Saturday, December 30, 2017

පෝන්ස්ටාර් තොමෝ ගේ දිව්‍ය ලෝක ගමන


රහසේ හංගාගෙන කරන කාර්යයෝ කැමරා ඉදිරියේදී කිසිදු පැකිළීමකින් ඉදිරිපත් කල පෝන්ස්ටාර් තොමෝ තමා අතින් මෙලොවදී හුදී ජනයාට අවැඩක් වන්නේදැයි නිතරම බයෙන් විසීය. දිනකට එක ගමනක් පුරුෂයෙකු හා සම්බෝගයෙන් සයනයේ වැද හොත්තේද කොන්දේ අමාරු, අතපය බඩ කද අමාරු දක්වන ස්ත්‍රීහු සිටින සමයෙහි දිනකට නොව ඇතැම් විට වරුවටම හත් අට දෙනෙකු හා විචිත්‍ර ලෙසින් කාම ලීලාවන් දැක්විය යුතු  වූ පෝන්ස්ටාර තොමෝ ගෙන ගිය ජීවිතය කටුක එකකි. එහි මනස් දවන තැන් බොහෝය. සීසානු සැරසුනු ලෑන්මාස්ටරයක් කුඹුරකට වැටුනු කල රෝදද එහි බෙල්ට් ද ඇංජිමේ සූවිසාලා කොටසක්ද මඩ රෝදද ආදී සියලු දේ මහ සද්ද නගමින් කුඹුරේ මඩ උගුල්ලා දමමින් නික්මෙති. එපරිද්දෙන්ම මනුෂ්‍ය සරීරයක් නිතරම පෙලන්නට වූ කල එය අර පෙරකී අජීවී ට්‍රැක්ටරයට හෝ කුඹුරට පරිද්දෙන් දරාගැනීම අපාසුය. පිටින් බලන උන්ට කට අයාගෙන දෑස් දල්වාගෙන ඉදුරන් පිනවමින් බලන්නට පෝන් තිබුනද පෝන්ස්ටාර තොමෝ ගෙනගියේ දුක්ඛිත ජීවිතයෙකි.

ඇගේ සමාජ සේවය

එයින් කලකිරුණු ඕ තොමෝ සිත සනහාගනු වස් බොහෝ දුක්පතුන් සොයාගෙන ගෙන ගොස් උදව් කරන්නාහ. ඩොලර දහස් දස දහස් ගනනින් ගෙවෙන වෙළද දැන්වීම් වලටද ඈට පෙනී සිටින්නට හැකි වූ නිසා ඈට යම් සැර මුදලක් අතපතගානන්ට ලැබුනි. එයින් ලැබුන ආදායම බොහෝ දුක්පත් රටවල බඩසයින් පීඩිතව දවසට හරියන අහර කිස තබා වතුර පොදක් සෙයාගන්නට ද නැති දුක්පත් ජනයා වෙනුවෙන් ඈ විසින් වියදම් කරන්නට යෙදුනාය. කෙසේ හෝ වෙලාවක් වෙන්කොට ගෙන ඒ වැඩ නිසිලෙස වෙත්දැයි බලන්නටද ඇ ගියාය. ඇගේ නික්මීමෙන් පුරාපස  සද නික්මී ගිය තැන වූ වලාකුලක් පරිද්දෙන් ඒ පලාත් ඒකාලෝක විය. අසරණව ගිය ජනයා සැගවී ගිය එපලාත් වලට මහා කැමරා ද්‍රෝන ආදී රැගත් ප්‍රවෘත්ති කාරයෝ රැස් වන්නට විය. ඇය සිය ජනප්‍රියත්වය එකී ජනයා වෙනුවෙන් කැප කලයුරු බොහෝ තැන් හි තැන්හී ප්‍රවෘත්තියන්හි මහත් ලෙස උලුප්පා දක්වා ද තිබුනි.

ඇගේ නික්ම යෑම

වංචා, මුදල් දූෂණ, අල්ලස් ආදී දුරාචාරයේ ඉහල සිට පහලට කිසිදු හිරිකිතයක් නොදක්වන  මුත් ස්ත්‍රියකගේ සෙළුව නැරඹීම තහනම් වූ, ලබු ආකාර වූ සෙයින් ලබ්බදීප නම් දිවයිනක් විය. එහි වූ නායකයානෝ එරට ගව මහේෂාදීන් ආරක්ෂා කරගනු පිණිසත් මිනිසුන් හරක් මරා පුරවා ගන්නා පව අඩු කිරීම පිණිසත්  හරක් මස් රටින් ගෙන්වීමට ගෙන්වීමට යෝජනා සකස් කලෝය. එයින් ඇතැම් පුරුෂයෝ සිතනුයේ මෙදිවයින හෙළුව නොබැලූවාට එරට සෙළු දසුන් නැරඹීම වරදක් විය නොහැක මන්ද අපේ නායක කාරකාදීන්ද රට ගවයාගේ මස අනුභවය ගැන එතරම් විරුද්ධත්වය නොමැත් තේ මයැ.

ඇය නික්මිනි. බටහිර රටවල් වල පුරුෂයෝ කදුලේ ගිල්වමින් පෙරදිග සැදැහැවත් ජනයා මහා රාත්‍රියේ ලොග් වූ කල ඔවුන්ට ද දුක් සුසුම් දෙමින් ඇය මෙලොවින් හදිසියේ නික්මිනි.  මහා රාත්‍රියේ දී නැගිට,  ඔපීසියේ හදිසි බිල් එකතුකරනවා යැයි අඹුවට කියා ලැප්ටොප් යන්ත්‍රානුභාවයෙන් නීල වීඩියෝ බැලූ පුරුෂයෙකුගේ බිරියකට සිය සැමියාගේ හදිසි වෙනස පෙනුනි. මාගේ නෑයෙක් මල කල හෝ ඔබේ නෑයෙක් මල කල හෝ නැති සොවකින් ඔබ පෙලෙන බව මට පෙනේ.. ඒ මන්ද.? යැයි අසන මුත් මුකුත් නැ යැයි පිලිවදන් දෙන පුරුෂයා එතැනින් සැනින් නික්මුනි.

දෙව් ලොව ගමන

ඈ කර ඇති පින් වැඩ අනුව ඉබේම ඈ දෙව්ලොව ගියාය. දෙව් ලොවද  සැප උවමනා පරිදි වුවත් මනුස් ලොව තුල වන සෑම සියලු දේම බලාසිටින ඇත්තෝ එමට වෙති.. පෙරකී ලබ්බදීප දිවයිනේ වැසියෝ ඔසීරට ගියද? කොරියාරට ගියද නවසීලාන්ත ඉතාලියානු රට ගියද බලා සිටින්නේ ලබ්බදීප දෙසයැ. එසේ හෙයින් දෙව් ලොවද කෙතරම් සැප වුවත් මනු ලොවදෙස නෙත් යොමා ගෙනැම සිටින නරයෝ බෝය. එයින් අගෝස්තු නම් වූ මේ පෝන්ස්ටාර දිව්‍යාංගනාවගේ දෙව් ලෝ ගමන එකෙනෙහිම දෙව්ලොව සිසාරා එමා වොට්සන තොමෝ ගේ ක්ලිප් එකක් රිලිස් වූ නියාවෙන් \පැතිරී ගියේය.

දිවකාන්තා සංගමේ උද්ඝෝෂන

අලුතින් දෙව් ලෝ බට පොන්ස්ටා තොමෝ සැනින් ජනප්‍රිය වන්නට වන සෙයක් පෙනුන සෙයින් එවක දෙව් ලොව කුමරියෝ යැ අභිෂේක ලත් රූ ඇත්තියන්ට ඇති තැන අඩුවන්නට යන සෙයක් විය. සියලු කාන්තා සංගමයෝ කලබල විය.
පතිවත ආරක්ෂා කොටගෙන. බ්‍රහ්මචරියාවේ යෙදී, පර පුරුෂයින් හඹා නොගොස්, කුමරි බඹසර රකිමින් සිටි අපි දිව්ලෝ ආවා සත්තකය. එහෙත් මේ දිනකට සිය වස්ත්‍රය ගලවා පුරුෂයින් සහ කැමරා යන්තර ඉදිරියේ දක්වන ශිල්ප කොපමණ වෙත්දැයි ඈවත් නොදත් මේ අගෝස්තු නම් පෝන්ස්ටාර  දිවගනක් මෙහි පැමිණ ඇත. මෙයනම් මහා වැරදීමකි. පුවත් හි පල වන්නට දුක්පතුන්ට ආදාර ටිකක් දුන්නටා ඈ කෙසේ ද දිව ලෝ එන්නේ. කොහිද ඇගේ කුමරි බඹසර, කොහිද ඇගේ පතිවෘත්තාව, දිව ලොව කාන්තාවන්ගේ ගරු තැනට කුමක් වෙත්දැ.. ආදී ලෙස මහත් වූ කොලහාල කරන්නට වන්හ. ආදී ලෙස මහත් වූ චෝදනා කරන්නට විය.

එවිට ඇගේ දිව ලෝ ගමන නැවත අධීක්ෂණය කරන්නට කොමිටියක් පත්කරන්නට වන. අගෝස්තු දෙව් දූ තොමෝ ගේ සැමියානෝ ඇය කරන වෘත්තිය හොදින්ම දැන සිට ඇත. එසේම ඒ පෝන්ස්ටාර දෙව් දූ ගිහි කල කිසිම පුරුෂයෙකුට බූට් එකක් තබා ඩී ඇස් අයි සපත්තුවක තරම් වත් බලාපොරොත්තු දී නැත්තේය. ඇයට පතිවත කුමරි බඹසර ආදී වචන කාලය, දීපය අනුව වෙනස් වෙන වදන්යැ. මීට වසර 1000කට දෙදාහකට ප්‍රථම ඇතැම් තන්හි ගෑනු තන් විදාහරනය කොට ගෙන සිටියෝය. එය ඒ සමාජයට යුතු දෙයැකි. එයින් මනත වත්මන  නැවත තන් විදාහරණය මනුලොව වරදකි. එබැවින් ඒ ගෑනු නොමනා යැ දක්වති. කිසිදු මනුෂ්‍ය පරානයකට සමාජයට හෝ සමස්ථ ලෝ සත්වයාට අප්‍රමාණ වරදක් නොකරන ලද අගෝස්තු දෙව් දූ කර ඇති වරදක් නොදක්නා හෙයින් ඇයගේ දිවසම්පත් අගරු කිරීමට කිසිවෙකුටත් අවස්ථාවක් නැත. යැ මහා බ්‍රහ්මයෝ ඇතුලු කොමිටියේ තීරණය විය. එම තීරණය ඇසූ ඇතැම්හු..පෝන්ස්ටාරියක් නොවැ..ඉතිං බ්‍රහම්යෝත් ඇගේ කිලිටු සිරුරටම වහ වැටුනා වෙන්නට ඇති යැයි තැන තැන කිය කියා ඇවිද්දාහුය. එහෙත් එලොව දී නම් නීතිය නම නීතියමයැ.

දිවරථයෙ සිද්ධිය

දෙව් ලෝ වුවද දිව රථ පෙල තැන තැන නිතර යෑම බාධාවක් වූ හෙයින්මැ පොදු බස් රිය වැනි දිව රථ සේවාවෝ දෙව්ලෝ  විය. එහි නැගී යන අගෝස්තු පෝන්ස්ටාර දිව්‍යාංගනාවට නොයෙකුත් කෙනහිලිය. සිටගෙන ගියොත් සිය ජැක අමොෝරා සිය දිව්‍ය ගතියවත් නොසලකා ඇගේ පිටුපස කරා ඇදෙන මැදිවියේ දිව්‍ය පුත්‍රයෝය. ඉදලාම අසුනක් ලැබුනේ වී නම් අසුන ලැබුන තැන පටන් කරෙහි නැගී කරෙයිනගර පරිද්දෙන් අතුල්ලාගෙන යන පුරුෂයෝය. ඇය මග යන විටද මෙ ේආකාර දුක් පීඩා හිග නැති විය. එහිදී ඇය දෙවියන්ට ඔවුන් දෙවියන් යැ මතක් කරන්නට වූ කල..දෙවියෝ " තිට ඒ මනු ලොව දී සෑම දෙනාට පේන්නට වස්ත්‍ර උනා දනමන්නටත්  අනෙක් සියලු ආකාරයෙන් ඉරියව් දක්වා ලෝකාස්වාද රතියෙ යෙදෙන්නටත් හැකි..අපගේ අතපයක් වැදුනොත් තමා තිට රිදෙන්නේ"  යැයි නොයෙක් ඉරිසියාකාර බස් කියති.

දිනක් හදිසියේම දිව ලෝ අධිපතිගේ නෙත මෙය අහම්බෙන් ගැටුනි. රියට බට මහා දිව්‍යාධිපති තුමෝ අගෝස්තුව කෙනෙහිලිකමින් ගලවාගත් අයුරු බලන්නට මෙතන ඔබන්න යැ නමින් ගොසිප් පුවත් පලවන්නට විය. දිව්‍යාධිපති තෙම අගෝස්තුව දිව්‍ය පුත්‍රයන්ගේ පාපකාරී ක්‍රියාවන්ගෙන් ගලවා ලූයේය. එයින් අනතුරුව ඇය දිවලොව විසීම දිවලොව ගැහැනු මිනිසුන්ගේ පාපයන් උත්සන්න කරගන්නට හේතුව නිසාද අගෝස්තුවට සිදුවන ගැහැට නිසාද ඇයට දෙව්ලෝ සුදුසු තැනක් නොවේ යැ දිව්‍යාධිපති තෙමේ තීරණය කලේය.

සුදුසු අංගනාවක් සොයමින් සිටි යමරජුගේ අවශ්‍යතාවය දිව්‍යාධිපති තෙමේ ගේ නෙත ගැටුනි. තී දැන් මා හා ලෝකාස්වාද රතියේ ආශාවෙන් යෙදෙනු..ඉන් පසු ඒ පාපයෙන් තී යමයාගේ බිරින්දෑ වී උපදිනු නියතැයි අගෝස්තුවට කියන්නට වන. එය දිව්‍යාධිපති ගේ කාමාසාව අගෝස්තුවලවා සන්තර්පනය කරන උපායෙකියි තැන තැන කුඩා කතාවන් තිබුනේ වීද එය ඒ ආකාරයෙන්ම විය. මනුලොව දිනකට මිනිසුන් හත් අට දෙනෙකු සමග විවිධාකාර ලෙසින් රගපෑ පුරුදු අගෝස්තු නම් වූ පෝන්ස්ටාර තොමෝට යමරජු නම් කජ්ජක්ද? ඇය බොහෝ කල් යමරාජ මෙහෙසිය වෙමින් කටයුතු කලේය. පත්තිනි මාතාවන් ලෙසින් හුවා දක්වා දිය යටින් ගිනි ගෙනගොස්  අ ඉරිසියාකාර අදහසින් බොහෝ විනාසකාරී දේ කරන ගෑනු අල්වා අපායේ දී නොයෙක් දඩුවම් දෙන්නට ඈ ක්‍රියාකලේය. අවසන පෝන්ස්ටාරියන්ගේ දිව්‍ය ගමන අපායකින් නමුත් සන්තෝෂදායක තැනකින්ම කෙළවර වීය.


Sunday, December 24, 2017

මංගල යෝගය

පුද්ගලික දේ ගැන වූ අත්දැකීම් අන්තර්ජාලයේ පල කරන්නට වූ කල විවිධාකාර ඇදුරෝ මතුවී ඒ පුද්ගලික දේ විග්‍රහ කොට මට ඊලගට කල යුතු හොදම දේ යෝජනා කරන්නට එති. අනුන්ගේ කුනු මත සිට අනුන්ගේ දේවල් වෙනස් කිරීම සතුටක් කරගත් අපේ ජීවිත වල එන එවැනි ජාගර පුරුදු මට වෙනස් කලෙ නාහේ. එහෙත් සමහර සුන්දර දේ වල ඇති මා දකින ඇතුල පෙන්වීම මා හට පසුකලෙක හෝ කියවා රසවිදිය හැකි දෙයකි. එබැවින්ම මේ ඇතැම් දේ ගැන ලියා තැබීම කල යුතුයැ මා සිතුවේය.

මගුල් ප්‍රස්ථාව


නිසි කල වයස එලැබි කල මගුල් තුලා සෙවීම නිවසේ කාර්යයකි. එය කෙතෙක් පිටුදැක සිටියද නැවත නැවත නිවස විසින් කරන ුලබන සොයාබැලීම් අඩුවන්නේ නැත. දරුවන්ට ඉගැන්විම, ඔවුනට රස්සා සොයාදීම සහ ඔවුන්ගේ අනාගතය තීරනය කොට සැලසුම් කොට ඔවුන්ට එබ්බවීම අපේ සංස්කෘතියේ අංගයකි. එයට විරුද්ධ වන වාරයක් පාසා ඒවා නැවත නැවත ඉස්මතු වනවා විනා ඒවා මැඩ පැවැත්වීමක් නැත.

මිනිසකුට ජීවත් වීමට පුද්ගලික ජිවිත වලට එබී බැලීමට මෙතරම් නැයින් සහ මිතුරන් හිතවතුන් පිරිසක් සිටින්නේ මන්දැයි මට තේරුම් ගත නොහැකි කරුණකි. මා නේපාලයේ ගිය ගමන මට කවදාවත් අමතක නොවන්නේ එහි සිටි බටහිරින් එහි පැමිණි  සැහැල්ලු ජීවිත නිසාය. ෆේස්බුක් හරහා ඔන්න අපිත් හුකන්නයි යන්නේ, ඔන්න හෙනං අද රෑට හුකනවා, අපි දැන් හුකල ඉවරයි මෙන්න ලමේක් ලැබෙන්නයි හදන්නේ, අපි කාර් එකක් ගත්තා වැනි නැවත නැවත දැකීමෙන්ම අප්‍රිය වූ මිතරන්ගේ ලයිෆ් ගෝල දෙස බලන විට මේ ජීවිතය කොතරම් කොට එකක්දැයි සිතේ. එහි සැහැල්ලුවෙන් සංචාරය කිරීම යම් යම් දේ ගැන සොයාබැලීම,. විවිධ දේ රසවිදීම ආදී බොහෝ දේ කැපී ගොස් යම් යම් ගෝලයන් කිහිපයකට අපි ඇද බැද තබාගනී. ඒවා එකිනෙක සම්පූර්ණ කැරගැනීම මෙහි ජිවිතය වේ.

මේ කරුණු සම්පූර්ණයෙන්ම දෙමාපිය නෑයින්ට කියන්නට ගියොත් මා පිස්සෙකැයි කියනු නිසැකය. මන්ද විකල්ප ජීවිතයක් තබා ඒ ගැන යම් අදහසක් හෝ වද්දාගන්නට වෛරස් උනක් වැලදී ඇතිවාක් මෙන් වර්ථමාන ලෝබ ජීවිතවල ගිල ගත් ඔවුහු අසමත් ය. ඔව්නට අනුව ජීවිත වලින් පලායන්නා මහා කාලකන්නියෙකි. ඒ කාලකන්නියාට එසේ  නිකං ඉන්නට දීම ඊඨත් වඩා කාලකන්නි කමකි.

බැලීම

මා මනමාලිය කලින් මුහුනපොතෙන් දැක්ක මුත් ඇය මදක් තරබාරු මා ගිය පාසැලට නුදුරු පාසැලක එකියක් බව හැර වෙන කිසිවක් මට සොයාගන්ට අපහසු විය. ඇයගේ මුහුනපොත ප්‍රොෆයිලය කදිමෙට නඩත්තු කර තිබුනි. එහෙත් ඒ තුලින් ඇය යනු කුමක්දැයි සෙවිය නොහේ.. අඩුතරමේ කැමති අකමැති කුමක්දැයි සොයාගන්නට තබා අදහසක් වත් ඒ හරහා ගත නොහැක. සෙරෙප්පු ගලවා සුදු ඇද මල් වට්ටි අරං පංසල තුල වදින පුදන ගෑනු ඔක්කෝම එක වගේය. ඔවුන් අතර දෙදෙනෙක් පෙනුමෙන් වෙනස් වන්නේ අඩුවෙනි. එසේම තමුන් පලකරන දෑ ගැන දෙතුන් විඩක් හිතා මතා සෙරෙප්පු ගලවා පංසල් එනවා වැනිව දැඩි භක්තියකින් ෆේස්බුක් හි දේ සෙයාකරන අයගේ පොපයිල බලා කිසිම අදහසක් එවුන් ගැන ගත නොහැකිය. එබැවින් මා සෙවීම නැවැත්වීය.

යෑම හමුවිම

කේක් ගෙඩියක්, නෑදෑයින් කිහිපයක්, කාර් රථයක්, දිනයක් වෙලාවක් සහ කපුවෙක් තෝරාගෙන ඒවා හරියට පිලියෙල කරගෙන මනමාලි බැලීමක් යැමට යෙදේ. මනමාලිය වතුර වීදුරුවක් ඇල්ලීම ඉන් පසු තේවතුර බීම සහ කාලගුනය සහ දන්නා කියන අය ගැන විමසීම ආදියෙන් පලමු කාල සීමාව ගෙවී ගියේය. ඉන් පසු තේවතුර බොන්නට කතා කල අතර අනෙක් අය ලැජ්ජාවෙන් කද්දී මානම් ඔක්කොන්ටම පේන්න සැරට කෑවේය. මගුල් බැලීම ලේසි නැත. කේක් බෑයට රුපියල් හයසීයකි, කාර් රියටද කුලියක් නැතත් තෙල් ටික ගසා දිය යුතුය. වැඩය කෙරුනත් නැතත් බැස වාතවෙන කපුවාට පන්සියක් දිය යුතුය. ඒ සියලු දේ වල මෙලොව වසයෙන්වැදගත් වන එකම තැන කෑම මේසය පමණි. එයද ලැජ්ජාවෙන් ඇඹරෙමින් දෙකට තුනට නැමෙමින් කෑම බීම ගැනීම මට හුරු නැත. මා හොදින් කට ඇර කේක් කමි. ලෙල්ල සම්පූර්ණයෙන් ඉවත් කර කෙසෙල් ගෙඩිය කටට රුවාගමි. තේ වතුර බොන්නට ආ කල මැනස් ටිකත් පොඩ්ඩක් ඉවර වනතෙක් එය බොමි.

කතාකිරීම

මේ අවස්ථාවට පෙර අවසන් වරට බලන්නට ගිය එකිය කෙලිලොල්ය. කෙසග සිරුරැති ලාබාල ඇය කුමක් නිසා මගුල් සොයන්නේදැයි සිතාගන්නට බැරි තරම් මිහිරි එකියක වූවාය. . මෙවර සැට්වූ එක තරමක් මහතය. හැරෙන්නට වෙලා ගනී. එහෙත් ඇය යම් සංයමයකින් මුහුනදුන්නාය.
මොන වගේ කෙනෙක්ද ඔයා හොයන්නේ?
බොන කෙනෙක් ගැන ඔයා මොකද හිතන්නේ?
මම ගියේ ..ඒ අහවල් ස්කෝල එකට..ඒත් සිස්සත්තෙන්..ඒ නිසා කට්ටිය දන් නෑ..
ආදී දේවල් මම ඇය වෙත යොමු කලෙමි. ඇය සොයන්නේ හැඩ මනාලයෙකු නොවේ. සැබැවින්ම ඇය එසේ කිව්වේ ඇයිදැයි මා නොදනී..සැබැවින්ම මා ඛාන් කෙනෙකු නොවූවත් තරමක හැඩ අයෙක් යැ සිතා ගෙන සිටිමි. මහා කැත කලු කෙල්ලන් බැලීමට  අපේ ගෙදරින් නොයන්නේ මා හැඩයැ ඔවුන් සිතාගෙන සිටින හෙයිනි.
කාරණාව අවසන කපුවාද නෑ පිරිසද පටෝගෙන කාර් එකේ එන අතරම මගේ අකමැත්තක් නැතැයි මා කීවෙමි.. ඇය හමුදාවේ  වැඩ කල එකියක් වූ අතර ඒය මට කිසිත් පස්නයක් නොවීය. ඇත්තටම ඇයට රක්ෂාවක් තිබීමම මට ප්‍රමාණවත් අතර එය අලුගෝසු රැකියාව වුව ද මට ගැටළුවක් නොවීය. රක්ෂාව නැති ලියක කසාද නොබැදීමේ දැඩි තීරණයකට පැමිණ සිටින්නේ ඇයගේ ස්වාධිනත්වය පිනිස සහ මගේ නිදහස පිණිසමය. මිලැති බල්ලෙකු මෙන් ගෙදර දමාගෙන සාත්තු කිරීමට කාන්තාවක් ගන්නවා වැනි හැගීමකි රක්ෂාවක් නැති ගෑනු ලමයෙකු ගැන මගේ හිතේ ඇත්තේ. රක්ෂා නොකරන කල ඇය මෙලොව කිසිත් ගැන වැඩි බර පතලක් ප්‍රායෝගිකව නොදන්නා අතර ඇයට සියලු දේ මා සැපයිය යුතුය. මට කොතෙක් මුදල් තිබුනද එය මහ කරුම වැඩකි. ඇත්තටම මට කොතෙක් මුදල් නැති එකද එවැනි තෝරාගැනීමක් කරා නොයෑමට එක හේතුවකි.
මෙ බලන්නට ගිය ඇත්තිය  පසුව ෆෛ්ස්බුක් චැට් හරහා සම්බන්ධ වූ අතර ඒ ඔස්සේ යම් සුලු ඇදුනුම් කමක් වර්දනය විය.

කැඩීම

එය කැඩුනේ මගේ වරදින ්නම් නොවේ.මුලින් හා කිව්වද ඇගේ හමුදාවේ රාජකාරියට අපේ නිවස දෙසින් බාල්දි විසිවන්නට විය. නිවාඩු ගැනීම, නිවසේ සිටීම ගේ දොර වැඩ කිරීම, අනුන් රැකබලාගැනීම වැනි ගෑනු කරුම ඇයට ලබාදෙන්නට නොහැකි වෙතැයි අපේ ගෙදර ඇත්තෝ විස්සෝප වන්නට ඇත. අනෙක් කරුණ මහ අරුම පුදුම එකකි. ඇය පොස් වැඩියැයි එකක් ආවේය. ඇත්තටම කොන්ඩය ටිකක් කූරු කර තිබුනාට ඇය පොස් නැත. සත්‍ය වශයෙන්ම ඇය කතා කරනවිට සාමාන්‍ය අපේ ගමේ වහේ කෙනෙක්ම මෙන්ම විය.  එහෙත් කොන්ඩේ ටිකක් කූරු කර ඇය හැඩට වැඩට සිටීමත් මගුලට බාදාවක් විය.
ඉන් පසු මා ඈට අවසාන වරට යැවූ චැට් ලයින් එකක. කවුරු කොහොම සෙට් කලත් අවසානේ ජීවත් වන්නේ අප දෙදෙනා යැයි ලියා යැවීමි. ඉන් පසු ඇය මට ටෙලිපෝන් නම්බරය දෙන්නට ද නියමිත විය. එහෙත් කුමක්දෝ හේතුවකට ඇය මට රිප්ලයි නොකලේය. ඒ අවසාන චැට් ලයින් එක එන්නේද " ඇත්තටම අයියේ ඔ්‍යා මට කැමතිදැයි "ඇසීමේ කතාවක කෙලවරටය.

දුක කතාව

මා හට සංවේගප්‍රාප්ත සිදුවීම එන්නේ ඊටත් පසුවය. එනම් ඒ මගුල කෙල වී සතියකටත් පසු මට ඒකට මූළික හේතුවක් ආරංචි විය.  මා නොදන්නා නමුත් අපේ ගෙදර එක් පාර්ශවයක් අකමැති වී ඇත්තේ ඇගේ පියා නාට්ටාමි කෙනෙකු වීමේ වරද නිසාය. එය මහ මනුෂ්‍යත්වයට නිගා දෙන අමන තීරණයකි. ඇත්ත වසේන්ම ඇය වරක් හෝ මගේ චැට් ලයින් එකට රිප්ලයි දුන්නේ වී නම් එවැනි අමුගොබ්බ හේතුවක් නිසා කසාදය හැර යෑමට මා ඉඩ ලබාදෙන්නේ නැත.
අප පවුල කිසිසේත්ම රජ හෝ සිටු පරම්පරාවක පොරවල් නොවන අතර අපේ රෙදි සේදීඹට රෙදි සෝදන අයවත් අප වෙනුවෙන් ගී ගැයීමට වැයුම් කරුවන් වත්, අපිට බැල මෙහෙ කිරීමට වෙනම පිරිසක් වත් සිටියේ නැත. ඉතිහාසයේ එක් කලෙක මෙන්ම අදද ගොවිතැන් කටයුතු වල නිරත වන අපගේ මලු වෙලෙන්දා තෙක් ඔසවාගෙන යන්නේ අපිමය. එවැනි නාට්ටාමි රැකියාවක් පහල යැයි සලකා  අපි එකපාර උඩ ගියේ කෙලෙස දැයි මට නොවැටහේ..

වෙනස සහ අං ඒම

මා මේ කියන මගේ ඥාතීන් මට සැබැවින්ම ලෙංගතුය. ඔවුන් මාගේ අනාගතය ගැන සිතති. ඇතැම්විට මා පවා නොසිතන අනාගතයක් ඔවුන් මා ගැන සැලසුම් කරති. ඔවුන් දන්නා ඔවුන් අත්දැක ඇති සැප සමාජ ස්ථරයක මාද සිටිනවා දැකීම ඔවුන්ගේ සතුටකි. ඔවුන් ගැන මා වෛරී අදහසකින් මේවා ලියනවා නොවේ. මෙවැනි දෙයක් බාහිරින් දකින විට කොතරම් කැතදැයි සුලු හෝ අදහසක් මේ තුලින් බලන අයට ගත හැකි වේ. මගේ මව පියා ගොවිතැන් වැඩ කරන බවක් මා කිසිදාක කිසිම තැනක සගවා නැත. ඇරත් පියාගේ ගොවි රැකියාව පොෂ් කර එය ඉඩම්හිමි වැවිලිකරු කිරීමේ ව්‍යාජ උද්දාමයටද මා ආශාවක් නැත.
ඇය සොයන්නට තවත් මනාලයින් එනු ඇත.ඔවුන්ද ඒ හැඩට ඇති ගේදොර පිටුපස ඇති මනාලියගේ පියාගේ රැකියාව කියන තැන දක්වා සොයනවා වන්නට ඇත. එසේ කිහිප විටක් සිය පියාගේ ගෞරවනීය රැකියාව කෙරෙහි සමාජය දක්වන අමුතු සැලකිල්ල  නිසා ඒ මනාලිය දුක්වෙනවා වන්නට ඇත. විසි වන සියවස නිමාවි දැන් වසර 17කුත් ඉක්ම ගොස් තිබේ.බාහිරින් පොස් වුවද ඇත්තටම අපි කොහිද ? මනුෂ්‍යයින්ගේ ආත්ම ගරුත්වය ගැන වන මූලික දේ පවා නොසලකා ගෙවල්, කාර්, සැප පෙනුම පිටුපස දුවන අප කිසිදා මේ කැලෑවෙන් එලියට එත්ද?

Thursday, December 21, 2017

ප්‍රජා සත් කාරය

කුට්ටි අතිරින් වූ මහ ගහකි..ඒ ගහට මීටර සියයක් එකසිය පනහක් ඈතින් බැද්දට වහං වන්නට තැනූ බොග වලකි. ඒ බොග වල ආවරණය කර ඇත්තේ යාන්තමිනි. පොල් අතු කිහිපයකින් ආවරණය කර ඇති එය වැසිකිලිය යන නමටත් නිගාවකි. එය වැසිකිලිය යැ කීම වැසිකිලි හිමියන්ගේ හිත රිදෙනහේතුවක් විය හැකි බැවින් එය රෙන තැනකි. බොග වලකි.
එතැන සාමාන්‍යෙයන් මහ දෙදෙනෙක්ද කුඩාවුන් 3දෙනෙක්ද රෙති. ඒ රෙන්න එන සෙනගින් පැමිණ රෙන්නට හැක්කේ 4කට පමනි. ඉතුරු කුඩා පොඩි එකා මිදුලේ හෝ ගේ තුලහෝ රුන්නාට පසුව ගෙනැවිත් එතැනට දමනු ලැබේ. බොග වලටද අමුතුම සන්තෝසයකි. කාලයක් තිස්සේ දන්නා හදුනන 5 දෙනෙකුගේ මලින් පිරුන ඒ බොගවලට අලුතින් දෑ ලැබෙමින් පවති.. එනම් කොළඹින් පැමිණි කැමරාකාරයෝ සෙට් එකක ඉද හිට එකෙක් පැමිණ එතැන නහය හකුලුවාගෙන රීගෙන යයි.
බොග වලට මෑතින් වූ මහ ගහ යට ගෙයකි. ගෙයක් කීවාම ගෙවල් තියෙන ඇත්තෝ යලිත් කඩු අමෝරා ගෙන එත හැකි බැවින් එය ඇටවුමක් යැයි කියමු. ඒ ඇටවුමේ පවුලකි. බැලූ බැල්මට අහා..ඒක ලොකු පවුලකි. සාදුලා කියන කියන සැරේට තම්බිලා නැතිකරන්නට මෙන් ජාතිය වඩ්ඩන්ට හැදූ පඩිපේලි පවුලකි. මොන පිස්සුවක්ද ඒ.. නැහැ නැහැ වැරදිලා.. ඒ මිනිහා එකට හිටියාට ඌ ඔය ලමයිගේ තාත්තෙක් නෙමෙයි..
මේකනේ උනේ.. ඔන්න මුලින්ම එකෙක් ඇවිත් ගෙයක් හදාගත්තා. ඌ මේ කොහේද යන කුලී වැඩ කාරයෙක්. ගෙයක්නෙමෙයි මේක නිකං අතු පැලක්. මූට වැටිල ඉන්න බූරු ඇදන් කෑල්ලක් විතරයි තිබුනේ. ඒ අස්සේ මූ දවසක් කුලියකයට යන ගමන් ගෑනියෙක් ලමයි තුන් දෙනෙක් එක්ක පාරේ ඉන්නවා දැක්කා. පේන විදියට උන් එතන දවසකට වඩා ඉදලා.
තොපිට ඉන්න තැනක් නැද්ද? මහා කරුනාවෙන් අර පුරුසයානෝ විචාලා..
ඈ බොල පකයෝ.. තොට ඇහැක් කියල එකක් නැද්ද වේස බල්ලා..තොට පේන් නැද්ද අපි යන්න තැනක් නැතුව ඉන්නවා කියලා.. ගස් නගින කුලි වැඩ කරන හිගන වේසිගෙ පුතා.තෝ තව ටිකකින් එන්න හදන්නෙ මොකටද කියලා මම දන්නවා..කසිය ගහන ගල් මූසලයා.. තොපිට ඕනි ලමයි හිටියත් කමක් නෑ. මේකට රිංගවන්න නේ.. මේන්න මේකට.. ඇය කුනුහරුපෙන් බනිමින් ඈ අතින් කකුල්දෙක අතර පෙදෙස පෙන්නුවාය.
ගෑනියේ තොගේ ඔය ලමයි බාපු මැසිම මට ඕනෙකක් නැහැ..මට මේ හිටිය *හුත්තත් දාල මම මේ ඇවිල්ල ඉන්නෙ පැලක් අටවං..තොට යන්න තැනක් නැතිම නං මගේ එකේ ඇවිල්ල හිටපං.. මම උඹ මෙතන ඉන්නවා කියලා දන්නවා.. මං මේ හුකන්ඩෝනවට කියනව නෙවෙයි..මේ ලමයි බලපං.. යකෝ බලු පැටවු වගේ නේ..තොපි ඕකුන් වදනවා.. අනේ මන්දා.. ඒවා බොලාගේ පස්න.. මම ලොක්කෙක්නෛවෙයි.. මට කන්න අදින්න දෙන්න ඇහැද්ද දන් නෑ..ඒත් යන්න තැනක් නැතිමනං වරෙං යන්න. පුරුෂයා ළමයි සමග සිටි අසරණ කාන්තාවට කතා කලේය.
බැහැ. මිනිහ ඒවි මගෙ.. උඹට උගෙන් ගුටි කන්න වේවි.. පලයං. යන්න. ඌ හෙන මරුවා. ඇය කීවාය.
මරුවා ද දන්නෑ ඒත් හරියට ගානට හිකුවා කියල නම් පේනවා පෝලිම දැක්කම..තොට ඕනනං වරෙං.නැත්තං ඕනි එකක්. මට තෝව වඩාගෙන යන්න බෑහෙනෙ ෆිල්ම වල වගේ..අනික යකෝ පිනක් වුනත් නිකං පුකේ ගාගෙන කරන්න ඕන නැහැනේ..තොට එපානං මං ගියා..
හා හා... අයියේ..ඔහොම හිටිං.මේ එකෙක් ගනිං..බං.. මුන්ට හාමතේ.. මිනිහ පොලිසියෙන් එක්කරං ගිහින්ද දන් නෑ බං.. අනේ මන්දා උඹ දුරද ඉන්නේ..
ඉන් පසු ඇය විත් පදිංචි විය. එසේය පජා ට ගෑනියෙක් හමු වූයේ.පජා සහ ගෑනි දෙවිදියකි. එහෙත් පජාත් ගෑනිත් දැන් මාස දෙකතුනක් මෙතන අතුපැලේ  සිටී..ඇත්තටම පජාගේ ගෑනි ගේ ඇති හොදක් නැත. එහෙත් ගෙදර හරියට තියා ගනී.කන්න උයයි. ගම්මු කියනවිදියට ඒකි පජාට හුකන්ඩත් දෙයි. ඒ නිසා දැන් ඒ පවුල එතැන රත්තරන්ය.
එහෙත් එහි බාහිර පෙනුම පට්ට අවුල්ය. ඒ දකින නාගරික හෝ ගමේ වෙසෙන යම් කලාවකට දිවිගෙවන අයෙකුට ඒ පැල සහ පවුල් දර්ශනය ගෙන එන්නේ ඇසට කදුලකි. කුනුගොඩකින් ඔසවාගෙන ආ විශාල නාම පුවරුවක් එක් බිත්තියකි. එය කුනුගොඩකින් ගෙනාවාද නැතහොත් රෑට ගොස් පජා සහ ගෑනි පන්නාගෙන ආවාද දන්නේ නැත. ඒ වේසිද ලේසි නැත. පජා හා එකට කුනුහුබ්බ කියාගන්න මෙන්ම අනෙක් වැඩටද ඈ දක්සය.
දවසක් පජා ට කුලියක් සෙට් වුන තැනකින් පජාට දවස් දෙක තුනක් තිස්සේ ගෙව්වේ අඩු ගානකි. පජාද හැකිපමණ කිව්වද ඉතුරුව දෙන පාටක්ද නැත. පජා..තෝ පිනට කහින්න ලේස්ති වෙන්න එපා.. තෝ එතන ගිහින් මැරිල මැරිලා වැඩකරල එනවා..ඒ සක්කිලි ටික හැන්දෑවට ඇවිල්ල උන් දෙන ගාන තෝ අරගෙන එනවා උන්ගේ බයිලා ටික අහලා.. හිටපං ඕකුන්ගේ කන්න ඕනි වල්ලම.. මං එන්නං හැන්දෑවට තෝ හිටපං කෝ..
මේ..උඹ එන්නේම නෑ.. එතන ඒ මිනිස්සු වැදගත්..පජා කීය ..
වැදගත් අනේ.තොපේ.. &$$*%*(%&(7 වැදගත් හිටපං කො මං ඕකුන්ට පජාගේ අලුත් ගෑනිගේ සැල් පෙන්වන්න.. ඇය කියාගෙන ගියාය.
හෑ බං.. ජෙසී..උඹ මගේ අලුත් ගෑනිද?
හිකුවා හෝ නොහිකුවා..ඒක තොගේ වැඩක් නේ.. එකට ඉන්නවා නම් ඌ ගෑනියි මිනිහයි..දැන් තෝ හිතන්න ඕනි නෑ පොඩි  උන්ට උප්පැන්න දෙන ඒවයි.. පවුල් පස්නයි..මොකෝ මේ හිටිය මාස දෙක තුනට උඹ ඒවා හිතුව එකක්යැ.. ඒත් පජා උඹ දැනගං උඹ මහන්සි වෙලා මේ මට කන්න දෙනවා. ඒකට මං බෝ වෙනුවෙන් දෙයක් කොරන් ඕනි.අන්නේකයි මම මේ තොගේ සල්ලි ටික හරි අරගන්න හැදුවේ..නැතුව මේ උඹට නොදී මට සල්ලි ගෙනහින් කෝලං කරන්න නෙමෙයි..අන්නේකයි.. ඇය කියාගෙන ගියාය.
මීඩියා කන්ඩායම ආවාය. ඇත්තෙන්ම පජාලාගේ පැල්කොටය දැක මීඩියා කන්ඩායමේ නෙත් පිනා ගියේය. මන්ද ඒ ඔවුන් සොය සොයා සිටිය කදිම අසරණ පවුලක ජීවමාන නිදර්ශනයකි.
“පජාගේ පවුල තිබුන හොදම ඇදුං කෑලි දරුවන්ට අන්දන්නට හැදුවත් නිෂ්පාදන කන්ඩායම එයට විරුද්ධ වුයේය. එතැන සිටි ගෑනු පරාණයකට කිට්ටු වූ පජාගේ ගෑනි වූ ජෙසී ඇයට කනට කොට.. මං මේ බොඩියක් වත් නැතුව ඉන්නේ මිස්..කමන් නැද්ද? මෙහමම ඉන්නද නැත්තං මංගාව තියේ පරණ එකක් ඒකක් දාගන්නද? කියා ඇසුවාය. “ ඉන් පසු පරණ එකක් නම් කමක් නැහැ ය කී නිසා පජාගේ ගෑනි ටිකක් කැමරා කරුවන්ගෙන් වහං වී බොඩිය පටලා ගත්තාය.
“අපි හැමෝටම නැවතිලා ඉන්නට ජීවිත් වෙන්නට වාසස්ථානයක් තිබෙනවා.ඒ විදියට නවාතැනක්ගෙයක් දොරක් නැතිව ජීවත්වෙන ජනයා වෙනුවෙන් ඔබේ සරණ අපේ සරණ හා බැදිලා ගෙනයන හිසට නිවන වැඩසටහනේ තවත් කඩඉඩමකට අපි ආවා..දැන් ඔබට පේනවා ඇති.. “ ඒ ආකාරයට වැඩසටහන පටන් ගත්තා.
වැඩසටහන් නිවේදිකාව පජා එක්ක කතා කලා..ඒ විතර් නම් මැදැයි පජා ඒකිත් එක්ක පස්සෙත් කුටු කුටු ගෑවනේ.. ජෙසී ඒක දැක්කා. ඒත්නොදැක්කා වගේ හිටියා..
කන්ඩායම හැන්ද වෙන්න ආයේ වාහන වල නැගල යන්න ගියා. පජා අර ගෑනි එක්ක කතා කලේ මක්කද? අපේ මූසලයට මොකදට ඒ අරුමෝසම් වේසියෙක්. අපේ කීව්වට ඇත්තටම මූ මගේද? ජෙසීට ඉරිසියාව හින්දද වෙන හේතුවකටද දන් නෑ නින්ද යන්නේම නැහැ..
ලමයි ටික ගානට බාවලා ටිකක් ඈත බූරු ඇදට වලො දැපල ඉන්න පජා ගාවට කිට්ටු වුනා.
මේ .. සද්ද කරන් එපා.. ලමයි ඇහැරෙයි.. දාඩියයි ඇතුල ... වරෙං එලියේ ගහ යටට.. අර තනකොල ගොල්ලට. ජෙසී පජාට කනට කර කිව්වා.
මෙ හත්තලාම නිදාගන්න දෙන්නවත් නැහැ රෑටවත්.. මොන හුට්ටක්ද ඒ..හිතමින් පජාද ගහ යටට ගියේ අද නම් මේකි කෝමහරි වැඩේ කොරගනීවි කියලා බලාපොරොත්තු ඇතුව. ඒත් දවාලෙ දැකපු ලස්සන පිං කද එක්ක බලද්දි හපෝ මේකිනම් කියලා පජාට නොසිතුනාද නොවේ.
මේ පජා මට ඇත්ත කියපං උඹ අර නිවේදක ගැනිගෙන් ඇහුවෙ මොකද්ද? ඇය ඇසුවාය ..
ඔක්කොම කියන්න බෑ බං..අවසානේ මේකයි..ඒකි කිව්වා මේ වැඩෙන් අපිට ලස්ස හත අටක් අනිවාරෙන් ලැබෙයි කියලා. පජා කී විට ජෙසීගේ ඇස් උඩ ගියේය.
නෑ ..ඉතිං ඒක කියන්න විනාඩියක් වත් යනවැයි..ඉන් පස්සේ උඹ මොකද්ද කිව්වේ. ? ජෙසීට ඒ දැනගන්නා තෙක් ඉවසිල්ලක් නැත.
මං ඇහුව ලස්සයක් දෙන්නං මට මිස්ගේ පුක බලන්න බැරිද කියලා? ඇත්තටම ඒක කෙලින්ම ඇහුවේ නැහැ..මම හෙන වටෙන් ඇහුවේ.. දැන් උඹ උඩ පනින්න ලෑස්ති වෙන්න එපා..තොගේ පුක පෙන්නලා දාහේ ඒවා ඉල්ලන්න එහෙම..මේ පැල මගේ.. තොට ඉතුරු ලස්ස ටික දෙන්නං.. මට අර ගැනිගේ පුක බලාගන්න ලස්සේ දිපං..ඒ ඇති. පජා කිසිම හැගීමක් නැතුව කියාගෙන ගියේය.  
ඉතිං ඒකි හා කිව්වද? ජෙසී පුදුමය සගවාගෙන ඇසුවාය.
මුලින් පුදුම වුනා.. පස්සේ හිනාවුනා..ගෑනු කෙලින්ම හා කියන් නෑනේ බං.. අනික උඹත් දකින්න ඇති ඒකේ යස..රවුමට ..හැඩට.. ෂා... මට ඒක බලන්න ඕනි. අපිට බං  ඔය ගෙවල් හුත්තවල් ලැට් හුත්තවල් කවද හදාගන්න ඇහැද්ද බං. උඹත් දැකල ඇති ඕකි ටීවි එකේ ඉන්නවා..මාත් දැකල තියෙනවා ඔය දවල්ට තේ බොන්න එහම නැවැත්තුවම ගෙවල් ඔල ටීවි බලනවා පෙලක් වෙලාට..මේකි ඉන්නවා.. මං හිතුවේ නෑ මේකිම ඒවිය කියලා.. පජා කියාගෙන යයි.
දැන් පජා අයියේ ඒ මිස් අයියට කැමතිද? ඔයාල දෙන්න කොහෙදිද දැන් ඕක කරන්නේ? ජෙසී ඇසුවාය.
ඈ බං ජෙසී. උඹ මං මේකට එක්කං ආවට පස්සෙම තෝ ඔහොම කතා කරනවමද කොහෙද? දැන් තෝ ගැනත් මට නිකං කිති කැවෙනවා ඒ වචන වලට..
මෙහෙමයි ජෙසී. මං ගොනෙක් නෙවෙයි. මං දන්නවා නේ කොළඹ ඔය ලොකු ඔපිස් වල වෙන දේවල්. මිස්ලා ලොකු තැන්වලට යන්නේ පුක දීලාලු. මං ඒ මං දන්න ඒවා මිස්ට කිව්වා. මිස් නිකං බයවෙලා බලං උන්නා. මං කිව්වා මට ඇත්තටම සල්ලි නැහැ..ඒත් මේ වැඩෙන් සල්ලි හම්බෙනෝ..මං ඒකෙන් ලස්සයක් වගේ ටිකක් දෙන්නං කියලා. මිස් කැමති වුනාද දන් නෑ. ඒත් අකමැති නැතුවැති කියල මට හිතුනේ. පජා කිව්වේය.
ඒ මිස් කිවුවා. පජා කොළඹ ආවනං ඔයාට මේ මම නෙවෙයි ඊට වඩා ලස්සන කෙනෙක්ගේ පස්සක් බලන්න නෙමෙයි අල්ලලා ඕනි දෙයක් කරන්නම රුපිය්ල විසි දාහකට විතර ගන්න හැකිය කියලා. පජා කියාගෙන ගියේය.
ඉතිං පජා අයියේ උඹට එහෙම කලා නං හරිනේ..අපරාදෙ නෙ බං පුකක් බලන්න රු ලස්සයක්. යකෝ ඔය අපිට තියෙන ඒව ම තමයි..ඉතිං ආයේ නාවල හෝදල කරල ගත්තම අපෙත් ඕම ඇති. කොහෙද ඉතිං..තොපි නිකං වත් බලනවයි ඉතිං.. ජෙසී පජාගේ සිත වෙනස් කරන අටියෙන් කියාගෙන යයි.
ඕවගේම කතා ඒ මිසුත්කිව්වා. ඒත් ජෙසී මිනිස්සු ජීවත් වෙන්න ඕනි කතා එක්ක. බාගෙද බං ජෙසියෝ උඹේ ඔය පුකේ වම් තට්ටමේ තියෙන කලු පැල්ලම වගේ ඇති අරකිගේ මුලු තට්ටමම. පෙලක් උනගේ කැතයි නේ බං.. ඒ පැත්ත. ඒත් බං ඒක බලන්න ඕනි ඒක වටිනවා. පජා කිව්වේය.
ඈ බොල පජා..තෝ කොහොමද බං මගේ තට්ටමේ පැල්ලං දකින්නේ. තෝ මහ ගල් අවලමෙක් නෙව. බැලුවොත් අත්තං අර බූරු ඇදේ නිදි වගේ ඉන්නවා..සික් යකෝ උඹ නං.. ජෙසී  අමනාප ස්වරයෙන් කීවාය.
ජෙසී උඹ නාන්න යන්නේ අර කාරුත් එන්නැති මං කඩ ගාව නේ. එතැන ඉතිං මං ඔය ඉදලා හිටලා යනවා උඹ නාන්න ගිය වෙලාවක..ඒක හිතන්න ඕනි නෑ එච්චර.. හැබැයි ඉතිං ලමයි බෑවට මොකද තාම මෙන්න හොදෙයි.!! මෙන්න.. පජා ඇගිලි වලින් එය සුපිරි බව පෙන්නූවේය..
හරි හරි පජා කියහං කෝ.ඇත්තටම උඹ ඇයි අර මිස්ගේ පුකට ලස්සේ ගෙවන්නේ.. ?
උඹ දන්නවද අපේ වත්තක උන්නා පුංචි මහත්තයෙක්. මූ ඉස්සර හිටපු හෝටලේ නැවතිලා තියෙනවා මීනා සෞම්‍යා කියන නිලිය. උඹත් දන්නවා ඇති නේ පහර.. ඉතිං ඒකි නානවා බලං ඉදපු මේ පුංචි මහත්තයා සතියකට වතාවක් විතර ඔය මීනා සෞම්‍යා ගැන කියෝනවා.. ඔය මේ සතියේ නාට්ටියේ උඹල දැක්කද මීනා.. ඕකි හොටල් එකේදි මට දුන්නේ නැති ටික විතරයි බං.. මටත් ගහන්න තිබුනා..මෙන්න මෙහෙම.. මම ගියේ නෑ..බං.. අපිත් බයයි නේ..
ඔන්න ඔහොම ජෙසී පුංචි මහත්තයා මිනා සෞම්‍යාෙග් හැඩ කියනවා..පුක ගැන කියනවා.තං ගැන කියනවා..හඩ ගැන කියනවා.. ඉතිං බං ජෙසියෝ.. මට උඹට මේ ජීවිත කාලේ ආයේ කවුද බං ඔය වගේ හම්බෙන්නේ.. තොටයි මට හොද ගෙයක් ලැබුනත් අප මොකාද අදුරන්නේ.? අපිට කියලා හම්බෙන්න ලොකු මිනිහෙක් නැහැ..අපිට කියලා ලොකුකං කියවන්න දෙයක් නැහැ. ආයේ පලාතේ වත් ඔය ටීවි කාරයෝ සිනමා කාරයෝ පත්තර කාරයෝ එන්නේත් නැහැ.
උඹ හිතපං ජෙසියෝ මං ඔය නිවේදිකා ගෑනිගේ පුක දැක්ක කියලා..උඹ නිකමට හිතහං දැන් රටම දන්නේ උඹ මගේ ගෑනි කියලා නේ.. අරුං ටීවි එකේ පෙන්වන්නෙත් එහෙම වෙන්න ඇති නේ.. දැන් ඒ පුක දකින්නේ කවුද උඹේ මිනිහා.. නේ.. උඹටත් ආඩම්බරයක් ඒක.. මං කියන්නේ ඒවා තමයි බං ජීවිතේ අපි ලබාගන්න ඕනි දේවල්.. ඔය රෙදි පෙරදි, තෑගි බෝග, ගේ දොරවල් හැම කෙහෙම්මලම අපි මලාම දාල යනවා..අපේ ඔලුවේ තියෙන දෙයක් විතරලු නේ බං එලොව යන්නේ..හාන්දුරුවොත් ඕ නිතර කියන්නේ..  පජා කියාගෙන ගියේය.
හපෝ..ඇති ඇති බං.. උඹට හොදක් වෙනවා උඹට සතුටක් එනෝ   නම් ඔය වැඩසටානෙන් ලැබෙන ලස්සේ නෙවෙයි. ලස්ස දෙක තුනක් වුනත් ගනිං බං පජා අයියේ. මට කමක් නෑ බං ඒකට..ඒත් උඹ ඒ ගෑනි එක්ක කොමලෙට කතා කරද්දි ඒකි උඹ දිහා බලං හිනාවෙද්දි මට ඒකිගේ කැවුත්ත කුඩුවෙන්න ගහල එන්න තරහක් ආව බං.. සමාවෙයං මට.. මං රහත්වෙලා බුදුවෙල නැහැ. මට තේරෙන් නෑ.. ඒත් උඹ එහෙම වෙනකෙට මට මහ අමුත්තක් දැනෙනවා.. කලිං මිනිහා සියවතාවක් ගහලා ගහලා කනෙන් ඇදලා පර වේසි කියලා ඇදලා පාර දැම්ම්ත් එන්නේ නැති මහ වේදනාවක් එනවා.. උඹ එච්චර හිතන් එපා.. ඒක. ජෙසී අඩන්නට සැරසෙන මූනෙන් පජාට කීව්වාය..
ම්ම්... අහක බලං අඩන්නේ .බලහං මේ දිහා.පජා කිව්වේය.. ජෙසී පජා ගේ දෑස දෙස බැලුවාය. ඔහු ඇයව තුරුල්කරගත්තාය. ජෙසී මම බොරුවක් කරනවා නම් මං කරන්නේ හොරයක් නම් මේවා කියනනේ නෑ නේ බං.. මට ඕනි ඒ හැඩ පුක බලාගන්න විතරයි.සත්තයි මං හම්බුනත් ඇගිල්ලක් වත් ගහන්නෑ..විස්සාස කරපං මාව විස්සාස කරපං..මට කියල දිවුරන්න කෙනෙක් නෑනේ බං.

Tuesday, December 19, 2017

රැග් නැැහනේ නවකයො පිලිගන්නවා විතරනේ

නවකයින් පිලිගැනීමේ වැඩසටහන පමණයි නේ දැන් තියෙන්නේ රැග් නැහැ.මොකද රැග් නිසා ලොකු අලකලංචි වලට මුහුනදෙන්න වෙනවා රැග් දෙන ලමයින්ට. ඒත් නවකයින් පිලිගැනීමේ ක්‍රියාදාමය ඔස්සේ විවිධ ඉපැරණි රැග් තත්වයන්ම නැවත නැවත මතුව තිබෙනවා. 

පේරාදෙණිය කැම්පොස් එකේ තියෙනවා සයන්ස් එකක්. ඒ සයන්ස් එකේ ඉන්න මහතැන තමයි ඩීන් කියන්නේ. ඒ ඩීන්උන්නැහැ අලුත් ලමයිට තිබුන පලවෙනි රැස්සීමෙදිම අපි මේ සමාජේ ඉන්න විදිහට අනුගත වෙන්න ඕනි කියලා කතාවක් කියලා තියෙනවා. ඒ වගේම උන්දෑගේ කතාව ඇහුව ඇත්තන්ට අනුව ඒක පාර්ලිමේන්තුවේ ජෙපි කතාවක්ම තමයි. තවදුරටත් ඒ පේරා ඩීන් තුමා ගැන අදහස් දක්වන පේරා ආරංචි මාර්ග කියන්නේ මුන් නැහේ රැග්වාදී පේරා සෙට් එකේ නියෝජනයක්ය කියලා.එහේ ඉන්න වීසි තුමාත් හොදට රැග කාපු කෙනෙක් නිසා රැගට මනාපය කියලා තමයි කියන්නේ. 
 
අදාල නැති පොටෝවකි

ආයේම පේරා සීන්ස් එකට ගොඩ වුනොත් ස්ටුඩන්ට් ඉන්ටරැක්සන් සහ ස්ටුඩන් ගැටුම ්වලකන්න කියලා යන ප්‍රෝගැම් එකකින් තවදුරටත් සිද්ද වෙනෝ කියන්නේ අන්තරේ ඉන්න ලොකු උන් ඇවිත් තෙල බෙදන එකලු අලුත් ලමයිට. එතනදි අලුත් ලමයි අතර මේ අමුතු පිලිගැනීම් වලට කැමති නැති පිරිසත් යම් ගැටලු වලට මුහුනපානවා. මොකද ඇතුලෙන් තියෙන වැඩසටහනකට ඇතුලේ ඉන්න අන්තරේ ලොුක අයියලාම එනවා.. හරියට උන්ගේ ම රට වගේ එතන.. 

1989 කැරැල්ල පසුවඒ ගැන පර්යේෂන සිදුවෙනවා. එයින් එක මහාචාරිය කෙනෙක් පේරා ඇයිමේ තරම් ගොඩේ කියන එකට ටිකක් සැර උත්තරයක් දීලා තිබුනා.ඒ තමයි පේරා කියන්නේ කොළඹ කැළණියහෝ ජපුර වගේ නිතරම බාහිර සමාජයහා ගැටෙන තැනක තියෙන එකක් නෙමෙයි. සම්පූර්ණ බාහිර සමාජයෙන් වටවෙලා හොස්ටල් පවා ඒක අස්සෙම තියෙන අමුතුම අයිසොලේසන් එකක් තමයි පේරා ඇතුලේ තියෙන්නේ.ඒ අයිසොලේසන් එක බාවනා කරන්න වගේ දේකට මරු..බාවනා විතරක් නෙමෙයි ඕනිනම්කලාත්මක විදියට සෙක්ස් වගේ දේකටත් මරු..ඒත් අධ්‍යාපනය කියන දේකට එහෙම තැනක් සිරා.. කියල පේනවා..ඒත් එතනදි සුලු විකෘති ඇතිවෙනවා. 

අධ්‍යාපනය කියන්නේ මිනිස්සු සම්පූර්ණයෙන් අර හිරේ දැම්මා වගේ සමාජෙන් ගලෝල අරගෙන ආගමක් උගන්වනවා වගේ කඩපාඩං රෙකොඩ් ගහන එක නෙමෙයි. සමාජය සමග ගැටිලා සමාජයෙ ්තිබෙන දේවල් හොයලා ඒවා තවදුරටත් අධ්‍යනය කරලා ඒවත් එක්ක තාක්ෂණය වගේ දේවල් එකතුකරලා යාවත්කාලීන වන දැනුමක් තමයි සාමාන්‍යයෙන් දියුනු විශ්ව විද්‍යාල වලින් නිකුත් වෙන්නේ. ඒත් පේරා වගේ ඒවා එහෙමද? ඒක්තරා කාලයකදී සුද්දා විසින් දුන්න දැනුමම නැවත නැවත උගන්වනවා විනා දැනුම ඉපද්දීමක්, අපේ සමාජයට අපේ කාර්මික , සහ සමාජිය ගැටළු වලට විසදුම් අපේ පේරාදෙනිය හෝ අනෙක් කැම්පස් වලින් දෙනවද? අනේ මන්දා ඒ ගැන නම්.. 

කොහොම නමුත් ඉතිං මේ පේරාදෙනිය වගේ කැම්පස් එකක රැග් එක නැතිකරන්න අමාරු ඒවාෙය් ඉන්න ලෙක්චර්ස්ලා කොටහකගේම තියෙන ගෝත්‍රික මානසිකත්වය කියන එක ආයේ හංගන්න දෙයක් නැහැ. මිනිස්සු ඵීඩාවට පත් කර ඒ ඔස්සේ හික්මවීම අන්ත පහත් මට්ටමේ මිනිස්සු එකතුකරන ක්‍රෙමයක්. ඊට වඩා දියුනු තියුන ක්‍රම ඔස්සේ මිනිසුන් දේශපාලනයට සහ සිය මතයට නම්මාගන්න ක්‍රම අද කාලේ තිබෙනවා.. 

වසර බර ගානක් තිස්සේ අඩුතරමේ තමුන්ගේ ප්‍රවාහයට නව සිසුන් එද්දී උන්ටික තමුන්ගේ මතයට හිංසාවකින් තොරව නම්මාගන්න බැරි ගොබ්බ සෙට් එකකින් අපිට හැකිද අලුත් දෙයක් බලාපොරෝත්තු වෙන්න.උන් දන්නේ උන් කාපු විදියට අමු ගෝත්‍රික විදියට රැගකාගෙන එන පිරිස පමනක් අදාල ප්‍රවාහයට එකතු කරගන්න පමණයි.. 

ඇත්තටම රජයක් විදියට මේ රැග් එකට පක්ෂපාති ලෙක්චර්ස්  පිරිස එකතුකරලා ආන්ඩුවෙන් කීයක් ගියත් කමක් නැහැ ලෝකේ ප්‍රකට විශ්ව විද්‍යාල වලට කැන්ටින් වලට හරි ගෙනිහින් ඒවායේ වැඩ සිද්ද වෙන ආකාරේ මුන්ට පෙන්වන්න ඕනි..  ඒවායේ ලමයි හික්මවන්නේ කෝමද? ඒවායෙදි ඉගැනගැනීම් ඉගැන්වීම් පර්යේෂන සිද්ද වෙන්නේ කොහ්මද කියලා මුන්ව ඒවයේ ක්ලිනින් ස්ටාෆ් විදියට හරි බන්දවලා කියා දෙන්නට ඕනි.. අලුත් දෙයක් උඵදින්නේ අලුත් දෙයක් විශ්වාස කරන හිත් වල..එහෙම නැතුව පරණ මතවලම ඉදගෙන පරණ ක්‍රමේම හැමදාම හරි කියල හිතන උන්ගෙන් කොහොමද අපි නවීන වෙනස් ලෝකයක් බලාපොරොත්තු වෙන්නේ..

Sunday, December 3, 2017

සද මරා දැමූ මට Sanda Mara Demu Mata

සද මරා දැමූ මට 
කුමකටද තරු කැට....
 අදුරේම උන්නාවේ 
මගේ හිත් අහසම...

 හිස් වෙලා හිත
ගොළු වෙලා මුව
 නින්ද නෑ ලගවත් 

තෙත් වෙලා ඇස 
සද කොහේවද 
නෑනේ මට එළියක්

 පණ පිටින් වල දැම්මාට 
නුඹ මාව 
මගේ හිත නම් තාමත්ම 
නුඹ ගාව

පද : ඉනෝෂා වික්‍රමසිංහ

Wednesday, October 25, 2017

කබරගල Kabaragala

කබරගල ගමන

කබරගල කියන්නේ දොලොස්බාගේ කදු පන්තියේ තිබනෙ උසම කන්ද. කබරගල මහා උස එකක් නෙමෙයි මීඨර 1500ක් වගේ තමයි උස. ඒත් අවට තිබෙන අනෙකුත් කදු සහ අලංකාර භූමි දර්ශන නිසා කබරගල ඇසට ප්‍රියයි. කදු නගින්නන් කියන්නේ සුමුදු මුදු චාරිකා අත්දැකීමකට ලැදි පිරිස නෙමෙයි. ඊට වඩා යම් කටුක අත්දැකීම් වලට කැමති අය තමයි කදුනැගීම තෝරාගන්නේ. ඒ ලංකාවේ කදු නැගීමකදි තිබෙන ආතල් රැසක්ම කබරගල තරනයේදී අපිට ලැබෙනවා.


කබරගල පිහිටීම

කබරගල පිහිටීම මෙතැනයයි පැවසීඹට වඩා කබරගල යන්නේ කොහොමද කියන එක වැදගත් වෙයි. කබරගල යන්න පාරවල් කිහිපයක් තිබෙනවා.. නාවලපිටියට ඇවිල්ලා නාවලපිටියෙ ්සිට දොලොස්බාගේ බස් එකේ ගිහින් තමයි ඒ පාරවල් වලට ලගාවන්නේ.

අපි කන්ඩායම සුපුරුදු පරිදි කොළඹින් රෑ 12ට ගමන් ආරම්භ කලා. අපේ ගමන් රටාවේ තියෙන විශේෂත්වයක් තමයි රාත්‍රියේ කොළඹින් ගමන් ආරම්භ කිරීම. මෙය දැන් චාරිකා කිහිපයකදිම සාර්ථකව අපි ක්‍රියාත්මක කලා. රෑ බස් එකක යනවා නම් අපේ තුවාන් ස්මයිල් මිතුරාට වගේ මහ රෑය. මේ සිටි බී බස් එකක්ය. මේක ගැස්සෙනවාය කියලා නැතුව ඕනිම පසුබිමක නින්දයෑමේ හැකියාවක් තිබෙන්නට ඕනි. අපරාදේ කියන්න බහැ තුවානයට නම් ඒ හැකියාව ලෙසට තියෙනවා. මූ අපායේ යැවුවොත් කටු ගහ නගිද්දිත් ටිකක් නිදාගෙන නැගිටලා ආයෙම නගිවි.
නාවලපිටියේ නයිඩ් කඩෙන් උදේ ප්ලේන්ටිය. 

අපි නුවරට ලගාවෙද්දි තුන විතර වෙලා. පෑ තුනට නුවරට ආවේ රෑ නිසා සහ බස් එක විද්ද නිසා. ඒක විද්දා විදිල්ලක් වෙලාවක ගැස්සිලා ගිහින් තුනේ සිට් එකේ කෙළවර හිටිය මම ඇදගෙනත් වැටෙනවා. කොහොමින් හරි අපි නුවරට තුන වෙන කොට ආවා. අපි එන්න කලින් කාලසටහන් එහෙම බලලා ආව විදියට නුවරින් තියෙනවා බඩු දුම්රියක් නාවලපිටියට 3යි 30 අලුයම. අලුයම තුනහමාරට තිබෙන ඒ දුම්රියත් තිබුනා කියහං කෝ..තිබිලා ඒ විදියටම පිටත් වුනා.

නුවර දුම්රිය ස්ථානයේදී ස්මයිල් ගෙනාල්ල තිබුන කෙහෙල්ගෙඩි ටික කැවා. කෝචිචයට නැගලා යාලුවො දෙන්නා නම් සැපට නිදි.. මම ඉතිං අවධියෙන් ගියා. ගම්පොල පැන්නාම මම ටිකක් අවධානයේන උන්නා.. උදේ පහ වෙද්දි නාවලපිටියට එන්න හැකිවුනා ඒ බස් දුම්රිය මිස්ක්ස ගමන නිසා. කොහොමින් හරි අපි නාවලපිටිය බස් නැවතුමට ආවට බස් ගමන් වාර තවම පටන් ගත්තේ නැහැ. උදේ පාන්දරම නාවලපිටිය බස් නැවතුමෙ ේඇති එකම රෑ කඩය වෙන මුස්ලිම් කඩේකින් අපි සෝටිස් තේ පාරක් දාගත්තා.
නාවලපිටියට ඉහල අහසට ඉර පෑව්ව වෙලාව 

දොලොස්බාගේ බස් එක එන්නේ හය හමාරට. එතකල් ඉර පෑව්වා.. ඉර පැවුව එකත් හරි ලස්සසනට පෙන්නුවා. කොහොමින් හරි බස් එක ආවා අපි නැග්ගා නැගලා කබරගල නගින්න අපි ඉන්ටනෙට් එකේ තිබුන විදියට ගම්පොල පාරට හැරෙන පාරෙ සිට ටිකක් දුර යායුතු බවක් කිව්වා. ඒත් කබරගල දැන් යන්න වෙන අලුත්ම පාරක් තියෙනවා. මම දන්නේ නැහැ.ඇයි ඒ කියලා. ඒත් පාරව්ල දෙකක් තියෙනවා. නගිනවා නම ්නාවලපිටියෙන් දොලොස්බාගේ බස් එකක නැගලා කබරගල නගින තැනින් බස්සන්න කිව්වාම බස්සාවි. ඒ නගින තැන අපි ගිය තැන නම් නෙමෙයි.

අපි  ඉන්ටනෙට් එකේ කියල තිබුනා විදියට පරණ විදියටම යන්න ගියා. ඒත් අපි ගිය පාර නෙමෙයි ඔරිජිනල් එක. බස් එකෙන් බැස්සා විතරයි අපි ටිකක් කන්ෆියුස්..මොකද හරියටම නගින තැනක් දන්නේ නැහැ.. ඒ ගමන ඒ යමින් උන්නු කිහිප දෙනෙක් ගෙන් ඇහුවා. ඒත් සමහරු අපි ජෝක්ස් එකකට ගත්තාද මන්දා.. එයාල කිව්ව විදියට ඒ තිබෙන කන්ද කබරගල නෙමෙයි. සමහර අය කියපු විදියට ඒකට නගින පාරක් මේ අහල මානයක නැහැ. හේතුව මොකද්ද දන් නෑ, ඒත් ගොඩක් අය පාර කියනවාට වඩා හැදුවේ නොකියා ඉන්න කියලයි අපිට හිතුනේ.
බස් එකෙන් බැහැල =බැලුවා වට පිට. 

කොහොමින් හරි අපි ගියා විස්තරයේ තිබුන පංසලක් හොයාගෙන. ළග තිබුන ෆෑක්ටරියක ඉදපු අක්කලා දෙන්නෙක් අපිට පංසලට පාරක පෙන්නුවා. කෙලිය නේද කිලෝමීටර දෙකක් විතර ගිහින් පංසලක් ගාවට ආවත් ඒක අර විස්තරයෙ ේතිබුන මාදිලියේ පංසලක් නෙමෙයි.

ඒ ගමනඅ ාෙයම හැරිලා කැරකි කැරකි එද්දි ත්‍රිවිල් මල්ලියෙක් සෙට් වුනා . බුවා තමයි දෙයියා. පොර අපිව ඒ කන්ද නගින්නට යන හංදියෙන් දැම්මා. අපි ඒ හංදියත් පහුකරගෙන ගිහිනුයි තිබුනේ. ඒ ගමන මම කීවා මල්ලි ඔන්න ඔ පාරේ යන්න ඇහැක් ටික යමු කියලා. මල්ලි ඉතිං ලේස්ති වෙලා ගියා. පාර කැඩිලා..ඒත් පොඩි එකා හැකිපමණ අපි කිලෝමිටර දෙක තුනක් වත් කන්ද උඩට අරං ගියා. යන්නම බැරි තැනක නවත්වලා.. මෙතනින් උඩට යන්න කියලා මල්ලියා උපදෙස් දුන්නා.
තේ වතු මැදින් පේන ඈත ඉම 

එතනින් බැස්ස විතරයි එතන යනවා වතු සේවක මහත්මයෙක්. ඒ මහත්මයා හමු නොවෙන්න අපිට කබරගලක් දකින්න නොලැබෙන්නත් ඉඩ තිබෙනවා..මහත්මයා කිව්වේ ඒ තිබුන මහත්මා ගුණයට මිසක් වෙන මොක්කට වත් නෙමෙයි.. සරං කෙටියක් ගහගෙන ඇලවංගුවගුත් අතේ අරං ගිය ඒ මහත්මයා අපිට පාර කිවවේ බොහොම උනන්දුවෙන්. අපි ඔහුගේ පස්සේන් ගියා ගිහින් ඔහු නැවතුන තැන සිට කන්දට යන පාර ගැන පැහැදිලි ප්‍රබල විස්තරයක් අපිට දෙන්නට ඒ වතු සේවක මහත්මයා සමත් වුනා. ඇත්තටම ඒ වතු  සේවක මහතාට මුදලක් අපි දිය යුතුව තිබුනාද දන් නෑ..ඒත් මනුෂ්‍යත්වය පිණිස උදව් කරන්න ආපු කෙනෙක්ට මුදලක් දික් කිරීම ඒ මනුස්සකමට කරන යම් මදිපාඩුවක් විදියට ගැමියන් සලකන්නේ.. සරලවම මමත් ගමේ මනුස්සයා නිසා දන්නවා අපේ තාත්තා ලා හෙම එහෙම උදව්වක් කලාම සල්ලි ගන්න එක සලකන්නේ මහ මදිපංචි කමක් විදියට. ඒ නිසා අපි සල්ලි දුන්නේ නැහැ. ඒත් අපි ගාව තිබුන සුලු බිස්කට් කෙහෙල්ගෙඩි සංග්‍රහයක් අපි ඒ මහත්මයාටත් දීලා අපිත් භුක්ති වින්දා.
වතු සේවක මහතා 

එතැනින් පිවිසෙන්නේ පැරණි තේ වත්තකට යන මාර්ගයක්. අපි ඒ මගේ ගියා. චාරිකා සටහන් විස්තර අනුව එවැනි පාරක් තිබෙනවා. එහි ගියාට කොතනින් කන්ද මුදුනට ලගාවෙනවාද කියලා සදහනක් නැහැ. කන්දත් පේනවා..උඪ තියෙන ෆයින්ස් ගසුත් පේනවා..ඒත් නගින්න තමයි තැනක් නැත්තේ. තද බෑවුමක් එක්ක සෙට් වුනා ගල් තලාවක්. ඒගල් තලාව ට පොඩ්ඩක් එහයින් පාර සම්පූඍ්ණයෙන්ම පාහේ ඉවර වුනා. එතැනින් අපි ඉහලට නගින්න පටන් ගත්තා.

දැන් අපිට යන්න අඩිපාරක් වත් නැහැ.. කලින් තේ වවවලා දැන් බැද්දට යට වුනු මේ බිමේ ඇවිදීම ලෙහෙසි නෑ..පසෙකින් මහා කටු පදුරු. ඒ අසසේ තද ආනතිය. තැනක පදුරු වලට සැගවිලා තියෙනවා ප්‍රපාත වගේ බෑවුම්. ඔක්කොමත් හරි වැහිකාලේ නිසා කූඩැල්ලෝ. ඉහලට නැග්ගාට හරියටම පාරක් සොයාගන්න අපහසු වුනා. අපි පැය බාගයක් පැයක් වගේ ඇවිදිනකොට අපි ටිකක් හොද අඩි පාරකට සේන්දු වුනා. ඒ අඩිපාර තමයි මම හිතන්නේ දැන් ජනප්‍රිය වෙච්ච පාර. කොහොම හරි ඒ අඩිපාර අපිට පිහිට වුනා.
වතුර පුරවාගත් හැටි 

මේ අඩිපාර වුනත් ඇතැම් තැනක පදුරු වලින් වැහිලා.. පැගිරි තනකොල පිරිලා.. ඉතිං ඒවා ඈත් මෑථ් කරගෙන අපි ඉදිරියට නැග්ගා. ඒ උඩ තිබුන ලොකු ෆයිනස් ගස් ගොඩක් කපලා තියෙනවා. ඒ මක් නිසා කැපුවාද කියන්න දන්නේ නැහැ. ඒ වගේම ඒ හරියෙ ේතබෙන පැරණි තේ ගස් වලින් අපහසු වුවත් තේ දලු නෙලා තිබෙන ආකාරයක් දිස් වුනා. ගස් ටිකේ ලී ටිකට ආදරෙන් කවුරු හරි ෆයිනස් ගස් ටික කපලා තිබුන එක හොදයි. ඉදිරියේදී කුඩාවට හරි පොඩි වනාන්තර පද්ධතියක් කෙමෙන් කෙමෙන් ඒ පරිසයට උචිත විදියට ගොඩ නැගේවි.

මේ කැලෑවේ ඉහලට ගමන කූඩෑල්ලන් නිසා කිහිප වතාවක්ම බිද වැටුනා. ඉහලම තිබෙන තනකොල  තිබෙන හරියේ කූඩැල්ලන් නැහැ. ඒ නිසා ඒ සිමාවට ආවම කකුල් දෙකට පොඩි සහනයක් වගේ වුනා. අපි කූඩැල්ලන් එල්ලීඹ වලකාගන්න පැගිරි තෙල් පාවිච්චි කලා.

කොහොම හරි අපි කබර ගලේ දාරය දිගේ ඉහලට දැන් යනවා. ඇත්තටම මේ ගල ඇවිල්ලා පෙනුම අනුව කට ඇරං ඉන්න කබරයෙක් ගේ හරස්කඩක්වගේ.. දාරය දිගේ නැගගෙන යද්දි මුදුන හමු වෙනවා. මෙහි දී අපිට පොඩි වනයකුත් හමු වුනා. එය අතුලෙනුත් රිංග ගොසින් ඉහලටම ලගා වුනා.
ගල මුදුන හරියේ 


පසෙකින් පේනවා විශාල කොත්මලේ ජලාශය සහ සෑ්‍ය. අනෙක් පසින් ගම්පොල ඇති අම්බුලුවාව නම් දි මුගේ ගල. තව ජනාවාස පේනවා..කොහොම හරි හතර අතේ තිබෙන සෑඹ දෙයක්ම පේන , අංශක 360න් තුන්සී්‍යක් විතර කිසි ගේමක් නැතුව පේන තැනක් විදියට කබරගල උඩ හදුන්වන්න පුලුවනි.

කබරගල මුදුනේ පිරිසක් කෑඹ්ප් කරලා තිබුනා. අපි යන අව්ස්තාවේ තද හුලගක් තිබුනා. ඒ වගේම වර්ෂාවක ලකුනුත් එහෙන් මෙහෙන් පෙන්නුම ්කලා. ඒ ගමන අපි එන්නට පිටත් වුනා.

අපි කඩිමුඩියේ බැස්සේ වරුසාවක සේයාවන් හතර අතින්ම පෙනෙන්නට වූ නිසා. බහිනකොට සෑහෙන දුරට පාර තිබුනත් අපිට පහලට බහින තැනක් සොයාගන්නට ලැබුනේ නෑ.. අපි ඒ අඩිපාරට එන්ටර් වුනු ඒරියා එකත් පහුකරලා ගියත් කෙළවරක් තිබෙන පාරක් හමුවුනේ නැහැ. ඉතිං අපි නැවතත් කැලේ බිදගෙන පහලට බහින්න ගත්තා.
බඩගාගෙන බැස්ස ගල් තලාව 

ඒ ගමනේදී අපිට දිය සීරාව සහිත බෑවුම් ගල්තලාවක් හමු වුනා. එය මග අරින්නට ගියොත් තවත් කල් යන නිසා අපි ඒ බෑවුම් දිය සීරාව සහිත ගල්තලාව අවධානමක් තිබුනත් ඒ ගැන සලකනනෙ ්නැතුව පස්ස බිම තියලා බහින්නට ගත්තා.

කොහොම හරි අමාරුවෙන් අපි මුලින් අපි ගමන් ආරම්භ කරන්නට යෙදුන පාරට සේන්දු වුනා. ඉන් පස්සේ ආපු විදියට නෙමෙයි පාර තියන විදියට යං කියලා අපි ඔරිජිනල් පාරෙන් බැස්සා. බැහැගෙන යද්දි මගදී අපිට හිතෙනවා අඩේ පට්ට දුරක් නෙවද තියෙන්නේ කියලා. ඒ අතර අපිට හමුවුනා පොඩි ෂෙෘ්ට්කට් එකක්. එතනින් නුත් ගොඩක් පහලට එද්දි තමයි ඔන්න අපිට මනුස්ස පරානයක් මුන ගැහුනේ. මේ අර පැය තුන හතරකට විතර කලින් අපිට පාර කියපු අංකල් හමුවුනාට පස්සේ අපිට හමුවුන පලවෙනි මනුස්ස පරානේ..
බහින ගමනේදී 

මැදිවියේ යුවතියන් දෙදෙනෙක් තේ දලු කරතියං එනවා. මැදිවියේ වුනත් යුවතියන් නෙවද කියලා දෝ හෝ අපේ තුවාන් නම් ඒ අය සමග බොහොම උනන්දුවෙන් කතා කරනවා පෙනුනා. ඔවුන් කිව්ව විදියට මේ කාලේ බඹරු, කූඩැල්ලෝ, වැස්ස , පාර අතරමං වීම, කටු ආදී බොහෝ හේතු නිසා කන්ද නගින්න යනවා අඩුයි.. අපි චර්ම රෝගෙට ගිහින් තුන්දෙනාම නිරුපද්‍රිතව දවල් දොලහ විතර වෙනකොට දැකගන්න ලැබුන එක ගැන ඒ අය විමතියට පත් වුනා.

පහලට බහිද්දි අපි යක්සයෝ වගේ.. කටුවලට අත් හීරිලා..ඇුදුම් වල මඩ තැවරිලා.. ඒ නිසා නාගෙන ම යනෝ කියල හිතද්දි දෙවියනේ..අපි සබන් ගෙන්ල්ල නැහැ. ඒ ගමන සබන් ගේන්න කඩේට ගියා.. කඩෙන් ලොකු බනිස් ගෙඩියකුත් කෙහෙල්ගෙඩි එක්කල කාලා පාරට ඇවිත් ආයේ නාන්න යනන් හදද්දි මෙන්න නාවලපිටිය බස් එකක් එනවා.. ඒ පාර සෙනිකව තුන් දෙනා කතාකරලා නෑම කල්දාලා බ්ස එකට නැග්ගා සත්තු තුන්දෙනා වගේ.. හවස 3ට විතර නාවලපිටියෙන් අදින පොඩි මැනිකේ අල්ලාගත්ත නම් අපිට කෙලින්ම කොළඹට මහ රාත්තිරියට කලිං එන්න හැකි කියලයි අපි හිතුවේ.
අපි තුන තමයි ගියේ 

සබන් කෑල්ල ඉතුරු වුනා. අපි නාවලපිටිය ටවුමට බැහැල ඇවිදන් යද්දි මට තේරුනා මිනිස්සු අපේ දිහා අමුතු විදියට බලනවා..සිගාකන ගැහැනියකුත් මා දිහා අමුතු සතෙක් දිහා බැලුවා මතකයි. නාවලපිටිය කියන්නේ මහ විසාල ස්ටේශෙමක්. ඉස්සර කාලේ ගල් අගුරු එන්ජින් ධාවනාගාරයක් නාවලපිටියේ තිබුන කියල මම අහල තියෙනවා..නාවලපිටිය ස්ටේශමේ කැන්ටිම, වේදිකාව, ටොයිලට් හැමදේම වගේ විසාලෙට තියෙනවා. අපි ඒ විසාල ටොයිලට් වලට ගිහින් ඇදුම් මාරුකරගත්තා.

නාවලපිටියෙන් පොඩි මැනිකේ ඇල්ලුවට මොකද මැනිකෙ පිරෙන්න සෙනග. නුවරින් අඩු වුනා වාඩිවුනා. මෙන්න ඒ ගමන බඩදරු සහ කිරිදෙන මුස්ලිම් ගෑණු අම්මලා, ආච්චිලා, සීයලා, ආබාධිතයින් ආදී පෝලිමක් නුවරින් නගිනවා..කකුල් දෙක අමාරුයි. ඊටත් රෑ ඉදලා නිදි මරලා.. ඇත්තටම අපි හොද ලමයි නම් ඒ වෙලාවේ අසරණයින්ට සීට් එක දෙන්න තියෙනන්ට ඇති. ඒත් අපි හොද ලමයි උනේ නැහැ. දුකයි..එත් කරන්න දෙයක් නැහැ.

කබරගල අපි ගියපු ට්‍රැකින් වලින් අලුත් අත්දැකීමක්. ඒ වගේම මැතකදි ගිය ඒවයින් තනියම පාර හොයාගනගිය තරමක් පාර සොයාගන්නට අපහසු ගමනක්. පාර සොයාගැනීමේදි අපි තුන්දෙනාගේම දායකත්වය අදහස ්ඒකට වැදගත ්වුනා.  ඇත්තටම මේ කබරගල වගේ ඒවා විශාල වනාන්තර නෙමෙයි.. සුද්දා තේ හිටවන්න කලින් මේවා මහා විසාල වනාන්තර වෙන්නට ඇති. ඒත් තේ වලින් පස්සේ දැන් දැන් ඒවා නැවත වනයට යමින් තිබෙනවා. යම් කොටසක් හෝ එහෙම වනයටම යන්න දෙන එක සුදුසුයි. මොකද අපිට ජලය ලැබෙන්නේ මේ මධ්‍ය කදුකරයේ තිබෙන කුඩා කුඩා වනාන්තර ආදියෙන්.
කබරගල උඩ සිට. 

කබරගල ගමනේදී අපිට ඇත්තටම අන්තර්ජාලය පිටුවහල් වුනත් ඒ තොරතුරු නිවැරදිම කියන්න බැහැ. ඒ වගේම ගමේ මිනිස්සු වුනත් බොහෝ දෙනෙක්ගෙන් ඇහුවම පාර  සහ කන්ද ගැන විස්තර හරියටම කියන්නේ නැහැ. කොහොම හරි කබරගල නගිනවාය යන ධෛර්ය නිසා ම අපිට පාරහොයාගෙන නැගල බහින්න පුලුවන්වුනා.

ඒ ආසන්නයේ තිබෙන කිණිහිර කන්ද ත් මෑතකදීම නගින අදහසත් හිතේ දරාගෙන අපි කොළඹට ආවා. කූඩලු තුවාල වලට ගෙදර ඇවිත් යුනිවර්සල් ඩිප්‍රෙෂන් ඔයිල් එක නොහෛාත් සර්ව විශාදි තෛලය ආලේප කරගත්තා. ඒ තෙල කූඩැල්ලෝ දෂ්ඨ කිරීම් වලට නම් එලම කිරි බඩුවක්.

Tuesday, October 24, 2017

සිරිපා කුනු සහ නිඝන්ඨයෝ

සිරිපාදේ කුනු දාලා දැන් කැතවෙලා.. එතකොට පරිසරයට ආදරේ කරන අය රෙද්ද කරට ගන්නවා..බලාපල්ලා මෙන්න කුනු දාලා කැත කරලා..යසට තිබුන සිරිපාදේ කෙලලා නේද ? ඒකට තොපිට අහවල් අහවල් අහවල්.. කියලා ඉතිං බනින් පටන් ගන්නේ හරියට කසිප්පු ටිකක් බීගත්ත ගමේ මිනිහෙක් වගේ.. 

බුද්ධාගම තුල තියෙන ලස්සනම දෙයක් තමයි බුදු ධර්මය කියන්නේ බොහෝ විසිරුන දෙයක්. එය තුල එක කුඩා ගැටලුවක් වුනත් විසදගන්න එය කොටස් කරලා පියවරෙන් පියවර යෑම මගින්. දුක කියනදේ ගත්තා වුනත් එකපාර පානක් නිවුනා වගේ නිවන් දකින්න හැකි වුනාට දුක නැතිකිරීම කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. දුක දුකට හේතුව දුක නැතිකිරීම දුක නැතිකිරීමේ මාර්ගය වැනිව බුදුදහම කොටස් කරලා එය දක්වා තිබෙනවා. එහෙත් වර්ථමාන බෞද්ධයා තුල ප්‍රශ්න විසදිමට එවැනි කොටස් කර අධ්‍යනය කිරීමක් ගෑවිලාම නැහැ..හැමදේකටම ආවේගශීලි ප්‍රෙව්ශයකින් තමයි ප්‍රශ්න විසදන්න උත්සාහ කරන්නේ. 

සිරිපාදේ යන එකෙන් පරිසරය හානි වෙනවා ඇත්ත. ඒත් සිරිපාදේ තියෙන එකෙන් වාසියක් වෙන්නේ නැද්ද? කවුරුත් හිතුවේ නැති වුනාට ඒකෙත් වාසියක් වෙනවා.ඒ සිරිපාදේ යන එක කියන්නේ එක සංචාරක විදියක්..නොදන්නා දන්න හැම කැලේටම කන්දටම රිංගන්න යන්නේ නැතුව විසාල පිරිසක් සිරිපාදේ වගෙ එක ලොකේසන් එකකට ගාල් වෙන එක එක අතකින් වාසිදායක දෙයක්.. එය හරියට කළමනාකරනය කලොත් සිරිපාදය මීටත් වඩා  විදෙස් සංචාරකයින් වුව ආකර්ශනය කරගන්න පුලුවන් මාවතක්.. 

කුනු පස්නය 
කුනු ගැටලුවේදී පේන දෙයක් තමයි මිනිස්සු කුනු දානවා.. මේ කුනු මොනවද කියල කවුරුත් හොයලා බැලුවද? මම අයින් කරන්න ගියපු වෙලේ දැකපු විදියට මෙම කුනු වලින් ලොකු පංගුවක් අයිති වෙන්නේ ප්ලාස්ටික් බෝතල් වලට..බෝත්ල අරං යන්නේ මොකෝ මිනිස්සුන්ට උඩ වතුර නැති නිසා.. ඉතිං ජල නල පද්ධතියක් ගහන්නේ නැතුව බෝතල් ගෙනියන එක තහනම් කරනන පුලුවන්ද? බෑ.. ඒ වගේම මිනිස්සුන්ගේ ඇගට කාවදින පුරුද්දක් වෙන සිරිපාදේ නගින එක නවත්වන්න පුලුවන්ද ? බෑ.. අපි මුලින්ම ජල නල පද්ධතියක් හදලා ඉන් පසුව කියනවා නම් ඔන්න දැන් නම් වතුර බෝතල් එපා කියලා..ආන්න ඒක සාධාරනයි.. 

ගිනි පස්නය
මුල් කාලේ සිරිපාදේ ගින්දර පත්තු කලේ හෝටල වල හෙම දර වලින්. එත්  වනජීවි දෙපාර්ථමේන්තුව මැදිහත් වෙලා දැන් ඒ දර භාවිතය දැඩි ලෙස අවම කර තිබෙනවා..ඒ වගේම අවට තිබෙන කඩ ප්‍රමාණයත් අඩු කරන්න වනජිවි එකේන වැඩපිලිවෙල දියත් කරලා තිබෙනවා..එ කඩ වල දැන් බොහෝ තැන්වල උයන්නේ ගෑස් වලින්.. ඉතිං කිසිදෙයක් වෙනස් වෙලා නැැහැ අපේ මිනි්ස්සු නොදියුනුයි දියුනු රටවල එහෙම නෑ කියල කෑ ගහන්න කලිං පොඩ්ඩක් ඒ වගේ වෙනස් කරපු දේවල් ගැන සොයා බලන්න ඒ වෙනස් කල ආකාරය ගැන දැනුවත් වෙන්න..

මිනිස්සු කුනු දාන පස්නය 
මේ සිරිපාද රක්ෂිතයේ ඉන්නවා ආවේනික සතුන්..පෙලක්වා මුලු ලෝකෙටම..එකයි..අපි දන්නවද ? උන් කවුද කියලා නැහැ..එහෙම සතුන් ඉන්නවා නම් ගස් තියෙනවා නම් ඒ මොනාද? ඒවයි සෙත මෙනවද කියලා බොඩ් ලෑලි වත් අපි දැකල තියෙනවාද? නැහැ.. ඒ වගේ දැනුවත් කිරීමක් මේ වනවිට සිදු වනනේ නෑ.. 

ඒ වගේම කුනු පස්නයේදී කුනු බාල්දි තිබ්බත් ඒ බාල්දි අයින් කරන්න කන කට්ට අපිට පේනවද නැහැ.. ඒ බාල්දි වලට කුනු දැමිමත් මේ පස්නය උග්‍ර වෙන්න හේතුවක්.. නිසි ආකාර මාකටින් කැම්පේන් එකක් තුලින් අපිට හැකිවන්ටන ඕනි ජනතාවට අඩෝ ජනයා මේ බලාපිය කුනු ගේන්න තියෙන අමාරුව..මේ බලාපිය ජනයෝ මේ කුනු අස් කරන්න තියෙන අමාරුව කියලා පෙන්වන්න ඕනි.. ඒ වගේම එක එක පාර්ශව කුනු අස් කරන්න වියදම් කරන ගානත් මහජනයා අතරට යන්න ට ඕනි.. 

සිරිපාදේ මිනිස්සුන්ට තහනම් කිරීම 
මේක අන්තිම ෆැසිස්ට් තීරනයක්..ඒ කිව්ටව් හිට්ලර් මුත්තා අපේ සිරි වික්‍රම රාජසිංහයා වගේ අසාමාන්‍ය ඩෑල් කරන තීරණයක්..අපි ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක.මිනිස්සු වෙනස් කරන්නේ කොහොමද කියල අපි ගොඩක් අය දනනේ නෑ..ඒත් කිරි පිටි ඕනි වුනාම බහුතරය ඇන්කර්ම ගන්නේ ඇයි? සබන් ඕනි වුනාම රෙද්හෝදන්න සංලයිට් ම ගනනේ ඇයි? ඒවා මිනිස්සු උපදිනවිට අරං ආවේ නැහැ.. පසුකාලෙක මිනිස්සුන්ගේ මනසට ඇතුල් කලා මේ මේ ජාති ගැන අදහස.. 

ඒ වගේ කුනු ටිකක් පාර දෙපැත්තට වීසි කරන්න කලිං මිනිසුන්ගේ මනසට අඩේ මේ රක්ෂිතයක් නෙවද? මේ ගහකොල සතා සීපාවා නෙවද? මේ අපේ සොබාව සෞන්දර්ය නෙවද? මෙ අපි වදින පුදන අඩවිය නෙවද? මේ බුදුන්ගේ තැන නොවෙද කියලා හිතන්න හැකියාවක් එනව නම් අන්න එදාට කුනු පස්නය විසදන්න හැකි වේවි. 

සුද්දා එනකොට අමුඩ කෙටිය ගහගෙන බයාදු වෙලා ලොකු එකාට යටත් වෙලා හෙමිජ්ජෝ වගේ උන්නු බහුතර ජනතාවක් සුද්දා යද්දි කලිසම් කමිස අදින තමුන් ගැන අභිමානයෙන් හිතන ටිකක් ශිෂ්ඨාචාරයට කිට්ටු මිනිස්සු පිරිසක් බවට පත් කරන්න සුද්දට හැකි වුනා.. එහෙම දෙයක් වුනා කියල සැකනම් ඒ සුද්දට කලින් කාලේ  මිනිහෙක් විදියට හිතලා බලන්න .. උඩට අදින්න නහැ..ගෙයක් දොරක් හදාගන්න නැහැ..යන්න පාරක් තොටක් නැහැ..කැමති රස්සාවක් කරන්න නැහැ.. වෙනත් දේශයකට යන්න නැහැ.. හරියට නීත ිපද්ධතියක් නැහැ.. ආර්ථිකමය හැකියාවක් නැහැ.. ඒ බොහෝ නැති දේවල් සුද්දා අපේ මිනිස්සුන්ට ඇතිකලා.. කොටින්ම නිදහස කියන වචනයම ඇවිල්ලා සුද්දාගෙ.... 

එහෙම මිනිස්සු වෙනස් කරන්න සුද්දා ගාව තිබුනේ නැහැ ඉන්ද්‍රජාලික බලයක්..ඒ ඇතැම් දේ කාලාන්තරයක් තිස්සේ ආකල්පමය වෙනස මගින ඇතිකල දේවල්..ඔතන සිරිපාදේ කුනු කියන්නෙත් අපි වෙනස් කරගත යුතු යමක්.. කුනු දානවිට හැකැස් ගාල ආයේ ඒ කුනුටික අරං ආපු මල්ලට සාක්කුවට යන විදියට වෙනස් කරගන්න ඕනි දෙයක්.. එය කල හැකි දෙයක්.. 

Tuesday, October 17, 2017

ස්කෝලේ පංසලට ගෙන යෑම

ආනන්දේ නාලන්දේ උන් කියනවා ඒක පංසලක් වගේ දෙයක්ලු..ඒක අස්සේ තියෙන්නෙ ආගමික මෙව්වා එකක්ලු..උරුමයක්ලු.  මේක පොඩ්ඩක් වාඩිවෙලා හිනාවෙන්නත් අමාරු සීන් එකක්..මොකද පුකෙන් නෙව හිනා යන්නේ.. 

මුලින්ම ස්කෝල ඇතිවෙන්නේ ආගමික නැඹුරුවක් එක්ක. එංගලන්තේ උනත් ප්‍රකට විස්ස විජ්ජාල ඇරඹෙන්නේ ඓ්ම..මම හිතන්නේ යුරෝපේ අනික් රටෝලත් එහෙම වෙන්න ඇති. ඒත් කාලයක් ඉද්දි මිනිස්සු දියුනු වෙද්දි උන් පල්ලියෙන් ස්කෝලේ ගලවනවා..ගලවලා ඒ දෙක වෙන වෙනම පවත්වාගෙන යනවා. දැන් ඇතැම් දියුනු විශ්ව විද්‍යාල ගාව පල්ලියක් තිබුනත් ඒක සිම්බොල් එකක් විතරයි.. ඉන් එහා ලොකු බැදිමක් ඒ එක්ක නැහැ..ස්කෝල වුනත් එහෙමයි.. 

සැකිල්ලක් විදියට ගතහොත් අපේ ස්කෝල ඔක්කෝම දුව්නනේ වික්ටෝරියානු ආත්තගේ කාලේ තිබුන ක්‍රමයට..ආනන්දේ රෝයල් සහ ගොංකටුආර මධ්‍ය මහා විද්‍යාලයෙත් උගන්වන ක්‍රමය එකයි.. එක පන්තිකාමරයකට ලමයි හතලිහක් පනහක් ගාල් කරලා.. ගුරුවරයා දෙවියෙක්ට ආරූඩ කරලා,  පාඩම් පොත් දීලා, තද එක්සෑම් තියලා ඇත්තටම හොදටම මේක ගැලපෙනනේ පරණ වික්ටොර්යි ආච්චිගේ කාලේ අධයාපනයටම තමයි.. මේකේ ස්කෝල අතර සැකිල්ලේ  වෙනසක් නෑ..තිබෙන සම්පත් වල වෙනස සහ තෝරාගන්නා ලමුන් නියැදිය අනුව ඉතිං ස්කෝල වෙනස් වෙනවා. 

කොහොම වුනත් අධ්‍යාපනය කියන්නේ ආගමක් නෙමෙයි.. එය ඇවිල්ලා දැනුම් පද්ධතියක් ළමා මනසට අවශෝෂනය කරගැනීමක් ..එතනදී ආගම ඉගැන්වීම කියන්නේ තනිකර ගෝත්‍රික දෙයක්..ආගම අවශ්‍ය නම්  ඔවුන් පසුකාලීනව බදා ගැනීවි.. මේ ආගම ඉගැන්වීම කාලාන්තරය්ක තිස්සේ විද්වතුන් අතර මතබේධයට තුඩුදුන් කාරණාවක් වුනා. 

අපි දැන් සෛ්බුක් දානවා ආගම ජාතිය, ගෑනු පිරිමි, පොශ් ගොඩේ කියලා පාසැල් වර්ග කරන්න එපාය කියලා..නිකමට කල්පනා කරල බලන්න මේ සටන්පාඨ කොච්චර පරණද? මේ විදියට ස්කෝල බෙදන්න එපා කියා ආයේ ඉල්ලන්න දෙයක් තියනවද? නෑ.. මේව ඇවිල්ලා යුරෝපයේ 1950ටත් කලින් තිබුන දේවල්.. අපි 2017 වෙද්දි තාමත් ස්කෝල ටික ආගම් වලින් ගලෝගන්න බැරුව, ජාිත ආගම් බෙදීම් වලින් ගලෝගන්න බැරුව තටමනවා. 

ළමයා ගෝත්‍රිකයෙක්  නෙමෙයි ජාත්‍යන්තරයට ගැලපෙන පොශ් බඩුවක් කරන්න උත්සාහ ගන්න. උන් අර පරණ කාලේ කියපු විදියට ලොව පිලිගත් වියතුන් සබා මැද ඉස්ට ඉදිරිව සිල්ප දෙන්න. එහෙම නැතුව අහවල් තැන අහවල් විදියට ඒ ජාතියට ඒ ආගමට සලකන බයිලා පුරවලා ලමයින්ගේ ඔලු කන්න එපා.. 

අනික ස්කෝල ගිහින් ඉවරනං කරුනාකර ඉස්කෝලෙන් අයින් වෙන්න. ඒවා කරගෙන යන අයට කරගෙන යන්නට ඉඩදෙන්න.. ආය කල්පනා කරල බලන්න. අපි තාම දරුවාගේ අධ්‍යාපනය, ජාති ආගම් අනුව වෙන් කරන්න එපා කියලා කතා වෙනවා. ..අපි කොතනද? සිරාවටම අපි කොතනද? මේ ගෙවෙන්නේ 2017 

Thursday, October 12, 2017

සිරි (සේන+පාල) සහ කෝච්චි

දුම්රිය සේවය අයිති ප්‍රවාහන ඇමති සිරිපාල. උන්නැහේ බදුල්ලේ නේ. කොච්චිය ගියාද නැද්ද මගීන්ට මක්ක වුනාද කියල අදාල නෑ. ඊලග ඡන්දේ ආවම සිරිපාල දිනිනවා. මොකද බදුල්ලේ ඉස්පිරිතාල පුරවලා ඒ ලගපාත තියෙන හැම පලාතකම ඉස්පිරිතාල උතුරන්න මයිනර් ස්ටාෆ් වලට සිරිපාල රස්සා දුන්නා. ඒ නැතත් ඉතිං වටේ පිටේ කිහිප දෙනෙක්ට සිරිපාලලා සැලකුවාම උන් ඇවිත් අනික් උන්ට ඡන්දෙ දෙන්න කියලා ආයාචනා කරලා හරි දිනවනවා..ඒ නිසා මාසයක් දෙකක් නෙමෙයි සදාකාලෙටම මේ සිරිපාල ඇමති යටතේ කෝච්චි දිව්වේ නැතුව තව ඕන්නං බස් දිව්වේ නැතත් සිරිපාලට පාඩුවක් වෙනවද පිංවතුනි.. නෑ මේ රටේ හීනෙකින්වත් හිංසාවක් ඔවුන්ට වෙන්නේ නෑ. 

දැන් සිරිපාල සේන බලන්නේ මේ කෑල්ලත් පුලුවන් නම් යූ ඇන්පියට දාන්න. යූ ඇන්පිය පොඩි එකාට ගස් ලබු කැව්වා වගේ හැමතැනම මේ වෙද්දි ගාගෙන රීගෙන ඉවරයි.. ඉතිං මේකත් පුලුවන් විදියට යූ ඇන්පියට තල්ලු කරන්නයි නිදහස් පස්සේ තටමනවා ඇත්තේ. එහෙම නෙව ඉතිං මෙහෙ වැඩ..කොමිස් නම් මට .. පස්න නම් උන්ට.. 

ඔන්න මම ඊයේ හැන්දෑවේ කොටුවට ගියාම ස්ට්‍රයික් එකක් පටන් අරං..කිසිම පූර්ව දැනුම ්දීමකින් තොරව තමයි ඒක පටන් අරං තියෙන්නේ.. වෙනදාස්ට්‍රයික් වෙලාවට කෝචචියක් දෙකක් ඔය විශ්‍රාමික ආතලා ලව්වා දිව්වත් මෙවර එහෙම එකක් නැහැ.. උදේ මුහුදුබඩ පැත්තෙන් නම් එකක් ගියේම නැහැ කියලයි ආරංචිය.. ඒ අස්සේ ආංඩුව නිකං උන්නේ නෑ අතීසාරෙට අමුඩ ගහන්න වගේ කෝච්චි සීසන් එකට සිටිබි බස් වල නිකං යන් ඇහැකිය කියලත් කියලා තිබුනා. සී ටී බී බස් වල නිකං යෑමෙන් කෝච්චි අවශ්‍යතාවය කොපමන පිරිමැහෙනවද කියලා කියන එක ආයේ ඉතිං හිතන්න දේකුත් නැති දෙයක් නේ. 

මේ අවස්ථාවක මම ඇතුලු සයිබර් විවේචකයින් හුරු වෙලා ඉන්න සිරිතක් තිබෙනවා. ඒ තමයි දේස දේසාන්තර වල දුම්රිය සේවාවන් අධ්‍යනය කරලා අපේ සේවේ අඩු පාඩු හොයලා අපේ එකත් නැවත ප්‍රතිව්‍යුහ කරන්න ඕනි.මේ ස්ට්‍රක්චර වෙනස් කරන්න ඕනි කියාල ප්‍රතිසංස්කරන ඉදිරිපත් කරන එක. ඒත් මේ පාර ටිකක් වෙනස් විදියට හිතමු..

දැන් ඔන්න ඕක ප්‍රතිවියුහ කරලා වෙනස් කලා කියමු. ඒ කරලා ඉවර වෙලා ඒත් මුන් රෑ හතට ස්ට්‍රයික් කෝල් කරලා හත හමාරෙ ඉදලාෙ කා්චචි නැවැත්තුවොත්..ඒම කරන්න බෑ නේ.. එහෙම වල් බූරු නිදහසක් කිසිම වෘත්තිය සමිතියකටවත් කිසිම සංගමයකටවත් තියෙන්නට බැහැ.. හදිසියේ භූමිකම්පාවක් වගේ එකක් ආවොත් ඇර අනික් සෑඹ අවස්ථාවකදීම පොදු සේවාවල වැඩවර්ජනයකට කලින් මිනිස්සුන්ට දැනුම් දෙන්නට ඕනි.. නැතිනම් එහෙම හිතුමනාපේ සේවාව නවත්වන යූනියන් වලට සංගම් වලට ගෙදරම ඉන්න කියන්නට ඕනි.. 

බැලූබැල්මටම පේනවා මෙතන යූනියන් වැරදියි.. මහජන සේවාවක් ගැන තියෙන තැන වැරදියි.. ඉතිං මේ වගේ වරදක් වුනාම ප්‍රතිව්‍යුහකරන වගේ බොහෝ බරසාර දේවල් කතාකරනවාට වඩා මීළග වතාවක වත් මෙහෙම අමුතිරිසන් විදියට දඩස් ගාල ස්ට්‍රයික් කරන එක නවත්වන්න ඕනි. මම හිතන්නේ මේක අත්‍යාවශ්‍ය සේවාවක් නොකර වුනත් මේ කරපු දේට යූනියන් වලට එරෙහිව සහ ඒ ස්ට්‍රයික් වල නිරත සේවකයින්ට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න පුලුවනි. 

දුම්රිය කියන්නේ ලංකාවෙ ්විතරක් තියෙන මලෙන් උපන් සේවාවක් නෙමෙයි. වැඩිම උනොත් මාස තුනක් යයි ඉන්දියාවෙන් ලංකාවේ කොල්ලො ්ටිකක් ට්‍රෙින්නි කරලා දුම්රිය සේවය නැවත ස්ථාපනය කරන්න..ඒත් එහෙම කලා වුනත් මම නම් අකමැති නැහැ..මොකද ඔ්‍ය දුම්රිය සේවය පාඩුයි. ඕක දුවන්නේ මහජනයාගේ මුදලින්. උපයන ලාබයකුත ්නෑ..එහෙම තියාගෙනත් කිසිම වග විබාගයක් නැතුව එයාලට හැකිනම් මිනිස්සුන්ව රස්තියාදු කරන්න..එයාල දිගටම ගෙදර හිටියට කිසිම පාඩුවක් නැහැ. 

ලෝකේ දෙවිවරුන්ට වගේ වෘත්තිකයන්ට සලකන උන් , එහෙම නැත්තං උන් නැතිනම් ලෝකේ දුව්න් නැති මට්ටමට හිතාගෙන සහ උන්ව උඩතියාගෙන හිටපු කාලේ දැන් යල්පැන ගිහින්..එකෙක් නැතිවෙද්දි තව දෙන්නෙක්ටත් වඩා ඉන්නවා රස්සාවල් වලට එන්න..මහා ලොකුවටහිතාගෙන හිටපු රස්සා වුනත් අලුත් අය බොහොම ලේසියෙන් අල්ලා ගන්නවා.. 

මේකම දැන් පෙලක් අයකියය් මම වැඩකරන තැන මගේ වෘත්තිය අයිති වාසිකම ්ෙවනුවෙන් අරගල කරද්දි එතනදි ඒ විදියට සේවය අත්හිටෙව්වොත් වැඩවර්ජකයින්ගේ? 

ඔවු එතනදී වුනත් පාලකයින් නිවැරදිව නීතිරෙගුලාසි අනුව ආයතනයේ සේවාව සහ ආයතනය ගැන හිතලා යම්කිසි දැඩි තීන්දුවක් ගන්නවා නම් අපේ ඉල්ලීම ්වලට වඩා ආයතනයේ පැවැත්ම වැදගත් කියලා.. මම එහි වරදක් දකින්නේ නෑ.. මොකද ආයතන විනාස කරගෙන තිබෙන සේවාවන් වල පල්ලට යන ගමන් වෘත්තිය සටන් කරලා ඒවා දිනලා වැඩක් නැහැ.ඒකෙන් සිද්ද වෙන්නේ තව ටිකක් සුදු අලිබිහිවෙන එක විතරයි.. 

සමහර විට දැන් ස්ට්‍රයික් ඉවරත් ඇති.ඒත් එකපාර ස්ට්‍රයික් කරලා මිනිස්සු දාස් ගානක් අතරමග නතර කරපු එකේ වැරද්ද නැතිවෙන් නෑ. උන් වෘත්තිය සමිති නෙමෙයි ඇත්තටම මිනිස්සු තලා පෙලලා වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලන වහල් හිමියෝ වගේ ජාතියක්.