Thursday, May 10, 2018

බත්තලංගුන්ඩුව සිරිකුරුස පාසැල වෙනුවෙන්

අපි ඊයේ අකුර කියන කන්ඩායමත් එක්ක බත්තලංගුණ්ඩුව දූපතට ගියා. ඒ ගියේ ඒ දරුවන්ට උවමනා කරන පොත් පත් ටිකක් ලබාදෙන්න. ඇත්තටම පාසෙලේ ඉන්න දරුවෝ ප්‍රමාණය 35ක් වගේ ඔක්කෝම. ඒත් ඒ දරුවන්ට තියෙන දුෂ්කරතා බොහෝයි. පාසැල රජයේ පාසාලක් නෙමෙයි. ඒ නිසා රජයෙන් ලැබෙන පොත පත විතරක් නෛමයි විභාගයක් වත් මේ පාසැලේ නැහැ. ඉන්නේ එකම ගුරුවරයයි. එයත් නාවික හමුදාවේ වැඩකරන ගමන් පාසැලේ වැඩ කරන අයෙක්. මම මේ ගැන රෝ අඩවියේ "නිසි පාසැලක් නොමැති කමින් අසරණව සිටින බත්තලංගුණ්ඩුවෙ දරුවෝ" කියලා ආටිකල් එකක් රෝ එකේ ගැහුවා. ඒක දැකලා හිත උනු වුනු අකුර කන්ඩායම මේ දරුවන්ට පාසැල් පොත් කතා පොත් සහ පාසැල් බෑග් බෙදා දෙන්නට මැදිහත් වුනා.

බත්තලංගුණ්ඩුව ගැන

බත්තලංගුණ්ඩුව කියන්නේ තම්බපන්නිය කියලා හදුන්වන විල්පත්තු සීමාවේ වෙරළේ තිබෙන ස්ථානයේ සිට කිලෝමීටර දෙකක් වගේ මුහුදේ තිබෙන කල්පිටිය දූපත් සමූහයේ අවසාන දූපත. සරලවකීවොත් කල්පිටිය කියලා දැක්වෙන අර්ධද්වීපයේ අවසාන දූපත.



බත්තලංගුණ්ඩුව දූපතේ ඉන්න ජනයා සංචාරක ධීවරයින්. දූපත තුල ස්ථීර නිවාස ලෙස තිබෙන්නේ පාසැල් ගොඩනැගිල්ලත් පල්ලිත්සහ තවත්නිවාස කිහිපයක් පමණයි. සංචාරක ධීවරයන් ලෙසමුදල් හරි හම්බ කරන විසාල පිිරිසක් සිටියත්මේ දූපත තුල කලක් තිස්සේ සිටින පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ දරුවන් තමයි බොහෝවිට බත්තලංගුණ්ඩුව පාසැලට එන්නේ. පොලිස් මුරපොලක් සහ නාවික හමුදා කදවුරක් පිහිටි බත්තලංගුණ්ඩුව දූපත කල්පිටියේ සිට කිලෝමීටර 40ක පමණ දුරින් පිහිටි එකක්. එම දූපතට යනු එනු සහ බොහෝවිට සැපයුම් කරනු ලබන්නේ කල්පිටිය හරහා.

පාසැල 

තෑගි බෙදන අමිල මහතා
 දූපතේ පල්ලිය ආසන්නයේ ඇති මෙය කුඩා පාසැලක්. දූපත තුල වාසය කරන බහුතර ජනයා පැමිණ සිටින්නේ මිගමුවෙන්. මීගමුව මූලික කතෝලික පජාව මූලික වී පල්ලිය මගින් අරම්භ කරන්නට යෙදුනු මෙම බත්තලංගුණ්ඩුව සිරිකුරුස පාසැල කිහිප විටක්ම වැසී ගොස් තිබුනා. එනම් පාසැල ට සිසුන් සිටියත් පාසැලේ වැදගත්කම කෙතෙක් තිබුනත් දූපත තුල පාසැලපවත්වාගන යන්නට ඇවැසි සාධක නැතිවීම නිසා මෙම පාසැල වැසී ගොස් තිබුනා.

දරුවන්ට ඇති විකල්ප 

මුදල් හදල් තිබෙන අය දරුවන් කොහේ හෝ තැනක නවත්වා දූපතට පැමිණ වෙළදාම ්කටයුතු සහ ධීවර කටයුතු කලත් මුදල් නොමැති අයට වෙනත් විකල්ප නැහැ. මීට ආසන්නයේ ඊලගට තිබෙන කුච්චිමුනි දූපතේ පාසැලක් තිබෙන මුත් එයට කිලෝමීටර 30කට වඩා දුරක් බෝට්ටුවකින් ගමන් කරන්නට වෙනවා. එය වියදම් අධික වැඩක්. එවැන්නකට පහසුකම් සැපයීමට දෙමාපියන්ට වත්කමක් නැහැ. ඇරත් දරුවන්ට දූපත තුලම ඇති පාසැලෙන් ඉගනීමට හැකි නම් එය උදේ හවස දීර්ඝ මුහුදු ගමනක යෙදනවාට වඩා ඉතාම පහසු ලෙහෙසි දෙයක්.

පාසැලට ඇති බාධා 

 තනි ගුරුවරයෙක්ට එක වසර සිට 7 වසර දක්වා පන්ති 7කට උගන්වන්නට අපහසුයි. බොහෝවිට සිදුවන්නේ දරුවන් දහම් පාසැල වල මෙන් එකතු කොට වසර කිහිපයකට එකවර ඉගැන්වීමයි. මෙහිදී මුලිකම අධ්‍යාපනයක් විනා විද්‍යාව ගණිතය ඉංගිරිසි වැනි දේ ගැන තරමක දැනුමක් ලබාදෙන්නට අපාසුයි. ඇතැම් විට ලොකු සිසුන් කුඩා සිසුන්ට අකුරු කරවන අවස්තාද තිබෙනවා. 

රජයේ අනුමත පාසැලක් නොවන නිසා රජයෙන් පොත් පත් ගුරුවරු තබා සිසුන්ට විභාගයක් වත් පැවැත්වෙන් නේ නැහැ. මේ පාසැලේ යම් උත්සාහයෙන් ඉගෙනගත් සිසුවෙකුට වුවත්යම් ශ්‍රේණියක් සම්ත් ය යන නිල පිලිගැනීම ලබාගන්නට අපහසුයි. මන්ද මෙය පිලිගත් පාසැලක් නෙමෙයි. 

නාවික හමුදාවෙන් අනුයුක්ත කර ඇති ගුරුවරයා පාසැලට පැමිණෙන්නේ කදවුරේ සිට. එසේම දූපතෙන් පිටව යන්නේද කදවුරට. එබැවින් එම ගරුවරයාගේ සියලු අවශ්‍යතා නාවික කදවුරෙන්ම සැපයෙනවා. එහෙත් වෙනත් අයෙකුට මෙම පාසැලේ උගන්වන්නට සිදු වුනොත් ඔහුගේ අවශ්‍යතා සපුරාගැනීම දැඩි ගැටලුවක් වෙනවා. හරියාකාර නවාතැන්, ජල පහසුවපවා මේ දූපතතුල අතිශ්‍ය දුෂ්කරයි. එවන් වටපිටාවක පැමිණ ඉගැන්වීමට  කැමති ගුරුවරු පොත ්පත් සිනමා පටවල සිටියත් සැබෑ ජීවිතයේදී සොයාගන්නට අපහසුයි. 

වර්ථමානයේ සිටින ගුරුවරයා නම් දරුවන් පාසැලට නොඑන වෙලාවටනිවෙස ්කරා ගොස් දරුවන් නොඑන්නේ මන්දැයි අසා බලා නැවත පාසැලට දරුවන් යොමුකරගන්නට පවා උත්සාහ කරන බව දූපතේ ජනයා කිව්වා. එසේම එම ගුරුවරයාගේ ඉගැන්වීම් ඇත්ත වශයෙන්ම හොද බවක් කල්පිටියේ සිට බෝට්ටුවේ බත්තලංගුන්ඩුවට ගිය කිහිප දෙනෙක්ම සදහන් කරනු ලැබුවා.

අපේ දායකත්වය 

 ඩනිශ්ක දීපානි සහ බන්දුල අකුර සමාජය වෙනුවෙන් සහ මම පාසැලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට මැදිහත් වුනා. එතැනදී බත්තලංගුණ්ඩුව සිරිකුරුස විද්‍යාලයේ පීරිස් ගුරුතුමාට කතාකොට බැලූවිට දරුවන්ට අවශ්‍ය පෙලපොත් ඒ වනතෙක්ම (2018 මැයි) ලැබී තිබුනේ නැහැ. ඒ පෙලපොත් වගේම තවත් දරුවන්ට කියවීම රුචිය වැඩිකිරිමට කතාන්දර පෛාත්ද අපි විසින් සොයාගනු ලැබුවා. සියලුම දරුවන්ට පොත් බෑග්ද ලබාදීමට අපිට හැකි වුනා. 

අකුර කන්ඩායම සහ මම මේ බඩු බාහිරාදිය එකතු කරගෙන නාවික හමුදාවේ් සහායෙන් දූඵතට මෙම බෙඩු බාහිරාදිය ටික දරුවන් වෙනුවෙන් ප්‍රවාහනය කරගන්නට හැකිදැයි විමසිමක් කලා. එහෙත් අප වෙනුවෙන් වෙනමම ඉන්ධන පිරිවැයක් දරාගෙන බඩු බාහිරාදිය කුඩා ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම පාඩුවක් යැයි නාවික හමුදාව දැනුම ්දුන් නිසා අප බත්තලංගුන්ඩුවට දිනපතා යන මාක්ගේ බෝට්ටුව (පොදුබෝට්ටුව ) යොදාගන්නට තීරණය කලා. මාක් බොට්ටුව කල්පිටියෙන් 8.45ට පිටත් වුනා. දූපතට ලගා වනවිට දවල් 12 විතර වෙලා තිබුනා. 

අපි දූපතෙන් බහින විට බත්තලංගුණ්ඩුව දූපතේ කොයි කවුරුත් දන්න ාකියන චරිතයක් වුනු අමිල සහ දූපතේ කිහිප දෙනෙක් අපිව පිලිගන්නට බලා සිටියා. ටික වේලාවකින් දරුවන් කිහිප දෙනෙක් සමග අපේ පීිරිස් ගුරුතුමාද අපේ පෙරමගට පැමිණියා.

දරුවන්ට බඩු බෙදා දෙයි. 

 අපි බලාපොරොත්තු නොවූවත් පීරිස් ගුරුතුමා කුඩා උත්සව සබාවක් සකස් කොට තිබුනා. ඉතිං අපි අපගේ මේ කාර්යයට අත හිත දුන් අයට සන්තෝශය පිණිස සේයාරූ යවන්නට උවමනා නිසා මුලින් බඩු බාන්ඩ නිවැරදිව පිලිවෙලට තබා ඒවායේ පිංතූර ගත්තා. කතා පවත්වමින් දරුවන්ට දීර්ඝ දේශනා පවත්වන්නට අපි සැබැවින්ම ඉදිරිපත් වුනේනැහැ. ඉතාම කෙටි කතාවකින් පසු දරුවන්ට ඒ පාසැල් බෑග් ටික ඔවුන් වාඩි වී සිටි තැන්වලට ගොස්  ඔවුනගේ අතටම ලබා දෙන්නට අපි කටයුතු කලා .දරුවන් 30ක් සිටින තැනක ඔවුන් නැවත වේදිකාවට ගෙන්වාගෙන තෑගිලබාදෙනවාට වඩා ඔවුන් සිටින තැන්වලට අපි ගොස් තෑගි ලබාදීම වඩාත් උචිත යැයි අපි කන්ඩායම සිතුවා.

කතා බස් කිරීම සහ දරුවන් සමග සෙල්ලම 

 ඩනිශ්ක සහ අපේ බන්දුලඅයියා දරුවන් සමගක්‍රිකට් සෙල්ලම් කරන්නට මද වෙලාක් කැප කලා. දීපානි අක්කා දරුවන් සමග කතා බහ කරමින් ඔවුන්ගේ විස්තර ඇසුවා. මම දූපතේ තත්වය ගැන ගුරුවරයා නාවික හමුදා සහ දූපතේ ජනප්‍රිය චරිතයක් වුන අමිල එක්ක ටිකක් කතා බස් කලා. එතැනදී අමිලකියන්නේ මාලු අතරමැදියෙක්. ඔහු බත්තලංගුන්ඩුවේධීවරයින්ගෙන් මිලදී ගන්නා මාලු ගොඩබිමට ගෙනගොස් අලවි කරනවා. 

අමිල කිව්ව විදියට පාසැලට අද පැමිණ පොත් බෑග් ගත්ත සමහර දරුවෝ ඇත්තටම වෙනදට වැල්ලට වෙලා අම්මල තාත්තලා එක්ක දැල් බේරන උදවිය. අද බෑග් දෙන නිසා පාසැල් ඇවිත් ලු. ඔහුගේ අදහස දූපතේ තිබෙන ජන ජීවිතය තුල දරුවන් විශාල වල විට ඔවුන් කොහොමත් මූදු රස්සාවට නිතැතින්ම යනවා. දරුවන්ට මූලිකව අකුරු කියා දී පාඩම් කියාදී යම් දැනුමක් ලෝකය සම්බන්ධයෙන් මූලිකව ලබාදීම තමා මේ බත්තලංගුන්ඩුව සිරිකුරුස විද්‍යාලයෙන් විය යුතු දේ. එතැනදී අමිල මීට කලින් දූපත් පාසැල ඉතිහාසයේදී රජයේ පාසැලක් ව තිබූ හැටි. ඒ හරහා ගුරුවුරු දූපතට ආ සැටි ආදිය ගැන අපිට විස්තර කලා. 

සැබැවින්ම රජයේ පාසැලක් වුවත් දූඵත කියන්නේ දුරස්ථ තැනක්. එතැනදී ගුරුවරු සැබැවින්ම උනන්දු පිරිසක් නොවුනොත් නැවතත් පාසැල තුල හොද වටපිටාවක් ඇති වන්නේ නැහැ. උදාහරණ විදියට බත්තලංගුණ්ඩුව පොලිස් මුරපොලේ පෙනෙනන්ට කිසිවෙක් නිල ඇදුමෙන් සිටියේ නැහැ. වැඩිදුරටත් අදහස් දැක්වූ දූපත් වැසියෙක් කිව්වේ ඔ්‍ය පොලිස් පෝස්ට් එකේ 10ක් පොතේ ඉන්නවා. ඒත් දැන් ඉන්නේ දෙන්නයි.. ඒ දෙන්නත් සිවිල් පිට. මොකෝ කවුරුත් එන් නැනේ බලන්න. ඔහේ ඉන්නවා ඉතිං ලෙසයි.

අමිලගේ සංග්‍රහය 

අමිලගේ සිතුවමක්
පැය තුනක් පුරා දූපතට මාක්  ට්‍රෝලරයෙන් පැමිණ ඉන් පසු දරුවන් සමග පැයක් පමණ ගතකල අපිට සැර බඩගින්නක් තිබුනා. සාමාන්‍යනේ නම එතරම් නොඇසෙන මාලු වර්ගයක් අමිල විසින් අප වෙවනුවෙන් සකසා තිබුනා. අමිලගේ බිරිය මාස 4ක බිලිදියක සිටින මවක වුවත් අප වෙනුවෙන්  මහන්සි වී ව්‍යංජන දෙකතුනක් පිලියෙල කොට ප්‍රණීත ආහාර වේලක් අප වෙත පිලිගැන්වූවා. ලියන නිසාම හොදයි ක්යනවා නොවෙයි. එය ඇත්තටම දූපතේදී වුවත් කොළඹ සුපිරි පොට් එකකින් ලැබෙනවාටත් වඩා සුපිරි කෑමක් බව අපි සිව් දෙනාම කතා කරමින් ආවා.

ඉදිරි වැඩ පිලිවෙල 

ඇත්තටම අපි බත්තලංගුණ්ඩුව ගමන පටන් ගත්තේ කොළඹින් පාන්දර 3ට විතර. එයිනුත් ඩනිශ්ක නම් පාන්දර 2සිටම අවධියෙන්.. මාක් බෝට්ටුවේ එන්නට පැය තුනක් ගතවන නිසා අපි දූපතේ සිට කල්පිටියට නැවත එන ගමන වෙනුවෙන් තෝරාගත්තේ අමිල විසින් සැපයූ බෝට්ටුව. එම බෝට්ටුව මාක් ගේ පරණ ට්‍රෝලරේ වගේ නෙමෙයි පැයකින් පමණ බත්තලංගුන්ඩුවේ සිට කල්පිටියට ලගා වුනා. ඒ කුඩා බෝට්ටුවේ ගැස්සීම නම් තදයි. විටෙක බෝට්ටුව ඇතුලට වතුර එන තරමට මුහුද පොඩ්ඩක් විතර රළු වුනා. ඒ එන සීමාවේ විදේශීකයින් කයිට් සර්ෆින් කරන ඉසව්වක්ද තිබුනා. අපි ඒවාද හොදින් නරඹමින් ආවා. කොහොම වුනත් ඒ ගැස්සෙන බෝට්ටු ගමන නම් තදබල අත්දැකීමක්. අපි රස කර කර මාලු කෑවාට ධීවර ජනයා මේ බෝටටුවල නොයෙක් දුෂ්කතරා මැද්දේ දවස තිස්සේම ගැස්සෙමින් පැද්දෙමින් සිය ජීවිකාව පිණිස මහන්සි වෙනවා නෙවෙද? කියලාත් මට කල්පනා වුනා. 

කෙසේ වෙතත් විවිධ පාර්ශවයන්ට අදාලව විවිධ නිදහසට කාරණා තිබුත් මේ අසරණ වී සිටින දරුවන් අපේ රටේ දරුවන්. ඔවුන් 35 දෙනා වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමේ මූලික වගකීමෙන් අපි කිසිවෙකුට ගැලවෙන්නට බැහැ. ඒ වෙනුවේන විවිධ පාර්ශළු විවිධ ආකාරයේ මත දැක්වුවත් අවසානයේ ඒ දරුවන්ගේ අද්‍යාපනය කියන්නේ නොසලකා හැරිය හැකි දෙයක් නෙමෙයි. අප කන්ඩායමක් විදියට එක් රැස් වී මින් ඉදිරියට මේ පාසැලේ තත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, පලාත් සභාව සහ අදාල බලධෘරින් සියල්ලම දැනුවත් කිරීමේ පුළුල් වැඩ පිලිවෙලකට යන්නට අදහස්කරගෙන සිටිනවා. 

කලින් නොකල දෙයක් හෝ කලින් නොතිබුන දෙයක් කරන්නට ලංකාවේදී විශාල වෙහෙස මහන්සියක් ගන්නට සිදු වෙනවා. එහෙත් දරුවන් කියන්නේ ලෝකේය් කොයි කෙළවරක සිටියත් සැබැවින්ම දරුවන්. ඔවුන්ගේ දුරින් ඥාතින් හෝ කිසිම සම්බ්න්ධ්‍යක් නැති වුවත් සැබෑ දරු සෙනෙහසක් තිබෙන අයට දරුවන් අද්‍යාපනය නොලැබීම ගැන ඇතිවන්නේ සංවේගයක්. එය පෙරදැරි කරගෙන ඉදිරියේදී මේ බත්තලංගුන්ඩුව සිරි කුරුස විද්‍යාලයට තවත් ගුරුවරයෙකු දායක කර ඒ දෙමාපියන්ගේත් දරුවන්ගේත් අනාගතය යම් තරමකින් හෝ එලිය කරන පියවරක් කරා යෑමට අපි කන්ඩායම අපේක්ෂා කරනවා. 

එසේම ඉතාම කෙටි කලායක් තුල මේ කාර්යයට අවශ්‍ය පාසැල් උපකරණ. පොත් පත්, පොත් බෑග් සැපයූ සියලුම දෙනාටත් අකුර කන්ඩායමේත් මගේත් ස්තූතිය හිමි වෙනවා. මා කුඩා වෙබ් අවකාශ්‍යක මාධ්‍ය කරුවෙකු වුවත් රෝර් හි පල වූ මාගේ ලිපිය  මත ඒ දරුවන්ට අවශ්‍ය විශාලම ඉලක්ක නොමැතිව වුවද කුඩා හෝ දායකත්වයක් ඒ පාසැලට ලබාදීමට හැකි වීම ගැන සැබැවින්ම මටද තිබෙන්නේ සන්තෝශයකි.

15 comments:

  1. අපහසුවෙන් උනත් අදාල බලධාරින් ගේ ඇස් ඇරවන එක තමා වටින්නේ. කොච්චර මහන්සි වෙලා ඉගැන්නුවත් සමාජයෙන් පිළි ගැනීමක් (විභාග) නැත්නං ඒක අඩුවක්. ඔබ කිව්වත් වගේ ලංකාවේ මොන අස්සක හිටියත් දරුවෙකුට ඉගෙනගන්න අවස්ථාව දෙන්න ආණ්ඩුව බැදී සිටිනවා මේ නිදහස් අධයාපන ක්‍රමය මත. හොද වැඩක්. තවත් පුලුල්ව මේ කටයුත්ත සිදු කරනවා නම් හැකි අයුරින් උපකාර කිරීමට සුදානම්.

    පලි - අමිල ඔයාගේ පෝස්ට් වල කොච්චර වටිනාකමක් තිබුනත් ඒක නැතිවෙනවා මේ අකුරු වල තියෙන වැරදි නිසා. ඒ ගැනත් සැලකිලිමත් වෙනවා නං හොදයි. මීට කලිනුත් මං මේ ගැන කිව්ව කියල මතකයි. ජය

    ReplyDelete
  2. මේ දූපතට මමත් දෙවතාවක් ගිහිල්ලා තියෙනවා... මේ අයගෙ අපහසුතා වලට යම් ආකාරයකින් පිලියමක් ලැබීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. පුංචි මහත්මයා ඇවිද ඇවිද ඉන්නේ නැතුව ආයේ සැරයක් විභාගේ කළා නං නේද හොද?

      Delete
  3. අමිල කියපු විදියට ඔය දරුවන් සාමාන්‍ය වයසට පත්උනාම මූදු රස්සාවට යනව ඇති. අර කැම්පස් කාරයෝ වගේ රස්සාවල් දියං කියල පාරවල් වහගෙන උද්ඝෝෂනේ කරන එකක් නෑ. නමුත් කොහේ හිටියත් දරුවන්ගෙ මූලික අධ්‍යාපනය දෙන එක රජයෙන් ඉටුවිය යුතු දෙයක්. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න පුලුවන්නං වටිනව.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ දරුවෝ කුඩා කාලෙම විශාල පරිමානේ සල්ලිෙ කොල දකිනවා.ඉන් පස්සේ ඒවා වෙත ඇදෙනවා. ඇත්තටම මේ මිනිස්සු කාටවත් බරක් නම් නෙමෙයි. මම හිතන්නේ රජයෙන් කියලාත් මහ විසාලදේවල් බලාපොරොත්තු වෙන් නෑ මේ අය.

      Delete
  4. ඉදිරියට කරෙන යමක් තියනවනම් දැනුවත් කරන්න අපිටත් පුලුවනි අවශ්‍ය සහයක් ලබාදනේන.
    ගෘප් ක්ලාස් කරන ගුරුවරයෙක් මසකට වරක්වත් දේශන සදහා සහභාගීී කරවමුද වියදම් අපි බලාගන්නම්.

    ReplyDelete
    Replies
    1. හිතනවාට වඩා වැඩේ සංකීර්ණයි මචං.. දූපතට යන එකම පොදු ප්‍රවාහන මාද්‍යය මාක් ට්‍රෝලරේ. ඒක යන්නෙත් දවසට එක වරයි. උදේ අටයි තිහට යන එක දොලහ වෙනවා දූපතට යද්දි. ආයේම එනවා ඒක හවස 2ට. ඉතිං දූපතේ ඉන්න වෙන්නේ පෑ දෙකයි. නයිටක් ගහන්නත් පහසුකම ටිකක් අඩුයි.

      Delete
    2. මොන වගේ පංතිවල ළමයින්ද ඉන්නේ?
      ළමයින්ව ගේනන්ත් බෑනෙ දවසට එකපාරයි නම් යන්නෙ මාසෙකට පාරක් උදේ පාන්දරම වෙනමම බෝට්ටුවක් යවල ළයින්ව ගේන්න ලොකු වියදමක් යයිද?
      දවසට ගමන් වාර දෙකක් යන්න නම්?

      Delete
    3. amila plz drop me a mail
      madusanka779@gmail.com

      Delete
    4. 1 වසරේ සිට 7 වසර දක්වා පන්ති පැවැත්වෙනවා. ඒත් වැඩිපුර ලමයි ඉන්නේ පොඩි පංතිවල.
      උදේ හවස බෝට්ටු යවන්න රුපියල් පාලොස්දාහක් වගේ යයි. ඊඨ වඩා ලේසියි පොදු බෝට්ටුවේ ගිහින් දූපතේ තිබෙන ආකාරයට නවාතැනෙ ්ෙගන ඊලග දවසේ උගන්වලා එන එක.. නවාතැනක් නම් අපිට ඇරෙන්ජ් කරගන්න හැකි වෙයි.

      Delete
    5. අපේ සාමාජිකයෙක් එක්ක මම කතා කරා විස්තර මේල් කරල ඇති.

      මට හිතෙනව මාස කීීපයකට වරක් අධාපන කදවුරක්(අපිට තිබ්බ ස්කකෝලෙදි තරු බලන්න, ඉංග්‍රීීසි වලට එහෙම ) වගේ දවස් කිහිපයක් කරොත් හොදයි කියල
      අපේ එකා ඉංග්‍රීසි, විද්‍යාව, ගනිතය වගේ විෂයන් කරල දේවවි වැඩි විිිිස්තතර මේල් එකක් විදියට කතාකරගමුු

      Delete
  5. හොඳ වැඩක්.ආඩම්බරයි

    ReplyDelete
  6. වටින වැඩක් අමිල...

    ReplyDelete
  7. ඉතාමත් අගනා සේවයක්. පින්කමක්. සියදහස් ගණන් පහන් පූජා, මල් පූජා කරනවට වඩා අගය ඇති කාර්යයක්. අපිටත් කියන්න. පුළුවන් ආකාරයකින් උදව් කරන්න අපි සූදානම්.

    ReplyDelete