Sunday, November 23, 2014

අලුත් 30ටඅඩු ස්මාට් ෆෝන්

ස්මාට් ෆෝන් එකක් කියන්නෙ වැදගත් බඩුවක්. කෝල් ගන්නවාට මැසේජ් ගහනවාට සීමාවෙලා තිබුන ෆෝන් එකේ රාජකාරිය එතනින් එහාට පැතිරිලා බහුකාර්ය වැඩවල නිරත වෙන්න හදපු කෑල්ලක් තමයි ස්මාට් ෆෝන් එක.
අපේ සිරිලංකාවෙ සල්ලි තියෙන මිනිස්සු ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. සල්ලි තියෙන කිව්වෙ සල්ලි අත දිග ඇරලා වියදම් කරන්න පුලුවන් මිනිස්සු ගාන. ඒ නිසා කාර් එකක්, ෆොන් එකක්, ලැප්ටප් එකක් වගේ එකක් ගන්න ගියත් අපි අපිට ලබාගත හැකි අවම පහසුකම් ප්‍රමාණය අපට ගැලපෙන මුදලට ලැබේද කියලා බලන්න වෙනවා.
ස්මාට් ෆෝන් එකක් ගෙවන්න ගන්න පවා සමහර විට අපිට සිද්ද වෙනවා. මොකද එකපාර අපිට ඒ මුදල දරාගන්න බැරි නිසා.

ඔපරේටීන් සිස්ටම් එක. (mobile OS)

ඇපල් කියන්නෙ ගනන් පලතුරක්. දැන් නම් අඹ වලට වඩා ඇපල් මිල අඩු වුනාට ඇපල් ඉස්සර ඉදන් හරි ගනන්. ඒ නිසා ඇපල් ගැන අප කතා නොකර ඉමු. ඇපල් කොයි තරං හොද වුනත් අපිට කිට්ටුකරන්න බැරි තරම් සමහර විටඅපේ මාස තුනක හතරක වැටුප තරම් ඇපල් (Apple phoene ) ගනන් නම් අපි ඒක ගැන හිතන එක තේරුමක් නැහැ.

ඇන්ඩ්‍රොයිඩ් තමයි දැන් ලෝකෙ ජනප්‍රියම ජංගම දුරකථන මෘදුකාංගය. රසවත් අතුරපස වල නම් වලින් එන ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම සාමාජිකයා ලොලිපොප්.(Android lolipop)  ලොලිපොප් වලට කලිං තිබුන අවසාන ජංගමදුරකථන මාදිලිය තමයි කිට් කැට්. ඊට පෙර ජෙලි බීන්, අයිස් කිරිං සැන්විච්, ඉගුරු පාන් ආදී නම් වලින් ඇන්ඩ්‍රොයිඩ් ඕ ඇස් එක ආවා.මේ ගූගල් අය හදන ජංගම දුරකථන පද්ධතියක් නිසා. ජී මේල්. ගුගල් මැප්ස්, ගූගල් ඩ්‍රයිව්, ගූගල් සර්ච් ආදී ගූඝල් මගින් සපයන විශාල සේවාවන් සංඛ්‍යාවක් නොමිලේම ඇන්ඩ්‍රොයිඩ් වලට වඩාත් පහසුකම් සපයනවා. ඒ කියන්නෙ ගූඝල් සේවාවන් සරලවම පාවිච්චි කරන් පුලුවන් හැකියාව ඇන්ඩොයිඩ් පාවිච්චි කරන අයට ලැබෙනවා.ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට ලෝකය පුරා භාවිත කරන මිලියන ගානක සෙනග පාවිච්චි කරන විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් තියෙනවා පාවිච්චි කරන්න. 

මේ ඇන්ඩ්‍රොයිඩ් ඕ ඇස් සලකා බැලුවාම ඇන්ඩ්‍රොයිඩ් කිට් කැට් කියන ඕ ඇස් එක මුලදි තිබුන ඉගුරුපාන් (ජින්ජර්බ්‍රෙඩ්) එක වගේම අඩු හාඩ්වෙයාර් පසුබිමක වැඩ කරන්න හදලා තියේලු. 512ක රැම් එකකින් සහ ඩුවල් කෝර් ප්‍රොසසරයකින් යුතු ෆෝන් එකක වැඩ සැලකිය යුතු මට්ටමකින් කරගන්න හැකියාව මේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට් කැට් වල තියේලු. ජෙලි බීන් වගෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් සාමාන්‍යයෙන් සිංගල් කෝර් ප්‍රොසෙසර් 512 රැම් වලදි දුවනවා. නමුත් ඇප් දෙක තුනක් එක්ක ැවඩ කරනකොට අඩාගෙන හූ කියාගෙන හෙන අමාරුවෙන් තමයි දුවන්නෙ.

මොබයිල් ෆෝන් පරණ වෙන්න වෙන්න අලුත් වැඩ ඒකෙන් කරගන්න බැරි අවුල්ක එනවා නේ. ඒ වගේම සමහර පෝන් වල  අපිට ඕන කරන දේවල් නැහැ. උධාහරන විදියට ඇන්ඩොයිඩ් 5 ලොලිපොප් කියන මොබයිල් ඕ ඇස් එක එනකල්ම ඇන්ඩොයඩ් ඔරිජිනල් ෆෝන් එකට සිංහල යුනිකෝඩ් පේන් නැහැ. නමුත් සැම්සුන් ෆෝන් වල පේනවා. සැම්සුන් ගැලක්සි විසින් දියුනු කරන ලද ඇන්ඩොයිඩ් ඕ ඇස් එකේ සිංහල පේනවා වගේම සරලවම සිංහල ටයිප් කරන්නත් හැකියාව තියෙනවා.

මේකට විසදුමක් විදියට අපිට ඕනි විදියට කෑලි බෑලි වෙනස් කරලා අඩු හාඩ්වෙයාර් වලටත් කදිමෙට වැඩ කරන්න හැකි විදියට අපිට ඕ ඇස් එක වෙනස් කරගන්න පුලුවනි. ඒකට මුලින්ම ෆෝන් එකේ අයිතිය අපිට ගන්න ඕනි. ඒකට රූ්ට් කරනවා කියලා කියෙනවා. එහෙම කරලා රූට් කරගන සයිනොජන් මූඩ් වගේ ඇන්ඩොයිඩ් කස්ටමයිස් කරපු ඕ ඇස් එකක් ෆෝන් එකට දාගන්න පුලුවනි. හැබැයි මේ ෆෝන් වල ඕ ඇස් මාරුකරන එක ටිකක් සංකීර්ණයි. කොම්පියුටර් වලට වින්ඩෝස් උබුන්ටු දානවා වගේ සරල වැඩක් නම් නෙමෙයි.ඒ වගේම අලුත්ම ෆෝන් එකක ඕ ඇස් අපිටඕනි විදියට මාරු කලොත් බොහො ආයතනවලින් ෆෝන් එකට ලැබෙන වගකීම් සහතිකය අවලංගු වෙනවා.

වින්ඩෝස් ෆෝන් හදන්න අරං වින්ඩෝස් කොම්පැනිය. නොකියාකිව්වාම මිනිස්සුන්ට ඉ්සසර තිබුන ගඩොල් ටයිප් ෆෝන් මතකයට එන නිසා මයික්‍රොසොෆ්ට් සහ නොකියා කම්පැනි තමුන්ගේලුමියා ෆෝන් නොකියා නමින නැතිව මයිකොසොෆ්ට් නමින් එන්න පටන් අරං. මේ ලුමියා වල තියෙන්නෙ වින්ඩෝස් ෆෝන් ඕ ඇස් එක. මුලදි පොඩි පොඩි අවුල් තිබුනාට දැන් නම් මේ ලුමියා එකයම් තරමක හොද මට්ටමට ඇවිත් තියෙනවා. ලුමියා ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරපු කෙනෙක්ට තරමක් අපහසුවක් ගෙනාවත් ඒක ටික දවසකින් ඇරිලා යාවි. ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව තිබෙන ඇප් සංඛ්‍යාව අඩුයි. නමුත් ලංකාවෙ බොහෝ ස්මාට් ෆෝන් පරිශිලකයින් භාවිත කරන ප්‍රධාන ඇප්ලිකේෂන් ගනනාවක් ලුමියා වල හරි ලස්සනට වැඩ කරනවා. මෙතන ලුමයා කියල හැදින්නුවෙ වින්ඩෝස් ඕ ඇස් එක එන එකම ප්‍රධාන පෝන් එකනොකියා ලුමියා නිසා. ඒකෙ එන ඕ ඇස් එක මයිකොසොෆ්ට් වින්ෙඩා්ස් මොබයිල් වෙන්න ඕනි.

ප්‍රොසෙසර් රැම් ඩිස්ප්ලේ සහ හාඩ්වෙයාර් කතා

ප්‍රොසෙසර් එක ගත්තාම ඩුවල් කෝර් ගිගාහට්ස් එකට වඩා වැඩි ෆෝන් එක්ක හොදයි. රැම් එකන්ම අද කාලෙ 512ට වඩා වැඩි වෙන්න ඕනි. ඒ වගේම ඇතුලත තිබෙන ෆෝන් මෙමරිය ගිගාබයිට් 8ට වඩා වැඩින්ම අපිට ඇප්ස් ගොඩාරියක් කිසි ගේමක් නැතුව ෆෝන් එකේ ඔබාගෙන වැඩකරගන්න හැකියාව ලේසියෙන්ම ලැබෙනවා. මීට අමතරව වීඩියෝ පෙන්නුම් කරන වීඩියෝ ප්‍රොසසරයත් වැදගත් කාර්යක් ස්මාට් ෆෝන් එකේ කරනවා. සමහර ස්මාට් ෆෝන් අවුවට ගියාම නම්බරයක් බලාගන්න බැරි මට්ටමට ඩිස්ප්ලේ එක කචල්. මේ ඩිස්ප්ලේ වලත් ගෝරිල්ලා වීදුරු, එල් සීඩි වීදුරු. ආදී වශයෙන් ගොඩාරියක් ජාිත එනවා. ඒ වගේම ඩිස්ප්ලේ එකක රෙසලූෂන් කියන එකත් විශාල පරාසයක වෙනස් වෙනවා. පිංතුරයක් අපිට පෝන් එකේ බැලුවාම ලස්සනට හැඩට කැත නැතුව පෙන්නුම් කරන්න මේ ඩිස්ප්ලේ එකේ තියෙන කොලිටි එක බලපානවා.

බැටරි..
ස්මාට් ෆෝන් වල තියෙන ලොකු අවුලක් තමයි බැටරි. කොයි තරං වැඩ කිඩ රාසියක් තිබුනත් ස්මාට් ෆෝන් වල තියෙන හැම පහසුකමක්ම එකපාර ඇක්ටිව් කරගෙන පාවිච්චි කරන්න හිතනවා නම් කාර් බැටරියක් පිටේ බැදන් යන්න වෙන සයිස් එකක් තමයි තියෙන්නෙ. ඒ නිසා ස්මාට් ෆෝ්න එකක බැටරිය ඒකට ගැලපෙන මට්ටමක තියේද කියලාත් බලන එක වැදගත් වෙනෝ. 

කැමරාව.
සමහරු හිතනවා පෝන් වලින් ගන්න පිංතුර එච්චර ලස්සන වෙල තියෙන්නෙ පෝන් එකේ තියෙන කැමරාවෙ හොද කම නිසා කියලා. මෙගාපික්සල් 5ක කැමරාවෙ මෙගාපික්සල් වලින් කියවෙන්නෙ පොටෝව ගත්තාම කොයි තරං ලොකුකරන්න ඇහැකිද එහෙම ලොකු කාරාම බොද නොවී පේන්න තියෙන හැකියාව කොච්චරද කියන එක. පාට ජාති පොටෝවක් විදියට හරවගන්න සෙන්සර් එක, ඒ සෙන්සරේ සයිස් එක ආදිය පොටෝ කොලටිය කෙරේ බලපානවා. අද කාලෙ නම් ඔය මොන විදියට පෝන් කැමෙන් පොටෝ ගත්තත් ඉෆෙක්ට්, කලර් බැලන්ස්, ආදි වැඩකෑලි දාන්න ඇහැක් එකාගේ පිංතුර ලස්සනයි කියලා අපිට පෙනී යනවා. ඒ නිසා මම හිතන විදියට නම් මෙගාපික්සල් 5ක හොද සෙන්සර් එකක් තියෙන ෆෝන් කැමරාවක් කියන්නෙ සාමාන්‍ය භාවිතයට ප්‍රමාණවත් කැමරාවක්.

 අපි ලාබෙට තියෙන ෆෝන් කිපයක් ගැන සලකා බලමු.

සැමුසුන් ගැලක්සි.

සැම්සුන් ගැලක්සි වල එස් ඩුවොස් (S duos)  කියන ෆෝන් එක මාර ජනප්‍රිය වුනා. ලංකාවෙ ජනප්‍රියම ස්මාට් ජංගම දුරකථනය සැම්සුන්.සැම්සුන් වල ඕනිම ඇප් එකක තියෙන සිංහල අකුරු හරි ලස්සනට පේනවා. සැම්සුන් ගැලක්සි විවිධ ස්පෙසිෆිකේෂන් අනුව එනවා.  ඒ වගේමඅපේ රට තුල ගොඩාරියක් ජනප්‍රිය පෝන් ජාතියක් නිසා ඩිස්ප්ලේ, බැටරි, වගේ නිතර මාරුකරන්න ඕනි කෑලි බෑලි හරි ලේසියෙන් ගන්නත් හැකියාව ලැබෙනවා. . ලංකාවෙදි සැම්සුන් ගැලක්සි ඔරිජිනල් ෆෝන් වලට අවරුදු දෙකක වොරන්ටි එකක් ලැබෙනවා.

සැම්සුන් හොද වුනත් සැම්සුන් වල තියෙන මම දකින අවුලක් තමා සැම්සුන් ෆෝන් අරං දවස් දෙක තුනකින් පට්ට විදියට ස්ලෝ වෙනවා. සාමාන්‍ය ෆෝන් මෘදුකාංග ආදිය ගැන දන්න කියන කෙනෙක්ට ඒක මගඇරගන්න හැකි වුනත් බොහෝ අය සැම්සුන් ෆෝන් තිබුනාට ඒක හරි ස්ලෝ කියන කම්පෙලෙන් එක දානවා..

මොටෝ
ලංකාව තුල ජනප්‍රිය නැතිවුනත් ලෝක මට්ටමේ ඉස්සරහට එන ෆෝන් ජාතියක් තමයි මොටෝ කියන්නෙ. ඉ්සසර තිබුන මෝටරෝල කියන කොම්පැනිය දැන් පොෂ් වෙලා මොටෝ කියලා තමයි ෆෝන් එන්නෙ. දැන් තියෙන මොටෝ ජී මොටෝ ඊ කියන ඇතුලු මාදිලි කිහිපයකටම ඉදිරියේදී ලොලිපොප් ඕ ඇස් එක ලැබෙන්න නියමිතයි. ඒ කියන්නෙ ඒ ෆෝන් දෙකේ සිංහල අකුරු පෙනීම සාර්ථක වේවි. ඒ වගේම දැන් තියෙන අලුත්ම නෙක්සස් 6 කියන ෆෝන් එක ඉදිරිපත් කරන්නට නියමිත වෙලා තියෙන්නෙත් මොටෝ කම්පැනියෙම තමයි. http://dialcom.lk/MobilePhones.php?cat_mob=9 මේ කියන ඩයල් කොම් කියන කස්ටිය ගාව මොටෝ ෆෝන් තියෙනවා. සාපේක්ෂව මොටෝ ෆෝන් ලාබයි වගේ තමයි පේන්නෙ.

වින්ඩෝස් ෆෝන්.

වින්ඩොස් ෆෝන් වල සිංහල පේනවා ඒ වගේම මේ දවස්වල වින්ඩෝස් ෆෝන් පට්ට අඩුවට http://mysoftlogic.lk/Phones_Mobile_Phones-3-3-9-9.html කියන ඔරිජිනල් සොෆ්ට්ලොජික් සයිට් එකෙන්ම ගන්න පුලුවන් කම තියෙනවා. මේ 530 ලුමියා කියන පෝන් එක සැලකිය යුතු මට්ටමේ එකක්. නමුත් රුපියල් 13,000කට වගේ මුදලකට මේක ලංකාවෙ අලෙවි නියෝජිතයාගෙන්ම මිලදී ගන්න හැකියාව ලැබෙනවා. ක්වඩ් කෝර් ප්‍රොසසර්, මෙගාපිස්සල් 5 කැමරාව, වින්ඩෝස් ඕ ඇස් එක, ආදි දේවල් එක්ක බැලුවාම මේ ගාන්ට නම් වින්ඩොස් ෆෝන් බොහෝම වටිනවා කියලා මට හිතෙනවා.

එල් ජී ෆෝන්..
අබාන්ස් ලාගේන් ගන්න එල් ජී ෆෝන් එකට කැඩුනත් බිදුනත්හදාගන්න පුලුවන් වොරන්ටියක් දෙනවා කියලා අබාන්ස් එකේ ඇඩ් එකට යනවා. නමුත් මේ එල් ජී ෆොන් වලිං සිංහල බලන්න බැහැ. අලුත්මඇන්ඩොයිඩ්ඕ ඇස් එක වෙන ලොලි පොප් ආවොත් හොදයි. එල්ජී වල ඩිස්ප්ලේ එක කැමර් එක සහ ෆෝන් එක හොදයි.ඒත් ලංකාවෙඒ තරංම හිට්ෆෝන් එකක් නෙමෙයි.

එක්ස්පීරියා ෆෝන්.
පොකට් කැමර් එකක් ගන්නවද ෆෝ්න එකක්ම ගන්නවාද කියලා කාරුහරි හිත හිත ඉන්නවා නම්  පොකට් කැම් එකේ තියෙන මට්ටමේම කැමරාවක් තියෙන ෆෝ්න එකක් තමයි එක්ස්පීරියා කියන්නෙ. එක්ස්පීරියා බෙහෝ ෆෝන් වල කැමරාව හොද තත්වයකින් යුක්ත වෙනවා.වතුර යන්නෙ නැති, ඩස්ට් යන්නෙ නැතිඑක්ස්පීරියා සෙඩ් (Xperia Z) කියන ෆෝන් එකත් ජනප්‍රියය්. නමුත් සෙඩ් එක ටිකක් ගනන් වැඩියි. එක්ස්පීරියා වලත් අරසිංහල අවුල එ්මම තියේ. ඒත් එක්ස්පීරියා ඉසෙඩ් වලට ලොලිපොප් අප්ඩේට් එක ලගදිම එනවා කියලා තමයි අාරංචි වල තිබුනෙ.

ෆෝන් එකක් ගන්න කලියෙංසහ ෆෝන් එක ගන්න වෙලාවෙ වුනත් අන්තර්ජාලයෙන් ඒ ගැන පොඩි සෙවුමක් කලාම ෆෝන් එකේ තියෙන අලගිය මුලගිය විස්තර තියෙන වැඩ කිඩ ඔක්කෝම ලැයිස්තු අපිට පෙන්නුම් කරනවා. ඒනිසා ෆෝන් කඩවල ඉන්න නයි නටවන්නො කියන පදේට ඔලුව වනනවා වගේම පොඩ්ඩක්ඒ ෆෝන් එකේ මොඩල් නම්බරේ ඉන්ටනෙට් එකේ සර්ච් කරලා බලන එක වටිනවා. 

මේ තියෙන්නෙ ෆෝන් ගැන උනන්දුවක් දක්වන හැමෝගෙම දැනගැනීම පිණිස මම පහුගිය දවස්වල හොයපු කාරණා ටිකක්. සමහර විට වැදගත් කාරණාවක් දෙකක් මිස් වෙලා ඇති. මීඨ වඩා හොද පෝනුත් වෙලදපොලේ ඇති. ඒ ගැන තොරතුරු දන්නවා නම් කොමෙන්ට් එකක් විදියට දාල යන්න,  අනික් අයටත් තොරතුරු බෙදාගන්න පිවිතුරු චේතනාවෙන්.

14 comments:

  1. හොද තොරතුරු ටිකක්....

    ReplyDelete
  2. මචං අමිල.. මුල ඉඳම්ම කියෙව්වා.. අන්තිමට ආයෙම ඩවුට් මොකක්ද ගන්න හොඳ කියල.. අර නොකියා ලුමිය එක හොදයිද? අනම් මනම් වලින් වැඩක් නෑ. අඩුවට තියෙන හොඳම ෆෝන් එකක් කියපන් මට ගන්න.. 20 කට 25කට විතරනම් හොඳයි. (මෙච්චර කල් කොම්පැනියෙන් දෙන ෆෝන් පවිච්චි කරපු නිසා ඕව ගැන හෙව්වේ නෑ.. දැන්නම් හිතෙනව එකක් ගත්තනම් හොඳයි කියල.. ඒකයි :D )

    ReplyDelete
    Replies
    1. කලින් ඇන්ඩොයිඩ් පෝන් එකක් ඇප්ස් ගොඩාක් එක්ක පාවිච්චි කරලා තියේ නම් වින්ඩොස් වලට මාරුවෙන්න අමාරු වෙයි.
      නැත්තං හොදම ඔප්ෂන් එක ඔය නොකියා එක.. ඒකෙ ලුමියා 630 සුපිරියි.. ගෙවන ගාන්ට වටිනවා..හැබැයි මේකෙ සිංහල ටයිප් කරන්න බැහැ.. මොටෝ ජී එකත් හොදයි.. http://mysoftlogic.lk/Phones_Mobile%20Phones_Nokia_Lumia_630_Dual_Sim-3a-3-4542-9.html#.VHGX8IX7tws

      Delete
  3. අමිල මම දන්න විදියට මෙවෙලේ 1 Plus තමයි ගෙවන මුදලට වටිනාම පෝන් එකක් දෙන්නේ. (350$ වලට 64GB).
    මම දැනට HTC 1 හා galaxy note හා nexus 7 පාවිච්චි කරනවා. ගැලක්සි ෆෝන් වල මැටිරියල් එන්න එන්නම බොහොම බාල කොලිටියේ. ගෙවන මුදලට වටිනාකමක් නෑ.
    lollipop එනකම් මාත් උඩ පැන පැන හිටියා nexus වලට සිංහල ගන්න. ඒත් තවම මොකක්ද අවුලක් nexus 7 වල නම් තියෙනවා. වෙන කාටහරිත් එහෙම තියෙනවද දන්නෙ නෑ. විසඳුමක් තිබ්බොත් කියනවා නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඇවිල්ලා ඉතාලි නයි...

      Delete
    2. නෙක්සස් 5 නම් පාවිච්චි කරන අය ඉන්නවා නමුත් නෙක්සස් 7 ලංකාෙව භාවිතා කරනවා අඩුයි.. ඒත් මම සුට්ටක් හොයලා බලන්නම්.. වන් ප්ලස් වන් ගැන මම දැනං උන්නෙ නැහැ..ඒ ගැන දැනගත්තෙ දැනුයි..ඉස්තූතියි තොරතුරට..

      Delete
    3. වන් ප්ලස් දෙන්නෙ ඉන්ටර්නෙට් මාකටින් හරහා පමණයි
      දැනට මිළ හැටියට හොදම ෆෝන් එක
      ඇපල් වුණත් කැලේ

      Delete
  4. ඔව්.. වින්ඩෝස් ෆෝන් වල OS එක. WindowsMobile. App මාකට් එක ඉස්සරහදි තව හැදේවි. Lumia 1020 එකේ කැමරාවට එහෙම ගහන්න කැමරා නම් හරිම අඩුයි! මොනවා උනත් ෆෝන් එක durable.

    ReplyDelete

  5. එන්ගලන්තෙ ඉන්න කෙනෙක් පාවිච්චි කරල මට දුන්න සැම්සුන්ග් එස් 11එකක් තමයි මම පාවිච්චි කරන්නෙ. කියන්න තරම් අවුලක් නෑ. වැදගත්ම දේ සින්හල පේනව

    ReplyDelete
  6. මට තියෙන්නෙ ටච් ෆොන් ඇලජික් එකක්... නොකියා ඇනලොග් එකක් පාවිච්චි කරන්නෙ.. කොහොමත් අමිල මේක ලිව්ව එක හොඳයි... අඩු ගානෙ මගෙ ඇලජික් එකවත් හොඳ වෙයිද බලමු...

    ReplyDelete
  7. මටත් ටච් ෆෝන් ටිකක් වගේ ඇලජික්... ඒත් උපන් දිනේට හාමිනේ නොකියා ලුමියා එකක් අරගෙන ඇවිත් තිබ්බා තෑග්ගක් හැටියට.
    එකෙනුත් මම කරන්නේ කලින් තිබ්බ නොකිය E71 ෆෝන් එකෙන් කරපු වැඩ ටිකම තමයි.
    ලොකුම අවුල තමයි බැටරි... එක හොඳකට තියෙන්නේ ෆොටෝ වල තත්ත්වය හොඳයි.
    ඒත් මම තාමත් කැමතියි කලින් ෆෝන් එකට. ඒක මීට වඩා පැහැදිළිව ඇහෙනවා. දවස් පහක් වගේ බැටරිය තියෙනවා.
    මේක තියෙන ඔක්කොම දේවල් ඕෆ් කරලා තිබ්බම දවසක් තියාගන්න පුළුවන්.

    ReplyDelete
  8. ASUS සෙංපෝං 4 , 5 ත් හොඳා......

    ReplyDelete
  9. Xperia Z වල වතුර යන්නේ නැති සින් එක ෂුවර් නෑ .. මගේ යාලුවෙක් අරන් මුහුදු වතුර ගිහින් තිබුනා .. වොරන්ටි ගන්න ගියාම කියල තිබ්බේ මුහුදු වතුරට වොරන්ටි නෑ කියල ...

    LG nexus 5 එකත් සැහෙන හොඳ ෆෝන් එකක් .. ගාන 40-50ත් අතර වෙයි ..

    ReplyDelete
  10. ලුමියා 535 මිල 19990යි. ඊට අඩුවෙන් ගන්න පුලුවන්. එකම එක අව්ලක් තියනව. වෙලාවකට ටච් එක පිස්සු නටනව. දන්න විදිහට ඒක 530 ෆෝන් එකෙත් ටිකක් අඩුවෙන් තියන අවුලක්. හැබැයි අලුතින් දුන්නු ඩෙනිම් අප්ඩේට් එකෙන් ඒක හදලලු තියෙන්නෙ. තාම අප්ඩේට් කරගන්න බැරිවුනා. අප්ඩේට් එක ලංකාවට දීල තියෙන්නෙ. අප්ඩේට් එක කරල කමෙන්ට් එකක් දාන්නම්. ලොවෙත් වෙන අවුලක් නැ. ෆෝන් එක සුපිරි

    ReplyDelete