Monday, October 27, 2014

වැනෙන හංස Yuwala

විටෙකදි නෙත් සරය කියන්නේ
හොරහින් මදෙස බලන්නේ
ඇයි මරු දූතිකාවියේ
වැනෙන හංස යුවල මාව මත් කලේ








සැලෙන නිතම ලෙලේ
නිලට නිල් ඩෙනිමේ
පවස නිවනු ලෙසේ
වාරම් කියමු නගේ..

හිත ඒ පැත්තේ
දෙන්න දෙපැත්තේ
කවදද ආතුරයා
යහනට එන්නේ





කූරු කොන්ඩ කරල් දෙකට ගෙතීයන්
හිරට ඇළුනු සලු ගැලවී ලිහීයන්
රතින් වැහුනු තොල් රන් සේ වැහීයන්
අහසෙ ඉන්න උඹ පොලවට වැටීයන්  

මේ කවිය කියන තාලය අහගන්න මෙතන ඔබන්න. 
යූටියුබ් එකේ අහන්න මෙතන ඔබන්න. 

මංගලාරාම PLC සහ බෞද්ධ ECG

චීවරේ පෙනුන පලියට පොඩි දරුවො ඉන්න තැනක නම් මේ වීඩියෝ ඕපන් කරන්න එපා. මොකද මේ චීවරධාරියා චීවර දරන අය සාමාන්‍යයෙන් කතා කරන විදියට නැතුව වෙනත් විදියකට තමයි කතා කරන්නෙ. කොටින්ම නානසාදුටත් එහා.. 

පිංවතුනි ඔබ මේ වීඩියෝව තවමත් දැක්කෙ නැත්නම් මෙන්න ඒක

මේ පොඩ්ඩක් පසුව පටිගත කල එකක්..
 


මේ හාමුදුරුවන්ගේ හමාර බණ


දැන් පිංවතුනි අපි මේ ගැන බුකිවාසී මගේ මිතුරියකගේ අදහස දැනගනිමු..ඇය මීට මාස කිහිපයකට පෙර මේ පැත්තෙ චාරිකාවක් ගියාය. ඉතිං ඇයගේ විස්තරය ඇත්තය කියලා මම සිතනවා. 

“හැම තැනම කතා වෙන ශෙයාර් වෙන විඩියෝවෙ හාදුමුරුවො දැකල පුරුදුයි. යකඩෝ....................බැලින්නම් ඒ අපි ත්‍රිකුණාමලයෙ යද්දි අතරමග නවාතැන් ගන්න නැවතුනේ ඔය කියන චණ්ඩි හාමුදුරුවන්ගේ පන්සලේ නවැතැන් පොලේ නෙව. උදේ ම නඩේ යන්න කලින් කතා කරල අරන් හෙණ දේශමාමක බණකුත් කීවා. “ අනේ පවු නේ ද, දන් ටිකක් වත් දෙන්න කෙනෙක් නෑනේද “ කියල හිතල නඩේ ඇත්තො සල්ලිත් එක්කාසු කරල දුන්න... මට මතකයි එක ජෝඩුවක් එවලෙම පිරිකරකුත් පූජා කරා. ඒත් කිහිප දෙනෙක් කුටු කුටු ගාලා බැන්නත් එක්ක.එදත් හාමුදුරුවෝ කීවා තමා වටේම ඉන්න අය එක්ක නඩු කියන කතාවක්. වටේම ඉන්න මුස්ලිම් මිනිස්සු පන්සල අල්ල ගන්න හදනව කියලත් කීවා.ඔය පන්සල ලගදි තමා අපි අර බස් එක උඩ නැගල එහාට මෙහාට යන රිලා නයිදෙවත් දැක්කේ. එදත් හරිම ආවේග ශීලි කතාවක් තමා කලේ. හැබැයි කුණුහරුප නම් කීවේ නෑ මළ කෙළියයි. මොකක් ද හාමුදුරුවනේ මේ කර ගත්තේ . හැබැයි ඉතින් කතා දෙකක් නෑ. නවාතැන් පලකුත් පන්සල එක්කම කරන නිසා විදුලිය කොකු ගහල ගන්නෙක නම් පට්ට ලාභයි. " 

දැන් අපි සිතමු මේ පංසලට මාසෙකට නඩ තුනක් විතර නවාතැන් ගන්න එනවාය කියලා. ඒ වගේ වෙලාවක මේ හාමුදුරුවන්ට ආදායම් දෙකයි. එකක් 
ජාතිවාදය මගින් නඩුවැඩ, පුරාවිද්‍යා වල විවිධ වැඩ ආදියකියලා ගන්න සල්ලි. 
අනික තමයි එන අයගේ නවාතැන් පහසුවට ගන්න සල්ලි. 

එහෙම සල්ලි මාර්ග දෙකක් තියෙන මේ තුමාට ලයිට්බිල ගෙවාගන්න බැහැ ලු.. හැබැයි මේ වීඩියෝ ෂෙයා වෙන්න වෙන්න තවත් හාමුදුරුවන් ජනප්‍රිය වෙලා එයාගේ ආදායම තවත් වැඩිවෙනවා.  ආගම් වලින් සල්ලි හම්බකරන විශාල මෝරුන් අතර මංගලාරාම සාදු හාල්මැස්සෙක්ටත් වඩා පොඩි ඇති. නමුත් ඉතිං බිස්නස් කරනකොට තමුන් ගන්න සේවා වලට ගෙවන්න ඕනි. ඒකනෙව වෙන්න ඕනි.

Saturday, October 25, 2014

මගේ මංගල දැන්වීම

කොළඹ කොටුවට නුදුරු දුම්රිය මාර්ගයක් ආසන්නයේ නිවසක බින්න බැසීමට කැමති තරුණයෙකුට මනාලියක් සොයයි. 

මීගමු කෝච්චි පාරේ නම් ජා ඇල දක්වාත්, ප්‍රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩ දක්වාත්, කැළණිවැලි මාර්ගයේ කොට්ටාව දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දක්වාත් සළකා බැලේ. 

විශාල පවුල් බරින් තොර වීම මනා වන අතර මාගේ වැටුප සාමාන්‍ය රාජ්‍ය සේවක ලිපිකරුවකුගේ වැටුපට සමාන වේ. රැකියාව අස්ථිර වුවත් වසර දහයක පටන් මේ අස්ථිර රැකියාවේ කිසිවෙකුත් ඉවත් කොට නැත. බැංකු ණය ලබාගැනීමටද හැකිය. 

යුවතිය විශාල මංගල උත්සව ආදිය ගැනීමට අකමැති වීම විශාල සුදුසුකමක් වන අතර (අවශ්‍යනම් ලක්ෂයක් දෙකක් වියදම් කර කුඩා මගුලක් ග හැක.) ගෙවල් සැදීමට සහ කාර් එකක් ගැනීමට මෙම වැටුපෙන් නොහැකි වන බැවින් ඒවා ගැන විශාල බලාපොරොත්තු නොමැති ගැහැනු ලමයෙකු වීමද වටිනා සුදුසුකමක් වේ. 

විවෘත මනසක්,මනා සිරුරක්..හුරුබුහුටි කයක්, දගකාර ජීවිතයක් වැනි ලක්ෂන වලට ලකුනු නොලැබෙන අතර (තිබුනාට කම් නැත)  ආවේනික ගන්ධයක් සිරුරෙන් හමයි නම් එයට මා අකමැති බව කණගාටුවෙන් වුවද පවසන්නට කැමතිය. 

ගෙදර දොර වැඩ නොදැනීම ගැටලුවක් නොවන අතර දෑවැද්ද නොසලකා හැරේ.. දෑවැද්ද ලෙස ඉතා කැමැත්තෙන් යමක් ලැබේනම් මවුපිය කැමැත්තට පිටුපෑම, සම්ප්‍රදායට ගැරහීම යුතු නොවන බැවින් එයට එකග වෙමි. 

රැකියාවක් නොමැතිව නිවෙස්වල සිටින විට නැති ප්‍රශ්ණ උත්පාදනය විය හැකි බැවින් කවරහෝ තරාතිරමක රැකියාවක් තිබිම හොදය.

කේන්ද්‍රයේ යෝනිය කුමක්දැයි මට වැදගත් නැත, නමුත් දෙමාපියන් වැඩිහිටියන් සහ පරම්පරා කුට්ටමේ අය කේන්දර ගැන විශ්වාස කරයි නම්ඒ සදහා කේන්දරයක් තනාගැනීමේ පහසුකම මට ඇති බැව් සතුටින් දන්වා සිටිමි. 

නිතර දුරකථනයෙක් කතාකිරීමට අකමැති හෙයින්ද, ප්‍රේම කර පළපුරුද්ද නොමැති බැවින්ද මා හට සුළු කාලයක්හෝ ප්‍රේම කිරීම කල නොහැකි යැයි සිතමි. එබැවින් හමු වූ විගස පහසු කාල වේලාවන් අනුව කසාදම බැදීමට හැකිනම් එය වඩාත් සුදුසු වේ.  

මේ දැන්වීම පළ කරන්නේ මා විසින්ම වන අතර කසාද බැදීමට උවමනාව ඇත්තේද මා හටය. දෙමාපිය නෑදෑ යාලු මිත්‍රයින්ගෙන් කසාදය කිසිදු බලපෑමක් සිදු නොවන අතර අප නිවසට යන එන විට සංවරව හැසිරීමට බොහෝ ගැහැනු ලමුන්ට අපහසුවක් නොවේ යැයි සිතමි. 

මෙය කියවන ඔබම හෝ ඔබ දන්නා කියන ගැහැනු ලමයෙකු මේ ලක්ෂන වලින් බොහොමයක් සම්පර්ණ කරන්ෙන් නම් ඊ මේලයක් හරහා මට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

ඊමේල් නම්බරය : indika27@gmail.com

ස්තූතියි.
.(විහිළුවට ප්‍රතිචාර දක්වන ගැහැනු ලමුන් සිටීනම් ඔවුන් විහිලුවට කසාද බැදීමට ද කැමති බව මා විසින් නිගමනය කරනු ලැබේ. )

Thursday, October 23, 2014

වත්තක් ගන්නවා වෙනුවට ජනේලයක් ගැනීම

වත්තක් ගන්න බැහැ ලේසියෙන්. ඒ නිසා අපි ලස්සන ජනේලයක් අරගෙන ලස්සන තිර දානවා. අවුලක් නැහැ යසට පේනවා නොවැ. හැබැයි ඉතිං දැන් හැදෙන ගෙවල් වල ලොකු තිර දාල ලස්සන ජනේල තිබුනාට ඉස්සර වගේ මහා දුර ඈතක් පේන්නෙ නැහැ. වැඩිම වුනොත් අල්ලපු ගෙදර අවුරුදු හැටදෙකක් විතර වයසක රූමත් ඇන්ටි රෙදි වනනවා පෙනේවි. එච්චරයි.

මම අලුතින් ෆෝන්, ඉන්ටනෙට්, ලැප්ටොප්, හෙඩ්ෆෝන්, සීඩී ආදිය මිලදී ගන්න හදන හැමවෙලාවෙම අපේ තාත්තා කියන දෙයක් තමයි. ඕවයින් එක රුපියල් හම්බ කරන්න ඇහැක? වියදම විතරයි. නිරපරාදෙ. ඒ ඔහුගේ අදහස. 
දැන් කාලෙ තවදුරටත් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් බඩු වලින් ඉස්සර කාලෙ වගේ නම්බුවක් තැනක් ලැබෙන්නෙ නැහැ. ඇපල් ෆෝන් එකකින් එහෙම දෙයක් ලැබුනත් ඒකත් භාවිත කරන  තැන අනුව වෙනස් වෙනවා. 

අද මම ඇතුළු තරුණ ජීවිත බොහොමයක් දුවන්නෙ යම් කිසි කෘතිම වේදිකාවක. ඒ කෘතිම වේදිකාව වෙලාවකට ඉන්ටෙනෙට් , ෆේස්බුක්, වයිබර් හෝ ෆෝන් එක වෙන්න පුලුවනි. කෝල්, මැසේජ් සෝෂල් නෙට්වර්ක් හරහා අපි අලුත් ලෝකයක් අපේම වෙනම අවකාශයක් හදාගෙනයි ඉන්නෙ. අපේ ජීවිතය නිර්මාණය වෙන්නෙ මේ ඉලෙක්ටොනික අවකාශය හරහා..කෙනෙක් කියන්න පුලුවනි. අනේ මම පේස්බුක් යන් නැහැ. ෆෝන් එකෙන් ගේම් ගහනවා විතරයි කියලා. නමුත් ගේම් ගහන්නෙ කා එක්කද? කාරුවත් නැහැ නේද? ඒ කියන්නෙ ඉස්සර ගේම් ගහද්දි හිටපු පිරිස වෙනුවට අද ඉන්නෙ නිර්මාණය කරපු අවකාශයක් විතරයි. 

මං එක්ක කෝච්චියෙ යනවා ලස්සන ගෑනු ලමයි දෙන්නෙක්. සංකරණ හා සංයෝජන අනුව කෙසේ වෙතත් අපි තුන්දෙනා බොහෝ වෙලාවට එකලග යනවා. ඒ ඇයි කියන්න දන්නෙ නැහැ. එකම දොරෙන් අපි තුන්දෙනාම නගිනවා. 
මං එක ගෑල්ලමයෙක්ට ලයික් වෙලා ගුඩ් මෝනින් කිව්වා දවස් තුන හතරක්. එ් ගෑල්ලමයා සුදුයි. ලස්සනයි.එයා මම ගුඩ්මෝනින් කිව්වාම උත්තර දෙන්නෙ අර ඊජිප්තුවෙ ගීසා වල පිරිමිඩ් එකේ ඉන්න ගෑනු රූපෙ වගේ. කිසිම හැරිල්ලක් නැහැ..එයා බලං ඉන්න පැත්තම බලාගෙන ගුඩ් මෝනින් කියනවා. කිසිම ඇක්ෂන් එකක් නැහැ. මං දවස් කිපයක්ම උත්සාහ කලා. ම්හු.. වැඩක් නැහැ ඒක මහ පරණ ඇන්ජිමක්..කොච්චර ගැහුවත් ස්ටාට් වෙන් නැහැ. 

එයා මම කරදර කරනවාට අකමැති නම් කෙලින්ම කියන්න තිබුනා නෙව..එපා කියල..එහෙමත් නැහැ. සති තුන හතරක් තිස්සෙ වාතවෙලා කතා කරන්න ගිහින් තව මාසයක් විතර දැන් කතානොකරත් ගෙවිල ගියා. තාමත් එහෙම්මයි. අපි එකලග කෝච්චියෙ ගියාට මං හිතන්නෙ මැෙරනකල් එක ලග  ගියත් කතා බහ කරන එකක් නැහැ.

ඔය ගෑනුනේ..පිරිමි කියාල මහ වෙනසක් නැහැ. සමාර විට අවුරුදු ගනන් එක ලග වාඩිවෙල යනවා නෝ කතා නෝ සිනා..කිසිම හැල හොල්මනක් නැහැ. සමහරු ෆෝන් කනේ ගහන්. සමහරු ගේම් ප්ලේ කරනවා. තවත් අය ෆෝන් එකෙන් චැට් කරනවා. නැත්තං නිදි. 

නමුත් මීට අවුරුදු පනහකට හැටකට කලිං එහෙම නැහැ. මිනිස්සු බස් එකක යද්දි කතා බහ කරනවා. දැනටත් ගමකට හදිසියකට යන්න වුනොත් ගමේ මිනිස්සු පිටින් එන අය එක්ක කත කරන ගතියක් තියෙනවා. නමුත් කොළඹ දි එකිනෙකා වැදුනත් සොරි වලින් එහාට කතා වක් නැහැ. 

අද අපි විනෝදය ගන්නෙ උපකරණ හරහා. රූප පෙට්ටිය, පරිඝනකය, රේඩියෝව.ෆෝන් එක..ආදී දේ වලින් අපි විනෝදය ලබා ගන්නවා. නමුත් අපේ තාත්තලා රන් කරපු නවසිය පනහ හැට ගනන් වලදි විනෝදය බොහෝවිට ලබාගන්නෙ උපකරණ වලින් නෙමෙයි. එයාල අවස්ථාවන් හරහා සාමූහික ක්‍රියාකාරකම් හරහා විනෝදය ලබනවා. සමහර විට ඒ සාමුහික ක්‍රියාකාරකම් ජීවිතය රක්ෂාව සමග බැදුන ක්‍රියාකාරකම් වෙන්න ඇති. 

ඉස්සර ගොයිතැන් වැඩ ආදිය කරද්දි ඒ වගේ සාමුහික වැඩ කටයුතු ආදිය තියෙන තැන් තිබුනා. පසුකාලීනව චිත්‍රපටි, මියුසිකල් ෂෝ තොවිල් පවිල් ආදිය ආවත් ඒවා පවා සාමූහික ක්‍රියාකාරකම් වුනා. ඒ දවස්වල මැච් බලනවා වගේම මැච් ගහනවා. නමුත් අද බොහෝ සාමූහික වැඩ නැවතිලා අපි ඉලෙක්ට්‍රොනික් මය විනෝදයට ඇබ්බැහි වෙලා තියෙනවා. 

වියදම අතින් ගත්තා වුන්ත ලැප් එකක්,ස්මාට් ෆෝන් එකක්.ඩේටා කනෙක්සමක්, හෙඩ් ෆෝන් එකක් ගන්න වියදං කරන සල්ලි ඔක්කෝම එකතු කරලා තව කරන්ට් බිලත් එකතු කලොත් අපිටඒ සල්ලි ඔක්කොගෙන්ම නාට්ටි කීයක් බලත හැකිද? මියුසිකල් කොන්සැට් කීයක් අහත හැකිද? ෆිල්ම් කීයක් බලත හැකිද? 

අපේ තාත්ත ඔය ඉලෙක්ටොනික් බඩු ගන්න හැමවෙලාවම අහන ඔය දේවල් වලින් හම්බකරන්න හැකිද කියන ගැටලුව අස්සේ තියෙනවා  පොඩි පරම්පරා වෙනසක්. අපේ තාත්තලයි කාලෙ බඩු ආදිය ගත්තෙ යම් කිසි තැනකට ආවම. උදාහරන විදියට අපේ ගමේ ඉස්සර ටීවි  රේඩියෝ, ෆෑන්, ටැට්ටර්, බයික්, ත්‍රීවිල් ගන්නවා. ඒ බඩු ආදිය ගන්නෙ ඒ ඒ තත්වයට ආවම. ඒ කියන්නෙ සල්ලි ගොඩක් තියෙන මිනිස්සු බඩු හරහා තමුන්ගේ තත්වය ප්‍රදර්ශනය කලා. 

ඒ වගේම අපේ තාත්තලා පාවිච්චි කරන බඩු කෑලි සීමිත ගානය් ඉස්සර ගෙවල් වල තිබුනෙ. කැත්ත උදැල්ල, මුල්ලුව, වීල් බැරෝව, කරත්තෙ වගේ හැම දෙයක්ම කුමක් හෝ ආදායම් ලබන්න හේතු වුනා. ඒ නිසා අපේ තාත්තලයි පරම්පරාවෙ අය හිතනවා අඩේ හැම බඩුවම සල්ලි හොයන්න දායක වෙනවා කියලා. ඒ අතින් බලනකොට අපේ තාත්තට මේ පෝන් එක සල්ලි හොයන්න දායක වෙන හැටි හිතාගන්න බැහැ. 
මේකට එක්තරා විදියක ෆෝන් සහ තාක්ෂනයේ දියුනුවට සාපේක්ෂව ලාංකික අපේ ජීවිත සරල කරන්න ලේසි කරන්න තාක්ෂණය ඒ තරං උදව් නොවීමත් හේතු වෙනවා වෙන්න ඇති.

කස්ටියක් හිතන්න පුලුවනි. ෂැහ් ඒ කාලෙ වැල බලන්න ටීවි, ලැප්, ෆෝන් නැහැ බඩුවක් ටෝක් කරගන්න ෆෝන් එකක් නැහැ.. මලක් කඩාගන්න විදියක් නැහැ. කොහොමද ඒ කාලෙ කෑලි සෙට් කරගන්නෙ කියලා. අහ්..කාලයේ වෙනසක් නැතුව ඒකාලෙත් මේ වගේම තමයි. මට ඔය පරණ අයගේ කතාවලට රබර් කණ දානකොට ඒ කාලෙ ලදු කැලෑ, කටුපදුරු, වගේම බඩවැටි ඕවිටි අස්සෙත් සිද්ද ිෙවච්චි විවිධ සිද්දි කණට වැටෙනවා. එතකොට හිතෙනවා අඩේ මේ කොන්කිරිට් වලට වඩා බඩවැටි, ඕවිටි, කටුපදුරු, ලදුකැලෑ කොචඤ්චර සනීපෙට තියෙන්න අතිද කියලා.. 

Wednesday, October 22, 2014

මල් කිනිති නෑ දැන්නම් mal kinithi ne dennam


මල් කිනිති නෑ දැන්නම්
දූවිල්ල ඇති බිමේ..
වැටුනාද බොල් පිණි දන් නෑ
පේන්නේ නෑ ඉමේ..

බිත්ති අතරින් වටවී
පාලු වූ වීදියේ
සිඹින්නට තෙරපෙන්න
ආසයි.. මේ සැදෑවේ..

වැස්ස වැටිලා තෙමිලා
පාර වතුරෙන් වැහිලා..
ආදරේ ඒ වාගේ උතුරා
යන්න හදනෝ ද මන්දා..

දාහක් දෙදාහක් තිබුනානම්
වෙලාවක් ඉඩක් හමු වීනම්
පියඹාලා ගොස් සිත්සේ
ආකහේ ඈතින්
කූඩුවෙන්නට තිබුනා
කැදැල්ලක් සොයලා  සෙනෙහසින්..

 මේ කවි ටික මම තාලෙට කියලා යූ ටියුබ්බෙකට දැම්මා. කැමති කට්ටිය ඒකත් බලලාම යන්න.

Tuesday, October 21, 2014

බලු ගැටළුව විසදන්න බල්ලො මරමු




 ඉස්සර බල්ලො මැරුව. පාරෙ ඉන්න බල්ලො බලුවෑන් එකෙන් ගෙනියනවා. බලු වෑන් එක, බල්ලො අල්ලනඉස්පැක්ටර් ලා ඉස්සර කාලෙ ඉදලා තියෙනවා. දැන් බල්ලො ඉන්නවා. නමුත් මරන්නෙ නැහැ. 
අයාලෙ යන බල්ලො නිසා අනතුරු වෙනවා වැඩියි. ප්‍රධානතම අවධානම තමයි ජලභීතිකාව. ජලභීතිකාව ඇතිවෙන්න එක මූලික හේතුවක් බල්ලෝ අපිව හැපීම. පාරෙ ඉන්න බල්ලො නාන්නෙ නැහැ. උන්ගේ ඇගේ මැක්කො,කිනිතුල්ලො, සහ ඇහැට නොපෙනෙන රෝගකාරකයින් බොහොමයි. ඒ බල්ලන්ගෙන් ඒ ආකාරයේ රෝග ආදිය බෝ වෙන්නත් පුලුවනි. 

මේ ඉහත වීඩියෝවෙ තියෙන බස් නැවතුම මේ ආන්ඩුවෙන් ලක්ෂ ගානක් වියදම් කරල හදපු එකක්. ඒ බස් නැවතුමට මම යනකොට බල්ලො හත් අටදෙනෙක්ම වැස්සට ඇවිත් තිබුනා. මිනිහෙක්ට එතන ඉන්න අමාරු තරං ගදයි සමහර බල්ලො. සමහර උන් කසනවා කසනවා ඉවරයක් නැහැ. 

ඒ මදිවට බල්ලො පොරකනවා. බල්ලන්ට සහ සත්තුන්ට ආස අය එකතුවෙලා තමයි මේ බල්ලො මරන්න බැහැ කියන නීතිය ගෙනල්ල තියෙන්නෙ. මට අනුව ඒක ඕනි නැති නීතියක්. බල්ලො වුනත් සමාජයට ප්‍රජාවට වැඩි නම් උන් අයින් කරන්න ඕනි. බල්ලො උපරේෂන් කරලා උන්ගේ අනාගත කූට්ටම අයින් කරන එක හොදයි. නමුත් ගංතුලානෙ පොඩි ටවුන් වල හෙම ඔය වැඩ වෙන්නෙ බොහොම මන්දගාමීව. ඒ නිසා ලේසිම වැඩේ වැඩි බල්ෙලා මරන එක. 

ඔයාගේ ආච්චිහෝ පවුලේ කෙනෙක්ගෙදර ටවැඩියි කියලාඔයා මරල දාන්න හිතනවද? නැහ නේද? කියලා කෙනෙක් මට බනීවි. නමුත් අපේ ආච්චියි බල්ලයි කියන්නෙ වස්තු දෙකක්.මේ බල්ලො වැඩිවුනාම පාරට යනවා. පාරට ගියාම බයිසිකල්පදින අයට වාහන පදවන අයටමේ බල්ලො පුදුම ඇනයක් වෙනවා.ඒ වගේම ජලභීතිකාවබෝ කරන්නත්මේ අය ලොකු දායකත්වයක් සපයනවා. 

ඉස්සර එස්කිමෝ වරු තමුන්ගේ පවුලේ ඉන්න වයසක සහ ඉතා කුඩා ලමයි වැඩියි කියල හිතුනාම හිම තියෙන එලියේ දානවලු. ආයිත් පැය ගානකින්ඇරලා බලනකොට ඒ අයජීවත් වෙලා හිටියොත් ඇතුලට ගන්නවලු. දැන් එස්කිමෝවරු එහමෙ කරන් නහැ. එයාලට උපත් පාලනය ගැන හොද අවබෝධයක් ප්‍රායෝගිකව තියෙනවා. 

නමුත් බල්ලන්ගේ උපත් පාලන වැඩ හරියට පිලිවෙලට වෙන්නෙ නැහැ. ඒ අපිලිවෙල වැඩෙන් අසරණ මිනිස්සු අපි වගේකාර් බාර් නැතුව පාරෙ පයින් යන බයිසිකල් වලින් යන මිනිස්සුන්ට තියෙන්නෙ හද්ද වදයක්. ඔය බල්ලෙක් කාල සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න වුනාම ඒ පවුල වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්න නැහැ.. අර බල්ලා වෙනුවෙන් නම් කස්ටිය පෙනී සිටීවි. 

මට අනුව බල්ලනට් වඩා මිනිස්සු වටිනවා. විශේෂයෙන් පාරෙ පයින් යන මගේ මට්ටමේ පහල මධ්‍යම පාන්තිකයින් වටිනවා. අපිට බල්ලෙන් නිසා සිදුවෙන රෝගයකින්, අනතුරකින් දවස් හතර පහක් ඉස්පිරිතාල ගතවෙලා ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා කාර් තියෙන හොද පොස් අයට ඕනි නං බල්ලො ටික ගාල්කරගන්න පුලුවනි. අපිට අපේ ප්‍රාදේශීය සබා වලට, පි ඇච් අයි මහත්වරුන්ට බල්ලො මරන්න පුලුවන් වෙන්න විධිවිදාන ටික හදලා දෙන්න ක්‍රියාකරනවා නම් ලොකු දෙයක්.

Friday, October 10, 2014

අම්මගේ ඉඩම සහ තවත් කතා




මාතෘ භූමිය කිව්වම අපේ අ‍ැගේ මයිල් ටික කෙලිං වෙලා තියෙන්න ඕනි.මාතෘ භූමිය සිංහලෙන් ලිව්වාම අම්මගේ ඉඩම කියාල වෙන්න ඕනි තේරුම. වෙන රටවල අයගේ මයිල් ගහ පවා යුද්දෙට සැරසෙනවා කියලා ටිබැට් ජාතික ඇස් මහින්ද හිමි කියලා තියෙනවා. බුරුමෙ චිරං ජයතුත් එහෙම කියල තියෙද දන් නැහැ. චිරං ජයතු ලංකාවට ආවා ඇවිත් ගියා. ඒ තරං ආතල් එකක් ගියෙ නැහැ.

ආතල් එක තියෙන්නෙ බැරියර් තියෙන කොට. බැරියර් නැත්තං කොහෙද ආතල්ලෙකක්. ඒකෙදි බො බ සේ හිතුවතරං .තන්බි ටික කිපුනෙ නැහැ. බො බසේ ට ඕනි කෙහෙම්මලක් නටාගන්න ඇරලා තන්බි ටික කටවහාගෙන පාඩුවෙ තමුන්ගෙ වැඩටික කරගනී.ඒකත් යස වැඩේ. ගහන්න ලැබෙන්නෙ වලියක් ගියොත්. වලි නැතුව ගහන්න යන්නෙ පිස්සො නෙව.

පහුගිය සතියෙ ඩේට ඉවරවුනා. සෝසල් මීඩියා ඩේ එකේ නිකං දිපු එටිසලා සිම් එකේ ෆේස්බුක් ෆ්රී. ඒ නිසා මං පහුගිය සතියෙ පේස්බුක් ගියා ඇති වෙන්න. අනෙක් කිසි සයිට් එකකට යන්න බහැ බුකි විතරයි ඒ සිම් එකට යන්න පුලුවන්. සල්ලි දැම්මොත් නම් වෙන ඒවට යත හැකි.

රත්නපුරේ ගුටිකාපු ගණිකාව නුගේගොඩට ගෙනල්ලා පිරුවට අන්දලා පොටෝ අරං තිබුනා. ‍වැඩේ හොදයි වරදක් නැහැ. ඒ ගෑනිගේ වටිනාකම ඉහල ගියා. ටෙලි නාට්ටියක් දෙකක් රගපාන නිලියො සමහර අය මාස දෙක තුනකින් පස්සෙ ගාන්නෙ දාස් ගන්න වල සබන් පවුඩර්. හැබෑට ටෙලි නාට්ටි වලට එච්චර ගෙවනවද? නැහැ නෙව. මම හිතන්නෙ එයාල හෝටල් වලට සල්ලි කාරයො එක්ක ගිහිල්ල නිදාගෙන සල්ලි හම්බ කරනවා ඇති. එහෙම නැතුවත් ඇති. නමුත් මම හිතන්නෙ එහෙමයි. බාගෙද ඒක මට තියෙන අවුලක් වෙන්නත් ඇති.
 

 බට්ටි අක්කාට අර පොලිස් කාරයා අසාධාරනයට ලක් වීමේ පිනෙන් ලොකු සම්පත් ලැබිලා. සල්ලි ගොඩක් ලැබේවි. එයාගෙ වටිනකම වැඩිවෙලා. දැන් එයාට තවත් පන්සියට දාහට යන ගොනෙක් වෙන්න උවමනා නැහැ. නම්බු පිට බඩුවක්. උදුල්ට ස්තුතියි. ඒකට..

රත්නපුර ස්ටෑන්ඩ් එකේ ඉන්න අනික් ගෑනු දැන් ඉරිසියාවෙ පැලෙනෝ ඇති. පරට්ටි. ඒකිගේ පින තිබුනෙ කුනු මුල්ලෙ නෙමෙයි අර පෝන් එකේ සුට්ටි කැමර් එකේ ..උන් එහෙම කියනෝ ඇති. පොලිස් කාරය වැරදියි. ඒ විදියට පහර ලබන්න කාරුවත් ශිෂ්ඨ සමාජයක නම් සුදුසුකම් ලබන්නෙ නැහැ. නමුත් අපේ රට වෙනස්. ලෝකෙ කොතැනක හෝ ජීවත් වෙන කිසිම ස්ත්‍රියෙක් පුරුසයෙක් තබා බල්ලෙක් තිරිසනෙක් පවා ඒ විදියට ගුටිකන්න ඕනි නැහැ. ‍පොලිස්සියට ඒ විදියට මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ පහරදෙන්න වල් බූරු නිදහසක් ශිෂ්ඨ සමාජයක නම් නැහැ.

අද වෙනකොට කතාව අමතකයි බට්ටි මතකයි. බට්ටි කියන්නෙ සමාජයේ කවර හෝ චරිතයක්. එයා වරදක් කලා වුනත් පිරිසක් මැද පහර දීම වැරදියි. ඒ විදියෙ වැරදි මින් පසු වෙන්න බැහැ. නමුත් ඒවා මොනාටද අනී..අපිට බට්ටිව අල්ලගත්තාම ඇති නෙව.

මේ එක්කම ගණිකාවක් වීම ගැන හරි සාරසුභා තර්ක විතර්කත් පේස්බුක් එ කේ තිබුනා. සමහරුන්ට අනුව ගෑනු ගණිකාවන් වීම මහ අවුලක්, ගණිකාවට සමාජේ තියෙන තැන අවුලක්, හොද සමාජයක ගණිකාවො ඉන්න බැහැලු. ඒ බුදුහාමුදුරුවන්‍ ගේ කාලයටත් වඩා හොද සමාජයක් හදන්න යන වික්ටෝරියානු බෞද්ධයෝ වෙන්න ඕනි. . ගණිකාව කියන්නෙ හරි පරණ ඇප්ලිකේසන් එකක්. මිනිස්සු මකවලා ගත්තත් උන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පාලනය කරන්න බැහැ. ඒක තියනකල් ගණිකාව මේ ලෝකෙ අනුමත වෙලා හරි නොවී හරි පවතීවි.

බට්ටි කියල වැල කතාවක් තිබුන කියල හිතමු ඉන්ටනෙට් එකේ. කස්ටිය ඒක ගිහින් බලනවා එක සයිට් එකක. ඒ සයිට් එක තියෙන ටැබ් එක වහල පේස්බුක් ඇවිත් රියල් එකෙන්..අපි බට්ටි වන් තවත් ගණිකාවන් බිහිවීම වලකමු. ගණිකා වෘත්තිය යන පාදඩ වෘත්තිය නැතිකරමු ආදී දේවල් සෙයා කරනවා. බට්ටි ගේ ස්ටෝරිය වැල කතාව වගේ ලියලා තියෙන‍ොකට ඒක ආසාවෙන් කුනු රහට කියවන්න පුලුවනි. නමුත් බට්ටි වගේ ගණිකාවො සමාජයේ ඉන්න එක සමාජයේ සිස්ටත්වයට අවුල්.

එකාතකින් ලංකාව කියන්නෙ සක්‍රිය රටක්. මාරම සක්‍රියයි. සශ්‍රීකයි. මේ වගේ සරුසාර රටක ජීවත්වෙන්න ලැබීම වාසනාවක්. හිතන්න අපිට නිතර ඇතිවෙන මේ වගේ ගැටළු නැතිවෙන රටක් ගැන.. වලි නැති ඡන්දයක්, දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැති සමාජයක්, පොඩි පොඩි කේස් ආදිය නැති සුන්දර රටක් හිතන්න කෝ පොඩ්ඩකට..හැබෑට ඒ ව‍ගේ සුන්දර දිවයිනක් බවට මේ අම්ම‍ගේ ඉඩම පත්වුනොත් එහෙම අපි මොනවද යකෝ ෆේස්බුක් එකේ සෙයා කරන්නෙ? අපි මොනවද කතා බහකරන්නෙ? කාටද අපි බනින්නෙ? කාටද අපි‍චෝදනා කරන්නෙ? අහෝ..මොකුත් නැති මෙලෝ රහක් නැති ඇල්වතුර ජීවිතයක් නෙව.. එතකොට ඇතිවෙන්නෙ.

හරියට උදාසීන දිවියලෝකෙ වගේ. අපායට ගියාම ඇක්ටිවිටිස් ගොඩායි..ලෝදිය හැලිය, කටු ගහ, ඉරනවා, කපනවා, හූරනවා, උල තියෙනවා.. කෑලි කුට්ටි කරනවා එක කෙලියයි. බලන්න ඉන්න පට්ට සීන් තොගයයි. ඉතිං ඒ නිසා අපාය අපේ පෙරහැරවල් වල ගියා.. ඒ වගේම පංසල් වලත් අපාය තියෙනවා..අපාය ගැන කතාන්දරත් වැඩියි. සන්දර්ශනාත්මකව බැලුවාම අතින් අපාය තරම් දිවියලෝකෙ කිසි කික් එකක් නැහැ. දිවියලෝකෙ ෆේස්බුක් පේජ් එකේ බණ පද විතරයි.. මෙත් මල් පිබිදේවා..ආදී දේව්ල විතරයි..

ඒකට අපායෙ පේජ් වල ලස්සන.. දඩ බඩ ගාල පිංතුර, වීඩියෝ,කැත වැඩ ලෝදිය හැලිය ආදී දේවල් එනවා. ඒ අතිං වැඩිපුරම සිද්දින් තියෙන්නෙ අපායෙ. දිවි‍යලෝකෙ කොයි තරං බෝරිං තැනක් වෙන්න ඇතිද? අඩුතරමෙ කන්න බොන්න හොයාගන්නවත් මහන්සියක් වෙනවයැ. ගියා කප්රුක ලගට මනසින් හිතුවා ඕනි දේ..මෙන්න ප්ලේට් එක ඇවිත්. එහෙදි වේටර් මල්ලිට කෑ ගහන්නවත් වෙලාවක් යන්නෙ නැහැ. දෙයියොන්ට රෙන්න මුත්තරා කරන්නත් මහන්සියක් නැහැ. කිසිම වේදනාවක් නැහැ. නිවුස් නැති කිසිම රහක් නැති දිවිය ලෝකයක්.

ගණිකා වෘත්තිය නීතිගත කරලා, ගණිකාවන්ට නීති නීති සහ සෞඛ්‍ය ආදිය ගැන දැනුමක් දීලා. ඒ වැඩේ ලොකුවට කෙරෙන තැන් (ගණිකා මඩම් ) හොදට අධීක්ෂනය කරලා ඕන්නං ගණිකා වෘත්තියට පොඩි බද්දකුත් ගහලා ඒ ගණිකා සිස්ටම් එකම පිලිවෙලක් කලානම් මේ ආතල් අපිට ලැබෙන් නැහැ. එතකොට පොලිස් කාරයින්ට ගණිකාවන්‍ එක්ක නොමි‍ලෙ නිදාගන්න චෑන්ස් අඩුයි. ඒ විතරක් න්ම මැදෑ..‍කෝ අපිට අනුකම්පාව දක්වන්න ගණිකාවො.

හද්ද ‍බෝරින් උදාසීන දිව්‍යාලෝකය්ක නොව නිතර වැඩ ඇති සක්‍රිය අපායක් වෙනුවෙන්!!!! ... සෞඛ්‍ය වර්ජනයේ සිට දරුවාගේ කිරිපිටි පැකට් ටෙක දක්වා සියල්ල විසදන යම රජෙක් . ඒ වාක්‍යය ජනාධිපතිවරනෙ ඡන්ද පෝස්ටරේකට මරු නේද?

ගණිකා වෘත්තිය නීති ගත වුනොත් ගණිකාව සාමාන්‍ය වෘත්තිකයෙක් වුනොත්, අපිට කරුණාව දක්වලා අනේ අපොයි පවු..සික් කියලා අනුකම්පා කරන්න කට්ටියක් නැතිවෙනවා. නාට්ටාමි වෘත්තියටත් වඩා අමාරු කර්කශ වෘත්තියක් ලෙස ගණිකා වෘත්තිය උඩදාන ගණිකාවන්ටත් පත්තර කාරයින්ටත් මේ වගේ ආඩපාලි ලියන අපිටත් ගණිකාව ගැන කියන්න දේවල් නැතිවෙනවා. කොටින්ම උදුල්ලාට පිහිටවෙන්න අවස්ථා වුනත් නැතිව යාවි. ඒ නිසා ඔන්නොහෙ ගණිකා වෘත්තිය තියෙන විදියටම බෝ කරන වසංගත ටික ඔක්කොම ‍බෝ කරගෙන ඇතිකරන්න පුලුවන් සමාජ ගැටලු ටික සීමාවක් නැතුව අැතිකරගෙන ඕනි විදියට පැතිරිලා ගිය දෙන්..

හරියට මතට තිත වගේ. බාර් ඕපන් කලාම ඒක බාර් පර්මිට් එක විදියට කැතට පේනවා. ඒ නිසා එකපාර ‍හෝල් සේල් ෆුඩ් සිටි නෙට්වර්ක් එකේ බොහෝ ෆුඩ්සිටි වලට බාර් එකතු වෙනවා. අනේ දැන් නම් කිසිම බාර් එකක් නැහැ. නමුත් පෝය දවසට කලිං දා ෆුස්සිටියෙ පෝලිම. මතට තිත. මරු ඒකත්.


මං අලුතින් ෆේස්බුක් පේජ් එකක් හැදුවා. ඒකටත් ලයික් කරලාම යනවා නම් හොදයි. එතකොට පේස්බුක් එකෙනුත් කෙලින්ම මේ බ්ලොග් එක බලත හැකි වෙයි. 

Friday, October 3, 2014

ඇනල උන්නද? උනල ඇන්නද? 02 කොටස

හා..නන්ද අයියා.. නෙළුම් එහෙම කියලා මට කතා කරනවා.

එතකොට මම නන්ද කියාල එයා දැනගෙන හිටිය. මං වඩේ කරත්තෙ ගාව නෙළුම් එක්ක කතාකරද්දි ඔය එතනින් යන හැම දන්න කියන එකෙක්ම වගේ මගේ නම කියල කෑ ගහන කොට තමයි මගේ නම එයා දැනං තියෙන්නෙ. උඹ දන්නව නේ ඉතිං. ගෑනියෙක් එක්ක හරි කතා කර කර ඉන්නවා නං අපේ උන් නම කියාගෙන කෑ ගහන එක නේ වැඩේ. වඩේ කරත්තෙ අයිති කාර බුවා මං ආවද නැද්ද නැහැ..ඌ පැත්තකට වෙල වඩේ බදිනවා. මම කෙල්ල එක්ක චුට්ටක් කතා බහ කරල තමයි එන්නෙ.

නන්දෙ අයිය පහුගිය දවසෙ ගෙදර ගිහිං ආව නේද?

කෝ නන්දෙ අයිය මේ පාර නම් එච්චර ලකයක් නැහැ වගෙ. වෙනද ගෙදර ගිහින් ආවම පිරිල මූණත් එක්කම. නෙළුම් කිව්ව. .

ඔවු නංගි ගෙදර ගිහින් ආව. ඒත් මේ කොන්ද කැක්කුමක් අල්ලනවා. ෆැක්ටරියෙ යකඩ වගයක් උස්සල ඒ නිසා. හරි අමාරුයි වෙලාවකට. මම කිව්වා.

ඉතිං නන්දෙ අයියෙ මේ දවස්වලට වත් බර වැඩ නැතුව නිකං ඉන්න හොඳෙයි..ඔයා බේත් ගන්න ගියෙ නැද්ද,? ඇවිලිල්ලක් වගේ නං සිංහල බෙහෙතුත් හොඳයි. නෙළුම් උත්තර දුන්නා.

ගමේ ගිය වෙලාවෙ ගෙනාපු සිංහල බෙහෙත් තියනවා. ළඟ ඩිස්පැන්සරියෙනුත් ගත්ත. දෙවංසෙම ගාගන්න බෙහෙතක් තියෙනවනෙ. ඒක ගාගන්න විදියක් නැහැ.

යාලුවො ඉන්නව ෆැක්ටරියෙ. ඒත් ඇගහෝදල නාල එපාය ගාන්න.කුනු තට්ටු පිටින් ඕව උලල වැඩක්ය. වටේ ගෙවල් වල ඉන්න උන් එක්ක මගේ වැඩි බජනයක් නැහැ. අනික තෙල් ටිකක් ගාන්න කියන්න බැහැ නෙ නොදන්න අයට.අර ආයර්වේද තෙල තියෙනවා නේ..ඒකනං ගෑවම පළාතම තෙල් සුවඳයි.

මේ ඔයැයිට බැරිද නෙළුම්, ඇවිත් මගේ කොන්දෙ තෙල් ගාල දීල යන්න.

මං එකපාරටම වක්කඩ කැඩුව වගේ නෙළුම්ගෙන් ඇහුව.

නෙළුම් මූණ උස්සල මගේ දිහා බැලුව. මගේ මුහුනෙ කිසිම වෙනසක් නැති බව දැකල ..

එයාගේ වඩේ බදිමින් ඉන්න බාප්ප දිහා බැලුව. මිනිහ වෙනම ලෝකෙක ඉදන් වඩේ බදිනව වගේ කිසි හැලහොල්මනක් නැහැ.

ඉතිං හරි වේදනාවක් ඇත්තෙ නේ.. නෙළුම් ආයෙත් අහනවා.

අනේ මන්ද නෙළුම් නංගි සමහර වෙලාවට ලැට්ටකට ගිහින් පහත්වෙන්නත් බැහැ තද ඇවිලිල්ලක් එනව. ෆැක්ටරියෙ ඕවර්සියර් මහත්තයට කියලා මම ලේසි ඩියුටියක් මේ දවස්වල කරන්නෙ. වාඩිවෙල කරන වැඩක් මට දැම්ම මාසෙකට.. මේ කොන්ද අමාරුව නිසාම.

හරි..අයියෙ දැන් බාපු වඩේ පහක් දැම්ම. තව ලූනු කෑල්ලක් දාන්නද? නෙළුම් ඇහුව.

හුම් ලූනු කෑල්ලක් දෙකක් දාන්න. ඒක හැපෙනකොට අමුතු කිතියක් එනව දිවට.. මම කිව්ව.

මං යන්නං එහෙනං.. මේ පාර ගමේ ගියාට අඹ ගැටයක් ඇඹරැල්ල ගෙඩියක් වත් අරං ආවෙ නැහැ...මේ කොන්ද අමරුවක් නිස මොකුත් ගේන්න බැහැ.

ඒ දවස්වල මං ගමේ ගිහින් එනකොට ගමේ තියෙන ගස් උතුරල යන අඹ, වැල්දොඩං, නාරං, කජු පුහුලං එහෙම අරං එනවා. හන්දියෙ කඩවලට වටපිටේ උන්ට..ෆැක්ටරියෙ උන්ට බෙදනව. නෙළුම්ටත් කොටහක් දෙනව. ඒකයි මම ඒ ඇඹරැල්ල අඹ ගැන කිව්වෙ.

හරි හරි නන්දෙ අයියෙ. ඒකෙ වගක් නැහැ. නන්දෙ අයිය මොකුත් නොගෙනාව කියල මම තරහ වෙන්න මම චුට්ටි බබෙක්කැ.? නන්දෙ අයියත් හිතන්නෙ පොඩි ලමයෙක් විදියට. .. කියල නෙළුම් මගේ දිහා බෙරුවට රවල බැලුවා.

අම්මප මල්ලියෙ බිම නිදාගත්ත නිසාද මන්ද ඒ කොන්ද කැක්කුම නම් සමහර වෙලාවට එපා වෙනව. මං ගිහිං ඇගපත හෝදල තිබුන පොඩි කාර් ටිවි එක දාගෙන තෙල් ටික ගාගන ඔහේ ටිවි එක බලං ඉන්නකොට. කවුද දොරට ගහනව.

මං හිතුව අපේ ෆැක්ටරියෙ පද්මය වෙන්න ඇති කියල. පද්මයට බීල වැඩිවෙල ගෙදර යන්න බැරිවුනාම ඌ ගෙදරට නයිට් කියල අැවිත් මගේ කාමරේ දපනව. එපා වෙනව. ඒත් ඉතිං පද්මය එදා වගේම අදත් මගෙ බොක්ක. පද්මය මට තියේනං සීයක් දීහං කිව්වම ඌගාව නැත්තං බොක්කෙන් ඇදල හරි දෙනව. එහෙව් එකා පද්මය. එකම වැරැද්ද ඌ දන්නැහැ ඌට බොන්න ඇහැක් තරම.

මං දොර ඇරිය.

අඩෝ කිව්වට විස්සාස කරහං මල්ලි. නෙළුම් ඇවිත් හිටිය.

මං අද වඩේ කරත්තෙන් දවාලියෙන් ආව. ගෙදර ගිහින් ඇගපත ටිකක් හෝදගත්ත ගමංමයි ආවෙ.

ඉක්මන්ට යන්න ඕන. මෙහෙම යනව කියලා ආරංචි වුනොත් මං ඉවරයි. නෙළුම් කිව්වා.

ඇත්තටම නෙළුම් කියන්නන් වාලේ කිව්වාට නෙළුම් බඩුවක් වගේ එකක් කියල ගමම දැනං උන්න. මේ මුඩුක්කු ගෙවල් වල සදාචාර මනින්න මීටර් හයිකරල නැහැ. බලපං පොඩ්ඩක් ඔ්‍ය යනකොට පවුල්වල එක එක පාට ලමයි. සමහර ලමයි අල්ලපු ගෙදර එකාල වගේ නැද්ද කියල.? උන්ට ඒව ගානක් නැහැ. අපේ ගං වලටත් වැඩිය මේවයි ඒව කිසි අවුලක් නහැ වගේ.

හුම්..හරි හරි...මොකද ඔච්චර යන්න හදිස්සිය. පොඩ්ඩක් ඉන්න මං තෙල්බෝතලේ අරං එන්නං.. මං ගිහින් තෙල්බෝතලේ අරං ඇවිත් කොන්ද පැත්ත හැරිල දිගෑදුනා..

හප්පෝ මෙයාගේ කෑමරේ තියෙන හැඩි ගතිය...ටිකක් අස්කරං ඉන්න දන් නැහැ නේ.. නෙළුම් තෙල් ගාන ගමන් කිව්වා.

දොර වහන්නත් මතක නැතිවුන. මං ගිහින් වහල එන්නං..ඒ නෙළු්මම ගිහිල්ල දොරත් වහල ආව.

තෙල් ටික ගාල හොඳට රත්වෙන්න අතගෑව..

ඉන් පස්සෙ මේකි මගේ රවුං කරලා ඔබල තැන් තැන්වල තිබුන ඇඳුම් ඔක්කොම පිළීවලට හැදුව. වැලේ තිබුන රෙදිටික පවා නවල තිව්ව.. බෙඩ් සීට් නවල තිව්ව. ඒ කරල හොදට අතුගාල දැම්ම කාමරේම.

මේ ටීවි එකේ වයර් හැමතැනම. මේක එකවිදියක් කරල දාන්නකෝ. නෙළුම් කිව්ව. මං බල බල හිටපු ටීවි එක වහල. පොඩ්ඩක් වයර් ටික පිලිවෙලක් කලා.

ඒ කරල නෙළුම්..

වත්ත ඇතුලෙම මෙහෙම වෙන කාමර වල ඉන්න එකට අම්ම උනත් කැමති නැති වෙයි. ඒත් ඉතිං තෙල්සාත්තුව ඉවර වෙනකල් ඇවිල්ල ඒ වැඩේ කරල යන්නං. කියල කිව්ව.

නෙළුං එක්ක කතා කරන එකෙන් කාන්සිය මැකිල යනව. එයා ඇවිත් බැන බැන කාමරේ අස් කරන කොට ඒවෙලාවෙ සමහර වෙලාවට මම ටිවි එක වහල එයා බනින ඒව අහං ඉන්නව.

නෙළුම් මං බැඳල කියල දන්නව නේ. නෙළුම් වයිෆ් ගැන අහ්නන ගත්තම මම ඒක අහන්න එපා කියල එයාට කිව්ව. අපේ පවුල ගමේ නේ බං. මාසෙට වතාවයි බාගෙද වැඩිම වුනොත් දෙවතාවයි ඒක බලන්න යන්න ලැබෙන්නෙ.

ඉතිං දැන් අවුරුදු අටක් වෙනව. සමහර කාල වල නෙළුම් තරහ වෙල ඉදලත් ඉන්නව. එකපාරක් මගේ පවුල ඔය පොඩි එකාගේ ඇහැක් මොකද්ද වෙලා ඒක පෙන්නන්න කොළඹ ආව. ඇවිත් මේ බොඩින් කාමරේම නතර උනා පොඩි එකා එක්ක රාත්තිරි. එතකොට දෙවනිය හම්බෙල නැහැ.

මගෙ ගෑනිනේ බං..මං ගැන හොදට දන්නව නෙව..ඒකිට යන්තං සැකයක් ඇවිත් තිබුන මගේ ඇදුම් පැළඳුම් තියෙන ලස්සන විදිය දැක්කම.

ඔයාට ගෙදර ආවම තමයි අඳින සරමවත් රැක් එකට දාන්න බැරි. මෙහෙදි හැම එකම නවාගෙන හොදට ඉන්නව. ගෑනියෙක් වත් ගෙන්න ගන්නවද් දන් නැහැ වැඩට. එයා එහෙම කිව්ව. ඒත් එයා මාව හොදට විශ්වාස කරනව. මම එහෙමට පැණියෙක් නෙවෙයි කියල එයා දන්නව ඇති.

මේ කොල්ලො ම ඉන්න බෝඩිං තට්ටුවට ගෑනියෙක් ගෙන්න ගන්නෙ කොහොමද කියල ගෑනිගෙ හිතට එන්න ඇති.අපේ ගෑනි ආපු වෙලාවෙ ගෑනි එයාලයි ගෙදර තියන්න කියල බෝඩිමෙ ඇන්ටි කිව්ව. මට ඒත් බයයි බං..ඔය ඇන්ටිල කේලං මලු නේ.. වැරදිලා හරි කිව්වොත් මෙච්චර කල් හොදට කකා ඉන්න කසාදෙත් ඉවරයි..

ඒ නිසා මං ගෑනිට මේක ඇතුලෙම පුලුවන් විදියට ගුලිවෙල ඉමු කිව්ව.

කලිං මේකෙ හිටිය ධම්මික කියල එකෙක්.බණ භාවනා කරන එකෙක්. ඒකට හෙන සැකයි නෙළුමුයි මායි කාමරේ කරන්නෙ මොකද බලන්න. මූ කොහෙන් හරි බලනවා වෙන්න ඕන කියලා අපි දෙන්නත් දැනං හිටිය. ඌට පුළුවන් කමක් තිබුන නම් ඕක අර මුගලන් හාමුදුරුවො වගේ එර්දියෙන් ඇවිල්ල හරි අපේ කාමරේ උඩට වෙලා බලාගෙන ඉන්නව. .එහෙව් කුතුහලයක් ඒ බාවනා කාරයට තිබුනෙ අපි දෙන්න ගැන..

කාලයක් තිබුන නෙළුමුයි මායි හැමදාම රෑ එකට ඉන්න හදපු කාලයක්. ඒත් ඒක හරි හිරිහැරයි. ඕව ගෙවල්වලට ආරංචි වුනොත් මට හොද නැහැ.

එහෙම වුනාම නෙළුම්ටත් එයාගේ මට නොකියන රස්සාව කරගන්න අමාරු ඇති. ඒනිස දැනුත් ඔය සතියට දවස් තුනක් හතරක් ඇවිත් මගේ කාමරේ අස්පරක් කරලා කයියක් දාල යනව.

නෙළුම් මගේ කොන්දෙ අමාරුවට තෙල් ගාන්න දෙවනි දවසෙ ආවම මම එයා යනකොට රුපියල් පන්සීයක් දික්කලා.. මේ නන්දයියෙ..මං උඹෙ කැඩිච්ච කොන්ද දෙකටම කඩන්න කලිං ඕක දාගනිං සාක්කුවට...

ආව මෙතන සල්ලිකාරය මට පන්සියෙ පටි දික්කරන්න. උඹ ගාව පන්සියෙ පටි තියෙනව කියල මට පෙන්නන්ද බොට ඕන? උඹ නං මහ පිලිමයක් ඕයි. නන්දයියෙ..ඇත්තමයි. උඹ පිළීමයක්..

නෙළුම්ට හොදටම තරහ ගිහින් මට බැන්න. මම ඉක්මන්ට පන්සීය සාක්කුවට දාගත්ත. අපි අතර ගනුදෙනු වෙනව. අතමාරු වෙනව. හැබැයි මෙතන බිස්නස් එකක් නැහැ. වීල් පාක් එකේ උන් සමහරු හිතන්නෙ මම ඕක සල්ලි වලට අදිනව කියල. එකෙක් කියනව දවසක්..

හැමදාම උඹ නෙලුම් නෙලන්නෙ වෙන එකකට නෙලන්න අදහසක් නැද්ද බං? උඹත් සල්ලි ගෙව ගෙව කොළඹිනුත් පවුල්ක් කනවනේ නන්දයෝ..සමහර උන් නං කියන්නෙ උඹෙන් නෙළුං සල්ලි ගන් නැහැ කියල.එ ත් මං දන්නව ඔය නෙළුං ගැන උන්ට වඩා..ඕකි වාසියක් නැත්තං මයිල් ගහක් හොල්ලන්නෙවත් නැහැ..අම්මප..

උඹ තරහ වෙන්න එපා උඹේ හිත රිදෙනව ඇති. ඒත් නන්ද මල්ලි උඹ දරුවො දෙන්නෙක් ඉ්නන එකෙක් නේ.ඔය සල්ලි වලිං උන් ට යන පැත්තක් හිතපං.. කියලා වීල් පාක් එකේ බුවෙක් දවසක් මං වැහි දවසක ඌ එක්ක හයර් එකක් හද්දි කියාගෙන ගියා.

ඌ කියන විදියට නෙළුම් ලේසියෙන් සල්ලි නැතුව වැඩ කරන් නැහැ. එහෙම මොකක් හරි ගේම් එකක් දීල බලෙන් ආවොත් පොලිසිය පවා මට්ටු කරන්න මේකිට පුළුවන් කතාවක් තමයි කියන්නෙ.

මේකි හොදට කපටියි. කොහොම හරි පස්සෙන් ගිහින් ලපටි මන්තිරියට කටුව ගහගත්ත. ඒ නිසා වැඩි බයක් නැතුව ඉන්න පුලුවන්. මේ මුලු වතු ටිකේම ඡන්ද ටික තියෙන්නෙ මේකි ගාව කියල තමයි අලුත් ලපටි මන්ත්‍රියට මේකි පෙන්නල තියෙන්නෙ.

ලපටි මන්ත්‍රිය කිව්වෙ බං කලිං හිටපු ඇමතියගෙ පුතා මන්තිරිය. ලපටි මන්තිරිය ගානට නවාගන්න ඇති නෙළුම්..මටත් මොකක් හරි රස්සාවක් සෙට් කරන්නද කියාල නෙළුම් ඇහුව. ඒත් බං දෑතෙ රස්සා නැතුව ඔය කන්තෝරු වල ගිහිල එක එකාට පයිසෙට දෙකට, හතරට නැවෙන්න මට බැහැ.

ඔන්න ඔහොමයි මල්ලි මම මගේ කොන්දෙ අමාරුව ගොඩ දාගත්තෙ. උඹත් පොඩ්ඩක් ටෝක් කරල බලපං ඔය ඔපිස් එකේ කෙල්ලෙක් ලව්වඅතේ අමාරුව ගොඩදාගන්න. ..

ඇනල උන්නද? උනල ඇන්නද? 01 කොටස

කොහොමද බං අත?

දැන් හොඳයිද? උඹේ යාලුව හරියට අතගෑවද? නැත්තං කිහයං මං අතගාන්නං. තදට අතුල්ලන්න ඕන. මසල් කේස් වලට එහෙමයි.

නන්දෙ අයියා කියාගෙන යයි. නන්දෙ අයියා බිව්ව විට තරමක් දොඩමළු වෙයි. මේ බෝඩිං තට්ටුවේ කාමර අටකි. තැන් තැන්වල ඇටවූ කාඩ්බෝඩ් වලින් සහ බිත්ති වලින් ඒ කාමර වෙන්ව පවතී. කාමර අටෙන් 4කම පිරිස උයාගෙන කයි. ඒ අය අතර හොඳ අවබෝධයක් පවතී.

නන්දෙ අයියා බලන්නට ගෑනියෙක් ඉඳ හිට එයි. ඒ නෙලුම් යැ.

ඒ බෝඩිමේ සිටි මාද මිතුරාද ඇතුළු මුළු ගනන 13කි. කුඩා කාමර වලින් වෙන් වුවත් එකිනෙකා හා හොද අවබෝධයක් එය තුල විය. අපි කන්ඩායම් හතරක් උයාගෙන කෑවෙමු. නෙළුම් අක්කාද පැමිණි දිනක ඇයද උයයි. ඇය වැඩිපුර උයන නිසා ඇය ආ දිනට අපිට ද එලෝලුවක් රසට කන්නට ලැබෙයි. නෙළුම් අක්කා සහ නන්දෙ අයියා අතර ඇත්තේ කුමන සම්බන්ධයක් දැය් ඇත්තේ ප්‍රශ්ණාර්ථයකි.

නන්දෙ අයියා ප්‍රියමනාප අයෙකි. එමෙන්ම අයකුගේ හිත ඇදගන්නා ගතිගුණ වලින් හෙබිය. උස මහත රූපකායක් තිබුනත් නන්දෙ අයියා බොහෝ ඉක්මනින් ෆිට් වෙන ජාතියේ එකෙකි. අනෙක් උන් කියන විදියට මෙම බෝඩිං සංකීර්ණයේ පැරණිම සාමාජිකයෙකි නන්දෙ අයියා. නන්දෙ අයියාට පමණක් ඇති අක්කා කෙනෙකු බෝඩිං කාමරයට එක්කරං ඒමේ වරප්‍රසාදය ඔහු පැරණි නිසාම ඇති වූවක් විය හැක.

මුල්කාලෙ මේ ගුබ්බෑයමට කවුරුත් ආවෙ නැහැ. මම ඇවිල්ල කාලයක් ගියාම අවුලක් නැති නිසා නෙළුම් එක්කරං ආව. නෙළුම් හැමදාම එන්නෙ නැහැ නේ. එයින් පස්සෙ ඇන්ටි මටත් කියල තමයි අනික් හැම පාටිෂන් එකක්ම ගැහුවෙ. දිනක් නන්දෙ අයියා බෝඩිමෙ ඉතිහාසය අවුස්සන එකෙකුට එසේ කිවුවා මට මතක ඇත.

නෙළුම් හා නන්දෙ අයියා අතර ඇත්තේ ලිංගිකමය සම්බන්ධතාවකැයි අපි සිතමු. නිවාඩු දිනවල ඔවුන් ඇතැම් විට ඇවිදින්නට යති. ඔවුන් එසේ පාරේ ජෝඩුවක් පරිදි ඇතැම් විට ඇවිදිනවා කිහිප දෙනෙක්ම දැකලාද තිබේ. නමුත් ඒ ජෝඩුවක් නම් ඇයි හැමදාම ඒ දෙන්න හැමදාම එකට ඉන් නැත්තෙ? ඒවට හේතු දන්නෙ උඩ ඉන්න දෙයියොම තමයි.

ඇය මේ නන්දෙ අය්යාගේ කාමරයට රිංගන දිනවල බෝඩිමේ සද්දෙට රේඩියෝ කැසට් චිත්‍රපටි දාගෙන බලන උන් සද්දෙ අඩුකරයි. එහි එක් අරමුණක් නම් අමුත්තියට සැලකීමය. අනෙක් අරමුණ විය හැක්කේ උන් දෙන්නා කතාබහ කරන දෑ ඇසීමයි. ලෑල්ලකින් චීෆ් බෝඩ් එකකින් වට වී ඇති මේ කුඩා කාමරවලට අනෙක් කාමරයේ වලි ඇසෙයි.

මේ දෙදෙනා එකතුවෙන බොහෝ දිනවල ඔවුන් දෙදෙනා අතර මත ගැටුම් ඇතිවේ. නෙළුම් ඔයා කිව්වට මට බැහැ ඔය ලපටි මන්තිරිය ගාව දෙකට නැවෙන්න. මම රස්සාවක් කරනවා ඒක මට ඇති. ඔයාට වගේ හද අල්ලන්න ඕන නැහැ මට..නන්දෙ කියයි.

ඔව් ඉතිං කූඩැල්ල කොහොමද මෙට්ටෙ තියෙන්නෙ? ඔය කියන ලොකුකම් ලපටි මන්ත්‍රිෙග නැහැ. ඒ ඉන්න උන් තමයි මන්ත්‍රිට වැඩිය ලොකු. ඔ්‍ය තරං මහන්සි වෙන්නෙ නැතුව ගානක් හොයාගත හැකි රස්සාව. මම කිව්වොත් මන්ත්‍රිතුමා අහක දාන එකක් නැහැ. නෙළුම් අක්කා කියයි.

දැන් ඕ කතාව නවත්තමු නෙළුම්. ඔයා හැමදාම මට ඉන්න විදියට ඉන්න දෙන් නැහැ නේ..මං ආස මේ රස්සාවට. මගේ ගෑණිට ලමයිට කන්න දෙන්න මේක ඇති. මට ලොකු වෙන් ඕන නහැ.. අනේ මන්ද නෙළුම්..අපි රන්ඩු නොවී ඉමුකො.. නන්දෙ අයියා ඇය අස්වසයි..

ඔවුවිතින්. ඔයාට ගෙදර ගිහින් මාසෙට දවසක් හිටියම මෛහ මාසයක් හිටපු ඒව මතක නැතිවෙනව නේ. මං දන්නව ඒක.. ඇය නිශ්ෂබ්ධ වෙයි.

ඉන් පසු ඔවුන් සිප වැලඳගන්නා කිස් කරන ශබ්ධයක් එතැයි අපි බලා සිටිමු. විශේෂයේන මා හොඳින් කන් දී සිටිමි. නමුත් එවැන්නක් වැරදිලාවත් ඇසෙන්නේ නැත.

ඇතැම් වැසි දිනෙක හීතල දිනෙක මේ බෝඩිමේ සිටින අය කාමර මාරු කරති. එවිට එක ජාතියේ සද්ද ඒ ඒ කාමර වලින් එයි. මා දිනක් රෑ එලි බහින්නට යන විට නන්දෙ අයියාගේ කාමරයෙන් එලියට ආවේ අලුතින් ටෙක් කෝස් එකකට පැමිණි කොල්ලෙකි. ඌ අමුතු එකෙක් වගේය. නමුත් උගේ ඇති අමුත්තකුත් නැත. හැන්ඩියා සේ ඇද පැළද පාරේ යන ඌ දුටුවිට මූ ගල්කාරයෙකැයි කිසිවෙකු සිතන්නේ නැත. ඇතැම්විට ඔහු එහෙමට ගල් කාරයෙක් නොවෙන්ටද ඇත. නමුත් මූ ගැන නම් හරි සැකය. ඌට කිසිවෙක් ඇගපත අතපත ගෑම ලොකු දෙයක් නොවේ. නානකාමරයට යන පෝලිමේ සිටින විට පවා ඇතැම් විට උගේ තැන් තැන්වලින් මිරිකීමට බෝඩිමේ අය පුරුදුව සිටිති. එය ඌ ප්‍රතික්ෂේප කර කුනුහබ්බ කියන්නට ආවත් එය උගේ විනෝදය විය හැක.

මුං සෙට් එක හොදට බීලා ගේ(Gay) ආතල් එකක් ගන්නවා ඇතිය. මා සහ මගේ මිතුරා සිටින කාමරයට උන් ඉව නොඅල්ලන්නේ අපිට ඒ පිරිමි පිරිමි ආතල් නොදිරවන උන් යැයි ඔවුන් සිතා සිටින බැවිනි. උගත්කමට විශේෂයෙන් සලකන ස්වභාවයක් ඇති මේ විවිධ රැකියා කරන බෝඩින් පිරිස විවිධ ඇප්ලිකේෂන් පිරවීම්, විවිධ පරිඝනක වැඩ ආදියට අපේ පිහිට පතයි. බෝඩිමේ ඇන්ටිද අපිට වඩා වැඩි සැලකිල්ලක් දක්වයි.

කෙසේ වුවද නෙළුම් අක්කා පැමිනෙන දිනවල ඒ කාමරයට කන් දීගෙන සිටි මට කිසිමටසැකකටයුතු යැයි සැලකිය හැකි සැලකිය යුතු සද්දයක් අසන්නට බැරි විය. ඊට වඩා බොහෝ සද්ද මුං බීගත් දිනවල වැසි දිනවල කාමරවලින් ඇසෙයි. ඒවා කිසිවෙකුට නෑසුනා වන්ව,කිසිවක් සිදු නොවුනා වන්ව උදෑසන නැගිට බාත්රූම් පෝලිමේ දත් මදිමින් සිටින අයුරු දුටුවිට ඒ අමුතු සද්ද ඇසුනු අපි දෙදෙනා පමණක් වෙනත් ලොවකින් පැමිණියාදැයි අපිට සිතේ.

නිවාඩු දවස්වල බෝඩිමේ ඉතිරි වන්නේ කිහිප දෙනෙක් පමණි. ඒ කිහිප දෙනාගේම ඉතිරි වී ඇති එලවලු ආදිය එකතුකොට අපි එදාට උයාගෙන කන්නෙමු. ඇතැම් විට ළග පොලට ගොස් කොස් පොලොස්, දෙල් ටිකක් රැගෙන එයි. විටෙක කකුල් බාගයක් රැගෙන ඇවිත් උයන්නට වෙයි. ඒ උයමනට නන්දෙ අයියා දක්ෂයෙකි. කාලයක් තිස්සේ තනිවම උයාපිහාගෙන ඔහුට හොද පළපුරුද්දක් ඇත.

මාගේ බෝඩින් දිවියේ රසට කෑම කන්නට ලැබුන කාලයක් නම් ඒ බෝඩිමේ සිටි කාලයයි. ප්‍රෙද්ශය නරක මුඩුක්කු පෙලකැයි යන හංවඩුව හැරෙන්නට මට ඒ බෝඩිම දමා එන්නට ලොකු හේතුවක් මට නොවීය. සාමාන්‍ය පුද්ගලයින්ගේ ව්‍යවහාරය අනුව ඒ බෝඩිම පිහිටි පෙදෙසෙ අපාය හා සම පැත්තකි. නමුත් මනුෂ්‍යත්වය අතින් ඇතැම් ලක්ෂණ වලින් ඒ බෝඩිම පිහිටි දුප්පතුන් පිරි පෝසතුන් අඩු කලාපය ඉදිරියෙන් විය.

අද දින නන්දෙ අයියා මදක් දොඩලමලු වෙන සෙයක් පේන්නේ. මටද පාඩමක සිට එපා වී එලියට ඇවිත් පත්තරය අතට ගත්තේය. නන්දෙ අයියලා ඇතැම් විට දොඩමලු වූ විට කියන කතා මෙ ්පත්තර වල තියෙන වැල් බයිලා වලට වඩා රසවත්ය. හොර මිනිහා සමග පැනගිය දෙදරු මවගේ විස්තරය තොරණක විස්තරය මෙන් පැණී දමා රසකර පත්තර කාරයා ලියා ඇත්තේ කුනු රසයට වැටුනු පාඨකයා වෙනුවෙන්ම විය යුතුය. නන්දෙ කතා කරන්නට ගති. මා පත්තර පසෙකට ලා එ් කතාවට එකතු වුනෙමි.
 

අහ් අතේ අමාරුව වුනත් ලේසියෙන් මග ඇරල බැහැ. අත හොල්ලන්නෙ නැතුව තියං ඉන්න එක තමයි මං හිතන්න වැඩියත්ම ඕනි කරන්නෙ. මල්ලි උඹ දන්නවද ඔය නෙළුම් අක්ක මට සෙට් වුනේ ඔය බේත් ගෑමක් නිසා තමයි. නන්දෙ අයියා කතාව පටන් ගත්තේ එසේය.

මං බැඳල ඒ දවස්වලත්. ලොකුම එකාට අවුරුදුදෙකක් විතර එතකොට.

කොළඹ ඇවිත් තනියම කාමරේක හිටයෙ මේ පාරෙම පොඩ්ඩක් අර 86 වත්තට කිට්ටුව පාරක. තනි කාමරේ. බලු බල්ලට නිදාගන්න බැහැ දාඩිය. කඩ කාමරේකට හදපු එකක්. මං බිම නිදාගත්තෙ. ඇදක් දාගත්තම තව රස්නෙ වැඩියි.

නෙළුම් රැස්පට් බඩුව. ඉස්සර හන්දියෙ වඩේ කරත්තෙ හිටියෙ උන්ගේ නෑදා වෙන බාප්පෙක්. බාප්ප කිව්වට ඉතිං ඌ මොකෙද්ද දන් නැහැ. හැබැයි ඒකිට ආරක්ෂාවක් තිබුන එතන.

ඉස්සර මං ඔය හන්දියෙන් බස්සෙකන් බැහැල එනකොට තියෙන වඩේ කරත්තෙන් වඩේ හරි මොනවහරි අරං බෝඩිමට එනකල් හප හප එනව. ඔයින් මෙයින් නෙළුම් ෆිට් වුනා.

ඇනපං කෝම හරි. ඕක බඩුව.නෙළුම ්ගැන යාලුවො කිව්වෙ එහෙමයි... ඒත් බං මං බැඳල නේ.

මට බැහැ කියල හිතුන.

අඩෝ බොරුසිල් ඕන නැහැ. තෝ එකපාරක් කතා කොරපං. ඒවි බං....සික් උඹනං..උඹට මාලුව තැම්බිලා ලුනු වැටිල පිඟානටම ඇවිත් උඹ කන්නෙ නැති හැටි. යාලුවො මට කෝචොක් කොරා ඒ විදියට. 

දෙවනි කොටස බලාන්ඩ මෙතනට යන්න. 

Wednesday, October 1, 2014

කරත්ත එංජින් මොල මත දුවන කෝච්චි


උදේ පාන්දර කෝච්චිය එනකල් ඉස්ටේසමේ වාඩිවෙල ඉන්නකොට අලුත් පන්නයේ රී ලෝඩ් කාරයෙක් ආව. ඕනම නෙට්වර්ක් එකක රීලෝඩ් මිනිහ ගාව තියෙනවා. බස් ටිකට් මැසිම වගේ එකක් අරගෙන එවෙලම රී ලෝඩ් එක දාල දෙනවා. හරි ලේසි වැඩක්.
හැමදාම කෝචිචිනේ ඇවිත් ස්ටේෂමෙන් පිටවෙන අවස්ථාවෙ පුදුම තදයක්. මිනිස්සු වෙලාවට කාර්යාලෙට යන්න ඕනි නිසා තෙරපෙනවා පොරකනවා. මොකද මේ තෙරපුම ? දුම්රිය සේවයේ තාමත් පැරණි ක්‍රමයට මගීන් දුම්රිය ස්ථානයෙන් ඉවත් වන විට ටිකට් චෙක් කරනවා. එලියට එන්න ඉන්න සිය ගානක් දුම්රිය මගීන් ගාන ආම්බාන් කරන්න චෙක් කරන්න සේවකයින් දෙන්නෙකුට අමාරුයි. ඒ නිසා හැමදාම කාර්යබහුල වෙලාවල් වල පිටවීමේ කවුන්ටර වල ලොකු කලබලයක්.
ටිකට් හා සම්බන්ධ දුම්රිය සේවයේ ලොකු සෙනගක් ඉන්නවා.
මුලින්ම ටිකට් එක නිකුත් කරනවා.
ඉන් පස්සෙ එක්නෙක් ටිකට් එක බලලා හිල් කරලා අපි දුම්රිය ස්ථානය තුලට දමනවා.
එතනින් ගියාට පස්සෙ කෝචිචියෙදි ටිකට් චෙකර්ස්ලා ආවොත් එයාලත් ටිකට් එකේ සලකුනක් කරනවා.
අවසානෙ අපි එළියට යනවිට ටිකට් ටික එකතුකරනවා.
ඒ එකතු කරන ටිකට් ආයිත් වර්ග කරනවා. වර්ග කරලා සංඛ්‍යාලේඛන හදනවා.
මහ විසාල අපායේ පව් පොත වගේ පොතක් ඇරගෙන ටිකට් ගනන් කරන සේවකයෙක් මම ඉදහිට ඉස්ටේසමේ දකිනවා.
ටිකට් නිකුත් කරන වැඩෙත් ඔය වගේ මැනුවල් ක්‍රෙම්කට තමයි තාමත් වෙන්නෙ.
සෑම දුම්රිය ස්ථානයකටම ටිකට් මැෂින් දීල මැෂින් ටික ඔක්කෝම එක ජාලයකට සම්බන්ධ කරලා බස් ටිකට් මැෂිම වගේ එකකින් ටිකට් නිකුත් කරන්න පුළුවන් නම් ඒ හරහා එක තෝරාගත් පැයකදි ලංකාවෙම ටිකට් කීයක් නිකුත් වුනාද සල්ලි කීයක් එකතු වුනාද කියාල ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙනවා.විශාල පුවරුවක එක එක පැතිවලට යන ටිකට් තියාගෙන දුම්රිය අයකැමියො අද විඳින දුක බටන් කිහිපයක් එබීමෙන් නැතිකරන්න කරගන්න අවස්ථාවක් අලුත් මැෂින් ආවොතින් දුම්රිය ටිකට් නිකුත් කරන අයට ලැබෙනවා. බාගෙදා මේ ටිකට් වල අනික් පැත්තෙ මොකක් හරි ඇඩ් එකක් දාල ඒකෙනුත් කීයක් හරි හොයාගත හැකි වෙයි.
එහෙම වුනානම් දුම්රිය ස්ථානවල පිටවීමෙදි ටිකට් පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙ නැහැ. හරිම සරලව වැඩේ යනවා.අවශ්‍යනම් හොරට යන අය අල්ලන ටීම් ගාන වැඩිකරලා ටිකට් පරීක්ෂාව කරන්න පුළුවන්.
ලංකාවෙ ඕනම මොබයිල් නෙට්වර්ක් එකකට පොඩි අතේ ගෙනියන මැසිමකින්, රීලෝඩ් දාන්න පුලුවන් මට්ටමට තාක්ෂනේ දියුනු වුනත් තාම දුම්රිය ටිකට් නිකුත් කිරිම යන්නෙ බරකරත්ත යුගේ. පිටවීමේදී පරීක්ෂාකරන ක්‍රමවේදය ඉවත් වෙලා බොහෝ කල් වුනත් තාමත් දුම්රිය එතනමයි. අනේ කවදා නම් ඇමතිවරුන්ට ලොකු කොමිස් ගහන්න පුළුවන්, මේ වගෙ ප්‍රයෝජනවත් වැඩ මතක් වේවිද? එදා දවස උදා වේවිදෝ.