Wednesday, December 31, 2025

ගේමක් නොගහ ජීවත් වෙන්න බැරිද?

 


අලුත් අවුරුද්ද ලගා වෙනවා පරණ අවුරුද්ද ඉවර වෙනවා. මෙහෙම අවුරුදු මාරු වෙද්දි අපි හිතනවා අපිට ඊලග අවුරුද්දේ වත් ගේමක් ගහලා ගොඩ යන්න ක්‍රමයක් හදාගන්න ඕන කියලා. 

මොකක්ද මේ ගේම 


ගේම් එක කියල කියන්නේ මම හිතන්නේ ගොඩක් මහන්සිවෙලා අපි සාමාන්‍යයෙන් ගෙවන කම්මැලි ජීවිතයට වඩා කාලය ශ්‍රමය අපේ කැපකිරීම් වියදම් කරලා කරන විසේස වැඩක්. ඒ ගේම සේත්තරය අනුව තැන අනුව වෙනස් වෙනවා. හැබැයි ඒ අමතර කැපකිරීම කරලා තමයි අපිලට දියුනු වෙන්න ලැබෙන්නේ.. නිකං ජීවත් වුනොත් අපිට දියුනු වෙන්න සල්ලි හොයන්න පොරක් වෙන්න ලැබෙන් නෑ. 


එදිනෙදා වැඩ එදිනෙදා කලොත් 


ඉස්සර ඒ ලෙවල් පාස් ලංකාවෙන් රෑන්ක් දාන ලමයි කියන පොදු කතාවක් තිබුනා. මම එදිනෙදා වැඩ එදිනෙදා කලා. අමතර වැඩත් කලා. ගුරුවරුත් මට උදව් කලා.. ආදී වශයෙන්. එතකොට එයාල ලොකුවට ගේම ගහල නෑ කියල තමයි පේන්නේ. එයාල සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදිහටම ගෙවලා තමයි ් තැනට ඇවිත් තියෙන්නේ. 


ඒත් මෝටිවේසන් අප්පච්චිලා කියන විදිහට 

 

ඒලෙවල් හෝ වේවා වෙන එක්සෑම් එකක් හෝ වේවා නැත්තං කන්තෝරු වැඩ බිස්නස් හෝ වේවා. අපි ගොඩක් මහන්සි වෙලා. අමතර වෙලාව කැපකරලා අමතරව තවත් කරදර කරගෙන හිත එහෙම ගොඩක් කැපකිරීම් කරලා තමයි අපිට ජීවිතය ජයගන්න තියෙන්නේ. සරලවම අපිට අපි කරන වැඩ එදිනෙදා හරියට කරලා ඔලුවට කූල් එකේ චුට්ටක් වැඩ කරලා අපිට ගොඩ යන්න බෑ. අපි මේ අපේ වටේ ඉන්න තරගකාරීන් අබිබවා මතුවෙලා උඩට ඇවිත් අරිෂ්ඨ බිව්ව සූරපප්පා වගේ විරාජමාන වුනොත් තමයි අපිට ජීවිතය ජයගන්න ලැබෙනනේ. 


ඉතින් අවුල මොකක්ද? 


මේ කියන ගේම අමතර කැපකිරීම රෝල වගේ එක්ස්ට්‍රා කැපකිරීම කරන එක ලේසි නෑ. අපේ ලයිෆ්ස්ටයිල් එක අපේ කැමති අකමැති දේවල් අපේ කාලසටහන ආදී ගොඩක් දේවල් අපිලට මේ ගේම වෙනුවෙන් කැපකරන්න වෙනවා. ගේම ගොඩක් කල් ඇදුනොත් අපි ඒ ගේම ඇතුලේ හිරවෙනවා. ගේම ඇතුලේ ජීවත් වෙන්න වෙනවා. අපේ සාමාන්‍ය ලයිෆ්ස්ටයිල් එක ගේම විසින් අත්පත් කරගන්නවා. 


උදේට ටීවි එක බල බල පත්තර බල බල ඇට කස කස ඕපදූප හොය හොය හිටිය අපි ඒ කාලේ ගේම වෙනුවෙන් වියදම් කරනවා. ටික කාලෙකින් බැලුවම අපිට ඒ ඇට කසමින් හිටපු අතීතය අපිට නැතිවෙනවා. ආයේ ඒහෙම කූල් එකේ ඉන්න නැති වෙනවා. අවසානේ අපි ගේම ගහලා ජීවිතේ වර්දනය කරගන්න ගියාට අපිට අපිවම නැතිවෙලා වෙන මොකෙක්ද රොබෝ කෙනෙක් අපි වෙනුවට ඉතිරි වෙනවා. 


හැම එකාම එහෙමද? 

 

මම හිතන්නේ අපේ දකුණු ආසියානු රටවල ඉන්න මහා මනුස්ස ගහනය නිසා තමයි අපිට මේ හැම සරල දේකටම ෆයිට් කරන්න වෙලා තියෙන්නේ. අපිට තරගයක් නොදී සාමාන්‍ය විදිහට ජීවත් වුනොත් ගොඩක් දේවල් අපිලට ලබාගන්න වෙන්නේ නෑ. අපි අනෙකා පරයා අනෙකාට වැඩිය ගොඩක් වැඩ කරලා ගොඩක් කැප කරලා ගොඩක් එව්ව කරල ඉස්සරහට ඇවිත් තමයි අපිට දිනන්න ලැබෙන්නේ.. 


ට්‍රැවල් වලදි හම්බෙන සුදු මහත්තුරු මීට වඩා වෙනස්. එයාල කැමති තැන්වල කැමති විදිහට නැවතිලා. සමහර අය ජොබ් එකකටවත් හරියට බැදිලා නෑ.. පවුල් පන්සල් කියල බැදිලා නෑ. ආගම කියල බැදිලා නෑ.. එයාල එයාලගේ රටේ කරන රස්සාව උන්න ගමන් නවත්තලා එක්කෝ නිවාඩු දාලා එකපාර පිට වෙනවා. ඒ ගිහින් වෙන රටකට වෙලා ආතල් එකේ ඉන්නවා. ආයේම එනවා. එයාලට අපිට වගේ තරගයක් නැතුව ඇති. එයාලගේ හිතෙත් දිනන්න නම් අමතරව ගහන ගේම කියන එක නැතුව ඇති. 


ගේම මගින් ඇතිකරන බ්‍රොයිලර්ලා 


අපේ රටේ සල්ලි තියෙන මිනිස්සු  ගත්තොත් වැඩිදෙනා ලෝබයි. මොකද කුණුකමට සතෙන් සතේ රුපියල රුපියල අමාරුවෙන් පොදි ගහගෙන ඒවත් ආයේ වෙන වෙන ජාවාරම් වලට කුම්මැහි කමේ වියදම් කරපු උන් තමයි ලංකාවේ සල්ලිකාරයේ වෙන්නේ. උන් දෙයකට වියදම් කරන්න කලියෙන් හතර මායිම් හොයනවා. කොච්චර තිබුනත් හිතේ නිදහසින් එක රුපයිල් දාහක් වියදම් කරන්න  උන් බයයි. මොකද ගේම් එක ගහලා හදාගත්ත තැන නැතිකරගන්න කැමති නෑ.. ගේම් එක ඇතුලේ එයාල පුරුදු වුන කුනු පෙරේත කම් වෙනස් කරගන්න හැකියාවක් එයාලට නෑ. 


ඉතින් අලුතින් කලාවට ක්‍රීඩාවට වෙනත් ආයෝජන වලට නිර්මාණ ශීලි දෙව්ලට කියලා කරන අොයා්ජන නෑ.. හැම වෙලාවේම සතයක් වියදම් කරන්නේ රුපියල් දෙකක් හම්බ කරන්න බලාගෙන, ස්ථාවර ගේම් වලට විතරයි. අස්ථාවර කලාව පර්යේෂණ අලුත්ම බිස්නස් ආදී දේවලට වියදම් කරන්න බයයි. මොකද ගේමෙන් අපි හුරුවෙලා ඉන්නේ සතෙන් සතේ ලෙවකාලා අරගෙන ඒ විදිහටම දිගටම ජීවත් වෙන්න. 


ගේම් ගැහිල්ල දිගට ගියොත් හරිද? 


මාකට් එක මගින් උඩදාන අවශ්‍යතා වෙනුවෙන් අපි අපේ ජීවිතය සම්පූර්ණ කණපිට හරවගෙන අමතරව මහන්සි වෙන මේ සෙල්ලමෙන් අපිට සම්පූර්ණ ගැලවිමක් නෑ. ඒත් සස්සස් බව කියන බොරු මායාව පස්සේ හැමදාම මැෂින් එකක විල් එකක් වගේ ගේම් ගගහ ඉන්න එකත් ජොබ් අස්සේ හිරවෙනවාට වඩා අවුලක්.. 


සමහර අය ජොබ් එක හොද නෑ කියල දාල ගිහින් දවසට පැය 18ක් විතර ඔලුව මහන්සි කරලා සෑහෙන කාලය ශ්‍රමය වැයරකරලා කාර් එකක් ගොයක් දොරක් හදාගෙන ලෝකේට පරකාසේ දානවා අපි දින්නා මේන්න කියල. ඇත්තටම අර පරණ රස්සාවේ තනි කාමරේක කිසි දෙයක් නැතුව හැටිය අපතයා ජීවිතේ විදින්නේ නැද්ද? ස්ට්‍රෙස් පිට සෑහෙන වර්ක් ලෝඩ් එකක් ඇදලා ඔය කොරපු දේවල් වලින් දැන් ඔයාල ජයගෙනද? අනේ මන්දා ඉතින්.. ඔන්න ඔහොම තමයි ඉතින් විස්තරේ.

Monday, September 29, 2025

තායිලන්තේ හතර මායිං දැනගමු

සයිස් එක 

වර්ග කිලෝමීටර් 513,120ක් තායිලන්තය ලොකුයි. මගෙ අම්බෝ ලංකාව වගේ 8 ගුණයක් විතර ලොකුයි තමයි තායිලන්තය. උතුරේ ඉදන් දකුණුට වැඩිම දුර කිලෝමීටර් 1620ක්. පළලම තැන කීලෝමීටර් 780ක් වෙනවා. තායිලන්තේ ජනගහනය මිලියන 71ක්. ආසන්නව ලංකාවේ මිනිස්සු ගාන වගේ තුන්ගුණයක් මිනිස්සු ඉන්නවා. රට ලංකාව වගේ අට ගුණයක විසාලයි. හැබැයි මිනිස්සු ඉන්නේ ලංකාව වගේ තුන්ගුණයක් විතර. ඒ අනුව තායිලන්තය ලංකාවේ තරම් මිනිස්සු සුලබ රටක් නෙමෙයි ජන ඝනත්වය ලංකාවට වඩා අඩුයි. අපි දුර ගමන් යන එනකොට වුනත් මිනිස් පුලුටක් නැති පාලු භූමි තායිලන්තයේ දකින්නට තියෙනවා. 


 


දිගම ගග 


බැංකොක් හරහා ගලායන චායෝ ප්‍රායා ගග තායිලන්තයේ දිගම ගග වෙනවා. ඒකේ දිග කිලෝමීටර් 372ක්. බැංකොක් කියන නගරය ඇතිවෙන්නෙත් මේ ගග හරහා ඇතිවුන ප්‍රවාහන පහසුව නිසා. බැංකොක් වල තවමත් ඒ පැරනි ඇලමාර්ග සහ චායෝ ප්‍රායා නදිය හරහා යන මගී බෝට්ටු සේවාවන් දකින්නට පුලුවන්. 

 හැබැයි තායිලන්තේ එක මායිමක් හරහා ගලාගෙන යන මීකොන් ගග චායෝ ප්‍රායා ගගට  වඩා දිගයි. ඒ මීකොන් ගග චීනය, මියන්මාරය, ලාඕස්, තායිලන්තය, කාම්බෝජය හරහා ගිහින් වියට්නාමයෙන් මූදට වැටෙනවා. මේ මීකොන් ගගෙන් තායිලන්තය හරහා කිලෝමීඨර් 850ක් විතර කොටසක් සෙට් වෙනවා. ලාඕසය තායිලන්තය, කාම්බෝජය තායිලන්තය වෙන්වෙන මූලික තැනක් මේ මීකොන් ගග. 



උසම කන්ද 

ඩොයි ඉන්තනොන් (Doi Inthanon) තමයි උසම කන්ද. හැබැයි ඒ කන්ද අපේ පිදුරුතලාගල උසට ආසන්නයි. සහ පිදුරුතලාගල වගේම ඒ කන්ද උඩටත් වාහනෙන්ම යන්න පුලුවන්. මේ උස කදු තියෙන්නේ තායිලන්තයේ චියන් මායි කියන පලාතේ. ලංකාවේ උසම කදු තියෙන්නේ මධ්‍යම කදුකරය හෙවත් රට මැද. ඒත් තායිලන්තයේ උසම කදු තියෙන්නේ එහේ කදුකර භූමිය වෙන උතරු තායිලන්තයේ. ඔයාලට මතක ඇති උතුරු තායිලන්තයේ චියන් රායි වල එහෙම හිරිගල් කන්දක සිරවුනු ළමයි සෙට් එකක් ප්‍රවෘත්ති වලට ගියා. ඒ පලාතත් මේ චියන් මායි වලට ආසන්න කදුකර පලාතක්. 



වටේ තියෙන රටවල් 


තායිලන්තයට භූමියෙන් මායිම් කිලෝමීටර් 5673ක් තියෙනවා. ඒවා බෙදෙන්නේ 


ලාඕස් – ~1,845 km (උතුර)

කාම්බෝජය – ~817 km (නැගෙනහිර)

මලේසියාව – ~595 km (දකුණ)

මියන්මාරය – ~2,416 km (බටහිර)


යන විදිහට. මේ අනුව තායිලන්තය රටවල් 4කට මායිම් වෙල තියෙනවා. අනෙක් දකුණු පසින් සහ බටහිර දෙසින් තායිලන්ත මූද තියෙනවා. 



තායිලන්තයේ ප්‍රධාන පලාත් 


උතුර- චියන් මායි චියන් රායි ඇතුලු කදුකර පලාත් උතුරු පලාතට අයිති වනවා. 

දකුණ - තායිලනත්යේ පුකෙට් ක්‍රාබි සහ මැලේසියානු බෝඩරයේ කොටස් දකුණු කොටසට අයිතියි. 

නැගෙනහිර - ඊසාන් කියල හදුන්වන මේ කලාපය තායිලන්තයේ වියලි කොටසක්. වැසි අඩු මෙම කලාපයෙන් තමයි තායිලන්තයේ බොහෝ සේවාවන්ට ලාබ ශ්‍රමිකයින් එන්නේ. 

මධ්‍යම - බැංකොක් පතායා ඇතැලත් මෙම මධ්‍යම කොටස තායිලන්තයේ මුදල් හදල් වැඩිම පිරිස ගොනුවෙලා ඉන්න සංවර්ධිත පලාතක්. 

බටහිර - මියන්මාරයට මායිම් වුන පටහිර කලාපයේ Chonburi, Rayong, Chanthaburi,  ආදි කලාප තියෙනවා. ඒ කලාපය මැණික් වලට එහෙම ප්‍රසිද්ධයි. 



තායි රටට සල්ලි කොහොන්ද 


තායි රට ලංකාවට වඩා පොහොසත් රටක්. පුධාන වශයෙන් තායිලන්තයේ නිශ්පාදන ආර්ථිකයක් තමයි තියෙන්නේ. වාහන ඉලෙක්ට්‍රොනික බඩු බාහිරාදිය තායිලන්තයේ හදනවා. කෘෂිකර්මය අතින් ගත්තත් තායිලන්තය නවීන තාක්ෂණය එක්ක එකතුවෙලා ගෙඩක් සල්ලි හම්බ කරනවා. ලංකාවෙත් අපේ ගොවියෝ වවන බීජ සහ කෘෂි රසායන සමහර ඒවා කෙලින්ම තායිලන්තයෙන් ලංකාවට එන ඒවා. තායිරටට අවුරුද්දකට මිලියන 30කට වඩා සංචාරකයෝ එනවා. ඒ වුනාට තායිලන්ත ආර්ථිකයෙන් සංචාරකයො හරහා එන ආදායම දැක්වෙන්නේ 11%ක් විදිහට. 


තායි රටේ දේශපාලනය 


තායි රටේ දේශපාලනය පසුගිය කාල සීමාව ගත්තහම ස්ථායි තැනක නෑ. තවමත් රජතුමාට වැඩි තැනක් තියෙන තායිලන්තයේ පාලනය ගෙනියන්නේ පාර්ලිමේන්තුවක් මගින්. හැබැයි තායිලන්තය මොන දේශපාලන පස්න තිබුනත් ඒවා සංචාරකයින්ට රටට බාධාවක් නොවෙන්න තියාගෙන දේශපාලන කෝන්තර නිසා රටට ලොකු කේස් වෙන්න නොදී තියාගන්නවා. ඒ අතින් තායිලන්තය ඉස්තරම් තැනක්. 


තායිලන්තයේ නාටිකාංගනාවන් නටන වීදි ඒවායේ තියෙන කාර්යයන් තරම් මේ වගේ භූගෝල විද්‍යා කාරනා හිට් නෑ. ඒත් රටක් බලන්න යන්න ඉන්නවා නම් මේ වගේ ඒ රට ගැන යම් යම් මූලික තොරතුරු ටිකක් දැනගෙන යන එක සෑහෙන වටිනවා. 


Saturday, September 13, 2025

රට බේරාගත් නිරිදුට බොග තේවාව


එකල රට බේරාගත් නිරිදු පසුව ආ නිරිදු විසින් කපන ලද්දේය. මාලිගා දැසි දසුන් අඩු කරන ලද්දේය. එයින් උපයාගත් සත දෙක රටේ ඩොරල් සංචිත උද්දීපිනය සදහා යොදන ලද්දේය. ටික කලකින්ම ඒ සත දෙකේ බලයෙන් රටෙ ජනයාට සුඛිතද මුදිතද සෞභාග්‍යද ලැබෙන්නේය.

රට බේරාගත් එක්ස් නිරිදු බොහෝ කොට මහලු වූ බැවින් ඔහුට කෙලින් සිටින්ට අමාරුය. බලා සිටින්ට කියා පුටුවක වැද හොත්තේ වුවද මදකින්ම හේ රමණය අවසන් වූ පකක් පරිද්දෙන් කඩා වැටෙන්නේය. එබැවින් නිරිදු වඩා හිදුවා මහජනතාවට වඩාත් හාද සෛය්යාවකින් පෙනෙන පරිදි දිනකට පෑ බාගයක් හෝ තැබීමට වැඩිපිලිවෙලක් සකස් කරමු යැයි අනුකමිටුවක් කතිකා කරන ලදී. 

ඒ අනුව රට බේරාගත් නිරිදු ගම වූ කුඩා මාලිගාවේ ඉදිරිපස සදලුතලයේ වීදුරු කුටියක කොමොඩයක වාඩි වී කක්කා කරන්නේය. වීදුරු කුටිය සීල් වූ බැවින් එහි දුගද අවටට නොඑන්නේය. තාක්ෂණ ඒ අයි එකක පිහිටාදාරයෙන් එතුමා බොග වඩම්මන කල්හී අවට මහනෙල් මල් සුවදින් සුගන්ධවත් වන්නේය. එතුමාගේ ඒ වීදුරු වැසිකිලියෙන් එන ශබ්ධ දහරාවෝ නම් එලියට පීකරයක් මගින් අහන්නට සලස්වති. 

ආහ්.. ඕහ්. අම්මෝ ඔයින් ගියා මැදැයි ආදී වශයෙන් එක්ස් නිරිදු තටමන අතර දාන වදන් පහල සිටින ජනී ජනයා කන මීපැනි වක්කලාක් මෙන් මිහිරියැ. අප රට බේරාගත් කලද එතුමානෝ ඔවැනි සීහනාධ ගොර ගොර සීහනාද පවත්වන්නට ඇත. ඒ ශබ්ධය ඇසීම පවාමහත් පිනකැයි ඇතැම් වයසක ආච්චි කබල් සිය අත් නලලේ තබා වැදගන්නේය.

ටික දිනකින් එතැන වැසිකිලි තේවාව තවත් විචිත්‍රවත් කරන්නට වෙනම වාදක වෘන්දයක්ද අනියුක්ත කරන ලදී. බෙර හේවිසි නාදයෙන් විකසිතව එතුමානෝ රාජකීය කොමඩයට වදින්නේය. අවට බිම සිටින ජනයාට එතුමානෝ යහතින් පෙනෙන්නෝය. එතුමාට අතන මොතන පිලිකාවකැයි තව මසකින් යන්නේ යැයි බොරු කියනවිරුද්ධ කැල නිස්සද්ද කරන්නට එතුමාගේ දෛනික පෙනී සිටීම ඉවහල් විය.

මේ බොග තේවාවට දිනෙන් දින අනුරාජපුරයෙන්ද පොලොන්නරුවෙන්ද පමණක් නොව සිඩ්නි මෙල්බෝන් ලන්ඩන් ඩුබයි වාසී ජනයාද ගුවනින් පැමිණ එකතු වෙන්නට විය. එක්ස් නිරිදුන්ගේ බොග දැමීම මෙතරම් ජනප්‍රිය වී නම් අපිද එසේ කරමු යැයි වත්මන් නිරිදුට උපදේශකයෝ කීවෝය. එහෙත් ලැජ්ජාශීලි වත්මන් නිරිදු එයා කරපු දේවල්ම අපි කරන්න නෙමෙයි අපිට දුන්නේ යැයි විවිධ කතා කියමින් එය යට යවන්නේයැ.

දිනක් මහා එක්ස් නිරිදුට බඩ වියලීමක් වූ බැවින් එදා බොග යන්නට උවමනාවක් නොවීය. එහෙත් ඒ නොදන්නා විදෙස් රට වැසියන්ද එරට දුර වැසියන්ද කිරිද පැණිද තෑගිද පූජාවට රැගෙන තේවාව පටන් ගන්නාතෙක් සිටිති. එවර එතුමානෝ වෙනුවෙන් වෙනත් රාජපක්සකක් කොමඩයට තැබිය යුතු වන්නේය. ඒ සදහා පත්‍රයන්ද ලේලි වරුන්ද දියණිවරුද බිරියද සහෝදරයෝද එකතුව මහත් සාකච්චාවක් පැවැත්වින. වනචාරී බලුගැත්තෝ එක්ස් රජතුමාගේ අසුවල් ලේලිවරිය බොග වන්දනාවට වැඩම කරද්දැයි මග බලා සිටියෝය. එහෙත් එවුන්ගේ මනෝරථ පූරණය සිදු නොවුනි. කක්ක බර තියෙන්ඩම ඕනයි ඕකට ගිහින් වාඩිෙ වන්ට.. අපි ගිහින් ඉදල එන්න කියමු. එතන සැප තැන. කියා එතුමානෝ කක්ක බර නැතිවම වුවද රාජකීය දැකුම පිණිස කොමඩයට වාඩි වී බර ඇතිවාක් මෙන් ගොර ගොර නදද දාන්නට විය.

බර නැතිව දාන ගොර ගොර නාදය ඇතිව දාන එකට වඩා මදක් වෙනස් වුවත් එයද නවමු ශබ්ධයකැයි පහත වූ බලුගැත්තෝ සිතූහ. 

Friday, August 8, 2025

යෝධ ගණිකාව

 


එක් බිසී හවසක ඔහු ගණිකාවක බහැැදකින්නට ගියා. ඒ අවස්තාවේ සෑම ආගාරයක්ම පාහේ පිරී ගොස් ගණිකාවන් බොහොමයක් බිසී වුනා. කවුන්ටරයේ සිටි යෝධ ගනිකාව පමණක් ඉතිරි වුනා. කවුන්ටරයට පැමිණි ඔහු තව කට්ටිය ඉන්නවාදැයි අසා බලන්නට  ගිය තැන එක් හේබා ගිය කෙසග මින් පෙර ගෙන පුරුදු එකක් හිටි බව දුටුවේය. එහි පිටත පෙනුම අවුලක් නැත වුවත් ගැලවූ පසු අසාමාන්‍ය ලෙස නාකි පෙනුම දෙන ඉන්ද්‍රියෝ වූ බැවින් කවුන්ටරයේ සිටි මහත එකම ඔහු තා්රාගත්තේය. 

චිරාගත චාරිත්‍රානුකූලව මසාජ් එකත් ඕනද කියලා යෝධ ගණිකාව ඇසුවේය. කෙසග වූ ඔහු ඔව් යැයි බයෙන් පිලිතුරු දුන්නේය. සාපේක්ෂව කදිම මසාජ් එකක් දුන් ඇය විනාඩි විස්සක තිහක ඇවෑමෙන් කාර්යයට පිවිසෙන්නට විය. ඇදුම් උනා දමන්නට විය. එය වචනේ පරිසමාප්ත අර්තයෙන්ම මාර කොටයක් පරිදි විසාල එකකි. සුනාමි දවස පසුවී දෙවන තෙවන දවස් හී සොයාගත් සුද්දියන්ගේ මිනී පිම්බී මහත් වී විසාල වී තිබුනේය. මැගේ පුක කොහොමත් එසේය. එහෙත් පුලුන් මෙන් සියුමැලිය. තවම ඇගේ පුක ස්කොට් වසංගතයට මුණ ගැසී නැත. ස්කොට් වසංගතයට හසුවූ පුකවල් ලස්සනය රවුම්ය. නමුත් පිරිමි පුකවල් පරිද්දෙන් ඒවා තදය රළුය නොඑබෙන සුලුය. 


තන් දෙක විශාලය එහෙත් හිතූ තරම්ම සැගී නොවීය. තන් අඩු ලෙස සැගී වුවත් පරිමාව විසාල වන හෙයින් ක්‍රියාකාරකම් වලදී දැඩි බාදාවක් විය හැකි බැවින් ඇය තණපටය සම්පූර්ණයෙන්ම මුදා නොහැරියාය. 


මුලින්ම සක් එක දුන් පසු ඔහුගේ මල්ලී පිබිදී ආවේය. පිබිදුන මල්ලී සමග දග කල යෝධ ගනිකාවගේ මුව මඩල විවරව ටිකකින් මම නගින්නද කියා ඇසුවේය. මෙතරම් විසාල වූ යුනිටක් කෙසේ නගින්නේදැයි ඔහුට සිතාගත නොහැකි විය. කෙසේ වෙතත් දෙකකුල් දෙපසට දමා ඔහුගේ ලිංගය මැද සිටින සේ පොල් උල ඉරියව්වෙන් ඈ මදවේලවකින් උඩ පාත යන්නීය. 


ඝනකම යකඩ වලින් තනා ඇති ඒ මසාජ් ඇද ද සද්ද වන්නට වෙයි. ඇය පියවර කිහිපයක් ගිය තැන මහන්සි අරින්නට විය. මහත ඒවා කෙරේ සාමාන්‍යයෙන් ඔහුගේ සිත ඇදී නොගියද එය පුදුමයකට පරිද්දෙන් හිරට බැස්සේය. එක් තනයක් දෝතින්ම ගෙන එය උඩපාත යන හැටි බලන ඔහු මදකින් අනික් තනයට යන්නේය. පුකද ඉනද ආදී පදාසය උඩ ගොස් ඔහුගේ ඇට දෙක ඇතුලත් ඉන පදාසය තැලී යන පරිද්දෙන් ඈ බොකස් තොපස් ගා පහත් වන්නේය. ඉන කොටසට මදක් වේදනා බර මුත් මස වැඩි වූ සෙයින් සස්පෙන්ෂන් ඇතිව වදින්නට වූ හෙයින් වේදනා අඩු විය. 


අනෙක් කුටි වල එවුන් කතාකරන කුටු කුටු සද්ද කොක් හඩ සද්ද වාද කරන සද්ද එයි. එහෙත් අර කුටියෙන් නික්මෙන්නේ උඩ ගිය මස් කුට්ටි උඩ ගොස් නැවත ඔහුගේ කුඩා ශරීර කූඩුවට පතිත වන විට එන ශබ්දයෝය. 


මදකින් ඔහු ඈ උඩ යන්නට යෙදිය යුතු අමතර බර ගැන සිතා අත් දෙකින් ඈට දිරියක් වූවාය. තවත් ටික වේලාවකින් අනෙක් පස හැරී හතර ගාතය උඩ අතට තිබෙන පරිදි යෝධ ගණිකාව සකසා ගත් ඕ තොමෝ සියවස් ගනනක් මානවයා හුකන්ඩ උත්සාහ කල සාමාන්‍ය ඉරියව්වෙන් ඇයට කරන්නට වන්නේය. 


මහත වුවත් තවම විසි ගනන් වල විය හැකි ඒ සිරුරතවම සිදුරු වැසී යන පරිද්දෙන් මස් ගොඩවල් පාත් වන මට්ටමට ඇවිත් නැත. හිල සොයාගන්නට කැනීම් කරන්නට සිදුවන තරමට වැහැරී නැත. උඩට හැරුන කල කෑම දමනතෙක් මව දෙස බලා සිටින මයිනා පැටියෙක් මෙන් රොස පැහැ යෝනිය උඩ බලා සිටියාය. ඔහු ඒ ටිකකින් ඒ වෙත ඇගිලි දමා " මෙය එය විය යුතුයැ" සිතා බගමනිය යැයි සැක කල හැකි හැමතැනම කලතනන්ට විය. ඇය ප්‍රමෝදයෙන් විකසිත වන්නට විය. ඒ අතර උඩ පදාසයේ ජේතවනාරාමයත් අබයගිරියත් වැනි වූ තන් යුග්මයෝ උඩ බලා සිටිති. වයස මද වූ නියාවෙන් සම්පූර්ණ සිලි කවර වලට වතුර පිරවූ පරිදි සිරුර පුරාම තන් දෙක පැතිරී ගොස් නැත. පැහැදිලිව උඩට නෙරාගොස් අග ලා දුඹුරු පාට තන පුඩුව පිපී දිලෙන්නට වෙයි. 


ඒ පසට හැරී කාර්යය කරන්නට පටන් ගත්තද ශබ්ධයේ නම් කිසිදු අඩුවක් නැත. ඈද ශබ්ධයට ආශා නිසාදෝහෝ ඒ ගැන තැකීමක් කලේ නැත. මදකින් ඈ සුදු පැහැ කෙසෙල් කදන් වන් වූ විශාල කලවා දිග හැර පාදයෙන් ඔහු තවත් සිරුරට තෙරපාගත්තීය. 


කාර්යය අවසන බෑගයේ වූ කුඩා මුරුක්කු පැකැට්ටුවක් ඔහු යෝධ ගණිකාවට දුන්නාය. කෙතෙක් යෝද වුවත් ඒ තුල සිටින අහිම්සක කෙල්ල එලියට පැමිණ ලැජ්ජාවෙන් ඔහුගේ මුහුණ දෙස බලා තැන්ක්‍යෝ කීවාය. ඔහු තංගල්ලේ බව කලින් දැන සිටි ඇය මුරුක්කු පැකැට්ටුව ලැබූ කල “මම ගාල්ලේ" යැයි කිව්වාය. 


හැබැයි පස්ස නම් ලෑල්ල නෙමෙ. ඔහු "ගම ගාල්ල පුක ලෑල්ල" කතාව සම්බන්ධකොට පදයක් කිව්වේය.

 

 ලෑල්ල.. මේක ලෑල්ලද ඇය මදක් එය හරවා පෙන්වූවාය. 


ඕක ලෑල්ල නෙමෙයි ඕක වැදුනොත් ලෑලිත් නැමෙනවා.. ඔහු කිව්වේය. 


ඉන් පසු ඔවුන්ගේ සහෝදර ස්පා මඩමේද ගාලු යුවතියක් සිටි නියාවද ඔහු  ඇයට කියා සුලු කතාවෙකින් ඉක්බිති සිරිත් පරිදි විසිරී ගියෝය. 


මෙතෙක් මහත ඒවනන් අපෝ එපා.. න්‍යායෙන් යුවතියන් තේරූ ඔහු.. විනෝදයට කුමක්ද මහත කොට දිග කෙට්ටු බේධ යැයි සිතමින් එන්නට ආවේය. රුපියල් දාස් ගනන් ගෙවා ගියේ වුවද රුපියල් එකසිය පනහක් වූ මුරුක්කු පැකට්ටුව ඇගේ යාන්ත්‍රික ගණිකා සිත මදකට හෝ වෙනස් කලාය. ඔහු මින් පෙරද ටොපි චොකලට් ආදිය ගෙන ගණිකාවන් සිත සැනසීම කර තිබුනි. ගෙනයන දෙයක් මුලින්ම දී සේවාව වැඩිපුර ගන්නට බොහෝ පුද්ගලයෝ උත්සාහ කරති. 


එයට ලැජ්ජාබය ඉස්සර කරගන්නා මේ පුරුෂයානෝ අවසාන මොහොතේ යන්නට ඉක්බිති ගෙන යන දේ ඇයට දී ඇගේ සිත සන්තෝශයෙන් පුරවන්නේය. පුරුෂයා එයින් එන විට එක් තරු පෙනැමුති  ගණිකා යුවතියක් අත්දිග කමිසයක් ඇද ඔෆිස් කිටෙන් ගිය පුරුෂයකු දෙස කදුලු පිරි දෙනෙතින් බලා සිටියාය. ඔහු කැෂියර්ටද කුමක් හෝ කියා ගියේය. ඉන් පසු කැෂියර් ඇයට සැර විය. 


ඒ නාටකය කුමක් වුවත් යමෙක් එවන් තැනකින් නික්මෙන විට ගෙදර පවුල් විස්තර, දුප්පත් අග හිග විස්තර, ජීවිතේ කටුක බව, විකල්ප නැද්ද ආදී විස්තර කතා නොකොට ඔව්න්ද සතුටින් සිනහා ගස්වමින් පිටව යෑ යැකි නම් ඒ මහා පිනකි. යම රජ්ජුරුවෝද යම් දිනක දඩුවම් දෙන්නට ප්‍රථම මූ වේස ගෑනුන් සොයා ගියද උන්ට රිදවූයේ නැත යන ටයිටලය යටතේ ඔහුට දඩුවම් අඩු කරන්නට ඉඩ ඇත. 




Tuesday, July 22, 2025

අප ඉගනීමට දිරිමත් කල තාත්තාගේ පතෝල මැස්ස



අපෙ ්තාත්තා මැහි කාරයෙක්. එලෝලු විදිහට තාත්තා ගොඩක් ෆේවරිට් වුනේ මැහි ගහන ජොබ් වලට. කරිවිල පතෝල වැටකොළු ඒ අතර මූලික තැනක් ගත්තා. 


අපිත් මැහි වැඩට අහුවෙනවා ස්කෝලේ නැති දවස්වලට ක්ලාස් නැති දවස්වලට. ඒ කාලේ අපේ ඥාතින් අපිට නිතර සිහිපත කරල දෙනවා. අපිත් ඉගෙනගත්තේ නැතොත් මැහි කාරයො තමයි කියන එක. මැහි කාරයෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි. 


මම නම් කවදාවත් පතෝල කඩල නෑ. අපි සට් වෙන්නේ පතෝල කැඩුවට පස්සේ අරං යන වැඩේට. මැස්ස පාත් වෙනවා පතෝල හැදෙනකොට. උදේ පාන්දර සීතලේ කඩපු පතෝල වීල්බැෙරා් එකක පටවල අදින්න ඕනා. වැහි කාලෙට වීල් බැරෝ එක එරෙනවා. මැස්ස නිසා හරියට කොන්ද කෙලින් කරගන්න හැටියක් නෑ. කොන්ද නමාගෙන බැද්ද අස්සෙන් එරෙමින් පතෝල අදිනකොට ඒක සුන්දර වැඩක් නෙමෙයි. 


අපේ අයියා ඒ කාලේ ආදරය කලා. ඒ ලියුම් වල තිබුනා මතකයි " බබා ඔයා අදත් පතෝල ඇද්දදද. මගේ සුදු මහත්තයගේ අත් වල පතෝල කිරිත් ඇති නේද? " ආදී වශයෙන් ආදර සටහන්. අපෙන් එහෙම අහන්න කවුරුත් හිටියේ නෑ. ඒත් පතෝල කිරි නන් අපේ අත් වලත් ගෑ වෙනවා. 


වැටකොලු වල වෙනම එක්ස්පීරියන්ස් එකක්. හරියට තද කලොත් වැටකොලු දාරෙකට පුලුවන් අපේ අතකට පයකට හොද තුවාලයක් කරන්න. ඇරත් වැටකොලු පතෝල වලට වඩා බරයි. ඒකත් මැස්ස අස්සේ තියෙන ගොඩවල් ගෙනත් එකතු කරන්න ඕනි. 


එකතු කරලා මිශන් එක නවතින්නේ නෑ. පතෝල වැටකොලු තෝරනවා. තෝරලා හොද ඒවා උඩටත් තද ඒවා යටටත් තියෙන විදිහට අසුරනවා. අසුරන්න පතෝල වලට වෙනම අච්චුවක් වගේ තියෙනවා. කණු හතරක් තියෙනවා චූටි. ඒ කණු හතර අස්සට පෝර උර කෑල්ලක් හරි ඉස්සර නම් පොල් අතු කෑලි දෙකක් හරි තියලා අපි පතෝල වැටකොලු මිටි වලට දානවා. ඉන් පස්සේ හිර කරලා බදිනවා. වැටකොලු නම් වෙන විදිහටත් පැක් කරනවා. පැක කිරිල්ලත් ලේසි නෑ. කිලෝ හතලිහ විතර පැක් වලට පැක් කරලා ඒවා ටැක්ටරේ පටවලා පාරට ගෙනියනවා. 


සමහර දවසට රෑ වෙනකල් ලොරි එනකල් බලා ඉන්නත් වෙනවා පාර අයිනට වෙලා. ලොරියේ උඩම කෑල්ලට පතෝල වැටකොලු පටවන්න සෙට් වුනොත් එතන තව ටොපියක්.. 


ඉතින් ඔය අස්සේ හිටපු ගමන් පතෝල අදින ටැක්ටර් එක එරෙනවා. ඉතින් එතකොට දඩු මුගුරු ගඩොල් උදලු අරං ගිහින් පාර හදාගෙන එරුනටැක්ටර් එක අපේ ඇගේ මහන්සියෙන් උස්සගෙන තමයි අපි අපේ පතෝල ටික පාරට ගෙනියන්නේ.. 


පතෝල මැස්සක ඔය කඩන වැඩ විතරක් නෙමෙයි. පෝර දාන කාලෙට අපේ කකුල් කුණු වෙනවා. පෝර දාන්නේ වැහි කාලෙට. වැහි කාලෙට යූරියා මඩ පෝර අපේ කකුල් වලට විස වෙනවා. ඒත් අමාරුවෙන් පෝර දාන්න වෙනවා. 


මැස්ස ඇතුලේ බැද්ද වැඩි වුනාම අහින්න ඕනි. ඕකට සිංහෙලන් කියන්නේ උදලු ගානවා. ඒවත් ලේසි පාසු වැඩ නෙමෙයි. වැල් බිම දුවන කාලෙට ඒ බිම දුවන වැල් අල්ලලා අම්මා සහ ගෑනු එකතු වෙලා ඒවා මැස්සට තියල බදිනවා. නැමිලා හිටගෙන හිටවපු කණු වලට පතෝල වැල් තියලා බැදලා වැඩිපුර තියෙන වැල් කඩල දානවා. 


ඇට හිටවන කාලෙට ඒකත් තවත් මිෂන් එකක්. තාත්තා මැහි ඇරලා මාසයක් දෙකක් ගිහින් එන වැස්සට වලවල් කපනවා. අඩි එකහමාර එකහමාර වගේ වලවල් මම හිතන්නේ තුන් හාරසියක් වත් කපනවා. ඒ කපලා ඒවා පුරවලා තමයි ඇට හිටවන්නේ. 


ඔය එක මෙහෙයුමක් වත් මම දැන් කරන කන්තෝරු වැඩ තරම් ලේසි නෑ. ඔය කිව්වේ මැහි ගහන ගොයිතැන් වල තියෙන එක කොටසක් විතරයි. තව ඉතින් වැඩ ගොඩයි. කරිවිල කඩන එක වෙනම ගේමක්. කරිවිල පොඩියි. පතෝල වැටකොලු වගේ ලාකු නැහැ. ඉතින් අතින්ම කඩන්න ඕනා. වෙනම කූඩා ගෙනිහින් ඒවාට කඩන කරිවිල තව ලොකු බෑග් එකකට දානවා. ඒ මල්ල ගෙනත් ආයේ ගෙදර සිමෙන්ති පොලවේ දාලා අරවාතෝරන්න ඕන. 


කන්නන්ගර මහත්තයා නිදහස් අජ්ජාපනේ ගේනන් ඇති. තව ප්‍රේමදාස මහත්තයා රෙදි දෙන්න ඇති. තව මහත්තුරු අපේ නිදහස් අ්ජ්ජාපනේට තව මොනාහරි කරන්න ඇති. ඒ කෙසේ වෙතත් ඒ මහත්තුරු ඒවා දුන්නට අපිලට ඉගෙනගන්න ලොකුම මෝටිවේශන් එක ආවේ පතෝල මැස්සෙන්. පුංචි කාලේ කියල අපිලට නිකං ඉන්න හැටියක් තිබුනේ නෑ. පොඩි එකා වුනාහම  සැපේ ඉන්න ඕනි කියන කල්චර් එක නඩත්තු කරන්න අපේ අමම්ල තාත්තලට ඒ හැටි ආර්ථික සක්තියක් තිබුනෙත් නෑ. ඉතින් අපිත් යාන්තං දුවපැන ඇවිදින්න පුලුවන් කාලේ අපේ මැහි වල වැඩ කලා. 


දැනටත් කන්තෝරුවලට ගිහාම පියන්ලා එහෙම ලියුමක් ගෙනියන්න කිව්වම කැටයන් දානකොට.. " පුකට පයින ගහල පන්නන්න ඒන මේ ගස් කැරියන්ව" කියන පිං සිතුවිල්ල මට එන්නේ මම හිතන්නේ වැඩ කරනවා කියන එකේ තියෙන කටුක බව අපාසුකම ඒ කාලේ ඉදන්ම දැනුන නිසා. කෝටි ගානක් සල්ලි එකතුකරගෙන නැති නිසා සහ ජීවිතේ දින්නෙ ්නැති නිසා මේ කතා අර ටීවි එකේ දුක දිණා ණය ගත් තීරුවට දාන්න අමාරුයි. ඒත් මිනිස්සු පඩි අරං වැඩ නොකර ඔහේ තැවරි තැවරි ඉන්නකොට මට ඇත්තටම මුන්ව එලවනේන් නැත්තේ ඇයි? කියන එක ගැන එන්නේ ලොකු පස්නයක්. 



Monday, July 21, 2025

කතාවට අකමැති වීමේ ලෙඩ


අපේ අයියලාගේ ගෙදර හෝ අපේ ගෙදර තීන්ත ගාන්නට මේසන් වැඩට, වඩු වැඩට, ටැක්ටර් හදන්න ආදී නොයෙක් කාරණා වලට ගොඩවෙන විවිධාකාර මිනිස්සු ඉන්නවා. අපේ තාත්තා මුලදි ටිකක් හිමීට මුට්ටිය දානවා ඉන්න ගම එහෙම අහලා.. තව පැය කීපෙකින් බලද්දි අපේ ඉඩන් කේස් පවුලේ දික්කසාද පලහිලව් අල්ලපු ගෙදර එකා අපිට කරන වෙනස්කම් ආදියත් තාත්තා අර මනුස්සයාට කියනවා.


අම්ම වුනත් වැඩි වෙනසක් නෑ හිටි කාලේ. ඒ කාලේ බස් එකක ගමනක් ගියත් අම්මට ඉන්ස්ටන්ට් යාලුවෝ මිත්‍රයෝ සෙට් වෙනවා. ඒ වගේම හොද නෙට්වර්ක් එකක් තිබුනා එයාගෙම. පොලේ ගියත් පොලේ හැම තැනම නවත්ත නවත්ත යන තෙල් කරත්තයක් වගේ. අපිට එපා වෙනො අම්ම එක්ක සති පොලට ගියොත්. බඩු ගන්නවට වඩා නවත්ත නවත්ත කතාව.


ඒ ඩබලගේ ආගන්තුක සත්කාර වුනත් හරි විවෘතයි. ආයේ පිට මිනිහා කියල වෙනස් කිරීමක් නෑ. දවසක් මම රෑ වෙල ගෙදර යන දවසක තාත්තා පොල් කඩන්න ආපු සෙට් එකක් එක්ක බීලා තාත්තත් වැටිලා අනික් උනුත් තැන තැන විකාර විදිහට ගේ ඇතුලෙම දොයි.


මගේ ෆෝන් බාවිතයේ තියෙන සමහර විකාර ගතිගුණ වලට ඒ ආබාසය ආවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ගෙදර අනෙක් අය මම තරම් අහසින් වැටුන වගේ ගතිගුණ නැහැ. මිනිස්සු එක්ක ෆෙෘ්න් වලින් කතා කරනවා. විස්තර අහනවා. ආදී වශයෙන් එයාල නෝමල්..


මම කෝල් කරන්න කම්මැලි එක. අනුන්ගේ විස්තර අහන්න කම්මැලි එක සුවිසේසී උතුන් මානවීය ගුණාංගයක් එහෙම නෙමෙයි. ඒක විකෘතියක්. මටම හිතාගන්න බැහැ ඒක හොද එකක්ද නරක කක්ද කියලා. යම් ගතිගුණ වලින් අපිට මට පිහිටන ඒවා සුපිරි හොදම ඒවා කියල එකක් නෑ. ඩිසයින් එකේදි අපිට හොද වගේම නරක ගතිගුණත් පිහිටලා තියෙන්න පුලුවන්. 

සාමාන්‍ය කතා බහේදී ගනුදෙනු වලදි විසාල කුලෑටි ගතියක් අවුලක් මට නෑ. ගොඩක් ෆෝවඩ්ම නොවුනත් එහෙම කොන් වෙලා අයින් වෙන මොඩල් එකත් නෙමෙයි. ඒත් සම්බන්ධතා වැඩිදුර ගෙනියන්න මේ යුගේදි මිනිස්සු කෝල් කරන් ඕනා. මට ඒක නෑ. ඒක ඇවිත්ම නැහැ.

ලගදි දවසක නිතර යන එන තැනක සුන්දර යුවතියන් වැරදිලා වගේ මගේ දිහා හත් අට වතාවක් බැලුවා. එයා කැමැත්තකින් බැලුවාද නැත්නම් වෙන ඇදුනුම්කමකට බැලුවාද මම දන්නේ නෑ. හැබැයි ටික වෙලාවකින එයාගේ පෝන් එක මල්ලෙන් එලියට ඇවිත් එයාගේ අත උඩට එනවා දැක්කා. එතකොට මට ඒකත් හමාරයි කියන මෙව්වා එක දැනුනා.

මොකද මම කෝල් ගන්න අලි කම්මැලියි. අවසාන වතාවට දෙවනි රාජසිංහ කාලේ වගේ තිබුන රිලේශන්සිප් වල කෝල් වලින් සීයෙට අනූවකට වඩා අරං තියෙනේන් ගෑනු ළමයාගේ පැත්තෙන්. සමහර වෙලාවට මම කෝල් එකක් ගන්නේ අත්‍යාවශ්‍ය දෙයක් දැනගන්න යමක් කෙලින්ම අහනන් ඕන වෙලාවට විතරයි.

සෝසල් මීඩියා වල ලියන ඒවාට. වීඩියෝ දාන ඒවාට මම මනාපයි. ඒවගේ අඩුපාඩුවක් නෑ. ඒත් මිනිස්සුන්ට කෝල් කරන එක හම්මෝ එපාවෙන බෝරින් වැඩක්..

ඒ කාලේ කොහොමද?

අපේ අයියලා ආදරය කරපු 90 දශකය කාලේ ලියුන් තිවුනා. ලියුම් වලින් තමයි ආදරේ කලේ. ඉන් පස්සේ ෆෝන් ආවා. ෆෝන් වල මොන ඇඅප් තිබුනත් කට්ටිය කතා කරන එක ආදරේ මුල් සාදකයක් විදිහට ගත්තා. මට හිතෙනේන් සමීක්ෂණයක් කලොත් එහෙම ලංකාවේ ජෝඩුවක් මුලින්ම ලිංගිකව හැසිරෙන අවස්තාවක බොහෝ වෙලාවට අඩුම වශයෙන් එයාල දෙන්න පැය දහයක් වත් කෝල් කරගෙන ඇති. කතාකරලා ඇති.

ඉතින් මම කැමති ඉතා පරණ විදිහට. මිනිස්සු ගෑනු අදුරන්නේ මූණු වලින්. අපි එකිනෙකා හමුවෙන හැම වෙලාවකම අපේ මුහුන අනෙකාට පේනවා සරුවාංගය පේනවා. ඉන් පස්ස් අපි කතා රනවා. කතරකරන අතරත් සම්පූර්ණම නැතත් අවදානයෙන් වැඩි කොටහක් අනෙකාට දනේනම වෙනවා.

ආදරේ කිරීම චැට් සහ කෝල් වලට පරිවර්තනය වෙලා ඒ මගින් රිලේසන්සිප් වැඩිදියුනු වීම ආයේ රිවස් එකකට යන්නේ නෑ. ඔහොම තමයි. ඒත් ඉන්දියාවේ සමහර පැතිවල දැන් ආයෙමත් නාදුනන මිනිස්සු එකතුවෙන විවිධ ඉවෙන්ට් තියෙලු. ඒවගෙන් ගෑනු පිරිමි සෙට් වෙනවාලු. උදාහරණ විදිහට වෝකින් ක්ලබ් වගේ ඉවෙන්ට් වලට ගෑනු පිරිමි දෙපාර්ශවයම සහබාගී වෙනවා. ෆුල් ඔෆ්ලයින් සීන් එකක් වෙන ඒකෙදි කෙලින්ම කට්ටිය සෙට් වෙලා කතාබහ කර කර යනවා.

ඉතින් මේ විදිහේ කෝල් වලට අකමැති කට්ටිය ලව් කරන්න ෆෝන් එක කට ඇතුලේ දාගෙන කුටු කුටු ගාන්න අකමැති කට්ටිය තවත් ඇති. සමහර විට ෆෝන් එක නැතිව රිලේශන්සිප් පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. බාගෙදා එහෙම සමාජයක් හදාගත්ත නම් ඒකෙත් යම් වෙනසක් ගතියක් ඇති. ඒ කියන්නේ ඉස්සර වගේ ෆේස්ටු ෆේස් පමණක් මීට්.. ඕන නම් දවස තැන විතරක් අපි වෙනත් තැනක හුවමාරු කරගන්නවා.

Monday, July 7, 2025

රිවස්ටන් ගමන

රිවස්ටන් ඉදන් පිටවල පතනට පයින් 

රිවස්ටන් ඉදන් පිටවල පතන ලගට කිලෝමීටර් 6ක් විතර තියෙ. අපේ බස් එක කැඩුනා රිවස් එක වැටෙන් නැතුව රිවස්ටන් වල. රිවස්ටන් වල රිවස් එක වැටෙන් නැති වීම අසිරිමත් සිදුවීමක්. ඉතින් එතන ඉදලා පහලට යන්න විදිහක් නෑ. අපි චාරිකාව අවසානේ බොන්න ගත්ත මත් පැන් බෝතලය රිවස්ටන් වලදිම බොන්න පටන් ගත්තා. ඉතින් වෙරිපිට අපි බහින්න සෙට් වුනා. ශා..ඒ මත් පැන් වල සැර උඩට එද්දිම සීතල සුලග ඇගට වදිනවා. එදා හුලං තද දවසක් නිසා කදිමයි. රිවස්ටන් ඉදන් පිටවලට බහින ටිකට ලස්සනම ලස්සන වීව් පොයින්ට් තුනක්ම තිබුනා. අපි ඒවා දැකබලාගෙන වැදපුදාගෙන පහලට බැස්සා. බැස්සා කිව්වට පැයක් දෙකක් විතර අපි ගෑටුවා. මගක් බහිද්දි අපේ බස් එකේ රිවස් එක හදාගෙන ආවා. 



රිවස්ටන් 

රිවස්ටන් කියන්නේ මොකක්ද ? ඇත්තටම ඒක අවසානයේ තියෙන්නේ ටවර් එක. මගදි එදා හුලං හමලා පොඩි මනුස්සයෙක් වැටෙන්නත් ගියා. ඒ තරමට හුලග. උඩට ගිහාම වලාකුලු දඩි බිඩි ගාල තම්බි මිනී ගෙනියනවා වගේ ඉක්මනින්ම යනවා පෙනුනා. අපි රිවස්ටන් විසාල ටවර් එකයි පොඩි ටවර් එකයි දෙකම කවර් කලා. ඒ හුලං කපොල්ලට හුලං හමද්දි එන රූං රූං සද්දේ බයංකාර එකක්. ඒ වගේම ඈතින් ඉදන් රිවස්ටන් ටවර් එක බැලුවාම පේන දර්ශනය රෝන් ටර්න් ෆිල්ම් එකක දර්ශනයක් වගේ. 



රිවස්ටන් යද්දි

කොච්චර හුලං තිබුනද කිව්වොත් අපේ කෙනෙක්ගේ තොප්පියක් හුලගේ ගිහින් පදුරක් උඩ රැදුනා මම ගිහින් ඒක අරං දුන්නා. තව පොඩි ළමෙක් වඩාගෙන ආපු කෙනෙක්කුත් හුලං සැරට ගිහින් පස් කන්ඩිය අයිනේ වැදුනා. ඒ සද්දේ එක්ක එන හුලං අත්දැකීම සැරටම තිබුනා. 



පිටවල පතන 

පිටවල පතන බලන්න අපි යද්දි ඉර බහින වෙලාව. ඉර බහින දර්ශනය කදිමෙට ගන්න අපිට පුලුවන් වුනා. කදුවල ලස්සන තියෙන්නේ ඉර නගිද්දියි බහිද්දියි. ඒ වෙලාවේ එතන ඉන්න ලැබුන එක වාසනාවක්. 



කාර්මික දෝශය 

අපේ බස් එක මගදි කැඩුනා. රිවස්ටන් වලදි රිවස් එක වැටෙන් නැති එක තමයි අවුල. ආයේ එතනදි බස් එක හදාගෙන එද්දි තව තැනක වංගුව ගන්න බැරිව හිට්ටා. එතන හිටිය ඔක්කම එකතු වෙලා තල්ලු කරගෙන ආයේ බස් එක ගොඩදාගත්තා. කාර්මික දෝශ කියන්නෙ කලින් කාටවත් හිතන්න බැරි දෙයක්. රිවස්ටන් වගේ රිමෝට් තැනකදි කාර්මික දෝශයක් කියන්නේ තවත් අමාරුවේ වැටෙන වැඩක්. අපිට මේ පාර ඒ අත්දැකීමත් ලැබුනා. 



මාතලේ අලුවිහාරේ 

අපි අලුවිහාරේ ගියේ උදේම. ඒ යද්දි අලුවිහාරය උදේම අතුපතුගානවා. පරණ නුවර යුගේ චිත්‍ර සහ පිලිම වහන්සේලා අලුවිහාරේ තියෙනවා. තව අපායක් එහෙම බලන්න යන්න තිබුනා. මම අපාය බලන්න ඒ හැටි මනාප නැති නිසා ඒක මග ඇරියා. අලුවිහාරේ තමයි ත්‍රිපිටකය පොත් වල ලිව්වා කියන්නේ. ඒ පුස්කොල සම්බන්ධ පුස්තාකාලයකුත් අලුවිහාරේ තියෙනවා.



සෙට් එක 

අපේ කන්ඩායමේ කලින් අය කවුරුත් මාව හදුනන්නේ නෑ. ඒත් එයාල ඉක්මනින්ම මිතුරු වුනා. අපි එකම පිරිසක් වගේ කෑම බීම සහ සංචාරක කටයුතු කලා. විනෝද වුනා. කාලයක් දන්න අය වගේ විහිලු තහලු කරගත්තා. පොඩි පොඩි කාර්මික දෝශ වුනත් අපි ඒවා නිසා අපේ ෆන් එක මිස් කරගත්තේ නෑ. ඉතින් තවත් ආතල් සවාරියක් ඒ විදිහට ඉවර වුනා.