉන්දිය නේපාල සංචාරය පුරාවට මම නම් කිසිම තැනකදි අනවශ්‍ය පුද්ගලයින්ට සල්ලි දෙන්නට ගියේ නෑ..ලංකාවේ දඹදිව යන අය මේ ඉමිග්‍රේෂන් ඔෆිස් දෙකටම සල්ලි දෙනවා පාස්පොට් වල සිල් ගස්සවා ගන්න.. නඩ පිටින් එන නිසාත් නඩවලට ලොකු ගානක් ගෙවන නිසාත් ඒක ලොකු ආබාධයක් නෑ..ඒත් තනියම යනවා නම් කිසිම වෙලාවක පැනල පගාව දෙන්න එපා අවශ්‍යම නැත්තං..මොකද පගා අකමැති තද බුවෙක් හිටියොත් එතන ලොකු ලෙඩක් වෙන්න ඉඩකඩ තිබෙනවා..
මම ඔය බොඩරයෙන් ආයෙත් එද්දි දකුනු ඉන්දිය කස්ටම් බුවෙක් පාස්පොට් එක බලා පස්න අහලා මල්ලත් අවුස්සලා පොඩි ආතල් එක්ක දුන්නා..පොරත් මගෙන් කියක් හෝ බලාපොරොත්තු වෙන්නට ඇති..ඒත් මම කිසි අවුලක් නැතුව හිනාවෙවි ඌට විස්තර කිව්වා ඌ ඉන් පස්සෙ මට නිකංම යන්න කියලා කිව්වා..

ත්රිවිල් ගමන

එද්දි නේපාලා ්බෝඩරයෙන් ගොරක්පූර් වලට ආවට බස් එක ගොරක්පූර් දුම්රිය නැවතුමට යන්නේ නෑ.. හරියට මාතර/කුරුණෑගල වගේ..මාතර /කුරුණෑගල බස් නැවතුම සහ දුම්රිය නැවතුම අතර පරතරය්ක තිබෙනවා.. ඉතිං මම හිතුවා ඔන්න හෙ පොඩි දුරයි ඇත්තේ පයින් යනෝ කියලා.. පයින් යන්න අරං නිකමට පොලිස් කාරයෙක් ගෙන් ඇහුවා.. ඌ දඩාස් ගාල ත්‍රිවිල් එකක් නව්ත්වලා මට නගින්න කිව්වා.. ඒක ඇවිල්ල ඩීසල් වීල් එකක්..ඒකෙ හැමතැනම සෙනග.. ඇතුලෙ මිනිස්සු 5ක් විතර ඩයිවර්ගේ දෙපෙත්තේ තව 4 දෙනෙක්..මාත් සයිඩ් වුනා.. ඒ ත්‍රිවිල් එක ඔන්න ස්ටේෂමක් ගාව නැවැත්තුවා..පොරවල් බැස්සා..මාත් බැස්සා.. මෙන්න බොලේ අර ත්‍රිවිල් කාරයා මට බනිනවා පලු යන්න..හින්දියෙන්..
බැලින්නම් ඒක මම බහින්න ඕනි ප්‍රධාන දුම්රිය නැවතුම නෙමෙයි..වෙන එකක්. ප්‍රධාන එක තව දුරයි..ඌ මාව නග්ග ගෙන මේ වගේ කාලෙක මැප් එකක් වත් නැතුව ගමන් යනවා කියලා අනික් උන් එක්ක මට හිනාවුනත් එක්ක.. ත්‍රිවිල් කාරයින්ට ඉතිං කොහෙත් මොන සෞඛ්‍යයද? මං ඉතිං නිකා උන්නා..කිලෝමටර 8ක් විතර මූ ගියා බස් නැවතුමේ සිට සටේෂමට..ඒක ඇවිල්ල කොමන් ටැක්සි සේවයක්..ඒ කියන්නේ කෙටි දුර යන 154 බස් එක වගේ.. ත්‍රිවිල් කාරයා තමුන් යන ඩිරෙක්ෂන් කියනවා.. ඉන් පස්සෙ ඒ පැත්තට යන හැත්ත බුරුත්ත ඔක්කොම සෙනග ත්‍රිව්ලර එකට නගිනවා..ඉතිං ඔන්න බහිනවා රුපියල් 5-6ක් ත්‍රිවිල් බුවට දෙනවා ආයි ඒක වෙන කොහේහරරි යනවා..
මම දුන්නෙත් රුපියල් 10යි. ඒකත් ටිකක් වැඩි මුදලක්.. විශාල ඩිසල් ත්‍රී රෝද රථයත් නිසා ලොකු අපහසුවක් නෑ.. මිනිස්සු ඒ කොමන් ත්‍රිවිල් ක්‍රමයට හුරු වෙලා නිසා පොඩි දුරක් යන්නත් ඔවුන් ඒ ක්‍රමය සරුවටම යොදාගන්නවා..අපේ වුනත් රුපියල් 20-30කට යන්න තිබුනා කිලෝමඨර දෙක තුනක් කොමන් සේවාවක් තිබුන නම්..

ඉතිං වචන ටිකක් වැඩිවුනා.. මොකද හැමදේම මතක් වෙනකොට ඔක්කොම් ලියන්න හිතෙනවා.. පාඨක තුමාට දිග වැඩිවීම ගැටුලවක් වෙන්නට ඇති ඒත් ඉතිං මේ දැන් වෙබ් වල නෙව ඔය දිග කෙහෙම්මලවල් ඔක්කොම..ඉස්සර පත්තර මැගසින් ගත්තාම කොහොම ආටිකල් යන්නේ.. වචන තුන් හාරදාහ එක ලියුමේ..අපි අද වචන 1500ක් ලිව්වම ගොඩක් උන් කමෙන්ට් දාන්නේ මුල පේලියයි අගෙ පේලියයි බලලා ඔන්න මාත් ආවා බැලුවා කියලා පේන්න..ඉතිං කොහොමද කොරන්නේ?

8 comments:

  1. ඔය අන්තිම චෙදේ නොලිවනම් වචන 60-70 අඩුවෙනවා නේ :), ආටෝවේ කුකුලෝ, එළුවෝ, උරෝ නොහිටි එක ගැන දුක් වෙන්ටෝන.

    ReplyDelete
  2. මං නං සේරම කියෙව්වා. ඉන්දියාවේ යන්න පොඩි කැමැත්තක් තිබුණාට දැන් නං උං ගේ පඩ ෂෝ නිසා යන්නේ නෑ කියලායි හිතිලා තියෙන්නේ!

    ReplyDelete
  3. අඩේ ආතල් කෝටියය්නේ ....... මාරෙනුත් මාරයි!!!

    "ඔන්ලි ඉන් ඉන්දියා" කියලා ගියපු එවුන් කියන්නේ නිකන් කට කහනවට නෙමේනේ.... නැද්ද මම අහන්නේ.. :)

    අඩේ තැන්කු වේවා උබේ අත්දැකීම් අපිට කීවට. මම වෙලාවක උබට "ඉන්දියාවේ ටුවර් බුක්" එකක් එවන්නම්කෝ.

    මටත් යන්ට නම් ආසයි ඒත් පුංචි පාහේ බයකුත් දැනෙනවා, මේ වාගේ රියල් අත්දැකීම් කියවනකොට.

    ReplyDelete
  4. පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
  5. කලබල නැතුව විස්තර ඇතුව ලියන්න. මෙව්වා උත්සාහ කරලා බලන අය සෑහෙන ඉන්නවා. කියවලා රසවිඳින අය ඊටත් වඩා ඉන්නවා.

    ReplyDelete
  6. අපි වගේ බුවෙක් ගියොත්නං අනාත වෙයි වගේ.
    වැදගත් මේව ලියල තියෙනවට

    ReplyDelete
  7. කොච්චර දිග උනත් මමත් මේ විස්තර කැමැත්තෙන් කියෙව්වා...

    ReplyDelete
  8. ඉන්දියාව කියන්නෙ අවබෝධයෙන් ගියොත් සංචාරයට ඉතාමත් හොඳ රටක්.... ඉන්දියාවේ ඕනම තැනකදි කටේ බලෙන් බෙරෙන්න පුලුවන්... බිහාර් වලදි කුනුහරප නොකිය ඉන්නත් දිල්ලි වලදි හැම වාක්‍යම කුනුහරපයක් එක්ක කියන්නත් පුරුදු වෙන්න ඕනි....

    ReplyDelete