Monday, March 16, 2015

නල්ලතන්නියෙ සිට සිරිපාදෙට කෝ වැසිකිලි

ශ්‍රී පාදස්ථානය කියන්නෙ අද වන විට ලෝකය පුරා ජනප්‍රිය වෙච්චි තැනක්. සුප්‍රකට ට්‍රිප් ඇඩ්වයිසර් කියන අඩවියට අනුව ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, එංගලන්තය, චෙක් ජනරජය,අ ැමරිකාව ආදී විවිධ රටවල ජනතාව සිරිපාදය බලන්න එනවා. හැටන් පාර තමයි තිබෙන ප්‍රධාන මාර්ග අතුරින් ජනප්‍රියම සහ ලේසිම මාර්ගය. මම නම් ආස කරන්නෙ රත්නපුර පැත්තෙ පාරට. රත්නපුර හරහා ගමන තරමක් දුරයි. නමුත් සොබා සෞන්දර්යෙන් සපිරි අත්දැකීමක් ගන්න පුලුවනි රත්නපුර පැත්තෙන් සිරිපා ආවොත්. මුලින් අවස්ථා කීපයකදිම සිරිපා කරුණා කරන්නට පැමිණ ගත් අත්දැකීම් වල සුන්දර්ත්වය විස්තර කලත් මෙවර මා අඩුපාඩු කිහිපයක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.

ජංගම දුරකථන සහ දත්ත සේවාවන්ට සිග්නල් නොමැති වීම.
1950 දශකයේ ඇතිවුන ලක්ෂපාන ජලාශය හේතුවෙන් අවට පැතිවලට විදුලිය ලැබෙනවා. මම හිතන විදියට සිරිපා මග දෙපස සහ උඩමළුවට විදුලි ආලෝකය ලැබිලා දැන් වසර තිහ හතලිහකට වැඩි මිසක් අඩු නම් නැහැ. ඉතිං සිරිපා සමය පටන් ගත්තාම මේ විදුලි මාර්ග පිළිසකර කරලා විදුලි එලියෙන් සිරිපා මාර්ගය ඒකාලෝක කරනවා. නමුත් මේ රත්නපුර සහ හැටන් යන ප්‍රධාන මාර්ග දෙකේම අතරමගදි ජංගම දුරකථන සංඥා නැති වෙනවා. තිබුනත් දත්ත සේවාවන් ලබාගන්න හැකියාවක් නැහැ.
මේ වගේ කැලෑවක තියෙන සිද්ධස්ථානයකට යන පූජනීය බැතිබර ගමනට මොන සිග්නල්ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවනි. ඒත් උඩට යනතෙක් විදුලි බලය තිබේ නම් ඒ කණු ආදිය භාවිත කරලා පරිසරය කැත වෙන්නෙ ැනති වෙන්න විශේෂයෙන් සකස් කරන ලද කුඩා ටවර් සහ ට්‍රාන්ස්මිටර් ආදිය භාවිත කරලා ඇත්තටම සිරිපා මළුවේ ඉහලට යන තෙක්ම අඛන්ඩ දත්ත සහ දුරකථන සංඥා ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් සති අන්තයක දස දහස් ගනනක් සිරිපා කරුණා කරනවා. ඒ වගේම වාරයේ දිනක නම් සාමාන්‍යෙයන් පන්දාහකට දහදදාහකට  වැඩි ජනතාවක් සිරිපා කරුණාවට එකතු වෙනවා.
ඒ වගේම විවිධ ආකාරයේ ජංගම දුරකථන උපකරණ කැමරා අරං විදේශිකයින් මේ සිරිපා තරණය කරනවා. ඉතිං සාමාන්‍ය ගමකට නගරයකට දුරකථන සම්බන්ධතාවයක් දෙන්න යන මුදල වගේ කිහිප ගුණයක් මේ ආකාරයට දුරකථන පහසුක්ම දෙන්නට අදාල දුරකථන සමාගම් වලට වැයවේවි. නමුත් මට අනුව නම් එය එන සංචාරකයින් හරහා එන ආදායම මගින් එක් වාරයක් දෙකක් තුලදීම අයකරගන්න හැකියාව දුරකථන සමාගම් වලට ලැබේවි.
මේක කියන තරන් ලේසි නැහැ. විදුලිබල මණ්ඩලය, වනජීවි වනසංරක්ෂණ දෙපාර්ථමේන්තු, අදාල පරිපාලන ආයතන, ශ්‍රී පාද භාරකාර ස්වාමීන් වහන්සේලා, රජය, ප්‍රාෙද්ශීය දේශපාලකයින් සියලු දෙනා එකතුවෙලා සාකච්චා කරලා වැඩේ පටන් ගත්තොතින් සිරිපා උඩ මලුවට යන තෙක් අඩුතරමෙ හැටන් මාර්ගයේ හරි අඛන්ඩ දුරකථන සිග්නල් ලබාදෙන්න හැකියාවක් තියේවි.
වැසිකිලි ජරාව.
දැන් සිරිපා සමය පටන් අරන් මාස දෙක තුනක් වෙන දවස් පහුගිය දවස් තුන හතර ඇතුලත හැටන් වලින් සිරිපා ගිය මට අර ඉදිකටුපාන සහ ඊට පහල ඉමේදී දැඩි දුර්ගන්ධයකට මුහුන දෙන්නට සිදු වුනා. ඒ දැඩි ඇමෝනියා දුර්ගන්ධයට හේතු වුනේ මිනිස් මළ ද්‍රව්‍ය සහ මුත්‍රා. සුද්දන් පවා කියලා තිබුනා වැසිකිලි නම් අපවිත්‍රය, අවැසි නම් පදුරු තිබෙනවාය, ඒවාට යනවා හැර වෙනත් කරන්න දෙයක් නැතිය කියලා. බොහෝ දෙනා ඒ ඉමේ යනවිට නාසය වසාගෙන ගියේ ඒ අප්‍රසන්න දුගද වැඩි නිසාමයි.
සමහර තැන්වල වැසිකිලි තනා තිබෙනවා. නමුත් නිසියාකාර දැන්වීම් පුවරුවක් වත් නැහැ. ඇතැම් තැන්වල වැසිකිලි ඉතාම අපිරිසිදුයි. මේ වගේ දුෂ්කර පයින් යන ගමනක් තියෙන පාරකදි වැසිකිලි තැනීම අපහසු දෙයක් වෙන්නට ඇති. නමුත් මිනිසුන්ගේ මූළිකම අවශ්‍යතාවයක් වෙන වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවය සියලුම පරිසර සාධක වලට වඩා දැඩිව දැනෙනවා. ඇතැම් තැන්වල විශාල ආගාර වගේ කඩවල් හදාල තියෙනවා. එයින් ඒ කඩේම උදවිය පොඩියට වැසිකිලියක් අටවගෙන සල්ලි අරං යන්න දෙනවා. අනේ ඉතිං ගෑනුන්ට එහෙම අපිට වගේ පදුරකට චූකරන්න බැරි නිසා රුපියල් විස්සකුත් දීල අර කුටියට යනවා.
සිරිපාදෙ කියන්නෙ සෑම කාලයකදීම විශාල ජනතාවක් එකතු වෙන තැනක්. එවන් තැනක වැසිකිලි පහසුකම් දියුනු කරන්න මීට වඩා සාර්ථක විදියෙ වැඩපිලිවෙලක් තිබුන නම් හොදයි. ඒ වගේම වැසිකිලි පිරිසිදුව තබාගන්නත් කිහිප දෙනෙක් හරි පත්කලානම් ඒකත් පංකාදු වැඩක්.
කෑම කඩවල කෑම.
පසුගිය වරක රත්නපුර මාර්ගයෙන් සිරිපා කරුණා කල විට ඒ පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ අධිකාරින් විසින් විශේෂ දැන්වීමක් කඩවල් වල ප්‍රදර්ශනය කරලා තිබුනා. ඒ වගේම ඒ රත්නපුර පැත්තෙ කඩවල ආහාර වල මිල ගනන් ආදිය සදහන් කරපු මිල දර්ශනයකුත් තිබුනා.
නල්ලතන්නිය බස් නැවතුමේ සිට සිරිපා පැත්තට යන මාර්ගය අසබඩ තිබෙන විශාල හෝටලයෙන් අපිට කන්නට සිදු වුනා. ඇත්තටම අපි හැටන් වලට නෑවිත් නල්ලතන්නියෙන් කන්න ගතපු තීරනය ගැන පසුතැවෙන්නට අපිට සිද්ද වුනා. කඩේ පිරිසිදුකම අන්තිමයි. කෑම කෑලි මේස යට පිළිනුවෙලා ගද ගහනවා. මැස්සො ඇහිරෙනවා. මේස පිසදාල තියෙන්න ජරා රෙදි කඩකින්. කෑම වුනත් කිසිම රස්නයක් නැහැ. සාමාන්‍යෙය්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නිකමට වත් ඒ පලාතක ගිහිපු බවක් ඒ මුල් කඩෙන්ම පෙනුනෙ නැහැ.
ඒ වගේම ඉහලට යන විට තිබෙන කෑම කඩ බොහොමයක මිල දර්ශනයක් නැහැ. එක් කඩයකදී මීයෙක් රොටි කෑල්ලක් අරන් යන්නට හදන පිවිතුරු දසුනක් මගෙ මිතුරෙක් දැක තිබුනා. තාවකාලික කඩ වලින් අපිට විශාල දෙයක් බලාපොරොත්තු වන්නට බැහැ. නමුත් අඩුතරමෙ තේ වතුර එකක් රුපියල් සීයක් වුනත් ඒ මිල බෝඩ් එකක ගහලා. සීමිත මට්ටමේ හරි පිරිසිදුකමක් තිබෙනවාද කියලා නියාමනය කරන්න සතියකට දෙකකට වතාවක් හරි වැඩපිලිවෙලක් තියේ නම් හොදයි.
සිරිපා යන පාර නම් දැන් ඉස්සර වගේ අමාරු නැහැ බොහෝ තැන් ඉතා කදිම ආකාරයෙන් පිළිසකර කර තිබෙනවා. ඒ ආකාරයෙන්ම වැසිකිලි, කෑම කඩ ආදිය ගැනත් සලකා බලලා විශාල මනුස්සයො පිරිසක් යන එන බැතිබර ගමනට බාධාවක් නොවන විදියට කටයුතු කරන්නට ඒ නිළධාරි බලධාරි මහත්වරු උනන්දු වෙනෝ නම් හොදයි 
ඉතිං මම තව පොඩි වැඩක් පටන් ගත්තා යූ ටියුබ් වලින් දේසනා තියෙන වැඩක්.මේක සාපේක්ෂව ලියනවාට වඩා ලේසියි. නමුත් බලන අයටගතවෙන කාලය වැඩි ඇති.මේ වඪියො එකේ කියවෙන්නෙ ජෝතිශය ඇතිවීම ගැන මගේ අදහස. වෙලාවක් තියේනං ඒකත් බලාලම යන්න මෙන්න ලිංක් එක.  https://www.youtube.com/watch?v=0pJO-JEp34c

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Anith network gana nam kiynnna danne na .. Dialog nam 2g wagema 3g th thiynawa udatama yanakanma , hatton pare

    ReplyDelete
    Replies
    1. මං මාස දෙකකට විතර කලිං ගියා..එතකොට නම් සිග්නල් තිබුන් නැහැ ඩයලොග් වලට..සමහර තැන්වලට..

      Delete
    2. 2013දි ඩයලොග් වැඩ කළා වගේ මතකයි ඉදිකටුපානෙ හැරුණාම අනිත් හැම තැනකදිම. අමිල ගිය දවසෙ විශේෂ බ්‍රේක්ඩවුන් එකක් වෙලා තිබුනද දන්නෙ නැහැ.

      Delete
  3. ඔය අඩුපාඩු ටික ගැන පෙන්නල දුන්න එක නං කාලෝචිතයි. රජයක් විදියට ගත්තම ඕව සපුරාලන එක සිම්පල් වැඩක්...

    ReplyDelete
  4. මෝබයිල් සිග්නල් තියෙනවනං නඩේ කවුරුහරි අතරමං උනොත් ඒ මනුස්සය හොයාගන්නත් ඒක ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
  5. haton pare thiyana kada walin wathura tikak wath nikan den n, bothalm ganna one, ewath gnan,,

    eth kadawala pawichchi kranne siripaden waten punchi wathura parawal wlin ena wathura, etha e minissu eken wath bothlyak purawagann den n

    ReplyDelete
  6. පිස්සො ටිකක් සමන් දෙයියාට කියන්න තියන දේවල් බ්ලොග් වල ලියනවා. මොබයිල් පෝන්, ටෝයිලැට් වගේ එතෙනටත් ගෙනත් දේවල් අපේ උරුමය විනාශ කරන්නමයි දත කන්නේ, සිරිපාදයේ පෝන් තහනම් කරන්නම ඕන, ඔවා මොටද හොඳ භාරයක් වෙලා ගිහින් කට වරද්දා ගන්නේ නැතිව හිටියනං දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. අනෙක් දේවලුත් පුරාණ දේශීය විදිහට කරපුවාම ඇති වැරැද්ද මොකක්ද?

    ReplyDelete
    Replies
    1. //සිරිපාදයේ පෝන් තහනම් කරන්නම ඕන// මේක ඇත්ත. ඕකෙ හෙන පෝන් සීන් වෙන්නෙ. අපිත් ගියානෙ.

      Delete
    2. තේ නට් කියන්න බලන්න එහෙනම් ඇයි සිරිපාදෙ පඩිපෙලවල් හදන්නෙ? ඇයි ඕකට ලයිට් දෙන්නෙ? ඇයි අර මිනිස්සු දුක් මහන්සිවෙලා ඕවයි ඉදිකිරිම් වලට ගල් සිමෙන්ති අදින්නෙ? කිසිම පහසුකමක් දෙන්නැතුව පැත්තකට ම වෙලා හිටියනං උරුමෙ ගොඩක් කල් යනකල් රැකේවි...

      Delete
  7. අමිල, සිරීපාදෙ විතරක් නෙමේ බං අපේ රටේ හරියට පිරිසිදු වියළි වැසිකිලියක් තියෙන ෂොපින් මෝල් එකක්වත් තියෙද?

    සැන්ටිපෝට්ල දාල සුද්ද යන්තන් කකුස්සි හදල දුන්න නිසා මිසෙක වැල්ලෙයි කැලෙයි රීල අද ඊයෙ එළියට ආපු උන්ට කොහෙද බං පොදු වැසිකිලි ගැන හැඟීමක්.

    අනික පොදු වැසිකිලි නෙමේ, ගොඩක් ලංකාවෙ ගේක වැසිකිලියකට යන්න ඇහැක්ද? බිත්ති තෙත බේරෙනව, පෝච්චියෙ කහ පැල්ලං, මඩ බිම.

    ReplyDelete
    Replies
    1. ඉන්දික ළඟදි ලංකාවට ආවද....

      Delete
    2. ඔව් හිරු, ආව. ගිය ජූලි වල. ක්‍රෙස්කැට් එකේ ඇර වෙන හරි හමන් වොෂ් රූම් එකක් තියෙන එක තැනක් වත් දැක්කෙ නෑ. එම්.සී වොෂෲම් එකට රුපියල් දහයක්ද කොහෙද දීල ගියා, යන්තන් ලිස්සල නොවැටි ආවෙ. කේ.සී.සී එක ඊට අන්තයි.

      අපි පොඩි කාලෙ අපේ ගෙදර තිබ්බෙ ටොයිලට් එකට වතුර බාල්දියක් අරගෙන යන්නා ඕන, ගෙයින් මීටර් තිහක් විතර ඈත හදපු උක්කුටික පෝච්චි වැසිකිලියක්.

      ඒත් ඒකට යන කෙනා, වැඩේ ඉවරකරල හෝදගෙන, ආයි ලිඳ ගාවට ඇවිත් තව වතුර එකක් ගෙනිහින් හෝදල එන්න ඕන. පෝච්චියෙ පැල්ලම් තිබ්බොත් අන්තිමට ගිය කෙනා හොයල ගුටි ලැබෙනවමයි. යන්නෙ නැති වෙලාවට දොර ඇරල තියන්නම ඕන, වේලෙන්න.

      දවසකට සැරයක් අපේ හතරදෙනාගෙන් කෙනෙක් එක සබන් කුඩු දාල හෝදන්න ඕන. අපේ රෙදි අම්ම හෝදල දුන්නට ටොයිලට් අපිට කියල හේදෙව්වෙ. නැති බැරි උනත් එහෙම හැදුන නිසා පිර්සිදු වැසිකිලියක් කියන එක අපිත් දන්නව, අපේ දරුවොත් දන්නව.

      Delete
  8. හැටන් වලත් හෝටල් වල තත්වෙ මීට දෙවනි නෑ. අපි 2008 අවාරෙ සිරිපාදෙ ගිහිල්ල උ‍දේට කෑවෙ හැටන් වලින්. සිරිපාදෙ නගින කම්ම හැම එකාම දහදොළොස් පාරක් ටොයිලට් ගියා. එතකොට නං අවාරෙ හින්ද ටොයිලට් අවුලක් නෑ.

    ReplyDelete
  9. බොහොම තෑන් වල වෑසිකිලි,කෑසිකිලි පහසුකම් නම් අඩු තමයි,ඒවගෙමයි,ශොපින් මෝල් වලයි,තව තෑන් වලයි තියෙන ඒවාත් අපේ කට්ටිය හරියට පාවිච්චි කරන්නෙත් නෑ නෙ.

    ReplyDelete