Monday, July 21, 2025
කතාවට අකමැති වීමේ ලෙඩ
අපේ අයියලාගේ ගෙදර හෝ අපේ ගෙදර තීන්ත ගාන්නට මේසන් වැඩට, වඩු වැඩට, ටැක්ටර් හදන්න ආදී නොයෙක් කාරණා වලට ගොඩවෙන විවිධාකාර මිනිස්සු ඉන්නවා. අපේ තාත්තා මුලදි ටිකක් හිමීට මුට්ටිය දානවා ඉන්න ගම එහෙම අහලා.. තව පැය කීපෙකින් බලද්දි අපේ ඉඩන් කේස් පවුලේ දික්කසාද පලහිලව් අල්ලපු ගෙදර එකා අපිට කරන වෙනස්කම් ආදියත් තාත්තා අර මනුස්සයාට කියනවා.
අම්ම වුනත් වැඩි වෙනසක් නෑ හිටි කාලේ. ඒ කාලේ බස් එකක ගමනක් ගියත් අම්මට ඉන්ස්ටන්ට් යාලුවෝ මිත්‍රයෝ සෙට් වෙනවා. ඒ වගේම හොද නෙට්වර්ක් එකක් තිබුනා එයාගෙම. පොලේ ගියත් පොලේ හැම තැනම නවත්ත නවත්ත යන තෙල් කරත්තයක් වගේ. අපිට එපා වෙනො අම්ම එක්ක සති පොලට ගියොත්. බඩු ගන්නවට වඩා නවත්ත නවත්ත කතාව.
ඒ ඩබලගේ ආගන්තුක සත්කාර වුනත් හරි විවෘතයි. ආයේ පිට මිනිහා කියල වෙනස් කිරීමක් නෑ. දවසක් මම රෑ වෙල ගෙදර යන දවසක තාත්තා පොල් කඩන්න ආපු සෙට් එකක් එක්ක බීලා තාත්තත් වැටිලා අනික් උනුත් තැන තැන විකාර විදිහට ගේ ඇතුලෙම දොයි.
මගේ ෆෝන් බාවිතයේ තියෙන සමහර විකාර ගතිගුණ වලට ඒ ආබාසය ආවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ගෙදර අනෙක් අය මම තරම් අහසින් වැටුන වගේ ගතිගුණ නැහැ. මිනිස්සු එක්ක ෆෙෘ්න් වලින් කතා කරනවා. විස්තර අහනවා. ආදී වශයෙන් එයාල නෝමල්..
මම කෝල් කරන්න කම්මැලි එක. අනුන්ගේ විස්තර අහන්න කම්මැලි එක සුවිසේසී උතුන් මානවීය ගුණාංගයක් එහෙම නෙමෙයි. ඒක විකෘතියක්. මටම හිතාගන්න බැහැ ඒක හොද එකක්ද නරක කක්ද කියලා. යම් ගතිගුණ වලින් අපිට මට පිහිටන ඒවා සුපිරි හොදම ඒවා කියල එකක් නෑ. ඩිසයින් එකේදි අපිට හොද වගේම නරක ගතිගුණත් පිහිටලා තියෙන්න පුලුවන්.
සාමාන්‍ය කතා බහේදී ගනුදෙනු වලදි විසාල කුලෑටි ගතියක් අවුලක් මට නෑ. ගොඩක් ෆෝවඩ්ම නොවුනත් එහෙම කොන් වෙලා අයින් වෙන මොඩල් එකත් නෙමෙයි. ඒත් සම්බන්ධතා වැඩිදුර ගෙනියන්න මේ යුගේදි මිනිස්සු කෝල් කරන් ඕනා. මට ඒක නෑ. ඒක ඇවිත්ම නැහැ.
ලගදි දවසක නිතර යන එන තැනක සුන්දර යුවතියන් වැරදිලා වගේ මගේ දිහා හත් අට වතාවක් බැලුවා. එයා කැමැත්තකින් බැලුවාද නැත්නම් වෙන ඇදුනුම්කමකට බැලුවාද මම දන්නේ නෑ. හැබැයි ටික වෙලාවකින එයාගේ පෝන් එක මල්ලෙන් එලියට ඇවිත් එයාගේ අත උඩට එනවා දැක්කා. එතකොට මට ඒකත් හමාරයි කියන මෙව්වා එක දැනුනා.
මොකද මම කෝල් ගන්න අලි කම්මැලියි. අවසාන වතාවට දෙවනි රාජසිංහ කාලේ වගේ තිබුන රිලේශන්සිප් වල කෝල් වලින් සීයෙට අනූවකට වඩා අරං තියෙනේන් ගෑනු ළමයාගේ පැත්තෙන්. සමහර වෙලාවට මම කෝල් එකක් ගන්නේ අත්‍යාවශ්‍ය දෙයක් දැනගන්න යමක් කෙලින්ම අහනන් ඕන වෙලාවට විතරයි.
සෝසල් මීඩියා වල ලියන ඒවාට. වීඩියෝ දාන ඒවාට මම මනාපයි. ඒවගේ අඩුපාඩුවක් නෑ. ඒත් මිනිස්සුන්ට කෝල් කරන එක හම්මෝ එපාවෙන බෝරින් වැඩක්..
ඒ කාලේ කොහොමද?
අපේ අයියලා ආදරය කරපු 90 දශකය කාලේ ලියුන් තිවුනා. ලියුම් වලින් තමයි ආදරේ කලේ. ඉන් පස්සේ ෆෝන් ආවා. ෆෝන් වල මොන ඇඅප් තිබුනත් කට්ටිය කතා කරන එක ආදරේ මුල් සාදකයක් විදිහට ගත්තා. මට හිතෙනේන් සමීක්ෂණයක් කලොත් එහෙම ලංකාවේ ජෝඩුවක් මුලින්ම ලිංගිකව හැසිරෙන අවස්තාවක බොහෝ වෙලාවට අඩුම වශයෙන් එයාල දෙන්න පැය දහයක් වත් කෝල් කරගෙන ඇති. කතාකරලා ඇති.
ඉතින් මම කැමති ඉතා පරණ විදිහට. මිනිස්සු ගෑනු අදුරන්නේ මූණු වලින්. අපි එකිනෙකා හමුවෙන හැම වෙලාවකම අපේ මුහුන අනෙකාට පේනවා සරුවාංගය පේනවා. ඉන් පස්ස් අපි කතා රනවා. කතරකරන අතරත් සම්පූර්ණම නැතත් අවදානයෙන් වැඩි කොටහක් අනෙකාට දනේනම වෙනවා.
ආදරේ කිරීම චැට් සහ කෝල් වලට පරිවර්තනය වෙලා ඒ මගින් රිලේසන්සිප් වැඩිදියුනු වීම ආයේ රිවස් එකකට යන්නේ නෑ. ඔහොම තමයි. ඒත් ඉන්දියාවේ සමහර පැතිවල දැන් ආයෙමත් නාදුනන මිනිස්සු එකතුවෙන විවිධ ඉවෙන්ට් තියෙලු. ඒවගෙන් ගෑනු පිරිමි සෙට් වෙනවාලු. උදාහරණ විදිහට වෝකින් ක්ලබ් වගේ ඉවෙන්ට් වලට ගෑනු පිරිමි දෙපාර්ශවයම සහබාගී වෙනවා. ෆුල් ඔෆ්ලයින් සීන් එකක් වෙන ඒකෙදි කෙලින්ම කට්ටිය සෙට් වෙලා කතාබහ කර කර යනවා.
ඉතින් මේ විදිහේ කෝල් වලට අකමැති කට්ටිය ලව් කරන්න ෆෝන් එක කට ඇතුලේ දාගෙන කුටු කුටු ගාන්න අකමැති කට්ටිය තවත් ඇති. සමහර විට ෆෝන් එක නැතිව රිලේශන්සිප් පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. බාගෙදා එහෙම සමාජයක් හදාගත්ත නම් ඒකෙත් යම් වෙනසක් ගතියක් ඇති. ඒ කියන්නේ ඉස්සර වගේ ෆේස්ටු ෆේස් පමණක් මීට්.. ඕන නම් දවස තැන විතරක් අපි වෙනත් තැනක හුවමාරු කරගන්නවා.
Subscribe to:
Post Comments (Atom)
මම සෝවියට් රුසියාවේ ඉගෙනුම ලබද්දී තරුණ තරුණියන් හමුවෙන කඳවුරු තිබුනා.
ReplyDeleteඒවායේ අපි බැදපු අර්තාපල් පෙති, හරක් මස් ස්ටු කමින් වොඩ්කා බොමින් කාලය ගත කලා.
මට සයිබිරියානු මිතුරෙක් සිටියා ක්‍රයිචේක් නමින්.
අප අතර රාත්‍රීන් හීදී පෙම් ආලිංගන සිදු වුවා.