මා 2006-2007 කාලයේ නවකවදයකට මුහුන දුන් අතර එය කිසිවෙකු විසින් නවකවදය යැයි හදුන්වනු නොලැබීය. එය පරිවාස කාලයක් ලෙස එකල එහි උගත් අයද අනික් අය විසින්ද අර්ථ දක්වනු ලැබීය. එම බැජ් එක තුල සිටි ජනප්‍රිය මෙන්ම නවකවදය හොදින්ම කාගෙන සිටි ඩයල් කිහිපයක් අතර මාද විය. නමුත් මට නවකවද කාලසීමාව තුලත් ඉන් පසුවත් කොටින්ම බකට් අවස්ථාවේ පවා එය හොද දෙයක් ලෙස නොසිතුනි. එහෙත් මා සමග එකට දන ගෑ, එකට බිජ්ජ පෙන්වා සතුටු වූ. එකට දැල්වල එල්ලුනු, එකට කා බී රැග් එක කෑ බොහෝ අය එනම් සමස්ථ රැග් එක කෑ පිරිසෙන් සියයට 95කටත් වඩා රැග් එකට පක්ෂපාතී වූහ. ඔවුන්ගේ මානයෙන් වඩාත් රිදෙන යම් යම් කිහිපයක් වූ දඩුවම් සහ ක්‍රමවේදයන්ට සුලු සුලු විරෝධතා පැවතියත් බොහෝ දෙනෙකු නැවත රැග් එක දීමට ඊලග බැජ් එක එනවිට සූදානමින් සිටියෝය.
මා බොහෝවිට විශ්වාස කරන දෙයක් නම් නරක වැඩෙහි යෙදෙන තැන්වලින් අපි සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිනවාට වඩා යම් ආකාරයකින් එහි අපි එල්බගෙන සිටීමම නරක දෙය තවත් නරක් වීම හෝ අඩු කරන්නකි. එබැවින් මීලග බැජ් එකට නවකවදය දෙන අවස්ථාවේ මා ශිෂ්‍ය සංගම් සාමාජිකයෙකු වූ අතර ඒ කමිටුවලටද යම් යම් මට්ටමකින් දායකත්වයක් ලබා දුනිමි. නමුත් මාගේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වයක් නම් රැග් එකට කිසිදාක ලැබුනේ නැත. රැග් එකට පක්ෂ එය නැවත ඊලග පිලට දී මේ ක්‍රමය දිගටම පවත්වාගත යුතුයැයි කියන රැග් කන ලද සියයට අනූපහකටත් වඩා පිරිස අතර මගේ හඩ එසවීම ඵලක් නැත. එසේ එසවීමෙන් විය හැකි එකම දේ මා ඈතට වීම පමනකි.
සදාචාරාත්මක ලෙස ගතහොත් ඒ අතීත උසස් අධ්‍යාපන ශිෂ්‍ය අවධිය ගැන කතා කිරීමට මට අයිතියක් කොහෙත්තම නැත. මන්ද වසර 4කට කිට්ටු වූ ඒ සමස්ථ පාඨමාලාව මා විසින් වසර 2ක් අවසන හැරදා හුදෙක් තාවකාලික මුදල් ලෝභය පිණිස රක්ෂාවකට යොමු විය. ඒ තුලින් තවත් සිසුවෙකුට ඉගැන්වීමට රජයට තිබූ මුදල අපතේ ගිය අතර මා විසින් හදාරන ලද පාඨමාලාව සම්පූර්ණ කිරීමක්ද පසුව හෝ සිදු නොවීය.
මේ ගතවන මොහොත් පවා බොහෝ මාගේ ෆේස්බුක් හි සිටින පැරණි එකට ඉගෙනගත් දැන් ලොකු නිලතල වල සිටින ඇත්තන් පවා රැග් කාලයේ කරන ලද දේ ගැන විටින් විට කතා කරති. ඒ කාලය ඉතාම සන්තෝෂ වූ කාලයක් ලෙස සලකා ඔවුන් එය මෙනෙහි කරති. එසේම වර්ථමාන කතිකාවත තුල පවා රැග් කන ලද සහ දෙන ලද අති බහුතරය සිටින්නේ රැග් එක යම් මට්ටමකින් හෝ පැවතිය යුතුයැ යන මතයේය. මා නම් සිතන්නේ ඵලදායීතාවයෙන් අඩු, කාලය සහ සිසුන්ගේ මනස විනාශ කරන චාරිත්‍රයක් දිගට පවත්වාගෙන යෑම තේරුමක් නැත. මානව සම්බන්ධතා වැඩිදියුනු කරගෙන මිනිසුන් සංවිධානය කිරීමට දියුනු සංවිධාන ක්‍රමවේද වර්ථමානයට තිබේ.. ඒ හරහා වඩාත් දියුනු ලෝකයකට යනවා විනා පැරණි ක්‍රමයේ නවකයන් පිළිගැනීමට සමුදිමට අපි සියල්ලෝම කැමති විය යුතුය.
නමුත් මෙය පහසු දෙයක් නොවේ.. බොහෝවිට ඒකවර්ණ සතුරෙකු දකින්නට ආශා කරන ශ්‍රී ලාංකික බහුතර ජනයා දෙමල ජනයා පිටුපස එල්ටීටිය නැමැති ත්‍රස්ථවාදීන් සිටියා සේ මේ රැග් ක්‍රියාවලිය පිටුපස සිටින්නේ රතුපාට දේශපාලනයම බව දකිති. රතු දේශපාලනය මගින් තවමත් මිනිස්සුන් එක්රැස් කරගැනීමට ඉතා පැරණි ක්‍රමවේද විශ්වවිද්‍යාල තුලත් ඉන් පිටතත් භාවිත වන බව සැබවි. ඒත් මෙය හුදෙක්ම රතු දේශපාලනය මතම පදනම් වූවක් නොවේ. එයින් බාහිරව රැග් එක කන ලද බොහෝ පිරිසක් මෙන්ම විශ්වවිද්‍යාල වලින් පිටව දැන් නාකි වයසේ ඝාන්ඨාර ගසමින් ඇවිදින මහලොකු මහත්තැන් පිරිසක් ආදී විශාල පරාසයක් තවමත් රැග් එකට පක්ෂය..ඒ වෙනුවෙන් කතා කරති..ලියති.. දරුනු විය යුතු නැතත් රැග් එක නැති කල යුතු නැතැයි ඔව්හු කියති.
බොහෝ රැග් වලදී පිරිමි ලමුන්ට තමුන්ගේ බිජ්ජ අනුන්ට පෙන්වීමට සිදු වේ. බිජ්ජ යනු පිරිමින්ට පිහිටන ලිංගික අවයවය වේ. එය පෙන්වීමේන නොනැවතී ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් එයින් විනෝද වීමේ වැඩ කිඩ ආදිය කිරීමට ජේෂ්ඨයෝ දිරිමත් කරති. එකල නම් මෙහි ගෑනු පාර්ශවීය ක්‍රියාකාරකම් සිදුවිය හැකි ආකාරය සිතා අපි මනසින් සතුටු වුනෙමු. නමුත් පසුව ආරංචි වූ පරිදි ගැහුනු ආතල් එතරම්ම සැර නැත.
බිජ්ජ අනෙකාට නිතර නොපෙන්වා වසන් කිරීම ශිෂ්ඨාචාරය විසින් කෙමෙනේ කෙමෙන් අපිට දායද කරන ලද දෙයකි. නමුත් අපිට කිසිසේත් ලෙංගතු හෝ කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන පිරිසක් ඉදිරියේ අපිට බිජ්ජ පෙන්වීට සිදුවීම බොහෝ ලාංකික රැග් වලට ආගන්තුක දෙයක් නොවේ. බොහෝ ජේෂ්ඨයින් තොපේ ලබ්බවල් වලින් අපිට ආතල් නැතැයි කීවත් අනෙකාගේ සියල්ලම දැන ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබීම මා සිතන්නේ මේ සිරිත පිටුපස ඇති යථාර්ථමය කතාවයි.
රැග් කාලය තුල මිනිසුන්ට පුද්ගලිකත්වයක් නැත. මා කැමති ආහාර වර්ගය මට කෑමට නොහැකිය. මා කැමැති සෙරප්පු මට දාගෙන ආ නොහැකිය. මා කැමති ආකාරයට කොන්ඩය පීරාගෙන ඒමට මට නොහැකිය. අපි රැකියාවකට යන විට හෝ යම්කිසි සමාජීය උත්සවයකට යන විට යම් ආකාරයකට අපි එයට සැරසී යා යුතු බව සැබවි. එතැන ඇත්තේ ඒ උත්සවයට හෝ ආයතනයට අපි අතර ඇති බැදීම මත සහ සමාජිය සාධක මත ඇතිවන දෙයකි. නමුත් රැග් කාලය තුල බොහෝවිට සිදු වන්නේ මනෝරාජික උප සංස්කෘතික අවකාශයක් අපවෙත බලෙන්ම නිර්මාණය කිරීමට යෑමයි.
යම් යම් උත්සව ප්‍රශ්ණ වලට මැදිහත් වීම් ආදී දේවලට බැජ් ෆිට් වැදගත් වන බවක් ඇතැම් දෙනා කියති. නමුත් අපි එකිනෙකා හරියට දැකලාවත් නැති මේ සයිබර් බ්ලොග් හිතවතුන් කිසිදු බාහිර බැජ් ෆිට් රැග් එකක් නැතුව බොහෝ ක්‍රියාකාරකම් මා දන්නා අවුරුදු 6-7ට සිද්ද කලෝය. එයින් කැඩුනු වෙනම පිරිස් කොටස්ද වෙන වෙනම සංවිධානය වී විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූයේය. කිසිදා හරියට නොදැක්ක නොදන්නා පිරිසක් එක්රැස්ව අවුරුදු උත්සව සංවිධානය කලෙමු, ලේ දන්දීම් සංවිධානය කලෙමු, ප්‍රජා සත්කාර සාර්ථකව නිම කලෙමු, එසේම අපි අතර සිටියවුන්ට යම් කිසි කරදරයක් වූ තැන අපි සතුව ඉහත කී කිසිදු පූර්ව බැදීමක් නැති වුවද බොහෝ දෙනා ඉදිරිපත් වී කරදරයට පත් තැනැත්තා ට උදව් පදව් කලෝය.
බ්ලොග් අතරින් කැඩී වෙන්වුන පිරිසක් වූ අපි පිරිසකට උතුරු ඉන්දියාවේ මෙතෙක් ලංකාවේ අය අඩුවෙන් ගිය පලාතක් බලන්නට යන්නට ද අවකාශයක් ලැබුනි.. එසේම අපි අතර කුඩා කුඩා සෙට් වශයෙන් චාරිකා යෑම් සෙට් වීම් එකිනෙකා අතර සුහද විනෝද වැඩ කටයුතු ආදී රැසක් ප්‍රසිද්ධියේද අප්‍රසිද්ධියේද පවතී.. මේ සිංහල බ්ලොග් කරුවන් අතර වූ යම් කිසි වූ සමාගමයක් වේ නම් එය කිසිවෙකු විසින් බලෙන් ඇතකරන ලද එකක් නොවේ. එසේම එය එකෙකු දෙන්නෙකුගේ ජරා චර්යා නිසා කැඩි බිදී යන්නක්ද නොවේ.. කාලයාගේ ඇවෑමෙන් බ්ලොග් ලියන්නන් අඩුවීම හා ෆේස්බුක් වැනි සමාජ ජාලවල පැතිරීම මත බ්ලොග් අවකාශයේ දැන් ධාරිතාවය අඩු වුවත් බ්ලොග් ලිවීමට පෙර නොදැන සිට පසුව අදුනාගත් බ්ලොග් හිතවත් කම් රැසක් තවමත් පවතී..
ඇතැම් අය කියන විදියට බ්ලොග් ලියන්නන් අතර බඩුකාරයෝ, ණයකාරයෝ පොලුකාරයෝ පොයි කාරයෝ ආදී ලෙස නරක චරිතද වෙති. එහෙත් බ්ලොග් අවකාශයේ ඇතිවී තිබෙන ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අවාකාශයට පුද්ගල චරිත වල අමන ස්වභාවයන් විශාල බාධාවක් නොවීය. බ්ලොග් ෆිට් එක ඇතිවීමට විසේස ට්‍රේිනින් හෝ රැග් නොතිබුනි. විවේචන මඩ බෙලි කැපිලි කෙටිලි වචන හරහා තිබුනත් බ්ලොගර්ලා හරි මගට ගන්නට වැඩමුලු තියන්නට කවුරුත් ගියේ නැත. එහෙත් සංවිධානාත්මක ක්‍රියාකාරකම් වල නම් අඩුපාඩුවක් අදද දකින්නට නැත.
ප්‍රශ්ණ ඇත්නම් ඒවා විසදීමට විශේෂ පුහුනු සැසි අවැසි නැත. ඒවා දැනෙන පිරිස ඒවාට විසදුම් සෙවීමට ඉබේම යොමු වේ. සිසුන් පිරිසකට යම් දෙයක් කිරීමේ උනන්දුව ඇත්නම් එයට ඔවුන්ම සංවිධාන ක්‍රමවේද හදා ගනී.. ඔවුන්ම නායකයින් තෝරා ගනී.. මොන්ටිසෝරි දරුවන්ට මෙන් සියල්ලම ඉහලින් සිටින අය විසින් තෝරාදීම තරුණ වයසටත් කරන නව නිංගිරාවකි.
මා බොහෝවිට විශ්වාස කරන දෙයක් නම් නරක වැඩෙහි යෙදෙන තැන්වලින් අපි සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිනවාට වඩා යම් ආකාරයකින් එහි අපි එල්බගෙන සිටීමම නරක දෙය තවත් නරක් වීම හෝ අඩු කරන්නකි. එබැවින් මීලග බැජ් එකට නවකවදය දෙන අවස්ථාවේ මා ශිෂ්‍ය සංගම් සාමාජිකයෙකු වූ අතර ඒ කමිටුවලටද යම් යම් මට්ටමකින් දායකත්වයක් ලබා දුනිමි. නමුත් මාගේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වයක් නම් රැග් එකට කිසිදාක ලැබුනේ නැත. රැග් එකට පක්ෂ එය නැවත ඊලග පිලට දී මේ ක්‍රමය දිගටම පවත්වාගත යුතුයැයි කියන රැග් කන ලද සියයට අනූපහකටත් වඩා පිරිස අතර මගේ හඩ එසවීම ඵලක් නැත. එසේ එසවීමෙන් විය හැකි එකම දේ මා ඈතට වීම පමනකි.
සදාචාරාත්මක ලෙස ගතහොත් ඒ අතීත උසස් අධ්‍යාපන ශිෂ්‍ය අවධිය ගැන කතා කිරීමට මට අයිතියක් කොහෙත්තම නැත. මන්ද වසර 4කට කිට්ටු වූ ඒ සමස්ථ පාඨමාලාව මා විසින් වසර 2ක් අවසන හැරදා හුදෙක් තාවකාලික මුදල් ලෝභය පිණිස රක්ෂාවකට යොමු විය. ඒ තුලින් තවත් සිසුවෙකුට ඉගැන්වීමට රජයට තිබූ මුදල අපතේ ගිය අතර මා විසින් හදාරන ලද පාඨමාලාව සම්පූර්ණ කිරීමක්ද පසුව හෝ සිදු නොවීය.
මේ ගතවන මොහොත් පවා බොහෝ මාගේ ෆේස්බුක් හි සිටින පැරණි එකට ඉගෙනගත් දැන් ලොකු නිලතල වල සිටින ඇත්තන් පවා රැග් කාලයේ කරන ලද දේ ගැන විටින් විට කතා කරති. ඒ කාලය ඉතාම සන්තෝෂ වූ කාලයක් ලෙස සලකා ඔවුන් එය මෙනෙහි කරති. එසේම වර්ථමාන කතිකාවත තුල පවා රැග් කන ලද සහ දෙන ලද අති බහුතරය සිටින්නේ රැග් එක යම් මට්ටමකින් හෝ පැවතිය යුතුයැ යන මතයේය. මා නම් සිතන්නේ ඵලදායීතාවයෙන් අඩු, කාලය සහ සිසුන්ගේ මනස විනාශ කරන චාරිත්‍රයක් දිගට පවත්වාගෙන යෑම තේරුමක් නැත. මානව සම්බන්ධතා වැඩිදියුනු කරගෙන මිනිසුන් සංවිධානය කිරීමට දියුනු සංවිධාන ක්‍රමවේද වර්ථමානයට තිබේ.. ඒ හරහා වඩාත් දියුනු ලෝකයකට යනවා විනා පැරණි ක්‍රමයේ නවකයන් පිළිගැනීමට සමුදිමට අපි සියල්ලෝම කැමති විය යුතුය.
නමුත් මෙය පහසු දෙයක් නොවේ.. බොහෝවිට ඒකවර්ණ සතුරෙකු දකින්නට ආශා කරන ශ්‍රී ලාංකික බහුතර ජනයා දෙමල ජනයා පිටුපස එල්ටීටිය නැමැති ත්‍රස්ථවාදීන් සිටියා සේ මේ රැග් ක්‍රියාවලිය පිටුපස සිටින්නේ රතුපාට දේශපාලනයම බව දකිති. රතු දේශපාලනය මගින් තවමත් මිනිස්සුන් එක්රැස් කරගැනීමට ඉතා පැරණි ක්‍රමවේද විශ්වවිද්‍යාල තුලත් ඉන් පිටතත් භාවිත වන බව සැබවි. ඒත් මෙය හුදෙක්ම රතු දේශපාලනය මතම පදනම් වූවක් නොවේ. එයින් බාහිරව රැග් එක කන ලද බොහෝ පිරිසක් මෙන්ම විශ්වවිද්‍යාල වලින් පිටව දැන් නාකි වයසේ ඝාන්ඨාර ගසමින් ඇවිදින මහලොකු මහත්තැන් පිරිසක් ආදී විශාල පරාසයක් තවමත් රැග් එකට පක්ෂය..ඒ වෙනුවෙන් කතා කරති..ලියති.. දරුනු විය යුතු නැතත් රැග් එක නැති කල යුතු නැතැයි ඔව්හු කියති.
අනෙකාගේ පෞද්ගලිකත්වයට වන බලපෑම
අනෙක් මිනිහාට පුද්ගලිකත්වයක් ඇති බවත් එයට අප ගරුකල යුතු බවත් ඒ පුද්ගලිකත්ව ගොනුවේ ඇති සියල්ලම අපි දැනගත යුතු නැති බවත් බොහෝ ලාංකිකයින්ට තේරුම් කිරීමට අපහසුය. මිනිසුන් තමුන් ගේ පියා ඔහුගේ රැකියාව, මව ඇගේ රැකියාව, ගෙදර ප්‍රශ්ණ සමාජ තත්වය, ආදායම. වත් කම් ආදිය, පාසැල, ඔහුගේ අතීතය ආදී කාරණා සමස්ථ අවට සමාජයම දැනගන්නවාට කැමති නැත. නමුත් රැග් කාලයේදී ඒ සියල්ලම ජේස්ඨ උතුමන්ටත් අවට සිටින අයටත් කිය යුතුය. එසේ නොකියන අයට දඩුවම් නියම වේ.බොහෝ රැග් වලදී පිරිමි ලමුන්ට තමුන්ගේ බිජ්ජ අනුන්ට පෙන්වීමට සිදු වේ. බිජ්ජ යනු පිරිමින්ට පිහිටන ලිංගික අවයවය වේ. එය පෙන්වීමේන නොනැවතී ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් එයින් විනෝද වීමේ වැඩ කිඩ ආදිය කිරීමට ජේෂ්ඨයෝ දිරිමත් කරති. එකල නම් මෙහි ගෑනු පාර්ශවීය ක්‍රියාකාරකම් සිදුවිය හැකි ආකාරය සිතා අපි මනසින් සතුටු වුනෙමු. නමුත් පසුව ආරංචි වූ පරිදි ගැහුනු ආතල් එතරම්ම සැර නැත.
බිජ්ජ අනෙකාට නිතර නොපෙන්වා වසන් කිරීම ශිෂ්ඨාචාරය විසින් කෙමෙනේ කෙමෙන් අපිට දායද කරන ලද දෙයකි. නමුත් අපිට කිසිසේත් ලෙංගතු හෝ කිසිදු සම්බන්ධතාවයක් නොදක්වන පිරිසක් ඉදිරියේ අපිට බිජ්ජ පෙන්වීට සිදුවීම බොහෝ ලාංකික රැග් වලට ආගන්තුක දෙයක් නොවේ. බොහෝ ජේෂ්ඨයින් තොපේ ලබ්බවල් වලින් අපිට ආතල් නැතැයි කීවත් අනෙකාගේ සියල්ලම දැන ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබීම මා සිතන්නේ මේ සිරිත පිටුපස ඇති යථාර්ථමය කතාවයි.
රැග් කාලය තුල මිනිසුන්ට පුද්ගලිකත්වයක් නැත. මා කැමති ආහාර වර්ගය මට කෑමට නොහැකිය. මා කැමැති සෙරප්පු මට දාගෙන ආ නොහැකිය. මා කැමති ආකාරයට කොන්ඩය පීරාගෙන ඒමට මට නොහැකිය. අපි රැකියාවකට යන විට හෝ යම්කිසි සමාජීය උත්සවයකට යන විට යම් ආකාරයකට අපි එයට සැරසී යා යුතු බව සැබවි. එතැන ඇත්තේ ඒ උත්සවයට හෝ ආයතනයට අපි අතර ඇති බැදීම මත සහ සමාජිය සාධක මත ඇතිවන දෙයකි. නමුත් රැග් කාලය තුල බොහෝවිට සිදු වන්නේ මනෝරාජික උප සංස්කෘතික අවකාශයක් අපවෙත බලෙන්ම නිර්මාණය කිරීමට යෑමයි.
ඇති හැකි පිරිසට සිදුවන මර්ධනය
වයසින් මුහුකුරා ගොස් සියලු තාරුණ්‍යෙය් ලක්ෂණ පහල වූ දරුවන් වුවත් ලංකාවේ කැම්පස් එකකට මුලින්ම බඩගාන සිසුන් අති බහුතරය පාසැල, ටියුෂන් සහ බස් දුම්රිය හැරුනු කල විශාල සමාජ අවකාශයකට මුහුන දෙන්නේ නැත. එයිනුත් මුදල් හදල් සහ යම් යම් හේතු මත ඇතැම් දරුවන් කැම්පස් එන තුරු ගෙවන්නේ කුමාර ජීවිතයකි. මවුපියන් සිය දරුවන් ඉන්ද්‍රිය වලින් විශාල වුවද සලකන්නේ කුඩා දරුවන් ලෙසිනි. එය මට හෝ ඔබට ගෝචර නොවුනාට ආසියානු සමාජ වටපිටාව තුල අපි බොහෝදුරට දරුවන් යනු අපේ සම්පතක් ලෙස සලකා පරෙස්සම් කිරීමට සැලකිලිමත් වෙමු.
උසස් පෙල හදාරා පාඩමට සිත යොමුකර කැම්පස් එකට පැමිණෙන ලමයා එක්වරම රැග් එකට නතුවූ විට එය මනසට පීඩනයකි. මුදල් හදල් ඇති යැයිද යම් කිසි ආකාරයකින් කුමාර ජිවිතයක් ගත කලායැයි ද හැගෙන සිසුන් කෙරෙහි ඒ පීඩනය වැඩිය. එක් අතකින් ජේෂ්ඨ අයියලා අක්කලා හදන්නේ අර ගොල්ලා මකලා හෝ හදන්නටය. ඒ අතර අර ලමයින්ට මේ කුනුහබ්බ සහ බහු රූ කෝලම් කෙදිනකවත් මුහුන දී නැති දේවල්ය.
මා උසස් පෙල නොව සාමාන්‍ය පෙල කාලයේදී පවා වත්තේ පිටියේ වැඩ වලට පියාට උදව් වුනෙමි. මා සාමාන්‍ය පෙල කරන කාලයේ පවා වත්තේ ගස්ලබු කඩා විකුන්නෙමි.. දිවුල් අහුලාගොස් හන්දියේ කඩයට දී සල්ලි ගත්තෙමි. තාත්තාගේ එලවලු මැහි වල වැටකොලු පතෝල හැදෙන කලට ඒවා කරතියාගෙන හෝ වීල්බැරෝවෙන් ඇද්දෙමි. වෘත්තියෙන් පියා එලවලු ගොවියෙක් වීම නිසා එලවලු මලු එසවීම ඒවා ඔසවාගෙන ඇතැම් විට ටැට්ටර් වල යෑම, පොලේ යෑම, මෙන්ම අපගේ ආර්ථික තත්වය අනුව බස්රිය වල තෙරපෙමින් යෑම, ගෙදර අයට සහාය පිණිස පොලේ යෑම වැනි දේවල් ආගන්තුක නොවීය. ඒ වටපිටාවට මුහුනදී සිටි මට විශ්ව විද්‍යාල සිසුන් කුනුහබ්බ කීම හෝ සිරුරට යම් කිසි වදයක් ලැබෙන දනගෑම බඩ ගෑම පෙරලීම ආදිය මට මහා දෙයක් වූයේ නැත. නමුත් ගෙදරටම වී සිටි යම් කිසි මුදල් ඇති සිසුවෙකුට අර දෙන වද කන්දරාව ශාරීරිකව මෙන්ම මානසිකවද දැඩි වදයකි.
මා මුහුනදුන් රැග් එකේද රූපයෙන් ලක්ෂණ ගෑනු ලමයින්ට සහ හොද යමක් කමක් ඇති තැන්වලින් පැමිණි ළමයින්ට, දැඩි පීඩනයක් එල්ල වුනි. එය අමාණුෂිකය. යමෙක්ට එය සාධාරනිකරනය කිරීමට වචන කොහෙන් හෝ හොයාගත හැකි මුත් ඒ ගතවන අවස්ථාවේදී එය මනුෂ්‍යත්වයට නිගාදෙන ක්‍රියාවලියකි.
ජනකාන්ත බැජ් ෆිට් බොරුව
බොහෝ දෙනා කියන්නේ රැග් එකෙන් සිසුන් අතර බැදීම වැඩිවෙන බවත් ඒ ඔස්සේ විශ්ව විද්‍යාලයේ හෝ ඒ ආයතනය තුල සිසුන් ගේ බොහෝ දේ වැඩිවෙන බවකි. මා නම් සිතන්නේ එය සත්‍යයයි සිතන පිරිසට පෙන්වන්නට යම් යම් උදාහරණ තිබුනත් එවැනි විෂේස දෙයක් එලෙස රාමුගතව ඇතිවුනාය කියල ඇති ලොකු පල පොරෝජනයක් නැත.යම් යම් උත්සව ප්‍රශ්ණ වලට මැදිහත් වීම් ආදී දේවලට බැජ් ෆිට් වැදගත් වන බවක් ඇතැම් දෙනා කියති. නමුත් අපි එකිනෙකා හරියට දැකලාවත් නැති මේ සයිබර් බ්ලොග් හිතවතුන් කිසිදු බාහිර බැජ් ෆිට් රැග් එකක් නැතුව බොහෝ ක්‍රියාකාරකම් මා දන්නා අවුරුදු 6-7ට සිද්ද කලෝය. එයින් කැඩුනු වෙනම පිරිස් කොටස්ද වෙන වෙනම සංවිධානය වී විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූයේය. කිසිදා හරියට නොදැක්ක නොදන්නා පිරිසක් එක්රැස්ව අවුරුදු උත්සව සංවිධානය කලෙමු, ලේ දන්දීම් සංවිධානය කලෙමු, ප්‍රජා සත්කාර සාර්ථකව නිම කලෙමු, එසේම අපි අතර සිටියවුන්ට යම් කිසි කරදරයක් වූ තැන අපි සතුව ඉහත කී කිසිදු පූර්ව බැදීමක් නැති වුවද බොහෝ දෙනා ඉදිරිපත් වී කරදරයට පත් තැනැත්තා ට උදව් පදව් කලෝය.
බ්ලොග් අතරින් කැඩී වෙන්වුන පිරිසක් වූ අපි පිරිසකට උතුරු ඉන්දියාවේ මෙතෙක් ලංකාවේ අය අඩුවෙන් ගිය පලාතක් බලන්නට යන්නට ද අවකාශයක් ලැබුනි.. එසේම අපි අතර කුඩා කුඩා සෙට් වශයෙන් චාරිකා යෑම් සෙට් වීම් එකිනෙකා අතර සුහද විනෝද වැඩ කටයුතු ආදී රැසක් ප්‍රසිද්ධියේද අප්‍රසිද්ධියේද පවතී.. මේ සිංහල බ්ලොග් කරුවන් අතර වූ යම් කිසි වූ සමාගමයක් වේ නම් එය කිසිවෙකු විසින් බලෙන් ඇතකරන ලද එකක් නොවේ. එසේම එය එකෙකු දෙන්නෙකුගේ ජරා චර්යා නිසා කැඩි බිදී යන්නක්ද නොවේ.. කාලයාගේ ඇවෑමෙන් බ්ලොග් ලියන්නන් අඩුවීම හා ෆේස්බුක් වැනි සමාජ ජාලවල පැතිරීම මත බ්ලොග් අවකාශයේ දැන් ධාරිතාවය අඩු වුවත් බ්ලොග් ලිවීමට පෙර නොදැන සිට පසුව අදුනාගත් බ්ලොග් හිතවත් කම් රැසක් තවමත් පවතී..
ඇතැම් අය කියන විදියට බ්ලොග් ලියන්නන් අතර බඩුකාරයෝ, ණයකාරයෝ පොලුකාරයෝ පොයි කාරයෝ ආදී ලෙස නරක චරිතද වෙති. එහෙත් බ්ලොග් අවකාශයේ ඇතිවී තිබෙන ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අවාකාශයට පුද්ගල චරිත වල අමන ස්වභාවයන් විශාල බාධාවක් නොවීය. බ්ලොග් ෆිට් එක ඇතිවීමට විසේස ට්‍රේිනින් හෝ රැග් නොතිබුනි. විවේචන මඩ බෙලි කැපිලි කෙටිලි වචන හරහා තිබුනත් බ්ලොගර්ලා හරි මගට ගන්නට වැඩමුලු තියන්නට කවුරුත් ගියේ නැත. එහෙත් සංවිධානාත්මක ක්‍රියාකාරකම් වල නම් අඩුපාඩුවක් අදද දකින්නට නැත.
ප්‍රශ්ණ ඇත්නම් ඒවා විසදීමට විශේෂ පුහුනු සැසි අවැසි නැත. ඒවා දැනෙන පිරිස ඒවාට විසදුම් සෙවීමට ඉබේම යොමු වේ. සිසුන් පිරිසකට යම් දෙයක් කිරීමේ උනන්දුව ඇත්නම් එයට ඔවුන්ම සංවිධාන ක්‍රමවේද හදා ගනී.. ඔවුන්ම නායකයින් තෝරා ගනී.. මොන්ටිසෝරි දරුවන්ට මෙන් සියල්ලම ඉහලින් සිටින අය විසින් තෝරාදීම තරුණ වයසටත් කරන නව නිංගිරාවකි.
හොද රැග් නරක රැග් වෙන් කරගැනීම
ඇතැමෙක් කියන්නේ රැග් එකේ නරක කෑලි අඩු වී හොද ගති ඇතුලත් රැග් එකක් තිබිය යුතු බවය. එය නිකම් යකාගේ නිය ටිකක් දිග අඩු වී කලු ටිකක් අඩු වී යකා ස්මාට් වුනානම් පට්ට යන කියමන වගේ එකකි. රැග් එකකින් වෙන මහා හොදක් නැත. එය මිනිසුන්ගේ තිබෙන වනචාරි ගතිගුණ අමු අමුවේම උලුප්පා පෙන්වන අතීතයට අයිති ක්‍රමවේදයකි. එය සහමුලින්ම නැති කර දැමිය යුතුය. යමක් ිවෙනස් කිරීමේදී යම් යම් වේදනාත්මක දේ ඇතැම් අයට මුහුන දෙන්නට සිදු වේ.. සමාජයෙන් කුඩු තුරන් කරන විට සිගිති දරුවන් සිටින මව්වරුන් කුඩු විකුනුවද ඔවුන් සිරගත කිරීමට ක්‍රමයට සිදු වේ..
රැග් නැවැත්වීමට දඩුවම් කරන විට හෝ යම් කිසි පාලනයක් ගෙන එන විට ඒ තුලින් සිසුන්ට ඉතා සුලු පිරිසකට වේදනාත්මක දේට මුහුනදෙන්නට සිදු වේ. එහෙත් මේ නරුම සිරිත උසස් අධ්‍යාපනයෙන් අතු ගා දැමිය යුතුය. කිසිදු ප්‍රෙයා්ජනයක් නැතුව ඔහේ කරන්නන් වාලේ කරන සිරිතක් මත වූ අමන මතක පොදිය ඈතට විසි කර නව ලෝකයට මුහුනදෙන්නට අපි හුරු විය යුතුය. එය සැබැවින්ම අපහසුය. කොටින්ම මා සමග ඉගෙනගන රැග් කා දැන් ඉහලම පුටුවල සිටින අයටත් එය අපහසුය. නමුත් වෙනස නම් ඉබේ පහල නොවන්නකි.. එය බුද්ධිමත් පාලකයින් සහ පරිපාලකයින් විසින් ඉදිරි පරපුරේ හිතසුව තකා මෙහෙයවිය යුත්තකි.
I agree to you because there majority fool people accept rag but you not do that. When majority bad fool people no chanse brain people to change unwant bad things. How ever I aprechate your work in campes to step against rag. This fool not value thing must remove in the campes.
ReplyDeleteබැජ් එක නෙවෙයි බැච් එක.
ReplyDeleteමටත් අන්න ඒක දිරවන්නෙ නැති වචනයක්.
Deleteඔවු ඒක කියවෙන්නෙ එහෙම තමයි...ඒත් මම ඔය වචනේ ගොඩාක් අහල තියෙන්නෙ අහම..ඒ නිසා කියවෙන්නෙත් ඒ විදියට..ඒක පස්සෙ කාලෙකවත් හදාගන්න ඕනි..
Deleteඅමිල,
ReplyDeleteමේ පොස්ටුව ට නම් මම එකෙන්ම කැමතියි.
ඒ එක්කම බැච් ෆිට් ඇතිවෙන්න රැග ක් ඕන කරන්නේ නැති බව "බ්ලොග් ෆිට් " එක ආශ්‍රයෙන් පෙන්නීම ගොඩක් වටිනවා..
කිව යුතු සේරම වගේ කරුණු ටික ලියල තියෙනවා...
කොලඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පොදු-චින්තන දෙපක්ශයම රැග් කල බව කලහ. පොදු යනු අල+JVP විකෘතියක් වූ අතර කෙල්ලෙක් දමා ගැනීම සඳහා පොර වීමේ හීනමානයෙන් පෙලෙන් සෑහෙන පිරිසක් පොදු රැග් කරන්නන් ගොඩෙ සිටි බව මතකයි. චින්තන කල්ලියට එතරම් පිරිස් බලයක් නොතිබූ එම අවධියේ 1995-1999 පොදු රැගට නයකත්වය දුන්නේ ආසුබෝද මාරසිංහය. ( අද රනිල්ගේ බච්චෙකි ) අමුතු කරුන නම් චින්තන කල්ලියේම ආසිර්වාදය ඇතිව යම් සිසුන් කන්ඩායමක් රැගට විරුද්ද්ව සංවිදානය වීමය. ප්‍රජාතනත්‍රවාදය සහ නිදහස සඳහා වු සිසු ව්‍යාපාරය නමින් පෝස්ටර් ඇලවු මේ පිරිසට පසුව අල-ජෙප්පෝ පහර දුන්හ. වෙල්කම් එකෙදී පවා කෙනෙහිලි කම් කලහ. ඉතා පැහැදිලිව සියලු ආකාර නවක වද හෙලා දුටු මේ පිරිස ගැන මා තුල නම් ඇත්තේ ඉමහත් ගෞරවයකි. මට එවැනි ප්‍රතිපත්තිමය පදනමක සිට එඩිතර ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වුයේ මමද එකල මේ "පිස්සන්" ගේ පිස්සු ක්‍රියා "ආතල්" ලෙස දැකීම නිසාය.
ReplyDeleteරැග පිටුපස තෙල් බෙදීමේ මනොවිද්‍යාත්මක පැහැදිලි කිරීම සඳහා stockholm syndrome කියවන්න
https://en.wikipedia.org/wiki/Stockholm_syndrome
mama 2003-2007 dakwa UOC science hitiyemi. ekala podu+ala pamanai.. Maaaa JVP dutuwe nathiya. kellan daaganda dangalana loku unta moooda aathal ganda apawa byte eka uni. eya maa apen pasuwada dutuwemi....
Deleteඅපේ මිනිස්සුන්ගේ ලක්ෂණය තමා ඉස්කෝලේ යන වයසෙදී ලව් කරලා නාකි වුණාම ඉස්කෝලේ යන කොල්ලෙක් හා කෙල්ලෙක් කතා කරනවා දැක්කත් උන් දෙන්නා ව මරාගෙන කන්න තරම් තරහා ගන්නවා. යුනිෆෝම් එකෙන් කඩ පිටිපස්සට වෙලා ගංජා ඇදපු උන් නාකි වුණාම දැන් ඉන්න කොල්ලෙක් හැංගිලා සිගරට් එකක් ගහනවා දැක්කා ම ඌ ජාතික අපරාධයක් කරනවා කියලා මැරෙන්න හදනවා. ඕක ඉතින් සදාතනික සත්‍යයක් නේද ???????
ReplyDeleteමොකක්ද මේ කියන්න හදන්නේ? රැග් කරපු උන් පස්සේ ඒක විවේචනය කරනවා කියලද? මොන ගොනෙක්ද බං උඹ. යම් සාධනීය දෙයක් මේ ලිපියට එකතු කරන්න බැරිනම්, කට වහං හිටපන්, ගොනා!
Deleteඋබේ බිජ්ජ අපිට වැඩක් නැහැ ..
ReplyDeleteඑත් රැග් 1 පිටින් දල උබ ඇරියස් 1 කවර් කරගන්න හදනවා වගේ අපිත් එක්ක තියන
අඩෝ උබ රැග් 1න කිසිම දෙයක් ජීවිතේට එකතු ක්රගත්තේ නැද්ද
ReplyDeleteමේ ගතවන මොහොත් පවා බොහෝ මාගේ ෆේස්බුක් හි සිටින පැරණි එකට ඉගෙනගත් දැන් ලොකු නිලතල වල සිටින ඇත්තන් පවා රැග් කාලයේ කරන ලද දේ ගැන විටින් විට කතා කරති. ඒ කාලය ඉතාම සන්තෝෂ වූ කාලයක් ලෙස සලකා ඔවුන් එය මෙනෙහි කරති. එසේම වර්ථමාන කතිකාවත තුල පවා රැග් කන ලද සහ දෙන ලද අති බහුතරය සිටින්නේ රැග් එක යම් මට්ටමකින් හෝ පැවතිය යුතුයැ යන මතයේය./////// this is called Stockholm Syndrome ස්වයං වධ බන්ධන ලැදියාව මේ අය Stockholm Syndrome නම් තත්වයෙන් පෙලෙනවා , ඔවුන් තම වදකයන් කෙරෙහි අවිඥානිකව ලිංගිකව ඇලෙනවා
ReplyDeleteදොස්තරට අලුත් වචනයක් අහුවෙලා වගේ.පව් අප්පා තමන් උගතෙක් කියලා පෙන්නන්න මාර ට්‍රයි එකක් දෙන්නේ
Delete/* ඇතැම් අය කියන විදියට බ්ලොග් ලියන්නන් අතර බඩුකාරයෝ, ණයකාරයෝ පොලුකාරයෝ පොයි කාරයෝ ආදී ලෙස නරක චරිතද වෙති. */
ReplyDeleteපොයි කාරයෝ යන්නේ අරුත කුමක්ද?
Rasika,
Delete"poi" yanu demalen "boru" yannai.
පුරසාරම් කාරයන්ට පොයි කාරයන් කියයි
Deleteපුරසාරම් සහ නිතරම අතිශයෝක්තියෙන් යම් යම් දේ විස්තර කරන අයට පොයි කාරයින් යැයි කියති..
Deleteහැමෝම පිලිගන්නවා දරුණු හිංසාකාරී රැග් එක නරකයි කියල. ඒයින් සමහරු කියනවා සුන්දර හොඳ රැග් තියනවා කියල. එතකොට නරක රැග් වලක්වල හොඳ ඒවා තියා ගන්න ඕනෙද? කවුද කොහොමද පාලනය කරන්නෙ? සීමාව ඉක්මවන එක කවුද බලන්නෙ වලක්වන්නෙ? කාගෙ අර්ථකතනයකින්ද? රැග් එකට සීමා දමා හොඳ නරක වෙන්කර මහන්සිවෙලා පාලනය කර රැක ගතයුතු තරම් උසස් ප්‍රයෝජනවත් නැතුවම බැරි දෙයක්ද?
ReplyDeleteබ්ලොග් අවකාශය ඇසුරෙන් දුන් උදාහරණයට බොහොම කැමතියි.
ReplyDeleteRagging violate Human rights . full stop !
ReplyDeleteඅමිල. මේ කාරණා වලට සම්පූර්ණ එකඟයි. බොය බැච් ෆිට් එක කියන කාරනාව තමයි නවක වාදය වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු උළුප්පන්නේ හැම වෙලාවකම. මොන විදිහට කලත් වධය වධයම තමයි...
ReplyDeleteඔයි මහ ලොකු බැච් ෆිට් පොර ටෝක් දෙන කස්ටිය, තමන් සමග එකට ගොස් බලදරයන් ගේ අතටම අසු වූ තම සහෝදර නවක වදයකා ව තනිකොට, අපි එයා ව දන්නේ නැහැ අනේ කියා පැන යන වග දන්නවාද?
ReplyDeleteඅහු වුනු එකා මල මූත්‍රා පිටකොරගෙන අනේ සර් මාව ගෙදර යවන්න එපා කියා වැලපෙනවා දැක තිබේද?
එවන් අවස්තාවල ඔයි කියනා බැච් ෆිට් එකට කුමක් වේද?
ලිපියට සම්පුර්ණයෙන්ම එකඟයි...
ReplyDeleteහැබැයි උඹ ඩිග්රිය දාල ආපු එක අපරාධයක්, වෙන එකෙක්ගේ චාන්ස් එක...
ඔබේ අදහස් අගය කරනවා..
ReplyDeleteවෙල්කම් ටු HNDE රැග්. ජෙෂ්ටයන් කියන උන් කියපු පලවෙනි සිල් පදේ පාවා දීම තහනම් නේ, හැක්, මමත් ඕවට විරිද්ද උනා, දැන් ආයෙත් උප සංස්කෘතිය ඇතුලට බෝ වෙලා. රග එකේ උච්චතම අවස්ථාවල් වෙද්දී මම කළුබෝවිල ඇඳක් උද නිව්මොනියාවට ඇවිල්ල. වැස්සේ මඩ වතුරේ බද ගාල ඩිෆ් ගහල. නවක වාදය දාම ක්‍රියාවක් වගෙයි, කලින් උන් කල නිසා අපි කරනවා, උන් කල නිසා මුන්, මුන් කල නිසා අරුන්, ශික්. අනිතීමේ රග දීල ගත්තු බැජ් ෆිට් එක කොහොමද කියනවනම් විබාග ලං වෙද්දී අපේ දුරකථන අංක අපේම උන් ගේ සයිට් වල දාල, පට්ටයි නේ, යාලුවෙක් එක්ක විෂය කරුණක් කතා කරන්න නැහැ, ඒ තරමට කෝල් එනවා. අන්තරේ බලපෑමකුත් එතකොට තිබ්බනේ ඕවට. එතකොට මහලොකු කවුන්සිලේ. එකට ගිය එකෙක්ට ලෙක්චර් එනවා බොරු. අනික පරිවාස කමිටුව කියල වදකයන්ගෙන් හැදෙන කමිටුව. අනේ ඕව ගැන කතා කරලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ආකල්පමය වශයෙන් වෙනසක් නොඅන තාක උන් උන්ගේ එවුන්වම පෙළමින් තලමින් නින්දිත සතුටක් ලබයි.
ReplyDeleteThis fucking government should at least take this opportunity to show it has a spine by banning this inhuman practise, think of all the school children who try to avoid unis due to notoriety of this ragging practice, shame on the authorities!!!
ReplyDeleteThe so called raggers deprivate a generation of the benefits of free education by creating fear in the minds of school children in the A/L classes to enter the unis as interns, and what these fuckers are all the time chanting is - protect free education- someone should do a survey among school goers to find out how the fear of ragging has affected in their decision making of higher education possibilities..
ReplyDeleteඔබගේ අදහස්වලට එකඟය.
ReplyDeleteමමත් කාලයක් උසස් අධ්‍යාපන ආයතනයක ඉන්නකොට පෙන්නන්න බැරි වචනයක් තමයි බැච් ෆිට් එක. ඒක කිය කියා මුල් අවුරුද්දම අපේ සෙට් එකක් පොරවල් වෙන්න හැදුවා. එතන හිටියා ඉංග්‍රීසි බෑ කියල හීනමානයයෙන් පෙලිච්ච සෙට් එකක්. ඒ සෙට් එකේ අනුශාසක රැග් සීසන් එක මග ඇරලා ඇවිත් සමාජවාදී බයිල ගහන්න පටන් ගත්ත කොළඹ ප්‍රධාන පාසලක ඉගෙන ගත්ත පොරක්. ඒ සෙට් එකේ කීප දෙනෙක්ම හිටියේ අපෙ කාමරේ. දවල්ට බැච් ෆිට් එක ගැන කිය කිය රෑට අපේ කාමරේට සෙට්වෙලා තමන්ට අවනත නොවන එවුන්ට ගේම දෙන්නයි කෙල්ලො ඉස්සරහ පොරවල් වෙන හැටි ගැනයි ප්ලෑන් කරනවා. කොහොමටත් දෙවනි අවුරුද්ද වෙනකොට උන්ට බැච් එකේ තැනක් නැති උනා.
ReplyDeleteවිස්තාරාත්මකව ලියපු සටහන බොහොම වටිනවා.
ReplyDeleteහැමදාම වගේ ඔබේ සටහන අනර්ඝයි
අපෝ ඔය බ්ලොග් ෆිට් එක ගැන නම් කියන්ඩ එපා. මං දැකල තියෙනවා එක්කහු වෙලා බීගෙන කරන නාඩගම්.
ReplyDelete