අපේ රටේ මිනිහෙක් කොයි තරං වටිනෝද/ ? මනුස්ස ජීවිතේක වටිනාකම ඉන්න කාලය දීපය දේසය කුලය මව වගේ සාධක මත වෙනස් වෙනවා. අපේ රටේ ඉපදුනාම ලැබෙන
වටිනාකමක් ලැබෙනවා..ඊට වඩා ලොකුවටිනකමක් අපේ ජීවිත වලට ඇඩ් වෙනවා..වෙනවා.. ඇති..ඒත් ඒකට අපි සමාජ ස්ථර වලින් ඉහල තැනක ඉන්නට ඕනි. එහෙම උන්නත් රටේ තියෙන දේවල් මත අපේ ජීවිතේ අගේ තීරණය වෙනවා.
මාලඹේ උපාධි කඩයක් දානවාලු..ඒකෙන් ඩිග්රි දෙන්නේ කිසිම හොයාලැබැලීමක් නැතුවලු..ලෙඩ්ඩු මැරෙයිලු. ලෙඩ්ඩුන්ගේ ලෙඩ වැඩිවෙයි මැරෙයි..ඉන් පස්සේ නරක දොස්තරලා නිසා වෛද්‍ය ක්ෂේත්‍රයම සවුත්තු වෙලා යාවි..මනිිස්සු පවු..
දැන් ඔය මාලඹේ අය නඩු කියලා ඕකේ අවසරය ගන්නේ මිනිස්සු වෙනුවෙන්ද? නෑනෙ..එතකොට හිටිඅඩියේම නින්දෙන් ඇහැරිලා පාරට බැහැල ඕකට විරුද්ධ වෙලා ලෙඩ්ඩුන්ගේ අනාගතය ගැන හිතන්නේ අනේ මේ අපිට ආදරෙන්ද? නැහැ නෙව.. ඔක්කෝම තමුන් ගොඩයන්න මහජනයා කියල කට්ටිය පාවිච්චි කරනවා.. තියෙන්නේ පුද්ගලික අරමුණක් පමණයි.. තමුන්ගේ ආධිපත්‍යය සහ රැකියා වෙළදපොලට ආගන්තුක කුට්ටියක් පැමිණීමේ ඉරිසියාව වෛද්‍යවරු සමරනවා.. ඉන් පසු සයිටම් අය කොලිටිය මොක උනත් අපිත් දොස්තර වරු ඩෝ ආතල් එක සමරනවා..

කවුද නවලෝකේ කොලිටිය බලන්නේ
ආසිරි නවලෝක හේමාස් ලංකා ආදී පුද්ගලික හොස්පිටල් තියෙනවා..ඒවට මිනිස්සු බුරුතු පිටින් යනවා..දැන් ඔය පුද්ගලික හොස්පිටල් ආදිය මොනිටර් කරන්න ලංකාවේ ක්‍රමවත් යාන්ත්‍රනයක් තියෙනවාද? එතකොට හොස්පිටල් නියාමනය කරලා මෙන්න මේ හොස්පිටල් එකේ කොලිටිය අඩුයි කියලා වැහුව එක හොස්පිටල් එකක් තියෙනවාද? මට නම් එහෙම නිවුස් එකක් වත් ඇහිල නැහැ.. ඇතැම් වෙලාවට පුද්ගලික රෝහල් වලට ලක්ස ගනන් දාස් ගනන් ගෙව්වත් කොලිටිය නම් බලු මාක්.. ඉන්න ස්ටාෆ් මෙලෝ රහක් නෑ..දොස්තර වරු..උන් කොහෙන් පහත්වුනු දොස්තරලද කියලා අපි දන්නේ නෑ..
පුද්ගලික විතරයිද රෝහල්..අපේ රජේ රෝහල්..ඒවයි කොහොමද තත්වේ..ඒවයි තත්වේ පාලනේ වෙනවාද? අනේ අපේ මේ මිනිස්සුන්ට හරිහමන් සේවයක් ලැබෙන් නෑ..රෝගින් දුක් විදිනෝ කියල කවුරුහරි සෞඛ්‍ය සේවකයෙක් වර්ජනය කරනවාද? නෑනෙ..හැමෝම සලකන්නේ අනේ අපේ වැටුප් දීමනා වැඩිවුන් නැතොත් තමයි රෝගියා අසරණ වෙන්නේ කියාගෙන..
රජරට මෙඩිකල් ෆැකල්ටිය සහ සයිටොම්.
දැන් දැනක නෙමෙයි මීට කලකට පෙර රජරට මෙඩිකල් ෆෑකල්ටියට වතුර නැතිවුනා..ලෙක්චරස්ලා හිටියේ නෑ..ඒ අවස්ථාවේ එතනින් බිහිවෙන දොස්තරලාගේ කොලිටිය අඩුවෙනවා කියලා කවුරුවත් පෙනීසිටියේ නෑ.. ඒත් එකපාර සයිටම් ආවම අනේ මෙන්න මිනි මරනෝ කියල විලාප ගහනවා..
ලෙඩ්ඩු මැරුනම දොස්තරල හිරේ ගියාද?
දොස්තරලා වැරදි කරලා ඔපරේසන් වැරදිලා හෝ බෙහෙත් වැරදිලා නොසැලකිල්ල නිසා ලෙඩ්ඩු ලංකාවේ මැරෙනවා බොහොම අඩුයි..ඉතාම කලාතුරකින් තමයි දොස්තර ගොල්ලා උසාවි ෙය් විත්ති කරුවන් වෙන්නේ..වැරදි කාරයෝ වෙන්නේ ඊටත් කලාතුරකින්.. මනුස්ස ජීවිත කියන එකේ අගය එතනින්ම යම් තේරුමක් එනවා ඇති.
අපි තුන්වැනි ලෝකයේ හද්ද හම්පඩ දුප්පත් රටක්.. මේක සුද්දා ආවේ නැත්තං ඇවිල්ල තනිකර පැපුවා නිව්ගිනියාව වගේ එකක්.. ආහ්..ඒ ම වෙන්නෙත් නෑ..සුද්දට කලිං මේකට නැව් ආවා මොකද ඉන්දියානු සාගරේ මැද තියෙන නිසා..
මේක ඇතුලේ කොලිටි, නීති, අජ්ජාපනේ.. සෞක්‍යය වගේ හැමදෙයක්ම බාලයි..අපිට එතනින් එහාට යන්න බෑ.. කොහොම උනත් මේක චක්‍රීයයි.. මම මෙහෙම නැතුව දොස්තරලයි පැත්ත අරං ලිපි ලිව්වාය කියලා කවදාවත් දොස්තරලා ගේ පැත්ත දිනන්නේ නෑ..මොකද මිලියන 12 ඒවා බර තොගයක් කියන්නෙ සුවිසාල සල්ලියක් නේ..
සෞඛ්‍යය දියිනු කරන්නේ කෝමද?
අපේ අධ්‍යාපනය දියුනු කරන්නේ කෝමද?
මිනිස්සුන්ගේ ජීවිත වල වටිනකම වැඩිකරන්නේ කෝමද?
නීතිය මිනිස්සුන්ට වඩාත් සමීප කරන්නේ කෝමද?
ඕනිනං අපි ඒව ගැන විවාද කරමු..ඒත් වලව් දෙකක් අතර යුද්දෙයක් මැද්දට ගිහින් නිකං අතවර වලට ලක්වෙන එක කිසිම තේරුමක් නැහැ..මම ඉන්නේ අපි කොහොම විරුද්ද වුනත් නෙවිල් මුදලාලි දක්සයා.. මිනිහා ඕක ගෙනෙයි.. මෙච්චර කල් කරගන්න බැරි වුන බිස්නස් එකක් මිනිහ ගොඩදැම්මා..එක අතකින් මිනිහා යුගපුරුසයෙක් තමයි.. කියන තැන.