දිල්ලියෙ තියෙනවා මෙට්‍රො රේල් පද්ධතියක්. නගරබද ප්‍රවාහන අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන විසදුමක් තමයි ඒ මෙට්‍රො රේල් පද්ධතිය.
මේ දිල්ලි මෙට්‍රො පද්ධතිය
මේ කෝච්චි පාරවල් වල පාරවල් දෙකක් තියෙනවා..එක කෝච්චි පාරක යන්නෙ එක දිශාවකට යන කෝච්චි විතරයි. කෝච්චි කිව්වට ඇත්තටම මේවා මහා බරසාර කෝච්චිම නෙමෙයි..ලංකාවෙ දුවන පවර් සෙට් වගේ ටිකක් පෙනුම. නමුත් ඊට වඩා ලස්සනයි.මේ දුම්රිය දුවන්නෙ විදුලි බලයෙන්. දුම්රියට ඉහලින් දිවෙන විදුලි රැහැන් ස්පර්ශ කරමින් තමයි දුම්රියට අවශ්‍ය බලය ලබාගන්නෙ.
මේ දිල්ලි නගරය හරහා බොෙහා් තැන්වලට විහිදිල තියෙන මෙට්‍රො දුම්රිය මාර්ගය පෙලක් තැන්වලදි මහපාරට උඩින් තමයි යන්නෙ. පෙලක් තැන්වල පොලවට යටින් උමං අස්සෙන් මේ දුම්රිය මාර්ගය ගමන් ගන්නවා. දිල්ලි නගරය කියන්නෙ පැරණි නගරයක්. ඉතිං ඒ නගරය හරහා නව පාරක් ඉදිකරද්දි එක්කෝ ගුවනින් නැත්තං පොලව යටින් කරන්න ඕනි වෙනවා ඇති. නැත්ංතං ලොකු ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා නෙ.
මේ දිල්ලි මෙට්‍රො එකේ පාට පාටින් දක්වලා තියෙන්ෙන එක එකට වෙනස් මාර්ග. මේ පාට මාර්ගවල යන්නෙ ඒ අදාල කෝච්චිය විතරයි. උධාහරණ විදියට කහපාට පාරෙ යන කෝච්චිය නිල්පාට පාරෙ යන්නෙ නැහැ..යම් මගී කෙනෙක්ට ඕනි වුනොත් කහපාට පාරෙන් ඇවිල්ලා නිල්පාට පාරෙ තියෙන තැනකට යන්න ඒ උන්නැහේ කරන්න ඕනි රාජිව් චෝක් කියන දුම්රිය ස්ථානයෙන් බැහැලා නිල්පාට පාරෙ නියමිත දිශාවට අවශ්‍ය කෝච්චිය අල්ලගන්න එක.
අපි දිල්ලියෙ නැවතිල උන්නෙ කැරොල් බාග් කියන හරියෙ. අපි එතනට ආවෙත් මෙට්‍රො එකක.මටයි යාලුවෙක්ටයි ඕනි වුනා සරෝජනී නගර් කියන රෙදිපිලි වෙලදසැලට යන්න. ස්ටේශමෙන් ගිහින් බැලුවාම සරෝජිනි නගර් වලට කෙලින්ම මෙට්‍රො එකක් නෑ..අලුත් එකක් තාම හදමින් පවතිනවා සරෝජිනි නගර් වලට යන්න. ඉතිං අපි සරෝජනී නගර් යන්න ලගම තියෙන අයි එන් ඒ කියන ස්ටේශමට යන්න ඕනි. අපි කලේ කැරොල් බාග් වල ඉදලා රාජිව් චෝක් කියන තැනට නිල්පාට ලයින් එකේ ආවා. ඇවිත් රාජිව් චෝක් වලදි කහපාට ලයින් එකට පඩිපේලියක් බැහැල යටට ගිහින් ඒ අයි ජී හරහා යන මෙට්‍රො එකකට ගොඩ වුනා..
කෝචිචිය ඇතුලෙදි අපිට මේක ඊලගට නවත්තන තැන මාරුවෙන්න ඕනි තැන් ආදිය හින්දි ඉංගිරිසි බාසා දෙකෙන්ම විස්තර කරනවා. කෝච්චිය ඇතුලෙ ස්වයංක්‍රිය මැප් එකක් වගේම ඩිස්ප්ලේ එකකිනුත් නවත්තන තැන් ආදිය ගැන විස්තර සපයනවා. මේක ටිකක් සංකීර්ණ වැඩක්..පිටින් ගිහිපු අපිට විතරක් නෙමෙයි ඉන්දියන් කාරයින්ටත් මේක ටිකක් ගැටලු සහගතයි ඇතැම් වෙලාවට.. කීප දෙනෙක් අපෙනුත් විස්තර ඇහුවා.අපි ඉතිං විමසීම ්කවුන්ටරය ඒ ඇත්තන්ට පෙන්නුවා.
මේ කෝච්චි වල යන්න මොන පාට ලයින් එකේ ගියත් ලැබෙන්නෙ එක ටෝකන් එකක් විතරයි. ටෝකන් එක අපි දුම්රියට නගින්න බලාපොරොත්තු වෙන ඉස්ටේශමෙන් මිලදී ගන්න ඕනි. කෝච්චි ප්ලැට් පෝම් එකට යනකොට ටිකට් බලන්න කාකි මහත්තුරු නැහැ. අර ටෝකන් එක මැසිමට ඇල්ලුවම ෆිල්ම් වගේ හුකැස් ගාල දොරක් ඇරෙනවා..එතකොට සුටුස් ගාල පැනගන්න ඕනි ඇතුලට.. නිතර මේ දුම්රිය වල යන අයට කාඩ් එකක් ගන්න පුලුවනි. ඒක අරගෙන රී චාජ් කරගත්තම ඕනි වටයක් ගහල කාඩ් එක ඇල්ලුවම ගානක් කැපිල ඔටෝමැටිකලි අපිට ලේසියෙන්ම ගමන් පාසුව සලස්සගන්න හැකි වෙනවා.. එතකොට මාසෙකට පාරක් දෙකක් රී චාජ් පෝලිමෙ විතරයි ඉන්න ඕනි.
මේ දුම්රිය ස්ථාන බොහෝ ඒවා තියෙන්නෙ පොලවට උඩින්.. සමහර ඒවා පොලව යටම තියෙනවා. දිල්ලි මෙට්‍රො වල නීති තදයි..කෙලගහන්න බෑ දඩ ගහනවා.. ඇතුලට යද්දි මොන මහත්තය ගියත් බෑග් මැසිමකට දාල චෙක් කරනවා.. සාපේක්ශව පරණ දිල්ලියට වඩා මේ මෙට්‍රො එක වෙනම නගරයක් වගේ..
මේ මෙට්‍රො කෝච්චි වල තියෙන්නෙ මාර වේගවත් සිග්නලින් සිස්ටම් එකක් වෙන්න ඕනි. උදේ මිනිස්සු ගොඩක් ඉන්න වෙලාවට විනාඩි දෙකෙන් දෙකට කෝච්චි එනවා..මේ කෝච්චි වල හිටගෙන තමයි ගොඩක් කට්ටිය යන්නෙ. ඇතුල තනිකර වායුසමනය කරලයි තියෙන්නෙ. දොරවල් වැහුනට පස්සෙ තමයි කෝච්චිය යන්න පටන් ගන්නෙ.
යන දිශාවට තියෙන පලමුවෙනි පෙට්ටිය වෙන්කරල තියෙන්නෙ ගෑනුන්ට. ඔන්න අපි ඉතිං පලවෙනි වතාවල් වලදි ආහ් මේ දිල්ලි ගෑනුන්ගෙන් කැත එකියෙක් නෑනෙ හොයාගන්න ආදී කතා කියමින් ලස්සන බලාගෙන කාන්තාවො වැඩිපුර ඉන්න මුල් හරියෙ ෆ්ලැට්ෆෝම් එකේ හිටියා..පස්සෙ බැලින්නං එතන ඇවිල්ල නවත්තන පෙට්ටිය ගෑනුන්ට විතරයි කියල ඉංගිරිසියෙන් ගහල තියෙනවා. ඉතිං අපිට ගෑනු ගොඩක් දිහා බල බල යන්න හිටිය අදහස අතෑරලා පස්සෙ පෙට්ටියකට නගින්න සිද්ද වෙනවා.
නවදිල්ලි ප්‍රධාන දුම්රිය ස්ථානවලටත් බස් නැවතුම් වලටත් උදේ පාන්දර මහා සේනාවක් එකතු වෙනවා. කාර්යාල වල වැඩ කරන අය සහ නොයෙකුත් කටයුතු වලට නගරයට ආපු මහ විසාල ලක්ශ ගානක සේනාවක් එකතු වෙනවා. මේ එන සෙනග ඔක්කොම මහ පාරෙ කාර් වලට හරි ත්‍රිවිල් වලට හරි පැටෙව්ව නම් හෝ බස් වලට ගාල් කලානම් ඒත් විසාල ට්‍රැෆික් එකක් ඇතිවෙනවා. නමුත් මේ විනාඩි දෙකකට වරක් යන මෙට්‍රො නිසා විශාල සෙනගක් නවදිල්ලි ටවුන් එක වටේ තැන් තැන් වලට සැලකිය යුතු වේගයකින් බෙදා හරිනවා..
දිල්ලි මෙට්‍රො එකක් දැන් දිල්ලි ගුවන්තොටුපලටත් තියෙනවා.. ඒ වගේම ප්‍රධාන දුම්රිය ස්ථාන හතර පහටම ආසන්නයේ මෙට්‍රො දුම්රිය ස්ථානයන් පිහිටා තියෙනවා.
ඉන්දියාව කිව්වම සහ ඉන්දියන් රේල් වේ කිව්වම මිනිස්සු අහන්නෙ ගූ ගොඩවල් දැක්කෙ නැද්ද? ලැජ්ජ නැති මිනිස්සු පාරෙ ජරා කරනවා දැක්කෙ නැද්ද? කොල්ලො හෙලුවෙන් දුවනව පනිනව දැක්කෙන නැද්ද? හරි අපිරිසිදුයි නේද ? වගේ කතාන්දර. ඉතිං කාරුහරි ඔය දඹදිව ටුවර් එකක් යන අතරෙවත් දිල්ලි මෙට්‍රො එකක එක විනාඩි දහයක් ගිහින් බලන්න. අර ගූ ගොඩවල් , ප්‍රසිද්ධියේ චූදාන පොරවල්, හෙලුවෙන් දුවන කොල්ලො රැලවල් අස්සෙත් අමුතු විදිහෙ , ලංකාවට වඩා බොහොම දියුනු ලෝකයක් තියෙනවා කියලා ඔබලාට පෙනේවි.
මේ දිල්ලි මෙට්‍රො පද්ධතිය
මේ කෝච්චි පාරවල් වල පාරවල් දෙකක් තියෙනවා..එක කෝච්චි පාරක යන්නෙ එක දිශාවකට යන කෝච්චි විතරයි. කෝච්චි කිව්වට ඇත්තටම මේවා මහා බරසාර කෝච්චිම නෙමෙයි..ලංකාවෙ දුවන පවර් සෙට් වගේ ටිකක් පෙනුම. නමුත් ඊට වඩා ලස්සනයි.මේ දුම්රිය දුවන්නෙ විදුලි බලයෙන්. දුම්රියට ඉහලින් දිවෙන විදුලි රැහැන් ස්පර්ශ කරමින් තමයි දුම්රියට අවශ්‍ය බලය ලබාගන්නෙ.
කෝචිචියෙ ඇතුල |
මේ දිල්ලි නගරය හරහා බොෙහා් තැන්වලට විහිදිල තියෙන මෙට්‍රො දුම්රිය මාර්ගය පෙලක් තැන්වලදි මහපාරට උඩින් තමයි යන්නෙ. පෙලක් තැන්වල පොලවට යටින් උමං අස්සෙන් මේ දුම්රිය මාර්ගය ගමන් ගන්නවා. දිල්ලි නගරය කියන්නෙ පැරණි නගරයක්. ඉතිං ඒ නගරය හරහා නව පාරක් ඉදිකරද්දි එක්කෝ ගුවනින් නැත්තං පොලව යටින් කරන්න ඕනි වෙනවා ඇති. නැත්ංතං ලොකු ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා නෙ.
මේ දිල්ලි මෙට්‍රො එකේ පාට පාටින් දක්වලා තියෙන්ෙන එක එකට වෙනස් මාර්ග. මේ පාට මාර්ගවල යන්නෙ ඒ අදාල කෝච්චිය විතරයි. උධාහරණ විදියට කහපාට පාරෙ යන කෝච්චිය නිල්පාට පාරෙ යන්නෙ නැහැ..යම් මගී කෙනෙක්ට ඕනි වුනොත් කහපාට පාරෙන් ඇවිල්ලා නිල්පාට පාරෙ තියෙන තැනකට යන්න ඒ උන්නැහේ කරන්න ඕනි රාජිව් චෝක් කියන දුම්රිය ස්ථානයෙන් බැහැලා නිල්පාට පාරෙ නියමිත දිශාවට අවශ්‍ය කෝච්චිය අල්ලගන්න එක.
.ගුවන් පථයක යන දිල්ලි මෙට්‍රො දුම්රියක් |
රාජිව් චෝක් මෙට්‍රො දුම්රිය පොල |
මේ කෝච්චි වල යන්න මොන පාට ලයින් එකේ ගියත් ලැබෙන්නෙ එක ටෝකන් එකක් විතරයි. ටෝකන් එක අපි දුම්රියට නගින්න බලාපොරොත්තු වෙන ඉස්ටේශමෙන් මිලදී ගන්න ඕනි. කෝච්චි ප්ලැට් පෝම් එකට යනකොට ටිකට් බලන්න කාකි මහත්තුරු නැහැ. අර ටෝකන් එක මැසිමට ඇල්ලුවම ෆිල්ම් වගේ හුකැස් ගාල දොරක් ඇරෙනවා..එතකොට සුටුස් ගාල පැනගන්න ඕනි ඇතුලට.. නිතර මේ දුම්රිය වල යන අයට කාඩ් එකක් ගන්න පුලුවනි. ඒක අරගෙන රී චාජ් කරගත්තම ඕනි වටයක් ගහල කාඩ් එක ඇල්ලුවම ගානක් කැපිල ඔටෝමැටිකලි අපිට ලේසියෙන්ම ගමන් පාසුව සලස්සගන්න හැකි වෙනවා.. එතකොට මාසෙකට පාරක් දෙකක් රී චාජ් පෝලිමෙ විතරයි ඉන්න ඕනි.
මෙට්‍රො දුම්රියක් සහ පොලිස් කාරයෙක් |
මේ දුම්රිය ස්ථාන බොහෝ ඒවා තියෙන්නෙ පොලවට උඩින්.. සමහර ඒවා පොලව යටම තියෙනවා. දිල්ලි මෙට්‍රො වල නීති තදයි..කෙලගහන්න බෑ දඩ ගහනවා.. ඇතුලට යද්දි මොන මහත්තය ගියත් බෑග් මැසිමකට දාල චෙක් කරනවා.. සාපේක්ශව පරණ දිල්ලියට වඩා මේ මෙට්‍රො එක වෙනම නගරයක් වගේ..
මේ මෙට්‍රො කෝච්චි වල තියෙන්නෙ මාර වේගවත් සිග්නලින් සිස්ටම් එකක් වෙන්න ඕනි. උදේ මිනිස්සු ගොඩක් ඉන්න වෙලාවට විනාඩි දෙකෙන් දෙකට කෝච්චි එනවා..මේ කෝච්චි වල හිටගෙන තමයි ගොඩක් කට්ටිය යන්නෙ. ඇතුල තනිකර වායුසමනය කරලයි තියෙන්නෙ. දොරවල් වැහුනට පස්සෙ තමයි කෝච්චිය යන්න පටන් ගන්නෙ.
යන දිශාවට තියෙන පලමුවෙනි පෙට්ටිය වෙන්කරල තියෙන්නෙ ගෑනුන්ට. ඔන්න අපි ඉතිං පලවෙනි වතාවල් වලදි ආහ් මේ දිල්ලි ගෑනුන්ගෙන් කැත එකියෙක් නෑනෙ හොයාගන්න ආදී කතා කියමින් ලස්සන බලාගෙන කාන්තාවො වැඩිපුර ඉන්න මුල් හරියෙ ෆ්ලැට්ෆෝම් එකේ හිටියා..පස්සෙ බැලින්නං එතන ඇවිල්ල නවත්තන පෙට්ටිය ගෑනුන්ට විතරයි කියල ඉංගිරිසියෙන් ගහල තියෙනවා. ඉතිං අපිට ගෑනු ගොඩක් දිහා බල බල යන්න හිටිය අදහස අතෑරලා පස්සෙ පෙට්ටියකට නගින්න සිද්ද වෙනවා.
නවදිල්ලි ප්‍රධාන දුම්රිය ස්ථානවලටත් බස් නැවතුම් වලටත් උදේ පාන්දර මහා සේනාවක් එකතු වෙනවා. කාර්යාල වල වැඩ කරන අය සහ නොයෙකුත් කටයුතු වලට නගරයට ආපු මහ විසාල ලක්ශ ගානක සේනාවක් එකතු වෙනවා. මේ එන සෙනග ඔක්කොම මහ පාරෙ කාර් වලට හරි ත්‍රිවිල් වලට හරි පැටෙව්ව නම් හෝ බස් වලට ගාල් කලානම් ඒත් විසාල ට්‍රැෆික් එකක් ඇතිවෙනවා. නමුත් මේ විනාඩි දෙකකට වරක් යන මෙට්‍රො නිසා විශාල සෙනගක් නවදිල්ලි ටවුන් එක වටේ තැන් තැන් වලට සැලකිය යුතු වේගයකින් බෙදා හරිනවා..
දිල්ලි මෙට්‍රො එකක් දැන් දිල්ලි ගුවන්තොටුපලටත් තියෙනවා.. ඒ වගේම ප්‍රධාන දුම්රිය ස්ථාන හතර පහටම ආසන්නයේ මෙට්‍රො දුම්රිය ස්ථානයන් පිහිටා තියෙනවා.
ඉන්දියාව කිව්වම සහ ඉන්දියන් රේල් වේ කිව්වම මිනිස්සු අහන්නෙ ගූ ගොඩවල් දැක්කෙ නැද්ද? ලැජ්ජ නැති මිනිස්සු පාරෙ ජරා කරනවා දැක්කෙ නැද්ද? කොල්ලො හෙලුවෙන් දුවනව පනිනව දැක්කෙන නැද්ද? හරි අපිරිසිදුයි නේද ? වගේ කතාන්දර. ඉතිං කාරුහරි ඔය දඹදිව ටුවර් එකක් යන අතරෙවත් දිල්ලි මෙට්‍රො එකක එක විනාඩි දහයක් ගිහින් බලන්න. අර ගූ ගොඩවල් , ප්‍රසිද්ධියේ චූදාන පොරවල්, හෙලුවෙන් දුවන කොල්ලො රැලවල් අස්සෙත් අමුතු විදිහෙ , ලංකාවට වඩා බොහොම දියුනු ලෝකයක් තියෙනවා කියලා ඔබලාට පෙනේවි.
ලංකාව ගැන ලොකු දුකක් දැනෙනවා.. උනුයි අපි එකම බෝට්ටුවේ ඉඳල, උන් දැන් ලෝකෙම අල්ලන්න තරම් ශක්තිමත් වේගන එනවා.. අපි තාම පාරට තාර ටික දාගන්න බැරුව හුල්ලන්වා .
ReplyDeleteපාරට තාර ටික දාන එක නෙමෙයි අවුල..අපිට තාර ටික දාගන්නත් පිටරටින් ආධාර ලැබෙනකල් ඉන්න වෙනවා...
Deleteඔය දිල්ලි මෙට්‍රො ගෑණු පෙට්ටිවල මුලින් පිරිමිත් බලෙන්ම නැගල ගියාලු. ඉන් පස්සෙ පොලිසියෙන් කරල තීන්නෙ ස්ටේෂන් ගාව ඉඳ බහින උන්ට කණ පැලෙන්න ගහන එක. කෙල ගැහිල්ලටත් එහෙමයි. යූ ටියුබ් එකේ තාම තීනව එහෙම පොලිස් කාන්තාවො බුවාලට කණට ගහන වීඩියෝ. දේසේ හැටියට බාසේ කියන්නෙ එක වෙන්නැතිනෙ :)
ReplyDeleteලංකාවෙ බුලත්විට කාල පාරෙ කෙල ගහන උංටත් ඉන්දියාවෙන් හරි ගෙන්නල එහෙම කනේ පාරක් දෙන්න තමයි වටින්නෙ.
Deleteපෙලක් වෙලාවට ඉතිං මෘදු සාත්තු හරිගියෙ නැති වුනාම ටිකක් සැර සාත්තු දෙන්න වෙනවා.. කොහොම වුනත් එහෙම කරලා හරි පිලිවෙලයිස් කරගත්තාම කාටද වාසිය බහුතරයක් හොද මිනිස්සුන්ට නෙව..
DeleteBest system I have seen in the region is Singapore metro.
ReplyDeleteසිංගප්පූරුව කියන්නෙ මිනිස්සු මකෝල හදලා ගනිපු රටක්... ඉන්දියාවෙ තවම එහෙම නෑ.. මිනිස්සු බහුතරයක් තාමත් සාම්ප්‍රදායික මතිමතාන්තර වලම ඉන්නවා..එහෙම රටක මේ වගේ වැඩක් හදුන්වාදෙන එක ටිකක් අමාරු වැඩක්.
Deleteගිහිපු කිව්වේ ගිහියන්ට නේද එතකොට පැවිද්දෝ මොකද කරන්නේ හුකැස් ගාලා දොර ඇරෙන පිචර් තවම දැකලා නෑ මෙහෙ දොරවල් ඇරෙන්නේ වෙනත් සාමාන්‍ය දොරවල් ඇරෙන සද්දෙන්ම තමයි. බෑග් මැසීම ඉන්දියාවේ මහත්තුරුත් කරනවද
ReplyDeleteහැමෝටම තේරෙන්න බණ කියන්න බුදු හාමුදුරුවන්ටවත් බැරි වුනාලු..ඉතිං හැමෝටම තේරුං යන්න ලියන්න මට බැරිවෙන එක මහ ලොකු අවුලක් නෙමෙයි.. ඔයාට කොටස් කිහිපයක් තේරිල නෑ... ලොකු ආබාධයක් නැහැ බලන අයගෙන් සියයට අසූවකට වඩා මම ලියපුවා තේරුම් ගන්න පුලුවන් නම් මට ඒ ඇති..සියල්ලෝ රහත් කරන්න මට කිසිම උවමනාවක් නෑ..
DeleteHyderabad Metro Rail Construction Project
ReplyDeleteමිනිස්සු ප්‍රොජෙක්ේ එකට ආකර්ශනය කරගන්න එයාල කරන වැඩ පිලිවෙල නියමයි.බිලියන ගනන් වියදම් කරල කොන්ක්‍රිට් ගොඩවල් ගැහුවට වැඩන් නැහැ නෙව මිනිස්සු ආකර්ශනය වුනේ නැත්තං..
Deleteඕක පට්ට ප්ලේස් එක..මාත් ගිහිල්ල තියෙනව.හැබැයි මට මතක නැහැ මොන ඉස්ටේසමේ ඉඳල මොන එකට ගියාද කියල.
ReplyDeleteඕකෙ පළවෙනිම දේ තමයි කිසිම කරදරකාරී සද්ද නැති එක..ලස්සනට කාටවත් කරදර නොකර යන ගමන බලන්න ලස්සනයි.එකම අවුල අව්වට වේලුන, දුඹුරු පාට බෑග්‍රවුන්ඩ් එක.
ඔය දිල්ලියෙ දුවන මෙට්‍රො හදන්නෙත් ඉන්දියාවෙ කියල අපට නම් එහේ උන් කිව්වෙ.මං හිතන්නෙ වැඩේ ඇත්ත.
"මේ දිල්ලි නගරය හරහා බොහෝ තැන්වලට විහිදිල තියෙන මෙට්‍රො දුම්රිය මාර්ගය පෙලක් තැන්වලදි මහපාරට උඩින් තමයි යන්නෙ." ඔන්න ඕවයි යට තමයි මමනම් දැක්ක තරමක් යාචකයො ඉන්නව දැක්කෙම.දූවිලි කකා අරක යට නිදාගන්න හැටි දැක්කම මිනිස්සු නේද කියල හිතුන..අනික සමහර රික්ශෝ කාරයොත් සෙට් වෙලා ඉන්නෙ ඕව යට.
"අපි දිල්ලියෙ නැවතිල උන්නෙ කැරොල් බාග් කියන හරියෙ." හරියක් කිව්වට මේක අපේ රටේ විදියට නම් පළාතක් වගේ.කේවල් කරල බඩු ගන්න නියම තැනක්.රු.1200 ක් කිව්ව ඇස් කන්නාඩි දෙකක් අපේ උන් රු.150 ට අරන් තිබ්බ.අනික එකෙක්ගෙන් ගනන් ඇහුවහම කිලෝමීටරයක් වුනත් පස්සෙන් එනවනෙ විකුනගන්න.අනික නොදන්න කෙනෙක් ගියොත් අතරමං නොවී එන්න අමාරු ප්ලේස් එකක්..ඉන්දියන්කාරයො පවා ගොනාට අන්දන අයියල ඔතන ඉන්නෙ.
"මේ කෝච්චි වල යන්න මොන පාට ලයින් එකේ ගියත් ලැබෙන්නෙ එක ටෝකන් එකක් විතරයි. " අන්න එතන අපි ටෝකන් එකකින් එක්කෙනාමයි යන්නෙ කියල හඳුනගන්න සෙන්සර් 8 ක් ද කොහෙද තියෙනව ඒ මැශිමෙ.අපිත් එක්ක ගිහිපු 8 දෙනාගෙන් 2 නෙක් ද කොහෙද තමන්ගෙ ටෝකන් ලංකාවටත් ගෙනල්ල තිබුන. :)
"ඇතුලට යද්දි මොන මහත්තය ගියත් බෑග් මැසිමකට දාල චෙක් කරනවා." ඕක කරන්නෙ ආරක්ශාවට.උං හම්බානකට ඕකෙ යන උං පරීක්ශා කරන්න බලනව.අපි යන දවස් වල නම් (2012 දි.) ඇතුලෙදි පොටෝස් ගහන්න දුන්නෙත් නැහැ.දැනුත් එහෙමද දන්නෙ නෑ.
"ඉන්දියාව කිව්වම සහ ඉන්දියන් රේල් වේ කිව්වම මිනිස්සු අහන්නෙ ගූ ගොඩවල් දැක්කෙ නැද්ද? ලැජ්ජ නැති මිනිස්සු පාරෙ ජරා කරනවා දැක්කෙ නැද්ද? කොල්ලො හෙලුවෙන් දුවනව පනිනව දැක්කෙන නැද්ද? හරි අපිරිසිදුයි නේද ? වගේ කතාන්දර. ඉතිං කාරුහරි ඔය දඹදිව ටුවර් එකක් යන අතරෙවත් දිල්ලි මෙට්‍රො එකක එක විනාඩි දහයක් ගිහින් බලන්න. අර ගූ ගොඩවල් , ප්‍රසිද්ධියේ චූදාන පොරවල්, හෙලුවෙන් දුවන කොල්ලො රැලවල් අස්සෙත් අමුතු විදිහෙ , ලංකාවට වඩා බොහොම දියුනු ලෝකයක් තියෙනවා කියලා ඔබලාට පෙනේවි. "
ඉන්දියාව ගැන මම නම් දකින්නෙ ඉතා විශාල ධනයක් ඉතාම සීමිත පිරිසක් වටා එකතු වීමෙන් දියුණු වුන රටක් විදියට. පුද්ගලයො වශයෙන් ඉන්දියන්කාරයො දියුණු නෑ.ඉන්දියාවෙදි අපි ගිය රික්ශෝ එක පැද්ද කෙනාට යන්තමට තමයි හින්දි පුලුවන්.අපට හින්දි බෑ නෙ.ඒ මනුස්සයට අවුරුදු 35ක් වගී ඇති මම හිතන්නෙ.එයාටත් අපි තරම් ළමයි ඉන්නව කියල සංඥා වලින් කිව්ව. අනික මට හැඟුණ දී නම් දිල්ලිය ඉන්දියාවෙ අහනගරෙ වෙලත්, ඊට වඩා ගාල්ලත් පිරිසිදුයි කියන එක.
මේ අපි ඉන්දියාවෙ ගිහින් ගත්ත පොටෝ සෙට් එකක්. https://www.facebook.com/roxzdila/media_set?set=a.372207726183363.84452.100001824171458&type=3
දිල්ලියෙ සමහර පැති තියෙනවා විශේෂයෙන් චාන්ද්නී චෝක් වගේ පරණ දිල්ලියට අයිති පැති කොච්චර පිරිසිදු කලත් තියෙන පරණ බිල්ඩින් සහ ජන ජීවිතය නිසා ලස්සනට පේන්නෙ නෑ....නමුත් කරොල් බාග් වගේ පැති නම් දැන් අලුතින් හදලා සංවර්ධනේ කරල තියෙනවා..
Delete