අප අමාමෑනි සම්මා සම්බුදු රජානන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කරන අවස්ථාවේදී...දම් සභා මන්ඩපයේ සිටින සිව්වනක් පිරිස..හෙවත් භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා ආදී පිරිස යම් යම් කතා වල නිරත වෙමින් සිටිනවා.. එවිට පනවා ඇති ආසනයට වැඩම කරන බුදුරජානන් වහන්සේ..
ඇවැත්නි..
මා එන්නාට පූර්වභාගයෙන් කිනම් වූ කතාවක් ඔබ විසින් සිද්ද කලේද? කියලා අහනවා..
ඒ අවස්ථාවේ එතැන සිටින පිරිස කිසියම් වූ දහම් කරුණක් හෝ ශාසනයේ කරුණක් ගෙනහැර දක්වලා ඒ ගැන කතා කරමින් සිටියාය කියලා බුදුන් වහන්සේට කියනවා..
එකල වුවත් දම්සභා මණ්ඩපයේ සිටි බොහෝ අය රහත් බවට පත් වෙලා හිටියෙ නෑ..ඇතැම් විට ඔවුන් වෙනත් කතා ආදිය කරමින් ගෑනු ගැන, රථවාහන ගැන, දේශපාලනය ගැන කතා කරමින් ඉන්නට ඇති. නමුත් බුදුන් ඇහුවාම කියත හැකියැ.. අපි මේ පට්ට කෑල්ලක් ගැන කතා කලා..අපි මේ අලුතින් ආපු අස්සයො 8 රේස් කරත්ත ගැන කතා වුනා.. කියල.. ඉතිං ඒ අය මොක කතා කරමින් හිටියත්.. ධර්ම කරුණක් හෝ ශාසනය සම්බන්ධ දෙයක්ම කතා කලා කියලා කියන්න ඇති..
වර්ථමාන සමාජය දෙස බැලුවාම පිංවතුනි ඇතැම් අය සිතාන සිටිනවා හාමුදුරුවරුන් නොදන්නා දෙයක් නෑය..උන්වහන්සේලාට කතා කරන්න බැරි දෙයක් නැහැය කියලා.. ඇත්තටම එය මුළාවක්.. මේ ලෝකයේ බෞද්ධ ආර්ය ශ්‍රාවකයා ගේ කාර්යභාරය නිර්වාණ මාර්ගය හා ඒ පිළිබද වූ ගැටලු ආදිය ගැන කතා කරනවා විනා.. ලෞකික , භෞතික දේවල් ගැන කතාකිරීමේ හැකියාවක් නැහැ.. ඒවා මේ මා කියන නිසා නොව ධර්මයේ සදහන් අන්දමට අෂ්ඨාංග ශීලය සමාදන් වන අය පවා මේ කියන අනවශ්‍ය කතා ආදියෙන් වැලකිය යුතුයැ කියලා සදහන් වෙලා තියෙනවා.
මෙසේ නොකල යුතු කතා 32ක් විනය පිටකයේ දක්වලා තිබෙනවා.. දෙතිස් කතා කියන්නෙ ඒ විදියට නොකල යුතු කතා ආදියයි..
ශිලයේ පිහිටන අය ගේ හිතසුව පිණිස මේ දෙතිස් කතා දේශනා කල අවස්ථාව පිළිබද බුදුසරණ පත්තරේ ලිපියක මෙසේ දැක්වෙනවා..
බුදු රජාණන් වහන්සේ විසින් විශාඛා උපෝසථ නම් සූත්‍රයේදී උපෝසථ වර්ග 2 ක් පිළිබඳව සඳහන් කර ඇත. එය ගොපලු උපෝසථ හා අරිය උපෝසථ යයි. සමාදන් වූ උපෝසථ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම නිසා සමහර අයකු අරිය උපෝසථය යැයි සිතා ගොපලු උපෝසථය බව උන්වහන්සේ පෙන්වා යමෙක් පොහොය අටසිල් හෝ දස සීල සම්පත්තියෙහි පිහිටි අවස්ථාවක ද්වත්තිංස තිරච්ඡාන කථා (අත්හළ යුතු කථා 32) බැහැර නොකරන්නේ නම් තමා සමාදන් වූ පෙහෙවසින් ඔහුට කිසිදු අර්ථ සිද්ධියක් සිදුකරගත නොහැකි බව තේරුම් ගත යුතුය. බුදුන්වහන්සේ විසින් මෙම දෙතිස් කථා පෙහෙවස් සමාදන් වූ පිරිස විසින් බැහැර කළ යුතු යැයි දේශනා කරන ලද්දේ මේවා කරන අය තුළ රාග දෝෂ මෝහ යන අකුසල වැඩීම නිසාය.

මෙම දෙතිස් කථා පෙහෙවස් සමාදන් වූ ඇත්තන් විසින් පමණක් නොව ගිහිගෙය අතහැර පැවිදි බිමට පත් නිවන අවබෝධ කිරීමට බලාපොරොත්තු වන සියලු භික්ෂූන් වහන්සේ විසින්ම අත්හළ යුතු කථා ලෙස බුදුන් වහන්සේ අවධාරණය කර ඇත. මක්නිසාද යත් මේ සියල්ල තමන් ආරක්ෂා කරන ශාසන බ්‍රහ්ම චරියාව පවත්වාගෙන යාම සඳහා පැහැදිළි ලෙසම බාධාවන නිසාය .යම් කථාවක් ඉපදවීමෙන් තමාගේ සීලයට හෝ ඇතිකරගත් සමාධියට බාධා පැමිණිය හැකි යැයි වැටහේ නම්, තුෂ්නිම්භූතව විසීමට, අප පුරුදු විය යුතුය.
යම් විටෙක පෙහෙවස් සමාදන් වූ අයෙකු දෙතිස් කථා වලින් යුත්තව ගත කරන්නේ ද ඔහු ගොපලු උපෝෂථයෙන් යුක්ත අයෙකු බව දැනගත යුතුය. ගොපල්ලාගේ ක්‍රියාව නම් කිසියම් චේතනයකට තමාට කිසිදු අයිතියක් නොමැති ගවයන් රැක බලා ගැනීමය. ගොපල්ලා කෙතරම් හොඳින් තමාට බාරදුන් ගව රැල රැක බලාගත්තද ඔහුට කිසිම ආකාරයෙන් පස්ගෝ රසයක් නෙැලැබෙන්නේය. දැන් අපි මේ දෙතිස් කතා කියන්නෙ මොනවාද කියලා බලමු.
ඇමැතිවරු ගැන කථා කරන විටද ඔවුන් කළ දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන කතා කරන්නට සිදු වෙනවා. දේශපාලන පක්‌ෂ පිළිබඳවද කතා කරන්නට සිදු වෙනවා.
සේනා ගැන කතා කරන විටම සිදුකළ සිද්ධි ගැන කතා කෙරෙනවා. විවිධ පුද්ගලයන් ඝාතනය කළ සිද්ධි ගැන කතා කෙරෙනවා. එම සේනාවන් අනිත් සේනාවන්ට පහර දුන් ආකාරය කතා කරන්නට සිදු වෙනවා.
අපේ ගම ළඟ තියෙන අනිත් ගම්වල මිනිස්‌සු හරිම දුප්පත්. ඒ ගම්වල මිනිස්‌සු රැකියාවක් නැතුව දුක් විඳිනව. ඒ නිසා ඒ අය හොරකම් කරන්න පුරුදුවෙලා ආදී වශයෙන් කතා බවට ලක්‌වේ.
එක් එක් විෂයයන්ට ශූරයන් සිsටිනවා. ඔවුන් ගැන කතා කරන විට ඔවුන් කළ හොඳ හෝ නරක දේ ගැන කතා කිරීමට පිළිවන්. එසේම ඔවුන් නිසා පැරදුණු අය ගැනත් කතාබහ කෙරෙනවා. මේ අනුව කතාව දිග්ගැස්‌සී තමා කරන දේ පවා අමතක විය හැකිය.
එක් එක් ස්‌ථානවල තිබෙන වැව් පොකුණු පිළිබඳව කතාබහට ලක්‌වේ. මේ පැත්තෙ එක වැවයි තිබෙන්නේ. නමුත් අර ප්‍රදේශවල වැව් ගොඩාක් තිබෙනවා. ඒ වැව්වල මිනිස්‌සු නිරන්තරයෙන් මාළු බානවා ආදී වශයෙන් කතා කිරීම.
අපි හැමදාම දිගින් දිගටම උපත ලබනවා. එහි අවසානයක් නොමැත. හැම ආත්මයකට අපට හමුවෙන්න පුළුවන් ආදී වශයෙන් කියන කතා.
මේ ශරීරය කටු සහිත ස්‌ථානයක වැතිරවන්න ඕන. හතර පැත්තෙන් ගිනි ගොඩගසා මැද ඉන්න ඕන ආදී වශයෙන් ශරීරයට දුක් දීම සම්බන්ධව කියන කතා.
පෙහෙවස් සමාදන් වුන උපාසක ඇත්තන්ට පවා මෙවැනි නිසරු කථා ආදියේ යෙදීම බුදුන් වහන්සේ අනුමත කලේ නෑ.. ඉදින් චීවරධාරී මහා සංඝයා කියන්නේ අෂ්ඨාංග ශිලය සමාදන් වුන පිරිසටත් වඩා ශීලයෙන් අගතැන්පත් විය යුතු අය.. ඒ නිසා සංඝයා වහන්සේ කිසිම ලෙසකින් මෙකී දෙතිස් කථාවේ යෙදීම අනුමත කරන්නට බෑ නෙව..
සිවුරක් දරාගෙන ලෝකයේ තියෙන සැම දෙයක් ගැනම උපදෙස් දෙන්නට යන උන්නාන්සේලා අද හැමතැනම අපිට දකින්ට ලැබෙනවා..ඒ වගේම උපාසක වෙස් ගත් අයත් මේ කියන දෙතිස් කතා වලම දිවාරෑ නොබලා නිරත වෙනවා.. නමුත් නියම බුද්ධ ශ්‍රාවකයා මේ ලෝකයේ නිර්වාණ මාර්ගය ශාක්ශාත් කරගැනීමට නිතර වැර වෑයම් කරන අයෙක් විනා ලෝකයේ තිබෙන දහසක් දේවල් වලට හේතු හොයමින් සසර තව තවත් දික් කරගන්නට උත්සාහ කරන අයෙක් නොවිය යුතුයි.
කරුණු ලබාගත් තැන්..
http://www.divaina.com/2011/02/06/siya09.html
http://www.divaina.com/2011/01/30/siya10.html
http://www.lakehouse.lk/budusarana/2008/04/12/tmp.asp?ID=vision02
http://sithuminashanthi.com/seelayedi/
https://groups.google.com/forum/#!msg/dhammamedicine/8_q5EMry3zo/UcX2xLiDYfYJ
යම් විටෙක පෙහෙවස් සමාදන් වූ අයෙකු දෙතිස් කථා වලින් යුත්තව ගත කරන්නේ ද ඔහු ගොපලු උපෝෂථයෙන් යුක්ත අයෙකු බව දැනගත යුතුය. ගොපල්ලාගේ ක්‍රියාව නම් කිසියම් චේතනයකට තමාට කිසිදු අයිතියක් නොමැති ගවයන් රැක බලා ගැනීමය. ගොපල්ලා කෙතරම් හොඳින් තමාට බාරදුන් ගව රැල රැක බලාගත්තද ඔහුට කිසිම ආකාරයෙන් පස්ගෝ රසයක් නෙැලැබෙන්නේය. දැන් අපි මේ දෙතිස් කතා කියන්නෙ මොනවාද කියලා බලමු.
1. රජුන් පිළිබඳ කථා
රජවරු පිළිබඳව කතා වන විට විවිධ දඬුවම් ගැන කතා කරන්න සිදු වෙනවා. දේශපාලන පක්‌ෂ ගැන කතා කරන්න වෙනවා. අන්තඃපුර ගැන කතා කරන්න සිදු වෙනවා. කොතනින් කෙළවර කරන්නට හැකිවේද දන්නේ නැත.2. සොරුන් පිළිබඳ කථා
සොරුන් පිළිබඳව කථා කරන්නට පටන් ගත් විට ඔවුන් කළ සොරකම් ගැනද කියන්නට සිදු වෙනවා. ඔවුන් කළ දූෂණ ගැනද කථා කරන්නට සිදු වෙනවා. ඒ තුළින් වෛරය, පළිගැනීම් ආදී සිතිවිලි වර්ධනය වෙනවා.
3. ඇමැතියන් පිළිබඳ කථා
ඇමැතිවරු ගැන කථා කරන විටද ඔවුන් කළ දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන කතා කරන්නට සිදු වෙනවා. දේශපාලන පක්‌ෂ පිළිබඳවද කතා කරන්නට සිදු වෙනවා.
4. සේනා පිළිබඳ කථා
සේනා ගැන කතා කරන විටම සිදුකළ සිද්ධි ගැන කතා කෙරෙනවා. විවිධ පුද්ගලයන් ඝාතනය කළ සිද්ධි ගැන කතා කෙරෙනවා. එම සේනාවන් අනිත් සේනාවන්ට පහර දුන් ආකාරය කතා කරන්නට සිදු වෙනවා. 5. බිය පිළිබඳ කථා
අදෘශ්‍යමාන යම් යම් දේ ගැන හා අද්භූත බලවේගවලින් ඇති වන දේ කතා කිරීම හා අවතාර හොල්මන් ගැන කතා කිරීම් ආදිය.6. යුද්ධ පිළිබඳ කථා
යුද්ධ ගැන කතා කිරීමෙන් අවි භාවිත කළ ආකාරය ගැන කතා කරන්නට සිදුවේ. යුද්ධ කළ අය ගැන හා ප්‍රතිවාදීන් ගැන කතා කරන්නට සිදු වෙනවා. ඔවුන් විසින් ඝාතනය කළ පිරිස ගැන කතා කරන්න සිදු වෙනවා.7. කෑම පිළිබඳ කථා
කෑම පිළිබඳව කතා කරන විට නොයෙක් ආහාර වර්ග ගැන කතා කරන්නට සිදු වෙනවා. කෑම වර්ග කාපු ආකාරය ගැන කතා කරනවා. හොඳ කෑම කන්න ඕන කියනවා. රසට කෑම කන්න තිබේනම් කොතරම් හොඳ දැයි කියනවා. හොඳ හෝටලයකින් කන්න කතා වෙනවා.8. බීම පිළිබඳ කථා
එක් එක් බීම වර්ග තියෙනවා. ඉන් හොඳම බීම මොනවා දැයි කතා කරනවා. ඒවා ගන්නේ කොහෙන්ද කියා අහනවා. එම බීම වර්ගය පානය කළාම ඇඟට ගුණයි කියා කතාබහ කරනවා.9. ඇඳුම් පිළිබඳ කථා
සමහර අය ඇඳුම්වලට දැඩි ආශාවෙන් කටයුතු කරයි. ඇඳුම් වර්ග ගැන කතා කරයි. අලුත්ම විලාසිතා පිළිබඳව කතා කරයි. අලුත් ඇඳුම් ගන්න ස්‌ථාන සොයයි. අලුත් අලුත් ඇඳුම් ගන්න ඇත්නම් හොඳයි කියමින් කතා වෙනවා.10. යහන් පිළිබඳ කථා
එක් එක් යහන් ගැන කතා කරනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ මල් යහනාව යනුවෙන්ද යහනාවක් ගැන කතා කරනවා. ඒ යහනාව හොඳ එකක්. අනිත් යහනාවන් හොඳ නැහැ ආදී වශයෙන් කතාබහට ලක් වෙනවා.11. මල් මාලා පිළිබඳ කථා
මල් වලින් සකස් කළ මල් මාලා පළඳන්නට සමහර අය කැමැති වෙයි. ඒ ඒ අවස්‌ථාවන්ට අනුව මල් වර්ග වෙනස් වේ. එක් එක් වර්ගයේ මල් පිළිබඳව කතා කරනවා.12. සුවඳ පිළිබඳ කථා
සුවඳට හැම කෙනෙක්‌ම කැමැතිය. ගඳට කිසිවෙක් කැමැති නොවේ. සුවඳ වර්ග ගැන කථා කළොත් එහි කෙළවරක් නැත. ඒ සුවඳ හරිම මිහිරියි. ඒ සුවඳ හැන්ඳෑවට නම් හොඳයි. දැන් තියෙන අලුත්ම සුවඳ වර්ග මොනවාදැයි කතා කරනවා.13. නෑයන් පිළිබඳ කථා
අහවල් ස්‌ථානයේ ඉන්නෙ මගේ බාප්පා. අහවල් සමාගමේ සභාපති මගේ නෑයෙක්. මගේ ඥතීන් හරිම පොහොසත්. නමුත් අහවලාගෙ ඥතීන් හරිම දුප්පත් ආදී වශයෙන් කතාබහට ලක් කෙරෙනවා.14. රථවාහන පිළිබඳ කථා
හැම කෙනෙක්‌ම වාහනවලට කැමැතියි. එක් එක් වාහන වර්ග ගැන කථා කළොත් ඒවායේ කෙළවරක් නැත. මේ වර්ගයේ වාහනයක් තමයි හොඳ. නමුත් ඒ වාහන වර්ගය බාලයි යනාදී වශයෙන් කතා බවට ලක්‌වේ.15. ගම් පිළිබඳ කථා
එක් එක් ගම් ගැන කතා කරන විට ඒ ගම්වල ස්‌වභාවය මේ විදියයි අර විදියයි ආදී වශයෙන් කතා කරයි. ඒ ගම අර ගමට වඩා හොඳයි. නමුත් ඒ ගමට අල්පු ගම එච්චර හොඳ නෑ ආදී වශයෙන් කතාබහට ලක්‌වේ.
16. නියම් ගම් පිළිබඳ කථා
අපේ ගම ළඟ තියෙන අනිත් ගම්වල මිනිස්‌සු හරිම දුප්පත්. ඒ ගම්වල මිනිස්‌සු රැකියාවක් නැතුව දුක් විඳිනව. ඒ නිසා ඒ අය හොරකම් කරන්න පුරුදුවෙලා ආදී වශයෙන් කතා බවට ලක්‌වේ.17. නගර පිළිබඳ කථා
මේ නගරය ඔබ මට හමුවූ නගරයයි. නමුත් අනෙක් නගර එච්චර වැදගත් නෑ. ඒ නගරයට වඩා මේ නගරය හැම අතින්ම හොඳයි ආදී වශයෙන් කතා කිරීම.18. ජනපද පිළිබඳ කථා
මිනිසුන් යම් ප්‍රමාණයක් ජීවත් වන ජනපද තිබේ. ඒ ඒ ජනපද වෙනස් ආකාර වේ. අලුතින් මිනිස්‌සු පදිංචි වූ ජනපද තිබෙනවා. සමහර ජනපද බොහෝ කාලයක් පැරැණි ඒවාය ආදී වශයෙන් කතාබහට ලක්‌වීම.19. ස්‌ත්‍රීන් පිළිබඳ කථා
ස්‌ත්‍රීන් පිළිබඳව අප පිළිපැදිය යුතුaතේ කෙසේදැයි දිනක් ආනන්ද හිමියන් බුදුරජාණන් වහ්නසේගෙන් ඇසීය. එම අවස්‌ථාවේ උන්වහන්සේ දේශනා කළේ "ඔවුන් දෙස නොබලා සිටින්න පිළිවන් නම් හොඳයි" කියායි. ඔවුන් පිළිබඳ කතා කීමෙන් නොයෙක් මාතෘකාවලට යොමු වේ.
20. ශූරයන් පිළිබඳ කථා
එක් එක් විෂයයන්ට ශූරයන් සිsටිනවා. ඔවුන් ගැන කතා කරන විට ඔවුන් කළ හොඳ හෝ නරක දේ ගැන කතා කිරීමට පිළිවන්. එසේම ඔවුන් නිසා පැරදුණු අය ගැනත් කතාබහ කෙරෙනවා. මේ අනුව කතාව දිග්ගැස්‌සී තමා කරන දේ පවා අමතක විය හැකිය.21. වීථි පිළිබඳ කථා
මෙහිදී එක් එක් වීථි පිළිබඳව කතාබහට ලක්‌වේ. අප සිටින වීථියට වඩා අතන තිබෙන වීථිය හොඳ යෑයි කියමින් කතාව දික්‌විය හැකියි. ඉස්‌සර මේ වීථියේ සිටි දරුණු මංකොල්ලකරුවෝ, දැන් ඊට වඩා වෙනස් යනුවෙන් කතා කිරීම.
22. වැව් පොකුණු පිළිබඳ කථා
එක් එක් ස්‌ථානවල තිබෙන වැව් පොකුණු පිළිබඳව කතාබහට ලක්‌වේ. මේ පැත්තෙ එක වැවයි තිබෙන්නේ. නමුත් අර ප්‍රදේශවල වැව් ගොඩාක් තිබෙනවා. ඒ වැව්වල මිනිස්‌සු නිරන්තරයෙන් මාළු බානවා ආදී වශයෙන් කතා කිරීම.23. මියගිය නෑයන් පිළිබඳ කථා
"අපේ මියගිය සීයා හිටිය නම් මෙච්චර කරදරයක් අපට වෙන්නෙ නෑ. ඒ විතරක් යෑ. අපේ තාත්ත හිටිය නම් අපට මේ විදියට අනුන්ගෙ අතකොළුවෙලා සිටින්න වෙන්නෙත් නෑ" කියමින් කියන කතා.24. නිරර්ථක දෑ පිළිබඳ කථා
නිරර්ථක කතා යනු කිසිදු ප්‍රයෝජනයක් නැති කතාය. රට පිළිබඳව කිසි අර්ථයක් නැති කතා හා තමන්ටත් අනුන්ටත් කිසිදු පලක් නැති කතා මේ ගනයට අයත් වේ.25. විතණ්‌ඩවාදී කථා
විතණ්‌ඩවාදී කතා යනු කිසිදු ගැලපීමක් නොමැති තර්කානුකුල කතාය. සමාජයේ එයට ව්‍යවහාර කෙරෙන්නේ "පුහු තර්ක" නමිනි. කිසිදු හරයක් නොමැති දෙඩවිලි ඒ ගණයට අයත් වේ.26. මුහුද පිළිබඳ කථා
මේ මුහුද කෙළවර වන්නේ කොතැනින්ද? මේකෙ කොච්චර ජලය ප්‍රමාණයක් තියෙනවාද? හදිස්‌සියෙන්වත් මුහුදට වටුණොත් ආයෙත් ගොඩඑන්න ලැබේද? යනුවෙන් කියන කතා.
27. ශාස්‌වත වාදය පිළිබඳ කථා
අපි හැමදාම දිගින් දිගටම උපත ලබනවා. එහි අවසානයක් නොමැත. හැම ආත්මයකට අපට හමුවෙන්න පුළුවන් ආදී වශයෙන් කියන කතා.28. උච්ඡේද වාදය පිළිබඳ කථා
මේ හැම දෙයක්‌ම මේ ලෝකෙදි විතරයිනෙ. ඒ නිසා පුළුවන් තරම් කාල බීල සතුටු වෙන්න ඕන. හෙට මැරුණත් කමක් නැහැ, අද සතුටෙන් ඉඳල. හෙටක් ගැන හිතන්න අවශ්‍ය වෙන්නෙ නෑ ආදී වශයෙන් කියන කතා.29. දියුණුව පිළිබඳ කථා
දැන් අපි ඉන්න තැන ඉස්‌සරට වඩා දියුණුයි. නමුත් අර අපි කලින් හිටපු ස්‌ථානය එච්චර දියුණු නෑ. අපි තව තවත් දියුණු වෙන්න ඕන. අනෙක් අයට පේන්නත් එක්‌ක තවත් දියුණු වෙන්න ඕන ආදී වශයෙන් කියන කතා.30. පිරිහීම පිළිබඳ කථා
බලන්නකො අපි ඔක්‌කොම පිරිහුණු ජාතියක් නේ. නමුත් අර ජාතියෙ එච්චරටම පිරිහීමක් දකින්න නෑ. නමුත් එතනත් ටිකක් පිරිහීගෙන යන පාටයි. ආදර්ශට ගන්න කියලත් දෙයක් නැහැ. කාලයක් යනකොට ඔක්‌කොම පිරිහිලා යාවි. අපේ ආගම දහමත් නැත්තටම නැතිවෙලා යාවී ආදී වශයෙන් කියන කතා.31. පස්‌කම් පිළිබඳ කථා
දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් කොච්චර හොඳ ද? එහේ හැම සැප සම්පතක්‌ම තියෙනවනේ. හැම ආකාරයෙන්ම කාමභෝගී ජීවිත ගත කරන්න පිළිවන්. අර කට්‌ටිය ඒ වගේ පිරිසක්. ඒ අයට අතට පයට වැඩකාරයො ඉන්නව. යාන වාහන ඕනෑ තරම් තියෙනවා. එයාලට ලංකාවේ හැම නගරයකම ලස්‌සන ලස්‌සන ගෙවල් තියෙනව. ඒ අයට කෑම බීම පිළිබඳව හිතන්න විතරයි තියෙන්නෙ. එච්චර සැප සම්පත් තියෙනවානේ ආදී වශයෙන් කියන කතා.
32. ආත්මය පෙළීම පිළිබඳ කථා
මේ ශරීරය කටු සහිත ස්‌ථානයක වැතිරවන්න ඕන. හතර පැත්තෙන් ගිනි ගොඩගසා මැද ඉන්න ඕන ආදී වශයෙන් ශරීරයට දුක් දීම සම්බන්ධව කියන කතා.පෙහෙවස් සමාදන් වුන උපාසක ඇත්තන්ට පවා මෙවැනි නිසරු කථා ආදියේ යෙදීම බුදුන් වහන්සේ අනුමත කලේ නෑ.. ඉදින් චීවරධාරී මහා සංඝයා කියන්නේ අෂ්ඨාංග ශිලය සමාදන් වුන පිරිසටත් වඩා ශීලයෙන් අගතැන්පත් විය යුතු අය.. ඒ නිසා සංඝයා වහන්සේ කිසිම ලෙසකින් මෙකී දෙතිස් කථාවේ යෙදීම අනුමත කරන්නට බෑ නෙව..
සිවුරක් දරාගෙන ලෝකයේ තියෙන සැම දෙයක් ගැනම උපදෙස් දෙන්නට යන උන්නාන්සේලා අද හැමතැනම අපිට දකින්ට ලැබෙනවා..ඒ වගේම උපාසක වෙස් ගත් අයත් මේ කියන දෙතිස් කතා වලම දිවාරෑ නොබලා නිරත වෙනවා.. නමුත් නියම බුද්ධ ශ්‍රාවකයා මේ ලෝකයේ නිර්වාණ මාර්ගය ශාක්ශාත් කරගැනීමට නිතර වැර වෑයම් කරන අයෙක් විනා ලෝකයේ තිබෙන දහසක් දේවල් වලට හේතු හොයමින් සසර තව තවත් දික් කරගන්නට උත්සාහ කරන අයෙක් නොවිය යුතුයි.
කරුණු ලබාගත් තැන්..
http://www.divaina.com/2011/02/06/siya09.html
http://www.divaina.com/2011/01/30/siya10.html
http://www.lakehouse.lk/budusarana/2008/04/12/tmp.asp?ID=vision02
http://sithuminashanthi.com/seelayedi/
https://groups.google.com/forum/#!msg/dhammamedicine/8_q5EMry3zo/UcX2xLiDYfYJ
මලා තමයි! මොනවා ගැනද කතාකරන්නේ එහෙනම්?
ReplyDeleteයම් කෙනෙක් අෂ්ඨාංග ශීලය හෝ ඉන් ඉහල ශීලයක් සමාදන් වෙලා බුද්ධාගම පිළිපදින්නේ නම් එසේ නිවන් දැකීමට කැමති විය යුතුය.
Deleteඑය රූල් එකක් නෙවෙයි. එය ඉබේම සිදුවේ.
Deleteඑතකොට ඇවැත්නි, මොනවා ගැනද අපිට කතා කරන්ඩ පුළුවන්???
ReplyDeleteදස කතා කරන්න දස කථාවස්ථුව – අප්පිච්ච කථා, සන්තුට්ඨි කථා, අවිවේකී කථා, සතර සබ්බ කථා, විරියාරම්භ කථා, ධීර කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුක්ති කථා සහ විමුක්ති ඥාන දස්සන කථා කියලා කථා වස්තු දහයක් තිබෙනවා
Deleteබ්ලොග් ලියන්න අලුත් මාතෘකා 32 ක් මට මතක් වුනා!
ReplyDeleteමටත් හිතුනේ ඕකම තමයි. දක්ෂ රචකයෙක්ට අලුත් මාතෘකා 32 ක්!
Deleteඅගෙයි...
ReplyDeleteඅර නියම්ගම් කියන්නෙ අල්ලපු ගම නෙවෙයි. ගම්මාන කීපයක මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියාත්මක වෙන තැනක්. එතන තමයි පොළ, අධිකරණය, වෙදහල ආදිය තියෙන්නෙ. (බුද්ධදාස රජතුමා ගම් දහයකට එක වෙදෙක් පත් කළයි කියනව.) තෝනිගල ගිරි ලිපියෙ සහ සොරබොර වැව ළඟින් හොයාගත්ත බදුල්ල කච්චේරි ලිපියෙ තියෙනව ඔය වගේ නියම් ගම් දෙකක් ගැන.
අර්ථදැක්වීම් වල පොඩි ප්‍රශ්න තිබුනත් මහනකම වගේ නිශ්චිත අරමුනක් සහිත දේකට පිවිසුනු අයෙක් ජීවත්විය යුතු විදිය මතක්කරදීම හොඳයි.අපේ හාමුදුරුවරු මේව අනුගමනය කලොත් රටේ ප්‍රශ්න ගොදක් විසඳෙනව
ReplyDeleteහාමුදුරුවරු පමණක්ද මෙය අනුගමනය කලයුත්තේ??
Deleteදියුණුව පිලිබඳ කතා සහ පිරිහීම පිලිබඳ කතා වල අර්ථ නිරුපනය ගැන නම් මම එකඟ වෙන්න නැහැ, මොකද කෙනෙක් තමන්ගේ දියුණුව සඳහා කෙනෙකුන් සමග සංවාදයේ යෙදෙනවා කියන්නේ එය හොඳ දෙයක්. ඒ වගේම් පිරිහීම ගැන කරුණු සොයාබලනව කියන්නේ ; මම කිව්වේ තමන්ගේ; එයත් වටිනා වැඩක්.) අනිත්වා නම් සාමාන්යෙන් හරිය කියලා දැනෙනවා. මෙය ගිහියන්ට පමණක් නෙවෙයි, සාමාන්‍ය ජිවිතයක් කරන ගිහියෙකුට උනත් අදාළ කරගන්න පුළුවන්.
ReplyDeleteකීපදෙනෙක් උඩදී සඳහන් කරලා තියෙන්නේ එහෙනම් මොනවද කතා කරන්නේ කියල.. හෙහ් හෙහ්.. එහෙනම් එහෙම නොවෙන දේවල් ගැන අහලවත් නැති හැඩයි
1. කෙලෙස් මොනවද කියා කතාකරන්න ( 1500ක්ම තියෙනවා ඕනේ තරම් කතාකරන්න)
2. කුසල් - අකුසල් මොනවද කියා කතාකරන්න
3. දන් දෙන්නේ කොහොමද,
4. සිල් රකින්නේ කොහොමද,
5. භාවනා කරන්නේ කොහොමද කියල කතාකරන්න
6. තව කෙනෙක්ට උපකාර කරන්නේ කොහොමද කියල කතාකරන්න
7. සත්පුරුෂයෝ අසත්පුරුශයින්ගෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද කියා කතාකරන්න
8. කල්‍යාන මිත්‍රයෝ හඳුනාගන්න හැටි කතාකරන්න
9. සසරේ භයානකකම ගැන කතාකරන්න
10. අෂ්ටලෝක ධර්මය,
11 චතුරාර්ය සත්‍ය ,
12 වජ්ජක ධර්ම ගැන කතාකරන්න
පුද්ගලයින් ගැන කතාකරන්න ඔතරම් ආස අයට නම්
13. මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ගැන ,
14. නන්ද කුමරු ගැන,
15. සෝපාක ගැන,
16. අනාථ පිණ්ඩික සිටුවරයා ගැන
17. මහාධන සිටු පුතා ගැන
18. වක්කලී ගැන,
චරිතාපදාන කියවන්න.
කාන්තාවන් ගැන කියවන්න ආස නම්
19. අම්බපාලි ගැන
20. විශාකාව ගැන
21. නන්ද මාතාව ගැන,
22.යශෝධරාව ගැන,
23. උප්පලවන්නා ගැන
24. සිල් මාතා 'කායිව්' ගැන,
කතාකරන්න
25. මිනිස්සුන්ගේ හොඳ කතාකරන්න
26. නිරෝගී කමේ, සන්තෘෂ්ඨියේ , විශ්වාසයේ අගය ගැන කතාකරන්න
27. නිර්වානය ගැන කතාකරන්න
28. ත්‍රිලක්ෂණය ගැන කතාකරන්න
29. ආත්ම/අනාත්ම වීම ගැන කතාකරන්න
30. සුත්‍ර පිරික්සන්න, ඒවා ගැන කතාකරන්න ( සරලව ගත්තොත් ගිහියන්ට කෙලින්ම දේශනා කරපුව තියෙනවා )
31. ඕඝ ගැන කතාකරන්න
32. අපි මේ නහින්නේ මොකක් හින්දද කියල කතාකරන්න
තව ඕනේ තරම් දෙන්නම්.. මේ ටික ඔක්කොම කියෝලා ඉවර උනහම...
මමත් ඉතින් දෙතිස් කතා කරනවා. නමුත් මේ කිසි දෙතිස් කතාවක් නොමැතිව කතා කරපු පැය 24 ඒවා කිහිපයක් මම ගතකරලා තියෙනවා සාමාන්‍ය ගිහියෝ අතරේ. ඒ කියන්නේ ඒවා පොසිබල්!!
එක දිගටම නැතත් මමත් සමහර වෙලාවට දෙතිස් කතා වලින් තොරව ගත කරලා තියෙනවා කියල තේරුණා මේ ගැන දැන ගත්තට පස්සේ...
Deleteපුහුණු කරන්න වටිනා කාරණාවල්...
තව උත්සාහ කරලා බලන්න ඕනේ...
This comment has been removed by the author.
ReplyDeleteඅමිලගේ පෝස්ට් එක දැක්කාම පේන්නේ බ්ලොග් නොලියා ඉන්න එක හොඳ බවයි. හැම එකෙන්ම කෙරෙන්නේ නොකල යුතු කතා. :D
ReplyDeleteකණගාටුවට කාරණේ අපි අතින් කෙරෙන්නෙම මේ නොකළ යුතු කතා තමා..))
ReplyDeleteබොහොමත්ම කාලීන වැදගත්කමක් තියන ලිපියක්.. ලිපියේ අවසන් පේලි කිහිපය ගැන කව්රුත් අවදානය යොමු කරලා නැති හැඩයි..
ReplyDelete