Wednesday, October 25, 2017

කබරගල Kabaragala

කබරගල ගමන

කබරගල කියන්නේ දොලොස්බාගේ කදු පන්තියේ තිබනෙ උසම කන්ද. කබරගල මහා උස එකක් නෙමෙයි මීඨර 1500ක් වගේ තමයි උස. ඒත් අවට තිබෙන අනෙකුත් කදු සහ අලංකාර භූමි දර්ශන නිසා කබරගල ඇසට ප්‍රියයි. කදු නගින්නන් කියන්නේ සුමුදු මුදු චාරිකා අත්දැකීමකට ලැදි පිරිස නෙමෙයි. ඊට වඩා යම් කටුක අත්දැකීම් වලට කැමති අය තමයි කදුනැගීම තෝරාගන්නේ. ඒ ලංකාවේ කදු නැගීමකදි තිබෙන ආතල් රැසක්ම කබරගල තරනයේදී අපිට ලැබෙනවා.


කබරගල පිහිටීම

කබරගල පිහිටීම මෙතැනයයි පැවසීඹට වඩා කබරගල යන්නේ කොහොමද කියන එක වැදගත් වෙයි. කබරගල යන්න පාරවල් කිහිපයක් තිබෙනවා.. නාවලපිටියට ඇවිල්ලා නාවලපිටියෙ ්සිට දොලොස්බාගේ බස් එකේ ගිහින් තමයි ඒ පාරවල් වලට ලගාවන්නේ.

අපි කන්ඩායම සුපුරුදු පරිදි කොළඹින් රෑ 12ට ගමන් ආරම්භ කලා. අපේ ගමන් රටාවේ තියෙන විශේෂත්වයක් තමයි රාත්‍රියේ කොළඹින් ගමන් ආරම්භ කිරීම. මෙය දැන් චාරිකා කිහිපයකදිම සාර්ථකව අපි ක්‍රියාත්මක කලා. රෑ බස් එකක යනවා නම් අපේ තුවාන් ස්මයිල් මිතුරාට වගේ මහ රෑය. මේ සිටි බී බස් එකක්ය. මේක ගැස්සෙනවාය කියලා නැතුව ඕනිම පසුබිමක නින්දයෑමේ හැකියාවක් තිබෙන්නට ඕනි. අපරාදේ කියන්න බහැ තුවානයට නම් ඒ හැකියාව ලෙසට තියෙනවා. මූ අපායේ යැවුවොත් කටු ගහ නගිද්දිත් ටිකක් නිදාගෙන නැගිටලා ආයෙම නගිවි.
නාවලපිටියේ නයිඩ් කඩෙන් උදේ ප්ලේන්ටිය. 

අපි නුවරට ලගාවෙද්දි තුන විතර වෙලා. පෑ තුනට නුවරට ආවේ රෑ නිසා සහ බස් එක විද්ද නිසා. ඒක විද්දා විදිල්ලක් වෙලාවක ගැස්සිලා ගිහින් තුනේ සිට් එකේ කෙළවර හිටිය මම ඇදගෙනත් වැටෙනවා. කොහොමින් හරි අපි නුවරට තුන වෙන කොට ආවා. අපි එන්න කලින් කාලසටහන් එහෙම බලලා ආව විදියට නුවරින් තියෙනවා බඩු දුම්රියක් නාවලපිටියට 3යි 30 අලුයම. අලුයම තුනහමාරට තිබෙන ඒ දුම්රියත් තිබුනා කියහං කෝ..තිබිලා ඒ විදියටම පිටත් වුනා.

නුවර දුම්රිය ස්ථානයේදී ස්මයිල් ගෙනාල්ල තිබුන කෙහෙල්ගෙඩි ටික කැවා. කෝචිචයට නැගලා යාලුවො දෙන්නා නම් සැපට නිදි.. මම ඉතිං අවධියෙන් ගියා. ගම්පොල පැන්නාම මම ටිකක් අවධානයේන උන්නා.. උදේ පහ වෙද්දි නාවලපිටියට එන්න හැකිවුනා ඒ බස් දුම්රිය මිස්ක්ස ගමන නිසා. කොහොමින් හරි අපි නාවලපිටිය බස් නැවතුමට ආවට බස් ගමන් වාර තවම පටන් ගත්තේ නැහැ. උදේ පාන්දරම නාවලපිටිය බස් නැවතුමෙ ේඇති එකම රෑ කඩය වෙන මුස්ලිම් කඩේකින් අපි සෝටිස් තේ පාරක් දාගත්තා.
නාවලපිටියට ඉහල අහසට ඉර පෑව්ව වෙලාව 

දොලොස්බාගේ බස් එක එන්නේ හය හමාරට. එතකල් ඉර පෑව්වා.. ඉර පැවුව එකත් හරි ලස්සසනට පෙන්නුවා. කොහොමින් හරි බස් එක ආවා අපි නැග්ගා නැගලා කබරගල නගින්න අපි ඉන්ටනෙට් එකේ තිබුන විදියට ගම්පොල පාරට හැරෙන පාරෙ සිට ටිකක් දුර යායුතු බවක් කිව්වා. ඒත් කබරගල දැන් යන්න වෙන අලුත්ම පාරක් තියෙනවා. මම දන්නේ නැහැ.ඇයි ඒ කියලා. ඒත් පාරව්ල දෙකක් තියෙනවා. නගිනවා නම ්නාවලපිටියෙන් දොලොස්බාගේ බස් එකක නැගලා කබරගල නගින තැනින් බස්සන්න කිව්වාම බස්සාවි. ඒ නගින තැන අපි ගිය තැන නම් නෙමෙයි.

අපි  ඉන්ටනෙට් එකේ කියල තිබුනා විදියට පරණ විදියටම යන්න ගියා. ඒත් අපි ගිය පාර නෙමෙයි ඔරිජිනල් එක. බස් එකෙන් බැස්සා විතරයි අපි ටිකක් කන්ෆියුස්..මොකද හරියටම නගින තැනක් දන්නේ නැහැ.. ඒ ගමන ඒ යමින් උන්නු කිහිප දෙනෙක් ගෙන් ඇහුවා. ඒත් සමහරු අපි ජෝක්ස් එකකට ගත්තාද මන්දා.. එයාල කිව්ව විදියට ඒ තිබෙන කන්ද කබරගල නෙමෙයි. සමහර අය කියපු විදියට ඒකට නගින පාරක් මේ අහල මානයක නැහැ. හේතුව මොකද්ද දන් නෑ, ඒත් ගොඩක් අය පාර කියනවාට වඩා හැදුවේ නොකියා ඉන්න කියලයි අපිට හිතුනේ.
බස් එකෙන් බැහැල =බැලුවා වට පිට. 

කොහොමින් හරි අපි ගියා විස්තරයේ තිබුන පංසලක් හොයාගෙන. ළග තිබුන ෆෑක්ටරියක ඉදපු අක්කලා දෙන්නෙක් අපිට පංසලට පාරක පෙන්නුවා. කෙලිය නේද කිලෝමීටර දෙකක් විතර ගිහින් පංසලක් ගාවට ආවත් ඒක අර විස්තරයෙ ේතිබුන මාදිලියේ පංසලක් නෙමෙයි.

ඒ ගමනඅ ාෙයම හැරිලා කැරකි කැරකි එද්දි ත්‍රිවිල් මල්ලියෙක් සෙට් වුනා . බුවා තමයි දෙයියා. පොර අපිව ඒ කන්ද නගින්නට යන හංදියෙන් දැම්මා. අපි ඒ හංදියත් පහුකරගෙන ගිහිනුයි තිබුනේ. ඒ ගමන මම කීවා මල්ලි ඔන්න ඔ පාරේ යන්න ඇහැක් ටික යමු කියලා. මල්ලි ඉතිං ලේස්ති වෙලා ගියා. පාර කැඩිලා..ඒත් පොඩි එකා හැකිපමණ අපි කිලෝමිටර දෙක තුනක් වත් කන්ද උඩට අරං ගියා. යන්නම බැරි තැනක නවත්වලා.. මෙතනින් උඩට යන්න කියලා මල්ලියා උපදෙස් දුන්නා.
තේ වතු මැදින් පේන ඈත ඉම 

එතනින් බැස්ස විතරයි එතන යනවා වතු සේවක මහත්මයෙක්. ඒ මහත්මයා හමු නොවෙන්න අපිට කබරගලක් දකින්න නොලැබෙන්නත් ඉඩ තිබෙනවා..මහත්මයා කිව්වේ ඒ තිබුන මහත්මා ගුණයට මිසක් වෙන මොක්කට වත් නෙමෙයි.. සරං කෙටියක් ගහගෙන ඇලවංගුවගුත් අතේ අරං ගිය ඒ මහත්මයා අපිට පාර කිවවේ බොහොම උනන්දුවෙන්. අපි ඔහුගේ පස්සේන් ගියා ගිහින් ඔහු නැවතුන තැන සිට කන්දට යන පාර ගැන පැහැදිලි ප්‍රබල විස්තරයක් අපිට දෙන්නට ඒ වතු සේවක මහත්මයා සමත් වුනා. ඇත්තටම ඒ වතු  සේවක මහතාට මුදලක් අපි දිය යුතුව තිබුනාද දන් නෑ..ඒත් මනුෂ්‍යත්වය පිණිස උදව් කරන්න ආපු කෙනෙක්ට මුදලක් දික් කිරීම ඒ මනුස්සකමට කරන යම් මදිපාඩුවක් විදියට ගැමියන් සලකන්නේ.. සරලවම මමත් ගමේ මනුස්සයා නිසා දන්නවා අපේ තාත්තා ලා හෙම එහෙම උදව්වක් කලාම සල්ලි ගන්න එක සලකන්නේ මහ මදිපංචි කමක් විදියට. ඒ නිසා අපි සල්ලි දුන්නේ නැහැ. ඒත් අපි ගාව තිබුන සුලු බිස්කට් කෙහෙල්ගෙඩි සංග්‍රහයක් අපි ඒ මහත්මයාටත් දීලා අපිත් භුක්ති වින්දා.
වතු සේවක මහතා 

එතැනින් පිවිසෙන්නේ පැරණි තේ වත්තකට යන මාර්ගයක්. අපි ඒ මගේ ගියා. චාරිකා සටහන් විස්තර අනුව එවැනි පාරක් තිබෙනවා. එහි ගියාට කොතනින් කන්ද මුදුනට ලගාවෙනවාද කියලා සදහනක් නැහැ. කන්දත් පේනවා..උඪ තියෙන ෆයින්ස් ගසුත් පේනවා..ඒත් නගින්න තමයි තැනක් නැත්තේ. තද බෑවුමක් එක්ක සෙට් වුනා ගල් තලාවක්. ඒගල් තලාව ට පොඩ්ඩක් එහයින් පාර සම්පූඍ්ණයෙන්ම පාහේ ඉවර වුනා. එතැනින් අපි ඉහලට නගින්න පටන් ගත්තා.

දැන් අපිට යන්න අඩිපාරක් වත් නැහැ.. කලින් තේ වවවලා දැන් බැද්දට යට වුනු මේ බිමේ ඇවිදීම ලෙහෙසි නෑ..පසෙකින් මහා කටු පදුරු. ඒ අසසේ තද ආනතිය. තැනක පදුරු වලට සැගවිලා තියෙනවා ප්‍රපාත වගේ බෑවුම්. ඔක්කොමත් හරි වැහිකාලේ නිසා කූඩැල්ලෝ. ඉහලට නැග්ගාට හරියටම පාරක් සොයාගන්න අපහසු වුනා. අපි පැය බාගයක් පැයක් වගේ ඇවිදිනකොට අපි ටිකක් හොද අඩි පාරකට සේන්දු වුනා. ඒ අඩිපාර තමයි මම හිතන්නේ දැන් ජනප්‍රිය වෙච්ච පාර. කොහොම හරි ඒ අඩිපාර අපිට පිහිට වුනා.
වතුර පුරවාගත් හැටි 

මේ අඩිපාර වුනත් ඇතැම් තැනක පදුරු වලින් වැහිලා.. පැගිරි තනකොල පිරිලා.. ඉතිං ඒවා ඈත් මෑථ් කරගෙන අපි ඉදිරියට නැග්ගා. ඒ උඩ තිබුන ලොකු ෆයිනස් ගස් ගොඩක් කපලා තියෙනවා. ඒ මක් නිසා කැපුවාද කියන්න දන්නේ නැහැ. ඒ වගේම ඒ හරියෙ ේතබෙන පැරණි තේ ගස් වලින් අපහසු වුවත් තේ දලු නෙලා තිබෙන ආකාරයක් දිස් වුනා. ගස් ටිකේ ලී ටිකට ආදරෙන් කවුරු හරි ෆයිනස් ගස් ටික කපලා තිබුන එක හොදයි. ඉදිරියේදී කුඩාවට හරි පොඩි වනාන්තර පද්ධතියක් කෙමෙන් කෙමෙන් ඒ පරිසයට උචිත විදියට ගොඩ නැගේවි.

මේ කැලෑවේ ඉහලට ගමන කූඩෑල්ලන් නිසා කිහිප වතාවක්ම බිද වැටුනා. ඉහලම තිබෙන තනකොල  තිබෙන හරියේ කූඩැල්ලන් නැහැ. ඒ නිසා ඒ සිමාවට ආවම කකුල් දෙකට පොඩි සහනයක් වගේ වුනා. අපි කූඩැල්ලන් එල්ලීඹ වලකාගන්න පැගිරි තෙල් පාවිච්චි කලා.

කොහොම හරි අපි කබර ගලේ දාරය දිගේ ඉහලට දැන් යනවා. ඇත්තටම මේ ගල ඇවිල්ලා පෙනුම අනුව කට ඇරං ඉන්න කබරයෙක් ගේ හරස්කඩක්වගේ.. දාරය දිගේ නැගගෙන යද්දි මුදුන හමු වෙනවා. මෙහි දී අපිට පොඩි වනයකුත් හමු වුනා. එය අතුලෙනුත් රිංග ගොසින් ඉහලටම ලගා වුනා.
ගල මුදුන හරියේ 


පසෙකින් පේනවා විශාල කොත්මලේ ජලාශය සහ සෑ්‍ය. අනෙක් පසින් ගම්පොල ඇති අම්බුලුවාව නම් දි මුගේ ගල. තව ජනාවාස පේනවා..කොහොම හරි හතර අතේ තිබෙන සෑඹ දෙයක්ම පේන , අංශක 360න් තුන්සී්‍යක් විතර කිසි ගේමක් නැතුව පේන තැනක් විදියට කබරගල උඩ හදුන්වන්න පුලුවනි.

කබරගල මුදුනේ පිරිසක් කෑඹ්ප් කරලා තිබුනා. අපි යන අව්ස්තාවේ තද හුලගක් තිබුනා. ඒ වගේම වර්ෂාවක ලකුනුත් එහෙන් මෙහෙන් පෙන්නුම ්කලා. ඒ ගමන අපි එන්නට පිටත් වුනා.

අපි කඩිමුඩියේ බැස්සේ වරුසාවක සේයාවන් හතර අතින්ම පෙනෙන්නට වූ නිසා. බහිනකොට සෑහෙන දුරට පාර තිබුනත් අපිට පහලට බහින තැනක් සොයාගන්නට ලැබුනේ නෑ.. අපි ඒ අඩිපාරට එන්ටර් වුනු ඒරියා එකත් පහුකරලා ගියත් කෙළවරක් තිබෙන පාරක් හමුවුනේ නැහැ. ඉතිං අපි නැවතත් කැලේ බිදගෙන පහලට බහින්න ගත්තා.
බඩගාගෙන බැස්ස ගල් තලාව 

ඒ ගමනේදී අපිට දිය සීරාව සහිත බෑවුම් ගල්තලාවක් හමු වුනා. එය මග අරින්නට ගියොත් තවත් කල් යන නිසා අපි ඒ බෑවුම් දිය සීරාව සහිත ගල්තලාව අවධානමක් තිබුනත් ඒ ගැන සලකනනෙ ්නැතුව පස්ස බිම තියලා බහින්නට ගත්තා.

කොහොම හරි අමාරුවෙන් අපි මුලින් අපි ගමන් ආරම්භ කරන්නට යෙදුන පාරට සේන්දු වුනා. ඉන් පස්සේ ආපු විදියට නෙමෙයි පාර තියන විදියට යං කියලා අපි ඔරිජිනල් පාරෙන් බැස්සා. බැහැගෙන යද්දි මගදී අපිට හිතෙනවා අඩේ පට්ට දුරක් නෙවද තියෙන්නේ කියලා. ඒ අතර අපිට හමුවුනා පොඩි ෂෙෘ්ට්කට් එකක්. එතනින් නුත් ගොඩක් පහලට එද්දි තමයි ඔන්න අපිට මනුස්ස පරානයක් මුන ගැහුනේ. මේ අර පැය තුන හතරකට විතර කලින් අපිට පාර කියපු අංකල් හමුවුනාට පස්සේ අපිට හමුවුන පලවෙනි මනුස්ස පරානේ..
බහින ගමනේදී 

මැදිවියේ යුවතියන් දෙදෙනෙක් තේ දලු කරතියං එනවා. මැදිවියේ වුනත් යුවතියන් නෙවද කියලා දෝ හෝ අපේ තුවාන් නම් ඒ අය සමග බොහොම උනන්දුවෙන් කතා කරනවා පෙනුනා. ඔවුන් කිව්ව විදියට මේ කාලේ බඹරු, කූඩැල්ලෝ, වැස්ස , පාර අතරමං වීම, කටු ආදී බොහෝ හේතු නිසා කන්ද නගින්න යනවා අඩුයි.. අපි චර්ම රෝගෙට ගිහින් තුන්දෙනාම නිරුපද්‍රිතව දවල් දොලහ විතර වෙනකොට දැකගන්න ලැබුන එක ගැන ඒ අය විමතියට පත් වුනා.

පහලට බහිද්දි අපි යක්සයෝ වගේ.. කටුවලට අත් හීරිලා..ඇුදුම් වල මඩ තැවරිලා.. ඒ නිසා නාගෙන ම යනෝ කියල හිතද්දි දෙවියනේ..අපි සබන් ගෙන්ල්ල නැහැ. ඒ ගමන සබන් ගේන්න කඩේට ගියා.. කඩෙන් ලොකු බනිස් ගෙඩියකුත් කෙහෙල්ගෙඩි එක්කල කාලා පාරට ඇවිත් ආයේ නාන්න යනන් හදද්දි මෙන්න නාවලපිටිය බස් එකක් එනවා.. ඒ පාර සෙනිකව තුන් දෙනා කතාකරලා නෑම කල්දාලා බ්ස එකට නැග්ගා සත්තු තුන්දෙනා වගේ.. හවස 3ට විතර නාවලපිටියෙන් අදින පොඩි මැනිකේ අල්ලාගත්ත නම් අපිට කෙලින්ම කොළඹට මහ රාත්තිරියට කලිං එන්න හැකි කියලයි අපි හිතුවේ.
අපි තුන තමයි ගියේ 

සබන් කෑල්ල ඉතුරු වුනා. අපි නාවලපිටිය ටවුමට බැහැල ඇවිදන් යද්දි මට තේරුනා මිනිස්සු අපේ දිහා අමුතු විදියට බලනවා..සිගාකන ගැහැනියකුත් මා දිහා අමුතු සතෙක් දිහා බැලුවා මතකයි. නාවලපිටිය කියන්නේ මහ විසාල ස්ටේශෙමක්. ඉස්සර කාලේ ගල් අගුරු එන්ජින් ධාවනාගාරයක් නාවලපිටියේ තිබුන කියල මම අහල තියෙනවා..නාවලපිටිය ස්ටේශමේ කැන්ටිම, වේදිකාව, ටොයිලට් හැමදේම වගේ විසාලෙට තියෙනවා. අපි ඒ විසාල ටොයිලට් වලට ගිහින් ඇදුම් මාරුකරගත්තා.

නාවලපිටියෙන් පොඩි මැනිකේ ඇල්ලුවට මොකද මැනිකෙ පිරෙන්න සෙනග. නුවරින් අඩු වුනා වාඩිවුනා. මෙන්න ඒ ගමන බඩදරු සහ කිරිදෙන මුස්ලිම් ගෑණු අම්මලා, ආච්චිලා, සීයලා, ආබාධිතයින් ආදී පෝලිමක් නුවරින් නගිනවා..කකුල් දෙක අමාරුයි. ඊටත් රෑ ඉදලා නිදි මරලා.. ඇත්තටම අපි හොද ලමයි නම් ඒ වෙලාවේ අසරණයින්ට සීට් එක දෙන්න තියෙනන්ට ඇති. ඒත් අපි හොද ලමයි උනේ නැහැ. දුකයි..එත් කරන්න දෙයක් නැහැ.

කබරගල අපි ගියපු ට්‍රැකින් වලින් අලුත් අත්දැකීමක්. ඒ වගේම මැතකදි ගිය ඒවයින් තනියම පාර හොයාගනගිය තරමක් පාර සොයාගන්නට අපහසු ගමනක්. පාර සොයාගැනීමේදි අපි තුන්දෙනාගේම දායකත්වය අදහස ්ඒකට වැදගත ්වුනා.  ඇත්තටම මේ කබරගල වගේ ඒවා විශාල වනාන්තර නෙමෙයි.. සුද්දා තේ හිටවන්න කලින් මේවා මහා විසාල වනාන්තර වෙන්නට ඇති. ඒත් තේ වලින් පස්සේ දැන් දැන් ඒවා නැවත වනයට යමින් තිබෙනවා. යම් කොටසක් හෝ එහෙම වනයටම යන්න දෙන එක සුදුසුයි. මොකද අපිට ජලය ලැබෙන්නේ මේ මධ්‍ය කදුකරයේ තිබෙන කුඩා කුඩා වනාන්තර ආදියෙන්.
කබරගල උඩ සිට. 

කබරගල ගමනේදී අපිට ඇත්තටම අන්තර්ජාලය පිටුවහල් වුනත් ඒ තොරතුරු නිවැරදිම කියන්න බැහැ. ඒ වගේම ගමේ මිනිස්සු වුනත් බොහෝ දෙනෙක්ගෙන් ඇහුවම පාර  සහ කන්ද ගැන විස්තර හරියටම කියන්නේ නැහැ. කොහොම හරි කබරගල නගිනවාය යන ධෛර්ය නිසා ම අපිට පාරහොයාගෙන නැගල බහින්න පුලුවන්වුනා.

ඒ ආසන්නයේ තිබෙන කිණිහිර කන්ද ත් මෑතකදීම නගින අදහසත් හිතේ දරාගෙන අපි කොළඹට ආවා. කූඩලු තුවාල වලට ගෙදර ඇවිත් යුනිවර්සල් ඩිප්‍රෙෂන් ඔයිල් එක නොහෛාත් සර්ව විශාදි තෛලය ආලේප කරගත්තා. ඒ තෙල කූඩැල්ලෝ දෂ්ඨ කිරීම් වලට නම් එලම කිරි බඩුවක්.

11 comments:

  1. Thanks... very interesting...;)

    ReplyDelete
  2. නියමයි. ආයි පාරක් කියවල අඩුපාඩු ටික හදන්න. මොකද මේ පෝස්ට් වට්න ඒවා

    ReplyDelete
  3. /අපි චර්ම රෝගෙට ගිහින් තුන්දෙනාම නිරුපද්‍රිතව දවල් දොලහ විතර වෙනකොට දැකගන්න ලැබුන එක ගැන ඒ අය විමතියට පත් වුනා/
    මෙන්න මේක නං හිතාගන්න බැරිවුනා. අනික් ටික නං මරු.

    ReplyDelete
  4. අමිල, මෙවැනි ගමන් වලදී ඔබ මළපහ කොට ගුද විවරය පිරිසිදු කරගන්නේ කෙසේද? ජලය භාවිතයෙන් පිරිසිදු කරගන්නවද, එසේ නැතිනම් කඩදාසි භාවිතා කොට පිසදා ගන්නවද? පිළිතුරක් ලබා දෙන්න අමිල.

    ස්තුතියි අදහස් පල කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම ගැන

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නය අහන්නත් ඒකට උත්තර දෙන්නත් අනිවර්යයෙන් කරන්න ඕන. මොකද කෑම්පින් සම්බන්ධව කොච්චර ලිපි කියවල තිබුණත් කැම්පින් වලදි ඒ සම්බන්ධව කිසිම තොරතුරක් සදහන් වන්නේ නැ. හැබැයි මේ ගමනෙදි අමිල කෑම්පින් කරල නෑ..

      Delete
    2. ඇත්ත. මෙවැනි ගමනක් යද්දී ශාරීරික අවශ්‍යතාවයන් කියන එක සාමාන්‍යයි. මොකද මාත් දැකලා තියෙනවා ලෝකාන්තය තුල ඇවිදිද්දී පවා වැසිකිලි අඩු නිසා දිය පහරවල් අසල මළපහ කොට ඇති මිනිසුන්ගේ අසුචි. අමිල මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න හැකි නම්.

      Delete
  5. ලස්සන ම ලස්සන සටහනක්. මහන්සි වෙලා තමන්ගේ අත් දැකීම් අපිත් එක්ක බෙදා ගත්ත එක නම් හැබෑවටම අපූරු දෙයක්. මොකද අපි නොගියත් හිතෙන් හරි ඒ අත්දැකීම විඳගන්න අපිට පුලුවන් වෙනවා. ඊලඟ ගමනටත් ජයෙන් ජය.

    ReplyDelete