Tuesday, May 29, 2018

අපේ උ බු ජ කෝච්චියේ කජු පොතු දාන ප්‍රශ්ණය දකින හැටි

උ බු ජ කිව්වේ උගත් බුද්ධිමත් ජනතාව කියන එක. පහුගිය දවස්වල දුම්රියේ යන මගීන් රටකජු කනවා සමහරු වීඩියෝ කරලා සෙයා කලා..තව අය පොටෝ ගහලා. ඔය අස්සේ දුම්රියේ කකුල් උඩින් තියන් ඉන්න පොටෝත් සෙයා වුනා.

කැමරා විප්ලවය

අපේ රටේ මිනිස්සුන්ට පෝන් එකට කැමරාවක් ආවම ලස්සනදෙයක් ඡායාරූපයට ගන්න මතක් වෙන්නේ කීයෙන් කීදෙනාටද? වලියක් යනවා නම්, මාරක රිය අනතුරක මස් කෑලි විසිරිලා තියේ නම් අල්ලපු ගෙදර ඇන්ටි තන් වක් කරං නානවනං. මොකෙක් හරි එකෙක් කුනුහබ්බෙන් බනිනවා නම් ඔන්න අපේ මිනිස්සුන්ගේ ෆෝන් වල කැමරා ඔන් වෙනවා. එතකොට අපේ අයගේ නිවුස් ජානය සක්‍රිය වෙලා අර අවස්ථාව ඡායාරූප ගන්න මතක් වෙනවා. නිකමට කල්පනා කරල බලන්න ඔයාලගේ වට්සැප් එකට  එන පිංතුර වලින් ඔයා දකින යාලුවෝ ගතපු පිංතුර වලින් ඇත්තටම සුන්දර ලස්සන දේවල් තියෙන්නේ කොච්චර අඩුවෙන්ද? හැම එකම මොකක් හරි අඩුපාඩුවක්. මිනිහෙක්ට වුනු වැරද්දක්, වැලක්, නැත්තං කුඩුකේඩු වැඩක්..ඇසට මග හැරෙන සොදුරු දසුන් වෙනුවට අපේ ඔලුගෙඩි වල තියෙන කුනු වගේම අපේ ෆෝන් මෙමරිය පුරවන් ඉන්නෙත් කුනු වලින්.
අපේ ඔෆිස් එකේ හිටිය සහෘදයෙක් ඇක්සිඩන්ට් වුනා කෝච්චියේ. අනේ මිනිහා ඇක්සිඩන් වෙලා කකුල නැතිවෙලා ඉස්පිරිතාලේ ලෙඩ ඇදක දාලා කැඩුනු කකුල එක්ක තියටර් ගෙනියද්දිත් අපේ උන්දෙක් ඒක වීඩියෝ කරලා ෆේස්බුකුත් දාලා. වෙන පිට එකෙක් නම් කමක් නැහැ. අපේම ආයතනයේ අපේම හරකෙක්. මිනිස්සුන්ගේ ඔය ලොකු සදාචාර සංස්කෘතික අනම් මනම් ඕනි නැහැ..මූලික මනුස්ස හැගිම් තියෙනවා  නම් අපි අතර ඉන්න මිනිහෙක් ඇක්සිඩන් වෙලා ගෙනියද්දි ඒ මිනිහගෙ කකුල වීඩියෝ කරන්න පුලුවන්ද? මට අනුව ඒක මනුෂ්‍යත්වයට නිගා දෙන අවලං වැඩක්.

කෝචිචි වීඩියෝ

කෝච්චි ගෘප් එකක් තියෙනවා ෆේස්බුක් එකේ රජයේ දුම්රිය මගින්ගේ නිල එකමුතුව හෝ ඒ වගේ නමක්. මම දැන් ඒකට කමෙන්ට් දාන්නේ නහැ..මොකද මගේ පෝස්ට් කිහිපයකම දුම්රිය සේවාවේ අඩුපාඩු කියපවා ගලවලා තිබුනා. ඒ වගේම දුම්රිය දෙපාර්ථමේන්තුවේ වැරදි ලොකුවට ෆැක්ට්ස් එක්ක දසමෙටම පෙන්නුවාම ඒකෙන් ඒ කමෙන්ට් පවා අයින් කරනවා. කෝචචියේ යකඩ වලට පෙම් කරන යකඩ පිස්සෙක් නොවී කෝච්චියේ යන මිනිස්සුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටින නිසා සමහර විට උන්ට මාව සහ මගේ මත දිරවන්නේ නැතුව වෙන්න ඇති. ඒත් උන් අර සූටි ස්පේ්ස එකක් වෙන ෆේස්බුක් එකේ තියෙන සූටි ගෘෘප් එකක මගේ වචන කපලා දැම්මට මම සැලෙයිද? නෑනේ යකෝ. ඔයිට වඩා කැපිලි අපිට ඇවිල්ල නැද්ද? ඇවිල්ල තියෙනවා නෙ යකෝ..
කෝචිචයේ යන ගමන් මිනිස්සු කකුල් උඩ තියං නිදාගෙන යන හැටි. කෝචිචියේ කජු කකා පොතු දදා යන හැටි දුප්පත් මිනිස්සු නොදැනුවත් කමට කුනු දාන හැටි ඔය ඉන්න කෝච්චියේ යන උ බු ජ මගියෝ ටිකක් පෙටෝ ගහනවා. වීඩියෝ කරනවා. ඒ කරලා ෆේස්බුක් දානවා.. කරන්න හැකිනම් අම්මත් විකුනං කන... ඒත් ලෝකෙට මේක සිංගප්පූරුවක් කරන්න උත්සාහ කරනවා වගේ පෙන්වන අමු ගොබ්බ හැත්ත ඕවාට කමෙන්ට් දානවා ඒ රටවල එහෙම නැහැ..මේ ලංකාවේ හැටි. ඊයා මේ ලංකාවේ මිනිස්සු කුනු ටික විසික් කරනවා..අපවිත්‍ර කරනවා කියලා කමෙන්ට් දානවා. ඉතිං ඒවා නැගලාම යනවා.

මිනිස්සු විඩියෝ කරන්න අයිතිවාසිකම් තියෙද?

අපි රේල්වේ ස්ටේසම පොටෝ ගහනවා කියමු. එතකොට ඒ රේල්වේ ඉස්ටේසමේ මිනිස්සු ඉන්නවා.. එයාල වදිනවා. ඒ වගේ ප්‍රධාන අපි හසුකරගන්නා දෙයට මිනිස්සු හසුවීම ලොකුඅවුලක් නෙමෙයි. ඒත් කෙලින්ම මිනිස්සු කජු කෑම, මිනිස්සු නිදාගැනීම, මිනිස්සු කකුල් උඩ තියාගෙන යෑම පොටෝගහන්නවත් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන්නවත් බැැහ.. කුනු කෑල්ල ඇහිදලා බාල්දියට දාන සිංගප්පූරු කාරයා අල්ලගන්න මිනිස්සු එහේදි එහෙම අනවසර පොටෝ  ගහලා අහුවුනොත් මොකද වෙන්නේ කියලා දාන්නේ නැහැ.. ඇමරිකාවේ පවා හිතුමනාපේ හතර අතේ ගෑනු මිනිස්සු පොටෝ ගහනවාය කියලා මීටර් වුනොත් මිනිහාට පොලිසියට උත්තර දෙන්න වෙනවා. ලෝකේ දියුනු රටවල මිනිස්සු යකඩ ගොඩවල් වලට වඩා මිනිස්සුන්ට මූලිකත්වය දෙනවා. මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වයට මූලිකත්වය දෙනවා. ඒ නිසා ඔය පොටෝගහලා අනේ මේ රටවල එහෙම නැහැ කියන අයට ඒ රටවල ගිහින් ඔහොම මිනිස්සු කැප්චර් කරන්න වල් බූරු නිදහසක් ලැබෙන්නේ නැහැ.. අවසානේ කජු කකා බිම දමන එකයි.. ඒවා පෙටෝ ගහන විඩියෝ කරන එකයි යන්නෙ එකම ලංකාවේ කෝච්චියේ එකම කෝච්චි පෙට්ටියේ.
තමුසේ කියන්නේ කජු කෑම හරිද එතකොට
කජු කකා බිම පොතු දැමීම කියන්නේ අපි ගෙදරකදි වුනත් නොකල යුතු දෙයක් නෙව. අපි ඉස්සර මතකයි ගෙදර තම්බපු කජු කනවා. එතකොට ඒ අනික් ඉතුරු පහදුවා දාන්න වෙනත් කූඩයක් හෝ පිගානක් තියාගන්නඅ පි උත්සාහ කලා. කුනු දැමීම, කෝචිචයේ කුරුටු බලි ඇදීම වගේම ආසන වල කකුල තියාගෙන යැමත් වැරදියි. එහෙත් ඒ වැරැද්ද නිවැරදි කරන්න පොටෝ ගහල වීඩියෝ ගහලා ෆේස්බුක් එකේ ඒ මිනි්සසුන්ගේ ආත්මයට ගහලා කරන්න හැකි දෙයක්නෙමෙයි. හොද වෙලාවට ඔය කෝච්චි වල නාමල් රාජපක්සලා චතුර සේනාරත්නලා යන්නේ නැහැ නෙව. ඒ ලොකු මිනිස්සු වෙස්වලාගෙන ගිහින් කජු කකා බිම දාද්දි මොකෙක් හරි උලමෙක් පෙටෝ ගහල ෆේස්බුක් දැම්මොත් කොහොමද ආතල් එක. එතකොට ආතල් තුම්මුනින් බේරෙනවා නේද පිංවතුනි. ෆේක් ප්‍රොෆයිල් වලින් බැස්සට ඔය ෆේස්බුක් එකේ පොටෝ දාපු වෙලාව කෝච්චිය වගේම වටේ ඉන්න අයගෙනුත් ඒ කවුද පොටෝ ගැහුවේ කියලා හොයන්න පුලුවනි. සමහර වට ඔහොම පොටෝ කෙරුවාව දිගටම ගියොත් එහෙම බැක්ෆයර් වෙලා හොද ගුටිපූජාවන් ලැබෙන්නත් ඔය වීඩියෝ පොටෝ ගහන පිංවතුන්ට අවස්ථාවක් ලැබේවි.
කෝමද ඕයි මේක වෙනස් කර්නනේ
සිස්ටම් එක වෙනස් කරනවා කියන්නෙ ෆෝන් එකෙන් පොටෝ සෙයාකරලා කරන්න හැකි සරලදෙයක් නම් ඉතිං අපේ උන් ගේ ස්මාට්ෆෝන් පාවිච්චිය එක්ක මේක නිකං සිංගා වලටත් වඩා තැනටක යන්නට ඕනා. වැරදි වැඩ කරන එකාට පෝන් එක ඒකට ආයුධයක් වුනා. හොද වැඩ කරන එකාට ඒක ඒකට ආබරණයක් වුනා මිසක සන්නිවේදනයෙන් අවහල් ලොකු ලබ්බක් වුනා කියලා කියන්න අමාරුයි රට තුල.
දිල්ලියේ මෙට්‍රො එක හදද්දි ඒකේ ගෑනු පෙට්ටිවල මිනිස්සු නගිනවා. මිනිස්සු කුනු දානවා. ඉතිං මුලදී මේ මිනිස්සුන්ට කියාදුන්නා. දැන්විම් ගැහුවා..අවසානේ ගෑනු පෙට්ටියේ නැගපු පිරිමින්ට බිමට බස්සව බස්සව නෙලන්නේ ගෑනු පොලිස්සිය. ආන්න ඉන් පස්සෙ ගෑනු පෙට්ටිය ගෑනු විතරක් වුනා. ඔය විදියට අදටත් දිල්ලියේ සාමාන්‍ය  දුම්රිය සහ මෙට්‍රො එක අතර පැහැදිලිවෙනසක් තිබෙනවා. දිල්ලි මෙට්‍රො කියන්නේ තවත් එක් ඉන්දීය දුම්රියක්නෙමෙයි. ඒක පිරිසිදු ලස්සන තැනක්.
අහමදාබාද් හෝ බැංගලෝර් වලත් ඔය මෙට්‍රො එකක් එද්දි ඒකට සමාන්තරව මිනිස්සු මෙට්‍රො එකට හුරුකිරීමේ ඉන්ඩක්ෂන් ප්‍රොගැම් එකක් ගියා. එතනදි මිනිස්සු අලුත් ක්‍රමයට හුරු කරවන්න දියුනු ක්‍රමවේද පාවිච්චි කරනවා. හැමවෙලාවෙම අර දිල්ලි ගෑනු පෙට්ටියේ ගිය මිනිස්සුන්ට ගහනවා වගේ තඩි ගහලා මිනිස්සු වෙනස් කරන්න බැහැ. ඒවට පුලුල් මට්ටමේ වැඩපිලිවෙල තිබෙනවා. උදාහරණ විදියට ඔයා රෙද්දේ ගාන්නේ වොන්ඩලයිට් නම් ඒක සන්ලයිට් බවට පත් කරන්නේ ඔයාගේ අත පය කැඩෙන්න නෙලලා නෙමෙයි නේ..ඒක කරන්නේ අපේ මනස වොන්ඩර්ලයිට් වලින් සන්ලයිට් වලට ඇඩ්වර්ටයිසින් වලින් හැරවීමෙන්. කුනු පස්නය වගේම ගොඩක් පස්නවලදී මෙම ඇඩ්වර්ටයිසින් වගේම තවත් දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කල හැකියි. හොදට කුනු දමන මගීන්ට ප්‍රසංසා කිරීම්, කාටුන් චිත්‍ර, දුම්රිය සේවකයින් විසින් මගීන් දැනුවත් කිරීම් ආදියෙන් මගීන්ගේ මනස වෙනස් කල හැකියි. ඒවා එක රැයෙන් කරන්නට අපහසුයි. ඒ ආාකරයට සැබෑ උවමනාවක් තිබේ නම් දුම්රියේ කුනු නම් ප්‍රශ්ණය එය විසදන්නට දියුනු ක්‍රමවේද තිබෙනවා.
ආකල්ප
ඉස්සර අපි දග වැඩක් කරලා අම්මලා බැන්න හැටි පොඩ්ඩක් මතක් කරන්න. ඔයාලට කෝමද දන් නෑ. අපේ අම්මා පටන් ගන්නේ. බලහං අර මහ මනුස්සයා උදේ නැගිටලා උදැල්ල අරං ගිහින් නැහෙන්න කාරු වෙනුවෙන්ද? උන්දැ වෙනුවෙන්ද?
එතකොට අපිට මතක් වෙනවා දෙයියනේ ඒ මිනිස්සු මහන්සිවෙලා අපි වෙනුවෙන් වැඩකරන්නේ මේ අපි දියුනු කරන්න නෙවද කියලා. කෙල්ලෝ පස්සේ ගිහින් නාන්න ගිහින් රස්තියාදු ගහන් හිටියත් අපිට ඒ මොහතට හරි හිතෙනවා අපි වෙනුවෙන් කැපවෙන දෙමාපියන් වෙනුවේන යුතුකමක් ඉටු කරන්න.
දුම්රියට පිවිසෙමු. දුම්රියේ ටිකට් ඉල්ලන්න ගියාම ඌ නිකං උගේ ඉඩමක් ලියාගන්න ආවා වගේ සැර, ගාඩ් කාරයෙක් රියදුරෙක් ගෙන් නිකං දෙයක් අහන්න බෑ ගොඩක් උන් ඉන්නේ අහසේ. දුම්රියේ ටිකට් නැතුව ගිහින් අහුවුනාම හරියට සලකන්නේ රේප් කේ්ස එක්ක මිනිමැරුමක් කරලා අහුවුනා වගේ. කෝච්චිය එන්න ඕනි 8ට නම් ඒක එන්නේ 8.20ට කෝචිචයේ මකුලු දැල් කඩන්න මලකඩ අයින් කරන්න යන මිනිස්සුන්ට බෑනේ. සමහර කෝච්චි වල මාස ගනන් මකුලුදැල්. අත්දිග සර්ට් එක්ක ඇදන් අතක් තියන්න බෑ කුනු. ඉතිං මේ වගේ විශ්ෂ්ඨ සේවයක් සලසද්දි ඔය සී ජී ආර් හාල්පාරුවන්ට කටක් ඇරල මිනිස්සුන්ට කියන්න පුලවන්ද? අපි අපේ වගකීම ඔබලට සුපිරියට දෙනවා. ඔයාලත් අපිට සප් එකක් දෙන්නකෝ කියලා.? බෑ නේද?
හැමදෙයක්ම හරියට තියාගන්න බැහැ. ඒත් අපේ දුම්රිය කියන්නේ පුලුවන් නම් ස්ටේෂමේ රීලා යන්න තරම් තරහ එන මහා නරුම සිස්ටම් එකක්. උන්ට හිතුනු වෙලාවට කෝච්චි පරක්කු කරනවා. උන්ට හිතුනාම ස්ට්‍රයික් කරනවා. හැම මිනිහාම නැතත් බහුතරයක් දුම්රිය මගින් දුම්රිය සේවය ගැන කිසිම පැහැදීමකින් නෙමෙයි යන්නේ. ඒ තරහව එක්ක මිනිස්සු න්ගේ මානසිකත්වය අපේ දෑතින් අපේ දුම්රිය සුරකිමු කියන තැන නවතින්නේ නැහැ. එය මගින්ගෙ වරද්ක නෙමෙයි. දුම්රියේ වරදක්.
මාතර කොළඹ හයි වේ සේවය
මාතර කොළඹ හයිවේ බස් ඒ සී මහ විසාල බස් නෙව. ඕවායේ රටකජු පොතු දැම්මෝත වෙන්නේ ඒවා ගිහින් ඒ සී ෆෑන් ෆිල්ටර් බ්ලොක් කරනවා. ඒ නිසා ඒවායේ පොල් අකුරෙන් පොතු බිම දාන්න එපා කියලා ගහලා තියෙනවා කජු පොතු. ඉදලා හිටලා මිනිහෙක් කජු හෝ වෙන දෙයක් කනවා නම් මම බොහේවිට දැකලා තියෙන්නෙ කොන්දා මහත්තයා ඇවිල්ලා ඉල්ලීමක් කරනව එහෙම කරන්න එපා කියලා. සමහර බස් වල කුනු බාස්කට් පවා හයිකරලා තිබෙනවා. ඒ බස් වල නිතර යන කෙනෙක් විදියට මම ඉතාම කලාතුරකින් තමයි කෙනෙක් කාලා අසුරණයක් එහෝම බිම දානවා දකින්නේ. එක්කෝ අඩුතරමේ සීට් එකේ තිබෙන පොකට් එකට හෝ බිස්කට් රදවනයක් වගේ දෙයක් දාලා යන්න ිමිනිස්සු හුරු වෙනවා. වතුර බෝතල් හිස් එක ඒ ආසනයේ බෝතල් රදවන තැන්වලම දාලා යනවා. සාපේක්ෂව ඒ ලොකු බස් පිරිසිදුයි. ඒ වගේම බස් ගමනක් අවසානයේ හෝ දිනය අවසානයේ අර බස්රියේ තිබෙන රදවන හිස් බෝතල් සියල්ල අතුගාලා අස් කරලා ක්ලීන් බස් එකක් තමයි රෑට බස් හිමියාට කොන්දා සහ රියදුරු දෙපල බාර දෙන්නේ.. 
 කෝචිචි වල කොන්දොස්තර ලා නැහැ..හැබැයි දුම්රිය ආරක්ෂක කියලා පිරිසක් ඉන්නවා. දුම්රිය ස්ථානයක සේවකයින් කිහිප දෙනෙක් ඉන්නවා. මේ ගැන කියද්දි මට මතක් වෙන්නේ පහුගිය දවසක කෝච්චියේ බීපු එකෙක් නිදි කොටුව ඉස්ටේෂමේ තුන්වන වේදිකාවේ නවත්තපු ස්ලෝ එක ඇතුලේ. . මම ගිහින් ඇතුලේ උන් දුම්රිය බලධාරින්ට කිව්වා. අර බීපු එකා කබරයා දාලා.වන කරලා මදිවට කෑ ගහනවත් එක්ක. හරහට දැපලා නිදි. එන කෝච්චියේ හිටිය ගෝතයා ගැන රිපෝට් කලාමවත් මොකෙක් වත් ආවේ නැහැ. දුම්රිය නිලධාරි උන්නා උන් ඕකකෝම නෑසුනා වගේ හිටියා මිස අරුට මුට කතා කලා මිසක බීපු එකාට කනට දෙකක් ගහලා ඇදලා දැම්මේ නැහැ. රටේ ප්‍රධානතම දුම්රිය ස්ථාෙන් ප්‍රධාන වේදිකාවේදී අනික් ස්ටාෆ් බලං ඉද්දි බීපු එකාට ගහලා ඇදලා බිමට දාන්න මම ඇවිල්ලා රන්ජා නෙමෙයි නේ.. ඒ නිසා මම වෙන පෙට්ටියකට නැගලා ගියා.
සීජී ආර් එකට එද්දි ඒවායේ දුම්රිය පිරිසිදු කරන්න පිරිසක් ඉන්නවා. ඔවුන් දිනකට එක් වතාව්ක වත් දුම්රිය පිරිසිදු කරන්නට ඕනා. ඒ වගේම සතියට වතාවක් වත් මේවා වැකුම් කරන්නට ඕනා. මාස හයකට වතාවක් වත් තරමක් තදබල ක්ලීන් එකක්වෙන්න ඕනා. එහෙම හරියට ක්ලින් වෙන පාටක් මටනම් හැමදාම උදේ යන කෝචිචයෙදිවත් පේන් නෑ.. සමහර තැන් මලකඩ කාලා. කෝචිචිය ඇක්සිඩන් වුනෝත පරණ බලවේග කට්ටල වල වැඩිදෙනෙක් මැරෙන්නේ පිටගැස්ම හැදිලා. ඒ තරං පරණ කසිකබල් තින්ත නොගා ඔහේ ට්‍රැක් වල යනවා.
කජු පස්නය සහ අපේ පස්න
අපි හැමෝම දකින්නේ කජු කන මිනිහා සහ ඒ බිම දාන දසුන පමණයි. සිංගප්පුරුව හෝ චීනයේ මිනිසුන් එකවර මිනිස්සු ඊලග දවසේ උදේ වෙද්දි කුනු බාල්දි වලට දාන්න හුරු වුනේ නැහැ. ඒ සදහා ඔවුන් ක්‍රියාමාර්ග ගත්තා. ඔවුන් ඒ සදහා මිනිස්සු හුරු කලා. මිනිසුන් හොද දේට දිරිමත් කලා. වැරදි දිගටම කලොත් දඩ ගැහුවා. නගර වඩාත් ලස්සනට තියන්න බලධාරින් උනන්දු වුනා. ඉතිං කාලයක් යද්දි මහා ක්‍රියාදාමයක එක් අතුරුඵලයක් විදියට අපිට අද සිගප්පූරුවේ චීනයේ නගර වල මිනිස්සු ටොපි කොලෙත් ඇහිදලා කුනු බාල්දියට දානවා පේනවා. ඒත් අපේ රටේ කජු කන දුප්පත් අහිංසක මිනිහා ඇතැම්විට ඔය ලොකු මහත්තුරු වගේ සිංගප්පූරු ලබ්බක් දැකල නැහැ. මිනිහගේ තාත්තාත් එහෙම සීයත් එහෙමයි බුවත් එහෙමයි. ඒ මිනිහාට බනිනෝ මිස කවුරුවත් එයාලට කුනු දමන් එපා කියලා කියා දෙන්නෙත් නැහැ. එයා හිතනාව ඇත්තේ මේවා හැමදාම පිරිසිදු කරනවා නේ. හැමෝම දාන්නේ ඔන්න මාත් දානවා කියලා වෙන්නට ඇති.
ප්‍රශ්ණයක් කිය්නනෙ අපි දකින පොටෝව හෝ වීඩියෝව නෙමෙයි. පස්නයක් විසදනවා කියන්නෙ පස්නේ තියෙන තැන පොටෝ ගහලා සෙයා කිරීම නෙමෙයි. උදාහරණ විදියට තුවාලයක් පොටෝ ගහල සෙයා කලාට තුවාලේ හොද වෙන් නෑ.. ඒඩ්ස් හැදෙන්න පුලුවන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධ්‍යක් වීඩියෝ කරලා සෙයා කලාට ඒඩ්ස් අඩුවෙන්නෙත් නැැහ. වෙනස් කරනවා නම් ඒවාට ක්‍රම තියෙනවා. ටූල්ස් තියෙනවා. ගැඹුරට හිතන්න බැරි ජාතිය හැමදාම මේ අපි වගේ. පොඩි දේවල් පොඩි තැන් වල සිට පිලිවෙලකට වෙන්ස කරන්නේ නැතුව හැමදාම ප්‍රශ්ණම වවාගෙන කනවා.

Tuesday, May 15, 2018

අනේ හුකේ තොපේ වියත් සෙට් එක

දන්සලකට පෝලිමේ ඇදෙන පිරිසක්
වඩ්ඩෙක් මොකක් හරි වැඩකට යද්දි උගේ ආයුධ සෙට් එකක් ගෙනියනවා. ඒක ඕනි නං කියත් සෙට් එක කියලත් කියත හැකි. ඒ වගේ අපේ රටේ දේශපාලන පක්ෂ දේශපාලකයින් මාරු වෙද්දි ඒ මාරුවට උපකාර කරන්න සෙට් එකක් ඉන්නවා.. උගතුන් බුජ්ජිමතුන් කලාකාරයින් ආදී විවිධ කන්ඩායම් ඡන්දයකට කලින් මාර විදියට කුලප්පු වෙනවා. වෙල අහක් වෙලා අහවල් දේසපාලකයා අහවල් පක්සේ තමයි මේ රට කියන වැල ගෙඩිය බිමට බාලා අපිට කන්න දෙන්නේ..එයා හෝ එයාලා තමයි හොද කියලා මිනිස්සුන්ට  කියනවා. රටක් පාලනේ තියා හරියට ග්‍රවුන්ඩ් එකෙන් එලියට බැහැපු නැති ක්‍රිකට් ක්‍රීඩකයෝ.. ලොකේසන් එකේ රෙද්ද උස්සලා උඩට ගිය නිලියෝ .. කැම්පස් එකෙන් පිට අඩියක් නොතියපු මහාචාරියෝ පත්තර වලට ලියලා රට පෙරලුවේ අපි කියලා හිතන ලේඛකයෝ ආදී විවිධ පාර්සව ඡන්දයක් කිට්ටු වෙද්දි ෆෝම් වෙනවා. මේ අය හැමෝම කියන්නේ මේ රට දිනවන්න නම් අහවල් පක්සේ අහවල් තුමා දිනවන්න කියලා. 

කවදා ඉදන්ද මේක සිද්ද වෙන්නේ 

මට මතක 1994 සිට. එදා ඉදන් රජයක් පෙරලෙන අලුත් විධායක ජනාධිපතියෙක් පත්වෙන හැම වෙලාවකම මේක වෙනවා. රටේ නමගිය සෙට් එකක් එකතුවෙලා කඩේ යනවා.. කඩේ ගිහි්න මොකෙක් හරි පත්කරගන්නවා. නැත්තං පක්සයක් දිනවනවා.. සමහර එහෙම එතුමා හෝ ඒ පක්සේ දිනවන්න බහින අයට සාරයි. ඉන්පසු ඒ සමහර උගතුන් බුජ්ජිමතුන් කලාකාරයින්ට තානාන්තර ලැබෙනවා. ආණ්ඩුවේ පුටු ආදිය හම්බෙනවා. සමහර අයට කොන්ත්‍රාක් හම්බෙනවා..කෝ ඉතිං රට..ආහ් රට ඕනි දිනන්න විතරයි. ඉතුරු ටික එතනමයි. 

රට වෙනස් කරන්න කල හැකි දේවල්
  • * අපි කොච්චියට ටිකට් එකක් ගන්නගියාම එතන එකා පෝරුවෙන් ටිකට් එක තෝරලා සීල් කරලා අතට දෙන්න විනාඩි දෙකක් විතර ගන්නවා.. පයිවට් බස් කාරයත් මැසිමෙන් ටිකට් දෙද්දි උන් තාම මැනුවල්.
  • * බස් එකට නැග්ගම ඉතුරු රුපියල දෙක ඉල්ලලා කොන්දා එක්ක මරාගන්න වෙලා. බස් හෝල්ට් රේන්ජ් එක වැඩිකරලා බස් ගාස්තු රු දහයේ ගුණාකාර වලට ගන්න එක රොකට් තාක්ෂනයක් නෙමෙයි. 
  • * ඉන්දියාවෙත් ප්‍රධාන නගර කීපෙකම මේ වෙද්දි නගරය ඇතුලේ ට්‍රාන්ස්පෝට් වලට මෙට්‍රො සිස්ටම් එකක් ගෙනල්ලා තියෙනවා.පාරවල් පලල් කරලා උඩින් පාරවල් ගහලා අදින්න බැරි ලෝඩ් එකකට මෙට්‍රො හෝ මොනෝ රේල් හැර විසදුමක් නැහ 
 
  • ගංවතුරක් ගැලුවාමනායක් ගියාම ඔහේ මිනිස්සු මැරෙනවා.. ගැලුවට පස්සේ ටීවි වල කට පුරෝල අදහස් කියන අය ගලන් නැති කාලෙට මීක් නැහැ. කොටින්ම මේ ලංකාවේ තාමත් අද වැස්සම අප්ඩේට් එක කාලගුනේට යන්නේ හෙට..ඕක හරියට පිලිවලක් කරලා වැහැලා විනාඩි දහයකින් අප්ඩේට් එක වැටෙන්න හදන්න කාටවත් උවමනා නැහැ..ඒත් හැමදාම වහිනවා.. නාය යනවා. ගලනවා යටවෙනවා ආදාර එනවා. මොකද්ද චක්කරේ වගේ හැමදාම එක ම තැන. 
මේ වගේ පොඩි දේවල් වෙනස් කරන්න තබා එවා මතක් කරන්නවත් අපේ ඔය කියන බුජ්ජිමතුන්ට වෙලාවක් නැහැ. වියතුන්ට ඒ තරම් වැඩ. 

දියුනු රටක බැලුවාම ඒ රටේ විද්‍යාඥයින් බුද්ධිමතුන් කියන්නේ ආන්ඩුවෙන් හිගාකන පල් හිගන්නෝ ටිකක් නෙමෙයි.එයාල රටට සේවය කරන්න විවිධ ක්‍රමවේද හොයනවා. මිනිස්සුන්ට වඩාත් පලදායී වෙන දේවල් අලුතින්නිපදවනවා. මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල දැමීම ගැන පර්යේෂණ කරනවා. කලාකාරයෝ පවතින ක්‍රමය නිර්මාණ ශීලිව විවේචනය කරනවා. එයාලට ලැබෙන අවකාශ්‍ය ජනතාව දැනුවත් කරන්න පාවිච්චි කරනවා.

අපේවියතුන් කරන එකම මහවිසාල පර්යේෂණයේ ඡන්දයක් ඉස්සරහට තියේ නම් මොන පක්සෙට් මොන පාලකයට මම කඩේ යනවාද කියලා තෝරන එක විතරයි. ඉන් පස්සේ ඉතිං අර පත්කරන්න ඉන්න එකාගේ ගූත් සුවදයි කියලා රෙද්ද ගලවලා කඩේ යනවා. 

පාට කූට්ටං අමතක කරලා හිතුවාම අපි මිට කලින් වියතුන් උගතුන් බුද්ධිමතුන් කලාකරුව්න එකතුවෙලා දේශපාලකයින්ට දේශපාලනයට කඩේ යන අවස්ථා කීයක් දැක්කාද?ඒ ඡන්ද වලට කලින් කියන බයිලා..හදනවා කියන සුන්දර රට උන් හැදුවද? සංවර්ධනේ කියන ගහේ තියන වැල ගෙඩිය හොයලා බාලා අපිට කන්න ලුනු ඉහලා දුන්නද? 

හොදට කල්පනා කරල බැලුවොත් ගමේ බත් පැකට් එකට අරක්කු කාලට කඩේ යන දුප්පත් මිනිහාගේම ලොකු එකක් තමයි මේ වියතුන් සහ බුද්දිමතුන් කියන්නේ. වෙනස එයාල අරක්කු නැතුව විස්කි බොනවා ඇති. කෑමට බත් පැකට ්නැතුව ලොකු හෝටල වලින් කනවා ඇති. ගමේ මනුස්සයා දුවට රස්සාවක් ගන්න හිතද්දි වියතා බුද්ධිමතා තමුන්ට අලුත් තානාන්තරයක් බලාපොරෝතතු වෙනවා ඇති. 

අලුත් වියත් සෙට් එකක් ෆෝම් කරගෙන උඩදාගෙන රට ගොඩදාන්න කියලා ඇඹරෙද්දි අපිට නම් ඒකේ අලුත් දෙයක් නැහැ.. රනිල්, මහින්ද, චන්ද්‍රිකා, සිරිසේන ඔය ඔක්කොමල්ලා ඔය උගචුන් බජ්ජිමතුන් කලාකරුවන් වියතුන් ලෙසටම කඩේ යැව්වා. දැන් අලුත්  අපේක්සක බුවත් වැඩේ කලින්ම පටන් අරං.. පොඩ්ඩක් සටන් පාට මූනු තීම් එක වෙනස් වුනත් කෝර් එක ඔක්කෝම එකයි. කාරිය කෙරෙන තුරු කාගෙත් සෙලවිල්ල..

Thursday, May 10, 2018

බත්තලංගුන්ඩුව සිරිකුරුස පාසැල වෙනුවෙන්

අපි ඊයේ අකුර කියන කන්ඩායමත් එක්ක බත්තලංගුණ්ඩුව දූපතට ගියා. ඒ ගියේ ඒ දරුවන්ට උවමනා කරන පොත් පත් ටිකක් ලබාදෙන්න. ඇත්තටම පාසෙලේ ඉන්න දරුවෝ ප්‍රමාණය 35ක් වගේ ඔක්කෝම. ඒත් ඒ දරුවන්ට තියෙන දුෂ්කරතා බොහෝයි. පාසැල රජයේ පාසාලක් නෙමෙයි. ඒ නිසා රජයෙන් ලැබෙන පොත පත විතරක් නෛමයි විභාගයක් වත් මේ පාසැලේ නැහැ. ඉන්නේ එකම ගුරුවරයයි. එයත් නාවික හමුදාවේ වැඩකරන ගමන් පාසැලේ වැඩ කරන අයෙක්. මම මේ ගැන රෝ අඩවියේ "නිසි පාසැලක් නොමැති කමින් අසරණව සිටින බත්තලංගුණ්ඩුවෙ දරුවෝ" කියලා ආටිකල් එකක් රෝ එකේ ගැහුවා. ඒක දැකලා හිත උනු වුනු අකුර කන්ඩායම මේ දරුවන්ට පාසැල් පොත් කතා පොත් සහ පාසැල් බෑග් බෙදා දෙන්නට මැදිහත් වුනා.

බත්තලංගුණ්ඩුව ගැන

බත්තලංගුණ්ඩුව කියන්නේ තම්බපන්නිය කියලා හදුන්වන විල්පත්තු සීමාවේ වෙරළේ තිබෙන ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් වගේ මුහුදේ තිබෙන කල්පිටිය දූපත් සමූහයේ අවසාන දූපත. සරලවකීවොත් කල්පිටිය කියලා දැක්වෙන අර්ධද්වීපයේ අවසාන දූපත.



බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්න ජනයා සංචාරක ධීවරයින්. දූපත තුල ස්ථීර නිවාස ලෙස තිබෙන්නේ පාසැල් ගොඩනැගිල්ලත් පල්ලිත්සහ තවත්නිවාස කිහිපයක් පමණයි. සංචාරක ධීවරයන් ලෙසමුදල් හරි හම්බ කරන විසාල පිිරිසක් සිටියත්මේ දූපත තුල කලක් තිස්සේ සිටින පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ දරුවන් තමයි බොහෝවිට බත්තලංගුණ්ඩුව පාසැලට එන්නේ. පොලිස් මුරපොලක් සහ නාවික හමුදා කදවුරක් පිහිටි බත්තලංගුණ්ඩුව දූපත කල්පිටියේ සිට කිලෝමීටර 40ක පමණ දුරින් පිහිටි එකක්. එම දූපතට යනු එනු සහ බොහෝවිට සැපයුම් කරනු ලබන්නේ කල්පිටිය හරහා.

පාසැල 

තෑගි බෙදන අමිල මහතා
 දූපතේ පල්ලිය ආසන්නයේ ඇති මෙය කුඩා පාසැලක්. දූපත තුල වාසය කරන බහුතර ජනයා පැමිණ සිටින්නේ මිගමුවෙන්. මීගමුව මූලික කතෝලික පජාව මූලික වී පල්ලිය මගින් අරම්භ කරන්නට යෙදුනු මෙම බත්තලංගුණ්ඩුව සිරිකුරුස පාසැල කිහිප විටක්ම වැසී ගොස් තිබුනා. එනම් පාසැල ට සිසුන් සිටියත් පාසැලේ වැදගත්කම කෙතෙක් තිබුනත් දූපත තුල පාසැලපවත්වාගන යන්නට ඇවැසි සාධක නැතිවීම නිසා මෙම පාසැල වැසී ගොස් තිබුනා.

දරුවන්ට ඇති විකල්ප 

මුදල් හදල් තිබෙන අය දරුවන් කොහේ හෝ තැනක නවත්වා දූපතට පැමිණ වෙළදාම ්කටයුතු සහ ධීවර කටයුතු කලත් මුදල් නොමැති අයට වෙනත් විකල්ප නැහැ. මීට ආසන්නයේ ඊලගට තිබෙන කුච්චිමුනි දූපතේ පාසැලක් තිබෙන මුත් එයට කිලෝමීටර 30කට වඩා දුරක් බෝට්ටුවකින් ගමන් කරන්නට වෙනවා. එය වියදම් අධික වැඩක්. එවැන්නකට පහසුකම් සැපයීමට දෙමාපියන්ට වත්කමක් නැහැ. ඇරත් දරුවන්ට දූපත තුලම ඇති පාසැලෙන් ඉගනීමට හැකි නම් එය උදේ හවස දීර්ඝ මුහුදු ගමනක යෙදනවාට වඩා ඉතාම පහසු ලෙහෙසි දෙයක්.

පාසැලට ඇති බාධා 

 තනි ගුරුවරයෙක්ට එක වසර සිට 7 වසර දක්වා පන්ති 7කට උගන්වන්නට අපහසුයි. බොහෝවිට සිදුවන්නේ දරුවන් දහම් පාසැල වල මෙන් එකතු කොට වසර කිහිපයකට එකවර ඉගැන්වීමයි. මෙහිදී මුලිකම අධ්‍යාපනයක් විනා විද්‍යාව ගණිතය ඉංගිරිසි වැනි දේ ගැන තරමක දැනුමක් ලබාදෙන්නට අපාසුයි. ඇතැම් විට ලොකු සිසුන් කුඩා සිසුන්ට අකුරු කරවන අවස්තාද තිබෙනවා. 

රජයේ අනුමත පාසැලක් නොවන නිසා රජයෙන් පොත් පත් ගුරුවරු තබා සිසුන්ට විභාගයක් වත් පැවැත්වෙන් නේ නැහැ. මේ පාසැලේ යම් උත්සාහයෙන් ඉගෙනගත් සිසුවෙකුට වුවත්යම් ශ්‍රේණියක් සම්ත් ය යන නිල පිලිගැනීම ලබාගන්නට අපහසුයි. මන්ද මෙය පිලිගත් පාසැලක් නෙමෙයි. 

නාවික හමුදාවෙන් අනුයුක්ත කර ඇති ගුරුවරයා පාසැලට පැමිණෙන්නේ කදවුරේ සිට. එසේම දූපතෙන් පිටව යන්නේද කදවුරට. එබැවින් එම ගරුවරයාගේ සියලු අවශ්‍යතා නාවික කදවුරෙන්ම සැපයෙනවා. එහෙත් වෙනත් අයෙකුට මෙම පාසැලේ උගන්වන්නට සිදු වුනොත් ඔහුගේ අවශ්‍යතා සපුරාගැනීම දැඩි ගැටලුවක් වෙනවා. හරියාකාර නවාතැන්, ජල පහසුවපවා මේ දූපතතුල අතිශ්‍ය දුෂ්කරයි. එවන් වටපිටාවක පැමිණ ඉගැන්වීමට  කැමති ගුරුවරු පොත ්පත් සිනමා පටවල සිටියත් සැබෑ ජීවිතයේදී සොයාගන්නට අපහසුයි. 

වර්ථමානයේ සිටින ගුරුවරයා නම් දරුවන් පාසැලට නොඑන වෙලාවටනිවෙස ්කරා ගොස් දරුවන් නොඑන්නේ මන්දැයි අසා බලා නැවත පාසැලට දරුවන් යොමුකරගන්නට පවා උත්සාහ කරන බව දූපතේ ජනයා කිව්වා. එසේම එම ගුරුවරයාගේ ඉගැන්වීම් ඇත්ත වශයෙන්ම හොද බවක් කල්පිටියේ සිට බෝට්ටුවේ බත්තලංගුන්ඩුවට ගිය කිහිප දෙනෙක්ම සදහන් කරනු ලැබුවා.

අපේ දායකත්වය 

 ඩනිශ්ක දීපානි සහ බන්දුල අකුර සමාජය වෙනුවෙන් සහ මම පාසැලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට මැදිහත් වුනා. එතැනදී බත්තලංගුණ්ඩුව සිරිකුරුස විද්‍යාලයේ පීරිස් ගුරුතුමාට කතාකොට බැලූවිට දරුවන්ට අවශ්‍ය පෙලපොත් ඒ වනතෙක්ම (2018 මැයි) ලැබී තිබුනේ නැහැ. ඒ පෙලපොත් වගේම තවත් දරුවන්ට කියවීම රුචිය වැඩිකිරිමට කතාන්දර පෛාත්ද අපි විසින් සොයාගනු ලැබුවා. සියලුම දරුවන්ට පොත් බෑග්ද ලබාදීමට අපිට හැකි වුනා. 

අකුර කන්ඩායම සහ මම මේ බඩු බාහිරාදිය එකතු කරගෙන නාවික හමුදාවේ් සහායෙන් දූඵතට මෙම බෙඩු බාහිරාදිය ටික දරුවන් වෙනුවෙන් ප්‍රවාහනය කරගන්නට හැකිදැයි විමසිමක් කලා. එහෙත් අප වෙනුවෙන් වෙනමම ඉන්ධන පිරිවැයක් දරාගෙන බඩු බාහිරාදිය කුඩා ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම පාඩුවක් යැයි නාවික හමුදාව දැනුම ්දුන් නිසා අප බත්තලංගුන්ඩුවට දිනපතා යන මාක්ගේ බෝට්ටුව (පොදුබෝට්ටුව ) යොදාගන්නට තීරණය කලා. මාක් බොට්ටුව කල්පිටියෙන් 8.45ට පිටත් වුනා. දූපතට ලගා වනවිට දවල් 12 විතර වෙලා තිබුනා. 

අපි දූපතෙන් බහින විට බත්තලංගුණ්ඩුව දූපතේ කොයි කවුරුත් දන්න ාකියන චරිතයක් වුනු අමිල සහ දූපතේ කිහිප දෙනෙක් අපිව පිලිගන්නට බලා සිටියා. ටික වේලාවකින් දරුවන් කිහිප දෙනෙක් සමග අපේ පීිරිස් ගුරුතුමාද අපේ පෙරමගට පැමිණියා.

දරුවන්ට බඩු බෙදා දෙයි. 

 අපි බලාපොරොත්තු නොවූවත් පීරිස් ගුරුතුමා කුඩා උත්සව සබාවක් සකස් කොට තිබුනා. ඉතිං අපි අපගේ මේ කාර්යයට අත හිත දුන් අයට සන්තෝශය පිණිස සේයාරූ යවන්නට උවමනා නිසා මුලින් බඩු බාන්ඩ නිවැරදිව පිලිවෙලට තබා ඒවායේ පිංතූර ගත්තා. කතා පවත්වමින් දරුවන්ට දීර්ඝ දේශනා පවත්වන්නට අපි සැබැවින්ම ඉදිරිපත් වුනේනැහැ. ඉතාම කෙටි කතාවකින් පසු දරුවන්ට ඒ පාසැල් බෑග් ටික ඔවුන් වාඩි වී සිටි තැන්වලට ගොස්  ඔවුනගේ අතටම ලබා දෙන්නට අපි කටයුතු කලා .දරුවන් 30ක් සිටින තැනක ඔවුන් නැවත වේදිකාවට ගෙන්වාගෙන තෑගිලබාදෙනවාට වඩා ඔවුන් සිටින තැන්වලට අපි ගොස් තෑගි ලබාදීම වඩාත් උචිත යැයි අපි කන්ඩායම සිතුවා.

කතා බස් කිරීම සහ දරුවන් සමග සෙල්ලම 

 ඩනිශ්ක සහ අපේ බන්දුලඅයියා දරුවන් සමගක්‍රිකට් සෙල්ලම් කරන්නට මද වෙලාක් කැප කලා. දීපානි අක්කා දරුවන් සමග කතා බහ කරමින් ඔවුන්ගේ විස්තර ඇසුවා. මම දූපතේ තත්වය ගැන ගුරුවරයා නාවික හමුදා සහ දූපතේ ජනප්‍රිය චරිතයක් වුන අමිල එක්ක ටිකක් කතා බස් කලා. එතැනදී අමිලකියන්නේ මාලු අතරමැදියෙක්. ඔහු බත්තලංගුන්ඩුවේධීවරයින්ගෙන් මිලදී ගන්නා මාලු ගොඩබිමට ගෙනගොස් අලවි කරනවා. 

අමිල කිව්ව විදියට පාසැලට අද පැමිණ පොත් බෑග් ගත්ත සමහර දරුවෝ ඇත්තටම වෙනදට වැල්ලට වෙලා අම්මල තාත්තලා එක්ක දැල් බේරන උදවිය. අද බෑග් දෙන නිසා පාසැල් ඇවිත් ලු. ඔහුගේ අදහස දූපතේ තිබෙන ජන ජීවිතය තුල දරුවන් විශාල වල විට ඔවුන් කොහොමත් මූදු රස්සාවට නිතැතින්ම යනවා. දරුවන්ට මූලිකව අකුරු කියා දී පාඩම් කියාදී යම් දැනුමක් ලෝකය සම්බන්ධයෙන් මූලිකව ලබාදීම තමා මේ බත්තලංගුන්ඩුව සිරිකුරුස විද්‍යාලයෙන් විය යුතු දේ. එතැනදී අමිල මීට කලින් දූපත් පාසැල ඉතිහාසයේදී රජයේ පාසැලක් ව තිබූ හැටි. ඒ හරහා ගුරුවුරු දූපතට ආ සැටි ආදිය ගැන අපිට විස්තර කලා. 

සැබැවින්ම රජයේ පාසැලක් වුවත් දූඵත කියන්නේ දුරස්ථ තැනක්. එතැනදී ගුරුවරු සැබැවින්ම උනන්දු පිරිසක් නොවුනොත් නැවතත් පාසැල තුල හොද වටපිටාවක් ඇති වන්නේ නැහැ. උදාහරණ විදියට බත්තලංගුණ්ඩුව පොලිස් මුරපොලේ පෙනෙනන්ට කිසිවෙක් නිල ඇදුමෙන් සිටියේ නැහැ. වැඩිදුරටත් අදහස් දැක්වූ දූපත් වැසියෙක් කිව්වේ ඔ්‍ය පොලිස් පෝස්ට් එකේ 10ක් පොතේ ඉන්නවා. ඒත් දැන් ඉන්නේ දෙන්නයි.. ඒ දෙන්නත් සිවිල් පිට. මොකෝ කවුරුත් එන් නැනේ බලන්න. ඔහේ ඉන්නවා ඉතිං ලෙසයි.

අමිලගේ සංග්‍රහය 

අමිලගේ සිතුවමක්
පැය තුනක් පුරා දූපතට මාක්  ට්‍රෝලරයෙන් පැමිණ ඉන් පසු දරුවන් සමග පැයක් පමණ ගතකල අපිට සැර බඩගින්නක් තිබුනා. සාමාන්‍යනේ නම එතරම් නොඇසෙන මාලු වර්ගයක් අමිල විසින් අප වෙවනුවෙන් සකසා තිබුනා. අමිලගේ බිරිය මාස 4ක බිලිදියක සිටින මවක වුවත් අප වෙනුවෙන්  මහන්සි වී ව්‍යංජන දෙකතුනක් පිලියෙල කොට ප්‍රණීත ආහාර වේලක් අප වෙත පිලිගැන්වූවා. ලියන නිසාම හොදයි ක්යනවා නොවෙයි. එය ඇත්තටම දූපතේදී වුවත් කොළඹ සුපිරි පොට් එකකින් ලැබෙනවාටත් වඩා සුපිරි කෑමක් බව අපි සිව් දෙනාම කතා කරමින් ආවා.

ඉදිරි වැඩ පිලිවෙල 

ඇත්තටම අපි බත්තලංගුණ්ඩුව ගමන පටන් ගත්තේ කොළඹින් පාන්දර 3ට විතර. එයිනුත් ඩනිශ්ක නම් පාන්දර 2සිටම අවධියෙන්.. මාක් බෝට්ටුවේ එන්නට පැය තුනක් ගතවන නිසා අපි දූපතේ සිට කල්පිටියට නැවත එන ගමන වෙනුවෙන් තෝරාගත්තේ අමිල විසින් සැපයූ බෝට්ටුව. එම බෝට්ටුව මාක් ගේ පරණ ට්‍රෝලරේ වගේ නෙමෙයි පැයකින් පමණ බත්තලංගුන්ඩුවේ සිට කල්පිටියට ලගා වුනා. ඒ කුඩා බෝට්ටුවේ ගැස්සීම නම් තදයි. විටෙක බෝට්ටුව ඇතුලට වතුර එන තරමට මුහුද පොඩ්ඩක් විතර රළු වුනා. ඒ එන සීමාවේ විදේශීකයින් කයිට් සර්ෆින් කරන ඉසව්වක්ද තිබුනා. අපි ඒවාද හොදින් නරඹමින් ආවා. කොහොම වුනත් ඒ ගැස්සෙන බෝට්ටු ගමන නම් තදබල අත්දැකීමක්. අපි රස කර කර මාලු කෑවාට ධීවර ජනයා මේ බෝටටුවල නොයෙක් දුෂ්කතරා මැද්දේ දවස තිස්සේම ගැස්සෙමින් පැද්දෙමින් සිය ජීවිකාව පිණිස මහන්සි වෙනවා නෙවෙද? කියලාත් මට කල්පනා වුනා. 

කෙසේ වෙතත් විවිධ පාර්ශවයන්ට අදාලව විවිධ නිදහසට කාරණා තිබුත් මේ අසරණ වී සිටින දරුවන් අපේ රටේ දරුවන්. ඔවුන් 35 දෙනා වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමේ මූලික වගකීමෙන් අපි කිසිවෙකුට ගැලවෙන්නට බැහැ. ඒ වෙනුවේන විවිධ පාර්ශළු විවිධ ආකාරයේ මත දැක්වුවත් අවසානයේ ඒ දරුවන්ගේ අද්‍යාපනය කියන්නේ නොසලකා හැරිය හැකි දෙයක් නෙමෙයි. අප කන්ඩායමක් විදියට එක් රැස් වී මින් ඉදිරියට මේ පාසැලේ තත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, පලාත් සභාව සහ අදාල බලධෘරින් සියල්ලම දැනුවත් කිරීමේ පුළුල් වැඩ පිලිවෙලකට යන්නට අදහස්කරගෙන සිටිනවා. 

කලින් නොකල දෙයක් හෝ කලින් නොතිබුන දෙයක් කරන්නට ලංකාවේදී විශාල වෙහෙස මහන්සියක් ගන්නට සිදු වෙනවා. එහෙත් දරුවන් කියන්නේ ලෝකේය් කොයි කෙළවරක සිටියත් සැබැවින්ම දරුවන්. ඔවුන්ගේ දුරින් ඥාතින් හෝ කිසිම සම්බ්න්ධ්‍යක් නැති වුවත් සැබෑ දරු සෙනෙහසක් තිබෙන අයට දරුවන් අද්‍යාපනය නොලැබීම ගැන ඇතිවන්නේ සංවේගයක්. එය පෙරදැරි කරගෙන ඉදිරියේදී මේ බත්තලංගුන්ඩුව සිරි කුරුස විද්‍යාලයට තවත් ගුරුවරයෙකු දායක කර ඒ දෙමාපියන්ගේත් දරුවන්ගේත් අනාගතය යම් තරමකින් හෝ එලිය කරන පියවරක් කරා යෑමට අපි කන්ඩායම අපේක්ෂා කරනවා. 

එසේම ඉතාම කෙටි කලායක් තුල මේ කාර්යයට අවශ්‍ය පාසැල් උපකරණ. පොත් පත්, පොත් බෑග් සැපයූ සියලුම දෙනාටත් අකුර කන්ඩායමේත් මගේත් ස්තූතිය හිමි වෙනවා. මා කුඩා වෙබ් අවකාශ්‍යක මාධ්‍ය කරුවෙකු වුවත් රෝර් හි පල වූ මාගේ ලිපිය  මත ඒ දරුවන්ට අවශ්‍ය විශාලම ඉලක්ක නොමැතිව වුවද කුඩා හෝ දායකත්වයක් ඒ පාසැලට ලබාදීමට හැකි වීම ගැන සැබැවින්ම මටද තිබෙන්නේ සන්තෝශයකි.

Friday, May 4, 2018

නක්ල්ස් හුළුගග පැත්තේ දිය ඇලි

සිකුරාදා හැන්දෑවේ කෝච්චියේ නැගලා නුවර බලා පිටත්වුනා. නැවතුනේ Green Fall Kandyan Rest එකේ. ඔය නම ගූගල් කලාම එනවා තැන. එතැන ඒ සී කාබර රු 2000යි. නිකං ඒවා නම් දාහටත් තියේ. නුවර අවටම නොවුනත් තියෙන්නේ අඹතැන්නේ යාලුවාගේ නවාතැන නිසා කියනවා නමෛයි ලාබයි පහසුයි.වාහනේකින් යනවා නම් පාක් කරන්නත් සැලකිය යුතු ඉඩකුත් තියෙනවා. 


ගමනාරම්භය 


අපි උදේ පාන්දර නැගිටලා උයාගත්තා. උයන්න කීවට ලොකුටව දෙයක් කලේ නැහැ. අල ටිකක් කපලා සම්බෝලයක් හදාගත්තා. උදේට පාන් සහ පාන් කන්න හොද උම්බලකඩ සම්බෝලයක් හදාගත්තා තෙල් දාලා, තව ඉතිං දවාට කන්න බතක් හදාගත්තා සහ දවල්ට කන්න තවත් මොනාහරි අපි අටවගත්තා දැන් මතක නැහැ. ඉතිං ඔය කෑම බීම හදාගෙන අහක් වෙලා අපි පිටත්වෙන්න උන්නේ උදේ 6.30ට ඒත් අපිට යන්න බැරි වුනා නේ. අපේ එක යාලුවෙක් හිතලා තියෙන්නේ අපි යන්නේ 7.30ට කියලා. ඒ නිසා සුට්ටක් පරක්කු වුනත් අපි කොහොම හරි අට වෙන්නට කලිං හාතලේට ගියා. හාතලේ කියන්නේ අපේ Knuckles by Jeep with anjana ravinath ජීප් ටුවර් එක පටන් ගන්න තැන. 



මොකද්ද මේ Knuckles by Jeep with anjana ravinath

අන්ජන රවිනාත් කියලා මල්ලියෙක් ඉන්නවා හාතලේ වත්ත හරියේ. එයා තමයි මේ ටුවර් එක පැකේජ් එකක් විදියට කරන්නේ. අපි දිය ඇලි 4-5ක් වගේම කෑල්ලබොක්ක වත්තේ ලස්සනම ලස්සන වීව් පොයින්ට් කකකුත් බැලුවා. නවීකරණය කරලා සැප සීට් ගහපු අන්ජනගේ වාහනේ යතැකි මිනිසු 9කට . මේ ගමන දවසට පෑ 10ක් විතර. අංජන අපිව වාහනේ නවත්වලා ඇලිගාවටම එක්කරං යනවා. ඒවායේ විස්තරත් කියාදෙනවා. කූඩැල්ලටන්ට පවා ඕනි කරන ලුනු එහෙමත් අංජන අරං ඇවිත් තිබුනා. මේ දවසම කැපකරලා අපි තැන් තැන් වලටදිය ඇලි ලගටම ගිහින් දිය ඇලි බලලා එන්න අංජනගේ ගාස්තුව රුපියල් හත්දාහක් විතර. ඒ ගානට ලාබයි. මම වැඩි මනක් විස්තර දන් නෑ..ඒත් එක්කෙනක්ට රුපියල් දාහක් වත් නොවැටෙන මේ දිය ඇලි ටුවර ඒ ගෙවන ගානට වටින එකක් කියලා නම් දැනුනා. 

 කැල්ලබොක්ක වීව් පොඉන්ට් එක.



මුලින්ම අපි ගියේ කෑල්ලබොක්ක වීව් පොයින්ට් එකට. එතැන ලස්සන තැනක්. එතැනට නක්ල්ස් වල ගොම්බානිය ඇතුලු කදු කිහිපයක්ම පේනවා. ඒවගේම ප්‍රකට සංචාරක තිප්පලක් වුනු සෙම්බුවත්ත් එතනට පේනවා. එතැන දර්ශනය හරමි සෞම්‍යයයයි. ඔය කැල්ලබොක්ක වතුයායේ ඉස්සර උන්නාලු ටිකක් මුරන්ඩු සුද්දෙක්. මිනිහා තේ වත්තේ ජනයා ස්ට්‍රයික් කරාම මොකෝ දන්නවයි කරලා තියෙන්න් එයාලට වැඩ අඩු කරන්න තේ ගලවලා ගස් වවලා. ඒ වවපු ලස්සන ගස් තාමත් තියෙනවා. මට මතක විදියට ටර්පන්ටයින් (සුවර් නැහැ) 

හුළුගග 


කැල්ලබොක්කෙන් පස්සේ අපේ මහින්ද්‍රා මැක්සිය ගියේ හුළුගගට. හුලුගග කියන්නේ ටවුමක් . ඒකේ තියෙන සිංහල කඩේ කෑම හොදයි. කෑමරසයිත් එක්ක. අපි මොකටද උයන් ආවේ කියලා හිතුනා එතනට ගියාම. කොහෙමින් හරි අපි එතැනට ගිහින් තේ වතුර එකක් බිව්වා. ප්ලේන්ටියක් ගහලා. හුලුගග ටවුම මැදින්ම වගේ ගලන හුලුගග ආසන්නේමයි දිය ඇල්ල තියෙන්නත්. කදිම දිය ඇලි පාර ඒකනම්. දැන්නම් ඒක බලන්න හොද වේදිකාවක් හදනවා. හුලුගග උඩ ඉදන් බැලුවත් ටිකක් ගතියට ඇල්ල පේනවා. 


සාරි ඇල්ල 


සාරි ඇල්ල තියෙන්නේ බඹරැල්ලෙන් උඩහට ගියාම. බඹරැල්ල දිහ යන්නේ හෙන කොට බස්. ඒ හුළුගග ඉදලා සාරි ඇල්ල යද්දි පහුගිය දවසක එකම තැන පස් දෙනෙක් ගහගෙන ගිහින් මැරුනු කුඩා දියපාර අහු වුනා.ඒකනම් සිරාවටම පොඩියිඒත් ඇල්ලේ වතුර සැර කාලේට එතනින් සැරට ගලනවා ඇති වතුර. 

මේ සයිඩ් වල කදුකරය ටිකක් බෑවුමයි. වතුර පාරවල් සැරයි. කොහෙට හරි වැස්සාම හරි නැතිනම ්විදුලිබලාගාර වල ජලාස වාන් දොරවල් ඇරියාම හරි විශාල සැඩ පාරක් එනවා එකපාර. මෙය දන්න අයට නම ්කලින්ම එගොඩ වෙන්න හැකි. ඒත් නොදන්න අය ඔහේ සැඩපහරට අසුවෙලා ගහගන යනවා. කොහොම වුනත් තැන ගැන නොදන්නවා නම් කවුරුවත් දන්න කෙනෙක් නැත්තම් ප්ලීස් නාන්න බහින්න එපා. මේ කදුකර ගම් වල මල් සාලාවක් වත් නැහැ..බොහොම දුර ගිහින් තමයි මිනි පෙට්ටියක් වත් අරං එන්න වෙන්නේ..ඒ මැරුනොත් නේ.  අතක් පයක් කකුලක් කොහෙහරි ඇනිලා ගියත් එමම තමයි. 


අපි සාරි ඇල්ලට ගියාට මොකද එතනින් උඩටම නැග්ගේ නැහැ. උඩටනගින්න හැකි ඒත් අපි ගියදා ටිකක් වැහිබීරානිය තිබුනා. ඕකේ වතුර වැඩිවෙයි කියලා සහගල් ලිස්සන නිසා උඩම තැනට නැග්ගේ නම් නැහැ. ඒත් පහල වතුර මට්ටම හොදින්ම අංජන ලොක්කා බලාගෙන උන්න නිසා අපි නෑවා. එතැන නම් වතුර මට්ටම වැඩිවෙද්දි හොයාගන්න ලේසියි ලු. කොහොම වුනත් එතැන වුනත් දන්න කියන කෙනෙක් නැත්තං බොරුවට මද්දුම බණ්ඩාරල ලො ඔලුව දෙන්න යන්න එපා. අවට ජීවත්වෙන මිනිස්සුත්, ට්‍රිප් එක යන අනික් අයත් ඔයාලගේ ගෙදර මිනිස්සුත් ඔක්කෝම අමාරුවේ. 

ලෙබනන් වත්තේ දිය ඇල්ල 



ලෙබනන් වත්තේ එකට නම් ටිකක් විතර බැහැලා පයින් යන්නට ඕනා. ස්ටේජ් දෙකකින් තියන ඇල්ලේ හොදට ඇල වෙලා ඉන් හැකි හොද ගල් තලාවකුත් තියෙනවා. කොහොම වුනත් ටිකක් බීලා අහක් වෙලා වැනි වැනි වගේ මෙම දිය ඇලි බලන්න යෑම කොහොමවත් හොද නැහැ. එකක් වැටිලා කබරයා දාලා වන වුනොත් මේ ගල් අස්සේ ලිස්සලා යන්න හැකියි. ඒම වුනොත් ආයේ ගන්න බැහැ. ඉතිං ආව විදියටම ආයේ යන්න කැමති නම් පීස් අනතුරු දායක ගමන් වලට අරක්කු බීලා වන වෙලා එන්නට එපා. ඒක කරගන්න හැකි නේ ඉතිං ඔය කොලඹ හොද ප්ලේස් එකකට බෝතල් අරං ගියා උනත්. 

ජෝඩු ඇල්ල 

අපි ජෝඩු බලන්න බඹරැල්ල පහු කරලා ටික දුරක් ගිහින් අදාල තැනකට ආවත් එතනදි වැස්සා. ඒ ගමන තමයි අපි ගිහින් ලෙබනන් ස්ටේට් දිය ඇල්ල 1 බැලුවේ. ඉතිං ආයේ වෙන පාරක් තියේ කියලා ආවා ජෝඩු ඇල්ලට. මම හිතන්නේ අපි ගිය අලුත් පාරපට්ට. 
ඒකේ යද්දි කූඩාල්ලෝ ඉන්න වත්තක් මැදින් යන්න උනානේ. කූඩැල්ලෝ දෙක තුනක් එල්ලුනා. ගෑනු ලමයි කූඩැල්ලා බයකරනවා හයියෙන් කෑ ගහලා. ඉතිං උන් තවත් ඇතුලට හැමනෙනවා ඇති එතකොට. කොහොම වුනත් අංජන රවිනාත් ට ආයෙත් ස්තුති වන්ත වෙන්නට ඕනා ලුනු ස්ප්‍රේ එකට. පොර ස්ප්‍රේ බෝතලයකට ලුනු දියකරං අැවිත් තිබුනා. ඉතිං ගැහුව ගමන් කූඩැල්ල ඩවුන්. අනේ මේ ඔ්‍ය වන හිතවාදී මනුස්සයෝ එහෙම කියාවි කුඩැල්ල පවුය අනම් මනම්.. ඒ වුනාට ඉතිං මේ ජරා සත්තු එක්ක කොහොමද ඉතිං තැනක් බලන්න යන්නේ..මොකුත් ගෑවෙ නැතොත් ලේ බැංකුව ගන්නවට වඩා ලේ ටිකක් උන් අපෙන් උරා ගනීවි.. 

ජෝඩු ඇල්ල තියෙන තැනසිරා..වටේම තියෙන්නේ පදුරු . කටු කැලෑ..ඒ අස්සේ කූඩැල්ලෝ. ඒක නේචර් පසුබිමක තියෙන නිසා අමුතුම ලල් එකක් තියේ. පොටෝ ගහන්නත් කියාපු තැනක් තමයි ජෝඩු ඇල්ල කියන්නේ. අපේ අයත් ඇති පදං පොටෝ ගත්තා ජෝඩු ඇල්ල ගාවදි. 

 අපි පිටත්වුනේ උදේ අටට හෝ හතහමාරට විතර. අංජනයාගේ පොට් එකෙන් ගමන අවසාන කරද්දි ඒත් හවස 6 විතර වෙලා. ගයිඩෙක් විදියටත් මනුස්සයෙක් විදියටත් අංජන හොදයි කියලා ආයෙම කියන්නට ඕනා. මොකද අපි මීට කලින් ගයිඩ්ලා එක්ක සමාරවිට මීට වඩා ලොකු ගනන් දීලා කටු කාලා තියෙනවා. ඒම අල වුනාම අපේ ආතල් එකම විනාසයි. 

අවසානේ අපි ජෝඩු ඇල්ල පහල තියෙන දොලක් ගාවින් නැවතුනා. අපි ගෙනාපු බත් අපි සාරි ඇල්ල ගාවදි කෑවා. ඒත් ඉතිං පිරිමි උයද්දි දන්නේ නැද්ද? 9 දෙනාට විසාල අල ගෙඩි 25ක් විතර දාල ලොකු අල සම්බෝලයක්. බතුත් වැඩියි. තව අපිගාව තිබුනා උදේ කට්ට සම්බලුත්. අපි ඒවා අනලා ඒ යාබදව උන් බල්ලොන්ට දැම්මා. පස්සේ මග එද්දි තව බල්ලො උන්නා පාරේ. ඇත්තටම වාහෙනෙකින් ගිහින් බලු කපුටු දානයක් දීමත් හරි ආතල් වැඩක්. හම්බෙන හැමතැනම කෙහෙල් කොලයක් දිග ඇරලා බත් හැන්දක් විතර දාලා එහමෙ දානයක් දෙන්න තියේනම ්කියලා ත් මට හිතුනා. 

මේ බ්ලොග් එක ලියද්දි කාලයක පටන්ම මම ලියලා එක වතාවක් වත් කියවන් නැතුව එහෙම්ම පබ්ලිස් කරනවා. මොකද කොපි කරනබුවෙක්ට අඩුම ගානේ අකුරක් හරි හදන්න මහන්සි වෙන්නඕනා එතකොට.. එහෙම නැතුව එකපාර බුග් ගාල කොපි පේස්ට් ගහන්නඉඩ ලැබෙන විදියට අකුරු සහ ගැමර් සහ වාක්‍ය වැරදි හදන්නමම මේකෙදි පෙලබෙන්නෙත් නැහැ.  


දර්ශන 

කදුකර ගමන කියන්නේ දිය ඇලි විතරක්ම නෙවෙයි. තේ වතු කෝපි වතුආදී වගාවන් මෙන්ම ජන ජීවිතයත් කටුකයි. සමහර තැන්වලට පාරවල් වලින් යන්න බෑ. මිනිස්සු පයින් යනවා කදුගැට නැගගෙන. කදුකරේ භූමි දර්ශනත් එහෙමයි. කොයි වෙලෙත් ඉදිරිපසබැලුවාම තවත් කන්දක් තමයි පේන්නට තිබෙන්නේ ඇතැම් බෑවුම් වලදී. ඒ වගේ ඔරොත්තු දෙන වාහනයකින් කදු බැලීම සහ ඇලි බැලීම හරිම ලේසි. මරුති කොට ගොනෙක් අරගෙන යට වැදි වැදි වාහනේයි අපි දෙගොල්ලාම දුක් විදගෙන ගිහින් විනෝද වෙනවාට වඩා හොද ඕෆ් රෝඩ් වාහනේක සැපට ගිහින් දැකලා විදලා බලලා එන එක වටිනවා.