Sunday, May 22, 2016

කොළඹ ට දැනුන උවදුර

මේ ගංවතුර සමහර දේවල් කොළඹ ජනයාට සමීප කලා. ඈත පලාතක විපතක් වුනාම ටීිවි එකේ පෙනී ඉන්න පොලිසිය දේශපාලකයින් සහ නිළධාරින් විපත ගැන බොහොම සංවේදී කතා කියලා ජනතාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඔක්කොම හරියටම අරගෙන තියෙනවා කිසිදේකට බයවෙන්න දෙයක් නෑ කියල මීඩියා වලින් කියනවා අපි දකිනවා.. නමුත් ඒ කතාවල ඇතුලාන්තය විදගන්නට මහගු අවස්ථාව්ක කොළඹ ජනයාට ලැබුනා. ඒ කියන්නේ දේශපාලකයෝ කොයි් තරං සංවේදී වුනාද? මේ පවතින ක්‍රමය තුල වූ ආපදා කළමනාකාර ආයතන සහ වෙනත් පද්ධති කොයි තරං සෝක් එකට අනතුර මෙව්වා කලාද කියලා ඒ ආපදා වලට ලක් වුන සහ ඒ ආසන්නයේ හිටපු ජනයාට හොදින්ම දැනෙන්නට ඇති. 

මේ විපත සහ ඒ ආශ්‍රිත සියලු කතාන්දර කියන්න අවකාශයක් අපි කාටවත් නෑ..ඒත් ඒ වගේ උගත් පාඩම් සහ ඉදිරි ක්‍රියාමාර්ග කියලා ලොකු කතාවක් පස්සෙ කාලෙක බොහෝම ඉක්මන්ට ලිය විය යුතුයි. ඒත් ඒ ලියවෙන්නෙත් ගංවතුර එද්දි වතුරෙන් එලියට ගිහින් වතුර පලාතෙවත් ආපු නැති නිළධාරී මිනිස්සු අතින්.. එයාල කොහොම ඕවා ලියයිද ක්‍රියාමාර්ග තෝරාවිද කියලා අපිට හිතාගන්නට බෑ.. 

දුරකථන බිසී වීමේ ගැටළුව 


විදුලි බල මණ්ඩලේ තියෙනවා එහෙම ෆෝල්ට් දැනුම් දෙන්න තැනක්. ටෙලිකොම් ජල මන්ඩලේ..හදිසි ඇමතුම් වගේ ගොඩක් තැන්වල කෝල් සෙන්ටර් මේ වෙලාවෙදි බොහොම ඉක්මනින් බිසී වෙනවා..ඒ කියන්නෙ කෝල් කලාම ආන්සර් කරන්න කෙනෙක් නෑ..හැමෝම බිසී.. 

වතුර පාරක් එද්දි ගොඩනැගිල්ලක් උඩ ඉන්න පිරිසක් තවත් වතුර වැඩි වේගෙන එන්නෙ නෑ කියල ඉන්නවා කියල හිතමු..දැන් මෙන්න බොලේ හිතුවෙ නැති විදියට වතුර පාර බුසු බුසු ගාල නගිනවා.. ඉතිං දන්න කියන හදිසි ඇමතුම් සේවා වලට කට්ටිය කෝල් කරනවා.. නමුත් ඉතිං විනාඩි තිහක් පැයක් යනකල් කෝල් එක වෙයිටින් වෙද්දි අර මිනිස්සුන්ට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි.. 

මොකක්දෝ වාසනාවකට මේ ගංවතුර එහෙම එකපාර සෙනිකව බුසු ගාල නැගල තියෙන්නෙ කිහිප තැනක විතරයි.. ඒත් ආපදා කළමනාකරනය කියන එකේදි මේ ආපදා ගැන අහන්න ඉන්න තැන්වල කෝල්සෙන්ටර් වලට ඉක්මනින් තාවකාලික පදනමින් අලුතින් කස්ටිය ගන්න..කැම්පස් කොල්ලො ටිකක් වත් ඕවට ආන්සර් කරන්න දාන්න ක්‍රමයක් ඕනි වෙනවා.. මොකද නැත්තං ක්ෂණිකව ප්‍රතිචාර ඕනි වැදගත් තැන් බොහෝ මිස් වෙනවා.. 

ආපදා කළඹනාකරන වෙබ් අවකාශය 

අද කාලේ ලේසියෙන්ම මිනිස්සුන්ට තොරතුරු දෙන්න පුලුවන් තැනක් තමයි ෆේස්බුක් සහ වෙබ්..එයිනුත්ෆේස්බුක් කියන එක මිනිස්සුන්ට වඩාත් සමීපයි. ලංකාවෙ ආපදා කළමනාකරන උන්නැහේල කෙලින්ම තොරතුරු මහජනයාට දෙන්න වෙබ් අවකාශය එතරම් පාවිච්චි කරපු විදියක් පෙනුනේ නෑ.. එයාලට කිසිම කරදරයකින් තොරව ෆේස්බුක් හෝ ටුයිටර් හෝ එවන් සෝසල් මීඩියා එකක් හරහා කෙලින්ම විපත ගැන තොරතුරු මහජනයාට දෙන්නට හැකියාවක් හදාගන්න පුලුවනි. නමුත් ඉතිං ඒ වුනත් උදේ 9ට ඇවිත් හවස 4ට ඕෆ් වෙන්න තියෙන සේවක පිරිසක් එක්ක වෙබ් අඩවි නඩත්තුව කියන්නෙත් විහිලුවක් වෙයි ඇතැම් විට.. 

ආපදා මැප් එක.. 

මේ වගේ දේකදි සමහර දේවල් බෝ වෙනවා.. ඒ වගේ දරුණුවටම බෝ වුන දෙයක් තමයි ආධාර එකතු කිරීම. කොටින්ම ජනාධිපති ඇමතිවරු පවා ආධාර එකතුකිරීම කියන එකට ලොකු තැනක් දුන්නා දැක්කා. ඒත් ඇත්තටම ආදාර එකතුවීමට වඩා ආධාර බෙදීයෑම පිළිබද ගැටලු තිබුනා. මේ වනතෙක් ආපදාව සහ ආපදා වෙච්චි පැත්ත ගංවතුර බැස ඇති තැන්..ගංවතුර තවම තිබෙන තැන් ආදිය ගැන යාවත්කාලීන වෙන මැප් එකක් කා ගාවවත් නෑ.. මේ මැප් ගගහ ඉන්න වෙලාවක් නෑ ඕයි..විපතක් වුනාම පිහිට වෙන්න තියෙනවා.. 

ඒත් යාලුවනේ..දැන් ඔය වගේ මැප් එකක් ඇදල තිබුන නම් කැළණි ගඟේ වතුර මට්ටම 7 වෙද්දි යටවෙන්නෙ මොන පැත්තද? 6 වෙනකොට යට වෙන්නෙ මොන පැත්තද? කොතනද වැඩියෙන්ම යටවෙන්නෙ..කොයි තැන්වලින්ද වතුර බැහිල්ල හරියට වෙන්නෙ නැත්තෙ වගේ බොහෝ දේවල් හොයාගන්න තිබුනා.. ඒ විතරක් නෙමෙයි ආධාර නිකුත් කිරීම, තොරතුරු දැනුම් දීම ආපදා තත්වයන් ගැන දැනුවත් කිරීම වගේ දේවල් වලටත් මැප් එකක් වැදගත් වෙනවා.. 

මේ විදියෙ සිතියකමක් හදාගන්න ලේසිම ක්‍රමය තමයි ග්‍රාමසේවා වසම් , පොලිස් ස්ථාන, පාසැල්, වගේ රාජ්‍ය යාන්ත්‍රනය හරහා විපත් ප්‍රෙද්ශය ගනනය කරගන්න එක. ඒ කිව්වෙ ග්‍රාමසේවා වසමේ ඉන්න සමෘද්දි නිළධාරියා, සංවර්ධන නිළධාරින්, ග්‍රාමසේවක, කෘෂි උපදේශක හෝ කාරුහරි..තමුන්ගේ වසම මොකද්ද ඒකෙ කොයි තරං වතුර මට්ටමක් තියේද යටවුනු තැන් මක්කද? දල වශයෙන් යට නොවී තියෙන තැන් මොනවද කියල පොඩියට තොරතුරු ටිකක් දුන්න නං ඒ ටික කොම්පුටර් ගත කරලා ගංවතුර මැප් එකක් සරලවම හදාගන්න පුලුවනි..හැබැයි ඉතිං ඒවා නිකං ඉබේ කෙරෙන් නෑ.. කරන්න ඕනි මැදිහත් වෙලා කවුරුහරි.. 

කසල කළමනාකරණය 

කොළඹම කසල ගෙනිහින් දාන මීතොටමුල්ල පැත්ත යටවුනා.. කසල එකතු නිදහස් කිරීමේ ගැටළුවක් නිසා හෝ සේවකයින් ගේ මදකම නිසා ද මන්දා කොළඹ කසල ගෛාඩවල් ඇතැම් තැන්වල ගොඩගැහිල තිබුනා.. අවුරුදු ගානක් තිස්සේ කුනු කදු ගැන මාද්‍ය ජනතාව දේශපාලකයින් ගොඩක් කතා කලා..මේ ලගදිත් ඉසුර දේවප්‍රිය එහෙම එතන රිංගල මරික්කාර් එක්ක පොටෝ සූට් එකක් තිබුනා..මම දැක්කා.. ඉසුර දේවප්‍රිය මරික්කාර් කපල් එක කැතයි..එතන්ට හිරුණිකාවත් හිටියනං පොටෝ සූට් එක ලස්සනට තියේවි.. 

හරිම සරල ප්‍රශ්ණයක්..කොළඹ කුනු දාන්න හරිහමන් තැනක් නෑ..දාන්න යොදාගන්නවා කොළඹම තැනක්..උදාහරණ විදියට මීතොටමුල්ල හෝ මට්ටක්කුලිය..ඉතිං ඒ දාන්නෙ ත් කොළඹම ජනාකීර්ණ තැනක නිසා ඒ අවට මිනිස්සුන්ට ඒක ලොකු වදයක් වෙනවා.. මෙ  ගංවතුර වගේ අවස්ථාවල කුනු තිබුන පැතිවල ජනතාවට ලොකු බරක් පැටවෙනවා.. 

මේකට ආපු එක් සරල විසදුමක් තමයි දුම්රියේ පටවා කසල පුත්තලමට හෝ එවැනි දුරකට ගෙනගොස් ප්‍රතිචක්‍රීකරණය කිරීම.. මම හිතන විදියට ඒක කල හැකි කල යුතු දෙයක්.. පුත්තලම කියන්නෙ ජනගහනය තරමක් අඩු පැත්තක්.. එහේදි කසල එක්ක ප්‍රතිචක්‍රීකරණ සෙල්ලම් ඕනි දෙයක් ලේසියෙන්ම දාගන්න පුලුවනි. 

ඒ වගේම දවස් තුන හතරක් බොහොම ජනාකීර්ණව තිබූ පලාත් යටවුනාම ඒ එකතුවෙන නාගරික කසලත් ලොකු ගැටළුවක්..දුර්ගන්ධය,. කසල මගින් ජලය අපිරිසිදු වීම.. ඒවගේ දේවල් ගැනත් කස්ටිය ටිකක් හිතන්න වෙයි. 

දේශපාලකයෝ කාගෙද ?

මේ මහා ආපදාවේ අපි දැක්ක කොළඹ ජවනිකා වගේම අනෙක් පැතිවලත් මිනිස්සු පාලන ක්‍රමය හෙවත් සිස්ටම් එකේ උදව් වලට වඩා මිනිස්සුන්ගේම උදව් වලින් තමයි ජීවිතේ බේරගත්තේ ජීවිතේ ගැටගහත්තේ.. එතනදි පොලිසිය හමුදාව ලොකු දායකත්වයක් දැක්කුව තමයි..ඒත් රාජ්‍ය දේහය සහ ක්‍රමය ඉතාම නිද්‍රාශීලි විදියක් තමයි මේ සම්බන්ධයෙන් දැක්කුවේ.. 

අපිම තෝරලා අපේ මින්ස්සු කියලා යවන ඈයෝ නිසා ඇත්තටම අපිට ඒ ගැන ආයිත් මොකක්වත් කියන්නත් බෑ.. මිනිස්සු වගේම මින් පසු විපතක් ඇතිවුනොත් සාර්ථකව ක්‍රියාත්මක වන වැඩපිලිවෙලවල් තනාගන්න අපි උත්සාහ කරන්න ඕනි.. වතුර බැහැල යන මේ වෙලාවෙ කෙහෙල්ගෙඩි බත් ගෙඩි ගන්නවා වගේම ඉස්සරහට දේශපාලනික විඥානය කියන මොකක් හරි එක පාවිච්චි කරලා පුද්ගලයින් මත නෙමෙයි විපතකදී වුවද නොකැඩෙන සාර්ථක සිස්ටම් එකක් හදාගන්න අපේ එකමුතු කම පාවිච්චි කරන්න පුලුවන් නම් වටිනවා..

Sunday, May 15, 2016

ඇගේ ඇස් අග මරු

ඇගේ අස් අග කියන ෆිල්ම් එක තවදුරටත් හදගමලා වගේ සම්භාව්‍ය පොරවල් සාමාන්‍යෙයන් අද්‍යක්ෂනය කරන බෝරිං චිත්‍රපටියක් නෙමෙයි..අපි දකින්නට ආසා කරන අපි ආසාවෙන් පුල පුලා බලන්නට ආසා කරන කතාවක් තියෙන චිත්‍රපටියක්. ඒ සමහර විට ඒක අපිට නිතර අහන්නට ලැබෙන එහෙත් දකින්නට නොලැබෙන කතාවක් දකින්නට සැලැස්වීමක්ද කියලත් වෙලාවකට හිතෙනවා.. 

විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්ය ගොල්ලා එයාලගේ ගෝල ශිෂ්‍යාවියන් එක්ක ලිංගිකව හැසිරීම මහා ලොකු අලුත් දෙයක් නෙමෙයි..ඒක යුතු නැති වුනත් දෙන්න කැමති ශිෂ්‍යාවියන් ගොඩක් ඉන්නවා..අවුලක් නැත්නම් සහ ඇමිනීම අඩුනම් ගන්න කැමති මහාචාර්යවරුත් ගොඩක් ඉන්නවා..  ඒ සැප ඒ ඒ ආකාරවලට හුවමාරු වෙනවා.. 

මේක කන්තෝරු, අධ්‍යාපන ආයතන දේශපාලනය,  බල අධිකාරින් වගේගොඩක් තැන්වල ඉතාම පරණ කාලෙ ඉදලා සිද්ද වෙන සාමාන්‍ය දෙයක්.ඒ කිව්වෙ බලය නිලය මුදල තියන තැනට කෙල්ලො ඇදෙනවා නැත්තං ඒ තැන් විසින් කෙල්ලො ඇදගන්නවා.. ඒ සිද්දි වල කෑලි බෑලි මිසක අපිට ඒ සම්පූර්ණ කතා වස්තු දැකගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ..නවකතා පොත්වල ඒව තිබුනාට හරියට මවාගන්න ගියාම ටිකක් අමාරුයි..එ්ත් ඇගේ ඇස් අග ෆිල්්ම එකේ අපි ඒ අපිට ලේසියෙන් දකින්නට නොලැබෙන එහෙත් අපි මාර ආසා කරන මහාචාර්ය වරයා සහ ශිෂ්‍යාව අතර ලිංගික ජීවිතය සහ සම්බන්ධය අපිට දකින්නට ලැබෙනවා.. 
ඇය සිටින්නේ බ්‍රා එකක් ඇඳගෙන බැවින් පොටෝව වල් නැත 
මේ ඉහල පැලැන්තියේ මහත්වරු නෝනලාගේ කොටු පැනීම් හෙවත් සම්බන්ධතා අතර ක්‍රොස් වීම් අපිට ලේසියේන දකින්න බෑ. ඒ ලොකු මහත්තැන් ගොල්ල කොටු පයින්ඩ යන්නෙ වීදුරු කලු කරපු සැප කාර් වල.එයාල ඔය වගේ ැවඩවලට යොදාගන්නෙ කොළඹ තියෙන සුපරි මහල් නිවාස හෝ හෝටල.. ඒකට අදාල වෙනමම විදියක් එයාල පාවිච්චි කරනවා.. ඉතිං අපි ඔය ඈතින් ඉන්න කවුරු හරි අපිට කියන අර ලොක්ක මේ පොඩ්ඩිත් එක්ක ගියා කියලා කතාව අහල හිතින් මවාගත්තට මොකෑ..,  ඒවා අපිට යාන්තමින් වත් බලාගන්න ලැබෙන්නෙ නෑනෙව. 

හදගම මෙතනදි අපිට කරන්නෙ මහා සේවයක්. හදගම ඒ වගේ මහාචාර්ය ශිෂ්‍ය ලිංගික සම්බන්ධාවයක විශාල කොටසක් අපිට පෙන්වනවා.. කොච්චර පෙන්නවද කිව්වොත් ශිෂ්‍යාවගේ නිරුවත් රූපෙන් ලොකු පදාසයක් පෙන්නවා..  තනුත් පුකත් ලිංගිකව හැසිරෙන අවස්ථාවත් යම්තාක් දුරකට පෙන්වනවා. බොහෝ ෆිල්ම් වල වගේ දෙන්නා ඇද උඩ බදාගන්නකොටම බෙඩ් සීට් එකක් පහත් වෙනවා මේකෙත්..ඒත් අපේ වෙලාවට බෙඩ් ශීට් එකේ හිලක්..හදගම බෙඩ් ෂීට් එකේ හිලෙන් පොඩි කැමරාවක් ඇතුලට යවලා අපිට ඇතුලෙ වෙන දේ ත් ඇගවල් වල දාරවලින් යාන්තමට පෙන්වනවා..ඇත්තටම හදගම අපේ බොක්කෙ ෆිට් එකක් වුනානං..අඩෝ හදගම උඹනං දෙයියෙක් බං..උඹ අර බෙඩ් ෂීට් එකේ හිලෙන් ඇතුලෙ වෙන කෑල්ලත් පෙන්නවා නේ.. මරු ආහ්.. කියන තරමට ඒ දර්ශනය හදගම හොදට කරලා තියෙනවා.. 

ලිංගිකමය අවස්ථා සහිත සම්බන්ධයක් තවදුරටත් සාමාන්‍ය සම්බන්ධයක් නෙමෙයි. සාමාන්‍ය අවස්ථාවක තිබෙන සම්බන්ධතාවයක් ලිංගික එකක් වුනාට පස්සෙ තවදුරටත් ඒක අස්සෙ සාමාන්‍යයක් නෑ..ඒකෙ මුලින් තිබුන හැඩයම උඩ යටිකුරු වෙලා යනවා.. හරියට විසිරුනු පෙති යලි මලක් නොවනවා වගේ.. 

ලිංගික සම්බන්ධතාවයක් කියන්නෙ ඒ අය හෙලුවෙන් ඇද උඩ හැසිරීමම නෙමෙයි.. ඒක එක කොටසක් විතරයි.. මේ චිත්‍රපටයේ ශිෂ්‍යාවගේ ආකර්ශනය තියෙන්නෙ ඇයම කියන ආකාරයට ඇගේ නාරි ලාලිත්‍යෙයන් අග තැන්පත් ඇග තුලම නෙමෙයි ඇගේ හිතුවක්කාර ගතිය, මුරන්ඩු කම නාහෙට නාහන ගතිය තුල ඇගේ ආකර්ශනය විසිරිලා යනවා.. 

සමහර මිනිස්සු ආසයි තමුන් දෙයක් විදිනවා නම් ඒක විදින බව ලෝකෙට පෙන්වන්න.. ඉතිං ඒ ශිෂ්‍යාවත් එහෙමයි..එයාට මහාචාර්ය තුමාගේ සම්බන්ධය සගවාගන්න ලොකු උවමනාවක් නෑ.. එයාට ඕනි ඒක සාමාන්‍යෙයන් ඇතිවෙන ආදර කතාවක් ය කියලා කියන්න.. එයාට මහාචාර්ය තුමාගේ බිරිදට එයා මහාචාර්ය තුමා එක්ක ගන්න ආතල් ගන්න හැටි විස්තර කරන්න මාර ඌමනාවක් තියෙනවා ..ටික්ක දුර්ලභ උනත් මේ ජාතියේ චරිත සමාජේ නැතුවාම නෙමෙයි. 

මට ඇත්තටම ස්වර්ණා මල්ලවආරච්චි ගැන කියන්න නම් මොකුත්ම නෑ..ඒ චරිතය දෙනවක හාමිනේ කලත් එකයි එයා කලත් එකයි.. නාකි රැලිවැටුනු ආකර්ශනය අඩු වී ගිය නටඹුන් ගොඩක් ඇවිදිනවා කතා කරනවා හූල්ලනවා.. ඒක අමාරු චරිතයක් නම් නෙමෙයි..ඒත් කෙල්ලගේ චරිතෙ ටිකක් සීරියස්.. ඒ වුනත් ඒක ගානට ඒ නිළිය කරගන යනවා.. කලිං සිනමාවේ ටෙලි නාට්ටි වල පට්ට ගහපු නිළියක් නෙමෙයි නිසා ඒ චරිතෙ ඇය රගපානවා කියලා හිතන්න බැරි තරමටම තාත්වික ගතියක් තියෙනවා. 

දැන් කාලෙ ෆිල්ම එකක් බලන්න රුපියල් තුන්සීයක් ගෙවන්න ඕනි අඩුම ටිකට් එකට.. හැබැයි වැලකින් ලබාගන්න බැරි අමුතු කුනු ආතල් එකක් ෙම් ෆිල්ම් එකේ තිබුනා.. ලංකාවෙ වැල ෆිල්ම් හැදෙන් නෑ..හැදුනත් වැලක් ඇතුලෙ දි ලිංගික උපාංග හෙවත් අවයව වන බිජ්ජ සහ යෝනියේ චලනය  උලුප්පා පෙන්වන්න  හදන උත්සාහය මිසක මනුස්ස සම්බන්ධතා ගැන වැඩි මනක් තැකීමක් නෑ.

උදාහරණ විදියට එක් නරක ඇමරිකා වීඩියෝ එකක විදුලි මීටරේ හදන්න එනවා මිනිහෙක් ඒ මිනිහා එක්ක ගෙදර තනිපංගලමේ ඉන්න ගෑනි කතා කරනවා..පස්සෙ ඒ දෙන්නා ඒ ගෙදර සෙටිය කැඩිල යන තරමට උඩ පැන පැන ලිංගික සෙල්ලම කරනවා..අපි ඔය ක්ලිප් එක ඕපන් කරනකොටම දන්නවා තා විනාඩි පහලවකින් ඔය ගෑනි සබ්බ සකලමනාවම ගලවල අර මිනිහා එක්ක හැමනෙනවා කියලා. ඒ සරීර වගේම ඒ සිද්ධිත් අපිට ආගන්තුකයි.. අනික සමස්ථ කතාවේ සාරයම ස්ත්‍රී යෝනිය වටා කැරකෙනවා මිසක වෙන මෙලෝ දෙයක් එතන නෑ.. ටික වෙලාවක් ගියාම අර විදුලි මීටරේ බලන්න ආපු එකාගේ බිල් කොල හෝ මැසිමවත් අඩුතරමෙ උගේ ඇඳුමවත් පේන මානෙක නෑ.. 

නිකංම වැලක් වගේ නෙමෙයි වෙනස් විදියෙ අපේම කතාවක් ගේන්න යන හදගමගේ ඇගේ අැස් අස්සෙ තියෙනවා පට්ට කතාවක්.. මහාචාර්ය තුමා කෙල්ල එක්ක හැමනෙන හැටි...ඒක මහාචාරියාගේ ගෑනිට කේ්ස් එකක් වෙන හැටි.. මහාචාරියාගේ යොවුන් දියනියට ඒක බලපාන හැටි.. මරුවට ම පෙන්වනවා ෆිල්ම් එකේ.. හරියට ඉස්සර ගමේ හාමු මහත්තය, වෙදා, ස්කෝලෙ මහත්තයා හාමුදුරුවෝ වගේ ලොකු බුවෙක් ඔය පොඩි නැට්ටිච්චියෙක් එක්ක පැටලැවිල්ලක් ඇතිකරන ඒක නැගල ගියාම ඒක අහලා අපි විදින අමුතු විනෝදයක් තියෙනවා නේ.. ආන්න ඒක මේ ෆිල්ම් එකේ ලෙසටම ලැබෙනවා..ෆිල්ම් එකේ කිහිප වතාවක්ම මහාචාරියා සහ ශිෂ්‍යාව අතර ඇතිවන රොමැන්තික කොටස්ද යනවා.. 

අපිට කොයින්ද පූස මාලු..අපි යනවද බං මූදු.. අපි අති බහුතරයකගේ ලිංගික ජීවිත ගැන කියන්න තියෙන්න ආන් එහෙම කතාවක්.. වැඩිමනක් සල්ලිය බාගෙ නැති වැඩියෙන් තිබුනත්, ඒ වැඩිෙයන් ලැබෙන තුට්ටු දෙකත් කාර් එකට, ගේ හදන්න, පොඩි උන්ගේ වැඩට ගත්තු ණය වාරික වලට වියදම් කරන අපි ඇත්තටම ගෙවන්නෙ අර අවුරුදු සීයකට විතර කලිං නිකොලායි ගොගොල් ගේ හිමකබාය කතාවෙ ඉන්න අකාකි කියන බුවා ගෙනියනවා වගේ ජීවිතයක්. ගොගොල්ගේ හිම කබායෙ අකාකිගේ ලිංගික ජීවිතේ ගැන නෑ.. තිබුනනං ඒක මහා ලොකු එකක් වෙන්නත් බෑ.. 

අපිට ඉතිං මහාචාර්ය ගොල්ලට මන්ත්‍රි ගොල්ලට ලොකු සල්ලි කාරයින්ට නිළදාරින්ට වගේ ඒ ආතල් ගන්න වාසනාව නෑ..ඒ ලොකු කට්ටිය ඒවා උදාකරගන්න හැටි..ඒවා බැලන්ස් කරගන්න උත්සාහ කරන හැටි..ඒ ලිංගික සම්බන්ධතා ගැන ධර්මයේ තියෙන විදියටම ඒ කට්ටියට සහ පවුල්වල ඈයින්ට ඒවා  ඇනයක් වෙන හැටි මේ ෆිල්ම් එකේ තියෙනවා.. අවසානයේ ධර්මය කොහොමද අපිව අනාථ කරන්නෙ කියලත් ෆිල්ම්  එකේම සදහන් වෙලා තියෙනවා.. 

හදගමලෑ සෙට් එකේ එක සාමාන්‍යෙයන් කරන .. රූපරාමුවක මූසල බැක්ග්‍රවුන්ඩ් එකක නලු නිලියො  තියාගෙන බමුණො වගේ කතා නොකර කෙපරබාන පරණ සම්භාවය සෙටප් එකෙන් මිදුනු වේගවත් චිත්‍රපටියක් ඇගේ අැස් අග.. අර අසූව හෝ ඒ  ආසන්න ස්වර්ණා ෙගන නටඹුන් බලන්න නෙමෙයි..අරුන් දෙන්නයි කෙරුවාව බලන්න ඔබත් යන්න.. ඇගේ ඇස් අග බලලා එන්න. 

  • ඒ මහාචාරිය අර අහිංසක මලක් වගේ කෙල්ලව තලන කැත සික්.. මුන්ට හෙන ගහන්න ඕනි හැටි බලන්න ෙකා්..
  • අර සකරවට්ටම බෝසත් චරිතයක් වගේ ඉන්න මහාචාර්ය තුමාව දපනෙ දාගෙන ඒකිට ඕනි විදියට නටවගන්න හදන හැටි බලන්න ..අයියෝ මුන්ට කොල්ලො නැතුවද හොයාගන්න 
  • ආගම දහමටම හිත දීගෙන අවසාන කාලෙ මහාචාර්ය තුමාත් එක්ක සාමෙන් ඉන්න හදන ඒ මැදිවියේ අම්මාගේ කතාව බලන්න.. අනිච්චං දුක්ඛං ලෝකේ හැටි තමයි 
  • යාන්තං ඇටෙන් පොත්තෙන් මෝරලා කාටුන් වලින් ෆිල්ම් වලට මාරුවෙන්න ඉන්න ඒ මහාචාර්යාගේ අහිංසක දුවනියටත් කොයි තරං ඉරිසියාවක් ඇතිවෙනවාද කියලා බලන්න 
  • කුරුලු කූඩුවක් වගේ තිබුන ලස්සන පවුලට මොකද වුනේ කියලා බලන්න 
  • අහිංසක ප්‍රේමයක් නැවතුනේ නාකි හම්පඩ හැටපැන්න හමෙක් ගාව..ඒ අහිංසකීට විදින්න ලැබෙන අපහාසය බලන්න 

ෆිල්ම් එක Let her cry.අනියමාර්තෙන් කීවොත් Let her cry but U can enjoy it.  

Saturday, May 14, 2016

පහත්වීම

//ඉතා සුලු සිද්ධියක් දෙකක් තිබුනාට මෙය වැල කතාවක් නොවේ.එහෙත් දරුවන්ට බැලීමට සුදුසු නැත.//

සුජිත්.. මොකද්ද සුජිත් මේ කරගත්තෙ..දැන් කොහොමද මම පාරෙ බැහැල යන්නෙ? සෙනුරි කතාව පටන්ගත්තේම නෝක්කාඩුවකින්ය.. 

හපෝ සෙනු..මෙච්චර දවස් ඔයා ගියේ කොහොමද පාරේ එහෙම්ම යනව.. සෙනු චිත්‍රපටි දෙබස් ටෙලිනාට්ටි දෙබස් ඕනි නෑ..පොලිසියෙ දවස් දෙකක් ඉදලා මොකුත් වැඩක් ඇල්ලුවෙත් නෑ.. ඒක අස්සෙ පට්ට ගදක් තිබ්බෙ..අතේ පාරක් වත් ගහන්න වුනේ නෑ.. මුලින් ම වොෂ් එකක් දාල ෆන් එකක් අරං ඉමු.. 

ඔයාට ඉතිං මොන සීරියස් දේ කිව්වත් මුලින්ම ඕනි ෆන් එක.. ෆන් එක ගන්න ගිහින් හොම්බ බිම ඇනගෙන ඔලුව බිම නමාගෙන ආවත් ආයෙමත් ඕනි ෆන් එක.. මං කිව්ව කියල හිතාගන්න සුජි..තමුසෙ කවදහරි නැතිවෙන්නෙ ඔන්න ඔය තැනක් නොතනක් නැතිව ගන්න දුවන ෆන් එක නිසා.. මං දන් නෑ කියලද හිතේ.. අර සමුපකාරෙ ඉන්න කලු ඇන්ටි දවසක් කෝච්චියෙ යද්දි තමුසෙ ඒ ගෑනිටත් ජැක් ගහන්න ගිහින්.. විලි ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද සුජී.. 

හරි.. පොඩ්ඩක් ඉන්නව එහෙනං මං බාත්රුම් එකට ගිහින් එන්නං.. තමුසෙ කලිං ඕකට රිංගුවොත් පස්සෙ මං නාන වෙලාවට මට නාගන්නත් නෑ.. ඇවිත් ඇගේ එල්ලෙනවා නේ.. සෙනුරි කියාගෙන ගියාය.. 

සෙනුරි මහ සද්දෙන් සබන් කැටය තබයි.. තුවාය දමන්නේද ගසන්නේද සද්දෙන්ය.. ඇගේ සද්ද පූජාව යනු සුජිත්ට බාත්රූම් එක ඇතුලට කරන ආරාධනාවක් වැන්න.. එය සුජිත්ද හොදින්ම දනී.. 

මේ සුජි.. දවස් දෙකකින් හරියට පිට අතුල්ලගන්නත් බැරි වුනා.. පොඩ්ඩක් ඇවිත් පිට අතුල්ලලා යනව ..මෙහෙ.. සෙනුරි සුජිත්ට ආරාධනා කලාය.. 

හුම්.. හැබැයි පිට අතුල්ලන්නෙ අතින් වුනාට පුක අතුල්ලන්න නම් මට අත් හවුල්කරගන්න බෑ.. වෙන තැනුත් කුපිත වෙලා ඉන්නෙ මේ අවස්ථාවෙ..ඒවටත් අපි ප්‍රජාචන්ච්‍රවාදී අයිතිය දෙන්න ඕනි වෙනව නෙ.. සෙනු.. 

ප්‍රජාචන්ච්‍රවාදෙ.. හරි හරි ආවනං එහෙනං සබන් කැටේ අරං අතුල්ලනව කෝ.. චී..ටිකක් හෙමින් ඕයි. මේ මනුස්ස සරීරයක්.. සෙනුරි කෙලි ලොල් හඩින් සුජිත්ට පැවසුවාය.. 

නෑමේ කෙලියෙන් පසු දෙදෙනාම කඩෙන් ගෙනා බත් මුල් ලිහා ගෙන ලහි ලහියේ කෑවෝය.. කඩවල් දෙකකින් ගත්තනං හරිනෙ.. කොහෙද දෙන්න කඩවල් දෙකකින් ගන්න එක හොද නැහැලු..මිනිස්සු හිතයිලු.. කෙංගෙඩිය තමයි.එ.හෙනං දෙන්නට වෙනස් එලෝලු ජාති තියෙනවා නේ එලෝලු දහයක් එක්ක බත් කන්න තිබුනා දෙකකින් අරං මිකිස් කරගත්ත නං.. .. සුජිත් කියන්නට විය.. 

කෑම කන අතරද දෙදෙනා අතර කුඩා කුඩා වලි බර තත්ව පැන නගී.. 

ඉන් පසු පොඩි නින්දක් දැමීමට දෙදෙනාම තීරණය කලෝය.. 

මේ සුජිත් මට ඇත්ත කියන්න සුජිත්.. මොකද්ද උනේ.. සෙනුරි ආයාචනා කරන්නට විය.. 

මං කියන්නං පනින් නැතුව හරස් පද නැතුව අහන් ඉන්නව හරි.. 

සෙනුරි තමුසෙ ඔෆිස් එකේ බොස් කෙනෙක් එක්ක කාර් එකේ තැන් තැන්වල යනවලු.. ඕක පහල තට්ටුවෙ හිටිය.. ජෙසී නැන්දට ආරංචි වෙනවා.. සුජිත් කියන්නට පට්න ගත්තේය.. 

හනේ හෙන ගහන කතාවක් නේ..කවුද අනේ.. සුජිත් ඔය වගේ වල් කතා පතුරුවන්නෙ..හෙන ගහන්න ඕනි ඕකුන් ඉන්න පලාතටම.සෙනුරි ඇඩුම් බර මුහුනින් කියන්නට විය.. 

.  මේ ඕයි.. මං කලිනුත් කිව්ව මැදින් ටෙලිනාට්ටි ඇඩ් දාන්නෙ නැතුව කතාව පාඩුවෙ අහන් ඉන්නවද නැත්තං ගිහින් වෙන කාගෙන් හරි කතාව අහගන්නවද? සුජිත් සද්දෙන් සැරෙන් ඇගෙන් ඇසුවේය.. ඉන් පසු සෙනුරි නිහඩ විය.. 

ඉස්සෙල්ල සම්පූර්ණ එක අහගන්නවා..ඉන් පස්සෙ තියේනං කමෙන්ට් එකක්, පෝස්ට් එකට යටින් කමෙන්ට් එක දානවා.. තමුසෙ ෆේස්බුක් එකේ වරු ගනන් හිටියත් එහෙම දෙයක් තේරෙන් නෑ,.පලවෙනි වාක්‍ය දැකල කමෙන්ට එක හලන්න එන්න එපා.. සුජිත් කියන්නට විය.. 

හරි හරි සුජිත්..කියන්නකො එහෙනං ඔයාගේ මහලොකු පචේ.. මං අහන් ඉන්න.. 
සෙනුරි නිශ්ෂබ්ධතාවය තෝරාගති.. 

මං ආරංචි කරල බැලුවා.. සෙනුරි ඒ කියන්නෙ තමුසෙ ඔෆිස් බොසෙක් එක්ක රවුං යනවා කාර් එකක.. මම ඌ ගැන හෙව්වෙ නෑ..හැබැයි වැඩේ ඇත්ත.. දැන් නෑ කියල මෙතන පොලොව කන්න හදන්න එපා මට කියත හැකි තමුසෙල ගියේ කොහෙද කියලත්.. ඒව මගේ සර්වයිලන්ස් නෙමෙයි ඒවත්.. ඔය යට ඉන්න ජෙසී නැන්දගේ වැඩ.. 

ජෙසී කිව්ව හින්දම මම විස්වාස කලේ නෑ.මාත් ටිකක් අාරංචි කරල බැලුවා..තමුසෙ හිතං හිටියට මොකෙක් වත් දන් නැ කියල තමුසෙලා ඔපිස් එකේ කොල්ල බල්ල පවා දන්නවා තමුසෙගේ පැටිකිරිය.. සුජිත් වේගයෙන් කියවන්නට විය.. 

සෙනුරිගේ ඇස් අගට කදුලු ආවේය.. නමුත් මේ සිදුවීම ගැන සැබැවින්ම ඇත්තේ පුදුමයකි.. 

ඔයා දන්නවා සෙනුරි අපි දෙන්න බැන්දෙ ප්‍රොෙපා්සල් එකකින්.. මං කැමති නෑ මට ගොඩක් ආදරේ කරන කෙල්ලන්ට.. ගොඩක් මං ගැන හොයන අයටත් කැමති නෑ.. ඔයාව මට සෙට් වුනේ 23 වෙනි ප්‍රෙපා්සල් එක විදියට.. සමහර විට ඔයාට මම කලිං ඒක කියල ඇති.. 

ප්‍රෙපා්සල් 10 පනිනකොට මිනිස්සු හිතන්නෙ මං පොන්න ඩයල් එකක් කියලා.. මං කැත මිනිහෙක් නෙමෙයි.ඒත් ලේසියෙන් මම කෙල්ලොන්ට සෙට් වෙන් නෑ. ඒක හැටි.. හැටිම නෙමෙයි පුරුදු උන හැටි.. මට සම්බන්ධතා වාතයක්.. අපි මැරි කරලා වුනත් ගෙවන්නෙ අමුතු රටාවකට.. එත් මම මේකට ආසයි.. දෙන්නම එකම වහලක් යට හිටියට පොඩි හරි වෙනස් ලෝක දෙකක් අපි දෙන්නටම තියෙනවා.. 

මම හිතුවට වඩා අපේ විවාහ ජීවිතේ ගැන්මක් තිබුනා.. මම හිතං උන්නේ මැරි කරනවා කියන්නෙ වනගත වෙනවා වගේ වැඩක් කියලා.. මම හිතුවෙ නෑ මේතරං නිදහසක් ලේසියක් ලැබෙයි කියලා.. ඒත් ඇත්තටම බොස් එකෙක් එක්ක ඔයා රවුං ගහනවා කියල හිතුවම මට අතීතය මතක් වුනා.. 

කාත් කවුරුත් නැති..කාමරේක තනියම පාන්දර නැගිටල උයාගෙන තේ හදාගෙන.. රෙදි ටිකහෝදගෙන.. ටිකක් රන්ඩු වෙන්නවත් විදියක් නැතුව.. 

මම ඔයා එක්ක රන්ඩුවෙලා බොස් ට බැනලා ඒක ඉවර කරන්න ගියානං මට කරන්න ඉතුරු වෙන්නෙ ඔයාව එලවන එක .. එතනින් මැද බය කරන සීන්.. සීන් එකේ මැදට පැනිලි .. ඒ වගේ ගොන් පාට් වලට මම ආස නෑ.. 

පහල ගෙදර ජෙසී නැන්දට ඔයාගේ ඔය කොටු පැනිල්ල ගැන මාර උනන්දුවක් තිබුනෙ.. අපේ ගෙදරටත් කියල තිබුනා.. තව වටේ ඔයා දන්නෙ නැතිවුනාට ඔය ගෑනි ගිනි නොතියපු තැනක් නෑ.. ගොඩක් අය මගෙන් ඔයාගේ අනියම් සම්බන්දෙ ගැන අහනවා.. 

එක අතකින් මේ ඇනෙක්සිය ලාබෙට ලැබුනට ඒ ලැබුනෙ ජෙසී කියන අපේ දුරින් නෑ වෙන ගිනි බෝම්බෙත් එක්ක..කොහොමත් බෝම්බ එක්ක ලැබෙනකොට බඩු ලාබ ඇති.. 

මේ ගෑනි මේක ඕනවට වඩා වයිරල් කරන්න ගත්තා.. කොටින්ම ඔයාලයි ගෙදර අයටත් ඔයාග් බොස් එක්ක තියෙන හුටපටේ කියන්න කියල හැදුවෙ.. 

ඉන් පස්සෙ තමයි මම ජෙසීගෙ කට වහන්න හැදුවෙ.. සුජිත් හුස්මක් ගත්තේය.. 

ම්ම්.. එතකොට සුජි.. ඔයා ජෙසි ඇන්ටිගේ කාමරේට පැනල එයාව පෙරලගෙන ඉන් පස්සෙ ජෙසී ඇන්ටි ඔයාට කොස්සෙන් ගහල.. එලවල.. ඒ අස්සෙ ජෙසි ඇන්ටිගෙ මාම ඇන්ටන් ඇවිත්..මොකද්ද ඒ..?  සෙනුරි අසන්නට විය..

මම පොත් වල කියවල තියෙන විදියට අනුන්ගේ ජීවිත වලට වැඩියෙන් එබෙන්න යන්නෙ තමුන්ට සතුට ලැබෙන්නෙ නැති මිනිස්සු.. මම ඒ නිසා ජෙසීට වයස වයස කියල බලන්නෙ නැතුව සතුට දෙන්නයි ගියෙ.. මේක විහිලුවක් වගේ පෙනුනට ඔයාට ඉවෙන් වැටහෙන්න ඕනි මම නිකංම පැනලා ගියා නෙමෙයි එතන මොකක් හරි දෙයක් තියෙන්න ඇති.. ඒ කිව්වෙ ජෙසී ඇන්ටිගෙන් කොල සිග්නල් එකක් නැතුව නිකංම කාර් එක පාරට දාන්න තරංම මම මෝඩ නෑ.. 

දවසක් ගියා. විස්තර කරන්න ඕනි. නෑ මුලින් අකමැති වුනා.. පස්සෙ මම බලෙන්ම.. “අයියෝ මාම එයි.. අනේ සුජිත් මාම එයි.. ඇන්ටන් අංකල් කොහෙන් එයිද දන් නෑ .. කියන ගමන්ම ජෙසී ඇන්ටි මම අල්ලනවාටත් වඩා  තදට එයා මාව බදාගත්තා.. 

දවස් දෙකක් ගියා.. මතක විදියට හතර වෙනි දවස.. කියපු විදියට මාම ආවා.. ඇවිත් දොර ඇතුලෙන් වහපු නිසා බෙල් එක ගහනකොට මම සෙටි එක උඩ ජෙසී ඇන්ටිගේ කකුල් දෙක අතර පරණ පෑරුනු තුවාලෙට දිවෙන් බෙහෙත් දානවා.. ජෙසි ඇන්ටි හුම්ම ගන්නවා හෝ ගාල.. 

බෙල් එකත් වැදිල..ඉන් පස්සෙ ඇන්ටන් මාමගේ ගැඹුරු කටහඩ ඇහුන.. ජෙර්සී.. මේ ගෑනි ලග තිබුන කොස්ස අරං මට ගහන්න ගත්තා.. අමුතිත්ත කුනුහබ්බ සෙට් එකක් එක්කම.. අර මිනිහ දොරට පයින් ගහගෙන දොර කඩාගෙන ආවා.. මිනිස්සු වටවුනා.. මම බලෙන් ගෙට පැනල ජෙසීට බලහත්කාරකම් කරල තියෙනවා.. ඒ නිසා මම පොලිසි ගෙනිච්චා.. 

ජෙසී ඇන්ටන් අංකල් ට කිව්ව “මූ හින්ද අපේ මූනු වල දැලි ගාගන්න ඕනිද? ඔන්න නිකං ඉමු“  කියල.. ඒත් එතකොටත් වැඩේ පත්තුවෙල ඉවරයි.. ඇතුලෙන් ලොක් කරල ගෙදර ඇතුලෙ සද්ද නිසා.. ඇන්ට කලිං ම පොලිසියට පැමිණිලි කරල ගේ ඇතුලෙ හොර කන්ඩායමක් කියලා..ඇතුලෙ ඉන්න හොරු ටික අතටම අල්ල ගන්න පොලිසිය පහත් උනා ඉක්මන්ට..  ඉතිං මං කොටු උනා.. 

සුජිත් කතාව අවසාන කලේය.. 

සුජිත්.. ටික වෙලාවකට පසු සෙනුරි කටහඩ අවදි කලාය.. මට මේ තරං සැලරි එකක් ලැබෙන එකක් නෑ..ඒත් මම ඉක්මන්ටම අලුත් රස්සාවක් හොයාගන්න ට්‍රයි කරන්නම්.. අපි මෙතනත් මාරු කරමු.. අපි පරණ විදියට සතුටින් ඉමු.. සෙනුරි උත්තර බදින්නට විය.. 

ඌ මට වඩා හැන්ඩිය..මම පොරව දැක්ක දවසක්..ඇත්තටම දැක්ක නෙමෙයි මම ඌව බලන්න ගියා..සෙනුරි ඔයාට ඒ ඔප්ෂන් එක ඕනි නම් එහෙට යන්න.. මට අවුල් නැත්තෙ නෑ.. ඒත් .. මාව මට පාලනය කරග්නන පුලුවනි. සුජිත් කියන්නට විය.. 

ඇන්ටන් ලොක්කට නාකි ජෙසීට පොර දැම්මට මාව පොලිසි ගෙනිච්චෙ සහ වියරුවෙන් වගේ මට ගහන්න පැන්නෙ නිකංම නෙමෙයි.. ඒවට හේතු ඇති..ඒක වෙන්න ඇති ආදරේ.. ඒත් මට හරිම අමාරුයි එහෙම වෙන්න.. මට බෑ රස කෑම එකේ මැස්සො එලවන්න.. මැස්සො එලවලා රස කෑමක් පරිස්සම් කරගත්තත් ඒ ටික වෙලාවයි.. ඉන් පස්සෙ ඒක මැස්සො නැතත් ඉබේම පිළුනු වෙනවා.. මේක මට තව විස්තර කරන්න පුලුවනි.. ඒත් ඔයාට වැටහෙන්න ඔය ඇති.. සුජිත් සෙනුරිට පාඩමක් කියාදෙන්නට විය.. 

ඒ මිනිහ බැඳල.. ඌ මහ පිඹුරෙක් වගේ සර්පයෙක්.. ඒත් මම ඌව කොහොමහරි ගලවගන්නව සුජිත් සත්තයි සුජි..මාව විස්වාස කරන්න..මේ චිත්‍රපටි දෙබස් නෙමෙයි..මේ නාට්ටි කෑලි නෙමෙයි..මාව විස්වාස කරන්න..මට වෙන ඉල්ලන්න දෙයක් නෑ ඔයාගෙන්.. සෙනුරි කියන්නට විය.. 

Wednesday, May 11, 2016

නවකයින් පිළිගැනීමේ පරණ ක්‍රමය

මා 2006-2007 කාලයේ නවකවදයකට මුහුන දුන් අතර එය කිසිවෙකු විසින් නවකවදය යැයි හදුන්වනු නොලැබීය. එය පරිවාස කාලයක් ලෙස එකල එහි උගත් අයද අනික් අය විසින්ද අර්ථ දක්වනු ලැබීය. එම බැජ් එක තුල සිටි ජනප්‍රිය මෙන්ම නවකවදය හොදින්ම කාගෙන සිටි ඩයල් කිහිපයක් අතර මාද විය. නමුත් මට නවකවද කාලසීමාව තුලත් ඉන් පසුවත් කොටින්ම බකට් අවස්ථාවේ පවා එය හොද දෙයක් ලෙස නොසිතුනි. එහෙත් මා සමග එකට දන ගෑ, එකට බිජ්ජ පෙන්වා සතුටු වූ. එකට දැල්වල එල්ලුනු, එකට කා බී රැග් එක කෑ බොහෝ අය එනම් සමස්ථ රැග් එක කෑ පිරිසෙන් සියයට 95කටත් වඩා රැග් එකට පක්ෂපාතී වූහ. ඔවුන්ගේ මානයෙන් වඩාත් රිදෙන යම් යම් කිහිපයක් වූ දඩුවම් සහ ක්‍රමවේදයන්ට සුලු සුලු විරෝධතා පැවතියත් බොහෝ දෙනෙකු නැවත රැග් එක දීමට ඊලග බැජ් එක එනවිට සූදානමින් සිටියෝය. 

මා බොහෝවිට විශ්වාස කරන දෙයක් නම් නරක වැඩෙහි යෙදෙන තැන්වලින් අපි සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිනවාට වඩා යම් ආකාරයකින් එහි අපි එල්බගෙන සිටීමම නරක දෙය තවත් නරක් වීම හෝ අඩු කරන්නකි. එබැවින් මීලග බැජ් එකට නවකවදය දෙන අවස්ථාවේ මා ශිෂ්‍ය සංගම් සාමාජිකයෙකු වූ අතර ඒ කමිටුවලටද යම් යම් මට්ටමකින් දායකත්වයක් ලබා දුනිමි. නමුත් මාගේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වයක් නම් රැග් එකට කිසිදාක ලැබුනේ නැත. රැග් එකට පක්ෂ එය නැවත ඊලග පිලට දී මේ ක්‍රමය දිගටම පවත්වාගත යුතුයැයි කියන රැග් කන ලද සියයට අනූපහකටත් වඩා පිරිස අතර මගේ හඩ එසවීම ඵලක් නැත. එසේ එසවීමෙන් විය හැකි එකම දේ මා ඈතට වීම පමනකි. 

සදාචාරාත්මක ලෙස ගතහොත් ඒ අතීත උසස් අධ්‍යාපන ශිෂ්‍ය අවධිය ගැන කතා කිරීමට මට අයිතියක් කොහෙත්තම නැත. මන්ද වසර 4කට කිට්ටු වූ ඒ සමස්ථ පාඨමාලාව මා විසින් වසර 2ක් අවසන හැරදා හුදෙක් තාවකාලික මුදල් ලෝභය පිණිස රක්ෂාවකට යොමු විය. ඒ තුලින් තවත් සිසුවෙකුට ඉගැන්වීමට රජයට තිබූ මුදල අපතේ ගිය අතර මා විසින් හදාරන ලද පාඨමාලාව සම්පූර්ණ කිරීමක්ද පසුව හෝ සිදු නොවීය. 

මේ ගතවන මොහොත් පවා බොහෝ මාගේ ෆේස්බුක් හි සිටින පැරණි එකට ඉගෙනගත් දැන් ලොකු නිලතල වල සිටින ඇත්තන් පවා රැග් කාලයේ කරන ලද දේ ගැන විටින් විට කතා කරති. ඒ කාලය ඉතාම සන්තෝෂ වූ කාලයක් ලෙස සලකා ඔවුන් එය මෙනෙහි කරති. එසේම වර්ථමාන කතිකාවත තුල පවා රැග් කන ලද සහ දෙන ලද අති බහුතරය සිටින්නේ රැග් එක යම් මට්ටමකින් හෝ පැවතිය යුතුයැ යන මතයේය. මා නම් සිතන්නේ ඵලදායීතාවයෙන් අඩු,  කාලය සහ  සිසුන්ගේ මනස විනාශ කරන චාරිත්‍රයක් දිගට පවත්වාගෙන යෑම තේරුමක් නැත. මානව සම්බන්ධතා වැඩිදියුනු කරගෙන මිනිසුන් සංවිධානය කිරීමට දියුනු සංවිධාන ක්‍රමවේද වර්ථමානයට තිබේ.. ඒ හරහා වඩාත් දියුනු ලෝකයකට යනවා විනා පැරණි ක්‍රමයේ නවකයන් පිළිගැනීමට සමුදිමට අපි සියල්ලෝම කැමති විය යුතුය. 

නමුත් මෙය පහසු දෙයක් නොවේ.. බොහෝවිට ඒකවර්ණ සතුරෙකු දකින්නට ආශා කරන ශ්‍රී ලාංකික බහුතර ජනයා දෙමල ජනයා පිටුපස එල්ටීටිය නැමැති ත්‍රස්ථවාදීන් සිටියා සේ මේ රැග් ක්‍රියාවලිය පිටුපස සිටින්නේ රතුපාට දේශපාලනයම බව දකිති. රතු දේශපාලනය මගින් තවමත් මිනිස්සුන් එක්රැස් කරගැනීමට ඉතා පැරණි ක්‍රමවේද විශ්වවිද්‍යාල තුලත් ඉන් පිටතත් භාවිත වන බව සැබවි. ඒත් මෙය හුදෙක්ම රතු දේශපාලනය මතම පදනම් වූවක් නොවේ. එයින් බාහිරව රැග් එක කන ලද බොහෝ පිරිසක් මෙන්ම විශ්වවිද්‍යාල වලින් පිටව දැන් නාකි වයසේ ඝාන්ඨාර ගසමින් ඇවිදින මහලොකු මහත්තැන් පිරිසක් ආදී විශාල පරාසයක් තවමත් රැග් එකට පක්ෂය..ඒ වෙනුවෙන් කතා කරති..ලියති.. දරුනු විය යුතු නැතත් රැග් එක නැති කල යුතු නැතැයි ඔව්හු කියති.


අනෙකාගේ පෞද්ගලිකත්වයට වන බලපෑම  

අනෙක් මිනිහාට පුද්ගලිකත්වයක් ඇති බවත් එයට අප ගරුකල යුතු බවත් ඒ පුද්ගලිකත්ව ගොනුවේ ඇති සියල්ලම අපි දැනගත යුතු නැති බවත් බොහෝ ලාංකිකයින්ට තේරුම් කිරීමට අපහසුය. මිනිසුන් තමුන් ගේ පියා ඔහුගේ රැකියාව, මව ඇගේ රැකියාව, ගෙදර ප්‍රශ්ණ සමාජ තත්වය, ආදායම. වත් කම් ආදිය, පාසැල, ඔහුගේ අතීතය ආදී කාරණා සමස්ථ අවට සමාජයම දැනගන්නවාට කැමති නැත. නමුත් රැග් කාලයේදී ඒ සියල්ලම ජේස්ඨ උතුමන්ටත් අවට සිටින අයටත් කිය යුතුය. එසේ නොකියන අයට දඩුවම් නියම වේ. 

බොහෝ රැග් වලදී පිරිමි ලමුන්ට තමුන්ගේ බිජ්ජ අනුන්ට පෙන්වීමට සිදු වේ. බිජ්ජ යනු පිරිමින්ට පිහිටන ලිංගික අවයවය වේ. එය පෙන්වීමේන නොනැවතී ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් එයින් විනෝද වීමේ වැඩ කිඩ ආදිය කිරීමට ජේෂ්ඨයෝ දිරිමත් කරති. එකල නම් මෙහි ගෑනු පාර්ශවීය ක්‍රියාකාරකම් සිදුවිය හැකි ආකාරය සිතා අපි මනසින් සතුටු වුනෙමු. නමුත් පසුව ආරංචි වූ පරිදි ගැහුනු ආතල් එතරම්ම සැර නැත. 

බිජ්ජ අනෙකාට නිතර නොපෙන්වා වසන් කිරීම ශිෂ්ඨාචාරය විසින් කෙමෙනේ කෙමෙන් අපිට දායද කරන ලද දෙයකි. නමුත් අපිට කිසිසේත් ලෙංගතු හෝ කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන පිරිසක් ඉදිරියේ අපිට බිජ්ජ පෙන්වීට සිදුවීම බොහෝ ලාංකික රැග් වලට ආගන්තුක දෙයක් නොවේ. බොහෝ ජේෂ්ඨයින් තොපේ ලබ්බවල් වලින් අපිට ආතල් නැතැයි කීවත් අනෙකාගේ සියල්ලම දැන ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබීම මා සිතන්නේ මේ සිරිත පිටුපස ඇති යථාර්ථමය කතාවයි. 

රැග් කාලය තුල මිනිසුන්ට පුද්ගලිකත්වයක් නැත. මා කැමති ආහාර වර්ගය මට කෑමට නොහැකිය. මා කැමැති සෙරප්පු මට දාගෙන ආ නොහැකිය. මා කැමති ආකාරයට කොන්ඩය පීරාගෙන ඒමට මට නොහැකිය. අපි රැකියාවකට යන විට හෝ යම්කිසි සමාජීය උත්සවයකට යන විට යම් ආකාරයකට අපි එයට සැරසී යා යුතු බව සැබවි. එතැන ඇත්තේ ඒ උත්සවයට හෝ ආයතනයට අපි අතර ඇති බැදීම මත සහ සමාජිය සාධක මත ඇතිවන දෙයකි. නමුත් රැග් කාලය තුල බොහෝවිට සිදු වන්නේ මනෝරාජික උප සංස්කෘතික අවකාශයක් අපවෙත බලෙන්ම නිර්මාණය කිරීමට යෑමයි. 


ඇති හැකි පිරිසට සිදුවන මර්ධනය 

වයසින් මුහුකුරා ගොස් සියලු තාරුණ්‍යෙය් ලක්ෂණ පහල වූ දරුවන් වුවත් ලංකාවේ කැම්පස් එකකට මුලින්ම බඩගාන සිසුන් අති බහුතරය පාසැල, ටියුෂන් සහ බස් දුම්රිය හැරුනු කල විශාල සමාජ අවකාශයකට මුහුන දෙන්නේ නැත. එයිනුත් මුදල් හදල් සහ යම් යම් හේතු මත ඇතැම් දරුවන් කැම්පස් එන තුරු ගෙවන්නේ කුමාර ජීවිතයකි. මවුපියන් සිය දරුවන් ඉන්ද්‍රිය වලින් විශාල වුවද සලකන්නේ කුඩා දරුවන් ලෙසිනි. එය මට හෝ ඔබට ගෝචර නොවුනාට ආසියානු සමාජ වටපිටාව තුල අපි බොහෝදුරට දරුවන් යනු අපේ සම්පතක් ලෙස සලකා පරෙස්සම් කිරීමට සැලකිලිමත් වෙමු. 

උසස් පෙල හදාරා පාඩමට සිත යොමුකර කැම්පස් එකට පැමිණෙන ලමයා එක්වරම රැග් එකට නතුවූ විට එය මනසට පීඩනයකි. මුදල් හදල් ඇති යැයිද යම් කිසි ආකාරයකින් කුමාර ජිවිතයක් ගත කලායැයි ද හැගෙන සිසුන් කෙරෙහි ඒ පීඩනය වැඩිය. එක් අතකින් ජේෂ්ඨ අයියලා අක්කලා හදන්නේ අර ගොල්ලා මකලා හෝ හදන්නටය. ඒ අතර අර ලමයින්ට මේ කුනුහබ්බ සහ බහු රූ කෝලම් කෙදිනකවත් මුහුන දී නැති දේවල්ය. 

මා උසස් පෙල නොව සාමාන්‍ය පෙල කාලයේදී පවා වත්තේ පිටියේ වැඩ වලට පියාට උදව් වුනෙමි. මා සාමාන්‍ය පෙල කරන කාලයේ පවා වත්තේ ගස්ලබු කඩා විකුන්නෙමි.. දිවුල් අහුලාගොස් හන්දියේ කඩයට දී සල්ලි ගත්තෙමි. තාත්තාගේ එලවලු මැහි වල වැටකොලු පතෝල හැදෙන කලට ඒවා කරතියාගෙන හෝ වීල්බැරෝවෙන් ඇද්දෙමි. වෘත්තියෙන් පියා එලවලු ගොවියෙක් වීම නිසා එලවලු මලු එසවීම ඒවා ඔසවාගෙන ඇතැම් විට ටැට්ටර් වල යෑම, පොලේ යෑම, මෙන්ම අපගේ ආර්ථික තත්වය අනුව බස්රිය වල තෙරපෙමින් යෑම, ගෙදර අයට සහාය පිණිස පොලේ යෑම වැනි දේවල් ආගන්තුක නොවීය. ඒ වටපිටාවට මුහුනදී සිටි මට විශ්ව විද්‍යාල සිසුන් කුනුහබ්බ කීම හෝ සිරුරට යම් කිසි වදයක් ලැබෙන දනගෑම බඩ ගෑම පෙරලීම ආදිය මට මහා දෙයක් වූයේ නැත. නමුත් ගෙදරටම වී සිටි යම් කිසි මුදල් ඇති සිසුවෙකුට අර දෙන වද කන්දරාව ශාරීරිකව මෙන්ම මානසිකවද දැඩි වදයකි. 

මා මුහුනදුන් රැග් එකේද රූපයෙන් ලක්ෂණ ගෑනු ලමයින්ට සහ හොද යමක් කමක් ඇති තැන්වලින් පැමිණි ළමයින්ට, දැඩි පීඩනයක් එල්ල වුනි. එය අමාණුෂිකය. යමෙක්ට එය සාධාරනිකරනය කිරීමට වචන කොහෙන් හෝ හොයාගත හැකි මුත් ඒ ගතවන අවස්ථාවේදී එය මනුෂ්‍යත්වයට නිගාදෙන ක්‍රියාවලියකි. 

ජනකාන්ත බැජ් ෆිට් බොරුව 

බොහෝ දෙනා කියන්නේ රැග් එකෙන් සිසුන් අතර බැදීම වැඩිවෙන බවත් ඒ ඔස්සේ විශ්ව විද්‍යාලයේ හෝ ඒ ආයතනය තුල සිසුන් ගේ බොහෝ දේ වැඩිවෙන බවකි. මා නම් සිතන්නේ එය සත්‍යයයි සිතන පිරිසට පෙන්වන්නට යම් යම් උදාහරණ තිබුනත් එවැනි විෂේස දෙයක් එලෙස රාමුගතව ඇතිවුනාය කියල ඇති ලොකු පල පොරෝජනයක් නැත. 

යම් යම් උත්සව ප්‍රශ්ණ වලට මැදිහත් වීම් ආදී දේවලට බැජ් ෆිට් වැදගත් වන බවක් ඇතැම් දෙනා කියති. නමුත් අපි එකිනෙකා හරියට දැකලාවත් නැති මේ සයිබර් බ්ලොග් හිතවතුන් කිසිදු බාහිර බැජ් ෆිට් රැග් එකක් නැතුව බොහෝ ක්‍රියාකාරකම් මා දන්නා අවුරුදු 6-7ට සිද්ද කලෝය. එයින් කැඩුනු වෙනම පිරිස් කොටස්ද වෙන වෙනම සංවිධානය වී විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූයේය. කිසිදා හරියට නොදැක්ක නොදන්නා පිරිසක් එක්රැස්ව අවුරුදු උත්සව සංවිධානය කලෙමු, ලේ දන්දීම් සංවිධානය කලෙමු, ප්‍රජා සත්කාර සාර්ථකව නිම කලෙමු, එසේම අපි අතර සිටියවුන්ට යම් කිසි කරදරයක් වූ තැන අපි සතුව ඉහත කී කිසිදු පූර්ව බැදීමක් නැති වුවද බොහෝ දෙනා ඉදිරිපත් වී කරදරයට පත් තැනැත්තා ට උදව් පදව් කලෝය. 

බ්ලොග් අතරින් කැඩී වෙන්වුන පිරිසක් වූ අපි පිරිසකට උතුරු ඉන්දියාවේ මෙතෙක් ලංකාවේ අය අඩුවෙන් ගිය පලාතක් බලන්නට යන්නට ද අවකාශයක් ලැබුනි.. එසේම අපි අතර කුඩා කුඩා සෙට් වශයෙන් චාරිකා යෑම් සෙට් වීම් එකිනෙකා අතර සුහද විනෝද වැඩ කටයුතු ආදී රැසක් ප්‍රසිද්ධියේද අප්‍රසිද්ධියේද පවතී.. මේ සිංහල බ්ලොග් කරුවන් අතර වූ යම් කිසි වූ සමාගමයක් වේ නම් එය කිසිවෙකු විසින් බලෙන් ඇතකරන ලද එකක් නොවේ. එසේම එය එකෙකු දෙන්නෙකුගේ ජරා චර්යා නිසා කැඩි බිදී යන්නක්ද නොවේ.. කාලයාගේ ඇවෑමෙන් බ්ලොග් ලියන්නන් අඩුවීම හා ෆේස්බුක් වැනි සමාජ ජාලවල පැතිරීම මත බ්ලොග් අවකාශයේ දැන් ධාරිතාවය අඩු වුවත්  බ්ලොග් ලිවීමට පෙර නොදැන සිට  පසුව අදුනාගත් බ්ලොග් හිතවත් කම් රැසක් තවමත් පවතී.. 

ඇතැම් අය කියන විදියට බ්ලොග් ලියන්නන් අතර බඩුකාරයෝ, ණයකාරයෝ පොලුකාරයෝ පොයි කාරයෝ ආදී ලෙස නරක චරිතද වෙති. එහෙත් බ්ලොග් අවකාශයේ ඇතිවී තිබෙන ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අවාකාශයට පුද්ගල චරිත වල අමන ස්වභාවයන් විශාල  බාධාවක් නොවීය. බ්ලොග් ෆිට් එක ඇතිවීමට විසේස ට්‍රේිනින් හෝ රැග් නොතිබුනි. විවේචන මඩ බෙලි කැපිලි කෙටිලි වචන හරහා තිබුනත් බ්ලොගර්ලා හරි මගට ගන්නට වැඩමුලු තියන්නට කවුරුත් ගියේ නැත. එහෙත්  සංවිධානාත්මක ක්‍රියාකාරකම් වල නම් අඩුපාඩුවක් අදද දකින්නට නැත. 

ප්‍රශ්ණ ඇත්නම් ඒවා විසදීමට විශේෂ පුහුනු සැසි අවැසි නැත. ඒවා දැනෙන පිරිස ඒවාට විසදුම් සෙවීමට ඉබේම යොමු වේ. සිසුන් පිරිසකට යම් දෙයක් කිරීමේ උනන්දුව ඇත්නම් එයට ඔවුන්ම සංවිධාන ක්‍රමවේද හදා ගනී.. ඔවුන්ම නායකයින් තෝරා ගනී.. මොන්ටිසෝරි දරුවන්ට මෙන් සියල්ලම ඉහලින් සිටින අය විසින් තෝරාදීම තරුණ වයසටත් කරන නව නිංගිරාවකි. 

හොද රැග් නරක රැග් වෙන් කරගැනීම 

ඇතැමෙක් කියන්නේ රැග් එකේ නරක කෑලි අඩු වී හොද ගති ඇතුලත් රැග් එකක් තිබිය යුතු බවය. එය නිකම් යකාගේ  නිය ටිකක් දිග අඩු වී කලු ටිකක් අඩු වී යකා ස්මාට් වුනානම් පට්ට යන කියමන වගේ එකකි. රැග් එකකින් වෙන මහා හොදක් නැත. එය මිනිසුන්ගේ තිබෙන වනචාරි ගතිගුණ අමු අමුවේම උලුප්පා පෙන්වන අතීතයට අයිති ක්‍රමවේදයකි. එය සහමුලින්ම නැති කර දැමිය යුතුය. යමක් ිවෙනස් කිරීමේදී යම් යම් වේදනාත්මක දේ ඇතැම් අයට මුහුන දෙන්නට සිදු වේ.. සමාජයෙන් කුඩු තුරන් කරන විට සිගිති දරුවන් සිටින මව්වරුන් කුඩු විකුනුවද ඔවුන් සිරගත කිරීමට ක්‍රමයට සිදු වේ.. 

රැග් නැවැත්වීමට දඩුවම් කරන විට හෝ යම් කිසි පාලනයක් ගෙන එන විට ඒ තුලින් සිසුන්ට ඉතා සුලු පිරිසකට වේදනාත්මක දේට මුහුනදෙන්නට සිදු වේ. එහෙත් මේ නරුම සිරිත උසස් අධ්‍යාපනයෙන් අතු ගා දැමිය යුතුය. කිසිදු ප්‍රෙයා්ජනයක් නැතුව ඔහේ කරන්නන් වාලේ කරන සිරිතක් මත වූ අමන මතක පොදිය ඈතට විසි කර නව ලෝකයට මුහුනදෙන්නට අපි හුරු විය යුතුය. එය සැබැවින්ම අපහසුය. කොටින්ම මා සමග ඉගෙනගන රැග් කා දැන් ඉහලම පුටුවල සිටින අයටත් එය අපහසුය. නමුත් වෙනස නම් ඉබේ පහල නොවන්නකි.. එය බුද්ධිමත් පාලකයින් සහ පරිපාලකයින් විසින් ඉදිරි පරපුරේ හිතසුව තකා මෙහෙයවිය යුත්තකි. 

Thursday, May 5, 2016

ඉන්දියාවේ ජනප්‍රිය Smatrphone

ඉන්දියාවෙත් සැම්සුන් HTC Sony වගේ ෆෝන් සාමාන්‍ය වෙළදපොලේ ජනප්‍රියයි. ඒ වගේම ඇපල් සමාගමේ අයි පෝන් එකත් ඉංදියාවේ ජනප්‍රියයි. මීට අමතරව ඉන්දියාවේ තියනවා ඔන්ලයින් විකුනන පෝන් ජාති..ඒවා ජාති විදියට මිල අඩුයි.. ඉන්දියන් රුපියල් 9000-12000 අතර සීමාවෙද් මේ වාගේ ෆෝන් එකක් මිලදී ගන්නට හැකියාව තිබෙනවා..අපි දැන් එ් වගේ පෝන් කීපයක් ගැන සලකා බලමු. 

xiaomi redmi note 3
Screen : 5.5" Full HD
Battary : 4000mAh
Processor : Snapdragon 650
Internal Memory : 16/32 Gb
RAM : 2/3 Gb
Camera : 16 Mp / 5Mp 
Price : 10000-12000 INR 
මේ ෆෝන් එකේ ඉහත කී දේවල් වලට අමතරව ෆින්ගර් ප්‍රින්ට් ඉස්කෑනර් එකක් මගින් අන්ලොක් කිරීමේ පහසුවත් තියෙනවා. මේ ෆෝන් එක මි සමාගමේ බජට් ලෙවල් එකට රිලිස් කරපු ෆෝන් එක. මේකම මීඨ මාස තුන හතරකට කලිං ආවා මීඩි‍යාටෙක් ප්‍රොසෙසර් එකත් එක්ක. නමුත් රත්වීම සහ බැටරි බැසීම වැඩිවීම හේතුකොටගෙන මි සමාගම තීරණය කලා එයාලට හුරුපුරුදු Snapdragon ප්‍රොසසරයට මාරුවෙන්න. මේ ෆෝන් එකේ තියෙන වාසිය තමයි මිල. මේ මට්ටමේ ස්ක්‍රින් එකක් තියෙන සැම්සුන් ‍J7 කියන ෆෝන් එක ඉන්දියාවෙ වගේම ලංකාවෙදිත් මීට වඩා මිල අධිකයි..නමුත් ඒකෙ තියෙන හාඩ්වෙයාර් පහසුකම් එක්ක ගත්තාම මේක ඊට වඩා ගොඩාරියක් ඉස්සරහින් ඉන්නවා.. 

 Snapdragon 650 කියන්නෙ බලගතු ප්‍රොසසර එකක්. ඒකෙන් දැනට තියෙන මොබයිල් ගේම්ස් විශාල සංඛ්‍යාවක් කිසිදු අවහිරයකින් තොරව ගහන්නට හැකියාව ලැබෙනවා..මේ ෆෝන් එකේ 4000ක බලයක් තියෙන බැටරි කෑල්ලක් තිබුනාට ඒ‍ක තියෙන්නෙ ඇතුලෙ..ගලවන්න බෑ.. නමුත් බැටරිය වැඩිවුනා කියලා ෆෝන් එකේ බර නම් වැඩිවෙලා නෑ.. 

මේ ෆෝන් එකේ ස්ක්‍රින් එකට යම්කිසි ආරක්ෂාවක් තිබෙනවා..නමුත් ඒ කිමෙක්ද කියාල පැහැදිලිව සදහන් වෙලා නෑ.. මෙටලික් පෙනුම තිබුනාට ෆෝන් එක සම්පූර්ණයෙන්ම මෙටලික් නෙමෙයි.. ඒත් පෙනුම නම් යසට තියෙන වගක් තමයි වීඩියො ආදිය බැලුවාම පෙනුනෙ. 

මේ ෆෝන් එකේ දුවන්නෙ නම් ඇන්ඩ්‍රොයිඩ් 5.1 මූලික කරගත්ත මි යූ අයි 7 කියන මොබයිල් ඕ ඇස් එක. ඒක භාවිතා කරන්නාට පහසුවෙන ආකාරයට තනා තිබෙනවාය කියලා තමයි කියන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් 5.1 මදක් පරණ වුනාට පරණ වීම නිසාම බොහෝවිට ස්ථායීබව අතින් ඉහලයි. 

Screen : 5 Full HD AMOLED
Battary : 2525mAh
Processor : Snapdragon 801
Internal Memory : 16Gb
RAM : 3 Gb
Camera : 13 Mp / 8Mp 
Price : 14500 INR 
පසුගිය වසරක කාලසීමාවත තුල මැද පන්තියේ ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නන් අතර ලොවපුරාම ජනප්‍රිය වුන ෆෝන් එකක් තමයි වන්ප්ලස් එක්ස්. වන්ප්ලස් එක්ස් වල තියෙන ලොකු කෑල්ලක් තමයි පොසසර ඒඑක. පොසසසරය සැලකිය යුතු බලයක් ඇති එකක්. ඒ වගේම ස්ක්‍රීන් එකත් ඉහල මට්ටමේ ස්මාට්ෆෝන් වලට එන ඇමලෙඩ් වර්ගයේ ඉස්ක්‍රින් එකක්. මේ ෆෝන් එකේ බැටරි බලය නම් තරමක් අඩුයි. නමුත් කල්පැවත්ම නිමාව සහ වියදම් කරන්න වෙන මුදලත් එක්ක බැලුවාම වන්ප්ලස් එක්ස් මැද පන්තියේ ජනප්‍රිය ෆෝ්න් එකක් බවට පත්‍වෙලා තියෙනවා. මේ දිනවල මැද පෙලේ ෆෝන් වලදි මගාපිස්සල් 13 කියන්නෙ නම් ලොකු කේස් එකක් නෙමෙයි.. කෙසේ වෙතත් ෆෝන් එකේ නිමාව සහ ඇන්ඩ්‍රොයිඩ් 5.1 හිම ලක්ෂන අතුරුමුහුනතක් හා වැඩිදියුනු කිරීමක් වෙන සයිනෙජන් මොඩ් එක තමයි මේ ෆෝන් එකේ මූලික මෙහෙයුම් පද්ධතිය. 
මේ ෆෝන් එක අන්තර්ජාතික වෙළඳපොලේ නම් ඇමරිකන් ඩොලර් 250ක්. ඒත් ඉන්දියාවෙ රුපියල් 14500කට මිලදී ගන්න පුලුවනි ඉන්දියානු ඇමසන් එකෙන්. හැබැයි එකම මොඩල් එක වෙළද නම වුනත් ඉන්දියානු ලාබ වර්ශන් එකේ තත්වයේ  අඩුපාඩු තියෙන්නට පුලුවන්ය කියලා තමයි බොහෝදෙනාගේ පිලිගත් මතය. 
මේ ෆෝන් එක සියාමි මැද පන්තියේ ෆෝන් එකත් එක්ක බැලුවාම තියෙන තා වාසියක් තමයි ස්ක්‍රින් එකට තියෙන ගොරිල්ල ග්ලාස් 3න් ලැබෙන ආරක්ෂාව. 

Screen : 5 HD Ready
Battary : 2470mAh
Processor : Snapdragon 410
Internal Memory : 16Gb
RAM : 2 Gb
Camera : 13 Mp / 8Mp 
Price : 9900 INR 
නෙක්සස් ෆෝන් වල නෙක්සස් 6 හැදුවෙ මෝටරෝලා. නමුත් මෝටරෝලා කියන කොම්පැනියේ ස්මාට්ෆෝන් එකක් විදියට ජනප්‍රියම සහ වේගයෙන්ම අලවි වන ෆෝන් එක තමයි මොටෝ ජී කියන්නෙ. ඒකෙ තුන්වැනි දිගහැරුම තමයි මෝටෝ ජී තර්ඩ් ජෙන් කියන්නෙ. මේ ෆෝන් එකේ තියෙන තිරයනම් ඒ තරම්ම හොදක් නෑ කියලයි කට්ටිය කියන්නෙ. නමුත් මේ ෆෝන් එකේ තියෙන වාසිම දේ තමයි ජලයට, ගැස්සීම් වලට ඔරොත්තු දීම. ජලය, දූවිලි, ගැස්සීම් සීරිම් ආදියට ඔරොත්තු දෙන විදියට තමයි මේ ෆෝන් එක නිපදවාල තියෙන්නෙ. මේ ෆෝන් ඕ ඇස් විදියට එන්නෙ ඔරිම ජිනල් ඇන්ඩොයිඩ් 5.1 ලු. ඒක නම් 6ට අප්ඩේට් කරන්නත් දෙනවාලු. කොහොම වුනත් ෆෝන් එක බාහිර අපල උපද්‍රව වලින් ආරක්ෂා කරගන්න අමාරු රලු භාවිතයට කෙනෙක් ෆෝන් තෝරනවා නම් මේ කාලෙදි මොටෝ ජී කියන්නෙ සාක්කුවට වැඩිමනක් රිදෙන්නෙ නැති තේරීමක්. 

ෆෝන් එකේ බැටරිය එතරම්ම බලගතු විදියක් පෙන්නුම නොකලත් 720රෙෂලූසන් තිරය සහ සාපේක්ෂව අඩු බලයක් සහිත ප්‍රොසසරය නිසා බැටරි මට්ටම ප්‍රමාණවත් වෙනවා ඇති. මේ ප්‍රොසසරය ඔබේ එදිනෙදා කටයුතු වලට නම් වැඩිත් එක්ක. නමුත් ගේම් ගහන්න සහ දරුනු ග්‍රැෆික් වැඩ කිඩ ආදියෙදි මේ ප්‍රොසසරය මදක් මදි ගතියක් පෙන්නුම්  කරනවා ඇති. නමුත් කලකදී ස්මාට්ෆෝන් වල මැද පන්තියේ බොහෝ ෆෝන් වල තිබුන ප්‍රොසසර එකක් තමයි මේ Snapdragon 410.

lenovo k3note, Asus Zenfone max, meizu m3 note වගේ ෆෝනුත් මේ මට්ටමේම තිබෙනවා.. ෆෝන් එකක් කියන්නෙ ලංකාවෙදි නම් තාමත් සාමාන්‍ය එදිනෙදා මැද තලේ රක්ෂාවක් කරන කෙනෙක්ට ආභරනයක් වගේ වටින කියන පරිස්සම් කරගන්න ඕනි දෙයක්.. ඒ නිසාමද මන්දා ගොඩක් අය ෆෝන් වලට ලොකු ආරක්ෂාවක් දීගෙන කවර දාගෙන මැණිකක් වගේ ආරක්ෂා කරන ගතියක් තිබෙනවා. 

ඇමසන් ඉන්දියා, ෆ්ලිප්කාට්, වගේ ඉන්දියානු ඉස්ටෝරු වලින් ලංකාවටත් බඩු එවන ක්‍රමයක් තිබුනා නම් අපිට ලංකාවෙ තියෙන ආඩම්බර මිල වැඩි ෆෝන් දිහා බල බල හූල්ලන්න ඕනි නෑ..ලංකා රුපියල් 25000ක් විතර දෙද්දි සුපිරිම ෆෝන් එකක් අතගාන්න වාසනාව ලැබෙන්න තිබුනා ලංකාවට ඉන්දියන් ස්ටොර් වලින් බඩු ඩිලිවර් කරානම්. මම දැකපු විදියට අසල්වැසි නේපාලය, බංගලිදේශයට එහෙම ඉන්දියාවේ ඔන්ලයින් ස්ටොරු වලින් බඩු යවනවා.. 

ඉන්දියාව කිව්වම බොහෝ අය තාමත් හිතන්නෙ පාරෙ රෙන හිගන්නො හැමතැනම ඉන්න රට කියන පහත් මානසිකත්වයෙන්..නමුත් විශාල ජනගහනයක් ඉන්න ඉන්දියාව වගේ රටකට ලෝකයේ බොහේ ප්‍රකට සමාගම් තමුන්ගේ නිශ්පාදන ඇතුල් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඉන්දියාවේ තිබෙන මට්ටම අනුව ඔවුන් බොහෝවිට මිල අන්තර්ජාතික වෙළදපොලට වඩා ඉන්දියාවේ මිල අඩුවෙන් පවත්වාගන්නත් උත්සාහ ගන්නවා.. 

ඉන්දියානු ගිවිසුම් ගැන ලොකු අවබෝධයක් මට නෑ..ඒත් ඉන්දියන් ඔන්ලයින් ඉස්ටෝරු වලින් ලංකාවට බඩු ඩිලිවර් කරගන්න පුලුවන් නම්..ගෙදර දොර බඩු, ඉලෙක්ට්‍රිකල් ටොනික් බඩු, ඇදුම් පැලදුම්, පරිගණක, මොබයිල් ෆෝන්.විසිතුරු බඩු වගේ බොහෝ බඩු භාන්ඩ තොගයක් සිරිලංකා වැසියන්ට බොහෝම ලාබෙට මිලදීගන්න ලැබෙනවා.. ලංකාවෙ වුනත් ඔය මහ ලොකු ඉලෙක්ටිකල්,රෙදි පෙරදි, පරිඝනක මොබයිල් විකුනලා මහ විසාල ලාබාංශ ගන්නෙ පුංචි පහේ මිනිස්සු නෙවෙයි නෙව.. ඉතිං උන්දැලට පොඩ්ඩක් රිදුනත් බහුරතයක් වන දුක්පත් සහ මැද පන්තියේ මිනිස්සුන්ට ලාබෙට බඩු ගන්න අවස්ථාවක් ලැබෙනෝ නම් වටිනවා කියලා මට හිතෙනවා..