පොඩි කාලේ මොකා වෙන්නද ආසා කියල ඇහුවම අපේ කාලේ කිව්වේ දොස්තර මහත්තයෙක් ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕනිය කියලා. එතකොට අපේ මනසේ ඇදිල තිබුනා අඩෝ දොස්තර මහත්තුරු කියන්නේ ලොකු අය..ඉංජිනේරු මහත්තුරු කියන්නේ ලොකු අය..ඒ නිසා නෙව ඒවගේ තනතුරු වලට පත්වෙන්න මහන්සි වෙන්න ඕනි..
අපි කවුරුත් පොඩි කාලේ ප්‍රාර්ථනා කරන්නේ නෑ බස් කොන්දොස්තර මහත්මයෙක් වෙන්න..පිරිසිදු කරන සේවකයෙක් වෙන්න..ගොවියෙක්‍වෙන්න.කම්කරුවෙක් වෙන්න. නමුත් සමාජයේ හැමෝටම දොස්තරලා වෙන්න බැහැ..පිරිසක් කොන්දොස්තරලා වෙනවා.
අපි වගේ රටවලදි එක් එක් තනතුරුවලට ගෙවීම් විශාල වශයෙන් වෙනස්. ඒ සමගම අත්පත් වෙන සමාජ වටපිටාවත් වෙනස්. දියුනු රටවල පිගන්‍හෝදන එකාද උයන පිහන එකාලා එකට කෑව බිව්වට මෙහෙ එහෙම බෑ..එහෙම තියෙන්න නම් අර පිගන්‍හෝදන උයන පිහන එකා හොද සල්ලි කාරයෙක් වෙන්නට ඕනි.
අපි කවුරුත් පොඩි කාලේ ප්‍රාර්ථනා කරන්නේ නෑ බස් කොන්දොස්තර මහත්මයෙක් වෙන්න..පිරිසිදු කරන සේවකයෙක් වෙන්න..ගොවියෙක්‍වෙන්න.කම්කරුවෙක් වෙන්න. නමුත් සමාජයේ හැමෝටම දොස්තරලා වෙන්න බැහැ..පිරිසක් කොන්දොස්තරලා වෙනවා.
අපි වගේ රටවලදි එක් එක් තනතුරුවලට ගෙවීම් විශාල වශයෙන් වෙනස්. ඒ සමගම අත්පත් වෙන සමාජ වටපිටාවත් වෙනස්. දියුනු රටවල පිගන්‍හෝදන එකාද උයන පිහන එකාලා එකට කෑව බිව්වට මෙහෙ එහෙම බෑ..එහෙම තියෙන්න නම් අර පිගන්‍හෝදන උයන පිහන එකා හොද සල්ලි කාරයෙක් වෙන්නට ඕනි.
අනික් අයගේ වැඩේ ලේසිනේ.
බොහෝ විට අපි හිතන්න පුදුමාකාර ආස දෙයක් තමයි අනික් කෙනාගේ වැඩකටයුතු ලේසිය කියන එක. අපේ රටේ ඉගෙනගෙන කෙලින්ම රස්සාවකට යනවා.නැත්තම් රස්සාව මූලික වෙච්චි යම්කිසි වැඩකට යනවා. ඉතිං ඉගනැගැනීම සහ රක්ෂාව අතර පැහැදිලි වෙනසක් තිබෙනවා..ඉතිං අපි කරන රාජකාරිය උතුම්ය අනුන්ගේ පොඩිය කියලා බොහෝ අය හිතන්නේ තමුන්ගේ ජීවිතේ තමුන් කරන එකම රක්ෂාව මේක නිසා වෙන්නට ඇති.
අනුන්ගේ ලමයි බලාගෙන..වලං පිගන් හෝදලා වේටර් වැඩ කරලා,. නොයෙකුත් පක්කිලි වැඩ කරලා අමාරුවෙන් හම්බකරන තුට්ටු දෙකෙන් ඉගෙනගන්න කොල්ලෝ කෙල්ලෝ පිටරටවල ඉන්නවා..උන් ඉගෙනගෙන ඉවරවුනාම අනික් මිනිස්සු කරන පොඩි වැඩ කරපු නිසා ඒවයි අමාරුව තේරෙනවා.. නමුත් අපි.. අපි එහෙම ඉගෙනගන්න කාලේ පිකට් කරනො ඇර උද්ගෝසන කරනෝ ඇර රස්සාවල් කරන්නේ නෑ..අපි යන්නේම උඩ ලේයර් එකට..යට එවුන් ගැන හැගීමක් එයිද එතකොට? නෑනෙ..
ඒකෙ අවුලක් තියෙනවාද?
රතුපාට පක්ෂ බසින් ගත්තොත් වැඩකරන ජනතාවගේ දුක පීඩාව දහදිය සුවද අදුරන්නේ නැති ඉහලින් පාත්වුනු නිළධාරින් පංතියක් පාලක පංතියක්..අපේ දුක් මහන්සිවෙන අන්ත අසරන පීඩිත ජනතාවගේ ගැටළු හදුනාගනීවිද? නැහැ සහෝදරවරුනි කිසිසේත්ම නැහැ..
ඒක වාමාංශික පැත්ත..අපි දැන් දක්ෂිනාංශික පැත්තත් බලමු..
කවදාවත් වැඩක් නොකරපු බොසෙක් කියන්නේ සෝක් පඹයෙක්.ඌව අන්දන්න පුලුව්න ලේසියෙන්ම..ඌව මෝර කරලා වැඩ හිමින් කරන්නත් පුලුවනි..ඒ වගේම ඌ වැඩේ දන් නැති නිසා බොරු කියල සේප් වෙන්නත් පුලුවනි.. පහල පංතියේ කපටි කම්කරුවන්ට..
ඒ වගේම ඕනිම පද්ධතියක ඉහල තනතුරුවලට පත්වන්නේ සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත තර්ක බුද්ධිය තිබෙන අය.. එයාල වැඩකරන විට එයාලට තේරෙනවා මේක මෙහෙම නැතුව අහම කලොත් ලේසියේන කරන්න පුලුවන්..අපිට මේ වැඩේ වෙනත් ලේසි විදියට කරන්න පුලුවන් නේද කියන එක.. ඉතිං එතකොට අඩු බුද්ධියෙන් තියෙන සේවකයින්ගේ කාලය ඉතුරු වෙන විදියට වැඩ සැලසුම ්කරන්නත් ලොක්කා වැඩේ දන්නවා නම් පුලුවන් වෙනවා..
මම පුංචි කාලේ අපේ තාත්තා තරමක් සැරයි..ඔහු ළමා අයිතිවාසිකම් ආදිය වැඩිමනක් දන්නේ නැතුව ත් ඇති..ඔහු අපිට කල හැකි කුඩා වැඩ කොටසක් පවරනවා අපිටත්.. විසේසයෙන් වගා වැඩ..ගෙදර දොර වැඩ ආදිය..එතකොට අපි ඒක කරන්න ඕනි..ඇතැම් වෙලාවට අපිට තාත්තගෙන් මුදල් සහ වෙනත් දීමනා පවා ලැබෙනවා කරන වැඩේ අනුව..
ඒ නිසාම වගා කටයුතු වගේම වෙනත් ගෙදර දොර කටයුතු පොලේ යෑම..කඩේ යෑම.කන්තෝරු යෑම වගේ වැඩකිඩ ජාති ගෙදරින්ම ඉගෙන ගත්තා.. ඒක නිසා මට දාස් ගානක වැටුපක් ගන්න ලොකු ඉන්කම් එකක් ලැබුනේ නෑ..ඒත් වගා වැඩක්.. සහ වෙනත් වැඩක් සිද්ද වෙද්දි මට මීටර් වෙනවා ඒක කරන විදිය ගැන..
උදාහරණ විදියට ඉස්සර අම්ම එක්ක පොලේ ගිහින් බඩු මලු කරගහගෙන අම්ම එක්ක පස්සෙන් ගිය නිසා දැනටත් ට්‍රිප් එකක් යද්දි උයන්න එහෙම තියෙනවා නම් බඩු ගන්න හැටි... ඒවා ගන්න ප්‍රමාණ මිල ගනන් ආදිය ගැන දල අදහසක් තිබෙනවා..
අවසානේ
මම හිතන්නේ අපි අනික් මිනිස්සුන්ගෙ වැඩ ඉගෙනගන්න නැතුව ඒ වා කරන්න යාන්තම් වත් උත්සාහ කරන්නේ නැතුව හරි අමාරුයි ඒ වැඩ තේරුම් ගන්න.. ස්කෝලෙන් පස්සේ රස්සාවක් එනකල් බකං නිලා ඉන්න වෙලාවේ වොලන්ටියර් සිස්ටම් එකක් ගෙනත් දරුවන් වැඩට යොමු කරනවා නම් අගෙයි..
ඒ වගේම දෙමාපියනුත් දරුවන් රක්ෂා වලට හෝ අඩුතරමේ ගෙදර වැඩට හෝ යොමුකරනවා නම් ඒත් වටිනවා.. කොහොම උනත් එකපාර කැම්පස් නැමැති අහසින් ඩිග්රිය නැමැති වරමින් පුටුවට සැපත් වෙන මහත්මයෙක්ට වඩා කට්ට කාපු එකෙක්ට මේ ක්‍රමය තුල වඩාත් හොද පවතින පයිත්තියන් වෙන ඩයල් එකක් බවට පත්වෙන්නට වාසනාව ලැබේවි.
බොහොම කාලෝචිත ලිපියක්. කරපිනාගෙන ඉන්න සංස්කෘතිය නිසා දවසින් දවස වලපල්ලට යන රටකට ඉදිරියට යන්නනම් එකෙක් වැඩකාලා දහයකගේ බඩ පිරවීමේ සිට පැය අටක් වැඩකරලා පැය හයක් මහා පාරට රස්තියාදු වීම දක්වා තියෙන අවස්තාවන්, වාසි සහ අවාසි ගැන හිතන්න කාලේ හරි.
ReplyDelete//කවදාවත් වැඩක් නොකරපු බොසෙක් කියන්නේ සෝක් පඹයෙක්.ඌව අන්දන්න පුලුව්න ලේසියෙන්ම.//
ReplyDeleteමේක සිරාම කතාව. යටම ඉදන් උඩට ආපු බොසෙක් ව කාටවත් අන්දවන්න බැහැ.අනික ඌ කරන්න බැරි වැඩ ඉම්ප්ලිමන්ට් කරන්න යන්නෙත් නැහැ. ලස්සනට වැඩේ කර ගන්නවා සේවකයා නොතලාම.
බොහොම වටිනා ලිපියක්...අවාසනාව කියන්නේ අපේ රටේ ජීවත් වන බොහොමයක් දෙනෙකුට මේ දේවල් මෙහෙම නොහිතෙන එක...සමහරු තවම ඉන්නේ වැඩවසම් මානසිකත්වයේ...
ReplyDeleteමේ ලෝකයේ ඇති කිසිම රාජකාරියක් පහසුයි කියල නැහැ...එක්කෝ කායිකව, එහෙමත් නැත්නම් මානසිකව වෙහෙසෙන්න ඕනේ ඕනෙම රාජකාරියක් නිවැරදිව කරන්න නම්...ඔබ කියන්නා වගේ අනෙකාගේ සපත්තුවට බැහැල බලනකල් ඒක තව කෙනෙකුට තේරුම් ගන්න අපහසුයි...
අනිවා... මොකෝ අද හැදෙන උන් හදිස්සියකට පොලකටවත් ගිහිං නෑ
ReplyDelete