මම වැඩකරන කන්තෝරුවෙ කැන්ටිමක් තිබෙනවා. මීට වසර කිහිපයටක පෙර එවකට තිබුන කැන්ටිමේ වැඩකලා ඕලෙවල් අවසාන කරපු වයසේ ගෑනු ලමයි දෙන්නෙක්. එයින් එක්කෙනක් බොහොම හැඩයි. අනික් කෙනත් සාමාන්‍ය පෙනුමක් තිබෙනවා.
මේ දෙන්නා නිතර කැන්ටිමට බඩ ගාන මගේ යාලුවො බවට පත් වුනා. මම සාමාන්‍යයෙන් ඔය වගේ ගෑනු ලමෝ එක්ක සම්බන්ධ වෙන්න යම් කිසි හැකියාවක් තිබෙන අයෙක්. ඉතිං මේ දෙන්නගෙන් වැඩිය හැඩනැති ගෑනු ලමයට මම මගේ විසිටිං කාඩ් එක දුන්නා. එයාගේ නම නදී. (අන්වර්ථ එකකි)
නදී නම්බර් එක ගත්ත දවස්වලම මට කතා කලත් පස්සෙ එයාට කතා කරන්න වෙලාවක් නැති නිසා කතා කලේ නෑ. නදී මට දැන් අවුරුදු කිහිපයකට කලිං තිබුන මතකයක් ලෙස මතක නැතිවෙන්නත් ගිහින් තිබුනා. නමුත් මේ ලගදි නදී මට කෝල් කලා.
එයා කෝල් කරලා ආගිය විස්තර අහලා මට තැනකට එන්න පුලුවන්ද කියලා ඇහුවා. මගේ හිතේ විවිධ වර්ණ වල වල දේවල් ඇති වුනා. ඉන් පස්සෙ එයා මට අයිඩන්ටි කාඩ් එකයි රුපියල් දාහකුයිත් අරං එන්න කියලා කිව්වා. අයිඩන්ටි එක, රුපියල් දාහ සහ ගැනු ලමයෙක් මට කතා කරනවා. ඔය දෙක තුන එකට තිව්වම සාමාන්‍යයෙන් මම වගේ තනිකඩ කොල්ලෙකුගේ හිත ඇදෙනවා බොහොම ඈතට. මට මුලින් හිතුනෙ මේකි මාව ඇදන් රූම් එකකට සැප දෙන්න එක්කරං යනවාදෝ කියලා.
ඊලග දවසෙ එයා මාව ෆේස්බුක් එකේ ඇඩ් කරගත්තා. ඒ වගේම එයා ගේ විස්තර ටිකකුත් කතා කලා. එයා යනවා කිව්වා නාට්‍ය හා රංග කලාව ඉගෙනගන්න තැනකට. ඒ වගේ නාට්ටියක් බලන්න එන්න කියනවාද දන්නෙත් නෑ කියලත් මට හිතුනා.
නමුත් මහ පොලවට බැහැල බැලුවම එහෙම දෙයක් වෙන්න බෑ..කියල ඕනි සුප්පු බබෙක්ට තේරෙනවා. බඩු එක්ක නැලවෙන්න මිසක් උන්ව රූම් ගෙනියන කලාව මම වැඩිය දන්නෙ නෑ.. වැඩිය දන්නෙ නෑ නෙමෙයි මට එහෙම අත්දැකීමක් ඇත්තෙම නෑ..
මේ ලමයා වැඩිය වයසක ලමයෙක් නෙමෙයි. මසාජ් එකකට තුන් හතර වතාවක් ගිහින් තියෙන මනුස්සයෙක් විදියට මම දන්නවා මසාජ් වල සමහර වෙලාවට බොහොම ඈත පලාත්වල පොඩි වයස්වල ගෑනු ලමයිතු්ත ඇවිත් ඉන්නවා. එහෙම එකක්වත්ද කියලත් මට හිතුනා.
කොහොම හරි ඔය වල් හීනය පිටම මම එයාව හමුවෙන්න අද උදේ කඩුවෙලට ආවා. කඩුවෙලට ඇවිත් මාතර බත් කඩෙන් කාල එහෙම වටපිට බලනකොට එයාත් ඇවිත් හිටියා තව යාලුවෙක් එක්ක. කලිං වගේම එයා කෙට්ටුයි. ඒ ගෑනු ලමයා දැක්කම ඇත්තටම මට දුක හිතුනා..ඉස්සර වගේම හීන්දෑරියි. දැනට රනාල පැත්තෙ බිස්කට් සමාගමක වැඩකරනවා කියලයි මට කියල තිබුනෙ.
මං මගේ හිතේ ඇදිල තිබුන වල් අදහස් ටික පැත්තකින් තිව්වා. දැන් හිතුනෙ මෙයා මේ මෙයාලගේ නාට්ටියක් පෙන්වන්න තමයි එක්කරං යන්නෙ කියලා.
කඩුවෙලින් කිරිබත්ගොඩ බස්සෙකකට නැගලා මාකොල හන්දියේ සනාරා උත්සව ශාලාව කියන ශාලාවට තමයි මතක විදියට අපි ඇතුලත් කලේ. ගියාම අලුතින් ආපු අයව පෝලිං කලා. පෝලිං කරලා එයාල අලුත් අයගෙන් සල්ලි ගත්තා රුපියල් දාහක්. මාත් දාහ දීළ ඇතුලට ගියා.
ගියාම එතන මෝටිවේශන් ලෙක්චර් වගයක් තිබුනා. ඉන් පස්සෙ එක එක වාරෙට එක එක්කෙනා බැගින් ඇවිත් එයාලට මේ ආයතනය මේ වැඩසටහන වැදගත් වුන හැටි වැදෑරුවා. ඇත්තටම මේ ගැන ඇත්ත විස්තර දැනගන්න ඕනි නම් ග්ලෝබල් ලයිෆ් කියන වචන දෙක ගූගල් සර්ච් කරලා බලන්න සිංහලෙන්. මේ ප්‍රෝඩාව වංචාව ගැන විස්තර බොහොමයක් තියෙනවා සිංහලෙන් සර්ච් කලාම.
සමහර අය කාර් අරගෙන තියනවා කිව්වා ලක්ෂ පනහෙ හැටේ. තවත් එය ලොකු ඉඩ කඩං අරං තියෙනවා කිව්වා ලක්ෂ ගන්න වල. බොහෝ ලෙක්චර කරපු අය පිටරටත් යනවා කිව්ව නිතරම.
මැද හරියෙදි එයාල අපිට කරන්න තියෙන දේ කිව්වා. සූර්ය පැනලයක්, බැටරියක්, සහ බල්බ හතරක කට්ටලයක් අපි මිලදී ගන්න ඕනි රුපියල් 85000/= ක මිලකට.. ඉන් පසු ඒක විකුනන්න ඕනි තවත් තුන් දෙනෙකුට..තව තුන්දෙනකුට අපි විකුන්නාම අපිට ලකුනු තුනක් ලැබෙනවා. එසේ ලකුනු තුනක් ගත්තාම අපිට රුපියල් 13000ක කොමිශන් මුදලක් ලැබෙනවා.
ඉන් පසුව අපෙන් බඩු ගන්නා අය වෙනත් අයට විකිනුවාමත් අපිට ලකුනු එකතු වෙලා අපේ ලකුනු වැඩිවෙලා අපිට බෝනස් ලැබෙනවා. රුපියල් 85000ට විකුනන කට්ටලයේ පිටකොටුවේ වටිනාකම ඇත්තටම රුපියල් 15000ක් වත් වෙන්නෙ නැහැ. එතකොට හිතාගන්න පුලුවනි ඔබට කොයි තරං ලාබයක් මේවා කරන අය ගන්නවාද කියලා. මේ කට්ටලේ ගන්න අයට නුවර එළියේ තියෙන හොටෙල් ක්වන්ටාරා කියන හෝටලයේ දින දෙකක නිවාඩු පැකේජයකුත් දෙනවා කියලා එයාල කිව්වා.
මේක අමු වංචාවක්. මේ හැම ලෙක්චර් එකක් කරද්දිම කලුපාට ටීෂර්ට් එකක් සහ කලිසමක් අැදගත්ත කිහිප දෙනක් අපි වටකරගෙන හිටියා. ඒ වගේම ඒ අපි හිටිය ආධුනික පිරිස අතරෙම තවත් අය හිටියා වෙන්න පුලුවන් ඉත්තො විදියට දාලා.
රුපියල් දාහට හරියන්න කෑම බීමවත් දුන්නෙ නැහැ..බීම දෙකක් දුන්නා..එද්දි අයිස් කෝපි එකක් දුන්නා.
මේ දේශනා කල සම්පූර්ණ පිරිස 10ක් විතර. ඒ හැම කෙනෙක්ම මේ ආයතනයෙන් ජීළුිතය සාර්ථක කරගත්ත හැටි සුරංගනා කතා විදියට කිව්වා.
ඒකෙ හිටපු ගෑනු නං හරි මහතයි. සමහර විට කොම්පැනිය ග්ලෝබල් නිසා ගෑනුත් ග්ලෝබල් මට්ටමට තියෙන්න ඕනි ඇති. අවසානෙ රුපියල් දෙතුන් සීයක කෑම බීම වලට රුපියල් 1000ක් මට ගෙවන්න උනා ...
කොහොම උනත් මට තේරුන විදියට එතන හිටපු අලුත් කට්ටියගෙන් අඩුතරමෙ දහ පාලොස් දෙනෙක් වත් අර රුපියල් 85000ක් දීල මේ බිස්නස් එකට බහින්න ඇති. අනේ පවු ඒ මිනිස්සුන්ගේ සල්ලි. සමහර දේශකයො කිව්වා එයාල මේ ව්‍යාපාරයට ආවෙ ඉඩම උගස් තියලා කියලා. සමහර කිව්වා එයාලට සල්ලි හොයාගන්න ණය වෙන්නත් උනා කියලා. කොහොම උනත් දුප්පත් පෝසත් අපි හැමෝම සල්ලි වලට කෑදරයි. ආසයි.. ඒ ආසාව නරුම විදියට පාවිච්චි කරනවා මේ වගේ තැන්වලදි.
මට කතා කරපු ගෑනු ලමය රනාල පැත්තෙ බිස්කට් කොම්පැනියක වැඩ කරන්නෙ. ඒ චූටි කෙල්ලත් මේකට අහුවෙලා. ඒකිට මාසෙකටම රුපිය්ල දහ දාහක්වත් ඒ රස්සාවෙන් ඉතුරුවක් නැතුව ඇති. ඉතිං ඒ කෙල්ල රුපියල් අසූදාහක් හොයන්න අවුරුද්දක් වත් මහන්සි වෙන්න ඕනි.
වැඩසටහන නමය හමාර විතර වෙච්චි පටන් අරං හවස 5 විතර වෙනකල් තියෙනවා. ඉතිං මේ වැඩසටහනට මම ගියේ කාම ආසාව නිසා. අයිඩන්ටි එකයි රුපියල් දාහකුයි අරං චූටි ගෑනු ලමයෙක් මට එන්න කිව්වම නොගිහිං ඉන්න බැරි කමක් හිතට ආවා. මෙතන වංචාවක් ඇති කියල හිතුනත් ඒකට වඩා කාමය උඩට ආවා.
මේක ගැන තව විස්තර බලන්න ග්ලෝබල් ලයිෆ් ගැන දැනගන්න. ඒ වගේම ඔබට මේ වගේ අනපේක්ශිත රුපියල් දාහක ආරාධනාවක් ආවොත් දවස විනාසකරගන්නෙ නැතුව ඉන්නත් සැලකිලිමත් වෙනව නම් හොදයි.